Asanka Gurusinghe

Asanka Gurusinghe The ultimate tragedy is not the oppression and cruelty by the bad people but the silence over that by the good people. Martin Luther King, Jr.

28/01/2025

මීළඟ ගුවන් හමුදාපති ධුරය මාණ්ඩලික ප්‍රධානී සම්පත් වික්‍රමරත්නට නොදී හිතවතෙකුට දීමට යයි?
__

මීළඟ ගුවන් හමුදාපති ධුරය සඳහා ගුවන් හමුදාවේ මීළඟ උසස් නිලයේ කටයුතු කරන එයාර් වයිස් මාර්ෂල් සම්පත් වික්‍රමරත්නට ලබා නොදී, ඔහු මග හරිමින් ජාතික ජන බලවේගයේ හිතවත් ගුවන් හමුදා නිලධාරියෙකුට ලබා දීමට යන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. ගුවන් හමුදාපති තනතුර සඳහා සියළු සුදුසුකම් සපුරා ඇති වික්‍රමරත්න, විශේෂයෙන්ම යුද සමයේ ගුවන් ප්‍රහාර මෙහෙයවමින් කොටි නායකයෙකු වූ තමිල් චෙල්වන් ඇතුළු බලමුළු විනාශ කිරීමට දායක වෙමින් යුද්ධය නිමා කර සාමය උදා කිරීම සඳහා අපමණ මෙහෙයක් කළ පුද්ගලයෙකි.

එයාර් වයිස් මාර්ෂල් සම්පත් වික්‍රමරත්න 1989 වසරේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සාමාන්‍ය රාජකාරි කැඩෙට් නිළධාරීයකු ලෙස නියමු ශාඛාවට එක් විය. ඔහු සුදුසුකම් ලත් පියාසර උපදේශකයෙකු, සුදුසුකම් ලත් පියාසර ආරක්ෂක නිලධාරියෙකු වන අතර පකිස්ථානය, ඊශ්‍රායලය, චීනය, ඉන්දියාව සහ ඉක්වදෝරය යන රටවල පුළුල් පුහුණුවක් ලබා දී ඇත. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා ලෙස වැඩ භාර ගැනීමට පෙර, ඔහු වොෂින්ටන් ඩීසී හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ගුවන් මෙහෙයුම්, රාජ්‍ය තාන්ත්‍රික අමාත්‍ය (ආරක්ෂක) තනතුරේ සේවය කරමින් ශ්‍රී ලංකාවේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ හමුදාවල ද්පාවිර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට බෙහෙවින් දායක විය.

2007 වර්ෂයේදී ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ අංක 05 ප්‍රහාරක බලඝණයේ අණදෙන නිලධාරියා ලෙස පත් කරන ලදී. අවස්ථා 6කදී ශූර පදක්කම් ප්‍රදානය කිරීමෙන් රට වෙනුවෙන් ඔහු කළ මෙහෙවර ප්‍රමාණවත් ලෙස ඇගයීමට ලක් වූ අතර, මේ දක්වා ඔහු කළ නොකැළැල් සේවය වෙනුවෙන් ඔහු උත්තම සේවා පදක්කමෙන්ද පිදුම් ලැබීය.

2012 අගෝස්තු සිට 2014 ජුනි දක්වා ඔහු බහුකාර්ය ප්‍රහාරක ජෙට් යානා සන්තකයේ ඇති අංක 05 සහ අංක 10 ප්‍රහාරක බලඝණ දෙකටම අණ දුන්නේය.

27/01/2025

[UPDATE] යෝෂිත රාජපක්ෂට එරෙහි නඩුවේදී අධිකරණයේදී දිගහැරුණු චෝදනා, විත්තියේ තර්ක සහ මහේස්ත්‍රාත්ගේ තීන්දුව

වැඩිදුර කියවන්න: 👇
https://bbc.in/3WyZrAm

25/01/2025
22/01/2025
15/01/2025

*දෙනව කිව්ව පොහොර සහනාධාරය හරියට දෙන්නේ නැත්තේ ඇයි ? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි*පසුගිය දිනක අගමැතිවරි...
11/01/2025

*දෙනව කිව්ව පොහොර සහනාධාරය හරියට දෙන්නේ නැත්තේ ඇයි ? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි*

පසුගිය දිනක අගමැතිවරිය විසින් හැන්සාට් ගත කළ ලේඛනයක් හරහා ගොවියන් මුහුණ දෙන බරපතල ගැටලුවක් මතුව තිබෙන බවත් රජය ප්‍රකාශ කරන ආකාරයට පොහොර සහනාධාරය හිමි ගොවීන් 996,992ක් සිටින බවත් පොහොර සහනාධාරය ලෙස ඔවුන්ට රු.25000ක් මුදල රු.15000ක් සහ රු.10000ක් ලෙස අදියර 2ක් යටතේ දෙන බවත් මේ වන විට මෙම ගොවීන් අතරින් රු.15000 සහනාධාරය 684,194කට ලැබී ඇති බවත් එනම් 69%ක් බවත් 31%කට එනම් 312,798කට එය අහිමි වී ඇති බවත් මේ රු.15000 සහනාධාරය හිමි සෙසු ගොවීන් 312,798ට එම සහනාධාරය ලබා දෙන දිනය දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

*ජනතාවගේ පත් වූ මහජන නියෝජිතයකු සහ විපක්ෂ නායකවරයා ලෙස රටේ ජනතාව මුහුණ දෙන කාලීන ගැටලු ගැන විසදුම් ලබා ගැනීම උදෙසා රජයට ඉදිරිපත් කිරීම වගකීමක් වුවත් පාර්ලිමේන්තු සභා ගර්භයේ දී කාලීන ගැටලු ඉදිරිපත් කිරීමේ අවස්ථාවන් අහිමි වීම නිසා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ සිට එම ගැටලු රජයට ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.*

එසේම රු.10000 සහනාධාරය ලැබී ඇත්තේ 314,956කට එනම් 32%කට පමණක් බවත් එය ගොවීන් 682,041කට එනම් 68%කට අහිමි වී ඇති බවත් මෙම ඉතිරි රු.10000 සහනාධාරය අහිමි වූ 682,041කට එය ලබා දෙන දිනය දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙම රු.25000 සහනාධාරය ක්‍රියාත්මක වීමට රු.බිලියන 24.9ක් වැයකර ඇති නමුත් රු.බිලියන 9.9ක් පමණක් එනම් 40%ක් පමණක් කැපකර ඇති බවත් එම නිසා සම්පූර්ණ මුදල වහාම ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

*දෙනව කිව්ව පොහොර සහනාධාරය හරියට දෙන්නේ නැත්තේ ඇයි ? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි*පසුගිය දිනක අග....

11/01/2025

රජය සතු සහල් එකාධිකාරිය පුද්ගලික අංශයට ගියේ ජෙප්පෝ ලංකාවෙි තිබුණු සියළුම සහල් මෝල් ගිනි තියපු නිසා.

මෙන්න JVP අ..ගේ සහ ජවිපේ 88/89 ක්‍රියාකාරී සාමාජිකයන් ගේ කැරට්ටුව...!!!

රටේ ගමන් මඟ වෙනස් කළ JVP එක ගැන කෙටියෙන් කියවමු.

ගිනිතැබීම් සහ විනාශ කිරීම් -
වී මෝල් - 18ක්.
01.යටියන වී මෝල.- වී මෙටිට්‍රික් ටෝන් මිලියන 800ක පහසුකම් සහිත අංග සමිපුර්ණ වී කොටන මැෂින් තුනක්

02. තෙඹුවන වී මෝල - වී මෙටිට්‍රික් ටෝන් මිලියන 300ක් ගබඩා පහසුකම් සහිත අංග සමිපුර්ණ යන්මාර් මැෂින් 02ක්

03.හසලක වී මෝළ - වී මෙටිට්‍රික් ටෝන් මිලියන 500ක් ගබඩා පහසුකම් ඇති අංග සමිපුර්ණ වී කොටන මැෂින් 6ක්.( කුබෝටා)

04.මිද්දෙණිය වී මෝළ - වී මෙටිට්‍රික් ටෝන් මිලියන 900ක් ගබඩා පහසුකම් සහිත අංග සමිපුර්ණ කමීන්ස් මැෂින් 02ක්.

05. රණ හංස වී මෝළ - මොණරාගල .
වී මෙටිට්‍රික් ටෝන් මිලියන 830ක් ගබඩා පහසුකම් සහිත අංග සමිපුර්ණ මැෂින් 02ක් .

06.රන්න උණාකුරුව වී මෝළ - වී මෙටිට්‍රික් ටෝන් මිලියන 700ක් සහිත අංග සමිපුර්ණ ලැන්මාර් මැෂින් 02ක්.

07.අගුළුකොළපැලැස්ස වී මෝල - වී මෙටිට්‍රික් ටෝන් මිලියන 900ක් ගබඩ පහසුකම් සහිත අංග සමිපුර්ණ කුබෝටා මැෂින් දෙකක්. ආදී වශයෙන්..

08.උරගහ වී මෝල - ගාල්ල.

09.බද්දේගම මෝල - ගාල්ල

10.කිරිමැටිමුල්ල වී මෝල -මාතර

11.කඩ පනහ වී මෝල නොචිචියාගම - අනුරාධපුරය .

12.යාය 14 /13/12/11 වී මෝළ කාශ්‍යප පුර - පොළොන්නරුව .

13.යාය 01 ඇලහැර මෝල - පොළොන්නරුව .

14. යයා ලිර වී මෝළ - යාපහුව .

15.සකුනි වී මෝළ - ආන්දමිකුලමි - කන්තලේ

16.රතන වී මෝළ - වී මෝළ - ත්‍රිකුණාමලය

17.පල්ලත්තර වී මෝළ - මොදරවාන බෙලිඅත්ත .

18.සහන වී මෝළ දමිමුල්ල බෙලිඅත්ත .

♻️ දැනට ලංකාවෙ සහල් අවශ්‍යතාවයෙන් 60%ක් සැපයීම අඩාල වීම.

1987 ලංකාවෙ සහල් අවශ්‍ය තාව මෙට්‍රික් ටොන් මිලියන 1700 උන අතර රජයේ සතු සහල් මොල් වලින් ඉන් මෙට්‍රික් ටොන් මිලියන 1450 පමණ නිශ්පාදනය කරන ලදී

1992 වසරේ රජයෙ 1992 වසරේ ලංකාවෙ සමස්ථ සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් මිලියන 1900 වන අතර රාජ්‍ය අංශයෙ නිශ්පාදණය මෙට්‍රික් ටොන් මිලියන 800 දක්වා එනම් මෙට්‍රික් ටොන් මිලියන 450 පහත වැටී ඇත

සහල් මෝල් ගිණි තැබිම නිසා අස්වැන්න අලවිකල නොහැකි විය සහ එම වකවානුවෙ පෞද්ගලික මහා පරිමාණ මොල් හිමියන් නිසිටී නිසා වී ගොවියන් විකල්ප බොගවලට යොමු ඌ අතර අක්කර දස දහස් ගනන් වගාකිරීම අත් හැර දමන ලදී.

♻️ ලොරි සහ ට්‍රැක්ටර් 52 ගිණි තැබීම.

♻️ මැනෙජර් ලා 3 ක් පුළුස්සා ඝාතනය කීරිම.

♻️ එවට අයිති වාහණ 19ක් පුළුස්සා විනාශ කිරිම.

♻️ සේවකයන් 1543 දනෙකට රැකියා අහිමි කිරිම.

88/89 ජවිපේ විනාශ කාරි කැරුල්ල නිසා සමස්ත රජය සතු පාඩුව - රුපියල් ට්‍රිලියන 545ක්.

ඔයා ඔය සෝදන වලකක්කුස්සියේ අයිතිකාරය කෘෂිකාර්මික ඇමති කම කරපු චන්ද්‍රිකා ගෙ ආන්ඩුව කාලෙ එයා වහපු රජයේ මහාපරිමාණ හාල් මෝල් ගැන හොයල බලපංකො. ආස හිතෙයි.

10/01/2025

ලංකාවේ මුළු බලාගාර වලින් 27.4%ක් ම සූර්ය බලාගාර!

2024 නොවැම්බර් අවසාන වන විට ලංකාවේ විදුලිබල පද්ධතියේ මුළු ස්ථාපිත ධාරිතාවෙන් (installed capacity) 27.4% ක් ම සූර්ය බලාගාර වලින් සමන්විතයි. මෙය 2023 වසරට වඩා 44%ක වැඩි වීමකි.

ලංවිම ජලවිදුලි බලාගාර - 1,531 MW (27%)
ලංවිම ගල්අඟුරු බලාගාර - 810 MW (14.3%)
ලංවිම තෙල් බලාගාර - 771 MW (13.6%)
පුද්ගලික තෙල් බලාගාර - 270 MW (5.1%)
පුද්ගලික සුළං බලාගාර - 163 MW (2.9%)
ලංවිම සුළං බලාගාර - 100 MW (1.9%)
කුඩා ජලවිදුලි බලාගාර - 422 MW (7.4%)
පුද්ගලික - අපද්‍රව්‍ය දහනය + ජීවස්කන්ධ - 54 MW (1%)
පොළොව මත සූර්ය බලාගාර - 187 MW (3.3%)
වහලය මත සූර්ය බලාගාර - CEB - 1115 MW (19.6%)
වහලය මත සූර්ය බලාගාර - LECO - 253 MW (4.5%)

මුළු ස්ථාපිත බලාගාර ධාරිතාව - 5,676 MW

_ බුද්ධික විජයවර්ධන _

06/01/2025

ලංකා ගමනාගමන මන්ඩලයේ නිල වෙබ් අඩවියේ තියෙනවා මගියෙකුගේ තියෙන අයිතිවාසිකම්...
දැන්වත් හැම පුරවැසියෙක්ම පොදු ප්‍රවාහනයේදී තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතාකරනවනම් අපිට අඩුමගානේ මේ බස් වල කනක් ඇහිලා, අපේ ආත්ම ගෞරවය තියාගෙන යන්න පුළුවන්. මේ අයිතීන් වෙනුවෙන් මගීන් එකා මෙන් සිටියොත් "බස් කාරයන්" (සුලුතරයක්) පොඩ්ඩක් හරි සීලාචාරකරගන්න පුළුවන් වෙයි.

මගී අයිතිවාසිකම්
~~~~~~~~~~~~~

ගමන ආරම්භයේදී බස් රථය බස් නැවතුම්පොළින් පිටත්වීමට පෙර ප්‍රවේශ පත්‍රයක් මිල දී ගැනී​මේ අයිතිවාසිකම ඔබ සතු​වේ.

බස් රථයට නැගි ස්ථානය හා බැස යන ස්ථානය, නියමිත බස් ගාස්තුව, දිනය, බස් රථ අංකය පැහැදිලිව සඳහන් විධිමත් ප්‍රවේශ පත්‍රයක් ලබා ගැනීමේ අයිතිය ඔබ සතු ​වේ.

ඔබ විසින් ගෙවනු ලැබූ ගාස්තුවට අදාළ ගමනාන්තය දක්වා ආරක්ෂාකාරීව බස් රථයේ ගමන් ගැනීමේ අයිතිය ඔබ සතු ​වේ.

විධිමත් ඇඳුමකින් සැරසුණු විනීත රියදුරුවරයෙකු​ගේ හා කොන්දොස්තරවරයෙකුගේ ආචාරශීලී, ප්‍රියමනාප සේවය ඔබ වෙත ලැබිය යුතුය.

සාමාන්‍ය සේවා බස් රථයක නම් වයස අවුරුදු 3 ට වැඩි 12 ට අඩු දරුවන් සඳහා නියමිත ගාස්තුවෙන් අඩක් (භාග ටිකට්පතක්) ගෙවා බස් රථයේ ගමන් ගැනීමට හැකි විය යුතු ය.

සුඛෝපභෝගී බස් රථයක් නම්, ප්‍රමාණවත් වායු සමීකරණ පහසුකම් පවතින, අනුමත ආසන ගණන නො ඉක්ම​වන මගීන් සංඛ්‍යාවක් ප්‍රවාහනය කරනු ලබන සේවාවක් අත්විඳීම​ට ඔබට හැකි විය යුතු ​ය.

පොදු ප්‍රවාහන සේවා තුළ දුම්බීම තහනම් බැවින්, දුම්වැටි දුමෙන් තොර පරිසරයක ගමන් කිරීමට ඔබ​ට අයිතියක් ඇත.

බස් රථය අධික වේගයෙන්, නොසැලකිලිමත් ලෙස හා අනතුරුදායක ලෙස හෝ මාර්ග නීති උල්ලංඝනය කරමින් පදවන්නේ නම් එයට විරුද්ධ වීමේ අයිති​ය ඔබ සතු වේ.

බස් රථය ධාවනය කරන අතරතුර දී රියදුරුවරයා ජංගම දුරකථනය භාවිත කරන්නේ නම් එයට විරුද්ධ වීමටද ඔබට අයිතියක් ඇත.

ගුවන් විදුලි යන්ත්‍රය හැර වෙනත් ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ භාවිත නොකරන බස් රථයක ගමන් කිරීමේ අයිතිය ඔබ සතු ය.

බස් රථය තුළ ගුවන් විදුලි යන්ත්‍රයක් ක්‍රියාත්මක කරන්නේ නම් එකී ගුවන් විදුලි යන්ත්‍රයේ ශබ්දය ඩෙසිබල් 80ක් නො ඉක්මවන ලෙස භාවිත කරනු ලබන බස් රථයක ගමන් ගැනීමට ඔබ​ට අයිතියක් ඇත.

බස් රථය ධාවනය කරනු ලබන්​නේ බලපත්‍ර දෙපාර්තමේන්තුවේ අධිකාරිය යටතේ බැවින්, බස් රථය ධාවනය කෙරෙන අතරතුර එහි දොරවල් වසා තිබෙන බවට තහවුරු කරගැනීමට ඔබට හැකි විය යුතුය.

මගියා බස් රථයේ වැදගත්ම පුද්ගලයා වන බැවින් ආචාරශීලී, සුහද සේවයක් ඔහුට/ඇයට ලැබිය යුතු ය.

මතින් සේවයට වාර්තා නො කර​න්නා වූ බස් සේවක පිරිසක​ගේ සේවය ඔබට ලැබි​ය යුතුය.

අර්ධ සුඛෝපභෝගී බස් රථවල අනුමත ආසන ගණන නො ඉක්වමවන මගීන් සංඛ්‍යාවක් ප්‍රවාහනය කළ යුතු ය.

කාල සටහනට අනුව නියමිත වේලාවට බස් රථය ගමන් ඇරඹීම හා ගමන් අවසා​න කිරීම සිදු කළ යුතු ​ය.

ගමන් ඇරඹීමට නියමිත වේලාව හා ගමන අවසන් කිරීමට නියමිත වේලාව බස් රථයේ ප්‍රදර්ශනය කළ යුතු ​ය.

03/01/2025

සෞඛ්‍ය සේවය පවත්වාගෙන යාම සඳහා පලාත් සභා රෝහල් වැය කරන මුළු මුදල් ප්‍රමාණයෙන් 12% ක් ලැබෙන්නේ විවිධ සමිති සමාගම්, ව්‍යාපාරිකයින්, පුද්ගලයින්, විදේශගත සංවිධාන හා ආයතන මගිනි.

අරමුදල් නොමැතිකම, නිලධාරිවාදය, ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ඇති ගැටළු හේතුවෙන් මතුව ගැටළු සඳහා විසදුම් සොයා දෙන්නේ මේ දානපතියන්ය. ඔවුහු තිස් තුන් කෝටියක් දෙවිවරුන්ටත් වඩා උතුම් ඇසට පෙනෙන දෙවිවරුන් ය.

2019 මෙවන් රෝහලකට මුල්ගල් තබන්නට මම ගියෙමි. පුද්ගලික පරිත්‍යාග ලෙස සෞඛ්‍ය සේවයට ලැබෙන අරමුදල් ප්‍රමාණය ගැන මට අවබෝධ වූවේ එදාය. පසුදින දකුණු පළාතේ සෞඛ්‍ය බලධාරීන්ගෙන් මම මෙලෙස පරිත්‍යාග ලබාදෙන පුද්ගලයින්, ආයතන ලැයිස්තුව ලබාගෙන ආණ්ඩුකාරවරයා ලෙස ඔවුන්ගේ සේවය අගයමින් ඔවුන්ට ස්තුති කර ලිපි දෙදහසකට ආසන්න ප්‍රමාණයක් ඔවුන් වෙත යොමු කළෙමි. මම යන යන තැන දී මේ පිරිස් හමුවීමි. ඔවුහු වැඩි වැඩියෙන් පරිත්‍යාග කළහ. රෝගීන්ට අපමණ සෙත සැදුණි. රෝහල් සඳහා හදිසි අවශ්‍යතා ලැයිස්තු සකස් කර ඇති හැකි අයගෙන් උපකාර ලබාගන්නා සංස්කෘතියක් ඇති විය.

රෝගීන්ට ද. පරිත්‍යාගශීලීන්ට ද සංතෘෂ්ඨියේ පරම ධනය ලැබුණි.

පිළිකා රෝහළ, වකුගඩු, ළමා, කාන්තා රෝහල් පමණක් නොව සෑම තැනකට උපකාර, බෙහෙත්, මිනී පෙට්ටිපවා අවශ්‍ය මිනිසුන් සිටී. රාජ්‍යයට මොවුන්ගේ අවශ්‍යතා කිසිදා ඉටු කළ නොහැකිය.

පිළිකා රෝහලට යනවා නම් එතන පන්සලට යන්න. කෑම එකක් ගන්න බැරුව බඩගින්නේ ඉන්න මිනිස්සු එතන ඉන්නවා. ගෑණු ළමයින්ට පෑඩ්ස් පැකට් එකක් ගන්න බැරුව ඉන්න මිනිස්සු ඉන්නවා. ලෙඩා නිසා කුලී වැඩ නැතුව බඩගින්නේ ඉන්න අය ඉන්නවා. මීනී පෙට්ටියක් ගන්න බැරිව ඉන්න අය ඉන්නවා. බෙහෙත් ගන්න සල්ලි නැති මිනිස්සු හමුවෙනවා. බස් එකට ටිකට් එකක් ගන්න බැරි මිනිස්සු මට හමුවෙලා තියෙනවා.

සැත්කම්, පරික්ෂණ, අනම් මනන් ගැන කුමන කතා ද? ලංකාවේ අනෙකුත් සියළුම විදයම් නවත්වලා රෝගීන්ට පමණක් රටේම සල්ලි දැම්මත් මිනිස්සුන්ගේ දුක් ගින්දර නිවන්න බෑ. සෞඛ්‍ය ප්‍රශ්න විසදන්න සම්පත් මදි.

ටික දවසක් යනකල් මේවා තේරෙන එකක් නෑ. කතරගම දෙවියනේ නොදැන කතා කියන අයට උදහස් නොවේවා! අපි අ⁣පිට පුලුවන් දේ ලෙඩ්ඩුන්ට දෙමු.

රජිත් කීර්ති තෙන්නකෝන්ගේ ලිපියක් උපුටා ගත්තකි.

30/12/2024

කුණු බේරෙන සැමන් ගැසට් එක!

ආණ්ඩු ඇති තරම් ගැසට් ගසා ඇති නමුත්, සැමන් ගැසට් එක අමුතුම මාදිලියේ එකකි.

ලංකාවේ විශාල ආයෝජනයක් සහිත නිෂ්පාදන කර්මාන්තශාලා 16 ක, ලින්නා, සැමන්, කෙළවල්ලා, ටූනා, බෝල්ලූ වැනි මාළු වර්ග ටින් කෙරේ. මාළු නිෂ්පාදනය විකුණා ගත නොහැකි මට්ටමට ඉහළ යන වසරේ මාස 3 කට ධීවරයාට මිලක් ලැබෙන්නේ ද, රටට විදේශය විනිමය ඉතිරිවන්නේ ද, මිනිසුන්ට රැකියා ලැබෙන්නේ ද, මේ ටින් මාළු කර්මාන්තය නිසාය.

මුලික වශයෙන් චීන, චිලී, තායිලන්ත සහ තවත් රටවල් 9 කින් සැමන් (ටින් මාළු) ලංකාවට ආනයනය කරේ. මේ අතර තත්වයෙන් ඉතා උසස් වර්ග (ඉරාන) ද, කිසිදු ප්‍රමිතියක් නොමැති වර්ග (තායිලන්ත) ද වේ. ටින් මාළු බද්ද වසරේ කාර්තුවෙන් කාර්තුවට වෙනස් කර 1. උසස් තත්වයේ ටින් මාලු පමණක් ආනයන කිරීම 2. දේශීය කර්මාන්ත රැක ගැනීම 3. සැමන් බෝල්ලු/ලින්නා අස්වැන්න ටින් කර කල් තබා ගැනීම 4. රට මැදට සහ කල් තබා ගැනීමේ දුෂ්කරතා ඇති පුද්ගලයින්ට මාළු පෝෂණය සැපයේ.

ටින් මාළු මිල තීරණය කිරීමේ වෙළඳපොල සාධක 13 කි. ජාතික වශයෙන් ව්‍යාපාර ආරක්ෂා කිරීම, උපරිම මාළු අස්වැන්න නෙලා ගැනීම, තත්ව පාලනය, පාරිභෝගික අවශ්‍යතා සැපයීම යන වගකීම් ධීවර දෙපාර්තමේන්තුව, අමාත්‍යාංශය, ප්‍රමිති ආයතනය, වෙළඳ අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන 9 ක වගකීමකි.

2024 ඔක්තෝබර් වන විට මෙරට ටින් මාලු නිෂ්පාදනය ජාතික අවශ්‍යතාවයෙන් 95% කි. සංචාරක හෝටල්, විශේෂීත ආහාර සඳහා සුපිරි ටින් මාළු හැර ආනයනික අවශ්‍යතාව සොච්චමකි. ඉහළම සෙස් බද්දකට යටත් කර දේශීය අවශ්‍යතාව, දේශීයව සපයා ගැනීම පසුගිය වසර 8ක්ම මෙරට නොවෙනස් රාජ්‍ය ප්‍රතිපත්තියයි.

මම ප්‍රජා කටයුතු අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස කටයුතු කරන විට හාල්, මිරිස්, ලූණු, ටින් මාළු වැනි මේ පිළිබඳ අවසන් තාක්ෂණික තීරණය ගනු ලැබූවේ ‘ආහාර ප්‍රතිපත්ති කමිටු’ නිර්දේශය මත ‘කැබිනට් මණ්ඩලයයි. දැනට දැනගන්නට ඇති ආකරය සැමන් ගැසට් එක ධීවර හා වෙළඳ අමාත්‍යාංශ වැඩකි.

ආණ්ඩුවේ සැමන් ගැසට් එක
ආණ්ඩුවේ ටින් මාළු ගැසට් එක නිකුත් කරනවිට ටින් එකක් රු. 350 ක මිලකට අලෙවි වන වර්ග ද විය. ආනයනික තත්වයෙන් බාල (රේගුව හරහා හොරන් පන්නන ලද ප්‍රමිතියෙන් තොර ටින් ද) පවතින්නට ඇත. කිලෝවට රු. 200 ක සෙස් බද්දක් ගෙවා ගෙනෙන විදේශ සැමන් ටින් එකක් රු. 380 ට පාරිභෝගිකයාට යන්නට නම් තොග මිල රු. 330 ක් විය යුතුය. නිෂ්පාදනයේ තත්වය එයින් හිතාගත හැකිය.

ලංකාවේ සහ විදේශයන් හි නිෂ්පාදනය කරන මාළු ටින් වර්ග (ශුද්ධ බර සහ දියර රහිත බර අනුව) 30 කට වැඩි ය. මාළු වර්ග 16 ක් යැයි මම අසා ඇත. (වැරදි නම් නිවැරදි කරන්න). දැන් එයින් තෝරාගත් වර්ග 4 කට පාලන මිලක් නියම කර ඇත. වර්ග 30 කින් 4 කට පාලන මිලක් දමා පාරිභෝගික සෙත සලසන්නේ කෙසේ ද?

ටින් මාළු ගැසට් එකේ දූෂිත අරමුණක් නිශ්චිතවම ඇත.

ලින්නා ට වඩා ටූනා මිල වැඩි බව කඩේ ගිහින් සිහි බුද්ධියෙන් මාළු ගන්නා ඔ්නෑම අයෙකු දනී. ගැසට්ටුවේ ලින්නා ටින් එක රු. 560 වන විට ටූනා රු. 380 කි. ලංකාවේ නිෂ්පාදනය කරන්නේ ලින්නා සහ සැමන් බෝල්ලු ය. චීනය, තායිලන්තය ඇතුළු රටවලින් කුණු සැමන් එන්නේම ටූනා ලේබලය යටතේ ය. මේ ගැසට් එක ක්‍රියාත්මක වන්නේ නම්, පිටින් ගේන කුණු ටූනා ටින් (රු. 200 ක සෙස් බද්දක් ද ගෙවා) රු. 380 කට විකුණන විට, ලංකාවේ හදන ප්‍රමිතියක් සහිත ලින්නා/බෝල්ලු ටින් මාළු (18% ක වැට් බද්දකට ද යටත්ය) රු. 560 ට නිල වශයෙන් මිල වැඩි වන්නේය.

ලංකාවේ තත්වයෙන් ඉහළම ටින් කළ මාළු වර්ගය (අපනයනය කරන) කෙළවල්ලා විශේෂයක් වන (ටූනා) ය. එහි නිෂ්පාදන විදයම රු. 460 කි. එය දැන් රු. 380 ට සිල්ලර විකිණිය යුතුය. කර්මාන්ත ශාලාවෙන් රු. 300 ය (රු. 160 ක පාඩුවටක) දිය යුතුය.

චීන/තායිලන්න කුණු සැමන් මිලට වඩා, ගැසට් මගින් දේශීය සැමන් මිල වැඩි කළ විට දේශීය කර්මාන්තය වැනසී යන්නේය.

මේ ගැසට් එක ක්‍රීයාත්මක වන්නේ නම් ලංකාවේ ටින් මාළු කර්මාන්තය මාස තුනෙන් විනාශ වන්නේය. සති තුනක් තිබුණොත් පිටකොටුවේ ටින් මාළු ආනයනකරුවන් අවුරුද්දකට අවශ්‍ය ටින් මාළු රටට ගෙන්වන්නේය (ආනයන සෙස් බදු වැඩි නොකරන බවට වන උපකල්පනයට යටත්ය).

මේ ගැසට් එක ප්‍රායෝගික ද?
පිටත අසුරුමේ පමණක් බර සඳහන් වන ආකාරයට ටින් මාළු (ශුද්ධ බර හා දියර රහිත බර අනුව) වර්ග 30 ක් හෝ එයට වැඩිය. ගැසට් එක වලංගු වන්නේ ශුද්ධ බර ග්රූම් 425 සහ දියර රහිත බර ග්‍රෑම් 280 අදාල වර්ග 3 ගනිමු. දියර රහිත බර ග්‍රෑම් 275 හෝ 285 වන විට මේ මිල පාලන ගැසට් එක බලාත්මක නැත. සේම ග්‍රෑම් 155/105 ඛාණ්ඩයට ද, දියර රහිත බර 105 නොව ග්‍රෑම් 5 ක් අඩු හෝ වැඩි කළ විට මේ ගැසට් එක බලපාන්නේ නැත. මේ ගැසට් එකෙන් රිංගා ලංකාවේ ටින් මාළු සමාගම් සියල්ලටම ද, ආනයනික සැමන් අලෙවිකරුවන් සියල්ලටම ද සිය නිෂ්පාදන දැන් කැමති මිලකට අලෙවි කිරීමේ නිත්‍යානුකුල භාවය ලැබී ඇත.

දත්ත සහ ඇත්ත
ටින් මාළු ආනයනයට වසරකට යූරෝ මිලියන 80 ක් ලංකාව වැය කරයි. 2024 දී සෙස් බද්ද රු. 300 ට ද, 2025 දී බද්ද රු. 450 ට ද වැඩි කිරීමට සැලසුම් කර ඇත. එවිට රටට පැමිණෙන්නේ සංචාරක කර්මාන්තයට අත්‍යවශ්‍ය උසස්ම තත්වයේ ටින් මාළු පමණී. රටේ අවශ්‍යතාවය රට තුල දැනටමත් නිෂ්පාදනය වේ. මේ බව ධීවර අමාත්‍යාංශය මහා භාණ්ඩාගාරය වෙත ලිඛිතව මේ වන විටත් දැනුම් දී ඇත.

ආහාර සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ වසර දෙකකට ආසන්න කාලයේ අත්දැකීම හැර, ටින් මාළු කර්මාන්තය හා සැපයුම් ජාලය ගැන විශේෂඥ දැනුමක් නැත. නමුත්, මෙවැනි ගැසට්ටුවක සැඟවුණු න්‍යාය පත්‍රය අවබෝධ කර ගැනීමට පහත ප්‍රශ්න ඇසුරේ හැකියාව ඇත.

ටින් මාළු මිල කාටවත් හාල්, පොල්, පොත් ලැයිස්තුව, ඉන්ධන, වෑන් ගාස්තුව මෙන් දැවෙන හෝ දැනෙන ප්‍රශ්නයක් නොවේ. ටින් මාළු මිල වෙළඳපොල සාධකයන්නට පිටින් බලහත්කාරයෙන් වෙනස් කිරීමට අවශ්‍ය කාටද?

ගැසට් පත්‍රයේ නිර්ණායක (උදා ශුද්ධ ග්‍රෑම් බර, දියර රහිත බර) ම පවතින කුණු සැමන් තොගයක් විකුණාගත නොහැකිව පවත්න්නේ ද?

අමාරුවෙන් පවත්වාගෙන යන, ලංකාවේ ලින්නා/බෝල්ලු වාරයේ දී අතිරික්ත නිෂ්පාදනයට මිලක් ගෙවන, ධීවරයා රකින ටින් මාළු කර්මාන්ත ශාලා 16 විනාශ කිරීමට අවශ්‍ය ද?

ලංකා ටූනා ටින් මාළු නිෂ්පාදනය වියදමට වඩා අඩුවෙන්, ටින් මාළු විකුණන්නට අවශ්‍ය ඇයි? සමස්ත ලංකා ධීවර වෘත්තීය සමිතියේ නායක වත්මන් ධීවර නියෝජ්‍ය ඇමති රත්න ගමගේ මෙය නොදන්නේ නැත.

ටූනා ටින් මාලු නිෂ්පාදනය නැවැත්වීම (තායිලන්ත ආනයනකරු) කාගේ අවශ්‍යතාවයද?

ලේබල් මුද්‍රණ ශිල්පීන්, හිස් කෑන් නිෂ්පාදකයන්, ලුණු සැපයුම්කරුවන්, පෙට්ටි ඇසුරුම්කරුවන් අලෙවිකරුවන් ලෙස සැපයුම් ජාලයට විනාශවීමේ ඇස්තමේන්තු ගත විනාශය කොපමණද?

අස්වැන්න වැඩි කාලයේ අතිරික්තයට සිදුවන්නේ කුමක්ද? මිල පහත වැටුණු පසුව රැකියා අහිමි වන ධීවරයින්ට කන්න - අදින්නට දෙන්න භාණ්ඩාගාරයට කොපමණ වැය වන්නේ ද?
(කාංචන තෙල් තියරියට අනුව) ඇත්තටම කාගේ හෝ සාක්කුවකට කුට්ටියක් යනවාද?

ධීවර ප්‍රජාවේ සංකේතීය කුල නියෝජනය සහිත අග්‍රාමාත්‍යතුමිය, ධීවර ඇමති මෙයට පිළිතුරු දිය යුතුය.

2023 උත්සව සමය ඉලක්ක කර සාමාන්‍ය අවශ්‍යතාවයට වඩා දෙගුණයක් (ප්‍රමිතියෙන් අඩු) ටින් මාළු රටට ගෙන්වා අධික ලාභයක් ලැබීමට දැරූ උත්සාහය වැලැක්විණි. (2023 දී රු. බිලියන 6 ක ටින් මාළු රටට ආනයනය කර ඇත.) 2024 ජනවාරි සැමන් ආනයනය තහනම් කළේ ධීවරයා රැක ගැනීමටය. 2019 ටින් මාළු මෙට්‍රික් ටොන් 36,806 ක් ආනයනය කළ අතර 2023 එය ටොන් 8000 ට සීමා විය. 2024 ජන- අගෝස්තු එය මෙ.ටො. 6500 කි. වත්මන් තත්වය අනුව, 2025 එය මෙ.ටො. 5500 ට ද, රු. 450 ක සෙස් බද්ද පනවන්නේ නම් එය ටොන් 4000 කට ද සීමා කළ හැකිය.

බද්ද වැඩි කරනු මිස අඩු නොකළ යුතු යැයි යන මතය 2024 දී ජයගත්තේය. රු. 200 බද්ද අද එසේමය. ජනවාරි සිට සෙස් බද්ද රු. 450 කර ධීවරයා හා සැපයුම් ජාල රැකියා ලක්ෂ 6 ක් පමණ රැකගත යුතුය. නැතිනම්, 2024 ජනවාරි මෙන්, 2025 ජනවාරි ටින් මාළු ආනයනය (කෙටි කලකට හෝ) තහනම් කළ යුතුය.

දැන්, ගැසට් මගින් කුණු සැමන් මිල රු. 350 සිට 380 ට වැඩි කර ඇත. දේශීය ලින්නා රු. 560 ට උස්සා ඇත. මෙහි වාසිය මාළු අල්ලන දකුණේ කරාව ජනයාට නොවේ. උතුරේ කව්රවයින්ට ද නොවේ. නැගෙනහිර මුසල්මානුවන්ට ද නොවේ. පාරිභෝගිකයාට ද නොවේ. පිටකොටුවේ ආනයන බිස්නස් එක දුවන පිරිසටය.

මාළු මිල ගැසට් ගසා පාලනය කළ නොහැකිය. ධීවරයා, ධීවර ව්‍යාපාරිකයින් ප්‍රමුඛ සැපයුම් ජාලය රැකිය යුතුය. අල, ළුණු බදු ගසා ගොවියා රකිනා සේ ප්‍රායෝගික වැඩකින් ධීවරයා ද, ටින් මාළු කර්මාන්තය ද රැකිය යුතුය.

රජිත් කීර්ති තෙන්නකෝන්ගේ ලිපියක් උපුටා ගත්තකි.

Address

No 76, 5th Lane
Nawala
11222

Alerts

Be the first to know and let us send you an email when Asanka Gurusinghe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Asanka Gurusinghe:

Videos

Share