Lanka Marketspace

Lanka Marketspace Media, Sports & News Agency. Social Media Platform for business & Economic News.

Social media marketing has become more and more pivotal in the last few years, with the Hummingbird update again reflecting the importance of providing unique and informative content to your audience. Social Media Optimization involves properly leveraging different hand selected social platforms for your business to connect and communicate with customers (and future clients), generate buzz for pro

ducts and services, offer innovative promotions, create brand awareness, and more. With social media marketing efforts you can keep your business constantly in the online spotlight.

Commercial Bank partners with Colombo shopping festival to enhance the shopping experience.Commercial Bank of Ceylon has...
04/12/2024

Commercial Bank partners with Colombo shopping festival to enhance the shopping experience.

Commercial Bank of Ceylon has been announced as the Official Banking Partner for the 38th edition of the Colombo Shopping Festival, the highly anticipated annual event organized by Aitken Spence Conventions & Exhibitions, a division of Aitken Spence Travels. This year’s festival will take place from December 13th to 22nd, 2024, at Sirimavo Bandaranaike Memorial Exhibition Centre, Colombo (BMICH).
Widely recognized as Sri Lanka’s largest and most popular shopping festival, the Colombo Shopping Festival (CSF) has been a shopper’s paradise for over three decades. Held in the heart of Colombo, this much-awaited event attracts thousands of visitors annually, offering a unique shopping experience for all.
This upcoming festival promises to deliver an even bigger and more exciting experience this December. As Aitken Spence Conventions & Exhibitions celebrates 37 consecutive sessions of organizing this flagship event, the festival continues to grow in appeal, drawing larger crowds each year. Sponsors, exhibitors, trade stall holders, and loyal shoppers eagerly anticipate this annual celebration, recognizing it as a trusted and sustainable platform to showcase and purchase valuable products and services.
Through its partnership with Commercial Bank, the festival aims to elevate the visitor experience by offering exclusive banking services, on-site facilities, and special promotions for shoppers. This collaboration underscores a strong commitment to delivering greater value and convenience, ensuring an unforgettable and next-level shopping experience for all attendees.

කොම්බෑන්ක් ඩිජිටල්’ ලියාපදිංචි පරිශීලකයන් සංඛ්‍යාව මිලියන 1.5 ඉක්මවයිඩිජිටල් බැංකුකරණ විප්ලවයේ පුරෝගාමියකු වන කොමර්ෂල් බ...
04/12/2024

කොම්බෑන්ක් ඩිජිටල්’ ලියාපදිංචි පරිශීලකයන් සංඛ්‍යාව මිලියන 1.5 ඉක්මවයි

ඩිජිටල් බැංකුකරණ විප්ලවයේ පුරෝගාමියකු වන කොමර්ෂල් බැංකුව, සිය සර්ව නාලිකා ඩිජිටල් බැංකු ඇප් එක වන ‘කොම්බෑන්ක් ඩිජිටල්’ හි ලියාපදිංචි ගනුදෙනුකරුවන් සංඛ්‍යාව මිලියන 1.5 සන්ධිස්ථානය පසුකර ඇති බව නිවේදනය කර ඇත.

මෙම සන්ධිස්ථානය ප්‍රකාශයට පත් කරමින් බැංකුව පැවසුවේ මෙම සම්මානලාභී ඇප් එක කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහ ආයතනික ගනුදෙනුකරුවන්ට සේවය සැපයීමට බහුලවම භාවිතා වන ඩිජිටල් නාලිකාව ලෙස ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් පරිවර්තනයට නායකත්වය දෙන බවයි.

කොමර්ෂල් බැංකුවේ ‘Digital by Default’ ව්‍යාපාරික මාදිලිය මගින් මෙහෙයවනු ලබන ‘කොම්බෑන්ක් ඩිජිටල්’ වර්තමානය වන විට මාසිකව මිලියන 5කට වඩා ගනුදෙනු සිදු කරන අතර, 45% ක ඩිජිටල් භාවිතයක් සහ මිලියන 48 ක පාරිභෝගික අන්තර්ක්‍රියා සමඟින්, මේ වසරේ ඔක්තෝබර් අවසානයේ මසකට රුපියල් බිලියන 400 ක සාමාන්‍ය වටිනාකමකින් යුත් ගනුදෙනු සිදු කිරීමට සමත් විය.

‘කොම්බෑන්ක් ඩිජිටල්’ ප්‍රතිචාරාත්මක වෙබ් යෙදුමක් සහ ජංගම යෙදුම් තුනක් (iOS, Android iy Huawei) හරහා ගනුදෙනුකරුවන්ට පිරිනමනු ලබන අතර බැංකු අවශ්‍යතා, ධන ආයෝජන, ගෙවීම් සහ ජීවන රටාව වැනි ක්‍රියාකාරීත්වයන්ට ඩෙස්ක්ටොප් පරිගණක, ලැප්ටොප් පරිගණක, ටැබ් පරිගණක සහ ස්මාර්ට් ජංගම දුරකථන වැනි සියලු‍ම උපාංග හරහා ප්‍රවේශය සක්‍රීය කර ඇත.

මෙම වේදිකාවේ ප්‍රගතිය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී - ඩිජිටල් බැංකුකරණය ප්‍රදීප් බන්දුවංශ මහතා මෙසේ පැවසීය:“කොම්බෑන්ක් ඩිජිටල් විසින් ලංකාව තුළ පමණක් නොව ලොව පුරා සිටින ශ්‍රී ලාංකික ගනුදෙනුකරුවන්ව ශාඛාවකට නොගොස් ඔවුන්ගේ මූල්‍ය සහ බැංකු අවශ්‍යතා කළමනාකරණය කර ගන්නා තත්ත්වයට පරිවර්තනය කර ඇත. මෙමඟින් පෘථිවියට ඇති කරන ලද ධනාත්මක බලපෑම සහ කාලය ඉතිරි වීම ගණනය කළ නොහැකි අගයක් වෙයි.”

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ.

2018 දී පිහිටුවන ලද ඒසියන් ඉන්ස්ටිටියුට් ඔෆ් බිස්නස් ඇන්ඩ් සයන්ස්  ආයතනය (The Asian Institute of Business & Science (AIB...
04/12/2024

2018 දී පිහිටුවන ලද ඒසියන් ඉන්ස්ටිටියුට් ඔෆ් බිස්නස් ඇන්ඩ් සයන්ස් ආයතනය (The Asian Institute of Business & Science (AIBS) විසින් එහි සය වසරක සාර්ථක ගමන සනිටුහන් කරන සහ එහි ආරම්භයේ සිට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය කරා පියගැනීමේ අපේක්ෂාවන් අඛණ්ඩව වැඩිකරන නව ගිවිසුමකට එළඹීම නිමිතිකොට ගෙන උත්සවයක් පවත්වන ලදී. 2022 දී එක්සත් රජධානියේ එජ් හිල් විශ්වවිද්‍යාලය සමඟ අනුබද්ධවීම සමඟින් අන්තර්ජාතික වශයෙන් පිළිගත් අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණ සමඟ දැඩිලෙස සම්බන්ධවී සිටින, ඒසියන් ඉන්ස්ටිටියුට් ඔෆ් බිස්නස් ඇන්ඩ් සයන්ස් ආයතනය වර්තමානයේදී හය සියය (600) ඉක්මවන ශිෂ්‍ය ප්‍රජාවකට උපාධි පිරිනමන ආයතන, විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන 14 ක් මාර්ගයෙන් අධ්‍යයන පාඨමාලා සහ වැඩසටහන් 21 ක් පිරිනමයි. ගාර්ඩියන් ශ්‍රේණිගතකිරීම අනුව 35 වැනි ස්ථානයේ පසුවන එජ් හිල් විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ජෝර්ජ් ටල්බොට් මහතා ප්‍රකාශ කරන්නේ එජ් හිල් විශ්වවිද්‍යාලය 2022 දී නූතන විශ්වවිද්‍යාලය ලෙස පිළිගැනීමට ලක්වූ බවයි. “විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය යන අධ්‍යයන ක්ෂේත්‍රවල අප කීර්තිමත් විශිෂ්ටත්වයක් දරන අතර අප ඒසියන් ඉන්ස්ටිටියුට් ඔෆ් බිස්නස් ඇන්ඩ් සයන්ස් ආයතනය සමඟ අනුබද්ධවීම නිසා ශ්‍රි ලංකාවේ ශිෂ්‍ය ප්‍රජාවට අසමසම අධ්‍යාපන අත්දැකීමක් විශේෂයෙන් ජීවන විද්‍යා අංශයේ , ලබාදීමට අපට ප්‍රබල මංපෙතක් විවෘත වන බව සහතිකය. ඒසියන් ඉන්ස්ටිටියුට් ඔෆ් බිස්නස් ඇන්ඩ් සයන්ස් ආයතනය සමඟ අපගේ හවුල්කාරිත්වය මගින් ජාත්‍යන්තර උපාධිව ලබාගැනීමේදී අවශ්‍යතාවයක්ව පවතින ඉහළම ප්‍රමිති සපුරාගැනීම පිණිස සීමාවීමකින් තොරව පාඨමාලා ඉදිරිපත්කිරීම සහතික කෙරෙයි. ඒසියන් ඉන්ස්ටිටියුට් ඔෆ් බිස්නස් ඇන්ඩ් සයන්ස් ආයතනයේ අධ්‍යයන කාර්ය මණ්ඩලයට කුසලතා සංවර්ධනයට සහ පර්යේෂණ සඳහා ආධාර සැපයීමක් ද සිදුවෙයි. තෝරාගත් පශ්චාත් උපාධි වැඩසටහන් සමඟ පරිසර විද්‍යාව,ආහාර විද්‍යාව හා තාක්ෂණය, ජෛවරසායන විද්‍යාව, ව්‍යාපාර විශ්ලේෂණය, සයිබර් ආරක්ෂාව සහ කෘත්‍රිම බුද්ධිය වැනි විෂය ක්ෂේත්‍ර ආවරණය කරමින් උපාධි අපේක්ෂකයන්ට අධ්‍යයන සදහා පවතින විෂයයන් පුළුල් කිරීමට අපි සැලසුම් කරමු.”

විද්‍යාව කේන්ද්‍රීය ආයතනයක් ස්ථාපිත කිරීමේ දැක්මකින් යුතුව පිහිටුවන ලද ඒසියන් ඉන්ස්ටිටියුට් ඔෆ් බිස්නස් ඇන්ඩ් සයන්ස් ආයතනය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ එහි ගමන ආරම්භ කළේ ජීවවිද්‍යාව සහ ජෛව-තාක්ෂණය යන දෙඅංශයෙහි විශේෂඥභාවයන් සමඟින් ව්‍යවහාරික විද්‍යාවන්හි පියර්සන් ව්‍යාපාර,තාක්ෂණ සහ අධ්‍යාපන සභාවේ උසස් ජාතික ඩිප්ලෝමා (Pearson BTEC Higher National Diploma)පිරිනැමීමේ පිළිගත් ආයතනයක් වශයෙනි. පසුව ,ව්‍යාපාර,අලෙවිකරණය, ගිණුම්කරණය හා මුදල්, පරිගණක සහ මෘදුකාංග ඉංජිනේරුවිද්‍යා ඇතුළු විශේෂඥභාවයන් පහක් සමඟින් මෙම පාඨමාලාවලට ව්‍යාපාර සහ පරිගණක විද්‍යාව එකතුකරන ලදී.මේවායෙන් ලත් සාර්ථකත්වය පදනම් කරගෙන, ඒසියන් ඉන්ස්ටිටියුට් ඔෆ් බිස්නස් ඇන්ඩ් සයන්ස් ආයතනය, එජ්හිල් විශ්වවිද්‍යාලය සමඟ එක්ව ජෛව වෛද්‍ය,ජෛව තාක්ෂණය,ප්‍රවේණිවිද්‍යාව, අන්තර්ජාතික ව්‍යාපාර,අලෙවිකරණය, පරිගණක සහ මෘදුකාංග ඉංජිනේරු යන උපාධි අපේක්ෂක වැඩසටහන් ගෙනඒමට පියවරගත්තේය.

අධ්‍යාපන ආයතන සහ උපායමාර්ගික හවුල්කරුවන්ගේ ප්‍රධානීන්ගේ හමුවක් ඇමතූ ඒසියන් ඉන්ස්ටිටියුට් ඔෆ් බිස්නස් ඇන්ඩ් සයන්ස් ආයතනයේ නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ හිරාන් ද සිල්වා මහතා “ අපි ශ්‍රී ලංකාවේ විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය යන විෂය ක්ෂේත්‍රවල ඉගෙනීම සඳහා ශිෂ්‍ය ප්‍රජාව විසින් තෝරා ගනු ලබන ප්‍රමුඛ ආයතනයක් බවට සිටුමු” යැයි පැවසීය “ 2019 සිට , අපගේ අවධානය යොමුකර ඇත්තේ අපගේ අන්තර්ජාතික අධ්‍යාපන අවකාශය පුළුල්කිරීම කෙරෙහිය. අප මෙම මෙහෙවර ඉටුකළේ එක්සත් රාජධානියේ පියර්සන් එඩියුකේසන් ආයතනය, එජ්හිල් විශ්වවිද්‍යාලය, එක්සත් රාජධානියේ රොසෙඩේල් ග්ලෝබල් හයි ස්කූල් සහ එන්සීසී එඩියුකේසන් යන ආයතන(Pearson Education UK, Edgehill University, Rosedale Global High School & NCC Education UK) සමඟ අප ඇතිකරගත් හවුල්කාරිත්වය අනුව පූර්ව- විශ්වවිද්‍යාල සහ පශ්චාත් ද්විතීයික සුදුසුකම් මාලාවක් පිරිනමමිනි. ශ්‍රී ලංකාවේදී ඔන්ටේරියෝ ද්විතීයික පාසල් ඩිප්ලෝමා (Ontario Secondary School Diploma පිරිනැමීමේ පුරෝගාමීන් වන අපි කෝවිඩ් වසංගතයෙන් උද්ගතවූ බාධක මැඩගෙන ඉදිරියටයාමට උසස් අධ්‍යාපනයේ ජාත්‍යන්තර පදනම් ඩිප්ලෝමාව සහ විද්‍යාව, ව්‍යාපාර, තොරතුරු තාක්ෂණය. සහ ඉංජිනේරු. යන ක්ෂේත්‍රවල ඕස්ට්‍රේලියානු පදනම් වර්ෂ වැඩසටහන පිරිනැමුවෙමු.”

මෙම කලාපයේ පූර්ව විශ්වවිද්‍යාල අධ්‍යාපනය සදහා මිනුම් ලකුණක් ස්ථාපිත කරමින්, ඒසියන් ඉන්ස්ටිටියුට් ඔෆ් බිස්නස් ඇන්ඩ් සයන්ස් ආයතනය දැන් ශ්‍රී ලංකාවේ NCC Level 3 උපාධිධාරින් බිහිකරන ප්‍රධාන අධ්‍යාපන ආයතනය බවට පත්ව ඇතැයි වැදගත් සිදුවීම් කිහිපයක් ගෙනහැරදක්වමින් හිරාන් ද සිල්වා මහතා මහතා ප්‍රකාශ කළේය.“ කැනඩාවේ ඔන්ටේරියෝ අධ්‍යාපන අමාත්‍යාංශය වෙතින් බලයලත් ගෞරවාන්විත ඔන්ටෝරියෝ ද්විතීයික පාසල් ඩිප්ලෝමාව(Ontario Secondary School Diploma) හඳුන්වාදීමට රොසඩේල් ග්ලෝබල් ඉන්ටර්නැෂනල් ආයතනය (Rosedale Global International ) සමඟ ඇතිකරගත් හවුල්කාරිත්ව යටතේ දැන් ඒසියන් ඉන්ස්ටිටියුට් ඔෆ් බිස්නස් ඇන්ඩ් සයන්ස් ආයතනය වාර්ෂිකව සියදෙනෙකුට වඩා ඔන්ටෝරියෝ ද්විතීයික පාසල් ඩිප්ලෝමාධාරීන් බිහිකරයි.”

පංති කාමරයේදී ඉගෙනගත් පාඩම් ප්‍රායෝගික ලෝකය කරා ගෙනයමින්, ඒසියන් ඉන්ස්ටිටියුට් ඔෆ් බිස්නස් ඇන්ඩ් සයන්ස් ආයතනය Gene Labs Medical, Derana Medical Labs, Institute for Research & Development ඇතුඵ ආයතන ගණනාවක් සමඟ පාර්ශවගතව වැඩකරයි.

ජීවන විද්‍යාව, ව්‍යාපාර. සහ තොරතුරු තාක්ෂණය යන ක්ෂේත්වල පර්යේෂණ කෙරෙහි දැඩි අවධානය යොමුකරමින් ,අධ්‍යයන නවෝත්පාදන සහ සමාජීය සංවර්ධනය පිණිස ඒවායේ දායකත්වය සහතික කරමින් , ඒසියන් ඉන්ස්ටිටියුට් ඔෆ් බිස්නස් ඇන්ඩ් සයන්ස් ආයතනය ජාත්‍යන්තර තලයේ අධ්‍යාපනයක් ශිෂ්‍ය ප්‍රජාවට ලබාගැනීමට අවකාශ සලසමින් සහ එම ශිෂ්‍ය ප්‍රජාව වෙනස්වන ගෝලීය පරිසරයේ නායකයන් සහ නවෝත්පාදකයන් බවට පත්වීමට සූදානම් කිරීමේ සිය මෙහෙවරෙහි අචල ලෙස රැඳී කටයුතු කරමින් සිටි.

Ather Energy වෙතින් හඳුන්වා දෙන Ather 450X ඉලෙක්ට්‍රික්  ස්කූටර් ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළටඉන්දියාවේ ප්‍රමුඛතම ඉලෙක්ට්‍රික් ...
04/12/2024

Ather Energy වෙතින් හඳුන්වා දෙන Ather 450X ඉලෙක්ට්‍රික් ස්කූටර් ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට

ඉන්දියාවේ ප්‍රමුඛතම ඉලෙක්ට්‍රික් වාහන නිෂ්පාදකයා වන Ather Energy සමාගමේ ජාත්‍යන්තර අලෙවි මෙහෙයුම් තවදුරටත් පුළුල් කරමින් මෙරට ඉලෙක්ට්‍රික් ස්කූටර් වෙළෙඳපොළේ විප්ලවීය පෙරළියක් සිදුකරන Ather 450X සුපිරි ඉන්දියානු ඉලෙක්ට්‍රික් ස්කූටරය ශ්‍රී ලංකාවට හඳුන්වාදීම පසුගියදා සිදුකෙරිණ. Ather Energy සමාගමේ ශ්‍රී ලංකා බෙදාහැරීම් නියෝජිත ආයතනය ලෙස කටයුතු කරන Atman Group සහ Sino Lanka Private Limited සමාගම් කොටස් හිමිකාරීත්වයෙන් ක්‍රියාත්මක ශ්‍රී ලාංකීය තිරසර විද්‍යුත් ප්‍රවාහන ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු වන Evolution Auto සමාගම විසින් මෙම නව ඉලෙක්ට්‍රික් ස්කූටර් මාදිලිය හඳුන්වාදීමේ උළෙල සංවිධානය කරන ලදී.

කොළඹ Cinnamon Life හෝටලයේදී පැවැති Ather 450X සුපිරි ඉන්දියානු ඉලෙක්ට්‍රික් ස්කූටරය ශ්‍රී ලංකාවට හඳුන්වාදීමේ අවස්ථාවට Ather Energy වෙනුවෙන් එහි ප්‍රධාන ව්‍යාපාර නිලධාරී රව්නීත් පොකේලා සහ අලෙවි හා සේවා අංශ ප්‍රධානී ගරින්දර් සිං මහත්වරුන් මෙන්ම Sino Lanka Private Limited සභාපති බොබ් කුන්දන්මල් Sino Lanka Private Limited අධ්‍යක්ෂ ධිරේන් කුන්දන්මල්, Atman Group අධ්‍යක්ෂ නාදන් සිවඥානදන් සහ Atman Group අධ්‍යක්ෂ රංජිත් ලියෝන් ඇතුළු සම්භාවනීයන් රැසක් එක්වූහ.

අති නවීනතම තාක්ෂණය මුසුවූ උසස්ම තත්ත්වයෙන් හා ආකර්ෂර්‍ණය නිමාවෙන් හෙබි Ather 450X සුපිරි ඉන්දියානු ඉලෙක්ට්‍රික් ස්කූටරය ඔබට පෙර නොවිඳි අන්දමේ අද්විතීය ධාවන අත්දැකීමක් පිරිනමයි. ශක්තිමත් කල්පවත්නා විද්යුත් මෝටරයකින් (Robust electric motor) බලගැන්වෙන Ather 450X හි වේගවත් ඇක්සලරේටරය පැයට කිලෝමීටර 90 ක උපරිම වේගයක් ලබාදීමෙහිලා සමත්ය. ස්කූටරයේ ධාවන තත්ත්වය පිළිබඳ හා ධාවකයාට අවශ්‍ය තවත් තොරතුරු රැසක් ලබාදෙන ස්මාට් ඩෑෂ්බෝඩය (Smart Dashboard), ආසනය යට බහාලනයේ වැඩි ඉඩකඩ, පුනර්ජනනීය තිරිංග පද්ධතිය (Regenerative braking), මිනිත්තු 60 කදී බැටරිය 80% ක් ආරෝපණය වීම (Fast-charging) මෙහි ප්‍රධාන විශේෂාංග අතර වේ.

සාම්ප්‍රදායික වාහනවලට වඩා වාසි රැසක් ගෙන එන ඉලෙක්ට්‍රික් වාහන භාවිතයට ශ්‍රී ලාංකිකයන් දිරිගැන්වීමට හා Ather 450X පාරිභෝගිකයන්ගේ පහසුව වෙනුවෙන් දීප ව්‍යාප්ත Ather Grid ආරෝපණ මධ්‍යස්ථාන (Fast-charging stations) ජාලයක් ඇරඹීමට Evolution Auto සමාගම සැලසුම් සකස් කොට ඇත. අතිනවීන තාක්ෂණයෙන් හා නව්‍යකරණයෙන් බලගැන්වූ පරිසර හිතකාමී කාර්යක්ෂම විද්යුත් ප්‍රවාහන විසඳුම් ලබාදෙමින් ආසියානු කලාපයේ හරිත ප්‍රවාහන සංස්කෘතියක් ගොඩනැගීමෙහිලා වෙහෙසෙන Ather Energy සමග අත්වැල් බැඳගත් Evolution Auto සමාගම එම ප්‍රතිලාභ ශ්‍රී ලංකාවට රැගෙන එන නියෝජිතයා ලෙස කටයුතු කරයි.

අවස්ථාවේදී Ather Energy වෙනුවෙන් අදහස් දැක්වූ එහි ප්‍රධාන ව්‍යාපාර නිලධාරී රව්නීත් පොකේලා මහතා “ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්නට ලැබීම පිළිබඳ අප බෙහෙවින් සතුටුවනවා. Ather 450X ස්කූටරය ශ්‍රී ලංකාවේ ඕනෑම මාර්ග තත්ත්වයකට ගැලපෙන නිසා කාර්යක්ෂම, සුවපහසු මෙන්ම සහනශීලී ධාවන අත්දැකීමක් ලබාදෙනවා. ශ්‍රී ලංකාවේ විද්යුත් වාහන වෙළෙඳපොළ සකස්වෙමින් පවතින මූලික අවධියේදීම සම්බන්ධ වෙමින් වෙළෙඳපොළ පුළුල් කිරීමට දායකවන්නට ලැබීමට අපට මහත් ගෞරවයක්” යැයි පැවසීය.

Evolution Auto සමාගම වෙනුවෙන් අදහස් දැක්වූ සාමාන්‍යාධිකාරී සහ්රාන් සියාවුදීන් මහතා “විද්යුත් වාහන ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන Ather Energy සමග එක්වන්නට ලැබීම අප ලද මහත් භාග්‍යයක්. මෙම ව්‍යාපාරික සහයෝගීතාවයෙන් තිරසර වූ හරිත අනාගතයක් උදෙසා ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය තුල අපගේ ව්‍යාපාරික මෙහෙවර වඩාත් ශක්තිමත් වෙනවා. Ather Energy විසින් නිෂ්පාදනය කරනු ලබන අතිනවීන තාක්ෂණයෙන් යුතු ඉලෙක්ට්‍රික් ස්කූටර් මාදිලි ශ්‍රී ලංකාවට හඳුන්වාදීමෙන් ශ්‍රී ලංකාවේ ඉලෙක්ට්‍රික් ස්කූටර් වෙළෙඳපොළට ප්‍රමිතිගත අති විශිෂ්ඨ නිෂ්පාදන පෙළක් සමීප කරමින් ඉලෙක්ට්‍රික් වාහන සංකල්පය පිළිබඳ වඩා ධනාත්මක සහ තිරසර ප්‍රතිරූපයක් ශ්‍රී ලාංකිකයන් තුළ ඇතිකිරීමට අපට හැකිවෙනවා.” යැයි පැවසීය.

ලොව පිළිගත් ජාත්‍යන්තර මට්ටමේ උපාධියක් ශ්‍රී ලංකාව තුළදී සම්පූර්ණ කිරීමේ අවස්ථාවක් මෙරට සිසුන්ට උදා කර දෙමින් Curtin Uni...
04/12/2024

ලොව පිළිගත් ජාත්‍යන්තර මට්ටමේ උපාධියක් ශ්‍රී ලංකාව තුළදී සම්පූර්ණ කිරීමේ අවස්ථාවක් මෙරට සිසුන්ට උදා කර දෙමින් Curtin University Australia එහි නවතම ජාත්‍යන්තර සරසවි මණ්ඩපය පසුගියදා කොළඹ දී උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබීය.

මේ අනුව Curtin University ජාත්‍යන්තර සරසවි මණ්ඩප 5කට හිමිකම් කියනු ලබන අතර එය ලොව ඕනෑම සරසවියක් සතු වැඩිම ඒකාබද්ධ මණ්ඩප ගණන ද වේ.

Curtin සරසවි මණ්ඩප, සිංගප්පූරුව, මැලේසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ මොරිෂස් හි දැනටමත් පිහිටුවා ඇති අතර, මෙමඟින් ඉන්දියන් සාගර සීමාව වටා Curtin ගෝලීය ජාලය තව දුරටත් ශක්තිමත් වී ඇත.

Curtin සරසවියේ උපකුලපති මහාචාර්ය හාර්ලීන් හේන් මහත්මිය මෙම විවෘත කිරීමේ උත්සවයට සහභාගී වූ අතර, එතුමිය අදහස් දක්වමින්, Curtin ලොව පුරා නව සරසවි සමඟ සිසුන්ට ඉහළ පෙළේ ඉගෙනුම් අවස්ථා ළඟා කර දීම තුළින් එහි කැපවීම පෙන්නුම් කරන බව සඳහන් කළාය.

"අංගසම්පූර්ණ මණ්ඩපයක් සමඟ ශ්‍රී ලංකාවට පැමිණීම තුළින් කලාපය වෙනුවෙන් අපේ කැපවීමේ ශක්තිය පෙන්නුම් කරන අතරම ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) සමඟ දිගු කාලීන සාර්ථක හවුල්කාරීත්වයක් ගොඩනඟා ගන්නටත් මෙය හේතු වුනා” යනුවෙන් මහාචාර්ය හේන් පැවසුවාය.

“2000 වසරේ මුල් භාගයේ සිට මේ දක්වා අප ශ්‍රී ලාංකික සිසුන් 2500කට වැඩි පිරිසකට Curtin උපාධි පිරිනමා තිබෙනවා. මේ දක්වා කාල සීමාව තුළ සිසුන් ප්‍රමාණය වැඩි කරන්නට පමණක් නොව, දැනට පිරිනමන ඉංජිනේරු, පරිගණක සහ ව්‍යාපාර පාඨමාලාවන්ගේ සිට සෞඛ්‍ය, AI තාක්ෂණය සහ මානව ශාස්ත්‍ර වැනි විෂයන් දක්වා ද අපගේ විෂය මාලාවන් පුළුල් කරන්නටත් අප කටයුතු කොට තිබෙනවා.”

“Curtin University Colombo යනු Curtin ගමනේ ඉතා සුවිශේෂී නව පරිච්ඡේදයක්. ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවටත් මේ තුළින් ධනාත්මක වෙනසක් ඇති කරන්නට හේතු වනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා” යනුවෙන් වැඩි දුරටත් හේන් මහතා පැවසීය.

Curtin University Colombo නවීනතම තාක්ෂණයෙන් සමන්විත පහසුකම් රැසක් යටතේ ක්‍රියාත්මක වීමට නියමිත අතර මූලික උපාධි හා පශ්චාත් උපාධි පිරිනැමීම් තව දුරටත් පුළුල් කරන්නට මෙන්ම ඉදිරියේදී කලාපයේ පර්යේෂණ අවස්ථා වර්ධනය කරන්නටත් සැලසුම් කොට ඇත.

මේ වන විට සිසුන් 700ක් පමණ Curtin Colombo හි පාඨමාලා හාදාරන අතර, නව අධ්‍යයන වර්ෂය 2025 පෙබරවාරි 17 දින ආරම්භ වීමට නියමිතය. ඒ සඳහා නවක සිසුන් ලියාපදිංචිය දැනට සිදු කෙරෙමින් පවතී.

Curtin University Colombo සභාපති සහ SLIIT උපකුලපති, මහාචාර්ය ලලිත් ගමගේ, අදහස් දක්වමින්, මෙම Curtin සහ SLIIT ශක්තිමත් හවුල්කාරීත්වය තුළින් නිල මණ්ඩපයක් දක්වා වර්ධනය වීම පිළිබඳ තමන් ඉතා සතුටට පත්වන බව සඳහන් කළේය.

“මෙම හවුල්කාරීත්වය ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයට ජාත්‍යන්තර යහ භාවිතාවන් සාර්ථකව ගෙන ඒමට මෙන්ම දේශීය සිසුන්ට උසස් තත්ත්වයේ ජාත්‍යන්තර අධ්‍යාපන අවස්ථා ද ලබා දෙනවා”

"ලෝකයේ හොඳම විශ්වවිද්‍යාලවල පළමු සියයට 1 තුළ අඛණ්ඩව ශ්‍රේණිගත වී ඇති Curtin විශ්වවිද්‍යාලයේ අංගසම්පූර්ණ මණ්ඩපයක් ලංකාවේ පිහිටුවීම ජාතික වැදගත්කමක් ඇති කාරණයක් වන අතරම මෙම කලාපයේ උසස් අධ්‍යාපන අනාගතය සඳහා මෙය හොඳ පෙර නිමිත්තක් ලෙස ද මා දකිනවා”.

"Curtin University Colombo ශ්‍රී ලාංකේය අධ්‍යාපන සහ පර්යේෂණ ක්ෂේත්‍රය සඳහා වැඩි දායකත්වයක් ලබා දීමට කටයුතු කරනු ඇති අතරම, නිපුණතාවන්ගේ පිරි, තරඟකාරී ශ්‍රම බලකායක් පෝෂණය කරමින් ලංකාවේ දියුණුවට දායක වනු ඇත.”

Curtin University Colombo වෙතින් සිසුන්ට ඔවුන්ගේ උසස් අධ්‍යාපන අවස්ථා ශ්‍රී ලංකාවේදීම සපුරා ගැනීමට අවකාශ සලසා දෙන අතර ඕස්ට්‍රේලියාව, මැලේසියාව, සිංගප්පූරුව, එක්සත් අරාබි එමීර් හෝ මොරිෂස් යන ඕනෑම සරසවියක් වෙත මාරු වීමට ද අවස්ථාව සලසා දී ඇත.

මෙම ආකෘතිය මඟින් Curtin ජාත්‍යන්තර ජාලය තුළ දැනුම හුවමාරු කර ගැනීමට සහ සහයෝගීතාව වර්ධනයට උපකාරී වන අතර සිසුන්ට ඔවුන්ගේ අධ්‍යයන ගමන බාධාවකින් තොරව කරගනිමින් ජාත්‍යන්තර තලය දක්වා විහිද යන්නට ඉඩකඩ හිමි වීමද විශේෂත්වයකි.

පාඨමාලා සහ පිරිනැමීම් පිළිබඳ වැඩි විස්තර සඳහා Curtin University Colombo වෙබ් අඩවියට පිවිසෙන්න.

72 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියට අනුග්‍රාහකත්ව පිරි නැමේදෙසැම්බර් මස 1 වැනිදා සිට කොළඹ කේන්ද්‍ර කරමින් ක්‍රීඩාගාර 3ක...
22/11/2024

72 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියට
අනුග්‍රාහකත්ව පිරි නැමේ

දෙසැම්බර් මස 1 වැනිදා සිට කොළඹ කේන්ද්‍ර කරමින් ක්‍රීඩාගාර 3ක පැවැත්වීමට නියමිත 72 වැනි ජාතික බැඩ්මින්ටන් ශුරතාවලියේ සාර්ථකත්වය වෙනුවෙන් අනුග්‍රාහකයන්ගේ දායකත්වය තීරණාත්මක භූමිකාවක් ඉටු කරනු ඇතැයි ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ උපලේකම් සහ තරගාවලි කමිටු ලේකම් ජාලිය ජයසේකර මහතා ප්‍රකාශ කළේය. මෙවර ජාතික බැඩ්මින්ටන් ශුරතාවලියට අනුග්‍රාහකත්වය ලබා දෙමින් Mobil, McFoil, GAC, 3M, ProSport Hub සහ Li-Ning ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය සමඟ අත්වැල් බැඳගත්හ.

‘ඕනෑම ක්‍රීඩා ඉසව්වක සාර්ථකත්වය උදෙසා අනුග්‍රාහකයන් ප්‍රධාන භූමිකාවක් ඉටු කරනවා. මෙරට බැඩ්මින්ටන් ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රධානතම තරගාවලියට අනුග්‍රාහකත්වය ලබා දීමට ඉදිරිපත් වූ සියලුම අනුග්‍රාහකයන්ට අපි ස්තූතිය පුද කරනවා.‘ 72 වැනි ජාතික බැඩ්මින්ටන් ශුරතාවලිය පිළිබඳ කොළඹ පැවැති මාධ්‍ය හමුවේදී ජාලිය ජයසේකර මහතා එසේ සඳහන් කළේය. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ උපසභාපති සහ තාක්ෂණ කමිටු සභාපති රොෂාන් ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ උපසභාපති සහ තරගාවලි කමිටු සභාපති දිනේෂ් ජයවර්ධන මහත්වරු ද එම මාධ්‍ය හමුවට එක්වූහ.

මෙවර ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය වෙළෙඳසේවා ගෘහස්ත බැඩ්මින්ටන් ක්‍රීඩාගාරය, ඔටර්ස් බැඩ්මින්ටන් ක්‍රීඩාගාරය සහ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ ක්‍රීඩාගාරය කේන්ද්‍ර කරමින් දින 8ක් පුරා පැවැත්වෙන අතර, වාර්තාගත ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 1,300කට ආසන්න පිරිසක් තරගාවලියට එක්වී සිටිති. ඒ අතුරින් 850කට වැඩි යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සංඛ්‍යාවක් පාසල් නියෝජනය කරමින් තරග වදිති.

මෙවර ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ සමස්ත ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට රුපියල් මිලියන දෙකක මුදල් ත්‍යාග බෙදා දීමට කටයුතු යොදා ඇති අතර, මීට අමතරව ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට, අනුශූරයන්ට සහ අවසන් පූර්ව වටයට පිවිසෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පදක්කම් සහ සහතිකපත් ප්‍රදානය කෙරේ.

Celebrating Excellence at the National Logistics Awards 2024: A Triumph for MendisOne MendisOne is proud to announce tha...
13/11/2024

Celebrating Excellence at the National Logistics Awards 2024: A Triumph for MendisOne

MendisOne is proud to announce that Premium Trading and Logistics and Prudential Shipping once again emerged as standout winners at the prestigious National Logistics Awards 2024, securing three awards across key categories:
Premium Trading and Logistics
Freight Forwarders - Small Category – Gold
Premium Trading and Logistics
Customs House Brokers – Silver
Prudential Shipping
Ocean Carriers - NVOCC (Non-Vessel Owning Common Carrier) – Bronze
At MendisOne, innovation, service excellence, and collaboration are at the core of everything we do. Our recognition at NLA 2024 is a reflection of the hard work and dedication of our teams.
The National Logistics Awards (NLA) 2024, hosted by the Sri Lanka Logistics and Freight Forwarders' Association (SLFFA), marked a night of remarkable achievements on October 23rd at the Shangri-La Hotel in Colombo. Leaders and innovators from across the logistics industry gathered to celebrate excellence, collaboration, and resilience in Sri Lanka’s supply chain sector.
As the logistics industry gears up for another exciting year, MendisOne looks forward to innovative solutions and strengthening partnerships that drive future success. With a shared vision for growth and innovation, we are excited to participate in the next edition of the National Logistics Awards, also being winners in 2022 for Ocean carriers NVOCC Gold (Prudential Shipping) and Customs House Brokers Silver (Premium Trading and Logistics).
One Team, One Vision!

ව්‍යාජ 3M නිෂ්පාදන පිළිබඳ සැලකිලිමත් වන ලෙසට 3M-MLL විසින් පාරිභෝගිකයින්ට අනතුරු අඟවයිශ්‍රී ලංකාව තුළ නියමිත ප්‍රමිතියෙන...
11/11/2024

ව්‍යාජ 3M නිෂ්පාදන පිළිබඳ සැලකිලිමත් වන ලෙසට 3M-MLL විසින් පාරිභෝගිකයින්ට අනතුරු අඟවයි

ශ්‍රී ලංකාව තුළ නියමිත ප්‍රමිතියෙන් යුතු ගුණාත්මක 3M නිෂ්පාදන බෙදාහැරීමේ ආයතනය වන McLarens සමූහය (3M-MLL) සිය පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව පිළිබඳ නිරන්තරයෙන් සැලකිලිමත් වේ. වෙළඳපොළේ ඇති ව්‍යාජ 3M නිෂ්පාදන මිලදී ගැනීම සහ භාවිත කිරීම මඟින් ඇතිවිය හැකි බරපතල ගැටළු රැසක් පිළිබඳ මේ වන විට ඔවුන්ගේ අවධානය යොමුව ඇත. එම ව්‍යාජ නිෂ්පාදන සඳහා කිසිඳු පාර්ශවයකින් වගකීමක් හිමිනොවන අතර පාරිභෝගික පැමිණිලි සඳහාද කිසිදු ආකාරයක සහනයක් නොලැබේ. ඒවා අතරින් පුද්ගලික ආරක්ෂාව සඳහා යොදාගන්නා නිෂ්පාදන, සෞඛ්‍යයට අහිතකර බලපෑම් ඇති කරන බව McLarens පෙන්වා දෙයි.

3M-MLL වෙතින් 3M නිෂ්පාදන මිල දී ගන්නා පාරිභෝගිකයින්ට එවැනි අවදානමක් නොමැති අතර සෑම නිෂ්පාදනයක් සඳහාම වගකීම් කාලයක් හිමිවේ. මෙම සියලු නිෂ්පාදන ඉහළම ප්‍රමිතියකින් සහ ගුණත්වයකින් යුතුව පාරිභෝගිකයින් වෙත ගෙනෙන බවට ඔවුන් සහතික වේ.

ගුණාත්මක නිෂ්පාදන, ව්‍යාජ නිෂ්පාදනයන්ගෙන් වෙන්කර හඳුනාගැනීම අසීරු කටයුත්තක් වුවද මෙම නිෂ්පාදන අතර වෙනස හඳුනාගැනීම අතිශය වැදගත් බව 3M-MLL අවධාරණය කරයි. මන්ද ඒවා භාවිතා කිරීමේ ප්‍රතිවිපාක ඊටත් වඩා දරුණු වියහැකි බැවිනි. ව්‍යාපාරයක වැදගත්ම සම්පත වන සේවකයින්ගේ ආරක්ෂාව ආයතන හිමිකරුවන් සතු වගකීමකි. එබැවින් අනෙක් සියලු දේට වඩා සේවකයින්ගේ සෞඛ්‍යය තත්වය සහ ආරක්ෂාව සැලකිල්ලට ගෙන මෙම කරුණ පිළිබඳ දැඩි අවධානයක් යොමුකළ යුතු බව 3M-MLL සියලු ආයතන හිමිකරුවන්ට සහ නායකයින්ට පෙන්වා දෙයි.

3M-MLL හි අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඩිලාන් සෙනෙවිරත්න මේ පිළිබඳ පැවසුවේ, "අපි සෑමවිටම සැලකිලිමත් වෙන්නේ අපගේ ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම පිළිබඳවයි. ව්‍යාජ නිෂ්පාදන අපි අපේක්ෂා කරන ප්‍රතිලාභ ලබා දෙන්නේ නැහැ වගේම අපිට විශාල අවදානම් ද ඇති කරනවා. එම නිසා 3M නිෂ්පාදන මිලදී ගැනීමේදී ව්‍යාජ නිෂ්පාදන වලට නොරැවටී බලයලත් නියෝජිතයින් හරහා පමණක් 3M නිෂ්පාදන මිලදී ගන්නා ලෙස ඔබගෙන් ඉල්ලා සිටිනවා."

3M නිෂ්පාදන සම්බන්ධයෙන් කිසියම් ගැටළුවක් හෝ විමසීමක් ඇත්නම් සිය කණ්ඩායම හා සම්බන්ධ වන ලෙස 3M-MLL විසින් පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින අතර පාරිභෝගිකයින්ට අවශ්‍ය ගුණාත්මක සහ ආරක්ෂිත 3M නිෂ්පාදන ලබාදීමට ඔවුන් අඛණ්ඩව කැපවී සිටී.

HSBC Ceylon Literary & Arts Festival හි දෙවන අදියර 2025 ජනවරි මස 17වන දින සිට 19 වන දින දක්වා පැවැත්වීමට සැළසුම් කර ඇත. ...
11/11/2024

HSBC Ceylon Literary & Arts Festival හි දෙවන අදියර 2025 ජනවරි මස 17වන දින සිට 19 වන දින දක්වා පැවැත්වීමට සැළසුම් කර ඇත. ශ්‍රී ලාංකීය සාහිත්‍ය සහ සංසකෘතික කලාව පෝෂණය කිරීමේ අරමුණින් ජාත්‍යන්තර සහ දේශීය කලාවන් එකම අවකාශයකට ගෙන ඒමේ අරමුණින් දියත් කරනු ලබන මෙම සුවිශේෂ වැඩසටහන, අති සාර්ථක අයුරින් දියත් කිරීමට කටයුතු යොදා ඇත.

දේශීය මෙන්ම ජාත්‍යන්තර කතුවරුන් 44 දෙනෙකුගේ සහභාගිත්වයෙන් ඉතාමත් ආකර්ෂණීය අයුරින් පසුගිය වසරේදී මෙම සාහිත්‍ය උළෙළ පැවැත් වූ අතර, ඒහිදී විවිධ තේමා යටතේ ආකර්ෂණීය සැසි කිහිපයක්ම සංවිධානය වී තිබුණි. මෙම වසරේදී ද පෙර වසරට සාපේක්ෂව අලුත් අත්දැකීම රැසක් සාහිත්‍යලෝලීන් වෙත ලබාදීම සංවිධායක මණ්ඩලයේ අරමුණ වේ.

මෙම උත්සවය අනාගත නවෝත්පාදන සහ නිර්මාණාත්මක කර්මාන්ත කෙරෙහි අවධානය යොමු කරමින්, නිර්මාණාත්මක ව්‍යවසායකත්වය පෝෂණය කිරීම, බුද්ධිගලනය අවම කිරීම සහ කලා ක්ෂේත්‍රයේ ශ්‍රී ලාංකිකයින්ට නව අවස්ථා නිර්මාණය කිරීම තුළින් නැඟී එන දේශීය කුසලතා සඳහා අවශ්‍ය සහය ලබා දීමට කටයුතු කරනු ඇත. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් හුවා දක්වමින් HSBC Ceylon Literary & Arts Festival කලාව සහ සංස්කෘතිය තුළ ලාංකේය අනන්‍යතාවය ගොඩනැගීමට කටයුතු කරයි. එමෙන්ම, මෑතකාලීන අභියෝග මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් සහ ගතික සංස්කෘතික ලක්ෂණයන් ඔප්නංවමින් සංචාරක ආකර්ශනය සහ ආයෝජකයින් අතර විශ්වාසය ගොඩනැගීමටද කටයුතු කරයි.

අනාගත පරම්පරාවේ නිර්මාණශීලී මනස පෝෂණය කිරීමට කැපවීමේ ප්‍රධාන අරමුණින් යුතුව මෙම උත්සවය පවත්වනු ලබන අතර, පසුගිය වසරේ හඳුන්වා දුන් Future Writers වැඩසටහනට අතිමහත් ප්‍රතිචාරයක් ලැබුණු අතර, මෙම අරමුණ ඉදිරියටත් සාක්ෂාත් කරගැනීම උළෙලේ තවත් ඒක් අරමුණකි. මෙම වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ නිර්මාණාත්මක ක්ෂේත්‍රයේ අනාගතය සඳහා නව බලාපොරොත්තුවක් එක් කරමින් නිර්මාණශීලී ව්‍යවසායකත්වය පෝෂණය කිරීමට අපේක්ෂා කරන ලේඛකයින් සඳහා නව අවස්ථවන් විවර කිරීමට අපේක්ෂා කරයි.

HSBC Ceylon Literary & Arts Festival ශ්‍රී ලංකාවේ සංස්කෘතික සාරයන් ඔප්නංවමින් එකම වේදිකාවක සාහිත්‍යය ප්‍රමුඛ කලා, සංගීත, සහ සිනමා අංග සහිතව, සියලුම ආරාධිතයන් සඳහා සංස්කෘතිකමය අත්දැකීමක් ලබා දීම අරමුණු කරයි.

තවද, ශ්‍රී ලාංකේය සමාජය සතු ගතික හා ජවසම්පන්න බව පිළිඹිඹු කරමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රේක්ෂකයින්ගේ අවධානයට යොමු කිරීම සංවිධායකයින්ගේ ප්‍රධාන අරමුණයි. මේ ඔස්සේ රටෙහි ධනාත්මක ඉදිරි ගමනට සංචාරකයින් හා ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම අරමුණකි.

ශ්‍රී ලංකාව මෑතකදී මුහුණ දුන් අභියෝගවලට සාර්ථකව මුහුණ දෙමින්, රටේ නිර්මාණශීලී කලා ශිල්පයන් එක මිටකට ගෙන ගෝලීය මට්ටමින් ශ්‍රී ලංකාව කලාත්මක හා ශක්තිමත් සමාජයකට උරුමකම් කියන බව පසක් කිරීම මෙම වැඩසටහනේ තවත් අරමුණකි.

ශ්‍රී ලංකාව මෑත කාලීනව මුහුණදුන් අභියෝගවලට සාර්ථකව මුහුණ දෙමින් ඉදිරියට යන අතරතුර, HSBC Ceylon Literary & Arts Festival රටේ නිර්මාණාත්මක හැකියාව පිළිබඳව ප්‍රතිමූර්තියක් ලෙස කටයුතු කරයි. කලාකරුවන්, ලේඛකයින්, සංගීතඥයන් සහ චිත්‍රපට නිෂ්පාදකයින් එක් කර ගනිමින් සිදු කරනු ලබන මෙම සංස්කෘතික සැමරුම ශ්‍රී ලාංකේය කුසලතා ජාත්‍යන්තරයට ප්‍රදර්ශනය කරමින් ශ්‍රී ලාංකේය නාමය ජාත්‍යන්තරයේ ස්ථපිත කිරීම අරමුණු කරයි. HSBC Ceylon Literary & Arts Festival පිළිබඳ වැඩි විස්තර සඳහා www.ceylonliteraryfestival.com වෙත පිවිසෙන්න

Hyperjet Technologies (Pvt) Ltd Sri Lanka සහ SpideRadio Telecommunication Technology Co. Limited නව සහයෝගීතාවයක් අරඹමින්...
11/11/2024

Hyperjet Technologies (Pvt) Ltd Sri Lanka සහ SpideRadio Telecommunication Technology Co. Limited නව සහයෝගීතාවයක් අරඹමින් ලොව ප්‍රවේශ ජාල විසඳුම් ක්ෂේත්‍රයේ නවතම පිවිසුම්කරු ලෙස ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ ක්ෂේත්‍රය සඳහා 5G හැකියාවන් පිළිබඳ විප්ලවීය වෙනසක් ඇති කරමින් spideRadio සන්නිවේදන නිෂ්පාදනයන් පසුගියදා මෙරට තුළ දියත් කරන ලදී. මෙය ශ්‍රී ලංකාවේ සියලුම ශ්‍රී ලාංකික ටෙලිකොම් නියාමකයන්ට, ජංගම දුරකථන ක්‍රියාකරුවන්ට සහ ග්‍රාහකයන්ට කදිම අවස්ථාවක් වේ. 5G තාක්ෂණය පිළිබඳ ජාල තාක්ෂණ ධාරිතාව වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් මෙරට සතු අභිලාෂයන් මෙමඟින් සවිබල ගන්වන අතර ආර්ථික වර්ධනයටද හිතකර පරිදි අදිවේගී අන්තර්ජාල පහසුකම් ඔස්සේ ඩිජිටල් බෙදීම අවම කරනු ඇත. එබැවින් ජංගම සන්නිවේදන නිෂ්පාදන සඳහා වන දකුණු ආසියාතික වෙළෙඳපලට මෙම SpideRadio carrier-grade Intelligent, Access Network solutions of Wireless Telecom Networks සහයෝගයක් වනු ඇත.

මෙම SpideRadio 4G සහ 5G Radio Access Network (RAN) මඟින් මූලික ජාල , ස්මාර්ට් කර්මාන්තශාලා, ස්මාර්ට් කර්මාන්ත සහ විශ්ව විද්‍යාල යෙදුම් වැනි පෞද්ගලික ජාල ආවරණ ව්‍යාප්ති සඳහා ද පැහැදිලිතාවය වැඩිදියුණු කිරීම සඳහා උසස් විසඳුම් පිරිනැමීමට බලාපොරොත්තු වේ. එමෙන්ම එවැනි ගුණාත්මක සම්බන්ධතාවයක් මඟින් ස්වයංක්‍රීය මෝටර් රථ, ඩිජිටල් මූල්‍ය, දුරස්ථ ඉගෙනුම්, නිවසේ සිට වැඩ කිරීම, රජයේ ඩිජිටල්කරණ කටයුතු , Industry 4.0 කර්මාන්ත, ඩිජිටල් ආර්ථික අරමුණු මෙන්ම සමාජය ඩිජිටල් පරිවර්තනයකට රැගෙන යන Industry 5.0 කර්මාන්ත යෙදුම් සඳහා ද වැඩි හැකියාවක් ලබා දේ.

SpideRadio හි නිෂ්පාදන පෙළ ගෘහස්ථ සහ එළිමහන් 4G සහ 5G Base Stations, ගෘහස්ථ සහ එළිමහන් 4G සහ 5G ද්විත්ව මාදිලියේ DBS / ISC Base Stations, ගෘහස්ථ සහ එළිමහන් WCDMA Base Stations, ගෘහස්ථ සහ එළිමහන් GSM Base Stations ආදී වශයෙන් වූ පුළුල් පරාසයකින් සමන්විත වේ. එමෙන්ම රැහැන් රහිත සන්නිවේදන තාක්ෂණය සඳහා වන සියලුම නිෂ්පාදන අධිවේගී බ්‍රෝඩ්බෑන්ඩ් සහ විශ්වාසනීය සම්බන්ධතාවය සඳහා ඊළඟ පරම්පරාවේ නව විසඳුම් මත පදනම් වේ.

ශ්‍රී ලංකාවේ ප්‍රථම ජංගම දුරකථන ක්‍රියාකරු වන Cellel හි සාමාජිකයෙකුවූ Hyperjet Technologies (Pvt) Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ චමින්ද කරුණානායක මහතා සහ ටෙලිකොම් පරිවර්තනයන් සඳහා අගයන් සැකසීමේ උපාය මාර්ග නිර්මාණය කිරීමේ වසර 30කට වැඩි පළපුරුද්දක් ඇති අයෙකි. චීනය පුරා පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථාන කිහිපයක නවෝත්පාදනයන් සහ ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසියන් වන අධ්‍යක්ෂව මණ්ඩල සහ ඉහළ නායකත්වයේ නවෝත්පාදනවල සහාය ඇතිව “SpideRadio” හි පුළුල් විසඳුම් කළඹ අද්විතීය, වඩාත්ම විශ්වාසදායක සහ දැරිය හැකි මිලක බව ඔහු පැවසීය. ටෙලිකොම් කර්මාන්තයේ දියුණුව සහ පරිවර්තනය සඳහා අපි මෙම නවතම තාක්‍ෂණය වර්ධනයන් හදුන්වා දෙන්නෙමු. ශ්‍රී ලංකාව, මාලදිවයින, පකිස්තානය, බංග්ලාදේශය සහ නේපාලය යන රටවල විශාල ඉහල ඉල්ලුම නිසා දකුණු ආසියාවේ SpideRadio හි කලාපීය සේවා මධ්‍යස්ථානය බවට පත්වන අංගසම්පූර්ණ පහසුකමක් අපි ස්ථාපිත කරමු

ශ්‍රී ලංකාවේ Telecom නිෂ්පාදන පිළිබඳ විශාලතම විකුණුම්කරු ලෙස වසර 20කට වඩා දිගු කාල පරිච්ඡේදයක් පුරා සිය කීර්ති නාමය තහවුරු කරගනිමින් optical fibre cable සහ FTTH උපාංග සඳහා ප්‍රමුඛස්ථානය දිනා ගත් සමාගමක් ලෙස Hyperjet Technologies (Pvt) Ltd හැඳින්විය හැකිය.එමෙන්ම telecom අංශයේ නවෝත්පාදන සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම පේටන්ට් බලපත්‍රය හිමිකරුවා වන මෙම ආයතනය 2019 වසරේදී ISO 56002 නවෝත්පාදන කළමනාකරණ පද්ධතිය ලබා ගත් ආසියාවේ පළමු සමාගමද වේ.මීට අමතරව ISO 9001, ISO 14001, ISO 22301, ISO 26000, ISO 27001 සහ ISO 45001 සහ ISO 56002 සහතික ආදී වූ ශ්‍රී ලංකා ප්‍රමිති සහතික (SLSI) සහ SGS, Control Union Inspections සහ URS සහතික ලබා ගැනීමටද Hyperjet Technologies (Pvt) Ltd සමත් වී තිබේ. ශ්‍රී ලංකා ටෙලිකොම් සහ අනෙකුත් සියලුම ටෙලිකොම් ක්‍රියාකරුවන් සහ කොන්ත්‍රාත්කරුවන් සමඟ දිගු කාලීන සබඳතා ගොඩනගා ගත් හවුල්කරුවෙකු ලෙස කටයුතු කරන මෙම සමාගම ඔවුන් සතු ගුණාත්මකභාවය , විශ්වසනීය බව සහ අලෙවියෙන් පසු සේවාව ඔස්සේ ඉහළ ශ්‍රේණිගත විකිණුම්කරුවෙකු ලෙස සිය ස්ථාවර ගොඩනගාගෙන සිටියි.

IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරටමෙරට සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප...
11/11/2024

IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට

මෙරට සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) ආයතනය කීර්තිමත් Employer Branding Institute ආයතනය නම් කළ මෙරට විශිෂ්ටම සේවා යෝජක සන්නාම අතරට එක් වී තිබේ. එම ආයතනය සතු විශිෂ්ට මානව සම්පත් පිළිවෙත්, ඵලදායි කුසලතා කළමනාකරණය සහ නිර්මාණාත්මක උපාය මාර්ග අගයමින් මෙම සම්මානය පිරිනමා තිබේ. IIHS ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී, නිර්මාතෘ සහ අධ්‍යයන උපාය මාර්ග හා ජාත්‍යන්තර සම්බන්ධතා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා වෙත සම්මානය පිරිනමන ලදී. IIHS ආයතනය මේ දක්වා පැමිණි සාර්ථක ගමනට ඔහුගේ නායකත්වය විශාල පිටිවහලක් විය. රටවල් 36කට වැඩි ප්‍රමාණයක් නියෝජනය කරන ජ්‍යෙෂ්ට මානව සම්පත් වෘත්තිකයෝ සහ විශේෂඥයෝ සම්මානලාභීන් තෝරා ගැනීමේ ක්‍රියාවලියට මඟ පෙන්වූහ. යහපත් සේවා පරිසරයක් නිර්මාණය කිරීමට IIHS ආයතනය ගන්නා ක්‍රියා මාර්ග ජාත්‍යන්තර වශයෙන්ද පිළිගන්නා බව මෙමගින් තහවුරු විය.

වර්ධනය, නව්‍යකරණය සහ බල ගැන්වීම කේන්ද්‍ර කර ගත් ධනාත්මක සේවා ස්ථාන සංස්කෘතියක් බිහි කිරීම සඳහා IIHS ආයතනය සතු කැපවීම මේ තුළින් පිළිබිඹු වේ. මෙයද ඇතුළුව පසුගිය කාලය පුරා ලැබූ ජයග්‍රහණ පිළිබඳව IIHS ආයතනය සිය කාර්ය මණ්ඩලය වෙත ප්‍රණාමය පළ කරයි. අඛණ්ඩ ඉගැනීම සහ නව්‍ය අදහස් දිරි ගන්වන IIHS ආයතනය පෙරළිකාර මානව සම්පත් ක්‍රමවේද රැසක්ද හඳුන්වා දී ඇත. ඒ තුළින් නිපුණතා සංවර්ධනය සහ කළමනාකරණය පිළිබඳව නව ප්‍රමිති හඳුන්වා දීමට ඔවුන්ට හැකියාව ලැබී තිබේ. සෑම සේවකයෙකුටම වටිනාකමක් ලැබෙන සහ ඔවුන්ගේ උපරිම ශක්තියෙන් ආයතනයේ අභිවෘද්ධියට දායක වීමට අවස්ථාව දෙන IIHS ආයතනය කාර්ය මණ්ඩලයේ පෞද්ගලික මෙන්ම වෘත්තීය සංවර්ධනය පිළිබඳව යොමු කරන්නේ ප්‍රමුඛ අවධානයකි.

“අපගේ මානව සම්පත් කණ්ඩායම හරහා සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් අප දැක්වූ දායකත්වය පිළිබඳව මට දැනෙන්නේ විශාල ගෞරවයක්. 5,000කට අධික හෙද හෙදියන් පිරිසක් බිහි කිරීම සහ වැඩමුළු 250කට වැඩි සංඛ්‍යාවක් සංවිධානය කිරීම තුළින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මානව ප්‍රාග්ධන සංවර්ධනයට අප විශාල දායකත්වයක් දක්වා තිබෙනවා. අප සංවිධානය කළ 100කට අධික සම්මන්ත්‍රණ සහ පර්යේෂණ ව්‍යාපෘති තුළින් දැනුම හුවමාරු කර ගැනීම සඳහා අප දක්වන උනන්දුව පිළිබිඹු වෙනවා, ඒ සියල්ල සාර්ථකව දියත් කරන්න හැකි වුණේ කැපවීමෙන් යුතුව කටයුතු කරන අපගේ මානව සම්පත් කණ්ඩායම නිසා. සීමා සහිත පහසුකම් මධ්‍යයේ වුවත් ඔවුන් විශාල සාර්ථකත්වයක් ළඟා කර ගෙන තිබෙනවා. ඒ හරහා ‘නව්‍යකරණය තුළින් ජනතාව, ප්‍රජාව, සහ පරිසරය පරිවර්තනයකට ලක් කිරීම’ යන අපගේ දැක්ම යථාර්තයක් බවට පත් වුණා.” විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා පැවසීය.

ප්‍රමුඛ පෙළේ ලාංකීය මෘදුකාංග නිමැවුම් ආයතනයක් වන Xiteb (Pvt) Ltd හඳුන්වා දුන් නවතම xCommerz™  විද්‍යුත් වාණිජ මෘදුකාංගය ...
11/11/2024

ප්‍රමුඛ පෙළේ ලාංකීය මෘදුකාංග නිමැවුම් ආයතනයක් වන Xiteb (Pvt) Ltd හඳුන්වා දුන් නවතම xCommerz™ විද්‍යුත් වාණිජ මෘදුකාංගය ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙලේදී මෙවරද සම්මානයට පාත්‍ර විය.

මෙම ජයග්‍රහණය තුළින් xCommerz™ මෘදුකාංගය නව ඩිජිටල් යුගය තුළ ව්‍යාපාර සවිබල ගැන්වීමට ගන්නා වූ මහා ප්‍රයත්නය මනාව විදහා පායි. ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන පදනම විසින් xCommerz™ මෘදුකාංගය ආසියානු පැසිෆික් (Asia Pacific ICT Alliance - APICTA) තොරතුරු හා සන්නිවේදන සන්ධාන සම්මාන උළෙල තුළ තරග වැදීමට නිර්දේශ කිරීම xCommerz™ මෘදුකාංගයට ගෝලීය වෙළෙඳපොළ තුළ සිදු කළ හැකි බලපෑම හා ගෝලීය වෙළෙදපොළ තුළ එය හිමි කර ගත් වැදගත් සන්ධිස්ථානය මනාව පෙන්වා දෙයි.

පරිශීලකයන්ට xCommerz™ මෘදුකාංගය දැනට පවතින ඕනෑම ආකාරයේ පරිගණක පද්ධතියක් හරහා පහසුවෙන් භාවිතා කිරීමේ හැකියාව ඇති අතර ව්‍යාපාර මෙහෙයුම් අඩාල නොවන පරිදි අන්තර්ජාලය තුළ ඕනෑම ආකාරයේ පරිශීලකයන් ප්‍රමාණයක් කළමනාකරණය කර ගැනීමේ හැකියාව පවතියි. xCommerz™ මෘදුකාංගය නිම කිරීමට යොදා ගත් සූක්ෂම සැළැස්ම හා තහවුරු කරන ලද තත්ත්ව පරීක්ෂා එම මෘදුකාංගයෙහි උපරිම කාර්යක්ෂමතාව මනාව විදහා දක්වයි.

ලද සම්මානය පසුපස ඇති ප්‍රධාන සාධකයක් වන්නේ xCommerz™ හි ශක්තිමත් ජංගම වාණිජ විසඳුමයි (mCommerce - mobile eCommerce). එය වත්මන් වෙළෙඳපොළ තුළ වැඩි ඉල්ලුමක් ඇති, ජංගම දුරකථන හරහා මාර්ගගත භාණ්ඩ හා සේවා විකුණුම් සහ මිල දී ගැනීම් සැපිරීමට මනා පිටිවහලක් වේ.

නවතම වෙළෙඳපොළ සමීක්ෂණවලට අනුව වසරක් තුළදී ගෝලීය මාර්ගගත මිල දී ගැනීම්වලින් 65%කට අධික ප්‍රමාණයක් ජංගම උපාංග හරහා මාර්ගගතව සිදු කරනු ලබන අතර ව්‍යාපාර සඳහා කැප වූ ජංගම යෙදවුමක අත්‍යවශ්‍යතාව එමගින් මනාව පෙන්වා දෙයි.

Xiteb® හි ජංගම වාණිජ විසඳුම (mCommerce) ජංගම ප්‍රතිචාරශීලී වෙබ් අඩවිවල (mobile responsive websites) සීමා ඉක්මවමින් පරිශීලක හිතකාමී (user-friendly) අත්දැකීමක් සපයයි.

එසේම මිල දී ගැනීම් පිළිබඳ තත්කාලීන දත්ත ගැනීමේ හැකියාව වෙළඳ ප්‍රවර්ධන කටයුතු සඳහා උපයෝගී වෙන push notifications වැනි විශේෂාංග රැසක් තිබීම හේතුවෙන් පාරිභෝගික නියැළීම් සහ විකුණුම් ඉහල නංවමින් අලෙවිකරුවන් සවිබල ගන්වයි.

විකුණුම්කරුවන් සීමා කිරීම් රහිත වීම (Vendor-locking free), රිසි ලෙස අසීමිතව වෙනස්කම් සිදු කිරීමට හැකිවීම (Unlimited customization) සහ අතිරේක ගනුදෙනු ගාස්තු රහිත වීම (Free from transaction rates) වැනි අද්විතීය ප්‍රතිලාභ සැපයීමෙන් xCommerz™ සිය ගෝලීය තරගකරුවන් සමඟ තරග කරයි. එමෙන්ම එහි පද්ධතියකින් පද්ධතියකට සරල දත්ත සංක්‍රමණ ක්‍රියාවලිය සියලු ප්‍රමාණයේ ව්‍යාපාර සඳහා වඩා වාසිදායක වේ.

SLT Zero One, The BizAwards - USA වැනි බහු ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙලවල් තුළින් මින් පෙර ලද ඇගැයීම් Xiteb® හි විශිෂ්ටත්වය මනාව විදහා දක්වයි. Xiteb® හි ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ධනේෂ් ආර්. ජයතිලක මහතා Xiteb® ආයතනය වෙත ලාංකීය තොරතුරු තාක්ෂණ ක්‍ෂේත්‍රය විසින් අඛණ්ඩව සපයනු ලබන සහයෝගය පිළිබඳව සිය කෘතඥතාව මෙසේ පළ කළේය. “නැවත වරක් මෙම සම්මානය ලැබීම අපට ගෞරවයක්. එය අපගේ කණ්ඩායමේ කැපවීම සහ අපගේ ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය පිළිබඳ සාක්ෂියක් වනු ඇති.” xCommerz™ ව්‍යාපාර සවිබල ගැන්වීමට කැප වී සිටින අතර ව්‍යාපාර සදහා ඩිජිටල් පරිවර්තනයකට මග පෙන්වයි. xCommerz™ නවෝත්පාදනය සහ පාරිභෝගික තෘප්තිය සඳහා කැප වී සිටින අතර එය විද්‍යුත් වාණිජ ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටියි.

Address

No 61, Warakatiya Road
Maharagama
10280

Telephone

+94777995844

Alerts

Be the first to know and let us send you an email when Lanka Marketspace posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lanka Marketspace:

Share