21/11/2024
(1009) වවුල්පනේ හිරිගල් ගුහාව
(රත්නපුර දිස්ත්‍රික්කය ) ***
වවුල්පනේ හුණුගල් ගුහාව
සොබා දහම මැවු සොඳුරු ස්ථානයන්ට සිරිලක බෙහෙවින්ම ප‍්‍රසිද්ධ වී තිබේ. වරෙක අප මවිතයට පත් කරන්නට ද එම ස්ථාන සමත් වෙයි. එසේම තවත් විටක එම ස්ථානයන් මනසට තෘප්තියක් ගෙන දෙයි. සොබා දහම සමඟ ජීවත් වීම සිතට මෙන්ම ගතටද ආශ්වාදජනක තත්ත්වයකි. තුරු ගොමු දියවැල් මෙන්ම වන සතුන්, විහඟුන් ගෙන් සැඳුම්ලත් අසිරිමත් සොබාදහම විසින්් සිරිලක බොහෝ සොඳුරු ස්ථාන නිමවා තිබේ. සොබා සිරිය නරඹන්නට චාරිකාවක යෙදීම නිරතුරුවම අපව නැවුම්ව තබන බව කිව හැකියි.ශ‍්‍රී ලංකාව් පැරණි සහ විශාලම හුණුගල් ගුහාව මෙන්ම අභ්‍යන්තර දිය ඇල්ලක් පිහිටා තිබෙන අපූරු නිමැවුමක් ලෙසින් වවුල්පනේ හුණුගල් ගුහාව හැදින්විය හැකියි. මෙම හුණුගල් ගුහාව අවුරුදු බිලියන 500 ක් පමණ පැරණි බවට පිළිගැනේ. කොළඹ සිට රත්නපුරයට පැමිණ එතැනින් ඇඹිලිපිටිය මාර්ගයේ පල්ලෙබැද්ද කුංතොට හන්දියෙන් හැරී බුළුතොට මාර්ගයේ කි. මී. 10 ක් පමණ ගිය විට හමුවන වවුල්පනේ සංවර්ධන මාවත දිගේ කි. මී. 2 ක් පමණ ගමන්් කළ විට වවුල්පනේ හුණුගල් ගුහාව හමුවේ. මෙයට ළ¼ගා විය හැකි තවත් මාර්ගද තිබේ.
මඩුහේන්යායරජයේ වන රක්‍ෂිතයකට අයත් මෙම පරිසරය තුළ වර්ග සැතපුම් 20 ක පමණ ප‍්‍රදේශයක හුණුගල පැතිර පවතී. මෙම වන රක්‍ෂිතය තුළ විවිධ වෘක්‍ෂලතාවන් මෙන්ම ආවේණික සත්ව විශේෂ ද හඳුනා ගත හැකියි. ඒ අතර වටිනා ඖෂධ පැලෑටි ද වෙයි. ජෛව විවිධත්වයෙන් අනූන වවුල්පනේ හුණුගල් ගුහාවට නුදුරින් මඩුගස් ගණනාවකින් සුසැදි මඩුහේන් යාය නැමති සුවිශේෂී ස්ථානයක් ද වෙයි.හුණුගල් ගුහාව පර්වතය මතු පිට පිහිටි කහ පැහැති කිවුල් දිය උල්පතකි. මෙම උල්පත කුඩා වුවත් ජලය අමුතු කහ පැහැයක් ගනිමින් හුණුගල් ගුහාවට ඇතුළු වේ. මේ ජලය මේ අන්දමින්් කහ පැහැ ගැන්වී ඇත්තේ කැල්සියම් කාබනේට්, අයන් හයිඩ්‍රොක්සයිඩ්, මැග්නීසියම් වැනි ඛනිජ වර්ග මෙම ජලයෙහි අන්තර්ගත වන බැවිනි. මෙහි දිය නෑමෙන් චර්ම රෝග සුවපත් වන බවද කියවේ. මෙම ජල දහර අඩාරය නම් වු ස්ථානයේදී හුණුගල් ගුහාව තුළට වැටෙන්නේ හුණුගල් ගුහාව තුළ දිය ඇල්ලක් නිර්මාණය කරමිනි.ප‍්‍රධාන හුණුගල් ගුහාව සහ තවත් හුණුගල් ගුහා 12 කින් සමන්විත වන ගුහා අභ්‍යන්තරය ඝන අන්ධකාරය පැතිරී තිබේ. හුණුගල් ගුහාව තුළ තැනින් තැන දිය පාරවල් ද දැකිය හැකියි. මෙහි දශ ලක්‍ෂයකට ආසන්න ප‍්‍රමාණයක වවුලන් සංඛ්‍යාවක් ඇතැයි විශ්වාස කළ හැකියි. වවුල් සුතිකාගාරයක් ලෙසින් සැලකිය හැකි වවුල් පැටවුන්ගෙන් සමන්විත ස්ථානයක්ද මෙහි වෙයි. මෙම ස්ථානයෙහි වවුල් විශේෂ 7 ක් පමණ ඇති බවට පිළිගැනේ.හුණුගල් ගුහාව තුළට කාන්දු වන කැල්සියම් කාබනේට් මිශ‍්‍ර ජලය නිසා හිරිලඹ හා හිරිටැඹ නිර්මාණය වී තිබේ. ස්වභාවිකව සිදුවන කි‍්‍රයාවලි නිසා මැවුණු සුන්දර දර්ශනයක් ලෙසින් මෙය දැක ගත හැකියි.
මල්වතු ගුහාවකිරිගරුඩ නිධියක් ද මෙහි වෙයි. එසේම ඩයිනෝසරයෙකුගේ්යයි සැලකෙන සත්ව පොසිලයක්ද මුහුදු කොරල් බෙලිකටු හා මුහුදු සත්ව විශේෂයන්ගෙන් සැකසුණු මුහුදු කොරල් තට්ටුවක්ද මෙහි තිබේ.මේ ආකාරයේ වූ සුවිශේෂ ලක්‍ෂණ ගණනාවකින්් සුසැදුණු වවුල්පනේ හුණුගල් ගුහාව සිරිලක අපූරු දායාදයකි. නිරතුරුවම වවුලන්ගේ රජදහනක් බදු නිසා වවුල්පනේ ලෙස මෙයට නම් ලැබී තිබේ. මෙම ගුහාව මැදින් හල්විනි ඔය ගලා යයි. මේ ගුහා අභ්‍යන්තරයේ චමත්කාර ජනක පරිසරයක් නිර්මාණය කරන්නට මේ දිය දහර හේතු වෙයි.මෙහි ප‍්‍රධාන හුණුගල් ගුහාවට දොරටු දෙකකින් ඇතුළු වීමට තිබේ. මෙහි මල්වතු ගුහාව නම් ස්ථානය වවුල් පැටවුන් විශාල වශයෙන් දැකිය හැකියි. හුණුගල් ගුහාවේ තිබෙන අභ්‍යන්තර දිය ඇල්ල හල්විනි ඔයට වැටේ. මුහුදු මට්ටමෙන් අඩි 912 ක් පමණ උසින් බුළුතොට හෙල්වල ශේෂ කඳු වැටි පාමුල හුණුගල් ගුහාවක් පිහිටයි.සිරිලකට ආවේණික මොණරා, වලිකුකුලා, ගිරා මලිත්තා, කොබෙයියා ආදි වූ කුරුළු විශේෂයන්ට මෙය නිජබිමකි. එසේම ආවේණික කටුසු වර්ග, සමනළ වර්ග මෙහිදී සියුම්ව පරිසර නිරීක්‍ෂණයේ යෙදෙන්නෙකුට හඳුනා ගැනීම අපහසු නොවේ.