Lakdana ලක්දන

Lakdana ලක්දන Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lakdana ලක්දන, Media/News Company, Maharagama.

නව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ලසන්ත රොද්‍රිගු සහ නාවුක හමුදාපති රියර් අද්මිරාල් කාංචන බානගොඩ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්...
30/12/2024

නව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ලසන්ත රොද්‍රිගු සහ නාවුක හමුදාපති රියර් අද්මිරාල් කාංචන බානගොඩ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දිත කුමානායක වෙතින් සිය පත්වීම් ලබා ගනිමින්...
#පත්වීම් #හමුදාපති #හමුදාපතිවරු #යුද #නාවුක #ලක්දන

2024 / 12 / 30 - #කොළඹ

ඔබ සැමට සිරි සුබ නත්තලක් වේවා!
25/12/2024

ඔබ සැමට සිරි සුබ නත්තලක් වේවා!

ජනතාවගේ  පිළිකුලට සහ අප්‍රසාදයට පත්  පාර්ලිමේන්තුවේ  උත්තරීතර බව යළි ඇති කිරීමට ජනතා නියෝජිතයන් ලෙස වැඩ කරන්න!- අගමැතිනී...
25/11/2024

ජනතාවගේ පිළිකුලට සහ අප්‍රසාදයට පත් පාර්ලිමේන්තුවේ උත්තරීතර බව යළි ඇති කිරීමට ජනතා නියෝජිතයන් ලෙස වැඩ කරන්න!
- අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය

පසුගිය කාලයේ ජනතාවගේ පිළිකුලට සහ අප්‍රසාදයට පත් වූ පාර්ලිමේන්තුව යළිත් උත්තරීතර ආයතනයක් බවට පත් කරන්නට නම් සියලු මන්ත්‍රීවරුන් තමන් මහජන නියෝජිතයින් බව සිහි තබාගෙන වැඩ කළ යුතු යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

10 වැනා පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් 2024 නොවැම්බර් 25 වැනි දා පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී ඇය ඒ බව පැවසුවා ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය -

"..දහ වැනි පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන් ලෙස තේරී පත්වූ ඔබ සැමට මම සුභ පතනවා. මේ පාර්ලිමේන්තුව ඓතිහාසික සහ සුවිශේෂී පාර්ලිමේන්තුවක්. ඒ නිසා මම ඔබට යෝජනා කරනවා එහි අර්ථය හරියට අවබෝධ කරගෙන මේ පාර්ලිමේන්තුව අපි බාරගමු කියලා.

මේ පාර්ලිමේන්තුව ඓතිහාසික වෙන්න හේතු ගණනාවක් තිබෙනවා. වැඩිම කාන්තා නියෝජනය ලෙස මන්ත්‍රීවරියන් 22ක් මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කර තිබෙනවා. ඒ වගේම මන්ත්‍රී ආසන 225 න් මන්ත්‍රී ආසනය 162 ක් ම නවක මන්ත්‍රීවරුන්. නවක මන්ත්‍රීවරුන් වැඩිවීමට හේතුව අපි අවබෝධ කරගත යුතුයි. පසුගිය කාලය තුළින්ම පාර්ලිමේන්තුව කියන ඒ උත්තරීතර සභාව ජනතාවගේ අප්‍රසාදයට සහ පිළිකුලට පත් වූ තැනක්. පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් ප්‍රතික්ෂේපවුණා. 225 ම එපා කියලයි ජනතාව ප්‍රකාශ කළේ. එවැනි සංවාදයක් තුළයි ජනතාව මෙවැනි පාර්ලිමේන්තුවක් මහ මැතිවරණයෙන්ම නිර්මාණය කළේ. ඒ නිසා අපි මහජන නියෝජිතයන් කියන එක අමතක නොකළ යුතුයි. අපිට අමාත්‍ය ධුර, නියෝජ්‍ය අමාත්‍ය ධුර හෝ මොන තනතුරු ලැබුණත් පළමුවත්, අවසන් වරටත් අපි මහජන නියෝජිතයින් බව මතක තබා ගත යුතුයි. මම විශ්වාස කරනවා පාර්ලිමේන්තුව ජනතාව නියෝජනය නොකරන තැනක් බවට පවතින අප්‍රසාදය වෙනස් කරගත හැකි වන්නේ අපි සියලු දෙනාම ජනතාවගේ බලාපොරොත්තු සිහි තබාගෙන ආරක්ෂා කළොත් පමණයි.

අපේ රටේ ජනතාව දේශපාලනිකව පරිණත පිරිසක් බව පසුගිය කාලයේ පැවැති දේශපාලනික පරිවර්තන වලින් පැහැදිලි වෙනවා. ජනතාව ලබාදුන් පණිවිඩය අපි කොයි තරම් දුරට අවබෝධ කරගත්තාද යන කාරණය මතයි මේ පාර්ලිමේන්තුව නිර්මාණය වෙලා තිබෙන්නේ. ජනතාවගේ පණිවිඩය පිළිනොගත්ත අය මෙවර මහ මැතිවරණයේදී ප්‍රතික්ෂේප කර තිබෙනවා. එහෙම නම් ජනතාව අපි කෙරෙහි තබා ඇති බලාපොරොත්තුව, ජනතාව අපේක්ෂා කරන දේශපාලන භාවිතාව රට තුළ නිර්මාණය කිරීමටත්, ජනතාව අපි කෙරෙහි තබා ඇති විශ්වාසය ආරක්ෂා කිරීමටත් 225 ටම විශාල වගකීමක් තිබෙනවා. ජනතා අපේක්ෂාවන් වෙනුවෙන් කැප වෙමු. ඒ සඳහා මේ වැඩමුළුව ඉතා වැදගත්. සම්ප්‍රදායන් ආරක්ෂා කරමින් පාර්ලිමේන්තුව මේ නව්‍යකරණය කරන්නේ කෙසේද යන්න අවබෝධ කර ගැනීමට මේ වැඩමුළුව ඉතා ප්‍රයෝජනවත් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

කථානායක ආචාර්ය අශෝක රන්වල, නියෝජ්‍ය කථානායක වෛද්‍ය මොහොමඩ් රිස්වි සාලි, නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලී වීරසේකර, සභා නායක අමාත්‍ය බිමල් රත්නායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින් නලින්ද ජයතිස්ස ඇතුළු නවක මහජන නියෝජිතයින් පාර්ලිමේන්තු මහලේකම්, නියෝජ්‍ය මහලේකම්, සහකාර මහලේකම් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූ හ.

2024/ 11/ 25 - #පාර්ලිමේන්තුව

#ලක්දන #අගමැති #හරිනි #නවක #වැඩමුළු

අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ පීඩාවට පත් මහජනතාවට සහන සැලසීමට  නාවුක හමුදා සහන කණ්ඩායම් සීරුවෙන්..                      ...
25/11/2024

අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ පීඩාවට පත් මහජනතාවට සහන සැලසීමට නාවුක හමුදා සහන කණ්ඩායම් සීරුවෙන්..


දිවයිනට බල පා ඇති අයහපත් කාලගුණය හමුවේ පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම පිණිස මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස සහ අතුරලිය ප්‍රදේශ වෙත නාවුක හමුදා ආපදා සහන කණ්ඩායම් 03 ක් ස්ථානගත කෙරේ.

ඉකුත් නොවැම්බර් මස 24 වැනි දා අදාල කටයුතු සිදු කෙරිනි.

අධික වර්ෂාපතනය හේතුවෙන් නිල්වලා ගඟ සහ එහි අතු ගංඟා පිටාර මට්ටමට පැමිණ ඇති බැවින්, පවතින ගංවතුර අවදානම හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම පිණිස ආපදා සහන කණ්ඩායම් ජිවිතාරක්‍ෂක උපකරණ සමඟ ස්ථානගත කෙරිණි.

අදාල සහන කණ්ඩායම්, අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින පාසල් ළමුන් පිරිසක් සහ ප්‍රදේශයේ ජනතාවගේ දෛනික කටයුතු සඳහා සිය ඩිංගි යාත්‍රා මඟින් ප්‍රවාහන පහසුකම් සපයන ලදී.

පවතින ගංවතුර අවදානම හමුවේ පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සහන කඩිනමින් සැලසීම සඳහා අවශ්‍යතාව මත ස්ථානගත කිරීමට නාවුක හමුදා අමතර සහන කණ්ඩායම් 134 ක් සූදානමින් සිටී.

2024/ 11/ 25 - #මාතර

#නාවුක #ගංවතුර #නාවුකහමුදාව #නිල්වලා #අයහපත් #කාලගුණය #ලක්දන

සන්නද්ධ හමුදා අනුස්මරණ දින උත්සවය සහ  #පොපි මල් සැමරුම  #ජනපති ප්‍රධානත්වයෙන්2024/ 11/ 24 -  #කොළඹ විහාරමහාදේවි උද්‍යාන...
24/11/2024

සන්නද්ධ හමුදා අනුස්මරණ දින උත්සවය සහ #පොපි මල් සැමරුම #ජනපති ප්‍රධානත්වයෙන්

2024/ 11/ 24 - #කොළඹ විහාරමහාදේවි උද්‍යානය

#ලක්දන #අනුරකුමාරදිසානායක #ජනාධිපති #හමුදා #සැමරුම්

 #ජනාධිපති  #අනුරකුමාරදිසානායක බත්තරමුල්ල, අකුරේගොඩ  #ආරක්ෂක අමාත්‍යාංශයේ දී ආරක්ෂක අමාත්‍යධුරයේ වැඩ භාර ගනිමින්..2024/ ...
22/11/2024

#ජනාධිපති #අනුරකුමාරදිසානායක බත්තරමුල්ල, අකුරේගොඩ #ආරක්ෂක අමාත්‍යාංශයේ දී ආරක්ෂක අමාත්‍යධුරයේ වැඩ භාර ගනිමින්..

2024/ 11/ 22 - බත්තරමුල්ල

#ලක්දන #රටඅනුරට #ජාජබ #නවපත්වීම්

ජාතික ජන බලවේග රජයේ නව නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලය2024/ 11/ 21 -  #කොළඹ  #මහමැතිවරණය2024    #ජාජබ  #ජාතිකජනබලවේගය  #පාර්ලි...
21/11/2024

ජාතික ජන බලවේග රජයේ නව නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලය

2024/ 11/ 21 - #කොළඹ

#මහමැතිවරණය2024 #ජාජබ #ජාතිකජනබලවේගය #පාර්ලිමේන්තුව #නවපත්වීම් #ලක්දන

ශ්‍රී ලංකාවේ 10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය  #ජනාධිපති  #අනුරකුමාරදිසානායක ගේ ප්‍රධානත්වයෙන් පැවති අන්දම..2024/ 11...
21/11/2024

ශ්‍රී ලංකාවේ 10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය #ජනාධිපති #අනුරකුමාරදිසානායක ගේ ප්‍රධානත්වයෙන් පැවති අන්දම..

2024/ 11/ 21 - ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ

#මහමැතිවරණය2024 #ජාතිකජනබලවේගය #ජාජබ #පාර්ලිමේන්තුව #ලක්දන

අභිනව රජයේ නව අමාත්‍යාංශ ලේකම්වරුන්2024/ 11/  19 -  #කොළඹ  #ලේකම්වරු  #මාලිමාව  #නවපත්වීම්  #ලක්දන
19/11/2024

අභිනව රජයේ නව අමාත්‍යාංශ ලේකම්වරුන්

2024/ 11/ 19 - #කොළඹ

#ලේකම්වරු #මාලිමාව #නවපත්වීම් #ලක්දන

නව රජයේ අමාත්‍ය මණ්ඩල මාධ්‍ය ප්‍රකාශකධුරය වෛද්‍ය  #නලින්දජයතිස්ස වෙත..2024/ 11/ 19 - ⁣ #කොළඹ   #ජාජබ  #ජාතිකජනබලවේගය  #ම...
19/11/2024

නව රජයේ අමාත්‍ය මණ්ඩල මාධ්‍ය ප්‍රකාශකධුරය වෛද්‍ය #නලින්දජයතිස්ස වෙත..

2024/ 11/ 19 - ⁣ #කොළඹ

#ජාජබ #ජාතිකජනබලවේගය #මාලිමාව #කැබිනට් #ලක්දන

මහා මැතිවරණයෙන් ජය ලැබූ අගමැතිනී  #හරිනි අමරසූරිය සිය ධුරයේ රාජකාරි අරඹමින්..2024/ 11/ 18 - කොළඹ #මහමැතිවරණය2024      #ජ...
18/11/2024

මහා මැතිවරණයෙන් ජය ලැබූ අගමැතිනී #හරිනි අමරසූරිය සිය ධුරයේ රාජකාරි අරඹමින්..

2024/ 11/ 18 - කොළඹ

#මහමැතිවරණය2024 #ජාජබ #ජාතිකජනබලවේගය #මාලිමාව #පාර්ලිමේන්තුව #අගමැති #ලක්දන

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේග රජයේ අභිනව කැබිනට් මණ්ඩලය -2024/ 11/ 18 - කොළඹ #කැබිනට්  ...
18/11/2024

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේග රජයේ අභිනව කැබිනට් මණ්ඩලය -

2024/ 11/ 18 - කොළඹ

#කැබිනට් #මහමැතිවරණය2024 #ජාජබ #ජාතිකජනබලවේගය #මාලිමාව #පාර්ලිමේන්තුව #දිවුරුම් #අනුරකුමාරදිසානායක #ලක්දන

ජාතික ජන බලවේග රජයේ අභිනව  #කැබිනට්  මණ්ඩලය2024/ 11/ 18 - කොළඹ #මහමැතිවරණය2024      #ජාතිකජනබලවේගය  #ජාජබ  #මාලිමාව  #පා...
18/11/2024

ජාතික ජන බලවේග රජයේ අභිනව #කැබිනට් මණ්ඩලය

2024/ 11/ 18 - කොළඹ

#මහමැතිවරණය2024 #ජාතිකජනබලවේගය #ජාජබ #මාලිමාව #පාර්ලිමේන්තුව #දිවුරුම් #ලක්දන

18/11/2024

අභිනව ජාතික ජන බලවේග රජයේ නව කැබිනට් මණ්ඩලය කොළඹ ජනාධිපති කාර්යාලයේ දී දිවුරුම් දෙමින්..

2024/ 11/ 18 - කොළඹ

#මහමැතිවරණය2024 #ජාජබ #ජාතිකජනබලවේගය #අනුරකුමාරදිසානායක #මාලිමාව #පාර්ලිමේන්තුව #දිවුරුම් #කැබිනට් #ලක්දන

අභිනව  #කැබිනට් මණ්ඩලය  #දිවුරුම් දීම නොවැම්බර් 18 වැනි දා..2024/ 11/ 17 - කොළඹ #මහමැතිවරණය2024    #මාලිමාව  #ජාජබ    #ජ...
17/11/2024

අභිනව #කැබිනට් මණ්ඩලය #දිවුරුම් දීම නොවැම්බර් 18 වැනි දා..

2024/ 11/ 17 - කොළඹ

#මහමැතිවරණය2024 #මාලිමාව #ජාජබ #ජාතිකජනබලවේගය #අනුරකුමාරදිසානායක #ජවිපෙ #පාර්ලිමේන්තුව #ලක්දන

 #ජනාධිපති  #අනුරකුමාරදිසානායක 2024 මහ  #මැතිවරණය සඳහා පංචිකාවත්ත, අබේසිංහාරාමයේ දී සිය ඡන්දය ප්‍රකාශ කළේ ය.දිවයිනේ සිව්...
14/11/2024

#ජනාධිපති #අනුරකුමාරදිසානායක 2024 මහ #මැතිවරණය සඳහා පංචිකාවත්ත, අබේසිංහාරාමයේ දී සිය ඡන්දය ප්‍රකාශ කළේ ය.
දිවයිනේ සිව් දිසාව ම නියෝජනය කරන දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීම සිය රජයේ අරමුණ බව එහි දී ඔහු මාධ්‍ය අමතමින් පැවසී ය.

2024/ 11/ 14 - මරදාන

#රටඅනුරට #මාලිමාව #මහමැතිවරණය2024 #ජවිපෙ #ජාතිකජනබලවේගය #ජාජබ #ලක්දන

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය සහ සාධාරණත්වය ලබා දෙනවා!- කටුවපිටිය දේවස්ථානයට ගිය ජනපති කියයි.2024/ 10/ 06 #ජනාධි...
06/10/2024

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය සහ සාධාරණත්වය ලබා දෙනවා!
- කටුවපිටිය දේවස්ථානයට ගිය ජනපති කියයි.

2024/ 10/ 06
#ජනාධිපති #රටඅනුරට #අනුරකුමාරදිසානායක #පාස්කු #කටුවපිටිය #ලක්දන

  නියෝජිතයන්  #අගමැති  හමුවට..---------------------------------------------------------------අගමැතිනී ආචාර්ය  #හරිනි අමර...
06/10/2024

නියෝජිතයන් #අගමැති හමුවට..
---------------------------------------------------------------
අගමැතිනී ආචාර්ය #හරිනි අමරසූරිය සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර සාකච්ඡා පැවැත් වේ.

2024 ඔක්තෝබර් 04 වැන දා පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සාකච්ඡා පැවැත්විණ.

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අතර සහයෝගීතාව තවදුරටත් පවත්වා ගැනීම පිළිබඳ මෙම හමුවේ දී අවධානය යොමු විය.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, ආසියා ශාන්තිකර කලාපීය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෛද්‍ය ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් සහ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බ්‍රෙයර්, ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජානක එදිරිසිංහ, අග්නිදිග ආසියා සහ මධ්‍යම ආර්ථික කටයුතු (ද්විපාර්ශ්වික) ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ජනරාල් දර්ශන එම්. පෙරේරා මෙම සාකච්ඡාවට සහභාගී වූ හ.

#ලක්දන #ආර්ථික

Address

Maharagama
10280

Alerts

Be the first to know and let us send you an email when Lakdana ලක්දන posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lakdana ලක්දන:

Videos

Share