Learn with Uthsuka

Learn with Uthsuka Graphic Designer ආදරණීය ශිෂ්‍යත්ව ගුරුතුමා

19/01/2024
👇අපගේ අනෙකුත් 𝗢𝗻𝗹𝗶𝗻𝗲 පන්ති වලට සම්බන්ධ වීමට නම්🔴 4 හා 5 ශ්‍රේණි හිමිදිරි පන්තිය🔴 5 ශ්‍රේණිය (Theory & Paper)🔴 4 ශ්‍රේණ...
02/07/2023

👇අපගේ අනෙකුත් 𝗢𝗻𝗹𝗶𝗻𝗲 පන්ති වලට සම්බන්ධ වීමට නම්
🔴 4 හා 5 ශ්‍රේණි හිමිදිරි පන්තිය
🔴 5 ශ්‍රේණිය (Theory & Paper)
🔴 4 ශ්‍රේණිය ( Theory & Paper)
🔴 3 ශ්‍රේණිය (නොමිලේ)
ඉහතින් සම්බන්ධ වන පන්තිය නිවැරැදිව සටහන් කර 0773900228 අංකයට whatsapp කරන්න.හැකි ඉක්මනින් ඔබගේ දරුවා ගෲප් එකට එක් කිරීමට අපි සූදානම්.
මෙහෙයවීම - උත්සුක රත්නායක

ශ්‍රී ලංකාවාසී සියලු බෞද්ධයින්ට පොසොන් පුර පසලොස්වක පොහෝ දිනය අතිශයින්ම සුවිශේෂී දිනයක් වේ. මේ පින්බර දිනයේ දී සිදුවුණු ...
03/06/2023

ශ්‍රී ලංකාවාසී සියලු බෞද්ධයින්ට පොසොන් පුර පසලොස්වක පොහෝ දිනය අතිශයින්ම සුවිශේෂී දිනයක් වේ. මේ පින්බර දිනයේ දී සිදුවුණු සුවිශේෂී සිදුවීම් කිහිපයක් පහත සඳහන් වේ.

“සමණා මයං මහාරාජ
ධම්ම රාජස්ස සාවකා
තවේව අනුකම්පාය
ජම්බු ද්වීපා ඉධාගතා”

“මහරජතුමනි, අපි ධර්ම රාජයන් වහන්සේගේ ‍ශ්‍රාවක වූ ශ්‍රමණයෝ වෙමු. ඔබලාටම අනුකම්පා පිණිස දඹදිවින් මෙහි පැමිණියෙමු.”

• මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමනය සිදුවීම.

• දෙවන පෑතිස් රජු ඇතුළු 40,000 ක් පිරිස චුල්ලහත්ථිපදෝපම සූත්‍රය අසා තෙරුවන් සරණයාම.

• සුමණ සාමණේරයන් වහන්සේගේ ආරාධනයෙන් මිස්සක පව්ව අභියසට වැඩි දෙවියන් හට “සචිත්තපරියාය සූත්‍ර”ය මිහිඳු මහරහතන් වහන්සේ විසින් දේශනා කිරීම.

• මිස්සක පව්වේදී ලක්දිව ප්‍රථම මහණ උප සම්පදාව වන අනාගාමීව සිටි “භණ්ඩුක” උපාසකතුමාගේ මහණ උපසම්පදාවද මෙම උතුම් පොහොය දිනදී සිදු විය.

• බුදු පියාණන් වහන්සේ බුදු වී සිව්වන සතියේ “රුවන්ගෙයි” වැඩහිඳිමින් අභිධර්මයෙහි “පට්ඨානය” මෙනෙහි කරන බුදු පියාණන්ගේ ශරීරයෙන් ප්‍රථම වරට සවණක් ඝණ බුදුරැස් විහිදීම.

මෞර්ය පාලකයෙකු වූ අශෝක අධිරාජ්‍යයා විසින් වත්මන් ඉන්දියාවේ විශාල ප්‍රදේශයක් තුළ තම අධිරාජ්‍යය පුළුල් කරගැනීමට සමත් විය. නමුත් ඔහු කාලිංග දේශය යටත් කරගැනීමේ සටන්වලින් පසු තමා විසින් සිදු කළ යුධ සංග්‍රාම හා මනුෂ්‍ය ඝාතන පිළිබඳව ඇති වූ දැඩි කණස්සල්ල හේතුවෙන් වෛදික සම්ප්‍රදායෙන් ඉවත් වී බුද්ධාගම වැළඳ ගත්තේ ය. ඉන්පසු තම අසල්වැසි රාජ්‍යයන් වෙත බෞද්ධ දහම ව්‍යාප්ත කිරීම ආරම්භ කළේ ය.

ක්‍රිස්තු පූර්ව 250 දී පමණ පවත්වන ලද තෙවන බෞද්ධ සංගායනාවේ ප්‍රතිඵලයක් ලෙස බුදු දහම ශ්‍රී ලංකාවට ව්‍යාප්ත වීම සිදුවිය. ඒ සඳහා අශෝක අධිරාජ්‍යයා ක්‍රිස්තු පූර්ව 247 දී තම පුත් මිහිඳු හිමියන් ලක්දිව පාලකයෙකුව සිටි තිස්ස රජ වෙත පිටත් කර හරින ලදී. මේ ධර්ම දූත පිරිස ගේ ලංකාගමනය සිදුවූයේ බුද්ධ වර්ෂයෙන් 236 වැන්නේ පොසොන් පොහෝ දිනකදී ය.

ලක්දිව රාජකීයයන් විසින් බලවත් මෞර්ය අධිරාජ්‍යය සමග පැවැත් වූ මිත්‍රත්වය හේතු කොටගෙන තිස්ස රජු බුදු දහම වැළඳ ගත්තේ ය. එමගින් තිස්ස රජුට දේවානම්පිය තිස්ස යන නමින් අශෝක අධිරාජ්‍යයාගේ අනුග්‍රහය යටතේ දෙවන වරට රාජාභිෂේකය ලැබීමට හැකිවිය. රාජකීයයන් බුදු දහම වැළඳ ගැනීම මත කෙටි කලකින් රජරට පුරාම බුද්ධාගම පැතිර ගියේ ය.

විනෝදය පිණිස මුව දඩයමේ යෙදී සිටි තිස්ස රජ හට “මිස්සක පව්ව” අසලදී මුළු ශ්‍රී ලංකා වාසී ජනයා පිළිබදව අව්‍යාජ අනුකම්පාවකින් ජම්බුද්වීපයේ සිට වැඩි “අනු බුදු මිහිදු” මහ රහතන් වහන්සේ ඇතුලු ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන රහතන් වහන්සේලාත්,ෂඩ් අභිඥාලාභී සුමන සාමණේරයන් වහන්සේත් , භණ්ඩුක නම් අනාගාමී උපාසකවරයාත් මුණ ගැසුනේ මෙම පොහොය දිනයේ දීය.

මිහිදු මහ රහතන් වහන්සේ රජතුමා ඇතුළු පිරිස පංච සීලයේ පිහිටුවා ඔවුන් හට “චුල්ල හත්ථි පදෝපම” සූත්‍රය දේශනා කළේ ය. දේශනාව අවසානයෙහි රජතුමා සතළිස් දහසක් පිරිස සමඟ තිසරණ සහිත පංච සීලයෙහි පිහිටුවීමෙන් බෞද්ධයෙක් විය. මෙම චුල්ල හත්ථි පදෝපම සූත්‍රය මිහිදු මහ රහතන් වහන්සේ ප්‍රථම වරට දේශනා කරන ලද ධර්ම දේශනාව විය. ඉන් අවසානයේදී මෙයට සහභාගී වී සිටි අනෙකුත් දෙවි දේවතා සමූහයට “සචිත්ත පරියාය” සූත්‍රය දේශනා කළහ.

චූල්ල හත්ථි පදෝපම සූත්‍රයෙන් අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේගේ සම්‍යක් සම්බුද්ධ භාවයත්, ධර්මයෙහි ඇති සත්‍ය භාවයත්, සංඝයා වහන්සේලා සතු අප්‍රමාණ ගුණ මහිමයත් හා ත්‍රිවිධ රත්නයේම ඇති අති ශ්‍රේෂ්ඨත්වයත් පෙන්වා දෙයි.

මිහිදු මහ රහතන් වහන්සේ මෙරටට වැඩම කොට ඉන් පසු දින අනුරාධපුරයට වැඩම කොට රජගෙදර විශේෂ මණ්ඩපයක සිටි බිසෝවරුන් ඇතුලු 500ක් කාන්තාවන් පිරිසකට “විමානවත්ථු, පේතවත්ථු හා සච්ච සංයුක්ත” යන ධර්ම දේශනා කළහ.

ඉන් අවසන “අනුලා” දේවිය ඇතුළු 500ක් කාන්තාවෝ සෝවාන් විය. ඉන් දෙවන දිනයේදී රජුගේ ඇත් හලේදී රට වැසියා වෙනුවෙන් “දේව දූත” සූත්‍රය දේශනා කළහ. ඉන් අනතුරුව 1000ක් දෙනා සෝවාන් ඵලයෙහි පිහිටියහ. ඉන් පසු රාජ උයනේදී “බාල පණ්ඩිත” සූත්‍රය දේශනා කිරීමෙන් 1000ක් කාන්තාවන් සෝවාන් විය. මේ වන විට 2500කට අධික පිරිසක් මාර්ගඵල ලබා සිටියහ. තුන්වන දිනයේ දී මිහිදු හිමියන් රජමාළිගයෙන් දන් වළඳා “නන්දන” වනයෙහි වැඩ සිට “ආසිවිසෝපම” සූත්‍රයද හතර වන දිනයේදී “අනමතග්ගිය සංයුක්තය” දේශනා කළ අතර ඉන් අනතුරුව 1000ක් දෙනා ධර්ම අවබෝධය ලැබීය.

පස්වන දින “ඛජ්ජනීයක” සූත්‍රයත්, සය වන දින “ගෝමයපිණ්ඩක” සූත්‍රයත්, සත් වන දින “ධම්ම චක්ක පවත්තන” සූත්‍රයත් දේශනා කළහ. එසේ දින හතක් තුළදී 8500 කට අධික ප්‍රමාණයක් මාර්ග ඵල අවබෝධය ලැබීය. මෙසේ මිහිදු මහ රහතන් වහන්සේගේ ලංකා ගමනය නිසා අනුරාධපුර මහා විහාරය ඇතිවිය. මිහිදු මහ රහතන් වහන්සේ වැඩවිසූ උයන “ජෝතිය” උයන ලෙසින් හැදින් විනි.

තවද පොසොන් පුන් පොහොය දිනයේ දී සිදුවූ තවත් සුවිශේෂී සිදු වීම් කිහිපයක් වේ. ඉන් එකක් නම් අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේ බුදු වී සිව්වන සතියේ “රුවන්ගෙයි” වැඩහිඳිමින් අභිධර්මයෙහි පට්ඨානය මෙනෙහි කරන බුදු පියාණන්ගේ ශරීරයෙන් ප්‍රථම වරට සවනක් ඝණ බුදුරැස් විහිදීමද,

ලක්දිව ප්‍රථම මහණ උප සම්පදාව වන “භණ්ඩුක” උපාසකතුමාගේ මහණ උප සම්පදාවද මෙම උතුම් පොහොය දිනදී සිදු විය.
සාදු.... සාදු.... සාදු....
තෙරුවන් සරණයි.

පූජනීය, තපෝවනයේ රතන ස්වාමීන් වහන්සේ
මිණිපුර අමා ශාන්ති තපෝවනය
පැල්වාඩිය - රත්නපුරය.

උපුටා ගැනීමකි.
උතුම් වූ ධර්ම දානයක්ම වේවා🙏🙏🙏

🔴 මොනරාගල අවට 4 හා 5 ශ්‍රේණි වල ඉගෙනගන්නා ඕනෑම දරුවෙක්ට සම්බන්ධ වෙන්න පුලුවන්...👉සම්මන්ත්‍රණ ගාස්තුව රු. 500/= ක් පමණි....
28/05/2023

🔴 මොනරාගල අවට 4 හා 5 ශ්‍රේණි වල ඉගෙනගන්නා ඕනෑම දරුවෙක්ට සම්බන්ධ වෙන්න පුලුවන්...

👉සම්මන්ත්‍රණ ගාස්තුව රු. 500/= ක් පමණි.

👉නිබන්ධන එදින මොනරාගල රේඩියන්ට් අධ්‍යාපන ආයතනයේ කාර්යාලයෙන් නිකුත් කෙරේ.

👉සීමිත සිසුන් පිරිසක් පමණක් බඳවාගැනේ...

දැන්ම 0773900228 ට වට්ස්ඇප් පණිවිඩයක් හෝ ඇමතුමක් ලබා දී අසුනක් වෙන් කරගන්න.

🔴ඔබට ජය වේවා !
මම,
උත්සුක රත්නායක

පුංචි මගේ ගෙදර වැඩ
19/05/2023

පුංචි මගේ ගෙදර වැඩ

වෙසක් පොහෝ දින වැදගත්කම1. බෝධිසත්වයන් වහන්සේ මතු බුදුබව පතා ප්‍රථම වරට නියත විවරණ ලැබීම.2. සිද්ධාර්ථ බෝසත් කුමරු ඉපදීම.3...
04/05/2023

වෙසක් පොහෝ දින වැදගත්කම

1. බෝධිසත්වයන් වහන්සේ මතු බුදුබව පතා ප්‍රථම වරට නියත විවරණ ලැබීම.

2. සිද්ධාර්ථ බෝසත් කුමරු ඉපදීම.

3. සිදුහත් කුමරුන් බුදු වීම.

4. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑම.

5. බුද්ධත්වයෙන් පසුව කිඹුල්වත් පුරට වැඩමවීම සහ යමා මහ පෙළහර පෑම.

6. බුදුරජාණන් වහන්සේගේ තුන් වන ලංකාගමනය වූ කැළණියට වැඩම කිරීම සහ එදිනම සමනල කන්දේ සිරිපා සටහන තැබීම.

7. විජය කුමරු ලක්දිවට පැමිණීම සහ සිංහල ජාතියේ ආරම්භය සිදු වීම.

8. ධර්මාශෝක අධිරාජයාගේ නියමයෙන් දෙවන පෑතිස් රජු දෙවෙනි වර අභිෂේක කිරීම.

9. දුටුගැමුණු රජු රුවන් වැලි මහ සෑ රජුන්ගේ වැඩ ඇරැඹීම.

10. ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන් පිරිනිවන් පෑම.

ලෝ වැසි සියලු බෞද්ධයින්ට වෙසක් පුර පසලොස්වක පොහෝ දිනය තරම් වැදගත් වන වෙනත් දිනයක් නැත. මේ පින්බර දිනයේ දී සිදුවුණු සුවිශේෂී සිදුවීම් කිහිපයක් පහත සඳහන් වේ.

1. මීට සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර අනියත විවරණ සම්පූර්ණ කර සිටි අප මහ බෝසතාණන් වහන්සේ, සුමේධ තාපසතුමා ලෙස පංච අභිඥාලාභී ඍර්ධිමත් තවුසෙක්ව උපන්නේය. මේ සුමේධ තාපසතුමා දීපංකර බුදු පියාණන් වහන්සේගේ පාද මූලයේදී, මතු බුදුබව පතා ප්‍රථම වරට නියත විවරණ ලැබීම.

2. කපිලවස්තුපුර ශාක්‍ය වංශික සුද්ධෝදන මහ රජතුමා ගේ සහ මහාමායා දේවියගේ පින්බර පුත්‍ර රත්නය ලෙස සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ ලුම්බිණි සල් උයනේ දී උපත ලැබීම.
මෙදිනම යසෝදරා දේවිය, ඡන්න ඇමතිතුමා, කාලුදායි ඇමතිතුමා, කන්ථක අශ්වයා, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ, සතර මහ නිධානය පහළ විය.

3. “අග්ගෝ හමස්මි ලෝකස්ස......” ආදී ලෙස අභීත සිංහනාදය පැවැත්වීම.

4. සසරේ අවසන් ආත්ම භාවය වන මේ භවයේ, විසිනව වන වියට එළැඹුණු සිදුහත් කුමරු, උයන් කෙළියට පැමිණෙද්දී, ජීවිතයේ අනියත වටහා දුන් සතර පෙර නිමිතිවල ව්‍යාධි රූපය දැකීම.

5. සිදුහත් තාපසතුමන් ගයාවේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පාමුල දී ලොව්තුරා සම්බුද්ධත්වයට පත්වීම.

6. බුද්ධත්වයෙන් දස මසකින් කිඹුල්වත්පුර තම උපන් ගමට වැඩම කළ බුදු පියාණන් වහන්සේ ඥාතීන්ගේ අතිමානය දුරැලීමට යමා මහා පෙළහර පෑම.

7. බුදුරජාණන් වහන්සේ අසූ වැනි වියේදී කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ උපවත්තන නම් සල් උයනේ දී ස්කන්ධයන්ගේ අනියත බව පසක් කරමින් පිරිනිවන් පෑම.

8. බුදුරජාණන් වහන්සේ මණි අක්ඛිත නා රජුගේ ආරාධනාවෙන් තෙවන වර ලංකාවේ කැලණියට වැඩම කොට චූලෝදර, මහෝදර නා රජුන් ප්‍රමුඛ බොදු මහ ජනතාවගේ දානය වළඳා, ඔවුනට ධර්ම දේශනා කළ සේක. එහිදී සුමන සමන් දෙවියන්ගේ ආරාධනාවෙන් සමනළ කදු සිරසෙහි ශ්‍රී පාද පද්මය පිහිටුවාලූහ. ඉන්පසුව සොළොස්මස්ථානයන්ට වැඩම කර ශ්‍රී ලංකා භූමිය සම්බුද්ධ පාදස්පර්ශයෙන් පාරිශුද්ධ භූමියක් බවට පත් කළ සේක.

9. විජය කුමරු ඇතුලු සත්සියයක් පිරිස ලංකාවට පැමිණීම සහ සිංහල ජාතියේ ආරම්භය ඇතිවීම. (බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමද, විජයාගමනයද එකම වෙසක් පුර පසළොස්වක පොහොය දිනයක සිදුවිය.)

10.බුදුපියාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ වැඩ හිඳිමින් සක්‍ර දිව්‍ය රාජයාට

“පතිට්ඨිස්සති දේවින්ද ලංකායං මම සාසනං
තස්මා සපරිවාරන්තං රක්ඛ ලංකඤ්ච සාධුකං”
(මහාවංශය)

“දේවේන්ද්‍රය, මාගේ සසුන ලංකාද්වීපයෙහි පිහිටන්නේ ය. එනිසා පිරිවර ද සමගින් ඒ ලක්දිව මනාව රැකිය යුත්තාහ.” යැයි පැවරීම.

10. ප‍්‍රථම ධර්ම සංගායනාවෙන් පසු තවත් හතළිස් වසරක් ම ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහ රහතන් වහන්සේ වැඩ සිටි සේක. උපතින් වයස එකසිය විස්සක් ගෙවුනු තැන ආනන්ද මහ රහතන් වහන්සේ වෙසක් පොහෝ දිනක රෝහිණී නදිය ඉහළ අහසේ වැඩහිඳ, පෙළහර පා, දහම් දෙසා, “සිරුරේ ධාතු දෙකොටසකට සමව බෙදේවා” යි අදිටන් කොට, තේජෝ සමාපත්තියෙන් පිරිනිවන් පෑම.

11. ක්‍රි.පූ තෙවන සියවසේදී භාරතයේ රාජාභිෂේක ලත් ධර්මාශෝක රජතුමා සමඟ පැවැති මිත්‍ර සබඳතාව තවත් වර්ධනය කර ගැනීමට, ලක්දිව රාජාභිෂේක ලත් දේවානම් පියතිස්ස රජතුමා, තුටු පඬුරු රැගත් රාජ දූතයන් පිරිසක් ධර්මාශෝක රජු වෙත පිටත් කර යැවීය. මේ කලණ මිතු දමට ප්‍රතිචාර වශයෙන් රාජාභිෂේකයට අවශ්‍ය පංච කකුධ භාණ්ඩ ,ද දහම් පණිවුඩයක්ද, ධර්මාශෝක රජතුමා විසින් එවන ලදී. ඒ අනුව දේවානම් පියතිස්ස රජතුමා දෙවන වරට රාජාභිෂේක ලැබුවේ ද වෙසක් පුර පසළොස්වක පොහොය දිනකදී ය.

12. අසහාය බෞද්ධ රජු වූ දුටුගැමුණු මහ රජතුමා රුවන්වැලි මහ සෑයෙහි වැඩ, විසා නැකතින් ඇරඹුවේ ද වෙසක් පුර පසළොස්වක පොහොය දිනක ය.

13. මහා විහාර භික්ෂූන් වහන්සේ වසරක් පුරා උපසම්පදා මහෝත්සවය පවත්වන්නේ ද වෙසක් පුර පසළොස්වක පොහොය දිනකදී ය.

14. සිරිපා වන්දනාවේ යෙදෙන අවසන් පොහොය දිනයද වෙසක් පොහෝ දිනය වේ.

දුටුගැමුණු රජතුමා වෙසක් උළෙල සූවිස්සක් ද , භාතිය රජතුමා වෙසක් උළෙල විසි අටක් ද, වසභ රජතුමා වෙසක් උළෙල හතළිස් හතරක් ද, පැවැත්වූ බව මහා වංශයෙහි සඳහන් වේ. ප්‍රදර්ශන හා පෙරහර රැසකින් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අසිරිමත් වූ බව අශෝක චක්‍රවර්තීන් සිව්වන සෙල් ලිපියෙහි සඳහන් කරයි.

මේ පින්බර වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය පින්වත් ඔබ සැමත්, ආර්ය අෂ්ටාංගික මාර්ගයම අනුගමනය කර, චතුරාර්ය සත්‍යාවබෝධ ඤාණයෙන් කෙලෙසුන් නසා නිවන් දකින්නට හේතු සම්පත් සම්පූර්ණව වන පින්බර දිනයක් බවට පත් කරගන්න.

තෙරුවන් සරණයි!
සාදු..... සාදු..... සාදු.....

පූජනීය, තපෝවනයේ රතන ස්වාමීන් වහන්සේ
මිණිපුර අමා ශාන්ති තපෝවනය
පැල්වාඩිය - රත්නපුරය.

උපුටා ගැනීමකි
උතුම් වූ ධර්ම දානයක්ම වේවා🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏🙏🙏

4 හා 5 ශ්‍රේණියශිෂ්‍යත්වය සඳහා ම පැවැත්වෙන🔴ප්‍රශ්න පත්‍ර පන්තිය 🔴හිමිදිරි පන්තිය ටඑක් වීමට දැන් ම 0773900228 ට වට්ස්ඇප්...
28/04/2023

4 හා 5 ශ්‍රේණිය
ශිෂ්‍යත්වය සඳහා ම පැවැත්වෙන

🔴ප්‍රශ්න පත්‍ර පන්තිය
🔴හිමිදිරි පන්තිය ට

එක් වීමට දැන් ම 0773900228 ට වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න.

(මෙම කට්ටල සියල්ල සෑම මාසයකම Online පන්තියේ ලියාපදිංචි දරුවන් සඳහා පමණක් නිකුත් කරනු ලැබේ..)

🔷 දැන්ම ලියාපදිංචි වෙන්න.

උත්සුක රත්නායක

බක් පොහෝ දින වැදගත්කම1. සතර පෙර නිමිති වල මහල්ලෙක් දැකීම.2. සම්බුද්ධත්වයෙන් පසුව කිඹුල්වත්පුර නුවරට වැඩම කරන ගමනේ යොදුන්...
05/04/2023

බක් පොහෝ දින වැදගත්කම

1. සතර පෙර නිමිති වල මහල්ලෙක් දැකීම.

2. සම්බුද්ධත්වයෙන් පසුව කිඹුල්වත්පුර නුවරට වැඩම කරන ගමනේ යොදුන් 30ක දුර ප්‍රමාණය වැඩමකර අවසන්වීම.

3. සම්බුද්ධත්වයෙන් පස්වැනි වර්ෂයේ ශ්‍රී ලංකා ධරණී තලයේ නාගදීපයට වැඩම කිරීම.

සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ දෙවියන්ගේ ආරාධනාවෙන් පසුව තුසිත දෙව් ලොවින් චුත වී මහාමායා දේවියගේ මව්කුස ඇසළ පුර පසළොස්වක පොහෝ දිනයක පිළිසිඳ ගත්හ. වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයක උපත ලැබූ බෝධිසත්වයන් වහන්සේ ශිල්ප ඉගෙනගෙන පිය මහ රජතුමා ඉදිකර තුන් රම්‍ය, සුරම්‍ය, සුභ කියන මාලිගා තුනේ වාසය කළහ.

අවුරුදු දහසයේදී යශෝධරා දේවිය සරණපාවා ගත් බෝධිසත්වයන් වහන්සේ අවුරුදු විසි නවයේදී (29) මෙවැනි බක් පුර පසළොස්වක පොහෝ දිනයක උයන් කෙළි කරන්නට පිටත් විය. සතර පෙර නිමිති පහළ වෙමින් බෝධිසත්වයන් වහන්සේ අතරමඟදී පළවෙනි පෙරනිමිත්ත ලෙස ජරා රූපය වන මහල්ලෙකු දකින් ලදී. ඒ අද වැනි බක් පුර පසළොස්වක පොහෝ දිනයකයි.

ඉන්පසුව වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයකදී ව්‍යාධි රූපය වන ලෙඩෙක්ද, පොසොන් පුර පසලොස්වක පොහෝ දිනයකදී මරණ රූපය වන මළ මිනියක් ද, ඇසළ පුර පසළොස්වක පොහෝ දිනයක දී පැවිදි රූපයක්ද දකින ලදී. එම ඇසළ පුර පසළොස්වක පොහෝ දිනයේ දී ගිහි ගෙය අත්හැර භිනිෂ්ක්‍රමණය කළහ.

මහා බෝධිසත්වයන් වහන්සේ සය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කර, ඉන් අනතුරුව වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයක ලොව්තුරා සම්බුද්ධත්වයට පත් වුණ සේක. ඇසළ පුර පසළොස්වක පොහෝ දිනයක දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරමින් පළමුවරට චතුරාර්ය සත්‍ය ධර්මය ලොවට විවර කළ සේක. පළමු ධර්මදූතයන් වහන්සේලා හැට නම ධර්මදූත මෙහෙවරෙහි පිටත් කළ බුදුපියාණන් වහන්සේ, උරුවෙල් දනව්වට වැඩම කරන ගමනේ අතරමගදී භද්දවග්ගිය කුමාරවරු සසුන් ගත කළ සේක. ඉන් පසුව උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප කියන තුන් බෑ ජටිල සහෝදරවරු සහ පිරිස සසුන් ගත කළ සේක. බුදුපියාණන් වහන්සේ පළමුවරට ලංකාවේ මහියංගණයට ද වැඩම කළ සේක.

බුදුපියාණන් වහන්සේ රජගහ නුවරට වැඩම කළ පසුව බිම්බිසාර මහරජතුමා රාජකීය වේළුවන උයන පූජා කළහ. මේ කාළයේදී සැරියුත් මුගලන් දෙනමද සසුන් ගත විය. අගසව් තනතුරු ද පිරි නමන ලදී. විශාකා සිටු දියණිය ද වයස අවුරුදු හතේ දී සෝවාන් මාර්ගඵලයද අවබෝධ කළාය.

වේළුවනාරාමයේ බුදුපියාණන් වහන්සේ වැඩ වසන බව සුද්ධෝදන මහරජතුමා චර පුරුෂයන්ගෙන් දැන ගත්තේය. ඒ අනුව එක් ඇමති කෙනෙක් සහ දහසක රාජකීය පිරිසක් බැගින් නව වරක් ම බුදු පියාණන් වහන්සේව කිඹුල්වත්පුර නුවරට වැඩම කරවා ගෙන එන්නට දූත පිරිස් එවන ලදී. එම සියලු දෙනා පැමිණ බුදුපියාණන්වහන්සේ ළඟ ධර්ම ශ්‍රවණය කර රහත්ව පැවිදි විය. කාළුදායි ඇමති තුමා ඇතුළු දහසක පිරිස සුද්ධෝදන මහ රජතුමාගෙන් පැවිදි වන්නට අවසර ලබා ගෙනවිත්, රහත්ව පැවිදිවී කිඹුල්වත්පුර නුවරට වැඩම කරන්නට බුදුපියාණන් වහන්සේට ආරාධනා කරන ලදී.

එම ආරාධනාව පිළිගත් බුදු පියාණන් වහන්සේ මැදින් පුර පසළොස්වක පොහෝ දිනයක කිඹුල්වත්පුර නුවරට වැඩම කරන්නට ගමනාරම්භ කළ සේක. එක් දිනකට එක් යොදුන බැගින් වැඩම කළ බුදුපියාණන් වහන්සේ යොදුන් තිහක් මග සම්පූර්ණ කළේ මේ බක් පුර පසළොස්වක පොහෝ දිනයකදී යි.

කිඹුල්වත් පුර නුවරට වැඩම කිරීමෙන් පසුව සම්බුදු පියාණන් වහන්සේ නැවත රජගහ නුවරට වැඩම කළ සේක. එහිදී විශාලා මහනුවර දුර්භික්ෂ බිය, අමනුෂ්‍ය බිය, රෝග බිය යන තුන්බිය ඇති වූ නිසා බුදුපියාණන් වහන්සේ එහි වැඩම කොට තුන්බිය නැති කරමින් නැවතත් විශාලාමහනුවර සශ්‍රීක රාජධානියක් බවට පත්කළ සේක.

දෙවෙනි තුන්වැනි වස් රජගහනුවර වේළුවනාරාමයෙහි වැඩ විසූ සේක. එම කාලයේදී අනේපිඩු සිටුතුමා බුදුපියාණන් වහන්සේ සොයාගෙන පැමිණියේ ය. සෝවාන් වූ අනේපිඬු සිටුතුමා සැවැත්නුවර ජේතවනාරාමය ඉදිකර බුදුපියාණන් වහන්සේට පූජා කළේය. මංගල සූත්‍රය දේශනා කෙරුණේ ද මේ කාලයේ ජේතවනාරාමයේදීමය. සතර වැනි වසද රජගහනුවර වේළුවනාරාමයේ වස් වසා වැඩ විසූ සේක.

ශාඛ්‍ය කෝලිය යුද්ධය ද සමාදානය කළ බුදුපියාණන් වහන්සේ පස්වන වසර විශාලා මහනුවර වස් වසා වඩ විසූ සේක. මේ කාලයේ දී සුද්ධෝදන මහරජතුමා පිරිනිවන් පෑ අතර, ප්‍රජාපතී ගෝතමී දේවිය ඇතුළු පිරිස පැවිදි වී මෙහෙණි සස්න ද ආරම්භ විය. ඉන් පසුව බුදුපියාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයට වැඩම කළ සේක.

බුද්ධත්වයෙන් පස්වැනි වර්ෂයේ ජේතවනාරාමයේ වැඩවසන කාලයේ බුදුපියාණන් වහන්සේ බක් අව පසළොස්වක දා අලුයම මහා කරුණා සමාපත්ති සුවයට සමවැදී ලෝකය දෙස බලන විට, ලංකාවේ නාගදීපයේ චූලෝදර මහෝදර නා රජුන් දෙදෙනා අතර මිණි පළඟක් නිසා යුද්ධයක් හටගෙන ඇති බව දකින්නට විය. එය සංසිඳවන්නට බුදුපියාණන් වහන්සේ ඍර්ධියෙන් ලංකාවට වැඩම කළ සේක. එම ගමනට ජේතවනාරාමයේ දොරටුව සමීපයෙහි කිරිපලු රුකට අරක් ගත් සමිද්ධි සුමන නම් දෙවියන් ද, ඒ කිරිපළු රුක රැගෙන ඡත්‍රයක් ලෙස බුදුපියාණන් වහන්සේ මත්තෙහි දරමින් පැමිණෙන්නට විය.

ලංකාවේ නාග නාගදීපයේ යුද්ධයට සූදානමින් සිටි නාග සේනාවේ දෙපිරිසටම මැද ඔවුන්ට පෙනෙමින් ප්‍රාතිහාර්ය පාමින් බුදුපියාණන් වහන්සේ අහසෙහි වැඩ සිටි සේක. එහිදී බුදුපියාණන් වහන්සේ කාකොලුක ජාතකය, එන්දන ජාතකය, ලටුකික ජාතකය, වට්ටක ජාතකය යනාදියෙන් වෛර බැඳීමේ දෝෂය හා සමගියේ ආනිසංස දේශනා කළ සේක. අසූ කෝටියක් නාගයන් තිසරණ සහිත පංච ශීල සම්පත්තියෙහි පිහිට වූ සේක. ධර්ම ශ්‍රවණය කර සතුටු වූ දෙපිරිසේම නා රජවරුන් තමන් යුද්ධ කරන්නට සූදානම් වූ මිණි පළඟ බුදුපියාණන් වහන්සේට පූජා කළහ.

බුදුපියාණන් වහන්සේ එහි වැඩ සිටි සේක. ඒ නාගයෝ දානයද පූජා කළහ. බොහෝ නාගයින් තිසරණ සරණ ගොස් පන්සිල් සමාදන් විය.

මේ නාග පිරිසේ මහෝදරගේ සහෝදරියගේ පුතා වූයේ චූලෝදර නා රජුයි. මහෝදරගේ සහෝදරිය “කන්වඩමන්” පර්වතයේ රජුට විවාහ කර දී තිබුණි. ඇයගේ පුතා චූලෝදරයි. මහමුහුදේ යොදුන් පන්සියයක් පමණ රාජධානියක බලසම්පන්න රජෙකු ලෙස මහෝදර කටයුතු කළේය. චූලෝදර ගොඩබිමේ බලසම්පන්න රජකු ලෙස කටයුතු කළේය. මේ දෙදෙනාගේම රාජධානි පිහිටා තිබුණේ වර්තමාන යාපන අර්ධද්වීපය වන නාගදීපය ලෙසින් හැඳින්වූ භූමි භාගයේ යි.

මහෝදරගේත්, සහෝදරියගේත්, පියා තමන්ගේ පරම්පරාවෙන් තමන්ට උරුම වුණු ඉතා වටිනා මිණිපළඟ මහෝදරට නොදී, ඔහුගේ සහෝදරියට ලබා දුන්නේය. එහි අයිතිය ලැබුණේ චූලෝදරටයි. මේ වටිනා මිණිපළඟ තමන් සන්තකයට ගන්නට මහෝදර සහ චූලෝදර අතර යුද්ධය ඇති වූයේ.

මහෝදරගේ සහයට ඔහුගේ මාමා වන කැලණි පුරයේ රජකම් කළ “මණිඅක්ඛික” නාග රාජයා ද කැලණියේ සිට මෙහි පැමිණ සිටියේ ය. ඔහු බුදුපියාණන් වහන්සේ පළමුවරට මහියංගනයට වැඩම කළ දිනයේ, තිසරණ සහිත පන්සිල් සමාදන් වූ බුදුපියාණන් වහන්සේ ගැන මනා පැහැදීමක් ඇතිකර ගෙන සිටි කෙනෙකි. “මණිඅක්ඛික” නාග රාජයා බුදුපියාණන් වහන්සේ දෙවැනි වරට නාගදීපයේ දී දුටු මේ අවස්ථාවේදී, නැවත වරක් ලංකාවට වැඩම කරනවානම් තමන්ගේ කැලණි රාජධානියට වැඩම කරන්න යැයි ආරාධනා කළේය. බුදුපියාණන් වහන්සේ එම ආරාධනාව තුෂ්නිම්භූතව පිළිගත් සේක.

මෙවැනි ඓතිහාසික සිදුවීම් රාශියක් සිදුවුණ, ලංකා ධරණි තලය සම්බුදු මෑණියන් වහන්සේගේ පාදස්පර්ශයෙන් දෙවෙනි වරටත් පින්බිමක් බවට පත්වූ මේ පින්බර බක් පුර පසළොස්වක පොහෝ දිනයේ දී, සසර දුක් නසා සසරින් එතෙර වන්නට අවශ්‍ය හේතු සම්පත් සම්පූර්ණ කරගෙන, නිවන් දකින්නට ඔබ අධිෂ්ඨාන කර ගන්නට ඕනෑ.

තෙරුවන් සරණයි.
සාදු.... සාදු.... සාදු....

පූජනීය, තපෝවනයේ රතන ස්වාමීන් වහන්සේ
මිණිපුර අමා ශාන්ති තපෝවනය
පැල්වාඩිය - රත්නපුරය.

උපුටා ගැනීමකි.
උතුම් වූ ධර්ම දානයක්ම වේවා🙏🙏🙏

👇අපගේ අනෙකුත් පන්ති වලට සම්බන්ධ වීමට නම්🔴 4 හා 5 ශ්‍රේණි හිමිදිරි පන්තිය🔴 5 ශ්‍රේණිය (Theory & Paper)🔴 4 ශ්‍රේණිය ( Th...
15/03/2023

👇අපගේ අනෙකුත් පන්ති වලට සම්බන්ධ වීමට නම්
🔴 4 හා 5 ශ්‍රේණි හිමිදිරි පන්තිය
🔴 5 ශ්‍රේණිය (Theory & Paper)
🔴 4 ශ්‍රේණිය ( Theory & Paper)
🔴 3 ශ්‍රේණිය (නොමිලේ)
ඉහතින් සම්බන්ධ වන පන්තිය නිවැරැදිව සටහන් කර 0773900228 අංකයට whatsapp කරන්න.හැකි ඉක්මනින් ඔබගේ දරුවා ගෲප් එකට එක් කිරීමට අපි සූදානම්.
මෙහෙයවීම - උත්සුක රත්නායක

ශිෂ්‍යත්වයට ලකුණු 190+ශිෂ්‍යත්ව දේශක උත්සුක රත්නායක සර් විසින් මෙහෙයවන 4 ශ්‍රේණිය Online පන්තියට සම්බන්ධ වීමට හා වැඩි වි...
15/02/2023

ශිෂ්‍යත්වයට
ලකුණු 190+
ශිෂ්‍යත්ව දේශක උත්සුක රත්නායක සර් විසින් මෙහෙයවන 4 ශ්‍රේණිය Online පන්තියට සම්බන්ධ වීමට හා වැඩි විස්තර දැනගැනීමට පහත අංකයට වට්ස්ඇප් කරන්න.
☎️- 0773900228

මීට අමතරව පහත පන්තිවලට සම්බන්ධ වීමට අවශ්‍ය නම් වට්ස්ඇප් මගින් විමසන්න.
⭕ 5 ශ්‍රේණිය පේපර් පන්තිය
⭕ 3 ශ්‍රේණිය නොමිලේ පන්තිය
⭕හිමිදිරි පන්තිය (4 හා 5 ශ්‍රේණි).

ඔබේ දරුවා වෙනුවෙන් අද්විතීය වැඩපිළිවෙළක් සූදානම්.

100% නොම්ලේ  පැවැත්වෙන පන්තියකි.👉 නිබන්ධන හා ප්‍රශ්න පත්‍රද සහිතයි.🔔 හැකිතාක් ශෙයා කරන්න.👉සම්බන්ධ වීමට 0773900228 ට වට්ස...
05/02/2023

100% නොම්ලේ පැවැත්වෙන පන්තියකි.
👉 නිබන්ධන හා ප්‍රශ්න පත්‍රද සහිතයි.

🔔 හැකිතාක් ශෙයා කරන්න.

👉සම්බන්ධ වීමට 0773900228 ට වට්ස්ඇප් කරන්න.

අපගේ 4 හා 5 ශ්‍රේණිය සඳහා පහත පන්ති වලට ඔබට සම්බන්ධ විය හැකිය.

👇 පහත පන්ති වලට පන්ති ගාස්තු සහිතයි.

🔴4 ශ්‍රේණිය තියරි පේපර් පන්තිය
🔴5 ශ්‍රේණිය තියරි පේපර් පන්තිය
🔴4 හා 5 ශ්‍රේණිය හිමිදිරි පන්තිය

ඉහත පන්ති වලට සම්බන්ධ වීමට කැමතියි නම් දරුවාගේ නම හා ශ්‍රේණිය යොදා වට්ස්ඇප් පණිවිඩයක් එවන්න..

2023 ශිෂ්‍යත්වයට සූදානම් වන4 හා 5 ශ්‍රේණි වල පුංචි හපනුන්ටලංකාවේ සුපිරිම Online පන්තිය⁣👉 හිමිදිරි පන්තිය👉 සිද්ධාන්ත හා ප...
25/01/2023

2023 ශිෂ්‍යත්වයට සූදානම් වන
4 හා 5 ශ්‍රේණි වල පුංචි හපනුන්ට
ලංකාවේ සුපිරිම Online පන්තිය
⁣👉 හිමිදිරි පන්තිය
👉 සිද්ධාන්ත හා ප්‍රශ්න පත්‍ර පන්තිය
👉 සම්මන්ත්‍රණ එකතුවක්
👉 දිනපතා Online ප්‍රශ්න පත්‍ර
👉 මාසික පරීක්ෂණ
👉 ප්‍රායෝගික පරීක්ෂණ
👉 තවත් බොහෝ දේ ඇතුළත් අපේ ශිෂ්‍යත්ව පන්තියට
වට්ස්ඇප් මගින් එකතු වීමට දැන්ම ලියාපදිංචි වන්න
⭕දරුවාගේ නම
⭕ශ්‍රේණිය
⭕ ඇතුළත් වන පන්තිය හෝ පන්ති වල විස්තරයක් Whatsapp කරන්න.
මම,
ශිෂ්‍යත්ව දේශක,
උත්සුක රත්නායක.
0773900228

2023 ශිෂ්‍යත්වයට සූදානම් වන4 හා 5 ශ්‍රේණි වල පුංචි හපනුන්ටලංකාවේ සුපිරිම Online පන්තිය⁣👉 හිමිදිරි පන්තිය👉 සිද්ධාන්ත හා ප...
02/01/2023

2023 ශිෂ්‍යත්වයට සූදානම් වන
4 හා 5 ශ්‍රේණි වල පුංචි හපනුන්ට
ලංකාවේ සුපිරිම Online පන්තිය

⁣👉 හිමිදිරි පන්තිය
👉 සිද්ධාන්ත හා ප්‍රශ්න පත්‍ර පන්තිය
👉 සම්මන්ත්‍රණ එකතුවක්
👉 දිනපතා Online ප්‍රශ්න පත්‍ර
👉 මාසික පරීක්ෂණ
👉 ප්‍රායෝගික පරීක්ෂණ
👉 තවත් බොහෝ දේ ඇතුළත් අපේ ශිෂ්‍යත්ව පන්තියට
වට්ස්ඇප් මගින් එකතු වීමට දැන්ම ලියාපදිංචි වන්න

⭕දරුවාගේ නම
⭕ශ්‍රේණිය
⭕ ඇතුළත් වන පන්තිය හෝ පන්ති වල විස්තරයක් Whatsapp කරන්න.
මම,
ශිෂ්‍යත්ව දේශක,
උත්සුක රත්නායක.
0773900228

⭕2023 ශිෂ්‍යත්වයට 👉Online "හිමිදිරි පන්තිය" ⏲️ උදේ 5:00 සිට 6.00 තෙක්.👉 සෑම දිනකටම ප්‍රශ්න පත්‍ර ද ඇතුළත් වේ..දැන්ම වැඩි...
18/12/2022

⭕2023 ශිෂ්‍යත්වයට
👉Online "හිමිදිරි පන්තිය"
⏲️ උදේ 5:00 සිට 6.00 තෙක්.
👉 සෑම දිනකටම ප්‍රශ්න පත්‍ර ද ඇතුළත් වේ..

දැන්ම වැඩි විස්තර සඳහා නම,ශ්‍රේණිය whatsapp කරන්න.
ඔබට ජය!
මම,
උත්සුක රත්නායක.

⭕2023 ශිෂ්‍යත්වයට සූදානම් වන 4 හා 5 ශ්‍රේණි වල ආදරණීය පොඩිත්තන්ගේ ශිෂ්‍යත්ව පන්තිය.👉 ඔබේ දරුවා වෙනුවෙන් දැවැන්ත ප්‍රශ්න ...
18/12/2022

⭕2023 ශිෂ්‍යත්වයට සූදානම් වන 4 හා 5 ශ්‍රේණි වල ආදරණීය පොඩිත්තන්ගේ ශිෂ්‍යත්ව පන්තිය.

👉 ඔබේ දරුවා වෙනුවෙන් දැවැන්ත ප්‍රශ්න පත්‍ර වැඩසටහනක්.

👉 සුවිශේෂී නිබන්ධන එකතුවක්.

👉 සෑම දිනකම Online ප්‍රශ්න පත්‍රයක්.

👉උදෑසන 5:00 ට හිමිදිරි පන්තිය (ප්‍රශ්න පත්‍ර සමඟ)

👉 ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කරගත් සම්මන්ත්‍රණ එකතුවක් ආදී බොහෝ දේ සමඟ අද්විතීය වැඩපිළිවෙළක් 2023 වෙනුවෙන් සූදානම්.

දැන්ම වැඩි විස්තර සඳහා නම,ශ්‍රේණිය whatsapp කරන්න.
ඔබට ජය!
මම,
උත්සුක රත්නායක.

15/12/2022

         5
15/12/2022

5

දුක හංගාහිත පතුලේ පුතු රන්දාපිට පතුලේ..මහ වැස්සකමම පැද්දාදරු දුකපිය පුතු හමුවේ....
14/12/2022

දුක හංගා
හිත පතුලේ
පුතු රන්දා
පිට පතුලේ..
මහ වැස්සක
මම පැද්දා
දරු දුක
පිය පුතු හමුවේ....

Address

Monaragala
91000

Telephone

+94729499378

Website

Alerts

Be the first to know and let us send you an email when Learn with Uthsuka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Learn with Uthsuka:

Videos

Share