![💥ජාතික තරුණ සේවා සභාවේ සංකේතයක් ලෙස සැලකෙනෙ #යොවුන් රඟහල # වසර ගණනාවක් නිසි නඩත්තු කටයුතු නොකිරීම නිසා මේ වන විට ඉතාම අ...](https://img4.medioq.com/222/585/1032572902225855.jpg)
28/01/2025
💥ජාතික තරුණ සේවා සභාවේ සංකේතයක් ලෙස සැලකෙනෙ #යොවුන් රඟහල # වසර ගණනාවක් නිසි නඩත්තු කටයුතු නොකිරීම නිසා මේ වන විට ඉතාම අබලන් තත්ත්වයකට පත්ව ඇත. අධ්‍යාපනික වශයෙන් මෙන්ම කලා කටයුතුවලදී ක්ෂේත්‍රයේ සුපුරුදු නමක් රඳවමින් එම කටයුතු සඳහා පහසුකම් සැලසූ යොවුන් රඟහලේ ප්‍රතිසංස්කරණ කටයුතු පසුගිය දා ආරම්භ කරන ලදී.නව රජයේ ප්‍රතිපත්තිය යටතේ සංස්කෘතිකවත්, නිවහල් තරුණයා බිහි කිරීමට පූර්ණ අවධානය යොමු කරමින් ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම යටතේ රඟහල සම්පූර්ණ ප්‍රතිසංස්කරණය සඳහා මේ වනවිට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව හා ඉංජිනේරුමය කාර්යයන් සඳහා උපදේශක මණ්ඩලය යටතේ මෙහි කටයුතු සිදු කරන අතර ජාතික තරුණ සේවා සභාවේ සභාපති/ අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ චින්තක හේවාපතිරණ මහතා පසුගියදා මෙහි ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා සහභාගි වෙමින් නිළධාරීන් සමඟ සාකච්ඡාවක නිරත විය.