04/02/2022
ිදහස_ළඟ…❤️🔥
1948 වන තුරු සුවිශාල කැප කිරීම් කරමින්
පෘතුගීසි ලංදේසි ඉංග්‍රීසීන්ගෙන් මව් රට බේරා ගැනීමට දිවි දෙවනි කොට සටන් වැදුණු
සුමංගල හිමියන්
කැප්පෙටිපොළ
වීර පුරන් අප්පු
සරදියෙල්
ගොඩමුන්නේ රාළ
සේම එවක සිංහල ලේ කැකෑරෙමින් නිදහස් අරගලය වෙනුවෙන් පණ දුන් සැමත්
48 න් පසු උතුර දකුණ බෙදා වෙන් කළ 30 වසරක කුරිරු යුද්ධය මැඩ ලීමට දිවි හිමියෙන් කැපවුණු යුධ , ගුවන් , නාවික හමුදාව , පොලීසිය , සිවිල් ආරක්ෂක බලකාය ඇතුළු සියලුම ආරක්ෂක අංශ නිළධාරීන් සැමත්
74 වන නිදහස සමරන මේ මොහොතේ ගෞරවයෙන් සහ හෘදයාංගමව සිහිපත් කරන්නෙමු....❤️
නිදහස් අරගලය රටෙහි ස්වෛරීත්වය වෙනුවෙන් කැප වුණු සැමට ආචාරය...❤️
පසු සටහන.....🙏
රටක සැබෑ ස්වාධීනත්වය නිදහස යනු මානව සහ චින්තන නිදහසින් පිරිපුන් මිනිසුන් සිටීමයි...
වරදෙහි විවේචනය කොට හරි වැරදි දෙකටම එහෙයි නොකියන විරුද්ධ විය යුතු තැන එකාවන්ව නැගිටින නිවැරදි දේ අගයන රටක උන්නතිය වෙනුවෙන් විශාල වගකීමක් දරන ප්‍රධාන භූමිකාවක් මෙහෙයවන ජනතාවකගෙන් සමන්විත වීම රටක නිදහසකට තවත් හේතුවකි....💪👍
නිදහස් නිවහල් ජාතියක් සහ නිදහස සැමරීමෙහි සැබෑ අරුත දිනයකට සීමා නොවී සිතිය යුතු කාලය අප ඉදිරියේ එළඹ ඇත...❤️
විවිධ පැති තුළින් පීඩාවට පත්වුණු
ජනතාවක් සිටින
අධ්‍යාපනයට සෞඛ්‍යයට
මූලික අවශ්‍යතාවයන්ට ඉඩක් නැති
ඇති හැකි පන්තිය පමණක් සුර සැප විඳින
සාතිශයක් බහුතරය දුක් විඳින රටක
නිදහස් දින සැමරුම් පෙළපාලි
හුදෙක් බහුතරයක් පීඩිත මිනිසුන්ගේ
එම පීඩාව මොහොතකට අමතක කරන
තවත් අරුමෝසම් සැනකෙලියකි....😓😓😓
75 වන නිදහස් දිනයටවත් වෙනස් වෙමු...🔥❤️
Ideal publizer