Mr onine

Mr onine දැනුම සොයන ඔබව සාදරයෙන් පිළිගනිමු

03/01/2025

Breaking 🔴
නව වෛරසයක් සීග්‍රයෙන් පැතිරී චීනයේ රෝහල් ෆුල් වෙන ගමන්.. චීනය තම රට තුළ හදිසි තත්වයක් ප්‍රකාශ කිරීමට සූදානමින්..

මේ තමා වයස අවුරුදු 9න් පහල ලෝක චෙස් ශූරතාව දිනා ගත් දක්ෂයා Thehas Kiringoda..😱❤️😍චෙස් ඉතිහාසයේ ලංකාවට ලැබුනු හොඳම සම්මාන...
14/12/2024

මේ තමා වයස අවුරුදු 9න් පහල ලෝක චෙස් ශූරතාව දිනා ගත් දක්ෂයා Thehas Kiringoda..😱❤️😍
චෙස් ඉතිහාසයේ ලංකාවට ලැබුනු හොඳම සම්මානය..

⚪️ විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා අයදුම් කිරීමට, එක්දින හෝ සාමන්‍ය සේවය වෙනුවෙන් දිනයක් වෙන්කර ගැනීම.2024.11.06 දින ...
25/11/2024

⚪️ විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා අයදුම් කිරීමට, එක්දින හෝ සාමන්‍ය සේවය වෙනුවෙන් දිනයක් වෙන්කර ගැනීම.

2024.11.06 දින සිට ගමන් බලපත් අයදුම්කරුවන්ගේ පහසුව සඳහා ගමන් බලපත් අයදුම් කිරිම සඳහා ලියපදිංචි වීමට නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක වේ.

1. ඒ අනුව 2024.11.06 දින සිට ශ්‍රී ලංකා ගමන් බලපත් අයදුම්කිරීම සඳහා www.immigration.gov.lk සබැඳිය ඔස්සේ පූර්ව ලියාපදිංචියක් සිදුකල යුතුය.එදින සිට ලියාපදිංචි වන අයදුම්කරුවන්ගේ, අයදුම්පත් භාරගැනීම ආරම්භ වනුයේ 2024.12.04 වන බදාදා දින සිටය.

2. එබැවින් 2024.12.03 වන අඟහරුවදා දින දක්වා මෙතෙක් පැවති ක්‍රමවේදය අනුව දින ලබාගත් අනුපිළිවෙලට ගමන් බලපත් අයදුම්පත් භාරදීමට හැකිවේ.

3. නව ගමන් බලපත් අයදුම්කරුවන්/දැනටමත් ගමන් බලපත්‍රක් හිමි/නැතිවු ගමන් බලපත් සඳහාද නව ක්‍රමවේද‍ය ඔස්සේ ලියාපදිංචි විය හැක.

4. පූර්ව ලියාපදිංචි ක්‍රමවේදය එක් දින සේවය සහ සාමාන්‍ය සේවය යන දෙවර්ගය සඳහාම වලංගු වේ.

5. ලියාපදිංචි වීම සඳහා ඉල්ලුම්කරුගේ වලංගු ජාතික හැඳුනුම්පත් අංකය හා වලංගු ජංගම දුරකථන අංකය අවශ්‍ය වන අතර ගමන් බලපත් අයදුම්පත් භාර දීමේදී එම ජාතික හැඳුනුම්පත් අංකය ඉල්ලුම්කරු සතු විය යුතුය.

6. වයස අවුරුදු 16 අඩු දරුවන් ගමන් බලපත් ලබා ගැනීමට ලියාපදිංචි වීමේදී මවගේ හෝ පියාගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කල යුතුය.

7. ඉහත අවශ්‍යතා සම්පූර්ණ කළ ඔබට, අදාළ අනුමත ඡායාරූපාගාරයකින් ලබා ගත් ඡායාරූපය ඇතුලත් රිසිට්පත සමඟ www.immigration.gov.lk වෙබ් අඩවියට ප්‍රවේශ වී “විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා දිනයක් වෙන් කර ගැනීම” යන අයිකනයට පිවිස එක් දින සේවය සහ සාමාන්‍ය සේවය සඳහා ලියාපදිංචිය සිදු කළ හැක.

8. ඔබගේ ලියාපදිංචිය සාර්ථක වුවහොත් අයදුම්පත ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ඔබට SMS පණිවුඩයක් හරහා දැනුම් දෙනු ලැබේ. අදාළ SMS පණිවුඩයට අනුව ඔබ විසින් තෝරා ගත් ස්ථානයට(ප්‍රධානකාර්‍යාලය,මාතර,නුවර,කුරුණැගල හා වව්නියාව යන ප්‍රාදේශීය කාර්‍යාල) සහ දිනයට අයදුම්පත හා අදාළ සියළු ලියකියවිලි වල මුල් පිටපත් රැගෙන මධ්‍යහ්න 12.00 ට පෙර පැමිණීම අනිවාර්යය වේ. එදිනට පැමිණීමට නොහැකි වන්නේ නම් ඔබට වෙන්කර ඇති අවස්ථාව අහිමි වන අතර වෙනත් දිනයක් සඳහා නැවත ලියාපදිංචි විය යුතුය.

9. දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීමෙන් තොරව දෙපාර්තමේන්තුව වෙත පැමිණීමෙන් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට ඔබට හැකියාවක් නොමැති බව කාරුණිකව දන්වමි.

- copied -

👍
06/11/2024

👍

‘‘මන් ඉපදෙද්දී අම්මට 48 යි. පවුලේ 11 යි. මට මන්දපෝෂනේ හැදිලා. අම්මා ගෙවල්වල ඇවිදලා අපට කන්න ගේනවා. මට අම්මට සලකන්න බැරිව...
31/10/2024

‘‘මන් ඉපදෙද්දී අම්මට 48 යි. පවුලේ 11 යි. මට මන්දපෝෂනේ හැදිලා. අම්මා ගෙවල්වල ඇවිදලා අපට කන්න ගේනවා. මට අම්මට සලකන්න බැරිවුණා. මම අදත් විශ්වාස කරනවා මගේ ජීවිතය නිර්මාණය කලේ ආදරය සහ කුසගින්න කියලා. හරියට වම් අතයි, දකුණු අතයි වගේ. ‘මැක්සිම් ගෝර්කි’ කියලා තියෙනවා,
‘‘ලොව සියල්ල නිර්මාණය වන්නේ මවගේ කිරිවලින් සහ හිරුගේ රැස්වලින් ’’
කියලා. ඒ වගේ මගේ ජීවිතේ නිර්මාණය කරන්නෙ ආදරය සහ කුසගින්න. අම්මා පිළිබඳව මට මුලින්ම මතක් වෙන්නෙ, අපි ඔක්කොම අම්මගෙ චීත්තෙ පොරවගෙන රෑට නිදාගන්න එක. අපේ පැත්ත සීතලයි. අපේ නිවෙස්වල පොරවන්න රෙදි තිබුණෙ නෑ. ඒ නිසා අම්මගේ චීත්තයට පොරකනවා, ඒක පොරවගන්න. අපේ පවුලේ දහදෙනයි. අම්මගෙ උණුසුම දැනෙන නිසා සුවඳ දැනෙන නිසා ඒක ලබාගන්න අපි පොර කනවා.
මට පස්සෙ කාලේ අවබෝධ වුණා අම්මගෙ චීත්තය කියන්නෙ බොහෝම සුවඳ වස්ත්‍රයක් නෙමෙයි කියලා. ඒ වගේම අම්මගෙ සුවඳ කියලා අපි කියන්නෙ අම්මගෙ සොටු, දහදිය, උයලා පිහලා ඉඳුල් දැලි ගෑවුණ සුවඳට. අපි එතකොට ආදරෙයෙන් වැලඳගෙන තියෙන්නෙ අම්මගෙ වේදනාව. අම්මගේ චීත්තය. එයින් අපිට අම්මගෙ සුවඳ දැනෙනවා.
මම උපන් දා ඉඳන් අම්මගේ ආදරය මට ලැබුණා. මම උපදින කොට අපේ අම්මට 48 යි. මම පවුලේ 11 වැනියා. අවු. 6 දී මම පාසල් ගිහින් ආවාම මම මව්කිරි බිව්වා. මට තවම හොඳට මතකයි ගමේ ගෑනියෙක් කිව්වා
“ ඕකෙ කොහොඹ ගාපං කියලා ”
ඒ මම හැමතිස්සෙම අම්මගෙ තනය උරන නිසා. මම තනයෙ එල්ලිලා මව්කිරි බිව්වට අපේ අම්මගෙ තනයේ මට දෙන්න මව්කිරි තිබිලා නෑ. ඒ නිසා අම්මා කරන්නෙ කහට කෝප්පයක් හදාගෙන තියන් කහට බිංදු ඇඟිල්ලට අරන් මගෙ කටේ තියන එක. ඒ මගේ බඩගිනි නිවන්න. කිරි නැති වෙන්න හේතුව අපේ පවුලෙ 10 දෙනෙක්. මම 11 වැනියා. මට අවු.12 වෙනකොට අම්මට 60 ක් විතර.
මට මතකයි ඉස්සර අම්ම ඉස්කෝලෙට එනකොට යාළුවො කියනවා මේ එන්නෙ උඹෙ අම්මා නෙවෙයි ආච්චි කියලා. නිකං හරි උර උර ඉන්න අම්ම තනය දුන්න එකෙන් මා අදහස් කරන්නේ අම්ම මට තිබුණු ආදරේ තරම.
අප්පච්චි ගොවියෙක් වුණත් අපි දරිද්‍රතාවේ පතුළටම ගියා. මට තවමත් හොඳට දැනෙනවා මැටි මුට්ටියේ බත ඉදෙන සුවඳ. තියෙන අප්‍රමාණ කුසගින්න නිසා ලුණු ටිකක් ඉහලා ඉක්මනට බත් කනවා. මිනිස්සු ලුණුයි බතුයි කන්නෙ හීල් බත් එක්ක නෙමෙයි. උණු බත් එක්ක. දැඩිම කුසගින්න නිසා ලුණුයි බතුයි කෑවා. දුප්පත් මිනිස්සු ලුණුයි බතුයි කනවා කියන කතාව ඇත්ත.
අපේ පවුලෙ පිරිමි 05 යි. ගැහැනු 05 යි. දුප්පත්කම කොච්චර වුණත් අම්මා කතරගම දෙවියන්ට ගිහින් භාර වුණාලු ඊළඟ එකා පුතෙක් වෙන්න කියලා. දරුවො සමාන වෙන්න.
ඊළඟට මට තියෙන මතකය චූටි කුස්සියේ අපි දහදෙනා පෝළිමට වාඩි වෙනවා. කෑම කන්න. අපි කන්නෙ බෙලෙක් පිඟන්වල. එක එක්කෙනාගෙ පිඟන් එක එක තරමෙ. ලොකු අයියට ගොඩක් කන්න ඕනෙ. මොකද ඌ කුඹුරෙ යනවා. මහන්සි වෙන නිසා. ඒගොල්ලන්ගෙ පිඟාන ගැඹුරුයි. අම්මා මුලින්ම බෙදන්නෙ අප්පච්චිට. ඊට පස්සෙ අපිට. පිඟන් අඩු වුණාම අක්කලා කන්නෙ මඩක්කුවේ. (අඩි වළඳේ) හැමෝටම බෙදලා අම්මා කවදාවත් බෙදාගන්නෙ නෑ. අපි 10 හරි 08 හරි ඉන්න අය කනතුරු අපේ අම්මා බත් බෙදාගන්නෙ නෑ.
අපි බත් ටික මුලින්ම වේගෙන් කාලා අන්තිමට ඇටේ ඇටේ කනවා. අපි දෙවෙනි පාර කන්න ආස වුණත් බෙදා ගන්නෙ නැත්තෙ අපෙ අම්ම කෑවෙ නැති නිසා. අම්මට කන්න තරම් බත් මුට්ටියේ තියෙනවද කියලා දන්නෙ නැති නිසා. එතකොට අම්මා දන්නවා අපි නොකා ඉන්නෙ අම්මට නැති නිසා කියලා. අන්න ඒ වෙලාවට බත් මුට්ටිය පෙන්නලා අම්මා ලස්සන වචනයක් කියනවා.
‘‘මට තියෙනවා මයෙ පුතේ, උඹලා තව චුට්ටක් කාපං”
කියලා. දැන් අප්‍රමාණව අම්මට තියෙන ආදරය වැඩිවෙනවා. බඩගින්න ජීවිතය උගන්වනවා. අන්න එහෙම තමයි කුසගින්න එක්ක ආදරේ ගොඩ නැඟෙන්නේ.
රෑට හිල්වෙච්ච ටකරං අස්සෙන් එළිය වැටෙනවා ‘ටෝච්’ එක ගැහුවා වාගේ ගොම පොළොවට. අපි අඟුරු කෑලි අරන් ඒවා රවුම් කරනවා. එතකොට ටික වෙලාවක් ගියාම ගොම පොළොවෙ ලස්සන රටාවක් මැවෙනවා. අපිට බිම අඳින්න අඟුරු කෑල්ල දෙන්නෙ අම්මා. අම්මට අකුරක්වත් බෑ.
මෙහෙම යනකොට මම ශිෂ්‍යත්වේ පාස්වෙනවා යහළබැද්ද කනිටු විදුහලින්. ඒ කාලයේ මගේ ශිෂ්‍යත්ව පන්තියේ ගුරුවරු වුණේ කරුණාරත්න ගුරුතුමා සහ මල්ලිකා දාබරේ ගුරුතුමිය. ඈ දැන් වත්තල පැත්තේ ඉන්නවා. මම හපුතලේ නගරයේ. ගම යහළබැද්ද. අම්මගේ නම පුංචි මැණිකා.
දරුවෙක්ට තියෙන ලොකුම ආසාව තමයි තමාව අගය කිරීම. හැබැයි නූගත් දෙමව්පියෝ දරුවා රටේ නායකයා වුණත් ඇත්තද බොල? කියලා අහයි. ඉතින්, ශිෂ්‍යත්වෙ පාස් වුණාම අම්මා මාව අගය කළා.
ගෙවල් ගාව හිටියා මනි අම්මා කියලා ගෑනියෙක්. ඒ කාලේ එයා බිත්තර විකිණුවා. බිත්තරයක් සත හතළිහයි. ඒ කාලේ බිත්තර හරියට අධිනිශ්චය වෙලා තිබ්බේ. අපේ අම්මා එක බිත්තරයක් ගෙනල්ලා තම්බලා බත් එකේ හංගලා මට දීලා කියනවා
‘‘පුතේ, ඕක අයිනට ගිහින් කාපං”
කියලා. ශිෂ්‍යත්වෙ පාස්වීම නිසාත්, මම පවුලේ බඩපිස්සා නිසාත් ඒ බිත්තරේ මට ලැබුණා වෙන්න පුළුවන්. අම්මා අනිත් අයටත් බිත්තර අරන් දෙන්න පුළුවන් නම් අරන් දෙනවා. ඒත් දුප්පත්කම ඒ සියල්ල මඬිනවා. අනික මට පොඩි කාලේ මන්දපෝෂණය හැදුණා. මම පස්ස පැත්තෙන් ගියා කියලා තමයි කට්ටිය කිව්වෙ.
ගමේ කට්ටිය කිව්වෙ ඔළුව ලොකු කොල්ලා කියලා. ගමේ එවුන් එහෙම කිව්වෙ මට මන්දපෝෂණය හැදුණාම ඔළුව ලොකු වෙලා ඇඟ පුංචි වුණ නිසා. ඒ කාලේ මට ඇවිදින්න බැරි නිසා මාව කරත්තයක දාගෙන තල්ලු කරගෙන ගියේ ජයන්ත කුමාර බන්දුලාච්චි කියන මගේ යාළුවා. දැන් හලාවත නල්ලදරංකට්ටුවේ පදිංචි වෙලා ඉන්නේ. මට ඒ යාළුවා දවසක් මුණගැහුණම කියනවා,
‘‘උපුල් ඔයාට පොඩි කාලේ මන්ද පෝෂණයනේ. මම තමයි ඔයාව කරත්තෙ තියාගෙන තල්ලු කරන් ගියේ”
කියලා. ඒ නිසා අම්මා බත් එකේ හංගලා බිත්තරයක් දෙන එක ඇතුළේ ‘පෝෂණය මදි’ කියන අර්ථයත් තියෙනවා. අම්මා මෙතැන දී ආදරය, මාතෘත්වය, අගය කිරීම උගන්වනවා. උඩරට පළාත්වල සිරිත් තියෙනවා සාමාන්‍යයෙන් කෝඩුකාරයෝ සිරීපාදේ නැඟල ආවාම උණු කැවුමක් හදාගෙන,
‘‘මයෙ අප්පා, කිරි කෝඩු කකුල්වලින් මහගිරිදඹේ නැංගද”
කිය කියා උණු කැවුමෙන් කකුල් තවනවා. ඒක අපේ අම්මා මටත් වෙනත් විදියකට කළා. අපෙ අම්මා මම ශිෂ්‍යත්වෙ පාස් වුණාම පොඩි කැවුමක් හදාගෙන මගෙ අත් දෙකම තවන ගමන් අම්මා කියනවා;
‘‘පුතේ, උඹ විභාගයක් පාස්ලු. මයෙ අප්පට කෝටියක් දේවල් ලියන්න ශක්තිය ලැබෙන්න ඕන. මහ මුහුද ගොඩ ගලනවා වාගේ සම්පත් ලැබෙන්න ඕන”
කිලා අම්මා සිරීපාදේ ගිය එකෙක්ගෙ කකුල් තවන විදියට මගෙ අත් දෙකම තවනවා. ඒ දවස්වල ඇතිවෙනවා මහා දුර්භික්ෂයක්. වර්ෂ වශයෙන් කිව්වොත් මට අවු. 09 දී විතර. 73 විතර. විශාල දුර්භික්ෂයක්.
(මේ ගැන මහාචාර්ය පුංචි බණ්ඩාර සන්නස්ගල මහතාගේ ‘සිංහල සාහිත්‍ය වංශය’ කියන පොතේ විශාල වශයෙන් දක්වල තිබ්බා. නමුත්, පසුකාලීනව දේශපාලන ආදී වූ විවිධ බලපෑම් නිසා ඒක ඉවත් කළා.)
මේ දුර්භික්ෂයේ තරම කොයිතරම් ද කිව්වොත් පාන් කෑල්ලක් ගන්න පෝලිම්වල හිටපු මිනිස්සු ඇදගෙන වැටුණා. ඒ තරම් කුසගින්න. අපේ ගම්වල මිනිස්සු හබරල අල තම්බලා කෑවා. කෙසෙල්බඩ තම්බලා කෑවා බඩගින්නට. මේ කාලේ අපි දවස් 02 ක් 03 ක් විතර බඩගින්නෙ හිටියා.
මේ කාලේ අපි අක්කලා එක්ක ගිහින් එහා පැත්තෙ වත්තෙ වැවිලා තිබ්බා ‘බුත්සරණ’ කියලා අල ජාතියක්. මේ බුත්සරණ අල තම්බලා කෑවා. මේවා ගොඩක් කෑවම මත්වෙනවා. මම අදටත් ආසාවට කන්න මේ පැළ ටිකක් හිටවගෙන තියෙනවා. මේ දවස්වල අපි වේල් 10, 15 ඉරිඟු තම්බලා කෑවා.
එක දවසක් උදේක තුවායක් කරේ දාගෙන අම්මා උදේ 6.00 ට 6.30 ට විතර හපුතලේ කන්ද මුදුනෙන් ඉර පායනකොටම වගේ ගෙදරින් පිටත් වෙලා යනවා. ළමයින්ට කන්න දෙන්න කෑම හොයන්න. අපි අඳුර වැටෙනකං බලන් හිටියා. අම්මා ආවෙ නෑ. රෑ 7.30 ට 8.00 ට විතර හපුතලේ කෝච්චිය හූවක් කියාගෙන පහළට බහිනවා ඇහෙනවා. ඒක තමයි සංඥාව අපි වෙලාව දැනගන්න.
අම්මා තවම නෑ. අපි ඇඬුවා. හපුතලේ පහුකරගෙන ඉදල්ගස්හින්න පැත්තට බඩු කෝච්චිය ගියාම අපි දන්නවා දැන් මධ්‍යම රාත්‍රියට ළඟයි කියලා. ඒක මුළු ගමටම සංඥාවක්.
ඊට පස්සෙ රෑ 12.00 ට විතර අම්මා ආවා ගෙදර. අම්මා උදේ ඉඳන් හපුතලේ ගම, වෙලන්හින්න, පහළ කඳුරුගමුව, විහාර කැලේ, දියතලාව, හපුතලේ, තංගමලේ කියන මේ හැම තැනකම ගෙවල් ගානේ ගිහින් ළමයින්ට කන්න මොනවා හරි අරන් එන්න. හැතැප්ම 10 – 15 ක් උදේ ඉඳන් ඇවිදලා අම්මා අරං ආවේ එක පිටි ගුලියක්.
ඒ ගෙදර රොටී හදන්න අනපු පිටි ගුලියක් අම්මා අරන් ආවා. අම්මට ඒ පිටි ගුලිය දීලා තියෙන්නෙ පොඩිහාමිනේ නැන්දා. ඉතින් අම්මා මේකෙන් රොටියක් හදලා දීලා හැමෝටම කෑල්ල කෑල්ල කන්න දීලා අපිව නිදි කෙරෙව්වා. ඒ තරමට මහා දුර්භික්ෂයක් තිබුණ කාලයක් ඒ.
ඊට පස්සෙ මට අම්මා ගැන කම්පාවෙන දවසක් එනකොට මම කැම්පස් එකේ දෙවන වසරේ. නිවාඩුවට ගමේ ගිය කාලෙක. ඒ දවස්වල ඉතින් ගමේ කොල්ලොත් එක්ක රස්තියාදු ගහලා, කෙල්ලො බලන්න ගිහිල්ලා, චිත්‍රපටි බලලා ඇවිල්ලා නිදාගන්නවා. ඒ කාලෙ හරියට සිගරට් බොනවා. මේ කාලේ මහ තක්කඩි කාලයක් විදියට මම දකින්නේ. ඉතින් මෙහෙම ගිහිල්ලා ඇවිත් නිදාගත්තම උදේට නැගිටින්න පරක්කු වෙනවා. තරුණ වයසනේ.
ඉතින් එක දවසක් උදේ නැගිටිනකොට හොඳටම පරක්කුවෙලා චිත්‍රපටිය බලන්න යන්න. ඒ කාලේ රීගල් ශාලාවෙ තමයි අපි චිත්‍රපටි බලන්න ගියේ. ඒ නිසා ඉක්මනට මුහුණකට හෝදගෙන බැලුවා කන්න මොනවද තියෙන්නෙ කියලා. රොටියක් තිබ්බා. දඩබඩ ගාලා රොටිය කාල ඇඳගෙන මිදුලට බහිනකොට අම්මා වත්තෙ තේ දළු කඩ කඩ හිටියෙ. (වත්තෙ කිව්වෙ අපේ ගේ ඉස්සරහ වවලා තිබ්බ තේ පාත්ති කිහිපයේ)
මම එළියට බහිනකොටම අම්මා ඈත ඉඳන් කෑ ගහලා මට කියනවා;
‘‘මයෙ පුතේ, කුස්සියේ රොටියක් හදලා ඇති. මටත් කෑල්ලක් තියලා කාපං මයෙ අප්පා”
කියලා. අම්මා මේක කියනකොට මම මුළු රොටියම කාලා ඉවරයි. දැන් අර සුගතපාල ද සිල්වාගේ ‘මරාසාද්’ නාට්‍යයේ කියනවා වාගේ තමන්ගෙම කෙස් වල්ලෙන් තමන්වම අල්ලන් කණපිට ගහනවා වාගේ හැඟීමක් ඇතිවුණා. මම මොහොතක්වත් ගෙදර හිටියෙ නෑ. ඒ වෙලොවෙම ගියා චිත්‍රපටිය බලන්න.
දැන් මට මගේ බඩවැල් ටික අල්ලලා වමාරන්න තරමෙ ශක්තියක් ඇතිවුණා. ඇයි? අම්මට නොතියා මුළු රොටියම මම කෑවට.
මිනිස්සු ස්වයං දඬුවම් දී ගන්නවනේ. මමත් එදා දවල්, රෑ, පහුවදා උදේ දවල්, රෑ කෑවේ නෑ. මම කුසගින්නේ සිටිය හැකි ප්‍රමාණය කොතරම් ද මම එතරම් හිටියා අර වරදට වන්දි ගෙවන්න. ඒක තක්කඩි රොටි කෑමක් විදියට මට පෙනෙන්නෙ.
පහෙන් පස්සෙ මම ජනානන්ද මධ්‍ය මහා විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ කරනවා. ඊට පස්සෙ මම ගෙදරින් පැනලා යනවා. ඊට පස්සෙ තමයි මම තර්ස්ටන් යන්නෙ. පිංපියොත් එක්ක, ගණිකාවෝ එක්ක, කුඩුකාරයො, ගංජා කාරයෝ, රස්තියාදුකාරයෝ, සමලිංගිකයෝ, තක්කඩියොත් එක්ක හිටපු එකේ ප්‍රතිඵලය තමයි මම කොළඹ සරසවියට යන්නෙ.
ඒ කාලෙ මං ගාලු මුවදොර පිටියේ බණ්ඩාරනායක ප්‍රතිමාව යට නිදාගත් දවස් තියෙනවා. කෝච්චි පෙට්ටිවල නිදාගත්තා. තර්ස්ටන් වලට එන්නේ විවිධ උපක්‍රම යොදලා. ඒක හෙළි කරන්න බෑ. තර්ස්ටන් එකේ යාළුවො ඒක දන්නවා. ඒ වගේම මා ගාව තියෙන සහතික මිටියත් ඒකට සාක්ෂි.
ඒ කාලේ (කොළඹ ඉන්න කාලේ) මම වියදමට සල්ලි හොයාගත්තෙ ගල්කිස්සෙ බෞද්ධ බාලිකාව ළඟ තිබ්බ පොළේ ඉරිදා සෙනසුරාදා ක්‍රෝටන් වගේ පැළ විකුණලා. තර්ස්ටන් එකේ ඉන්නකොට මගේ කෑම බිල ගෙව්වෙ දැන් ඇමෙරිකාවෙ ඉන්න මගෙ යාළුවා.
පියල් සසංක තවම බත්තරමුල්ලේ ඉන්න ගිහාන් ශ්‍රීනාත් අල්විස් මගේ යාළුවෝ තමයි ඒ කාලේ මගේ රැකවරණ යාළුවෝ.
එතකොට බ්‍රිගේඩියර් සත්‍යප්‍රිය ලියනගේ, මේජර් සමුදය, මහේන්ද්‍ර, මදන් මේ ඔක්කොම තර්ස්ටන් එකේ මගේ යාළුවෝ. තර්ස්ටන් එකේ්දී මගේ පෞරුෂය හැදුවෙ මේ යාළුවෝ.
මම විශ්වවිද්‍යාලෙට ගිහින් ලියනවා මගේ මුල්ම පොත ‘සරසවි දියණියෝ’. ඒක එළිදක්වන දවසෙ අම්මවයි, තාත්තවයි දෙන්නවම මම කොළඹ එක්කන් එනවා. අම්මට අකුරක්වත් බෑ. අප්පච්චි අන්ධයි. ඉතින් මම මගේ මුල්ම පොතේ ‘පිදුම’ ලියන්නෙ අම්මටයි. අප්පච්චිටයි.
‘‘දෑස නොපෙනෙනා හින්දා
මගේ පොතේ අකුරක්වත්
අප්පච්චී දකිනු කොයි ලෙසින්
අකුරු නොදන්නා හින්දා
අප්පච්චිට අහන් ඉන්න
අම්මා කියවන්නෙ කොයි ලෙසින්”
(සරසවි දියණියෝ පිදුම)
රංග කලංසූරිය තමයි මගෙ අම්මවයි අප්පච්චිවයි වේදිකාවට අරන් එන්නෙ. ඒ කාලේ රංග ආනන්දේ A/L ලියනවා. අප්පච්චි ගැන මුල් කාලයේ මට තිබ්බෙ ද්වේෂයක්. අම්මා දුක් විඳින ස්වරූපය පෙනෙන්න පෙනෙන්න දරුවෙකුගෙ හිතේ තාත්තට තියෙන ආදරය නැතිවෙනවා. වෛරයක් ඇතිවෙනවා. මට මගේ ජීවිතේ අපේ අප්පච්චි අවස්ථා දෙක තුනකදී හැර පැන්සලක් පෑනක් අරන් දුන්න කෙනෙක් නෙවෙයි. අම්මාගේ දුක් විඳින ස්වරූපය වැඩිවෙන්න වැඩිවෙන්න තාත්තා ගැන තියෙන වෛරය වැඩිවෙනවා. ඒක සාමාන්‍යයි.
මගේ අප්පච්චිට ඇස් දෙක පේන්නෙ නෑ කිව්වම මම එයාව නයනාරෝග්‍ය ශාලාවට ගේනවා කොළඹ. මම හැමදාම යුනිෆෝම් එක ගහගෙන යනවා අප්පච්චි බලන්න. අප්පච්චිට වෙනම ඇඳක් තිබුණෙ නෑ. ඇස්වාට්ටුවේ වැසිකිළිය ගාව පැදුරක් දාගෙන අප්පච්චි නිදි. මම යුනිෆෝම් ඇඳලා යන නිසා ඩොක්ටර් එක දවසක් මට කතා කරලා කියනවා;
‘‘පුතා, ඔයාගෙ තාත්තගෙ ඇස්වල ස්නායු මැරිලා තියෙන්නෙ. ලෝකෙ කොහේ රටක ගියත් මේක හොඳ කරන්න බෑ. මෙතනින් එහාට අප්පච්චිව හොඳින් බලාගන්න”
ඊට පස්සෙ ඒ දෙන්නා ජීවතුන් අතර ඉන්නා තාක් කල් මම ඒ දෙන්නව කොළඹ ගෙනල්ලා තියෙනවා මගේ හැම පොතක්ම එළිදක්වද්දි. අප්පච්චි බුද්ධි ගෝචර චරිතයක්. අම්මා භාව ගෝචර චරිතයක්.
ඊට පස්සෙ කාලෙදි, අවුරුදු පහක විතර කාලයක් මට අම්මව මගහැරෙනවා. ඒ නගරෙ ඇතුළෙ මම තනිවෙච්ච කාලයේ. ඕනම කෙනෙකුට අම්මව මඟහැරෙන කාලයක් තියෙනවා. ඒක සාමාන්‍යයි. ඇත්තටම මේ මගහැරීම එන්නෙ කාර්ය බහුල ජීවිතෙත් එක්ක.
ගෙවල් හදන්න පටන් අරන්, ආර්ථිකය ගොඩනඟා ගන්න කාලයේ දී මට අම්මව මග හැරෙනවා. හැබැයි ඒක අමතක වීම නෙමෙයි. මග හැරීමක්. ‘ලතා මංගේශ්කාර්’ කියනවනේ ‘කසාද බඳින්න අමතක වුණා’ කියලා. ඒ නිසා අතිශය කාර්යබහුලත්වය කාලකණ්නි මගහැරීමක් කරනවා.
මේ කාලය ගැන මම කාරණා 02 ක් මතක් කරන්න කැමැතියි.
මේ කාලයේ මත්තෙගොඩ ගෙදර හදන කොට අම්මටයි, අප්පච්චිටයි වෙන වෙනම කාමර 02 ක් හදනවා. මං ගාව ගෙනැල්ලා තියාගන්න. තවමත් මගේ ගෙදර ඒ කාමර දෙක තියෙනවා.
0අම්මාට තරම්ම මම අදත් ගරු කරනවා බිබිලේ ඉන්න මගෙ ප්‍රේමා අක්කාට. එයා විවාහ වෙලා ඉන්නෙ ඇන්ටන් කෲස් මරියදාස කියන ද්‍රවිඩ වෛද්‍යවරයෙක් එක්ක. අක්කට මම ණයගැති වෙන්න හේතුව මගේ ඇල්ම බැල්ම තියෙන කාලයේ නෙමෙයි, මට අම්මව මගහැරුණු කාලයේ අම්මව හොඳින් බලාගත්ත එක ගැන.
ඒ මඟහැරුණු කාලයේ ඒ කිව්වෙ අක්කා ගාව අම්මා හිටිය කාලේ හිටපු ගමන් අම්මා කඳුළක් හලල කියනවලු
‘‘මට පොඩි එකා බලන්න යන්න ඕන”
කියල. අම්මා ගැන කියනකොට මට මතක් වෙන අනෙක් ලස්සනම සිද්ධිය තමයි පොඩි කාලේ අපේ අම්මා අක්කලාටයි අයියලාටයි උගන්වන්න අම්මගෙ සාරි විකුණලා තියෙනවා. කුලී වැඩ කරලා තියෙනවා. කරාබු, මාල විකුණලා තියෙනවා. දරුවන්ගේ අධ්‍යාපනය උදෙසා මම උපදිද්දී අම්මා කණකර ආයිත්තම් කිසිවක් නැති ගැහැනියක්. ඒ නිසා අම්මා හරි ආසාවෙන් හිටියා ‘අගස්ති මාලයක්’ පළඳින්න.
අම්මා කියනවා,
‘‘පොඩි එකා කවදහරි ඉගෙනගෙන මට අගස්ති මාලයක් ගෙනැල්ලා දෙයි’’
කියලා. අගස්ති මාලය තමයි අම්මාගේ හිතේ අධිනිශ්චය වෙලා තිබුණේ. ඒ තුළ තිබුණේ අගස්ති මාලයක් ලබා ගැනීමම නෙමෙයි. ඌ හොඳට ඉගෙන ගනියි කියලා. අගස්ති මාලය තුළ මේ පැනනඟින්නේ අම්මා තුළ මා ගැන තිබූ විශ්වාසය. අනික අම්මා බලාපොරොත්තුවෙන් හිටියා කවදාහරි දඹදිව යන්න.
බිබිලේ අක්කා බැන්දේ කතෝලිකයෙක්. ඒ නිසා එයා නත්තලට වෑන් එකේ කොළඹ එනවා පල්ලියට. මේ ගමන් අම්මයි අක්කයි අයියයි අපේ ගෙදර එන නිසා මමත් ලෑස්ති වුණා අම්මට සැපදෙන්න. කට්ටිය දැන් කෙසෙල් කැන් අරගෙන මුං ඇට කැවුම් අරගෙන ආස්මී, කැවුම් අරගෙන එන්න ලෑස්තිය.
බිබිලේ අය මෙහේ එද්දි බිබිලේ ගේ බලාගන්න කවුරුත් නැති නිසා හපුතලේ කට්ටිය බිබිලෙ ගෙදරට එනවා ගේ බලාගන්න කියලා. වෑන් එකේ මෝටරේ බුෂ් ගිහින් කියලා අක්කයි අයියයි ගරාජයට ගිහින් තියෙනවා වාහනෙත් අරන් බුෂ් එක හදන් එන්න කියලා. මේ නිසා හිටපු අනිත් අය අම්මට විහිළු කළා.
‘‘හූ හූ අපි කිව්වනේ අම්මව එක්කන් යන්නෙ නෑ කියලා. ඒ දෙන්නා තනියම ගියා”
අම්මා හෙමිහිට නැගිටලා අතගගා ගිහිල්ලා බැලුවා. පහල වාහනේ නෑ. එකපාරටම අම්මගෙ මොළයේ නහරයක් පිපිරුවා. එදා මම මහනුවර පන්ති. කැප්පෙටිපොළ ශාලාවේ. මම පන්ති ඉවර වෙලා පේරාදෙණියෙ මල්වත්ත පහුකරනවත් එක්කම මට දුරකතන ඇමතුමක් ලැබෙනවා. අම්මට අසනීප වෙලා ඉස්පිරිතාලෙට ඇතුළු කළා කියලා. අසනීප වුණා කියපු ගමන්ම අවිඥානිකව මගේ හිතේ ඇතිවෙනවා අම්මා මැරුණා කියලා. මම ඒ වෙලාවෙම වාහනේ හරවගෙන බිබිලෙ යනවා. දහඅට වංගු පැනලා බිබිලෙට යද්දී එදා මධ්‍යම රාත්‍රිය විතර වෙනවා.
මම ගෙදර ගියාම මම කිව්වා මට අම්මව බලන්න ඕන කියලා. කට්ටිය කිව්වා බෑ දැන් යන්න වෙන්නෙ නෑ හෙට උදේ තමයි ආයෙ ලෙඩ්ඩු බලන්න පුළුවන් කියලා. මම කොහොම හරි අම්මව බලනවයි කියලා හිතාගෙන තව දෙන්නෙක් තුන් දෙනෙක් එක්ක ඉස්පිරිතාලෙ තාප්පෙන් පැනලා ගියා වාට්ටුවට අම්මව බලන්න.
ඒ වෙද්දි අම්මා හුස්ම ගන්නවා පේන්නේ නෑ. ඇස් වැහිලා. ඇඟ හොඳටෝම සීතල වෙලා. බෙහෙත් පොවන්නත් බෑ. හැබැයි හෘද ස්පන්දනය වැඩ කරනවා. අම්මා මැරුණේ නැති මළ මිනියක් වෙලා.
අනික් අය වටවෙලා ‘අම්මා’ ‘අම්මා’ කියලා කෑ ගහනවා. ඒත් අම්මා ඇස් ඇරලා බැලුවෙ නෑ. මම හෙමිහිට අම්මා ළඟට ගිහිල්ලා ‘අම්මා, අම්මා’ කියලා දෙපාරයි කතාකෙරුවෙ. අම්මගේ හෘද ස්පන්දනය එක පාරම වැඩිවුණා. අම්මා හෙමින් සැරේ ඇස් ඇරලා යන්තම් අත උස්සලා මගේ අත අල්ල ගත්තා. මෘත දේහවලටත් දරුපෙම නිසා පණ එනවයි කියන කතාවත් ඇත්ත.
1997.12.26 දා ඒ කියන්නෙ ඊට පස්සෙ දවසෙ අම්මා මැරෙනවා. ඒ වෙද්දි අම්මට වයස අවුරුදු 81 යි. අම්මට උප්පැන්නයක් නැති නිසා මං ඉපැදුණු වසරෙදි අම්මට 48 යි කියන මතකයෙන් තමයි වයස හැදුවෙ.
අම්මව වළේ දානකං මම ගියේ නෑ අම්මගේ මෘත දේහය බලන්න. කොටින්ම කිව්වොත් මම අම්මගේ මෘත දේහය බලන්න ආසවුණේ නෑ. අම්මා පවුලේ වැඩිපුරම ආදරේ මට කියන එක මම තහවුරු කරගත්තා අම්මා මැරෙන්න මොහොතකට පෙර හරි. මම කැමැති වුණේ නෑ අඬලා දුක්වෙලා ඒ මතකය නැතිකර ගන්න. ඒ නිසා මම අම්මගේ මෘත දේහය බැලුවෙ නෑ.
අම්මාට තාත්තාට ණය ගෙවන ක්‍රම තියෙනවා.
▫️මානසික ලෙස
▫️භෞතික ලෙස
මම මානසික ණය ගෙව්වා. ශිෂ්‍යත්වය පාස් වුණා. පොත් ලිව්වා. ‘සන්නස්ගල’ කියලා පත්තරේක තිබ්බත් ඒ මගේ පුතා කියලා සතුටු වෙන්න, ආඩම්බර වෙන්න පුළුවන්කම ඇති කළා. නමුත්, මට භෞතික ණය ගෙවන්න බැරිවුණා.
අම්මට අගස්ති මාලයක් අරන් දෙන්න මට බැරිවුණා. අම්මට අඳින්න සාරි ගෙනැත් දෙන්න අම්මව දඹදිව එක්ක යන්න මට බැරිවුණා. ඊට පස්සෙ කාලෙක මම ඉන්දියාවෙ ගියාම අගස්ති මාල 50 ක් බෙදුවා. සාරි බෙදුවා. 2007 ජනානන්ද පිංකමේ දී ගමේ ගෑනුන්ට සාරි දුන්නා.
දෙමාපියො මැරුණම දරුවො පශ්චාත්තාප වෙන්නෙ අර මගහැරුණු කාලෙ ගැන විතරයි. අපි කිසිවිටෙක හිතන්නෙ නෑ අම්ම තාත්තා දැන් මැරෙයි කියලා. මොහොතකටවත් අම්මා තාත්තා අතාරින්න එපා ඒ මොහොතෙදි අම්මා තාත්තා මැරේවි.
එතකොට තමයි හිතෙන්නෙ 'ෂහ්' මට මොකුත් කරන්න බැරිවුණානේ කියලා. ඒ නිසා මගේ මේ ජීවන අත්දැකීම ගැන යම් කෙනෙක් හරි හිතනව නම් මොහොතකටවත් අම්මා තාත්තා අතාරින්න, මඟහරින්න එපා කියලයි කියන්න තියෙන්නෙ.
ආදරය, සෙනෙහස වගේ දේවල් කිසි විටෙක මඟහරින්න එපා. ආදරය මඟ හැරුනම මරණය ළං වෙනවා. ආදරය අපිව දාලා යනවා. මගේ පපුව තවමත් කැක්කුම තියෙන්නේ අම්මව මට මඟහැරුණ නිසා. ඒක මේ ආත්මයේ ගෙවලා ඉවර කරන්න බෑ.”
- උපුල් ශාන්ත සන්නස්ගල -
━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
මේ සටහන උපුටා ගන්න විශේෂ හේතුවක් වුණේ මං පාසල් කාලෙ ඉඳන් අද වෙනතුරාම කියවපු පොත් වල 'පිදුම' අතරින් මට කටපාඩම් , මං ගොඩාක් කැමතිම, සංවේදීම පිදුම තමයි "සරසවි දියණියෝ " පොතේ පිදුම. ඒක අදටත් වෙනසක් වෙලා නෑ .
"දෑස නොපෙනෙනා හින්දා
මගේ පොතේ අකුරක්වත්
අප්පච්චී දකිනු කොයි ලෙසින්
අකුරු නොදන්නා හින්දා
අප්පච්චිට අහන් ඉන්න
අම්මා කියවන්නෙ කොයි ලෙසින්"
💔☹️🥹
©️ උපුටා ගැනීමකි 🌷

30/10/2024
මෙම සිදුවීම කර්නාටක ප්‍රාන්තයේ කොම්බාරු අභයභූමියට යාබද තානායමේදී සිදු වූවක්. දිවියෙක් බල්ලෙකු පසුපස හඹා යමින් සිටියේය. බ...
30/10/2024

මෙම සිදුවීම කර්නාටක ප්‍රාන්තයේ කොම්බාරු අභයභූමියට යාබද තානායමේදී සිදු වූවක්.

දිවියෙක් බල්ලෙකු පසුපස හඹා යමින් සිටියේය. බල්ලා ජනේලයකින් වැසිකිළියට ඇතුළු විය. වැසිකිළිය පිටතින් වසා තිබුණි. දිවියා බල්ලා පිටුපසින් ඇතුළු වූ අතර දෙදෙනාම වැසිකිළියේ සිරවී ඇත. දිවියා දුටු බල්ලා කලබල වී නිහඬව එක් මුල්ලක වාඩි විය. ඔහු බුරන්නට පවා එඩිතර වූයේ නැත.

දිවියා බඩගිනි වී බල්ලා එළවාගෙන ආවත් ඔහු බල්ලා සපා කෑවේ නැත. එක පිම්මකින් බල්ලා ඉරා දමා ඔහුට රාත්‍රී ආහාරය ගත හැකිව තිබුණි.

නමුත් සතුන් දෙදෙනා පැය දොළහකට ආසන්න කාලයක් විවිධ කොන් වල එකට සිටියහ. මේ පැය දොළහ තුළ දිවියාද නිහඬව සිටියේය. වන දෙපාර්තුමේන්තුව විසින් නිර්වින්දනය කර දිවිය අල්ලා ගත්තේය.

දැන් ප්‍රශ්නය, බඩගින්නේ සිටි කොටියා ලේසියෙන් පුළුවන් වෙලාවක බල්ලව මරා නොකෑවෙ ඇයි ??

වනජීවී පර්යේෂකයන් මෙම ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ මෙලෙසය:

ඔවුන්ට අනුව, වන සතුන් ඔවුන්ගේ නිදහසට ඉතා සංවේදී ය. ඔවුන්ගේ නිදහස අහිමි වී ඇති බව දැනගත් වහාම, ඔවුන්ගේ කුසගින්න අමතක කිරීමට තරම් ඔවුන්ට දැඩි ශෝකයක් දැනිය හැකිය. ආමාශය පෝෂණය කිරීම සඳහා ඔවුන්ගේ ස්වභාවික අභිප්රේරණය මැකී යාමට පටන් ගනී.

නිදහස සහ සතුට එකිනෙක සම්බන්ධයි. එනම් අපට අවශ්‍ය ආකාරයට සිතීමට, ක්‍රියා කිරීමට සහ ජීවත් වීමට ඇති නිදහසයි.

(උපුටා ගැනීමකි.
සටහනෙහි මුල් අයිතිය සම්පාදකවරයා සතුය.)

දුව ඉස්කෝලෙට දැම්මා....උප්පැන්නෙ ඇහුවෙත් නෑජාතකේ බැලුවෙත් නෑID බැලුවෙත් නෑපාසලට තියෙන දුර ඇහුවෙත් නෑග්‍රාමසේවක සහතික ඇහු...
29/10/2024

දුව ඉස්කෝලෙට දැම්මා....

උප්පැන්නෙ ඇහුවෙත් නෑ
ජාතකේ බැලුවෙත් නෑ
ID බැලුවෙත් නෑ
පාසලට තියෙන දුර ඇහුවෙත් නෑ
ග්‍රාමසේවක සහතික ඇහුවෙත් නෑ
චන්ද නාමලේඛන බැලුවෙත් නෑ

Welcome pack කියල විස්තර අඩංගු කොල ටිකක් දුන්නා. Application එකක් තිබ්බා ළමයගෙ නමයි උපන් දිනයයි, ලිපිනයයි, parents ලගෙත් ඒ details ටිකයි contact details ටික.

Meals වලට allergy තියෙනවද අහනවා. දවස් 05 ට පෝශ්‍යදායි කෑම වේල් 05 ක් ලැබෙනවා. Teacher සහ parents ලට communicate කරන්න app එකක් තියෙනවා. ළමයගෙ ක්‍රියාකාරකම් ඒකෙ දානවා. photos, Video වලින් අපිට බලන්න පුලුවන්.

ඒ වගේම ගෙදරදි කරන වැඩත් අපිට upload කරන්න පුලුවන් teacher ට ළමයා ගැන අවබෝධක් ලබා ගන්න.

ළමයි 25 යි, teacher ලා 03 දෙනයි. හැම සති 05 කට සතියක් නිවාඩු තියෙනවා. ඉස්කෝලෙ ඇතුලෙ ළමයට සෙල්ලම් කරන්න ඇති තරම් දේවල් තියෙනවා.

අධ්‍යාපනය සම්පූර්ණයෙන් නොමිලේ. Meals සම්පූර්ණයෙන් නොමිලේ.

පහසුකම් ගාස්තු, ඉස්කෝලෙ තීන්ත ගාන්න, පන්ති කාමර සුද්ද කරන්න ඒවාට සල්ලි යන්නෙ නෑ. Uniform kit 04 ක් ගත්තා super market එකෙන්. පැය 02 ක පඩිය පවුම් 20 ක් ගියා.

දැඩි අධිෂ්ඨානයක් තිබ්බා ළමයාව ලංකාවෙ ඉස්කෝලෙ දාන්නෙම නෑ කියලා. ඒක ඉෂ්ඨ කර ගත්තා. ඒ තරමට ලංකාවෙ අධ්‍යාපනය ගැන කලකිරීමක් තිබුණේ.

🔖 පසුවදන

මගේ ළමයා මෙහෙ ඉස්කෝලෙ සෙල්ලම් කරල සතුටින් ඉන්දැද්දි ලංකාවෙ අලුතින් ඉස්කෝලෙ ගිය පැටවු ටික දවස පුරා පොත්වල අකුරු පුරවනවා ඇති.

දවල්ට හරිහමන් කෑමක් නැතුව බඩගින්නෙ ඉන්න ළමයෙකුට ළමයි 40 කට තනි teacher කෙනෙක් ගිරිය කඩාගෙන බෙරිහන් දෙනවා අහගෙන ඉන්න කොට කොච්චර පීඩනයක් ඇතිද?

School uniform එකයි පහසුකම් ගාස්තු ගෙවලා ණය වෙලා හරිහමන් කෑමක් නැතුව දුක්විදින දෙමාපියන් කී දාහක් ඇත්ද?

නිදහස් අධ්‍යාපන ක්‍රමයක් තියෙනවද කියලා හිතලා බලන්න. ක්‍රමය වෙනස් කරන්න එකතු වෙන්න. අපේ රටේ පුංචි පැටවුන්ට හරි අධ්‍යාපන ක්‍රමයක් හදන්න කාටද අකමැති වෙන්න පුලුවන්?


✍️ Ravinda Mahawatta
©️ උපුටා ගැනීමකි 🌷

ඔබට අසීමිතව නොමිලේ පොත් ඩවුන්ලෝඩ් කරගත හැකි වෙබ් සයිට්ස් 1. Planet eBook: https://planetebook.com/2. Free-eBooks.net: ht...
28/10/2024

ඔබට අසීමිතව නොමිලේ පොත් ඩවුන්ලෝඩ් කරගත හැකි වෙබ් සයිට්ස්

1. Planet eBook:
https://planetebook.com/

2. Free-eBooks.net:
https://www.free-ebooks.net/

3. ManyBooks:
https://manybooks.net/

4. Librivox:
https://librivox.org/

5. Internet Archive:
https://archive.org/details/books

6. BookBub:
https://www.bookbub.com/

7. Open Library:
https://openlibrary.org/

8. BookBoon:
https://bookboon.com/

9. Feedbooks:
https://www.feedbooks.com/

10. Smashwords:
https://www.smashwords.com/

11. Project Gutenberg:
https://www.gutenberg.org/

12. Google Books:
https://books.google.com/

13. PDFBooksWorld:
https://www.pdfbooksworld.com/

14. FreeTechBooks:
https://freetechbooks.com/

15. Bookyards:
https://www.bookyards.com/

16. GetFreeBooks:
https://www.getfreebooks.net/

17. eBookLobby:
https://www.ebooklobby.com/

18. FreeComputerBooks:
https://www.freecomputerbooks.org/

19. Libgen:
https://libgen.is/

20. ManyBooks:
https://manybooks.net/

තාරු පරණවිතාන

ජෝර්ජ් මැක්ලෝරීන් 1948 දී ඔක්ලහෝමා විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ ප්‍රථම කළු ජාතිකයාය..ඔහුට තම සම වයසේ මිතුරන්ගෙන් ඈත් වී කො...
28/10/2024

ජෝර්ජ් මැක්ලෝරීන් 1948 දී ඔක්ලහෝමා විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ ප්‍රථම කළු ජාතිකයාය..

ඔහුට තම සම වයසේ මිතුරන්ගෙන් ඈත් වී කොනක හිඳ ගැනීමට සිදු විය.

ඒ කළු සුදු වර්ණ භේදය නිසාය..

නමුත් විශ්ව විද්‍යාලයේ හොඳම සිසුන් තිදෙනාගෙන් කෙනෙකු ලෙස ඔහුගේ නම ගෞරව නාම ලේඛනයේ පවතී...

මේ ඔහුගේ වචනයන්....

“සමහර සගයන් මා දෙස බැලුවේ මම සතෙකු මෙනි. කිසිවෙකු මට එක වචනයක්වත් කථා කළේ නැත. ගුරුවරුන්ද මා සඳහා ඉදිරිපත් නොවූ අතර, ඔවුන් මගේ ප්‍රශ්න වලට පිළිතුරු දුන්නේ කලාතුරකිනි.
නමුත් මම කොතරම් කැප වී සිටියාද යත් පසුව මගේ පංතියේ ළමයින් පැහැදිලි කිරීම් සඳහා මා සෙවීමට පටන් ගත් අතර, ගුරුවරුන්ද මාව ගණන් ගැනීමට පටන් ගත් අතර ඔවුන්ට මා නැතිවම බැරි විය."

"ආයුධ වලට වඩා අධ්‍යාපනයට බලයක් ඇත."

Copied
වැදගත් ලිපි

ටයිටැනික් නෞකාව ගිලී යන විට එහි ගිය මගීන් අතර කෝටිපති ව්‍යාපාරිකයයෙකු වූ ජෝන් ජේකබ් ඇස්ටර් ගමන් කරමින් සිටියා. එකල ඔහුගේ...
27/10/2024

ටයිටැනික් නෞකාව ගිලී යන විට එහි ගිය මගීන් අතර කෝටිපති ව්‍යාපාරිකයයෙකු වූ ජෝන් ජේකබ් ඇස්ටර් ගමන් කරමින් සිටියා. එකල ඔහුගේ බැංකු ගිණුමේ තිබූ මුදල් ටයිටැනික් වැනි නෞකාවන් 30 ක් පමණ තැනීමට තරම් ප්‍රමාණවත් විය.

කෙසේ වෙතත්, ටයිටැනික් නැව සම්පූර්ණයෙන්ම ගිලෙන මොහොතේ ඔහු තම වත්කම ගැනවත්, තම වටිනා ජීවිතය ගැනවත් නොසිතා සදාචාරාත්මකව නිවැරදි යැයි සලකන දේ තෝරාගෙන බියට පත් දරුවන් දෙදෙනෙකු බේරා ගැනීම සඳහා ජීවිතාරක්ෂක බෝට්ටුවක තම ස්ථානය ලබා දුන්නා.

ඔහුගේ බිරිඳ වන අයිඩා ස්ට්‍රෝස් ද ජීවිතාරක්ෂක බෝට්ටුවට නැගීම ප්‍රතික්ෂේප කල අතර ඇය වෙනුවට ඇයගේ අලුතින් පත් කරන ලද සේවිකාව වන එලන් බර්ඩ්ට ඇයගේ ස්ථානය ලබා දුන්නා. ඇය තම ජීවිතයේ අවසාන මොහොත තම සැමියා සමඟ ගත කිරීමට තීරණය කළා.

1912 අප්‍රෙල් 15 දින ටයිටැනික් නැව සමගින් ජෝන් ජෙකබ් ඇස්ටර් සහ ඔහුගේ බිරිඳ දෙදෙනාම එකට මුහුදට බිලිවුණා.

මෙම ධනවත් පුද්ගලයන් ඔවුන්ගේ සදාචාර ප්‍රතිපත්ති සම්මුතියට පත් කරනවාට වඩා තම ධනයෙන් සහ ජීවිතයෙන් පවා වෙන්වීමට කැමැත්තක් දැක්වූවා. සදාචාරාත්මක වටිනාකම්වලට පක්ෂව ඔවුන්ගේ තේරීම මානව ඉතිහාසයේ සහ මානව ස්වභාවයේ දීප්තිය ඉස්මතු කළා.
උපුටාගැනිමකී..

ෆිල්ම් බලන්න ආස අයට ඔන්න සිංහල ෆිල්ම් 65ක් ම..❤️1- Super Sixhttps://www.facebook.com/officialhithakiyai/videos/455133275...
26/09/2024

ෆිල්ම් බලන්න ආස අයට ඔන්න සිංහල ෆිල්ම් 65ක් ම..❤️

1- Super Six

https://www.facebook.com/officialhithakiyai/videos/455133275319530/

2- යමරජසිරි

https://www.facebook.com/slthebro/videos/703027270058515/

3- හෝ ගානා පොකුණ

https://www.facebook.com/kaviyage.adawiya/videos/983415398436788/

4-ඇහැළේපොල කුමාරිහාමි

https://www.facebook.com/l.sugath/videos/1003057169904931/

5-ආදරණීය කතාවක්

https://www.facebook.com/Beautifulworlds1989/videos/1828651397464830/

6-මායා

https://www.facebook.com/para.999/videos/1538650296211723/

7- රන් සයුර

https://www.facebook.com/456229561166532/videos/1603681876421289/

8-රොබින්සන් අන්දරය

https://www.facebook.com/SirawatamaMalaPaninawa/videos/1104281109653918/

9-දේදුනු ආකාසේ

https://www.facebook.com/hemantha.pradeep.37/videos/485962265173011/

10- එක දවසක අපි

https://www.facebook.com/dhananjamadhusankaa/videos/1887777481386169/

11-ධර්මයුද්ධය

https://www.facebook.com/Onlineedite/videos/2165871240100455/

12- අනගාරික ධර්මපාලතුමා

https://www.facebook.com/SinhalaDVD/videos/1726254184106428/

13-උලත් එකයි පිලත් එකයි

https://www.facebook.com/NewSinhalamp3/videos/1218781361546992/

14-කලර්

https://www.facebook.com/natashajenifferofficial/videos/166740552043017/

15-හාර්ට් Fm

https://www.facebook.com/officialhithakiyai/videos/2392119600852487/

16-ජොන්සන් and ගොන්සන්

https://www.facebook.com/113013803881791/videos/303874064652969/

17- ගෝරි

https://www.facebook.com/nishantha.dishanayaka.31/videos/947092469076957/

18- අගර දගර

https://www.facebook.com/107852057289054/videos/1477575342596396/

19- සිංහයා

https://www.facebook.com/107852057289054/videos/866125167291217/

20-මචං කරාටෙ

https://www.facebook.com/2229678620696010/videos/551105885817297/

21- රජහොරු

https://www.facebook.com/107852057289054/videos/797095501183845/

22-අප්පට සිරි

https://www.facebook.com/500777266947939/videos/2296572487238733/

23- රීලෝඩ්

https://www.facebook.com/themask.lk/videos/236664671055146/

24- සිරිපැරකුම්

https://www.facebook.com/kaviyage.adawiya/videos/963545140423814/

25- රෂ්

https://www.facebook.com/113407170035175/videos/284015356035760/

26- දැවෙන විහගුන්

https://www.facebook.com/enna.igenaganna/videos/2444727582469263/

27- ගාමිණි

https://www.facebook.com/kaviyage.adawiya/videos/965883733523288/

28- ප්‍රවේගය

https://www.facebook.com/441848643061030/videos/329964301220918/

29- ගින්නෙන් උපන් සීතල

https://www.facebook.com/pivithuru.net.94/videos/109296847403252/

30- සැමීගේ කතාව

https://www.facebook.com/kaviyage.adawiya/videos/1255788061199519/

31- බඹර වලල්ල

https://www.facebook.com/221BSLH/videos/3235347496588642/

32- ඇඩ්‍රස් නෑ

https://www.facebook.com/aravindanii/videos/1126531954091814/

33- බ්‍රැන්ඩෝ

https://www.facebook.com/Hithatawaduna01/videos/1695667157155757/

34- ඔහොම හරිද

https://www.facebook.com/Waidyasekera1980/videos/119070613499718/

35- ප්‍රසිඩන්ට්

https://www.facebook.com/113407170035175/videos/602936293977040/

36- කතාකරන හීන

https://www.facebook.com/kaveeshi.fernando/videos/794626024277946/

37- ගෝල්

https://www.facebook.com/107410824075715/videos/112217220201096/

38- විජය කුවේණි

https://www.facebook.com/kaviyage.adawiya/videos/954308898014105/

39- සුහද කොකා

https://www.facebook.com/tvdiyatha/videos/390309835063467/

40- පුරහද කලුවර

https://www.facebook.com/kaviyage.adawiya/videos/1032253006886360/

41- 64 මායම්

https://www.facebook.com/mahimaradio/videos/300161167606907/

42- යහලුවෝ

https://www.facebook.com/1159154704113427/videos/1509553562406871/

43- The නිව්ස් පේපර්

https://www.facebook.com/101711918214777/videos/761056178095903/

44- මහරජ අජාසත්

https://www.facebook.com/kaviyage.adawiya/videos/1230958540349138/

45- A ලෙවල්

https://www.facebook.com/livesindu1/videos/320815075114394/

46- සේයා

https://www.facebook.com/441848643061030/videos/679737175834793/

47- සොදුරු දඩ බිම

https://www.facebook.com/rohanasarath.kumara/videos/1918098874908551/

48- තාල

https://www.facebook.com/441848643061030/videos/812615372588300/

49- පත්තිනි

https://www.facebook.com/107852057289054/videos/874150199746528/

50- සුවද දැනුනා ජීවිතේ

https://www.facebook.com/939815182855115/videos/194435324792461/

51- සොමි බෝයිස්

https://www.facebook.com/1tikka/videos/245422266379905/

52- උදුම්බරා

https://www.facebook.com/102011558155744/videos/171897943985853/

53- වැලි පවුර

https://www.facebook.com/AyubovanSLTV/videos/303530830921375/

54- සරෝජා

https://www.facebook.com/1159154704113427/videos/1502898143072413/

55- සරිගම

https://www.facebook.com/livesindu1/videos/221539978375238/

56- සකිසද සුවාරිස්

https://www.facebook.com/kaviyage.adawiya/videos/1029312687180392/

57- වන් සොට් වන්

https://www.facebook.com/malliofficial/videos/1865568327090763/

58- එතුමයි මෙතුමයි

https://www.facebook.com/siyanerawaya/videos/266629923890615/

59- මාතා

https://www.facebook.com/films.qa/videos/879812792822035/

60- සිකුරු හතේ

https://www.facebook.com/105862540754269/videos/239992503741740/

61- කුස පබා

https://www.facebook.com/thusharasd9/videos/437043291055892

62- සිංහාවලෝකනය

https://www.facebook.com/www.lokusir/videos/1676291035817924/

63-සූරිය අරණ

https://www.facebook.com/lowethne.lk/videos/446254266017363/

64- පහ සමත්

https://www.facebook.com/109661127396274/videos/228463758474793/

65- තණ්හා රතී රගා

https://www.facebook.com/pivithuru.net.94/videos/122485646084372/

මේ තරම් වේදනාවක් ගැහැනියකය උහුලන්න පුළුවන් ද ? රොගින් වෙනුවෙන් වැඩ කරපු පැය් 36 , අවසන් වු පසුව මෙවැන්නක් සිදුවිමට හැකිද...
17/08/2024

මේ තරම් වේදනාවක් ගැහැනියකය උහුලන්න පුළුවන් ද ?
රොගින් වෙනුවෙන් වැඩ කරපු පැය් 36 , අවසන් වු පසුව මෙවැන්නක් සිදුවිමට හැකිද ?
මීට වඩා ලොකු සිදුවීමක් වූ කලියුගය ගැන ඔබ අසා ඇති. සිතාගත නොහැකි සිදුවීමක් ඉන්දියාවේ බටහිර බෙංගාලයේ සිදුවී තිබේ. රාත්‍රී වැඩ මුරය තුළ වෛද්‍යවරයා රැගෙන එන රෝගීන් පරීක්ෂා කිරීමට යද්දී සියලුම රෝගීන් එකතු වී වෛද්‍යවරිය අමානුෂික ලෙස දූෂණය කළා.
වෛද්‍ය ලායිට සිදු වූ දේ
- බෙල්ලේ අස්ථි බිදුනා
- ඔත්මා තුවාල වුණා
- ඉඟටිය
- මුහුණෙන් ලේ ගැලුවා
- ඇස් දෙක තුවාල කරලා
- ඇස්වලින් ලේ ගිහින්
- බඩට හානි කරලා
- වම් වළලුකර තුවාල
- පුද්ගලික කොටස් වලින් රුධිර ප්‍රවාහය
ඇග පුරා තුවාල කරලා
මුලු ශරිරය පුරාම සැපිම් 100 ගනනක්
කොටින්ම කිව්වොත්
කැපිලි කෙටිලි 113 ක්
ඇගයේ කන්නාඩියේ විදුරු ඇගේ ඇස් මතම කුඩු වී ඇගෙ ඇස් හානි කිරිමක්

- ශුක්‍ර තරලය මිලිලීටර් 150ක් ශරීරය තුළ පැතිරී ඇත (වරකට ශුක්‍රාණු ග්‍රෑම් 10ක් පමණක් නිකුත් වේ)

දියනිය නැගෙනිය පෙම්වතිය කුලුදුල් කිරිකැටිවයද ඇස් මෙන් ම පරිස්සම් කරගන්න වෙලා තියෙන කාලයක්.

මට තව ලියන්න බැ කදුලු ✍️

මිස්ටර් බීන් (රෝවන් ඇට්කින්සන්)තම සිහින කිසිදා අත් නොහරින මිනිසාගේ කතාව.රෝවන් ඇට්කින්සන් මධ්‍යම පාන්තික පවුලක උපත ලැබූ අ...
02/08/2024

මිස්ටර් බීන් (රෝවන් ඇට්කින්සන්)
තම සිහින කිසිදා අත් නොහරින මිනිසාගේ කතාව.
රෝවන් ඇට්කින්සන් මධ්‍යම පාන්තික පවුලක උපත ලැබූ අතර ඔහුගේ ගොත ගැසීම නිසා කුඩා කාලයේ දැඩි දුක් වින්දා. ඔහුගේ පෙනුම නිසා පාසලේදී ඔහුට විහිළුවට හා හිරිහැරවලටද ලක් විය. ඔහුගේ හිරිහැර කරන්නන් සිතුවේ ඔහු පිටසක්වල ජීවියෙකු ලෙසය. ඔහු ඉක්මනින්ම අමුතු කෙනෙකු ලෙස සලකුනු කරන ලද අතර බොහෝ මිතුරන් නොමැති ඉතා ලැජ්ජාශීලී, ඉවත් වූ ළමයෙකු බවට පත් විය, එබැවින් ඔහු විද්‍යාවට කිමිදුණු බව ඔහුගේ ගුරුවරයෙකු පැවසීය. ඔහු ගැන කැපී පෙනෙන කිසිවක් නොතිබුණි. ඔහු දක්ෂ විද්‍යාඥයෙකු වනු ඇතැයි මම අපේක්ෂා නොකළ නමුත් ඔහු සියල්ලන්ම වැරදි බව ඔප්පු කර ඇත. ඔහුගේ කාලය තුළ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ ඔහු රංගනයට ඇලුම් කිරීමට පටන් ගත් නමුත් ඔහුගේ කථන ආබාධය හේතුවෙන් රඟ දැක්වීමට නොහැකි විය. ඔහු උපාධිය ලැබීමෙන් පසු ඕනෑම චිත්‍රපටයකට හෝ රූපවාහිනී වැඩසටහනකට පෙනී සිටීමට පෙර විදුලි ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ගත් ඔහු, ඔහුගේ සිහිනය හඹා ගොස් නළුවෙකු වීමට තීරණය කළ නිසා ඔහු ප්‍රහසන කණ්ඩායමකට ඇතුළත් වූ නමුත් නැවතත් ඔහුගේ ගොතගැසීම බාධාවක් විය.
බොහෝ රූපවාහිනී වැඩසටහන් ඔහුව ප්‍රතික්ෂේප කළ අතර, බොහෝ ප්‍රතික්ෂේප කිරීම් තිබියදීත් ඔහුට විශ්වාසයක් දැනුනි. ඔහු තමා ගැන විශ්වාස කිරීම නතර කළේ නැත. මිනිසුන් සිනහ ගැන්වීමට ඔහු තුළ දැඩි ආශාවක් තිබූ අතර ඔහු එයට ඉතා දක්ෂ බව දැන සිටියේය. ඔහු තම මුල් හාස්‍ය රූප සටහන් කෙරෙහි වැඩි වැඩියෙන් අවධානය යොමු කිරීමට පටන් ගත් අතර ඔහු යම් චරිතයක් රඟපාන සෑම අවස්ථාවකම චතුර ලෙස කතා කළ හැකි බව ඉක්මනින්ම වටහා ගත්තේය. ඔහු තම පැකිලීමෙන් මිදීමට මගක් සොයා ගත් අතර ඔහුගේ රංගනයට ආශ්වාදයක් ද භාවිතා කළේය. රෝවන් ඇට්කින්සන් තම අධ්‍යාපනය හදාරමින් සිටියදී මිස්ටර් බීන් ලෙස හැඳින්වෙන අමුතු, අති යථාර්ථවාදී සහ දැන් කතා කරන චරිතය සම-නිර්මාණය කළේය.
ඔහු වෙනස් සංදර්ශනවලින් සාර්ථක වූ අතර, මිස්ටර් බීන් ඔහුව ගෝලීය වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය, කෙතරම් බාධක මධ්‍යයේ වුවද, ඔහුගේ පෙනුම සහ ඔහුගේ කතා කිරීමේ ආබාධය නිසා, ඔහු වීර ශරීරයක් හෝ හොලිවුඩ් මුහුණක් නොමැතිව වුවද ඔබට ඕනෑම කෙනෙකු විය හැකි බව ඔප්පු කළේය. ලෝකයේ වඩාත්ම ආදරය කරන සහ ගෞරවනීය නළුවකු වන රෝවන් ඇට්කින්සන්ගේ කතාව බොහෝ පිරිස් අභිප්‍රේරණය වන සාර්ථක කතාවකි. එය ඉතා ආශ්වාදජනක වන්නේ එය උගන්වන්නේ ජීවිතයේ සාර්ථක වීමට නම්, වඩාත්ම වැදගත් දෙය වන්නේ ආශාව, වෙහෙස මහන්සි වී වැඩ කිරීම, කැපවීම සහ කිසි විටෙකත් අත් නොහැරීමයි, මන්ද අපගේ හැඟීම් සහ දුර්වලතා ගැන සැලකිල්ලක් නොදක්වයි.
කතාවේ සාරාංශය:
කිසිම කෙනෙක් සර්ව සම්පූර්ණව ඉපදෙන්නේ නැහැ. බිය නොවන්න. මිනිසුන්ට ඔවුන්ගේ දුර්වලතා සහ අසාර්ථකත්වයන් නොතකා සෑම දිනකම පුදුමාකාර දේවල් කළ හැකිය. ඉතින් ගිහින් ඔයාට ලැබිච්ච එක ජීවිතයෙන් ඔයාට කරන්න පුළුවන් උපරිමය කරන්න...
-උපුටා ගැනීමකි-

Address

Malabe

Alerts

Be the first to know and let us send you an email when Mr onine posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share