Viral Fanout

Viral Fanout Viral Fanout is an innovative, creative and enthusiastic community for all.

05/03/2024

චරිත ඇතුලෙ ජීවත් වෙනවා 💔

25/02/2024

වෙනස්ම ලෝකෙකට අරන් යන වෙනස්ම රසයක්.... පැංචිගෙ හැකියාව විශ්මිතයි

17/02/2024

ආයෙමත් එන්නෙ නැති හොඳම අවස්ථා
මඟ හැරෙන්න දෙන්න එපා ♥
𝟵𝟲 𝗠𝗼𝘃𝗶𝗲 (𝟮𝟬𝟭𝟴) 🖤

13/02/2024

මෙව්වනෙ බන් ක්‍රිකට් කියන්නෙ 🏏🏏🏊😂

14/01/2024

ලෝ බජට් කොටියා🫢

චීනයේ දෙවන විශාලතම මෙගාවොට් 202 පාවෙන සෝලා විදුලි බලාගාරය   මාස 6 විතරක් ඉර පායන රටවල් සෝල එක යායට එලද්දී  මුලු අවුරැද්ද...
30/12/2023

චීනයේ දෙවන විශාලතම මෙගාවොට් 202 පාවෙන සෝලා විදුලි බලාගාරය
මාස 6 විතරක් ඉර පායන රටවල් සෝල එක යායට එලද්දී මුලු අවුරැද්ද පුරාම අඩුවක් නැතිව ඉර පායන අපේ රට ලෝකෙට ණය වෙවී තාම රටින් තෙල් නැව් එනකල් බකන් නිලන් ඉන්නෝ
ලෝකයේ අනෙකුත් රටවල් බලශක්තියෙන්, තාක්ෂණයෙන් ඉදිරියට යද්දී අපි තාම අවුරුදු ගණනාවක් එකම තැන් පල් වෙවී.
credit goes to Orginal Photographer.

30/12/2023

ඉස්කෝලේ පංතියේ හිටපු ගැන්සිය හදවතින්ම බැදිච්ච ඒ කාලය...

අමතක නෑ බන් අදටත් මට උබලව ❤

කාලෙකට කලින් උඹෙ පොටෝ වලට Like Commnts කරපු අයගෙ Profile වලට අද නිකමට ගිහින් බලපන් 🙇‍♂️In a relationship තිබුණ අය single...
18/12/2023

කාලෙකට කලින් උඹෙ පොටෝ වලට Like Commnts කරපු අයගෙ Profile වලට අද නිකමට ගිහින් බලපන් 🙇‍♂️

In a relationship තිබුණ අය single වෙලා

Single අය in a relationship වෙලා,

සමහර අය අදුරන්න බැරි තරම් ලස්සන වෙලා

කවර් පොටෝ වලට යාලුවො රොත්තක් දාලා තිබුණ පොටෝ වෙනස් වෙලා

සමහර අය බැඳලා

මීමිස් ශෙයා කර කර හිටපු මගෙ පෝස්ට් වලටත් ආතල් දීපු සමහර උන් ආදරෙ ගැන තියන පෝස්ට් ශෙයා කරනවා

ඒ අතරින් එක ප්‍රොෆයිල් එකක් පුරාවට ඌගෙ පොටෝ දාලා "නිවන් සුව" කියලා දාපු පෝස්ට්

අපි වෙනස් වෙනවා බං ,ඔව් මට උඹලව වෙනස් වෙලා පේනවා වගේ ම උඹලටත් මාව වෙනස් වෙලා වගෙ පේනවා ඇති !

ඔව් මිනිස්සු වෙනස් වෙනවා , හොඳට හරි නරකට හරි

කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි

අපට වෙනස් වෙන්න සිද්ධ වෙනවා ! 🌻

The Musician. 🎶💌
30/11/2023

The Musician. 🎶💌

28/11/2023

අම්මෝ....

ඇය යශොධා ප්‍රියදර්ශනියයි
27/11/2023

ඇය යශොධා ප්‍රියදර්ශනියයි

පල් හෑලි වලට නොරැවටෙන්න 🙏
27/11/2023

පල් හෑලි වලට නොරැවටෙන්න 🙏

පාවහන් යුගලක්වත් නොමැතිව තරඟ කර රන් පදක්කම් දිනූ දිරිය කාන්තාව.A Proud Srilankan 🇱🇰 We won Gold 🥇She deserves more Resou...
22/11/2023

පාවහන් යුගලක්වත් නොමැතිව තරඟ කර රන් පදක්කම් දිනූ දිරිය කාන්තාව.

A Proud Srilankan 🇱🇰
We won Gold 🥇

She deserves more Resourses. She is 71 years old😎

මුලතිව් ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි කාන්තාවක් පිලිපීනයේ පැවති මාස්ටර් මලල ක්‍රීඩා තරඟාවලියේදී රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ...
21/11/2023

මුලතිව් ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි කාන්තාවක් පිලිපීනයේ පැවති මාස්ටර් මලල ක්‍රීඩා තරඟාවලියේදී රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනාගෙන තිබෙනවා.
මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ අකිලා තිරුනායකී මීටර් 1500 සහ 5000 ඉසව්වලින් රන් පදක්කම් දෙකක් සහ මීටර් 800 ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගත්තාය.
මීටර 400 ධාවන ඉසව්වේ සිවුවැනි ස්ථානයද ඇයට හිමිව තිබේ. මුලතිව් මුල්ලියාවලෙයි ගම්මානයේ පදිංචි ඇය විශ්‍රාමික බන්ධනාගාර නිලධාරිනියකි.

ඊශ්‍රායලය - පලස්තීණය... 🇮🇱🇪🇭යුදෙව් ලේඛනවල මෙන්න මේ වගේ කතංදරයක් කියනව.දැනට අවුරුදු 5782 කට කලින් දෙවියන් කියල හඳුන්වන කෙ...
12/10/2023

ඊශ්‍රායලය - පලස්තීණය... 🇮🇱🇪🇭

යුදෙව් ලේඛනවල මෙන්න මේ වගේ කතංදරයක් කියනව.
දැනට අවුරුදු 5782 කට කලින් දෙවියන් කියල හඳුන්වන කෙනෙක් ලෝකය මවනව.
හඳ.. තරු.. අහස.. පොළව... ගහ කොල විතරක් නෙවෙයි.. ආදම් හා ඒව නමින් පලමු ගැහැණිය හා මිනිසාත් දෙවියන් වහන්සේ විසින් මවනව.
ඒ ලේඛන කියන ආකාරයට අපි මේ ඉන්නෙ 5782 කියන වර්ශයේ. ඒ කියන්නෙ ලෝකය මැවීමෙන් අවුරුදු 5782 ක් ගතවෙලා ඉවරයි.
යුදෙව් වගේම පහුකාලීන්ව බිහිවෙන ක්‍රිස්තියානි හා ඉස්ලාම් ආගම් දෙකේත් මේ බව විශ්වාස කෙරෙනව.
දැනට අවුරුදු 3834කට කලින් ආබ්‍රහම් කියල පුද්ගලයෙක් උපත ලබන බවට සඳහන් වෙන්නෙත් යුදෙව් ලේඛන තුලමයි.
( ලෝකය නිර්මාණයෙන් වසර 1948කට පසුව තමයි ආබ්‍රහම් උපත ලබන්නෙ)
දෙවියන්ගේ මතයට විරුද්ධව විවිධ ජනකොටස් කටයුතු කරන හේතුවෙන් දෙවියන් වහන්සේ විසින් ආබ්‍රහම්ව තෝරා ගන්නව තමන්ගෙ පරපුර ඉදිරියට ගෙනි යන්න.
මෙන්න මේ ආබ්‍රහම් තමන්ගෙ පුතාව දෙවියන්ට බි*ලි දෙන්න සූදානම් වීම මත දේව ආශිර්වාදයත් කැමැත්තත් දිනාගන්නව.
එයාට ලැබෙන තෑග්ග තමයි කානාන් නම් දේශය.
අද ලෝකයේ පිලිගැනෙන ආගම් අතරින් යුදෙව්... ක්‍රිස්තියානි හා මුස්ලිම් ආගම් හා ඇදහීම්වල පියා තමයි ආබ්‍රහම්.
ආබ්‍රහම්ගේ පරපුර යුදෙව්වන් විදිහට කානාන් හෙවත් ඊශ්‍රායල් භූමි ප්‍රදේශයේ පදිංචි වෙලා තමන්ගෙ රාජධානිය ගොඩනගනව.
මේ රාජධානියේ අගනුවර තමයි ජෙරුසෙලම.
මේ යුදෙව් මිනිස්සු යුද්ධයේ වගේම වගා කිරීමේත් දක්ශයො. කානාන් දි‍යුණු රාජ්‍යයක් බවට පත්වෙද්දි බැබිලෝනියා හා පාරාවන්ගේ ඊජිප්තු පාලනයේ අවධානයත් ඊර්ශ්‍යාවත් මේ භූමිය දිහාවට යොමුවෙනව.

ක්‍රිස්තු පූර්ව දහවන සියවසේදී පමන ඊජිප්තු පාරාවෝ පාලකයෙක් වූ ශිශාක් යුදෙව් දේශය ආක්‍රමණය කරනව. ( ශිෂාක්- Shishak, also spelled Shishaq or Susac)
ආක්‍රමණය කරනව විතරක් නෙවෙයි යුදෙව්වන් කුදලගෙන අරගෙන එනව ඊජිප්තුවට.
මේ අය වහළුන් විදිහට යොදාගන්නව ඊජිප්තුව ගොඩනගන්න.
ඒ වෙද්දි ඊජිප්තුවේ විවිධ වර්ගයේ දෙවිවරුන් අදහනව.

යුදෙව්වන්ගේ දෙවියන්ට මතක් වෙනව තමන්ගෙ ජනතාව ඊජිප්තුවේ වහළුන් විදිහට වැඩ කරනව කියල.
දෙවියන් විසින් මෝසෙස් කියන පුද්ගලයා හෙවත් ශාස්තෲවරයා තෝරාගෙන මේ යුදෙව් වහළුන් පිරිසට නිදහස ලබාගන්න මග පෙන්වනව.
මෝසෙස් විසින් ඊජිප්තුවේ වහල්කම් කරපු ජනතාව නිදහස් කරගෙන ආයෙත් කානාන් හෙවත් ඊශ්‍රායලයට කැඳවාගෙන එනව. ( ඊශ්‍රායල් භූමියට ඇතුල් වෙන්න කලින් මෝසෙස් මි*ය යද්දි ජෝශුවා නම් නායකයා තමයි යුදෙව් ජනතාව තමන්ගෙ මව් බිමට කැඳවාගෙන එන්නෙ -
මේ සියල්ල සටහන් වෙන්නෙ යුදෙව් ලේඛණ තුල වුනත් පසුකාලීන ක්‍රිස්තියානි හා ඉස්ලාම් ඇදහීම් තුල මේ ලේඛන විශ්වාස කරන්න පටන් ගන්නව)

නැවත සැරයක් කානාන් දේශය බලවත් වෙනව. ඉන්පස්සෙ බැබිලෝනියාව විසින් කානාන් ආක්‍රමණය කරනව විතරක් නෙවෙයි යුදෙව්වන් බැබිලෝනියාවේ වහල් කමට ගන්නව.
මෙන්න මේ කාලයේදී යුදෙව්වන් තමන්ගෙ ග්‍රන්ථවල ලියනව මෙසියා නම් රජෙකු පහලවෙලා නැවතත් ඊශ්‍රායලය බලවත් රාජ්‍යයක් කරන බවට.

කාලය ගතවෙනව.. ටිකෙන් ටික නිදහස ලබාගන්නා යුදෙව්වන් නැවතත් යුදෙව් දේශය ගොඩනගනව.
මේ වෙද්දි රෝම අධිරාජ්‍ය ඉතාම බලවත් වෙමින් යුරෝපයත් මධ්‍යධරණී කලාපයෙත් බලය පතුරවනව.
යුදෙව් රාජ්‍යටත් සිදුවෙනව රෝමයේ පාලනයට යටත් වෙලා උප රාජ්‍යයක් බවට පත්වෙන්න.

ක්‍රිස්තු වර්ශ එකේදී ජේසුස් වහන්සේ නම් පුද්ගලයෙක් උපත ලබන්නෙ යුදෙව් පවුලකට අයත්ව මේ කියන යුදෙව් දේශයේදීයි.
යුදෙව්වන්ගෙන් කොටසක් විශ්වාස කරනව මේ උපත ලබන්නෙ මෙසියා හෙවත් ඊශ්‍රායලයේ ගැලවුම් කරු බවට. තවත් කොටසක් මේ අදහස ප්‍රථික්ශේප කරනව. මේ තරුණයා බොහොම විප්ලවවාදී අදහස් ඇති දක්ශ කථිකයෙක්.
කෝපයට පත්වෙන මූලධර්මවාදී යුදෙව්වන් ජේසුස් වහන්සේට ම*ර*ණ දඬුවම දෙන්න කියල රෝම පාලනයෙන් ඉල්ලනව. මේකෙ ප්‍රථිඵලයක් විදිහට ෆොන්සියු පිලාත් නම් ප්‍රාදේශීය නායකයෙක් යටතේ නඩු අහල ජේසුස් වහන්සේව කුරුසයේ ඇණ ගහල ම*රා*දානව.

මේ සිද්ධියත් එක්කම යුදෙව් දේශයේ ජනයා කොටස් දෙකකට බෙදෙනව යුදෙව් හා ක්‍රිස්තියානි විදිහට.
ජේසුස් දෙවියන්ගේ පුත්‍රයා හා ඊශ්‍රායලයේ ගැලවුම්කරු විදිහට පිලිගන්නා කොටස ක්‍රිස්තියානි වෙද්දි ඒ මතය පිලි නොගන්නා කොටස යුදෙව්වන් විදිහට ඉතිරි වෙනව.
මේ දෙපිරිසම දැන් යුදෙව් දේශයේ ජීවත් වෙනව රෝම පාලනයට යටත්ව.

රෝමයේ අධික බදුබර දරාගන්න ලේසි නෑ. යුදෙව් දේශයේ හෙවත් ඊශ්‍රායල් ජනතාව මහන්සි වෙලා වැඩකරනව.. වගා කරනව... අළුත් නිර්මාණ බිහිකරනව.
යුදෙව් දේශය හෙවත් ජුදෙයා නැවත වරක් තමන්ගෙ අනන්‍යතාව ගොඩ නගා ගන්න උත්සාහ කරනව විවිධ බෙදීම් මැද.
මේ අය කැ*රලි ගහනව අධික බදු පැනවීමට හා රෝම නීති රීති වලට එරෙහිව.

ප්‍රථිඵලය වෙන්නෙ රෝමය විසින් යුදෙව් දේශය සම්පූර්ණයෙන්ම ආක්‍*රමණය කරල ජෙරුසෙලමත් එහි පන්සල් හා ආරක්ශක පවුරුත් විනාශ කරන එක.
මේ ආක්‍රමණය සිද්ධ වෙන්නෙ ක්‍රිස්තු වර්ශ 70 අප්‍රියෙල් හා අගෝස්තු මාස අතර කාලයේදීයි.
රෝමන්වරු දන්නව යුදෙව්වන් නැවත වරක් සංවිධානය වෙන්න තරම් හැකියාවක් තියන.. ඒ වගේම නැවත යුදෙව් දේශය ගොඩනගන්න පුළුවන් පිරිසක් බව.
මේ අය කරන්නෙ යුදෙව් දේශය හෙවත් ඊශ්‍රායලය ලෝක සිතියමෙන් අතුගාල දාන්න පියවර ගන්න එක.
ජුදෙයා දේශයේ නම මේ අය වෙනස් කරනව සිරියා ද පලස්තීනා විදිහට. ( Syria De Palaestina).
රෝමන් ආක්‍රමණයෙන් විනාශ වුනු ජුදා හෙවත් සිරියා ද පලස්තීනා දේශයේ යුදෙව්වන්.. ක්‍රිස්තියානීන්.. පිලිස්ති හෙවත් යුරෝපා මුහුදු කොල්ලකරුවන්.. විවිධ ප්‍රාදේශීය ආගම් වලට අයත් අරාබි ජාතිකයන් ජීවත් වෙනව.

යුදෙව්වන් තවදුරත් තමන්ගේ ආගමේ අගනුවර ජෙරුසෙලම විදිහට සලකද්දි ජේසුස් වහන්සේ හරහා බිහිවූ ක්‍රිස්තියානි ඛාන්ඩ ජෙරුසෙලම තමන්ටත් අයිති බව ප්‍රකාශ කරනව.
මේ වෙද්දි රෝමන් පාලකයන් විසින් ජේසුස් වහන්සේගේ ඉගැන්වීම් රෝමයට අරගෙන ගිහින් රෝමානු කතෝලික ආගම බිහිකරනව.

අරාබි ජාතිකයන් පසුවෙන්නෙ කනස්සල්ලෙන්. කාලෙකට කලින් තමන්ගෙ ප්‍රදේශයේ බිහිවූ ආබ්‍රහම් යුදෙවෙක් බවට පත්වෙන ආකාරයත් ... ඉන්පස්සෙ ජේසුස්ගේ වහන්සේගේ ඉගැන්වීම් රෝමයට රැගෙන යන ආකාරයත් බලාගෙන ඉන්න අරාබි ජාතිකයන් තමන්ගේම නායකයෙක් ගැන හිතමින් ඉන්න කාලයකයි මොහොමඩ් උපත ලබන්නෙ.
මේ කතා කරන්නෙ ක්‍රිස්තු වර්ශ 570 වගේ මෑත කාලයක් ගැන.
ලංකාවේ නම් පලවෙනි අග්ගබෝධි රජතුමාගේ කාලය.
මෙක්කා නගරයේ උපත ලබන මොහොමඩ් අරාබි ජාතිකයන්ට අහිමි වූ ආගම හා සංස්කෘතිය නැවත ලබාදෙන්න උත්සාහ කරනව.
දෙවියන්ගේ පණිවිඩ කරුවෙකු ලෙස තමන්ව හඳුන්වාගන්නා මොහොමඩ් ජෙරුසෙලමේ අයිතිය අරාබි ජාතිකයන් සතු බවත් දෙවියන් විසින් මේ රාජ්‍ය හා නගර යටත් කරගන්නා ලෙස තමන්ට පැවසූ බවත් තමන්ගෙ පාක්ශිකයන්ට කියනව.
මොහොමඩ් විසින් දෙවියන් විදිහට හඳුන්වන්නෙ යුදෙව්වන්ගේ වගේම ක්‍රිස්තියානි භක්තිකයන්ගෙත් එකම දෙවියන්. මේ හැමදෙනාම පැවතෙන්නෙ ආබ්‍රහම් නම් පුද්ගලයාගේ හෝ ශාස්තෲවරයාගේ පරපුරෙන්.
නමුත් මේ අයගෙ භාශාව හා සංස්කෘතිය වෙනස්.
මේ තමයි මුස්ලිම් හෙවත් ඉස්ලාම් ආගමේ ආරම්භය.
යුදෙව් සංස්කෘතිය ඊශ්‍රායලයේ හෙවත් සිරියා ද පලස්තීනා දේශයේත්... ක්‍රිස්තියානි සංස්කෘතිය රෝමය මුල්කරගත් යුරෝපයේත් මුල් ඇදගන්නව.
අවුරුදු දාස් ගාණක් තිස්සෙ විවිධ ආක්‍රමණ යුද්ධ වලට මුහුණ දෙන යුදෙව් දේශය මේ හැම දෙයක්ම මැද්දෙ තමන්ගෙ විශ්වාසයත් බැඳීමත් ජෙරුසෙලම වටා තියාගන් උත්සාහ කරන බව අපිට දකින්න පුළුවන්.

ක්‍රිස්තු වර්ශ 636 වගේ වර්ශයක මොහොමඩ් විසින් ගොඩනගන ලද මුස්ලිම් හමුදාව ජෙරුසෙලම හා යුදෙව් දේශය ආක්‍රමණය කරනව. මේ වෙද්දි රෝමය බිඳ වැටීමත් බයිසෙන්ටීන් රාජ්‍ය තවදුරත් පැවතීමත් අපිට දකින්න පුළුවන්.
මුස්ලිම් ආක්‍රමණයත් එක්ක යුදා දේශය හෙවත් සිරියා ද පලස්තීනා දේශයේ විශාල පිරිසකට ඉස්ලාම් ආගම වැලඳගන්න බල කෙරෙනව. නමුත් තමන්ගෙ ආගම වෙනස් කරන්න අකමැති යුදෙව්වන් හා ක්‍රිස්තියානීන් කොටසක් තව දුරටත් යුදා දේශයේ හා ජෙරුසෙලමේ ඉතිරි වෙනව.
මේ කාලය තුල බයිසෙන්ටීන් වරුන්.. අරාබි මුස්ලිම් වරුන්... යුදෙව්වන්... ක්‍රිස්තියානි භක්තිකයන් අතර විවිධාකාර ගැටුම් යුද්ධ හටගන්නව ජෙරුසෙලම හෙවත් දෙවියන්ගේ නගරය වෙනුවෙන්.
ක්‍රිස්තු වර්ශ 1075 දී යුරෝපීය ක්‍රිස්තියානි ජනතාව ජෙරුසෙලම මුස්ලිම් වරුන්ගෙන් බේරාගන්න ශුද්ධ වූ යුද්ධයක් දියත් කරනව. 1075 ඉඳල 1291 වර්ශය දක්වා දිවෙන මේ යුද්ධය අපි හඳුන්වන්නේ පලමු කුරුස යුද්ධය විදිහටයි. ( දෙවන කුරුස යු*ද්ධය 1291 - 1717 දක්වා දිවෙනව).

බයිසෙන්ටීන් රාජ්‍යය ක්‍රිස්තියානි හා ඕතඩොක්ස් ඇදහීම් වලට මුල්තැන දුන් රාජ්‍යයක්.
බයිසෙන්ටීන් රාජ්‍ය බිඳවැටීමත් එක්ක ඉස්ලාම් ආගම මූලික කරගත් ඕටමන් රාජ්‍ය බිහිවෙනව වර්ථමාන තුර්කිය මුල්කරගෙන. ඕටමන් රාජ්‍යයේ අගනුවර වන කොන්ස්තන්තිනෝපල් බිඳවැටීම ප්‍රභල මුස්ලිම් ජයග්‍රහණයක් විදිහට සටහන් වෙද්දි 1299 ඕටමන් රාජ්‍යය බිහිවෙන්නෙ තුර්කිය... සිරියාව... ඉරානය හා ඉරාකයේ කොටස්... යුදෙව් දේශය හෙවත් සිරියා පලස්තීන වගේ විශාල බිම් ප්‍රදේශයක් යටත්කර ගනිමිනුයි.
1299 පටන් ගැනෙන ඕටමන් රාජ්‍යය 1921 පලවෙනි ලෝක යුද්ධය දක්වා කාලය තුල සාර්ථක පාලනයක් ගෙනියනව. අපි දන්නව ඕටමන් වරු ඉස්ලාම් වරුන් බව.
මේ කාලයේදී යුදෙව් දේශයේ ජීවත් වූ යුදෙව්වන් ලෝකය පුරා විසිරිලා යන්නෙ තමන්ගෙ බිම් ප්‍රදේශ ඕටමන්වරු යටතේ පාලනය වීමත් ඒ යටතේ මුස්ලිම්වරුන්ට වැඩි සැලකිලි ලැබීමත් යන කාරණා මුල්කරගෙනයි.
මුස්ලිම් පාලනයෙන් මිදිලා යුරෝපයේත් උතුරු ඇමරිකාවේත් ආසියාවේත් යුදෙව් ජනයා ජීවත් වෙන්නෙ තමන්ගේ විශ්වාස හා ඇදහිලි ඒ ආකාරයටම පවත්වාගෙන යන අතරෙයි.
යුදෙව්වන් ඉතාම දක්ශ ව්‍යාපාරිකයන් හා වෙලෙන්දන්... මේ අය අතරෙ විවිධ බුද්ධිමතුන්... ව්‍යවසායකයින්.. කලාකරුවන්... ක්‍රීඩක ක්‍රීඩිකාවන් වගේ විවිධ ක්ශේස්ත්‍රවල බලවත් පුද්ගලයන් දකින්න ලැබෙනව. නමුත් මේ අය කිසිම විටෙක අමතක කරන්නෙ නෑ තමන්ගෙ මුල්බිම හෙවත් යුදෙව් දේශය ගැන.
( ඔබ අප භාවිතා කරන Facebook නිර්මාතෘවරයාද ඊශ්‍රායෙල් ජාතිකයෙකි)

මෙන්න මේ කාලයේදී පලමු ලෝක යුද්ධය පටන් ගන්නව.
ජර්මනිය හා ඕටමන් රාජ්‍යය එක් පසෙකත් යුරෝපය හා ඇමරිකානුවන් තවත් පසෙකත් හිඳිමින් පලමු ලෝක යුද්ධය ඇවිලෙනව.
යුරෝපයේ ධනවත් යුදෙව්වන් යුරෝපීය මිත්‍ර හමුදාවට තමන්ගෙ ධනයෙන් උදව් කරනව.
මේ කාලය වෙද්දි යුරෝපයේ ධනවත්ම ව්‍යාපාරිකයන් වෙන්නෙ යුදෙව්වන්.
මේ අයගෙ කොන්දේසියක් තමයි යුද්ධය දිනුවොත් ඕටමන්වරුන් විසින් පාලනය කරන තමන්ගේ මව් බිම තමන්ට නැවත ලබාදිය යුතුයි යන්න.
මේ එකඟතාව බැල්ෆෝ ඩෙක්ලරේශන් නමින් පසුකාලීනව ප්‍රසිද්ධ වෙනව. ( Balfour Declaration)
අපි දන්නව මේ වෙද්දි... වසර සිය ගානක් පුරා යුදෙව් දේශයේ හෙවත් සිරියා පලස්තීනා බිමේ ජීවත් වෙන්නෙ මුහම්මඩ්ගේ ආක්‍රමණයත් එක්ක ව්‍යාප්ත වූ මුස්ලිම්වරුන් බව.
ඒ එක්කම විවිධ බාධක කරදර මැද සුළු යුදෙව් ජනගහනයකුත් .. කුඩා ක්‍රිස්තියානි කන්ඩායම් කීපයකුත් ජෙරුසෙලම අවට ජීවත් වෙනව.
මුස්ලිම්... ක්‍රිස්තියානි හා යුදෙව්වන් තුන්ගොල්ලම ජෙරුසෙලමට උරුමකම් කියනව.

බ්‍රිතාන්‍යයේ විදේශ කටයුතු ලේකම් ආතර් බැල්ෆෝ ( Arthur Ba flour) විසින් ලිඛිතව දැනුම් දෙනව ‍යුදෙව් රාජ්‍යයක් එය කලින් තිබූ භූමියේ ස්ථාපනය කරනව කියල.
ඒ 1917 නොවැම්බර් දෙවනිදා බ්‍රිතාන්‍යයේ යුදෙව් සංවිධානයේ ලෝඩ් රොත්ශිල්ඩ්ට ලියන ලද ලියුමක් මගින්.

පලවෙනි ලෝක යුද්ධය අවසන් වෙන්නෙ ජර්මනිය හා ඕටමන් රාජ්‍යයන් පරාජයට පත් කරමින්.
පලස්තීනය හා ඊශ්‍රායලය තිබූ භූමිය බ්‍රිතාන්‍ය පාලනයට යටත් වෙනව.
මේ පාලනය යටතේ තමයි ජෝර්දානය.. පලස්තීනා ජෝර්දානා භූමිය හා ඊශ්‍රායල් භූමි ප්‍රදේශය බිහි වෙන්නෙ.

1917/1948 කාලය පුරාම මේ දේශයන්ගෙ සීමා පිලිබඳ බොහෝ සාකච්චා මත ගැටුම් ඇතිවෙනව. නමුත් මේ ප්‍රදේශවල පදිංචියට යුදෙව්වන් නොකඩවා ඇදිල එන්නෙ ඒ තමන්ට පොරොන්දු වුනු රට නිසා.

පලමු ලෝක යුද්*ධයේ කොන්දේසි අනුව යුදෙව්වන්ට වෙනම රාජ්‍යයක් බිහි කරන්න බ්‍රිතාන්‍යයයන් ප්‍රමුඛ යුරෝපීයයන් කටයුතු කරන්නෙ නැහැ.
යුදෙව්වන් බොහොම කලකිරීමට පත්වුනත් අඩුම වශයෙන් ඒ අයට තමන්ගෙ උපන්බිමට යන්න හැකියාව ලැබෙනව.

මෙන්න මේ අතරෙදි දෙවන ලෝක යුද්ධය ඇරඹෙනව.
බ්‍රිතාන්‍ය ප්‍රමුඛ මිත්‍ර හමුදාවට යුදෙව්වන්ගේ සහාය නැවතත් අවශ්‍ය වෙනව.

දෙවන ලෝක යුද්ධය ආරම්භ වෙන්නෙ යුරෝපයේ යුදෙව්වන් සමූල ඝා*තනය කරමින්.
යුරෝපයේ ධනවත්ම ජන කොට්ඨාශය වූ යුදෙව්වන් හිට්ලගේ ඊර්ශ්‍යාවට ලක්වෙද්දි
මිලියන එක හමාරකට ආසන්න යුදෙව්වන් ම*රා දමනව කිසිම හේතුවක් නැතුව.

ජර්මනියෙන් පලා ආ යුදෙව්වන් ප්‍රංශයේ..ස්විට්සර්ලන්තයේ හා මහා බ්‍රිතාන්‍යයේ රැකවරණය ලබනව.
මෙන්න මෙතන්දි තමයි බැල්ෆෝ ලියවිල්ල ආයෙත් කරලියට එන්නෙ.
පලමු වන ලෝක යුද්ධයේදී පොරොන්දු වුණු විදිහට සම්පූර්ණ ස්වාධීන රාජ්‍යයක් යුදෙව්වන්ට ලැබුනෙ නැහැ.
ඒ නිසා නැවත වරක් බ්‍රිතාන්‍ය ප්‍රමුඛ මිත්‍ර හමුදා යුදෙව්වන්ට පොරොන්දු වෙනව දෙවන ලෝක යුද්ධය අවසන් වුණු වහාම ස්වාධීන යුදෙව් රාජ්‍ය පිහිටුවනව කියල.

දෙවන ලෝක යුද්ධය අවසන් වෙනව.

1948 මැයි 14 වෙනිද අවසන් බ්‍රිතාන්‍ය භටයත් යුදෙව්වන්ට පොරොන්දු වුනු භූමියෙන් ඉවත් වෙලා ගියාට පස්සෙ ස්වාධීන ඊශ්‍රායල් රටේ බිහිවීම ප්‍රකාශයට පත් කරනව.

පලස්තීනා ද සිරියා නමින් පැවතුනු භූමියේ ඊශ්‍රායලය හා පලස්තීනය වශයෙන් බිම් ප්‍රදේශ වෙන්කිරීම පහසු කාරියක් නෙවෙයි.
හේතුව මේ බිමේ අවුරුදු සිය ගාණක ඉඳල යුදෙව්.. ක්‍රිස්තියානි හා ඉස්ලාම් ජාතිකයන් මිශ්‍රව ජීවත් වීම.
යුදෙව් හා ඉස්ලාම් ජන කොටස් අතර භූමිය බෙදීම ඉතාම සංකීර්ණ කාර්‍යයක්.
මේ ආකාරයට භූමිය බෙදීම යුදෙව්වන් හෙවත් ඊශ්‍ර්‍රායලය විසින් පිලි ගත්තත් මුස්ලිම් ජන කොටස් හෙවත් පලස්තීනය විසින් මේ ගිවිසුමට එකඟ වෙන්නෙ නෑ.
මෙන්න මේ එකඟ නොවීම හෙවත් පිලි නොගැනීම නිසයි පලස්තීනය ස්වාධීන රාජයක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඇතුලත් නොවෙන්නෙ.

මේ ඊශ්‍රායලයේ බිහිවීමට අරාබි රටවල් කොහෙත්ම කැමැත්තක් දක්වන්නෙ නෑ.
මේ ප්‍රශ්ණය ඉතාම සංකීර්ණයි. අරාබි මුස්ලිම රටවල් වුනත් ශීට් හා සුන්නි වශයෙන් දෙකට බෙදිලයි ඉන්නෙ. ඒ නිසා තමා සෞදි අරාබිය සහ ඉරානය කවදාවත් මිතුරන් නොවන්නෙ.
ඒ අතරෙ ලෙබනනය මුල් කරගෙන තවත් ප්‍රශ්ණ දුරදිග යනව.

යුදෙව් රටක් වූ ඊශ්‍රායලයත්, අර්ධ ක්‍රිස්තියානි රටක් වූ ලෙබනනයත් සංවර්ධනය වෙනවට ඒ අවට රටවල් කැමති වෙන්නෙ නෑ.

ඒ අතරෙ ඇමරිකානු හා රුසියානු මැදිහත්වීම්ද කලාපයේ බල අරගලය තවත් උග්‍ර කරනව.

මේ කාලය පුරාවටම ඊජිප්තුව, ලෙබනනය, සිරියාව, ට්‍රාන්ස්ජෝර්දානය හා ඉරාකය වරින් වර ඊශ්‍රායලය ආක්‍රමණය කරන්න උත්සාහ කරනව.

1956 සිනායි යුද්ධය.
1967 සය දින යුද්ධය
1973 යොම් කිපූර් යුද්ධය
යුද්ධ ඉතිහාසයේ වැදගත් තැනක් ගන්නව.

ඊශ්‍රායෙල් යුදෙව්වන් මහන්සි වෙලා වැඩ කරන ජාතියක් නිසා ඊශ්‍රායලය ලෝකයේ බලවත්ම වගේම දියුණුම රාජ්‍යයක් බවට පත්වෙනව.

ඒ අතරෙ පලස්තීන රාජ්‍යයේ දේශපාලන බලය හමාස් වැනි සංවිධාන අතට පත් වෙනව. දේශපාලන අඩපණ කිරීම් වලට යුදෙව්වන්ගේ මැදිහත් වීම් ගැනත් චෝදනා තියනව.

යුදෙව්වන්ට චෝදනා එල්ල වෙනව ප*ලස්තීන භූමි ආක්‍රමණය කරනව කියල. ඒ වගේම පලස්තීනයට චෝදනා එල්ල වෙනව ඊශ්‍රායලයට ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල කරනව කියල.
නමුත් පැහැදිලිව පේන්න තියන දෙයක් තමයි 1948 ඉඳල මේ දක්වා ටිකෙන් ටික පලස්තීන භූමිය ආක්‍රමණය වෙලා තියෙන බව.

සරලව පැහැදිලි කරන්න බැරිතරම් දෙපැත්තටම චෝදනා තියනව.

මේ අතර තමා ජෙරුසෙලම ඊශ්‍රායල් අගනගරය බවට ප්‍රකාශ කරන්නෙ.
ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් ප්‍රසිද්ධියේම පිලිගන්නව ඒ බව.

පැත්තක ඉඳන් බලන අපිට කියන්න බැහැ පලස්තීනයට ජයවේවා කියල. මොකද ඉතිහාසය පුරාම මේ යුදෙව්වන්ගේ භූමිය.

මේ දෙගොල්ලම දේශ සීමා සඳහා එකඟ වෙන බවක් පේන්න නෑ.
ඒ අතරෙ පලස්තීන ජාතිකයන් මහන්සිවෙලා වැඩ කරන බවක් පේන්නෙත් නැහැ තමන්ගෙ රට දියුණු කරන්න.

යසර් අර්පත් වැනි නායකයන් යු*ද්ධ හා ගැටළු වලට නායකත්වය දුන්නා මිස කිසිම විටෙක සංවර්ධන යෝජනා ක්‍රමයකට .. සාමයට මග පෙන්වපු බවක් පේන්න නැහැ.

ඒ අයගෙ එකම චෝදනාව.. අපේ බිම ආක්‍රමණය කරා.. අපේ දෙවියන්ට අපහාස කලා.. අපේ මිනිසුන් මරා දැමුවා කියන එක විතරයි.
ඊශ්‍රායල් භූමිය තුල තියන පලස්තීන වාසභූමිත් ... පලස්තීන ප්‍රදේශ තුල ගොඩනැගුනු යුදෙව් ජනාවාසත් ප්‍රශ්ණය තවත් අවුල් කරනව.
ගාසා තීරයේ හා බටහිර ඉවුරේ ජීවත් වෙන පලස්තීන ජාතිකයන්ගෙන් සීයට හැත්තෑවක් පමණ රැකියා කරන්නෙ ඊශ්‍රායලයේ. මේ පිරිසට වඩා පලස්තීන ප්‍රශ්ණය ඇවිලවීමට උත්සාහ කරන්නෙ සිරියානු.. ඉරාක.. ජෝර්දාන්.. කටාර් ආදී රටවල සංවිධාන වෙන මූලධර්මවාදීන් බව පැහැදිලි කාරණ‍යක්.

අවට අරාබි රටවල් වගේම ඇමරිකා එක්සත් ජනපදය වුනත් පවතින බල අරගලයෙන් වාසි ගන්න බව රහසක් නෙවේ.

ලංකාවේ ගොඩක් දෙනෙක් ඊශ්‍රායල් රාජ්‍යයේ රැකියා කරනව. ඒ අතින් ඊශ්‍රායලය ලංකාවට ගොඩක් කිට්ටුයි. නමුත් බල අරගල නිසා දුක් විඳින පලස්තීන ජාතිකයනුත් අපට අමතක කරන්න බැහැ.

ලිපිය දිග වුනත් දැන් අපි දන්නව ඊශ්‍රායලය හා පලස්තීනය වශයෙන් රටවල් දෙකක් ඉතිහාසයේ නොතිබුනු බව. දැන් අපි දන්නව යුදෙව්වන් හා මුස්ලිම් වරුන් අදහන්නේ එකම දෙවියන් බව.
මේ අයගෙ තියන සංස්කෘතික .. සමාජයීය... භාශාමය වෙනස්කම් නිසා බෙදීම් ඇතිවුනත් අරාබි වරුන් හා යුදෙව්වන් එක සමාන ජනකොටසක් බව අපිට පැහැදිලියි.
ඒ අනුව බලද්දි මේ දෙපිරිස අතරෙන් එක් පිරිසක් තෝරාගන්න අපිට හැකියාවක් නෑ.

මොනව වුනත් අවුරුදු දාස් ගාණක් පුරා තියෙන ප්‍රශ්ණය ඉවරවෙන පාටක් පේන්න නැහැ අවාසනාවට.

උපුටා ගැනීමක්...මුල් අයිතිකරුට අපගේ ස්තුතිය…!

Mother is be best warrior in the world 🖤
06/10/2023

Mother is be best warrior in the world 🖤

සමාජ මාධ්‍යයේ මේ දින කිහිපය තුල බහුල ලෙස   භාවිතා කරමින් චායාරූප සංස්කරණය කිරීම  සිදු වූ අතර එය ලංකාව තුළ බහුලව සිදු විය...
06/10/2023

සමාජ මාධ්‍යයේ මේ දින කිහිපය තුල බහුල ලෙස භාවිතා කරමින් චායාරූප සංස්කරණය කිරීම සිදු වූ අතර එය ලංකාව තුළ බහුලව සිදු විය.

මෙම photolab සංස්කරණය තුල දී ඔබගේ ඡායාරූපය වෙනත් ශරීර කොටස් වලට එකතු කිරීම සිදු වන අතර මෙය කණ්ඩායමක් විසින් මෙහෙයවන ලද්දක් බව දැනට තොරතුරු වාර්තා වී ඇති අතර මෙහිදී ඔබගේ ඡායාරූපය ගත් පසුව ඔවුන් විසින් නිරුවත් ඡායාරූප බවට පත් කර භාවිතා කිරිම ඔවුන්ගේ අරමුණ වී තිබෙන බව තහවුරු වී ඇත.

අමතක නොවන දවසක්.ආඩම්බරයි උඹලා ගැන...❤️800m 🥇| 400x4 womens 🥉| 400x4 mens 🥉
04/10/2023

අමතක නොවන දවසක්.
ආඩම්බරයි උඹලා ගැන...❤️
800m 🥇| 400x4 womens 🥉| 400x4 mens 🥉

පිරිමින්ටත් යන්න අමාරු Rolls Royce ආයතනයේ රැකියාව කරමින්, සුද්දන්ට ගුවන් යානා එන්ජින් හදන්න කියාදෙන ශ්‍රී ලාංකික 93 අපේ ...
02/10/2023

පිරිමින්ටත් යන්න අමාරු Rolls Royce ආයතනයේ රැකියාව කරමින්,

සුද්දන්ට ගුවන් යානා එන්ජින් හදන්න කියාදෙන ශ්‍රී ලාංකික 93 අපේ කෙල්ල❤❤
••••••••••••••••••••••~~~~~~~~~••••••••••••••••••
• ලෝකයේ ලොකුම ගුවන්යානා අලූත්වැඩියා කිරිමේ මධ්‍යස්ථානය ඉදි වුණේ මගේ උපදෙස් අනුවයි.

• ඉදිරියේදී කෘතිම බුද්ධිය සහිත ගුවන් යානයක් නිපදවන්න අපි දැනටමත් වැඩ පටන් අරන්

• මුලදී මගේත් එක්ක වැඩ කරන්න විදේශිකයන් කැමැති වුණේ නෑ

• මේ වෙද්දි මගේ යටතේ විදේශීය රටවල ඉංජිනේරුවන් 100 ක් පමණ වැඩ කරනවා.

ඇය ශ‍්‍රී ලාංකික දියණියක් ලෙස මේ වන විට ද ලෝකය හමුවේ තම දක්ෂතා පෙන්නුම්කොට හමාරය. අභ්‍යවකාශ ඉංජිනේරු විද්‍යා ඉංජිනේරුවරියක් ලෙස සිය කුසලතා ප‍්‍රකට කර සිටින ඇය දැනට සේවය කරනු ලබන්නේ ලොව අංක එකේ මෝටර් රථ සහ ගුවන් යානා එන්ජින් නිෂ්පාදන ආයතනයක් වන එංගලන්තයෙහි පිහිටි rolls royce සමාගමේ ඩිජිටල් ආකෘතික කළමනාකාරවරිය ලෙසින්ය. එපමණක් නොව ඇමරිකාවේ ඇට්ලන්ටා හි පිහිටි ලොව විශාලතම ගුවන් යානා අලූත්වැඩියා මධ්‍යස්ථානය ඉදිකොට ඇත්තේ ඇය විසින් ලබාදුන් නායකත්වය සහ තාක්ෂණික උපදෙස් මතය.

2015 වර්ෂයේදී ඉංජිනේරුවරියක් ලෙස rolls royce සමාගමට එක්වන ඇය අභිමානවත් rolls-royce ඉතිහාසය තුළ එම තනතුරට පත් ළාබාලතම තැනැත්තිය මෙන්ම අග්නිදිග ආසියානු කලාපය නියෝජනය කරමින් එම තනතුරට පත් එකම කාන්තා නිලධාරිනිය ලෙස ද වාර්තාවක් තබා ඇත.

නිපුනි කරුණාරත්න නම් ඇය තවමත් විසි අට හැවිරිදිය. රද්දොළුගම ගනේපොල උපත ලබන ඇය මූලික අධ්‍යාපනය කොළඹ මියුසියස් බාලිකා විදුහලෙන්ය. ඉන් අනතුරුව විදෙස් අධ්‍යාපනය පිණිස යොමු වන ඇය එංගලන්තයේ පිහිටි brunel විශ්වවිද්‍යාලයට ඇතුළත් වන අතර එහි දී ද ඇය විසින් ඉහළ දක්ෂතාවයන් දැක්වීමට සමත්ව ඇත. මේ වනවිට ඇයගේ ප‍්‍රධානත්වයෙන් යුත් ඉංජිනේරු කණ්ඩායමක් කෘතිම බුද්ධිය (artificial intelligent) සහිත ගුවන් යානා එන්ජින් ලෝකයට හඳුන්වාදීමේ ඓතිහාසික මෙහෙවරක නිරතව ඇත.

අභ්‍යවකාශ ඉන්ජිනේරු විද්‍යාව හරහා සුවිශේෂී නිපුණතා රැසක් ප‍්‍රකට කර තිබෙන නිපුනි කරුණාරත්න මේ වනවිට කෙටි නිවාඩුවක් පිණිස මව්බිමට පැමිණ ඇත. මෙම කතාබහ සිදුවන්නේ එහි ප‍්‍රතිඵලයක් ලෙසය. උපන් බිමට අපමණ ඇල්මක් දක්වන නිපුනි සිය කතාබහ ආරම්භ කරන ලද්දේ ඇය මෙරටදී ගතකළ පාසල් සමය සිහිපත් කරමිනි.

‘‘මම ලන්ඩන් O/L විභාගයට පෙනී සිටින තෙක් අධ්‍යාපනය ලැබුවෙ කොළඹ මියුසියස් බාලිකා විදුහලෙන්. සාමාන්‍ය පෙළින් පස්සෙ මම විදේශගත වෙනවා. මගේ තාත්තා ඒ වගේම අයියාත් ඉංජිනේරුවන්. ඒ හින්ද අම්මා මට නිතරම කිව්ව දෙයක් තමයි මම වෛද්‍යවරියක් වෙනව දකින එක තමයි අම්මගේ ලොකුම හීනය කියල. ලංකාවේ ගතකළ මගේ පාසල් ජීවිතය ගත්තොත් අධ්‍යාපන කටයුතුවලට වගේම ක‍්‍රීඩා කටයුතු ආදියටත් මම ලොකු ඇල්මක් දැක්වූවා. පිහිනීම සහ ටෙනිස් කී‍්‍රඩාව ඒ අතරින් විශේෂයි. එතනදි ජාතික මට්ටමේ තරගවලට පවා මට සහභාගි වෙන්න අවස්ථාව ලැබෙනවා. ඇත්තටම ඕනෑම ක‍්‍රීඩාවක නිරත වෙනවා කියන්නේ කෙනකුට තමන් කෙරෙහි ලොකු ආත්ම විශ්වාසයක් ගොඩනගාගන්න පුළුවන් ක‍්‍රියාකාරකමක්. මම එහෙම කියන්නෙ මගේ අත්දැකීම් එක්ක. මොකද එංගලන්තයේ සුදු ජාතිකයන් එක්ක වැඩ කරද්දි ඒ අය මුලින් මුලින් මගේ යටතේ වැඩ කරන්න කැමැත්තක් දැක්වූවේ නෑ. ඒකට හේතුව තමයි ඒ අය මට වඩා වයසින් වැඩිමහල් වීම. ඒ පිරිස අතර ඩබල් PHD ගත්ත අවුරුදු පනහ,පනස් පහ වයස් කාණ්ඩ වලට අයත් ඉංජිනේරුවන් පවා හිටියා, දැනුත් ඉන්නවා. එහෙම පිරිසකට මම නායකත්වය දෙද්දී විවිධ අභියෝග වලට මුහුණ දෙන්න මට සිද්ධ වුණා. අන්න එතනදි තමයි ලංකාවෙදී ක‍්‍රීඩාව හරහා මම ගොඩන`ගා ගත්ත ආත්ම විශ්වාසය ඒ වගේම පෞරුෂය මට ලොකු ශක්තියක් බවට පත්වුණේ.

නිපුනි කරුණාරත්න මෙරට ගතකළ පාසල් සමය සිහිපත් කළේ ඒ ආකාරයෙන්ය. ඉන් අනතුරුව වැඩිදුර අධ්‍යාපනය පිණිස එංගලන්තය බලා පිටත්ව යන නිපුනි එහිදී Heriot-Watt විද්‍යාලයට ඇතුළත්ව වැඩිදුර අධ්‍යාපනය හදාරන අතර ඇය එහිදී දක්වන සුවිශේෂී දක්ෂතාවයන් හේතුවෙන් විශ්වවිද්‍යාල වරම් හිමිකර ගන්නීය. ඇය විසින් එම සුවිශේෂී වරම හිමිකර ගත් ආකාරය පිළිබඳව මතකය මෙනෙහි කරන ලද්දේ මේ ආකාරයෙන්ය.

‘‘මම වයස අවුරුදු 16 දී brunel විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න වරම් හිමිකර ගන්නවා. නමුත් ඒ වගේ අඩු වයසකදී විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන්න මම වාසනාවන්ත වුණත් විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙද්දි ඒ අයට මගේ වයස ප‍්‍රශ්නයක් වෙනව. ඒකට විසඳුමක් ලෙස විශේෂ අවසරයක් අරන් තමයි මම විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යොමු වෙන්නෙ.මගේ විෂයය බවට පත්වුණේ අභ්‍යවකාශ ඉන්ජිනේරු විද්‍යාව. පළමුවැනි අවුරුද්දෙ මේ පාඨමාලාව හදාරන්න මා ඇතුළු සිසුන් 280ක් තෝරගන්නවා. ඒ පිරිස අතරින් පළමුවැනි අවුරුද්දෙ දක්ෂතම සිසුවිය බවට පත් වෙන්නෙ මම. දෙවැනි අවුරුද්ද වෙනකොට 280 ක් වූ ශිෂ්‍ය පිරිස 60 දක්වා අඩු වෙනවා. ඒ හැට දෙනා අතරට මා ඇතුළු තවත් ගැහැනු ළමයි දෙතුන් දෙනෙක් හිටියා. ඇත්තටම අභ්‍යවකාශ ඉන්ජිනේරු විද්‍යාව කියන්නෙ ගොඩක් අමාරු විෂය කාණ්ඩයක්. ගැහැනු ළමයෙක් ඒ වගේ විෂයයක් තෝරා ගන්නව කියන්නේ අභියෝගයක්. මටත් ඒ අභියෝග වලට මූණ දෙන්න සිද්ධ වුණා. ඒ හැම වෙලාවකම මගේ අම්ම ලංකාවෙ ඉඳගෙන බෝධි පූජා පැවැත්වූවා. දෙවියන්ට බුදුන්ට බාරහාර වුණා. ඒ දේවල් මගේ ගමනට ලොකු ශක්තියක් වුණා කියල මම විශ්වාස කරනවා. ඔහොම අධ්‍යාපන කටයුතු කරගෙන යද්දි දෙවැනි අවුරුද්දෙත් අපේ කණ්ඩායමේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතරින් දක්ෂතම සිසුවිය බවට පත්වෙන්න මට පුළුවන්කම ලැබුණා. තුන්වැනි අවුරුද්දෙ මම විශ්වවිද්‍යාලයෙන් එළියට එනව. ඒ වර්ෂ කීපය ඇතුළේ අභ්‍යවකාශ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධිය ලබාගත් එකම සිසුවිය බවට පත්වෙලයි. ඒ වෙද්දි මම රැකියාවක් ගැන හිතල තිබුණෙ. එතැනදී මගේ ලොකු ආශාවක් තිබුණා නාසා ආයතනයට හෝ rolls royce සමාගමට එකතුවෙලා රැකියාවක් කරන්න. මොකද මගේ උපාධියට අනුව ඒ වගේම මගේ සුදුසුකම් වලට අනුව රැකියාවක් තෝරගන්නව නම් ඒ සඳහා ප‍්‍රධාන වශයෙන් ඉහත සඳහන් ආයතන දෙක ආශ‍්‍රිත රැකියා අවස්ථා සඳහා තමයි වැඩි ඉඩකඩක් පැවතුණේ. එතනදි මට අවස්ථාව ලැබෙනව මෝටර් රථ වලට වගේම ගුවන්යානා එන්ජින් නිෂ්පාදනය පිණිස ලෝක පූජිත නමක් වන rolls-royce සමාගමත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන්න’’.

ඒ අනුව 2015 වර්ෂයේ දී ඉංජිනේරුවරියක් ලෙස rolls royce සමාගමට එක්වන නිපුනි කරුණාරත්න වසර දෙකක් යනතුරු එහි නිෂ්පාදන ඉංජිනේරුවරියක් ලෙස කටයුතු කරන්නේය. එම කාලය ඇතුළත ඇය විසින් දක්වන ලද දක්ෂතා හේතුවෙන් rolls royce ඉහළ කළමනාකාරීත්වය විසින් වසර දෙකක් ගතවීමත් සමග ඇය වෙත තවත් වගකීමක් පවරා ඇත. අපගේ කතාබහ අතරතුර ඒ පිළිබඳව ද යමක් පැවසීමට ඇය විසින් අමතක නොකළාය.

‘මම rolls royce සමාගමට එක්වුන අවුරුද්දෙ ඉංජිනේරු අංශයේ පුරප්පාඩු හැටක් තිබුණා. ඊට අමතරව අනිකුත් අංශ එක්ක ගත්තොත් රැකියා අවස්ථා 120ක විතර පුරප්පාඩු පැවතුනා. සුදුසුකම් වලට අනුව තමයි බඳවා ගත්තේ. ඒ සඳහා ලෝකයේ ඕනෑම රටක කෙනකුට ඉල්ලූම් කිරීමේ අවස්ථාව උදා වුණා. ඒ අවුරුද්දේ රැකියා පුරප්පාඩු 120 සඳහා අයැදුම්පත් ලක්ෂ තුනක් පමණ ලැබිල තියෙනවා. මුළු ලෝකයටම විවෘත හින්ද තමයි ඒ වගේ විශාල අයැදුම්කරුවන් පිරිසක් ඉදිරිපත් වෙන්නෙ. මම ඒ සඳහා ඉල්ලූම් කරන්නේ ඉංජිනේරු අංශයෙන්. අපේ සමාගමට අලූත් සාමාජිකයන් බඳවා ගැනීමේදී අධ්‍යාපන සුදුසුකම් වගේම අයදුම්කරුවන්ගේ පෞරුෂය පිළිබඳවත් ලොකු සැලකිල්ලක් දක්වනවා. ඔය කියන අංශ දෙකෙන්ම ඉදිරියෙන් ඉන්න පුළුවන් නම් විතරයි සමාගමට ඇතුළත් වෙන්න අවස්ථාව ලැබෙන්නේ. මම ඒ සඳහා අයැදුම් කරනව කියල එංගලන්තෙ ඉන්න මගෙ යාළුවො දැනගත්ත වෙලාවෙ ඒ අය මට හිනාවුණා. ඉංජිනේරු වෘත්තියේ නිරත වෙලා ඉන්න පිරිමි අයට වත් යන්න අමාරු කොම්පැනියකට ඔයාට යන්න පුළුවන්ද කියල ඒ අය මගෙන් ඇහුව. නමුත් සම්මුඛ පරීක්ෂණ කීපයකට පස්සෙ අභ්‍යවකාශ ඉංජිනේරු වරියක් ලෙස මාව තෝරා ගන්නවා. ජොබ් එක භාර අරගෙන වසර දෙකක් යද්දී මට තවත් වගකීමක් භාර දෙනවා. ඒ තමයි rolls-royce සමාගම විසින් ගෝලීය වශයෙන් ඉදිකරන ගුවන්යානා අලූත්වැඩියා කිරීමේ මධ්‍යස්ථාන පිණිස උපදෙස් හා යාන්ත‍්‍රික සැලසුම්කරණ අංශය භාරව නායකත්වය සැපයීම. ඒක ලොකු වගකීමක්.ඒකෙ ප‍්‍රතිඵලයක් ලෙස ලෝකයේ ලොකුම ගුවන්යානා අලූත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානයක් වන ඇමරිකාවේ ඇට්ලන්ටා Delta Tech සෙන්ටර් එක හදන්න නායකත්වය දුන්නේ මම. ඒ වගේම තවත් රටවල් බොහොමයක ඒ කටයුත්තේදී මූලික මැදිහත්වීමක් කරන්න මට සිද්ධ වෙනවා. ඔය කටයුතු ඔහොම සිද්ධවෙන අතරෙ තමයි ලෝකයේ ප‍්‍රධාන පෙළේ ගුවන්යානා එන්ජින් නිෂ්පාදන සමාගම් විසින් තීරණය කරන්නේ කෘතිම බුද්ධිය (atificial intelligence) සහිත ගුවන්යානා එන්ජින් නිෂ්පාදනය කළ යුතුයි කියලා. එතනදී rolls-royce සමාගම විසින් ඒ වගකීමත් මා ඇතුළු ඉංජිනේරු කණ්ඩායමකට පවරනවා. ඉදිරියේදී අපේ අරමුණ බවට පත්වෙන්නේ එවැනි ගුවන් යානා එන්ජිමක් නිෂ්පාදනය කිරීමයි. ඒ ක‍්‍රියාවලිය සරලව පැහැදිලි කළොත් එතැනදි සිද්ධ වෙන්නෙ මෙන්න මේ වගේ දෙයක්. අපි හිතමු යම්කිසි ගුවන්යානයක් ගුවනේ දී යම් කාර්මික දෝෂයකට ලක් වෙනව කියල. අන්න ඒ වගේ වෙලාවකදී ඒ කාර්මික දෝෂය මොකක්ද, එය හටගත්තේ ගුවන් යානයේ කුමන කොටසේද, එම කාර්මික දෝෂය හටගත් ගුවන්යානයට තව කොපමණ වෙලාවක් ගුවනේ රැඳී සිටින්න පුුළුවන්ද, එහෙම නැත්නම් ඊළගට ගතයුතු පියවර මොකක්ද.. ඔය ආදී වශයෙන් තීරණ ගන්න පුළුවන් ගුවන් යානා එන්ජිමක් නිෂ්පාදනය කිරීම තමයි මා ඇතුළු අපේ කණ්ඩායමේ ඊළඟ අරමුණ බවට පත්වෙලා තියෙන්නේ. තවම එහෙම දෙයක් ලෝකයේ කිසිම රටක් සිද්ධ කරල නැහැ. මම විශ්වාස කරනව. තව වර්ෂය කීපයක් ඇතුළත අපිට ඒ කටයුත්ත සාර්ථකව නිම කරන්න පුළුවන් කියලා. ඒ සඳහා මගේ නායකත්වය යටතේ ලෝකයේ විවිධ රටවල ඉංජිනේරුවන් 90 දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් දැනටමත් එංගලන්තෙ සිට අවශ්‍ය පර්යේෂණ කටයුතු සිදුකරමින් ඉන්නවා...”

නිපුනි කරුණාරත්න විද්‍යාව හා තාක්ෂණික අංශයෙන් ලොව ඉහළම රටක් වන එංගලන්තයේදී දක්වන ලද දක්ෂතාවයන් හේතුවෙන් විවිධ අංශයන්හි දක්ෂතා දක්වන වෘත්තිකයන් අගයනු වස් පසුගිය දිනක එරට සංවිධානය කරන ඉහළම සම්මාන ප‍්‍රදානයක් පිණිස නිර්දේශිත නාමයන් අතරට එක් වී ඇත. එහිදී විවිධ අංශයන්ගෙන් දක්ෂතා දක්වන ලද වෘත්තිකයන් දස දෙනකු උදෙසා සම්මාන පිරිනමන අතර නිපුනි කරුණාරත්න එම නිර්දේශිත නාමයන් අතරට එක්වන්නේ විද්‍යා හා තාක්ෂණික අංශය නියෝජනය කරමින්ය. දැනට දින කිහිපයකට ඉහත එම සම්මාන උළෙල පවත්වා තිබෙන අතර එහිදී ශ‍්‍රී ලාංකික ජාතිය ලොවක් හමුවේ උත්කෘෂ්ටත්වයට නංවමින් විද්‍යා හා තාක්ෂණික අංශයෙන් ප‍්‍රථම ස්ථානය දිනාගැනීමට ද ඇය සමත් වී ඇත. එම අසිරිමත් අවස්ථාව වනවිට කෙටි නිවාඩුවක් පිණිස ඇය මෙරටට පැමිණ සිටි බැවින් ඉදිරි දිනෙක එම සම්මානය ඇයගේ දෝතට පිරි නැමීමට නියමිතය. තමන් සතු දැනුම සිය රාජකාරී ආයතනය වන rolls royce සමාගමේ දියුණුව පිණිස පමණක් නොව සමස්ත ලෝකයේම යහපත පිණිස යෙදවීමේ අපේක්ෂාවෙන් මේ වන විටත් නිපුනි කරුණාරත්න විසින් තමන්ටම අයත් පෞද්ගලික සමාගමක් ද එංගලන්තයේ පිහිටුවා ඇත. නව සොයාගැනීම් සහ පර්යේෂණ පිණිස පිහිටුවා ඇති එම සමාගම මගින් මේ වනවිට සාර්ථක ව්‍යාපෘති හතරක් පමණ ක‍්‍රියාත්මක කොට තිබෙන අතර ඉන් එක් ව්‍යාපෘතියක් එංගලන්ත රජයේ ව්‍යාපෘතියක් වීම එහි ඇති තවත් විශේෂත්වයකි. ඒ සඳහා මූල්‍යාධාර සපයනු ලබන්නේ එංගලන්ත රජය විසින්ය.

නිපුනිගේ ඉදිරි අපේක්ෂාවක් බවට පත්ව ඇත්තේ උපන් රට පිණිස තමන් සතු දැනුම ප‍්‍රදානය කිරීමය. එහි ආරම්භක පියවරක් ලෙස ඉදිරියේ දී තම සමාගමට අයත් ශාඛාවක් මෙරට ස්ථාපිත කොට ඉංජිනේරු උපාධිය ලත් මෙරට තරුණ තරුණියන් හට ගෝලීය වශයෙන් ඉදිරියට ගමන් කිරීමට අවශ්‍ය වටපිටාවක් නිර්මාණය කර දීම ඇගේ අපේක්ෂාව බවට පත්ව ඇත. ඒ හරහා මෙරට තුළ ජාත්‍යන්තර ව්‍යාපෘති කීපයක් ආරම්භ කිරීම ද ඇය අපේක්ෂාවෙන් පසුවන්නීය.

අපගේ කතාබහ නිමා කිරීමට මත්තෙන් ඇය නැවත වතාවක් සඳහන් කර සිටියේ ශ‍්‍රී ලාංකික තරුණියක් ලෙස ඇය පැමිණි ගමන්ම`ග පිළිබඳව තමාට ඇත්තේ නිහතමානී ආඩම්බරයක් බවත් ලොව කොතැනක ගිය ද එහිදී ලාංකික නාමය ඉහළට ඔසවා තැබීම තම අපේක්ෂාව වන බවත්ය. මෙරට තරුණ ප‍්‍රජාවට, විශේෂයෙන්ම තරුණියන්ට පරමාදර්ශයක් බවට පත්කර ගතහැකි නිපුනි කරුණාරත්න ඉදිරි කාල වකවානුව තුළ අභ්‍යවකාශ විද්‍යා ඉංජිනේරු තාක්ෂණය ඔස්සේ තව තවත් ඉදිරියට යනු දැකීම මේ වනවිට ශී‍්‍ර ලාංකික බොහෝ දෙනකුගේ අපේක්ෂාව බවට පත්ව ඇත.

උපුටාගැනීම
- දිවයින රුවන් ජයවර්ධන -

මේ කෘමියා දැක්කොත් පරිස්සම් වෙන්න...කුඩා දරුවන් ප්‍රවේසම් කරගන්න.මෘදු පොත්තක් වැනිය. නිවසේ බිත්තියේ එල්ලි තිබෙනවා ඔබ අනි...
30/09/2023

මේ කෘමියා දැක්කොත් පරිස්සම් වෙන්න...
කුඩා දරුවන් ප්‍රවේසම් කරගන්න.

මෘදු පොත්තක් වැනිය. නිවසේ බිත්තියේ එල්ලි තිබෙනවා ඔබ අනිවාර්යෙන්ම දැක ඇති.
මෙම කෘමියා කෑවොත් සම ඉදිමීම, කැසීම සහ දින ගණනාවක් වේදනාකාරීව තිබේ.
මෙම කෘමියා බොහෝ ඇඳුම් ඇති තැන් වලට කැමතියි.

09/09/2023
කැබි­ති­ගො­ල්ලෑව යකා­වැව මාරක බස් බෝම්බය පුපුරා හෙටට වසර 17යි....තිස් වසරක කුරිරු යුදමය අත්දැකීම් සහිත ජනතාවක් සිටින රටක...
14/06/2023

කැබි­ති­ගො­ල්ලෑව යකා­වැව මාරක බස් බෝම්බය පුපුරා හෙටට වසර 17යි....

තිස් වසරක කුරිරු යුදමය අත්දැකීම් සහිත ජනතාවක් සිටින රටක ඒ අතීත කඳුළු මතක සිහි කරමින් සුසුම් හෙළීම කළ යුතු දෙයක් නොවූවත් යුද්ධය නිසා අපගේ ළබැඳියන් අපෙන් සදහටම වෙන් කළ කැබිතිගොල්ලෑව යකාවැව මාරක බස් බෝම්බය පුපුරා අදට වසර දාහතක් ගතවී හමාරය.
මුළුමහත් ලෝකයාගේම අවධානය අපේ රට කෙරෙහි යොමු වු ඒ කම්පිත සිදුවීම 2006 ජුනි මස 15 වැනිදා කැබිතිගොල්ලෑව යකාවැවදී අද වැනි දිනෙක සිදු විය. මුළු රටම කම්පාවට පත් කරමින් යකාවැවදී සිවිල් වැසියන් 69 දෙනකුට මරු කැඳවමින් පුපුරා ගිය මාරක බස් බෝම්බය පිළිබඳ සටහනක් තැබීම කාලෝචිතය.
භික්ෂූන් වහන්සේ, ගැබිනි මවුවරුන්, ළදරුවන්, කිරි බොන අත දරුවන්, පාසල් සිසුන්, සිවිල් ආරක්ෂක භටයන් ඇතුළු පිරිසක් එදා එම බස් බෝම්බයට හසු වීමෙන් ජීවිතක්ෂයට පත් වූහ. එම බෝම්බයෙන් දිවි ගලවා ගත් අසරණයන් සොයා යකාවැවට අප ගිය ගමනේදී ඔවුන් බොහෝ දෑ පැවැසුවේ කඳුළු පිරි දෙනෙතිනි.
යකාවැව පදිංචි එම්. කරුණාරත්න මහතා (50)
"මමයි, මගේ නෝනයි, අවුරුද්දයි මාස තුනක් වයස පොඩි දුවයි බස් බෝම්බෙට අහු වුණා. මගේ දුව මැරුණා. නෝනයි මමයි බේරුණා. මම දින හතළිහක් දැඩි සත්කාර ඒකකයේ ඉඳලා තියෙනවා. නෝනා දැන් ඉන්නේ සිහිමඳ ගතියෙන් ලෙඩ ගානේ. ස්නායු දුර්වල වෙලා. දුව මැරුණු නිසා එයාගේ කල්පනාව අඩුයි. දවස ගානෙම එයා මැරුණු දුවට පින් දිදී අඬනවා. යකාවැව බස් බෝම්බයෙන් දිවි බේරා ගත්තු ගෑනු උදවිය පහළොවක් විතර හිටියා. ඒ අය කීප දෙනෙක්ම දැන් වෙනත් විවාහ කරගෙන."
බී. කමලාවතී මහත්මිය
"අපි වවුනියාවේ, කච්චකොඩිය ගමේ මළගෙදරක යන්න තමයි බස් එකේ ගියේ. එක පාරටම හෙන ගැහුවා වගේ සද්දයක් ඇහුණා. මට මතක එච්චරයි. මගේ මහත්තයා අන්තරා වුණා. මම තනි වුණා. මම තුවාල වෙලා මාස ගානක් ඔත්පල වෙලා දුක් වින්ඳා. මගේ ඔළුව තවමත් රිදුම් දෙනවා. කන් දෙක ඇහෙන්නේ නෑ . යකාවැවේ හැම ගෙදරම මළමිනී දෙක තුන තිබුණා. මගේ මහත්තයා හොඳ ගොවියෙක්. එයා මැරෙන කොට ගෙදර වී මිටි හැටක් තිබුණා."
යකාවැව ගමේ පදිංචි සී. පද්මාවතී (61)
"මගේ පුතා මේ බස් බෝම්බයට අහුවෙලා නැති වුණා. පුතාගේ ඒ නැතිවීම මතක් වෙනකොටත් දැනෙන වේදනාව කියා ගන්න බෑ."
එන්. කළුමැණිකා (74) මහත්මිය
"මගේ පුතා බස් බෝම්බයෙන් නැති වුණා. එදා ඉඳලා අපිට කාගෙවත් පිහිටක් නෑ. මමයි, මහත්තයයි දැන් ලෙඩ ඇඳේ ඉන්නේ. අපි බලා ගන්න අද කවුරුත් නෑ. පුතා හිටිය නම් අපට මෙහෙම වෙන්නේ නෑ."

කැබිතිගොල්ලෑව විශේෂ හේමන්ත රණසූරිය
coped by dinamina.lk

   *x
04/06/2023

*x

යමක් කියන්න >>> හිතෙයි ඒක කියන්න...
25/05/2023

යමක් කියන්න >>> හිතෙයි ඒක කියන්න...

😭😭😭ගැහැණු අය දෙපාරක්  කියවන්න ...________________________________එක්තරා නිවසක මරණයක් ..... මියගියේ සැමියා. ඔහුට දරුවන් හ...
15/05/2023

😭😭😭

ගැහැණු අය දෙපාරක් කියවන්න ...
________________________________
එක්තරා නිවසක මරණයක් ..... මියගියේ සැමියා. ඔහුට දරුවන් හතර දෙනෙක් සහ බිරිඳක් සිටියා. මේ පුද්ගලයා මිය ගියේ වසර ගණනක් අංශබාගයෙන් පීඩා විදීමෙන් අනතුරුවයි. ඒ කාල සීමාවේ ඔහුගේ කැත කුණු අතගාමින්, දරුවන් ගැනත් සොයා බලමින් වතුපිටි ආදායම ගැනත් කල්පනා කරමින් බිරිඳ නොවිදිනා දුක් වින්දා. ඉන්න තැනම මළ පිට කරන එක, මුත‍්‍රා පිට කරන එක අන්තිමට මේ ගෙදර සාමාන්‍ය දෙයක් බවට පත් වුණා. නිවසට කෙනෙක්ට එන්න කියන්න බැරි කරමට දුර්ගන්ධයක් හමනකොට සියලූ වැඩ නවත්වලා බිරිඳට නිවස පිරිසුදු කරන්න සිදුවුණා. ඒ ගඳ මැකිලා යයි කියලා හිතෙන කල් අත් ගෙවෙන තුරු ඇය බිම මැද්දා. රෙදි හේදුවා, අව්වේ වැනුවා. අවසානයේ දි එක් රාත‍්‍රියක ඔහු මිය ගියා.

එදා මරණයේ අවසාන දවස. බිරිඳ සිය සැමියා වෙනුවෙන් මරණයට ආ අයට ස්තුති කථාව කරන්න සුදානම් වුණා. ඇය බොහොම ගෞරවයෙන් සියලූ දෙනාටම ස්තුතිවන්ත වුණා. අවසානයේදී ඇය සැමියා වෙනුවෙන් කථා කරන්න පටන්ගත්තා.

‘ "‘මට මුණගැසෙනකොට ඔහු බොහොම කඩවසම් තරුණයෙක්. ඉතින් මම ඔහුට එක පයින් කැමති වුණා. දෙවරක් හිතන්නේ නැතුවම. අපි විවාහ වුණා. ආලිංගනයේ යෙදුනා. දරුවන් හැදුවා. නමුත් ඔහු එක්ක විවාහ වුණු දා ඉදලා කවදාවත් මම හොඳින් නිදාගත්තේ නැහැ. මොකද ඔහු මහා හයියෙන් ගොරවනවා. ඒක මහ පුදුම ගෙරවීමක්. ඒ හැම ගෙරවීමකදිම මම කේන්තියෙන් ඔහුව අවදි කරනවා. ඔහු ආයෙම නින්දට වැටෙනවා. ආයෙත් ගොරවනවා. මේ වදය මම අවුරුදු 35 ක්ම වින්දා. දැන් මට අවුරුදු 55 ක්. අවුරුදු 20 ඉදලා අවුරුදු 55 ක්ම හරියටම නින්දක් නැතිව මම දුක් වින්දා. ඒක මහ පුදුම වදයක්. කිසිම ගැහැණියෙක් ඒ වදය ඉවසන්නේ නැහැ.

අවසානෙදි ඔහු රෝගි වුණා. පුරුදු විදියට හැම රෑකම ඔහු ගෙරෙව්වා. ඒ ගෙරවීම මට අරගෙන ආවේ පුදුම සැනසීමක්. ‘‘ඔහු තාමත් ජීවත් වෙනවා’’ කියලා මම දැනගත්තේ ගෙරවීමෙන්. ගෙරවීම පොඩ්ඩක් හරි නැවතුනා නම් මම ගැස්සිලා නින්දෙන් ඇහැරුනා. ඔහුගේ ගෙරවීම ඇහෙන මානෙක මිස වෙන තැනක මට නින්ද ගියේ නැහැ. ගෙරවීම නැවතුන ගමන් මම ඇහැරලා ඔහුව හොලවලා අවදි කලා. නහයට අත තියලා හුස්ම ගන්නවද කියලා බැලූවා.
දැන් ඔහු මිය ගිහිල්ලා. අදින් පස්සේ ඔහු කවදාවත් ගොරවන්නේ නැහැ කියලා දැනෙනකොට ඇතිවෙන වේදනාව මට දරාගන්න බැහැ. ආයේ කවද්ද මම ඒ සද්දේ අහන්නේ කියලා හිතෙනකොට මට මහ වේදනාවක් දැනෙනවා. හරියට හැමදේම හොරු අරගෙන ගිහිල්ලා වගේ......

ඉතින් මම ඔබට කියනවා අපි ආදරය කරන මිනිස්සුන්ගේ සමහර පුංචි පුංචි දුර්වලකම් එක කාලෙක දී අපිට මහ කරදරයක් වුණත් ඒ දුර්වලකම් මොන තරම් සුන්දර ද කියලා හිතෙන්නේ ඒ මිනිස්සු අපිට අහිමි වුණාමයි. සමහර විට අපිට තරහා යන ඒ සුන්දර දුර්වලකම් දවසක අපිට අපූරු මතකයක් වේවි. ඒ නිසා මම ඔබෙන් ඉල්ලනවා ඔවුන්ගේ පුංචි දුර්වලකම් වලට සමාව දෙන්න. ඒවාට ඉඩ දෙන්න. ඒ දුර්වලකම් සුන්දරව විදින්න. ඔබට මහ පුදුම සැහැල්ලූවක් අවසානෙදි දැනේවී..." කියා ඇය ඇගේ කතාව අවසාන කළා.

ඔබේ සැමියා පිඟාන සෝදන්නේ නැති වෙද්දි, තේ බිව්ව කෝප්පේ තිබ්බ තැනම තියලා යද්දි ඔබට එන කේන්තිය සාධාරණයි. ඒත් කවදාහරි දවසක ඒ කරදරකාරයා ඔබව දාලා යන්නම යන දවසට, හරියට මුලින් මම කිව්ව කතාවේ වගේ ඔබට ඒ දුර්වලකම් හරිම සුන්දර මතකයක් වේවි. හදිසියට කතා කළාට කවදාවත් හෙලෝ කියන්නේ නැති ඔබේ පෙම්වතාගේ අපූරු දුරකථනයට ‘‘කෝල් කළාම කතා කරන්න බැරිද’’ කියලා කේන්තියෙන් අහනවා වෙනුවට ‘‘ෆ්‍රී වුණාම ගන්නවද’’ කියලා අහන්න තරම් ඔබේ මනස දියුණු වුණොත් ඒ බැඳීම් මඟහැරුනත් ඔබට අපුරු මතකයන් ඉතිරි වේවි. ඔහුටත් ඔබ වැනි ඉවසිලිමත් කාන්තාවක් මඟහැරුනු එක ගැන යම් වේදනාවක් දවසක දැනේවි.

ඒවා දුර්වලකම් නෙවෙයි. අවස්ථාවන් පමණයි. අපි ප‍්‍රාර්ථනා කරන සර්ව සාධාරණ ලෝකය අපිට නොලැබුණත් ලැබෙන ලෝකය ඇතුලේ අපිට සතුට හොයාගන්න පුළුවන් නම් සාර්ථක වෙන එක මහ ලොකු රාජකාරියක් නෙවෙයි. හැමදාම කෑ ගහලා රණ්ඩු වෙලා ඔබේ සතුටත් පවුලේ සතුටත් නැති කරගෙන ජීවිතය නීරස කරගන්නවාට වඩා ඒ පුංචි දුර්වලකම් සතුටින් විදීම ඔබේ ජීවිතය සුන්දර කරාවි. හැමදාම කුස්සියට වෙලා තරහට වගේ එකම දේවල් උයනවාට වඩා විවිධ විවිධ කෑම හදමින් සැමියා සතුටින් තියමින් හොඳ බිරිඳක් වෙන්න ඔබට පුළුවන් වෙන්නේ අන්න එතකොටයි.

ගැහැණුකමත් එක්ක උරුම වෙන සමහර දේවල් දුර්වලකම් නෙවෙයි. ඒ දේවල් හරිම සුන්දරයි.... මොකද හැම ගැහැණියක්ම වොන්ඩර් වුමන් කෙනෙක්.. අපි අලුතෙන් හිතමු....

(Wonder Women සගරාවෙන් උපුටා ගැනීමක්)
____________________________________________

Address

Sri Sewana, Digannala Road, Elabadagame
Pannala
60160

Website

Alerts

Be the first to know and let us send you an email when Viral Fanout posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Viral Fanout:

Videos

Share


Other Pannala media companies

Show All