24/04/2024
⛔⛔ උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට අනුරාධපුරය දක්වා කොටසේ ඉදිකිරීම් ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය ආමත්‍ය ආචර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ නිරීක්ෂණයට. ⛔⛔
මේ වන විට ඉදිකිරීම් සිදු කෙරෙමින් පවතින උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට අනුරාධපුර දක්වා කොටසේ ඉදිකිරීම් ප්‍රගතිය පිළිබඳ විශේෂ නිරීක්ෂණයකට ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (23) එක්විය.
එහිදී ඉදිකිරීම් සිදුවන මහව දුම්රිය ස්ථානය, ගල්ගමුව දුම්රිය ස්ථානය ආශ්‍රිත ප්‍රදේශ, ලංකාවේ ප්‍රථම වනජීවී උමං මාර්ගය ඉදිවන ගල්ගමුව, කාසිකොටේ - ගැටදිවුල ප්‍රදේශය අමාත්‍යවරයාගේ විශේෂ නිරීක්ෂණයට ලක් විය.
මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් භාර ඉන්දීය ඉර්කෝන් ජාත්‍යන්තර සමාගමේ අධ්‍යක්ෂ (ව්‍යාපෘති) ඒ. කේ. සිං මහතා මෙම ව්‍යාපෘතියේ සහ වනජීවී උමං මාර්ගයේ විශේෂ නිරීක්ෂණයක් සඳහා මෙම අවස්ථාවට එක්ව සිටීම ද විශේෂත්වයකි.
අනුරාධපුර දුම්රිය ස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකෙරුණු සහකාර වාණිජ අධිකාරී කාර්යාලය සහ ඒ අවට පරිශ්‍රයේ නිරීක්ෂණයක ද නිරත වූ අමාත්‍යවරයා මේ වන විට භාවිතයට නොගෙන වසා තබා ඇති ගොඩනැගිලි කිහිපයක් ඉදිරියේදී අනුරාධපුරය වෙත පැමිණෙන වන්දනාකරුවන්ගේ ආහාරපාන ලබා ගැනීම සඳහා, සනිපාරක්ෂක කටයුතු සඳහා සහ පොහෝ දිනයන් හි සිදුකෙරෙන දන්සැල් කටයුතු සඳහා නොමිලේ ලබාදීම සඳහා වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ද නිලධාරින් වෙත උපදෙස් ලබා දුන්නේය.
මෙම නිරීක්ෂණය සඳහා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් රංජිත් රූබසිංහ මහතා, සුරකිමු ලංකා පදනමේ සභාපති පාහියන්ගල ආනන්ද සාගර ස්වාමීන් වහන්සේ, ඉරකොන් ජාත්‍යන්තර සමාගමේ ප්‍රධාන සාමාන්‍යධිකාරී ගුරු චඩ්චා මහතා,දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන )එන්. ජේ.ඉඳිපොලගේ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
Sri Lanka Railway Journal
ඡායාරූප සහ සටහන -