ඇසූ ගී නෑසූ සේ asu gi nasu se

ඇසූ ගී නෑසූ සේ asu gi nasu se ඉඩෝරයට එරෙහිව පුංචි කඳුලැල්ලක්

14/07/2023

මැරි මැරි ඉපදෙන මම වගේ නූතන මනමෙලා තව කොපමණ නම් ඇතිද..?

විරාගය රාගය හා තනිවූ ඇය "ආලය"රාගයත්, රාගයෙන් තොර වූ විරාගයත් අතර අහිංසක වූද සුන්දර වූ ද ආලයක් පවතී..ඇය රාගයෙන් තොර සුන්ද...
23/04/2023

විරාගය රාගය හා තනිවූ ඇය "ආලය"

රාගයත්, රාගයෙන් තොර වූ විරාගයත් අතර අහිංසක වූද සුන්දර වූ ද ආලයක් පවතී..

ඇය රාගයෙන් තොර සුන්දර වූ ආලයකට ඇලුම් කලද ඇයට තෙවැනි පාර්ශවයෙන් ලැබෙන්නේනම් හුදෙක්වූ රාගයක් පමණක්මය...

දෙපසට විහිදෙන ලද මන්සන්දියක ඈ කල්පනා සයුරක කිමිදී සිටින්නීය..

වම් පසින් ඇයගේ අනියම් පෙම්වතා රාගිකව බලා සිටින අතර..දකුණුපසින් ඇගේ ස්වාමියා ආත්මගතවූ ගරුත්වයකින් බලාසිටියි..

ඈ කුමන නම් මගක් තෝරාගනීවිද..?

එය සිතන්නට ඔබේ හදවතට ඉඩ..

සටහන - හෂාන් කෝරළගොඩ

ලියන්ඩෝ නොවූවත් මා...නුඹ නම් මට....මොනාලිසෙකි....❤❤සටහන - හෂාන් කෝරළගොඩ
23/04/2023

ලියන්ඩෝ නොවූවත් මා...
නුඹ නම් මට....
මොනාලිසෙකි....❤❤

සටහන - හෂාන් කෝරළගොඩ

04/04/2023

කවුද මේ උලමා....?🙄

උලමා එහෙමත් නැතිනම් උලලේනා කියන සතා ගමක හැඬුවොත් ගමේ මලගෙයක් වන බව ගමේ මිනිස්සු දැන සිටියා..

උලමා යනු දරුවන් මෙලොව හැරදමා ගොස් වියෝවකින් පසු තැවෙන සත්වයෙක් යැයි එකල ගම්මුන්ගේ මතයක් උනා..

ඉතින් මේ ගීතට පාලු රැයක පැල් රකින ගොවියෙකුගේ තනිකම , උලමාගේ තනිකම අතර ද්විත්ව සන්නිවේදනයක් හා ගැමි කමක් රන්බන්ඩා සෙනෙවිරත්න මහතා ගැබ් කොට තිබෙනවා..ඒවගේම පීඩනයට ලක්වූ තරුණ විප්ලවයෙකුගේ දුකක් මේ ගීතයේ තියෙන බව ඇතැමුන්ගේ මතයයි..ගීතය ගායනය කරන්නේ ගුණදාස කපුගේ මහත්මා..
අද මේ ගීතය වෙනස් හැඟීමකින් වෙනස් ආකාරයකින් තරිඳු සත්සර ගායනා කරනවා..පටිගත කිරීම හා නාද සංකලනය කලේ මම..බලන්න ඒ තරුණ විප්ලවයාගේ හැඟීම ඔබට කෙසේ දැනේද කියා..

සටහන හෂාන් කෝරළගොඩ

සම්පූර්ණ වීඩීයෝව මෙතැනින්

https://youtu.be/01JsL2vLCpI

පොඩි සාදු..... දිනක් නිවසට ස්වාමීන්වහන්සේලා වඩම්මා දානයක් දෙන අවස්ථාවක දොරකඩ හිඳ පය දෝවනය කිරීමේ රාජකාරිය මට පැවරුනා.   ...
25/02/2023

පොඩි සාදු.....

දිනක් නිවසට ස්වාමීන්වහන්සේලා වඩම්මා දානයක් දෙන අවස්ථාවක දොරකඩ හිඳ පය දෝවනය කිරීමේ රාජකාරිය මට පැවරුනා.

මා පය දෝවනය කරන අතරතුරදී ලොකු ස්වාමීන්වහන්සේලාගේ වැහැරුණ දෙපා අතර සුදු පැහැති ඉතා කුඩා පා යුවලක් මා ලඟ නැවතුනා.මට එක්වරම එම ස්වාමීන්වහන්සේගේ මූණ බැලුනා.ඉතා ලපටි මා අනුමාන කල ලෙසට වයස අවුරුදු හයක් වත් හරිහැටි නොවන කුඩා හාමුදුරුනමක් මා ඉදිරිපිට හිටගෙන හිටිය.මා මවිත වූ බැව් උන්වහන්සේට වැටහුනත් ඒබව මාහට නොහැඟවන ලෙස සිවුර අතින් හදාගෙන ලොකු ස්වාමීන්වහන්සේ නමක් මෙන් උජාරුවට මා පසුකර ගියා..
පසුව දානය පිලිගන්වන අවස්තාවේ අතුරුපස බෙදීමේ රාජකාරියත් මාහට පැවරුනා.මා ඉහතකී පොඩි ස්වාමීන්වහන්සේ ලගට ගොස් "තව අයිස්ක්‍රීම් ටිකක් බෙදන්නද හාමුදුරුවනේ "‍ කියල ඇහුව.උන්වහන්සේ අතින් හරස්කරමින් "ඇති උපාසක මහත්තයා.."යයි කීව.
මගේ කට කොනකට සිනහරැල්ලක් නැගුනේ උන් වහන්සේට තවත් කෑමට ඇවැසි උවත් ඇත්ත සඟවා පිලිතුරු දුන් හැටියටයි...
ඉදින් මගේ සිතට විවිධ චිත්තරූප ගලා එන්න පටන්ගත්ත..
මේ ස්වාමීන්වහන්සේ මෙච්චර ලපටි වයසෙදි ශාසනයට පූජා කරන්න මොකද හේතුව.සමහරවිට අම්ම තාත්ත මේලෝකෙ නැතිවැති.සමහරවිට මේ පොඩි හාමුදුරුවොත් ආස ඇති ඒ වයසෙ අනිත් ළමයි වගේ අම්මගෙ උණුහුමට තුරුල් වෙලා ඉන්න,..සෙල්ලම්බඩු අරගෙන සෙල්ලම් කරන්න.
මට මැවිල පෙනුන බෝමලුවෙ වැලි තලාවෙ සෙල්ලම් කර කර ඉන්න පොඩි හාමුදුරුවො,පන්සලට කවුරුහරි ආවම සෙල්ලම පැත්තක තියල හාමුදුරුනමක් විදියට පෙනී ඉන්නව...පංසලේ හුදෙකලාව ඉන්නකොට අම්මගෙ උණුසුම තාත්තගෙ ආදරය මේ පුංචි හාමුදුරුවන්ටත් දැනෙනව ඇති....සම වයසේ කොලු ගැටයින් වගේ වෙලේ ඉපනැල්ලෙ දුව පැනල ඇලේ දොලේ නාල එන්න...කොහොමද එහෙම කරන්නෙ...මිනිස්සු බලාවි අමුතු විදියකට....මේ ස්වාමීන්වහන්සේ නමක් නේද කියල බනීවි..ගිහියන්ට ආදර්ශයක් වෙන්න ඕනි ස්වාමීන්වහන්සේ නමක් නේද කියල ලොකු හාමුදුරුවො බනීවි....
. ඉතිං මට මෙන්න මේ ගීතය මතක් උනා...මේ වගේ පුංචි සාමනේර නමක් ගැන ලියවුන ගීතයක් මේක..රසවිඳින්න කියල ඔයාල හැමෝටම ආරාධනා කරනව...ස්තුතියි..
සටහන:
හෂාන් කෝරළගොඩ(fb@Hashan koralagoda)

බෝ මලුවේ මල් සුවඳක පැටලී
අම්මා පෙව් කිරි සුවඳ ගලා එන්නේ
සුපුරුදු උනුහුමකට හිත සෑදී
ගේදොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ
දං බෝවිටියා කැලේ මැදින්
එන්න හිතයි නුඹෙ ලඟට සැනින්

එතෙර කරන්නම් හතර වරිගයම
සංසාරේ මේ යනගමනේ
චුට්ටක් සෙල්ලම් කරලා එන්නද
පුරුදු යහලුවන් හා සැනිනේ
එහෙම ගියත් ඒ අය පොඩි සාදූ
කියා කියනවිට වැඳවැටිලා
කොහොමද අම්මේ ඔට්ටු දුවන්නේ
වෙල් ඉපනැල්ලේ පැන දුවලා

භවයෙන් භවයේ පෙරුම්පුරා මම
භවුන් වඩා උපදින වාරේ
දිනයක් මතුදා හතර වරිගයම
එතෙර කරන්නම් සංසාරෙන්
ඉන්පසු ඇවිදින් අම්මේ ඔබලඟ
ඉන්නම් කිරි සුවඳේ එතිලා
කොහොමද අම්මේ එහෙම කරන්නේ
අම්මත් සසරෙන් එතෙරවෙලා

බියුගල් වාදකයෙකුගේ මතක පොතෙන් සුදු සේද පාවාඩය මතින් දිගටම වඩින.. ඔප දැමූ කළු පැහැති සය යුගල බූට් පෙළ.පියවරින් පියවරට හීන...
02/02/2023

බියුගල් වාදකයෙකුගේ මතක පොතෙන්

සුදු සේද පාවාඩය මතින් දිගටම වඩින..

ඔප දැමූ කළු පැහැති සය යුගල බූට් පෙළ.

පියවරින් පියවරට හීනවෙයි මතකයම..

නිලෙන් හා සුදු මුසුවු පසු බිමක මැද සිටින

අලියටත් දැනෙනවැති අපිට වගෙ කාංසිය...

ඉකිගසා හඬන්නන් අතර තුර අමුතු හඬ

කෑගසයි දුක් හඬින් ඉන් අතර කුඩා දුව..

අප්පච්චී ඇයිද අද දමා යන්නේ දුවව

කරල් දෙකකට බෙදා හරි මැදින් කෙස් වැටිය..

පුංචි තරු කැට දෙකකි දිළෙන ඇගෙ නෙත් යුගල..

මතක් විය මගෙ දෝනි..ගෙදර ඉන්නා විදිය..

මා ද මිය ගිය දිනක මා නොවන වෙනකෙකුද.

වයයි මේ සෝ රාව දිනෙක මා වෙනුවෙන්ම..

ඉකි ගසා හඬනු ඇත ඇය මෙලෙසම
එම දිනට...

හැරදමා කෙසේ නම් ඇය නැතුව බැහැ යන්න..

පියවි සිහියට පැමින..සීරුවෙන් සිටි සැමම

වෙවුළනා දෑතින්ද බොඳ වෙනා දෙනෙතින්ද...

වාදනය කලයි මම ඒ බියුගල් නදම..

සටහන - හෂාන් කෝරළගොඩ

සමහර මතකයන් කිසිදා මිය නොයයි.සිතින් මරන්නට උත්සාහ කලද යටි සිතේ හොරෙන් ලැගුම්ලයි..සිහිනෙන් යලි යලිත් ඒ මතකය ජීවත් වෙයි..ආ...
12/01/2023

සමහර මතකයන් කිසිදා මිය නොයයි.සිතින් මරන්නට උත්සාහ කලද යටි සිතේ හොරෙන් ලැගුම්ලයි..සිහිනෙන් යලි යලිත් ඒ මතකය ජීවත් වෙයි..ආදරය කියන්නෙ ලබාගැනීම පමණක්ම නොවේ..ඒ තුල පරිත්‍යාගයද තිබිය හැක..නැඟිටින්න ඔබ සිනාවෙන්නෙ සිහිනයෙන්මැයි..

ආයෙත් ඇවිල්ල...ඉඩෝර බිමට සින්න වී ගිය කාස්ටක පොලවට වැටුනු හිරිපොද මල් වැස්ස,, පොලවටම බින්න බැහැගෙන තිබුන  උනුසුම අහසට උද...
24/10/2022

ආයෙත් ඇවිල්ල...

ඉඩෝර බිමට සින්න වී ගිය කාස්ටක පොලවට වැටුනු හිරිපොද මල් වැස්ස,, පොලවටම බින්න බැහැගෙන තිබුන උනුසුම අහසට උදුරගත්තාද මංදා....ඇගේ හිරිගඩුත් එක්ක නාහෙට දැනුනෙ පොලවෙන් එන අමුතු පුසුඹක්....වීදියේ කෙලවරක ගරාවැටුනු කනුවක එල්ලී තිබෙන හැලජන් බල්බය තවමත් ආලෝකය සපයනව....කාලෙකින් වැස්ස ලැබුන නිසාදෝ ගෙම්බන්ට නම් රජ මගුල් වගේ....නවීන පන්නයේ මොටෝරියේ රෝදයට මඩ වලේ තිබුනු තරම් මඩ වතුර තාරකගෙ මුලු ඇඟම නැහැවුවා.....තාරක අහකට පැන්නත් නෑවිලා හමාරයි....වාහනය නැවැත්වුනා...

හරි ශෝක් මහත්තයෝ....සල්ලි තියන උන් කවද්ද පයින් බැහැල යන පොඩි මිනිහ ගැන හිතුවෙ...සල්ලි තියන එකා කවද්ද පොඩි මිනිහගෙ දුක දැනගත්තෙ...පයට පාගල උන්ගෙන් වැඩ ගන්නව මිසක්....මෝටර් රථයේ දොරක් ඇරුන...

අනේ මට සමාවෙන්න...මේ කලුවරට මම දැක්කෙ නැහැ මඩ වලක් තියනව...

මොනවා...!! මේ තාරක නේද...ඔයාට මාව අදුනගන්න පුලුවන්ද...

නෙලුම්....මේ ඔයා...දෙවියනේ වෙනස්වෙලා...

කොහෙද යන්නෙ...යමුකො නගින්න කාර් එකට..

පිස්සුද නෙලුම්...මේ ඇඟ පුරාම මඩත් එක්ක...මම පයින් එන්නම්...

අනේ ප්ලීස්..එන්න මා එක්ක...අනිත් එක ඔයා මඩ නෑවුනේ මම නිසානෙ...නගින්න...

නෙලුම් දොර ඇරිය...

හිරිපොද වැස්සට රථයේ ලාම්පුවෙන් ගෙනදුන්නෙ අමුතුම ලස්සන එලියක්...

ජීවිතෙත් හරියට පුදුමාකාර දෙයක් නේද තාරක...

හ්ම්...කොහේද මේ තනියම යන්නෙ..හැන්දැවෙ..

මේ ටවුමට කිට්ටුව තියනව දිස්පැන්සරියක්...ඒකෙ ඉන්න ඩොක්ට ලඟදි රත්නපුරේට ට්‍රාන්සර් යනවලු..ඉතිං මම බැලුවෙ මෙතන වැඩ කරන්න. මම වැඩකරන ඉස්පිරුතාලෙටත් මහ දුරක් නෑනෙ මෙතන ඉදල...අනික පඩියට අමතරව ආදායමකුත් එනවනේ...තාරක මොකද කරන්නෙ..

මම අර ඔයා හමු උන තැනම බාර් එකේ බාමන් කෙනෙක්...අද ටිකක් වේලාසන පැනගත්ත...

තාරක ඔයා දැන් වෙනස් වෙලානෙ..ටිකක් විතර මහත් වෙලා...හැන්ඩ්සම් වෙලා...වයිෆ් කොල්ලට හොදට සලකනව ඇති...

මොන වයිෆ්ද නෙලුම්....මේ තනිකඩ ජීවිතේ සැපයි...මගේ කිසිම වෙනසක් නෑ..ඉස්සර තාරකම තමයි...ඔයා මැරි කරලද...??

(නෙලුම් හිනාවෙන්න උනා)...තාරක..කැම්පස් එකේ පොතටම යට උනා...මෙඩිකල් කොලේජ් එකෙන් අවුට් උනත් හරි මට ආදරයක් ගැන විවාහයක් ගැන හිතාගන්න වෙලාවක් තිබුනෙ නෑ...අඩුම තරමෙ මම කෑම ගන්නෙත් වාහනේ යන එන ගමන්...

කොහොමත් ඉතිං කැම්පස් යන්න කලිනුත්..මම කියන්නෙ ඉස්කෝලෙ අන්තිම විභාග කාලෙත් ඔයාට ආදරයක් ගැන හිතන්න කාලයක් තිබුනෙ නෑනෙ...

අනේ මන්ද තාරක මට වෙලාවකට හිතෙනව මගේ ජීවිතේ කිසිම තේරුමක් නැති එකක් කියල..වෙලාවකට මැරෙන්නත් හිතෙනව...

පිස්සුද ඔයාට...

ඉතිං ගමේ ගියේ නැත්ද...

බෝඩිමේ ඉඳල මාසෙකට සැරයක් සති අන්තෙ ගෙදර ගිහින් එන්න යනව..

අ...ආ...මම ඔය ඉස්සරහින් බස්සන්න නෙලුම්....කතාවෙන් කතාව ඉන්න තැනටත් ඇවිල්ල...

තාරක මේ මගේ කාර්ඩ් එක..ඔයාට ඕනිම වෙලාවක මට කතා කරන්න..මේ තියෙන්නෙ මගෙ මොබයිල් නම්බර් එක...
නෙලුම් ඇස් පුංචි කරල හිනා වුනා..එයා හිනාවෙද්දි කම්මුල් වල ගැහිල ඇස් පුංචි වෙනව...බලන ඕනිම කෙනෙක්ට හරිම හුරතල්...

**************************************

තාරක කාමරයට ඇවිල්ල ඇදේ උඩුබැලි අතට වැතිරුනා....සිවිලිම නැති වහලේ උලුකැට මතින් මැවුනෙ නෙලුම්ව....නෙලුම් ඉස්කෝලෙ යනකාලෙ කොන්ඩෙ කපල ඉදියෙ ඩයන කට් එක....මට වඩා අවුරුදු දෙකක් බාලයි....නෙලුම් කියන්නෙ බොහොම නිහඬ චරිතයක්...කොල්ලො කියන විදියට අල්ලන්න අමාරු කෙල්ලෙක්...මට අදටත් මතකයි කොල්ලො මා එක්ක ඔට්ටුවක් දැම්ම පුලුවන්නම් යාලුකරගෙන පෙන්නපං කියල...මම නෙලුම්ව යාලු කරගත්ත...මුලින්ම මගේ හිතේ තිබුනෙ ඔට්ටුවේ අරමුන..ඒත් කාලයක් යද්දි මම එයාට ගොඩාක් ආදරේ කරන්න පටන්ගත්ත...එයා මට එක තත්පරයක්වත් නැතිව බැරි තරමට...
ඒ කාලෙ නෙලුම්ට ෆෝන් එකක් තිබ්බෙ නෑ...අම්ම ටීච කෙනෙක්...ඒත් එයා මැසේජ් කියවන්න දන්නෙ නෑ...අම්මගෙ ෆෝන් එකෙන් තමයි අපි කතා කලේ මැසේජ් කලේ....

"අයියෙ...මට කාලයක් දෙන්න...මට ඔයාව ඔලුවෙ තියාගෙන පාඩම් කරන්න බැහැ...පොතක් ගත්තොත් මට ඔයාවයි මතක් වෙන්නෙ...කිසිම දෙයක් මතක හිටින්නැහැ....ප්ලීස් මට ටික කාලයක් දෙන්න..මම ඔයාට පොරොන්දුවෙනව...ඔයා නැතිව මට වෙන කාවවත් ඕනි නැහැ..."

හොදයි නංගි .......මමත් බලා ඉන්නව...ඔයා එනකම්..."

ඒත් දෙවියනේ...මෙච්චර කාලයක් නෙලුම් තනියෙන් හිටියද...??
අනික දැං එයා වෛද්‍යවරියක්...මම වගේ කාලකන්නියෙක්ට කැමති වෙයිද...

තාරකගෙ ඇඟිලිතුඩු ෆෝන් එකේ අංක අතරෙ පැටලුනේ අවුල් මනසෙන්...

හෙලෝ...(අවුරුදු ගනනකට පෙර ඒ හුරතල් කටහඬ එහා කොනෙන් ඇහුන..)

තාරක...මම හිතුව ඔයා කොයිවෙලේකහරි ආයෙ කෝල් කරාවි කියල...මම ඔයාව බලාපොරොත්තුවෙන් හිටියෙ...

තාරකගෙ මුලු ඇඟම සීතල වෙලා යනව දැනුන..

සටහන:හෂාන් කෝරළගොඩ

ඔබ ආයෙමත් ඇවිදින්

ඔබ ආයෙමත් ඇවිදින්

සිත හදා ගත්තා විතරමයි

නුඹ ආයෙමත් ඇවිදින්

උන්නු දා පෙර අත පොවන්නට බැරි දුරින්

නින්ද මට නැති දවස් තිබුනද කොයි තරම්

නුඹ නොදැක සිටි දිගු කාලයේ - සිත හදා ගත්තා විතරමයි

නුඹ ආයෙමත් ඇවිදින්

දෑස අග මල් පිපී සැලුනද කොයි තරම්

එක මලක් වත් සුවඳ නැති විය ඔබ තරම්

නුඹ නොදැක සිටි දිගු කාලයේ - නෙත කඳුළු මැකුනා විතරමයි

ඔබ ආයෙමත් ඇවිදින්”

ගායනය - විශාරද අමරසිරි පීරිස්
පද රචනය - ධම්මික බණ්ඩාර
සංගීතය - ඩැනිස්ටර් පෙරේරා

මාළු බෝඩ් එක හා ජීවිතය  ගමේ සියලු දෙනාගේ හොඳ හිත දිනාගත් ආරියතිලක තනිවම ව්‍යාපාරයක් කරන්නට සිතා ගමේ හන්දියේ කඩපොලේ අයිනට...
23/10/2022

මාළු බෝඩ් එක හා ජීවිතය

ගමේ සියලු දෙනාගේ හොඳ හිත දිනාගත් ආරියතිලක තනිවම ව්‍යාපාරයක් කරන්නට සිතා ගමේ හන්දියේ කඩපොලේ අයිනට වන්නට මාළු වෙලඳසලක් පටන්ගැනීමට තීරණය කලේය..
සියල්ලන්ගේ සිත් දිනාගැනීමත් ඔහුගේ අහිංසක බවත් නිසා ව්‍යාපාරය දිනෙන් දෙනම දියුණු වෙන්නට පටන්ගන්නා ලදී.
වෙළඳසැලට ඉහලින් බෝඩ් ලෑල්ලක් ගැසීමට සිතූ ආරියතිලක "මාළු විකිණීමට තිබේ යනුවෙන්" බෝඩ් ලෑල්ලක් ලියා එහි සවි කලේය..
"මොකද්ද මේ බෝඩ් එකක් ගහගෙන කරන විහිලුව.."

කඩයට මාළු ගැනීමට නිරන්තරයෙන් පැමිණෙන පීතර බාස් උන්නැහේ ඇසීය..

"ඒ මොකද මාමෙ ඒ.."

"නෑ ළමයො..මේ කඩේ මාළු විකුණන්න තියෙන්නෙ කියල මේ පාරෙ යන බල්ලො පූසො පවා දන්නවා..ඉතිං ඇයි මාළු විකිණීමට තිබේ කියල ගහල තියෙන්නෙ..විකිණීමට තිබේ කියල විතරක් ගහන්නකො.."

පීතර බාස් කියූ දෙය ඇත්තක් බැව් ආරියතිලක එක හෙලා පිලිගත්තේය..ඔහු ඉක්මනින් බෝඩ් ලෑල්ල ගෙන "මාළු" යන්න මකා දමා නැවත එල්ලීමට කටයුතු කලේය..

"මොකද ආරියතිලක මේ බෝඩ් එක.."

"ඇයි ඒ.."

"මේ කඩේ මාළු නිකම් දෙනවද..නෑනෙ..ඉතිං හැමෝම දන්නවනේ මාළු විකුණනවා කියල..විකිණීමට තිබේ කියල මොකට ගහං ඉන්නවද.."

ආරියතිලක කල්පනා කලේය..මිනිස්සුන් කියන්නේ තමාට ආදරේටය.."මාළු" යන්න ඉවත් වී "තිබේ " පමණක් රැඳි බෝඩ් ලෑල්ල නවත සවි විය..

"මොකද පුතේ මේ මේ බෝඩ් එක"

"ඇයි මාමෙ.."

"ඇයි කියල අහන්නෙ මේ හැමදාම මාළු විකුණන කඩේ තිබේ කියල බෝඩ් එකක් ගහන් ඉන්නෙ..ඕන කෙනෙක් දන්නවනේ මේකෙ කොයි වෙලේත් මාළු තියනව කියල.."

මිනිසුන් තමාට ඇති ආදරේ නිසාවෙන් මෙසේ කියනා බැව් තේරුම්ගත් ආරියතිලක "තිබේ " යන්නද මකා හිස් බෝඩ් ලෑල්ල නැවත එල්ලන්නට විය..
ඔහුට මොකද්දෝ අඩුවක් හිස් බෝඩ් ලෑල්ල තුලින් දකින්නට විය..මෙතෙක් අන් අයට අවශ්‍ය පරිදි ජීවත් වීමෙන් තමාට හිමි වූයේ හිස් බවක් බව ඔහුට අවසානයේ තේරුම් යන්නට විය..
ඔබත් ඔබේ ජීවිතය අන් අයට ඇවැසි විදියට නොව ඔබේ සිතට එකඟව නිවැරදි යැයි සිතෙන දේ කරන්න..එයින් ඔබගේ නිදහස කෙදිනක හෝ බාධා නොවනු ඇත.

සටහන - හෂාන් කෝරළගොඩ

ලියුම් පෙට්ටිය කෙටි කතාව..
14/10/2022

ලියුම් පෙට්ටිය කෙටි කතාව..

• ලියුම් පෙට්ටිය...මොන මගුලක්ද..මේකෙ ඉවරයක් තියෙන්න ඕන...දවස් කීයක් නම් මේ වැඩේ කරන්නද.. ගේට්ටුවේ එල්ලා තිබූ ලියුම් පෙට්...
13/10/2022

• ලියුම් පෙට්ටිය...

මොන මගුලක්ද..මේකෙ ඉවරයක් තියෙන්න ඕන...දවස් කීයක් නම් මේ වැඩේ කරන්නද..

ගේට්ටුවේ එල්ලා තිබූ ලියුම් පෙට්ටියේ ලිපි ඉවතට ගන්නා කවුළුව දයාල් තදින් වසා දැමුවේ දැඩි කෝපයෙන් හා ඉවසුම් විරහිත වෙවුලන දෑතිනි...එය දිගු ඉවසීමක අවසානයේ කොමාවක් නොව නැවතීමේ තිත හැඟවීමක් වැන්නක්ය....

මොකද මනුස්සයෝ උදේ පාන්දරම පුපුරන්නෙ...ලියුම් පෙට්ටිය වහපු වැහිල්ලට ගේට්ටුවත් හෙල්ලුනා...

හැමදාම කවුදෝ මන්දන්නෙ නෑ..මීහරක් තකතීරුවෙක් මේකට ලියුම් දානව...ඒකා හිතාගෙන ඉන්නෙ මේක තැපැල් කන්තෝරුවෙ ලියුම් පෙට්ටිය කියල...දවසක් දෙකක් මම ඒක අරගෙන මුද්දර අලවල ටවුමෙ තැපැල් කන්තෝරුවෙ පෙට්ටියට ගිහිල්ල දැම්ම...කවුරු උනත් පව්නෙ කියල....හැමදාම මේක කරන්න පුලුවන්ද මම අහන්නෙ...මොකෙක්ද මන්දා....අදනම් හොඳ පාඩමක් උගන්නනව..කාට උනත්...

පුපුරුගසන කේන්තියෙන් සිටි දයාල් අතෙහි තිබුනේ අයිතිකරු කවරෙක්දැයි නොහඳුනනා සුපුරුදු බිඳුනු අත් අකුරින් යායුතු ලිපිනය පමණක් සටහන්ව තිබූ බත් ඇට වලින් අලවා තිබූ ලියුමක් බහාලන ලද ලියුම් කවරක් ය...

කාර්‍යාල කාමරයට වැදුනු දයාල් තම අත තිබූ‍ ලිපිය හතරට ඉරා බිම තිබූ කුණු කූඩයට විසිකර දැම්මේ ඉවසීමේ සීමාව පැන තිබූ නිසාවෙන්මය...

***************************

දින කීපයකට පසු හදිසි අවශ්‍යතාවයකට කාර්‍යාල කාමරයට පැමිණි අවස්තාවක කුණු කූඩයේ විසිකර දමා තිබූ ලිපිය දයාල් නෙත ගැටුනේය..

ගුලි වී තිබූ පිටු කැබලි අතරින් මතු වී ආ තමා මෙතෙක් කල් ලිපිනයෙන් පමණක් දුටු බිඳුණු අත් අකුරු නෙත ගැටුනු ඔහුගේ සිතට අමුතු අමුතු ආකාරයේ අදහස් ගලා එන්නට පටන්ගත්තේය...මෙතෙක් කල් තමා හට කුතුහලයක්ව තිබූ මේ සිදුවීම විසඳා ගැනීමට සිත පෙරැත්ත කලේය....අන් අයගේ ලියුම් කඩා බැලීම නොකිරීම දයාල්ගේ දැඩි ප්‍රතිපත්තිය වුවද,මෙතෙක් කල් නොවිසඳුනු අභිරහස විසඳා ගැනීමට තම සිත දිගින් දිගටම වද දෙන්නට පටන්ගත්තේය...
දයාල් හතරට ඉරා ගුලිකර කුණුකූඩයට දැමූ ලියුම කවරයෙන් ඉවතට ප්‍රවේශමෙන් ගෙන කැබලි එකට එකක් යා කරන්නට විය....


"" මගෙ දුවේ...

මීට කලින් එවපු ලියුම් වලට උත්තර උඹ එව්වෙ නැතත් ඒවා කියවල ඇති කියල මම හිතනව...තාත්ත උඹ හිතනව වගේ වැරදි නැහැ....එයාගෙ කටේ හැටි මම වගේම උඹත් දන්නවනෙ..අපි උඹ පුංචිකාලේ හැදුවෙ මලක් වගේ...බෝනික්කියෙක් වගේ ඇඳුම් එක එක අන්දලා හැඩ බැලුව තාමත් අද වගේ මතකයි...තාත්ත නිතරම කියෙව්වෙ උඹගෙ දරුවො ගැන...උන්ගෙ හිනාව තවමත් මැවිල පේනව..දැං දරුවො හුඟක් ලොකු ඇති මයෙ හිතේ....තාත්ත ලෙඩ ඇදේ...ටවුමෙ දිස්පැන්සරියෙන් බෙහෙත් ගත්තට අඩුවක් ඇත්තෙම නෑ....උන්දැ කියනව පුලුවන්නම් ඇහැ පියවෙන්න කලින් පුංචි එවුන් එක්කන් ඇවිත් උන්දැගෙ දෑහැට පෙන්නන්නලු...පරණ තරහවල් අමතක කරල වරෙං.උන්දට හොඳටම අමාරුයි...

මීට
උඹේ අම්මා..
ආර් ඇම්.කුසුමලතා

ඒයි...අර කුසුමලගෙ ගෙදර එක්තැන් වෙලා ඉඳපු ආරියපාල අයිය නැතිවෙලා...

බිරිඳගේ හඬට ලිපියෙන් ඉවතට ගිය දයාල්ගේ කඳුලු පිරි නෙත් නතර වූයේ ජනේලය දෙසය...ගේට්ටුවට උඩින් යාබද ලයිට් කනුවේ ගමේ කොලුගැටව් වගයක් ගජරාමෙට සුදුකොඩි දානව...

සටහන :හෂාන් කෝරළගොඩ

29/09/2022

ඉඳුසැව්

අයියා අපිට ඉස්සෙල්ල ග්ලාස් තුනකුයි ස්ප්‍රයිට් ලොකු එකකුයි ගේන්න.. ඒක ඉක්මන්ට ගේන්න...

මෙතන හොඳයි බං..නේද

ඔව්..මාරම නිස්කලංකයි ..

අපි ඉන්න ඕන උඹලට මේ වගේ තැනක් සෙට් කරල දෙන්න..

දාපං හොඳ සිංදුවක් ..

දැම්මම...!!

සොෆ්ට් එකක් දාපං..නිකම් පාවෙලා යන්න වගේ..

මේක හොඳයිද...

ශා පට්ට හොඳේ..

අසංකගෙ දැං සිංදු කියවිල්ල කෙසේ වෙතත් මේ පරණ සිංදු සෙට් එක මරු බං..

ඔය සින්දුව මට කවදාවත් අමතක වෙන්නැති සිංදුවක් බං..

ඇයි බූට් සීන් එකක්ද..

පිස්සුද බං...

ඕකෙ ලිරික්ස් ටික අරන් දීපං ...මම තේරුම කියන්න..මොකද ඕක මගේ ඕලෙවෙල් ප්‍රශ්නෙකට අහල තිබ්බ.සිංහල ප්‍රශ්ණ පත්තරේට..වචන ටික දීපංකො මම කියන්න තේරුම..

පැහැසර අරුණක ඉරමල පිපුණාවේ
යුගදුරු යුධ දුම සැණකින් නිවුනා වේ
හිමිදිරියේ... සීතල හීනෙක දැවටී වත්
පරවි පියාපත් ඇසුණාවේ..

සිත සිරකොට බැඳි දඬුවැට බිඳුනාවේ..
සිත සිත යාකර සෙනෙහස හැමුවාවේ..//

ලියවැල් ඇහැරී මල් යලි පිපුනාවේ..
දෑලම යාකර ඉඳුසැව් නැඟුනාවේ...//

පැහැසර අරණක හිරමල පිපුනාවේ කියන්නෙ මොකද්ද..

පැහැසර අරණ කියන්නෙ පිරිසිදු අහස කියලනෙ..

ඔව්..අඳුරු වලාවක් නැති පැහැදිලි වෙච්ච අහසට..උදේ ඉර පායන්න කියල කියන්නෙ...යුධ ගිනිදැල් වලින් නඟින කලු වළාවන් නැතිව උදේ අහස පිරිසිදු වෙලා ඉර පායන්න කියල කියන්නෙ..

යුගදුරු යුධදුම සැනෙකින් නිවුනාවේ..

කාලයක් පැවතිච්ච කුරිරු යුද්ධය මොහොතකින් නිවෙන්න කියල කවිය කියනව..

හිමිදිරියේ..සීතල හීනෙක දැවටීවත්..
පරවි පියාපත් ඇසුණා වේ

උඹලට රෑට නින්ද ගියාම හීන පේනව නේද..

හ්ම්ම්..

ඒව ගොඩාක් දිග හීන නේ..

හ්ම්..ඔව්..

එතකොට අපිට උදේ එලිවෙන ජාමෙට හීතලට පේන හීන කිසිම තේරුමක් නෑ..එකකට එකක් සම්බන්ද නෑ..චූටි වෙලාවයි පේන්නෙ..ආයෙ වෙන එකක් දකිනවා..

ඔව් ඒක හරි..

පරවියෙක් පියාඹද්දි තටු එකට සට පට ගාල වදිනව නේද..අන්න ඒ සද්දෙ අර මම කලින් කියපු කෙටිකාලයක් ඇතුලත පේන සීතල හීනෙන් වත් දකින්න කියල කවිය කියනව...ඒත් ඒ දේ කණ කැස්බෑව විය සිදුරෙන් බලනව වගේ වැඩක් කියල කවිය දන්නව..

සිත සිරකොට බැඳි දඬුවැට බිඳුනාවේ..
සිත සිත යාකර සෙනෙහස හැමුවාවේ..

සිත්වල ඇති ජාතිවාදී,වර්ගවාදි අදහස් නැති වෙලා එකිනෙකා දිහා සෙනෙහසින් දයාවෙන් බලන්න පුලුවන් වෙන්න කියල කියනව..

ලියවැල් ඇහැරී මල් යලි පිපුනාවේ..
දෑලම යාකර ඉඳුසැව් නැඟුනාවේ...

දෑල කියන්නෙ මොකද්ද...

ඉවුර නේද..

එතකොට ඉඳුසැව් කියන්නෙ මොකද්ද..

ඒකනම් ගූගල් කරල බලන්න ඕන..

එපා එපා ඕන නෑ..ඉඳුසැව් කියන්නෙ දේදුන්නට..එගොඩත් මෙගොඩත් යාකරල දේදුන්නක් පායන්න කියල කියන්නෙ ...ඒ කියන්නෙ උතුරත් දකුණත් යාකරන්න කියල....එදාට නිදාගෙන ඉන්න ලිය වැල් පවා ඇහෑරිලා ආයෙත් ලස්සන මල් පිපෙන්න ගනීවි..

ඔන්න ඕකයි සරළ තේරුම..

කවුද ලියල තියෙන්නෙ..

නිලාර් එන් කාසිම්..කියන්නෙ අසංක ප්‍රියමන්ත පීරිස්

බලං ගියහම උඹත් මහ පණිඩිතයෙක් තමා නේද ..

පංඩිතයෙක් නම් නෙවෙයි..ඒත් ඔය වගේ කතා කියන්න බයයි....මොකද උඹ හැම රෙද්දක්ම ලියල උඹෙ පිටුවෙ දානවනේ..

මේ පදවැල් අදටත් කොයිතරම් ගැලපෙනව නේද..මම බිම බලාගෙන බර කල්පනාවට වැටුන...

සටහන - හෂාන් කෝරළගොඩ

29/09/2022

චූන් පාන්..

හවස 3 පැනපු ගමන් ඇහෙන සිංදුවක් තමයි මේක..බාල මහලු කොයි කාටත් දන්නෙ නෑ කියලනම් කියන්න බැහැ...ඇත්තටම කිව්වොත් මේක අහලම එපාවෙලත් ඇති..

අද මම කියන්න යන්නෙ මේ සංගීත කොටස ගැන...මෙක ලියල තියෙන්නෙ ලුඩ්වින් වැන් බීතෝවන්.1810 දී තමයි මේක ලියවෙන්නෙ..මේ සංගීත ඛන්ඩයේ නම තමයි "Fur Elise"මෙය ජර්මානු බසින් "ෆෝ එලිස්" ලෙස සඳහන් වෙනව...

**කවුද බොලේ ඇලිස්...**

බීතෝවන් ගෙ ඉතිහාසය ගැන හොයල බලද්දි මේ සංගීත ඛන්ඩය ඔහු අතින් ලියැවෙන්නෙ "තෙරේස් මල්ෆට්ටි" හටයි..ඇය බීතෝවන්ගේ ගෝලයෙක්..1810දී වසන්ත සමයේ තෙරේසගෙ පියා තම නිවසේ උත්සවයකට බීතෝවන්හටත් ආරාධනා කරනව..බීතෝවන්ටත් මේක ලොකු රුකුලක්වෙනව..

**මල්ෆට්ටි නිවසේ සාදය**

බීතෝවන් තෙරේස වෙනුවෙන් පොඩි සංගීත ඛන්ඩයක් ලියනව.ඒක පොඩි කොටසක්..ඔහුගෙ බලාපොරොත්තුව මේ සාදය අතරතුර තෙරේස වෙනුවෙන් ලියපු මේ කොටස අමුත්තන් ඉදිරියේ පියානෝවෙන් වාදය කරල පෙන්නන එක වගේම ඇයහා විවාහ වීමට කැමැත්ත පලකිරීම...
ඒත් බීතෝවන් එදින අධික ලෙස මත්පැන් පානය කිරීම හේතුවෙන් මේ වැඩ දෙකම කරගන්න බැරි වෙනව..ඔහුට කරගන්න පුලුවන් උනේ එක දෙයයි..ඔහු ලියනව ඒ ඛන්ඩයට උඩින් "for Therese" කියල..ඔහුගෙ කැත අකුරෙන්..ඒත් මේක පසු කලෙක පෙනිල තියෙන්නෙ "For Elise" කියල..
මේක කෙනෙක්ට පහසුවෙන් වාදනය කල හැකි නිසා පසු කලක බොහෝම ජනප්‍රිය උනා..ලංකාවෙනම් ඉතිං ජනප්‍රිය උන විදිය දන්නවනෙ..චූං පාන්..

සටහන : හෂාන් කෝරළගොඩ

29/09/2022

❤ක්ෂිතිජ ආලය ❤

පොළව අහස හා කෙතරම් පෙමින් වෙලුනද ක්ෂිතිජය කිසිදිනෙක එක් නොවේ..

කවියෙකු තරුවකට කෙතරම් පෙම්කල ද කිසිදිනෙක ඔවුන් එක් නොවේ..

සඳ හිරුට කෙතරම් පෙම්බැන්ද මුත් කිසිදා හමුවීමක් නොවේ..

නෙළුම් මලක පෙත්තක ඇති සුමුදු බවට පිණිබිඳුවක් කෙතරම් ආල වැඩුවද කිසිදා එහි හමුවීමක් නැත්තේය.

ඈත සාගරයක යන නෞකාවකට මඟ නොවැරදී යන්නට ආදරයෙන් පාර කියාදෙන්නේ ගොඩබිම සිටින පහන් කනුවක්‍ ය..

නමුදු ..

කිසිදාක ඔවුන්ගේ හමුවීමක් නැත..

සෑම ප්‍රේමයකම අවසානය හමුවීමක්ම නොවේ..

සෑම ප්‍රේමයකම අවසානය වෙන්වීමක්ද නොවේ.

දුරින් හිඳ බලාහිඳීමත් ප්‍රේමයක්ම වන්නේය..

සටහන - හෂාන් කෝරළගොඩ

සුපෙම් හැගුම් ඔබෙන් එපා
මිතුරු දම් විනා
නෞකාවකි ඔබ ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ

තරු එළියෙන් රුදු රාත‍්‍රී කාලයේ
දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
කිසි දින අප හමු නොවන බව දනිම්
සිහිනය මිය යා යුතුය මේ ලෙසින්

දිවයුරු සැගවෙන මොහොතක තනිවී
ඉකි බිඳිනෙමි වියරු වී පාළුවෙන්
පි‍්‍රය දසුනකි තනි සිතට නොමැකෙනා
නෙතු වෙහෙසමි යළි දකින තුරු දුරින්

ගායනය - ප්‍රදීපා ධර්මදාස , ලක්ෂ්මන් විජේසේකර
සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - කපිල කුමාර කාලිංගයන්

23/07/2022

** තෙල් පෝලිම **

දමා එක නිවාඩුවක් සතියේ මැද දිනක
යන්නට සරසුනයි තෙල් ටිකක් ගහගන්න
රතු පාට කෙඳි කොස්ස වැලමිටට තද කරන්
හෙට ඉදේ යමු අරහෙ ආයෙ බෑ පහුවෙන්ට
බිරිඳ කච කච ගායි පාන්දර සීරුවට

ගියා සෙඩ් එක දෙසට පැමිණ නැත බවුසරය තවම නම් සෙඩ් එකට
කෙලක් නැති පෝලිමම දිව යනව හැතැම්මෙට

කඩ වීදි අතුරු මං මගහැරං සීරුවට
අමාරුව හොයාගෙන එක් වුනා කෙළවරට

උදෑසන දහය විය හිඳී මම හිටිම තැන
පසු පසම බැලූ කල කෙලක් නැත පෝලිමට
මට වඩා පිටුපසින් සිටන අය දකිනවිට
කටකොනින් සිනාසී හිස වනමි ලොකු කමට.

සවස් වන විට දැනුනු වෙහෙස බර කුසගින්න
කුමක් නම් කරන්නට අත යැවුමි කැබිය වෙත
අතට ගත් වතුර ටික ගිලමි කුස පිරෙන්නට

තුන හතර වන විටදි දුටුව ඒ රතු කැකුල
මන බඳියි සිත් පිනයි දකින හැම දෙන අතර

පතා ආ දෙව් දුවද සිටින්නේ මේ මෙතන
පියවි ලොව සිහින ලොව සිත දුවයි එහෙ මෙහෙට

දෙව් ලොවෙන් ආ දෙවිඳු ලෙසින් පෙනුනයි සැමට
දෑත් එක් කර වඳිමි සිපෙට්කෝ යන නමට

කැපී දොස් කෝටියක් දුරුවෙලා සෙත් වෙන්ට
පතනවා රියදුරුට ආදරෙයි පැලෙන්නට

බඩගින්න කුසගින්න කොහේ යන්නට ඇත්ද
සිතට ආ සවිය අත් දෙකම ගත්තයි උඩට

ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික ඉදිරියට
පෝලිමත් ඇදෙයි ටිකෙන් ටික සෙමින්මම

මසකටම හරියන්න තෙල් ගසමි අදම මම
සල්ලි දෙමි කොලුවාට ටැංකියම පිරෙන්නට

ටිකෙන් ටික ඉදිරියට යයි තවත් පෝලිමෙම
පෙනෙන්නට හැකිය ඈතින් රවුම් බෝඩ් එක

අතින් ගත් ගිනිසිලුව දුවන නිරුවත් සිරුර
වීදියේ කොනක ඇත පෝලිමේ කෙලවරෙම

වේගවත් විය පෝලිම යාම ඉදිරියට
සතුටු විය ඉක්මනින් මගේ වාරය ඒම

සෙඩ් එකට ලංවූ විට දැන ගතිමි හරි කරුණ
ගෙනා තෙල් බවුසරය ඉවර වී ඇති බවට

උදේ සිට සිටී මට දැනුනෙ නෑ කුසගින්න
කුමක්දෝ සිරවෙනව දැනුනෙ මගෙ ඔලු ගෙඩිය
නෙත් අගින් කඩා ආ කඳුලුකැට මහ වැස්ස
පිස දමා ඇසූ වෙමි තෙල් බිඳක් වත් නැතිද

බිඳක් නෑ මහත්තයො අපි මොනව කරන්නද

ගෙදර ආවෙමි සෙමින් කලකිරුනු සිත් ඇතිව.
ගැසුවාද තෙල් අනේ හෙට උදෙන් යමු ගමන

දිව ඇවිත් බිරිඳ සතුටින් අසයි දොරකඩට

පෝලිමේ ලං වන්ට තෙල් ඉවර වුනි අදට
අනේ අපි කල් දමමු ඒ ගමන අනිද්දාට

සටහන - හෂාන් කෝරළගොඩ

Address

Matara
Matara

Alerts

Be the first to know and let us send you an email when ඇසූ ගී නෑසූ සේ asu gi nasu se posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category