Ridee Handa Media Unit

Ridee Handa Media Unit Ridee Handa Media Unit
© Official Page █║▌│█│║▌║││█║▌║▌║
Silve
(4)

Ridee Handa Media Unit
© Official Page █║▌│█│║▌║││█║▌║▌║
Silver Temple Media Network
Powered By - Rideeviharaya Social Media Network

මහ නාහිම් ජන්ම දිනයට මාදුරේ කෝරලේ මහ සඟරුවනේ සුභාශීර්වාදය....අද දිනට යෙදී තිබූ මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල...
30/05/2024

මහ නාහිම් ජන්ම දිනයට මාදුරේ කෝරලේ මහ සඟරුවනේ සුභාශීර්වාදය....

අද දිනට යෙදී තිබූ මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු විහාර පාරශ්වයේ මහා නායක දූරන්ධර තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහා නායක මාහිමිපාණන් වහන්සේට ආශීර්වාද පතා මාදුරේ කෝරලයේ් විහාරස්ථාන වල විහාරාධිපති විහාරාධිකාරි හිමි වරු වැඩම කොට ආශීර්වාද සෙත් පිරිත් දේශනාවක් සිදු කළහ. මේ අවස්ථාවට බාඔරුව යාම්ලෙන රජමහා විහාරාධිපති දුංකුඹුරේ විමලරතන නායක මාහිමිපාණන් වහන්සේ වරප්‍රමුඛ ඉකිරිවත්ත පිහිඹුව රම්බඩගල්ල කුඹුරුලෙන ජංකුරේ උදලුපොල දලුපතේගෙදර යන විහාරස්ථානවල හිමි වරු මෙන්ම ශ්‍රී දළඳා මාලිගාවේ තේවා භාර තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ මේධංකර නායක මාහිමිපාණන් වහන්සේ හා තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සිද්ධත්ථ නායක හිමිපාණන් වහන්සේද සහභාගී වූහ. තුණුරුවන්ගේ අනන්ත ආශීර්වාද බලයෙන් අප මහා නායක මාහිමිපාණන් වහන්සේට නිදුක් නීරෝගී සුව චිර ජීවනයම උදා වේවා......

අතිගෞරවර්හ තිබ්බටුවාවේ ශ්‍රි සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක මා හිමිපාණන් වහන්සේගේ  ජන්ම දිනය අදයි.මාතලේ දිශාවේ කොහොන්සි...
30/05/2024

අතිගෞරවර්හ තිබ්බටුවාවේ ශ්‍රි සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක මා හිමිපාණන් වහන්සේගේ ජන්ම දිනය අදයි.
මාතලේ දිශාවේ කොහොන්සිය පත්තුවේ තිබ්බටුවාව නම් සුන්දර ග්‍රාමයේදී ව්‍යවහාර වර්ෂ 1944 මැයි මස 30 වන දින ජන්ම ලාබය ලැබූ අතිගෞරවර්හ තිබ්බටුවාවේ ශ්‍රි සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක මා හිමිපාණන් වහන්සේ, කීර්ති ශ්‍රි රාජසිංහ මහ රජු විසින් ප්‍රථමවරට මල්වතු මහා විහාර ප‍ර්ශවයේ මහාපදවියට පත්කොට අති ගරු තිබ්බටුවාවේ ශ්‍රි සිද්ධාර්ථ බුද්ධරක්කිතාභිධාන මහානායක මහ හිමිපානන් වහන්සේගේ සඟ පරපුරෙන් පැවත එන පූජණීය මහානාහිමිපාණන් වහන්සේ නමකී.
ව්‍යවහාර වර්ෂ 1957 ක් වූ ජූනි මස 10 වන දින මහනුවර මල්වතු මහා විහාරීය මංගල උපෝෂථාගාරයේ දී පැවිදි බිමට ඇතුලත්ව 1964 ක් වූ ජූනි මස 10 වන දින වාහලනාග නාමයෙන් උතුම් උපසම්පදා සම්පත්තිය ලැබූහ. ශ්‍රි දළදා මාළිගවේ තේවා ධූරයට පත්ව, කෙමෙන් තේවාව භාර නාහිමි නමක් වශයෙන් කටයුතු කර ච්රාගත සම්ප්‍රදායානුකූලව බුද්ධෝපස්ථාන බුදු පුද තේවා කාර්ය්‍යන් මැනවින් ඉෂ්ඨ සිද්ධ කල අප මානාහිමිපාණන් වහන්සේ ශාසනික ප්‍රතිපදාවන් සපුරා මල්වතු මහාවිහාර පාර්ශවයේ කාරක සංඝ සභාවට පත්ව පියවරින් පියවර ශාසනික පදවි ලබා රාජ්‍ය වර්ෂ 2004 වූ ජූනි මස 20 වන ඉරුදින මල්වතු මහා විහාරීය රාජපූජිත මංගල උපෝෂතාගාරයේදී තත්කාරක සංඝ සභාවේ සමානච්ඡන්දයෙන් අතිගරු මහා නායක පදවියට පත් වී වදාළහ.
අතිගෞරවාර්හ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක මහා
ස්‌වාමින්ද්‍රයාණන් වහන්සේට, බුද්ධාදී ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් ද, උතුම් දළදා වහන්සේගේ පිහිටෙන් ද තවත් චිරාත් කාලයක්‌ ශ්‍රී සම්බුද්ධ ශාසනය ඒකාලෝකකිරීමට ශක්‌තිය ලැබේවායි මෙත් සිත් පෙරටුව ප්‍රාර්ථනා කරන්නෙමු! (උ.ගැ. දළඳා මාලිගාව නිළ පිටුව)

ඓතිහාසික රිදී විහාරස්ථ තරුණ බෞද්ධ සංගමයේ හිටපු ගරු සභාපති, Travel weekend  අනුර පල්ලමුල්ල ඔබට නිදුක් නීරෝගී සුව සපිරි ...
10/05/2024

ඓතිහාසික රිදී විහාරස්ථ තරුණ බෞද්ධ සංගමයේ හිටපු ගරු සභාපති, Travel weekend අනුර පල්ලමුල්ල ඔබට නිදුක් නීරෝගී සුව සපිරි වාසනාවන්ත සුව උපන් දිනකට ආසිරි.

රිදීපුර රිදීහඬ ජයන්ත බාලසූරිය ROONADA OPEN STAGE AWORDS CEREMONY 2023 වසරේ ජනප්‍රියම නිවේදකයා කරමු. ඔබේ ඩයලොග්  ජංගම දු...
26/09/2023

රිදීපුර රිදීහඬ ජයන්ත බාලසූරිය ROONADA OPEN STAGE AWORDS CEREMONY 2023 වසරේ ජනප්‍රියම නිවේදකයා කරමු. ඔබේ ඩයලොග් ජංගම දුරකථනයෙන් R A JAYANTHA BALASOORYA ලෙස ටයිප් කර 5666 ට SMS කරන්න. වෙනත් ඕනෑම ජාලයකන් R A JAYARATHNA BALASOORIYA ලෙස ටයිප් කර 0742323230 ට හැකි තාක් SMS කරන්න.

12/09/2023

මෙවරත් අති සාර්ථක ලෙස නිමාවට පත් කරන්නට යෙදුණු රිදීහඬ මාධ්‍ය සත්කාරය සඳහා අවවාද අනුශාසනා ලබා දුන් අති ගෞරවණීය රිදීවිහාර භාරකාර තිබ්බටුවාවේ ශ්‍රි සිද්ධාර්ථ බුද්ධරක්ඛිතාභිධාන නායක මාහිමිපාණන් වහන්සේටත් කුමාර බණ්ඩාර සත්පත්තිනි දේවාලයන්හි බස්නායක නිළමේ තැම්පත් වෛද්‍ය චූලා බණ්ඩාර ගුණතිලක මැතිඳුන්ටත්, ප්‍රධාන කපුමහතා අමරසූරිය බණ්ඩාර කපු මහත්මාටත්, දේවාලයන්හි සියලු කපු මහතුන්ටත්, විකාශනය සඳහා ප්‍රධාන අනුග්‍රහය ලබා දුන් රිදීගම හනුමාන් දේව පුදබිමේ දේවගැති සමන්ත රතනායක මැති තුමන්ටත්, සම අනුග්‍රහය ලබා දුන් කමල් මෝටර්ස් අධිපති තුමන්ටත්, වෙළඳ දැන්වීම් ලබා දෙමින් සහය දුන් ප්‍රාදේශීය වෙළඳ ප්‍රජාවටත්, පොලිස් ස්ථානයේ ස්ථානාධිපති තුමන් ඇතුළු පොලිසියේ සියලු නිළධාරීන්ටත්. නිවෙිදන ශිල්පීන් වන සම්පත් වරකාවැහැර, සිසිර විමලසිංහ, ජයන්ත බාලසූරිය, යන අයටත්, කුඹුරුලෙන රජමහ විහාරස්ථ ශ්‍රී සුමංගල ධර්ම විද්‍යාලයේ තරු දරුවෝ මාධ්‍ය ඒකකයේ දූ දරුවන්ටත්, y ක්‍රියේෂන් යසස් සඳකැලුම්. තේජන් විශ්ව දෙපලටත් තිළිණ වෙඩින් ස්ටුඩියෝ අධිපති නන්දන අමරතුංගයන්ටත්, යුනිවසල් සවුන්ඩ්ස් ආය⁣තනයේ වසන්ත රත්නායකයන්ටත්, ඇරවානා පොටෝග්‍රැපී ආයතනයේ විස්කම් විජේරත්නයන්ටත් මිහිකත ස්ටුඩියෝ අධිපති ලලිත් විජේතුංගයන්ටත් අනුර පතිරණ, අමිල ප්‍රදීප්, ක්‍රිෂාන්ත කරුණාරත්න සොයුරන්ටත්, නන් අයුරින් සහය දුන් සැමටත් මෙසේ පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුතිය පල කර සිටිමු. රිදීහඬ කාර්ය මණ්ඩලය. Silver Temple Yasa Photography - Studio Y Creation Yasas Sandakelum Sampath Warakawahara Jayantha Balasooriya - Announcer Jayantha Balasooriya Sisira Wimalasinghe Amila Pradeep Anura Pathirana

අපේ කම අපේ දේ අපේ කෙනෙක්. සුබ සංගීත අනාගතයක් නිමල් අයියෙ
08/09/2023

අපේ කම අපේ දේ අපේ කෙනෙක්. සුබ සංගීත අනාගතයක් නිමල් අයියෙ

ගෞරවණීය ස්තුතිය, මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ විංශද් වර්ගික කාරක සංඝ සභික ඓතිහාසික රිදීවිහාර භාරකාර ධුරන්ධර තිබ්බටුවාවේ ශ්‍රි සිද්ධාර්ථ බුද්ධරක්ඛිතාභිධාන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේට..

"රිදී දියවර"
අද සවස 6.00ට
Youtube https://youtube.com/

#යසා

06/09/2023
05/09/2023

කුමාර බණ්ඩාර සත්පත්තිනි දේවාලයන්හි දෙවන ⁣රන්දෝලි පෙරහැර

පළමු රන්දෝලි පෙරහැර වීදි සැරුම. ඡායාරූප රිදීවිහාර මාධ්‍ය ඒකකය
05/09/2023

පළමු රන්දෝලි පෙරහැර වීදි සැරුම. ඡායාරූප රිදීවිහාර මාධ්‍ය ඒකකය

ඓතිහාසික කුමාර බණ්ඩාර සත්පත්තිනි දේවාලයන්හි වාර්ෂික ඇසළ පෙරහැර මංගල්ලය සඳහා පළමු ඇත් සම්ප්‍රාප්තිය. සිංදු කුමරා
04/09/2023

ඓතිහාසික කුමාර බණ්ඩාර සත්පත්තිනි දේවාලයන්හි වාර්ෂික ඇසළ පෙරහැර මංගල්ලය සඳහා පළමු ඇත් සම්ප්‍රාප්තිය. සිංදු කුමරා

ඓතිහාසික රිදීවිහාරස්ථ කුමාර බණ්ඩාර සත්පත්තිනි දේවාලයන්හි වාර්ෂික ඇසළ පෙරහැර මංගල්ලයේ රන්දෝලි පෙරහැරට ප්‍රථම පාර බැලීමේ ච...
04/09/2023

ඓතිහාසික රිදීවිහාරස්ථ කුමාර බණ්ඩාර සත්පත්තිනි දේවාලයන්හි වාර්ෂික ඇසළ පෙරහැර මංගල්ලයේ රන්දෝලි පෙරහැරට ප්‍රථම පාර බැලීමේ චාරිත්‍රය ඉටු කිරීම 2023 සැප්තැම්බර් මස 03 වන දින

29/08/2023

බලමු දැන් ඇහැරගෙන ඉන්න අය තමන්ගෙ පැත්තෙ වැස්ස තත්වෙ කොහොමද කියල ☔ ☔ ☔ ☔ ☔ ප්‍රදේශයත් සමග

ඓතිහාසික රිදීගම රිදීවිහාරානුබද්ධ පත්තිනි කුමාර බණ්ඩාර දේවාලයේ පුරාණ චාරිත්‍රානුකූලව කප් සිටුවීම 2023 අගෝස්තු මස 17 දින ...
18/08/2023

ඓතිහාසික රිදීගම රිදීවිහාරානුබද්ධ පත්තිනි කුමාර බණ්ඩාර දේවාලයේ පුරාණ චාරිත්‍රානුකූලව කප් සිටුවීම 2023 අගෝස්තු මස 17 දින හිමිදිරි උදෑසන සිදු කල වගයි....

ඓතිහාසික රිදී විහාරස්ථ පත්තිනි සහ කුමාර බංඩාර දේවාලයන්හි 2023 වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා කප් වැඩම කරවීමේ කටයුත්ත අ...
17/08/2023

ඓතිහාසික රිදී විහාරස්ථ පත්තිනි සහ කුමාර බංඩාර දේවාලයන්හි 2023 වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා කප් වැඩම කරවීමේ කටයුත්ත අද දින(16)සවස යෙදුණු සුබ මොහොතින් දේවාල පරිශ්‍රයේදී සිදු කෙරිණි.

ඡායාරූප : රිදී විහාර මාධ්‍ය අංශය

16/08/2023

ඓතිහාසික රිදීවිහාරානුබද්ධ රිදීගම කුමාර බණ්ඩාර සත්පත්තිනි දේවාලයන්හි වාර්ෂික ඇසළ පෙරහැර මංගල්ලය මෙවරත් අවසන් රන්දෝලි පෙරහැර සැප්තැම්බර් මස 08 වන දින රිදීගම නගරය දක්වා වීදි සංචාරය කෙරේ
Video credit, චින්තක සම්පත් වික්‍රම ආරච්චි

25/07/2023

රිදීගම, ඉබ්බාගමුව, මැල්සිරිපුර සහ මල්ලවපිටිය ප්‍රදේශයට කහල්ල පල්ලේකැලේ අභයභූමියෙන් පැමිණි අලියෙකු පළවා හැරීමට වනජීවී නිලධාරීන් මෙහෙයුමක් දියත්කර තිබෙනවා.මෙම අලියා අද (25) උදෑසන බඩගමුව කෝවානවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකුට පහර දී තිබෙනවා. මේවන විට ගල්ගමුව සහ නිකවැරටිය අලි පාලන ඒකකවල වනජීවී නිලධාරීන් සහ මහව, පිබිදුණුගම බීට්ටු නිලධාරීන් සහ කුරුණෑගල වනජීවී සහකාර අධ්‍යක්ෂ කාර්යාලයේ වනජීවී නිලධාරීන් ද එක්ව අලියා පළවා හැරීමේ මෙහෙයුම දියත් කර තිබෙනවා.

මීට දින කිහිපයකට පෙර කහල්ල පල්ලෙකැලේ සිට අලි හය හතකගේ රංචුවක් ඉබ්බාගමුව ප්‍රදේශයට පැමිණ ඇති අතර ඉන් එක් අලියෙකු මෙලෙස රිදීගම මැල්සිරිපුර ප්‍රදේශයට පැමිණ තිබෙනවා. අනෙක් අලි රංචුව ඉබ්බාගමුව ප්‍රදේශයේ කැළෑ කුට්ටිවල රැඳී සිටින බවට වනජීවී නිලධාරීන් විශ්වාස කරනවා.ඉබ්බාගමුව,මැල්සිරිපුර,රිදීගම සහ මල්ලව පිටිය යන ප්‍රදේශවල ජනතාව මේ පිළිබඳව දැනුවත් කිරීමට වනජීවී නිලධාරීන් කටයුතු කළා. එම ප්‍රදේශයේ අධ්‍යාපන කලාප අධ්‍යක්ෂකවරුන් දැනුවත් කර පාසල් සිසුන් දැනුවත් කිරීමටත්, රජයේ සියලු ආයතන දැනුවත් කිරීමටත් කටයුතු කළ අතර කුරුණෑගල පොලිසිය මේ සම්බන්ධව අරක්ෂාව සපයමින් සිටිනවා.විශේෂයෙන් ඉබ්බාගමුව, මැල්සිරිපුර, රිදීගම සහ මල්ලවපිටිය ප්‍රදේශයේ ජනතාවට නිරන්තර විමසිල්ලෙන් සිටින ලෙසත්, අලියෙකු ගම්වැදුනහොත් වහාම වනජීවී නිලධාරීන්දැනුවත් කරන ලෙසත් ඉල්ලා සිටිනවා.
හදිසි ඇමතුම් අංක - 1992
Copped by Anura piyanandana 559 warakawehera whatsap group

15/07/2023
ඓතිහාසික රිදීවිහාරයේ වාර්ෂික වස් පිංකම නිමිත්තෙන් සිදු කරන ධර්ම දේශනය අති ගෞරවණීය රාජගිරියේ අරියඥාන ස්වාමීන්ද්‍රයන් වහන්...
02/11/2022

ඓතිහාසික රිදීවිහාරයේ වාර්ෂික වස් පිංකම නිමිත්තෙන් සිදු කරන ධර්ම දේශනය අති ගෞරවණීය රාජගිරියේ අරියඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ගෞරවණීය වැඩමවීමෙන් ඓතිහාසික රිදී විහාරයේදී පැවැත්වේ. සැමට ගෞරවණීය ආරාධනා. තෙරුවන් සරණයි

30/10/2022

කන්දේගෙදර සද්ධර්මකීර්ති ශ්‍රී සද්ධාතිස්සාභිධාන මහා ස්වාමීන්ද්‍ර අභිනන්දන ප්‍රණාමය 2022/10/28

ලංකා සම්බුද්ධ ශාසනයට ඉමහත් මෙහෙවරක් ඉටු කරමින් දේශ දේශාන්තර වල කිතු ගොස් පතල  ගල්ගොඩ පුරාණ විහාරය, මැදගම ශ්‍රී මහා බෝධි ...
26/10/2022

ලංකා සම්බුද්ධ ශාසනයට ඉමහත් මෙහෙවරක් ඉටු කරමින් දේශ දේශාන්තර වල කිතු ගොස් පතල ගල්ගොඩ පුරාණ විහාරය, මැදගම ශ්‍රී මහා බෝධි විහාරය, පිහිඹුව වටවනාරාමය යන විහාරත්‍රයාධිපති මල්වතු මහා විහාරීය විශේෂ කර්මාචාර්ය ධුරන්දර විචිත්‍ර පරිත්‍රභාණී සද්ධර්මකීර්ති ශ්‍රී කන්දේගෙදර සද්ධාතිස්සාභිධාන මහා ස්වාමීන්ද්‍ර උපහාර ග්‍රන්ථය හා අභිනන්දන ගීතය එළිදැක්වීමේ පුණ්‍ය මහෝත්සවය 2022 ඔක්තෝබර් මස 28 සිකුරාදා දින පිහිඹුව වටවනාරාම පුරාණ විහාරයේදී සිදු වන බව මෙයින් දන්වා සිටිමු. සැමට ආරාධනා.

පෙරහැර චාරිත්‍ර වලට පමණක් උවත් අද දින විශාල සෙනගක්.. #රිදීහඬ රිදීවිහාරීය පෙරහැර නිළ මාධ්‍ය ඒකකය
17/08/2022

පෙරහැර චාරිත්‍ර වලට පමණක් උවත් අද දින විශාල සෙනගක්..
#රිදීහඬ රිදීවිහාරීය පෙරහැර නිළ මාධ්‍ය ඒකකය

Address

Rideegama
Kurunegala
60040

Telephone

+94712575598

Website

Alerts

Be the first to know and let us send you an email when Ridee Handa Media Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ridee Handa Media Unit:

Videos

Share