අපි නිර්මාංශී වෙමු - Lets Become Vegetarians

අපි නිර්මාංශී වෙමු - Lets Become Vegetarians Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from අපි නිර්මාංශී වෙමු - Lets Become Vegetarians, Media, Kurunegala.

24/01/2023
22/08/2022
නිර්මාංශී, වීගන් හැමෝටම රසම රස කේක් හදාගන්න පුළුවන්..😍මේ සේරම කේක් හිංසනයෙන් තොර කේක්...❤️👌(මිල අධික ද්‍රව්‍ය නෑ. පහසුවෙ...
18/09/2021

නිර්මාංශී, වීගන් හැමෝටම රසම රස කේක් හදාගන්න පුළුවන්..😍

මේ සේරම කේක් හිංසනයෙන් තොර කේක්...❤️👌
(මිල අධික ද්‍රව්‍ය නෑ. පහසුවෙන් හදාගන්න පුළුවන්)

මේ වගේ කේක් ඇතුලු හිංසනයෙන් තොර විවිධ කෑම වට්ටෝරු හදල රස විදින්න අපේ පේජ් එකට එකතු වෙන්න.ඔයාගෙ යාලුවන්ටත් ආරාධනා කරන්න.
👇👇👇
https://www.facebook.com/අපි-නිර්මාංශී-වෙමු-Lets-Become-Vegetarians-103286884962735/

සතුටින් කෑම හදමු, සත්තුන්ගෙ සතුට නැති නොකර! 😍👍👌

මෙත් සිසිල - පිටුවේ ඇඩ්මින්

අවශ්‍ය ද්‍රව්‍ය කේක් මිශ්‍රණය 1. කෙසෙල් ගෙඩි 2 ක්2. සීනි කෝප්ප 3/43. කුකින් ඔයිල් කෝප්ප 2/3 4. වැනිලා තේ හැන්දක් 5. හලාග...
17/09/2021

අවශ්‍ය ද්‍රව්‍ය

කේක් මිශ්‍රණය

1. කෙසෙල් ගෙඩි 2 ක්
2. සීනි කෝප්ප 3/4
3. කුකින් ඔයිල් කෝප්ප 2/3
4. වැනිලා තේ හැන්දක්
5. හලාගත් කේක් පිටි කෝප්ප 1 1/2
6. කොකෝවා පවුඩර් මේස හැදි 3
7. බේකින් සෝඩා මේස හැදි 1/2
8. බේකින් පවුඩර් මේස හැදි 1

* කෙසෙල් ගෙඩි කුඩාවට කපා සීනි සමග මිශ්‍ර කර හොඳින් අඹරාගන්න.
* ඉන්පසු මිශ්‍රණයට කුකින් ඔයිල් හා වැනිලා එකතුකර හොදින් මිශ්‍ර කරන්න.
* කේක්පිටි, චොක්ලට් කුඩු, බේකින් සෝඩා සහ බේකින් පවුඩර් පිළිවෙලින් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
* තෙල් කඩදාසි යෙදූ කේක් තැටියක හොඳින් අතුරා (180C' විනාඩි 40ක් )බේක් කරගන්න.

දැන් අපි චොකලට් ගනාශ් එක හදාගමු.

අවශ්‍ය ද්‍රව්‍ය

1. කොකෝවා පවුඩර් 15 g
2. සීනි 30 g
3. ඉරිඟුපිටි තේ හැදි 1
4. පොල්කිරි කෝප්ප 1/2
5. ලුණු ස්වල්පයක්
6. මාගරින් තේ හැදි 1
7. වැනිලා තේ හැදි 1

* ඉහත ද්‍රව්‍ය සියල්ල හොඳින් කලවම්කර, භාජනයකට දමා මද ගින්නෙන් රත් කරගන්න.

* රත්කරගන්නා අතරතුර හොදින් හැඳිගාන්න.

* බුබුලු දමන වෙලාව වනවිට හොඳින් උකුවෙලා තියෙන්න ඕන. මේ වෙලාවට මිශ්‍රණය ලිපෙන් බාගන්න.

* ඉන්පසු මාගරින් තේ හැන්දක් හා වැනිලා තේ හැන්දක් එකතු කර හොදින් ගනාශ් එක මිශ්‍ර කරගන්න.

# # # # මුලින් අපි හදාගත්ත කේක් එක හොඳින් නිවෙන්න තියාගන්න. ගනාශ් එකත් හොඳින් නිවාගන්න. # # # #

-- කේක් එකට ගනාශ් එක දාගමු --

* දැන් කේක් එක උඩින් ගනාශ් එක වත්කරගන්න.

* රසවත් කරගන්න මම කජු ටිකක් කැබලි කරගෙන ඊට උඩින් දමාගත්ත.

ඇත්තටම බිත්තර, කිරි, යෝගට් නැතිව හදාගත්ත මේ රසවත් කේක් එක ඔයාලත් හදල බලන්න. හැදුවොත් පොටෝ එකක් අපිටත් බලන්න පහලින් තියෙන කමෙන්ට් ලයින් එකේ දාන්න.

ආයෙත් දවසක තවත් නිර්මාංශී / වීගන් රෙසිපියක් අරන් එන්නම්. තෙරුවන් සරණයි ඔයාලට.

මෙත් සිසිල - පිටුවේ ඇඩ්මින්

අවශ්‍ය ද්‍රව්‍ය1. සව් ග්‍රෑම් 1002. ගාගත් පොල් කෝප්ප 13. බිස්කට් කුඩු ග්‍රෑම් 1004. සීනි ග්‍රෑම් 1005. ලුණු6. වැනිලා ස්ව...
14/09/2021

අවශ්‍ය ද්‍රව්‍ය

1. සව් ග්‍රෑම් 100
2. ගාගත් පොල් කෝප්ප 1
3. බිස්කට් කුඩු ග්‍රෑම් 100
4. සීනි ග්‍රෑම් 100
5. ලුණු
6. වැනිලා ස්වල්පයක්

*මුලින්ම සව් ටික මද ගින්නෙ බැදගන්න.

*ඊට පස්සෙ බැදගත් සව්, පොල්, සීනි, බිස්කට් කුඩු එකට කලවම් කරගන්න.

*මේකට රස අනුව ලුණු හා වැනිලා දාගන්න. වතුර ටිකක් දාලා ඩෝ එකක් අනාගන්න.

*අවශ්‍ය තරම් උසකට තුනී කරලා, රවුම් හෝ කුකී කටර්ස් වලින් කැමති හැඩයකට කපලා සෙල්සියස් 150°ට විනාඩි 40ක් බේක් කරගන්න.

මුල් ජායාරූපය Liyanage නංගීගෙන්

කොහිල කැඳ1. කොහිල අල කීපයක්2. දේශීය සහල් මිටක් (කුරුළුතුඩ, සුවදැල්, හීනටි වැනි ) 3. පොල්කිරි අවශ්‍ය පමණට4.ලුණු ස්වල්පයක්...
14/08/2021

කොහිල කැඳ

1. කොහිල අල කීපයක්
2. දේශීය සහල් මිටක් (කුරුළුතුඩ, සුවදැල්, හීනටි වැනි )
3. පොල්කිරි අවශ්‍ය පමණට
4.ලුණු ස්වල්පයක්
5.සුදුළූණු බික් කීපයක්
6.ඉඟුරු කැබැල්ලක්

*පළමුව සහල් ටික භාජනයක් ලිප තබා හොදින් තම්බාගන්න.

*කොහිල අල පොතු යවා සෝදා කුඩා කැබලි වලට කපා ගන්න. පොල් කිරි ඊට එකතු කර හොදින් අඹරා කරගන්න. පොල්කිරි මිශ්‍ර කොහිල යුෂ පෙරා වෙන්කරගන්න.

*මුලින් තම්බාගත් සහල් ටික තරමක් අඹරාගන්න.

*සුදුළූණු හා ඉඟුරු කැබැල්ල හොදින් තලාගන්න.

*දැන් මේ සියල්ල එකතුකර ලිපේ තබා රස පමණට අනුව ලුණු කුඩු ස්වල්පයක් එකතු කොට පිළියෙල කරගෙන කිතුල් හකුරු කැබැල්ලක් සමග පිළිගන්වන්න.

පසුගිය ලිපි
කොහිලවල ගුණ
https://www.facebook.com/103286884962735/posts/256195239671898/?app=fbl

බිම්මල් කියන්නෙ නිර්මාංශී ,වීගන් අයට නැතිවම බැරි ආහාරයක් කීවොත් නිවැරදියි. රසයෙන් මෙන්ම ගුණයෙන්ද බහුල බිම්මල් විවිධාකාර ...
24/07/2021

බිම්මල් කියන්නෙ නිර්මාංශී ,වීගන් අයට නැතිවම බැරි ආහාරයක් කීවොත් නිවැරදියි. රසයෙන් මෙන්ම ගුණයෙන්ද බහුල බිම්මල් විවිධාකාර විදියට ආහාර සදහා පිළියෙල කරගන්න පුළුවන්. ඉතින් අද අපි බලමු බිම්මල් බැදල රසවත්ව ආහාරයට ගන්න පුළුවන් තවත් එක් ආහාර වට්ටෝරුවක්.

අවශ්‍ය ද්‍රව්‍ය

බිම්මල්
පාන් පිටි
බිස්කට් කුඩු
තක්කාලි ගෙඩියක යුෂ
ගම්මිරිස් කුඩු ස්වල්පයක්
ලුණු ස්වල්පයක්
පොල් තෙල්

*මුලින්ම බිම්මල් ටික හොදින් සෝදගෙන තරමක් ලොකුවට කපාගන්නවා.

*ලුණු වතුර ටිකක් භාජනයකට දාල බිම්මල් ටික ඒකෙ විනාඩි දෙකක් විතර ලුණු ටික අහන්න තියනවා.

*ලුණු වතුරෙන් මිරිකල අරගෙන බිම්මල් කැබලි ටික පැත්තකින් තියනවා.

*පාන්පිටි ටිකක් අරගෙන ඒකට, තක්කාලි ගෙඩිය හොදින් මිරිකල ඒ යුෂ ටිකයි, ලුණු කුඩු ස්වල්පයකුයි, ගම්මිරිස් ස්වල්පයකුයි දාල, පදමට වතුර ටිකකුත් එකතු කරල බැටර් එකක් හදාගන්නවා.

*දැන් බිම්මල් කැබලි එකින් එක බැටර් එකේ තවරල අරගෙන බිස්කට් කුඩු මිශ්‍රණයේ තවරනවා.

*ඉන්පසු හොදින් රත්වූ පොල් තෙල් තාච්චියක් ලිපේ තියල පදමට බැදගන්නවා.

පසුගිය ලිපි

බිම්මල් වල ගුණ.
https://www.facebook.com/103286884962735/posts/241535027804586/?app=fbl

මේ ඉන්නෙ අපේ ගෙදර හැමෝගෙම ආදරේ දිනාගත්ත සුරතලා..❤උදේ පාන්දර කුස්සිය ළගට ඇවිල්ල ටිකක් සද්දෙ දාල එහෙම එයාගෙ කෑම පිගාන ඉල්ල...
24/07/2021

මේ ඉන්නෙ අපේ ගෙදර හැමෝගෙම ආදරේ දිනාගත්ත සුරතලා..❤උදේ පාන්දර කුස්සිය ළගට ඇවිල්ල ටිකක් සද්දෙ දාල එහෙම එයාගෙ කෑම පිගාන ඉල්ලන එක තමයි දිනචරියාවෙ පළවෙනි අංගය.. වත්තෙ කොච්චර තණකොළ තිබුනත් මෙයා ආසම පාන්, බත්, නූඩ්ල්ස්, බිස්කට් වගේ කෑම ජාති කන්න. 🍚🍜🍝️🍞කුස්සිය ළග අපි පේන්න හිටියෙ නැත්නම් කුස්සිය ඇතුලටම ඇවිත් ළගපාත අහුවෙන හට්ටි මුට්ටි පෙට්ටිවල තියෙන කෑම වලට වැඩේ දෙන්න මෙයා දස්සයා ❤.

අහල පහල කඩවල්වලට ගිහිල්ලා එයාලවත් යාලු කරගෙන කෑම ඉල්ලගන්නව.. මෙයා එනකල් බලාගෙන ඉන්නෙ ඒ හැමෝමත්.. පහුගිය දවසක මෙයා පාරට ගිහින් වාහනේක හැප්පිලා හිටපු නිසා දැන් ගැටගහල තියන්න වෙලා තියෙන්නෙ එයාගෙම ආරක්ෂාව වෙනුවෙන්.. නැත්නම් නිදැල්ලෙමයි හිටියෙ මේ දඟය..

ඇත්තටම සත්තු අපේ ජීවිතේට ගොඩාක් සමීපයි.. මෙහෙම අත්දැකීම් ඔයාලටත් ඇති.. පුදුම වෙන්න දෙයක් නෑ සොබාදහමට ආදරේ කරනවනම් සොබාදහම ඔබට පෙරලා ආදරය දෙනව.. අපි හැමෝම එකම සංසාර ගමනක ඥාතීන් වෙච්ච සොබාදහම් මාතාවගෙ දරුවො.🌿🌾👩‍⚖‍🧕👱.🐕🐶🐒🦊🐆🤱🐖🐄🐤🌵🌴🌱🌷

මේ සංසාර ගමනේ ඔබෙත්, මගෙත් මව නොවූ, පියා නොවූ, ඥාතියකු නොවූ කිසිවෙකුත් සොයාගත නොහැක.. අපි ආයෙ ආයෙ මේ සංසාරෙ හමුවෙනව.. විවිධ ස්වරූපයෙන් මනුස්සයෙකු, සුරතලෙකු හෝ සත්වයකු වෙලා..

සියලුම සතුන්ට භේදයකින් තොරව ආදරේ කරන්න.. හිංසා නොකරන්න.. ආරක්ෂා කරන්න.. ඒ ඔබේම පෙර භවයක මව පියා වුවද විය හැකි නිසා..❤

අපේ දගයාගේ දඟකාර වීඩියෝ එකකින් ආයෙත් හමුවෙනකම් සමුගන්නම්..

මෙත් සිසිල- පිටුවේ ඇඩ්මින්

අවශ්‍ය ද්‍රව්‍යසෝයා ටෝෆු ග්‍රෑම් 100ලියාගත් රතු ළූණු ගෙඩි 2ලියාගත් අමුමිරිස් කරල් 2කඩල පිටි කෝප්ප 1/2කෝන්ෆ්ලා මේස හැඳි 1...
15/07/2021

අවශ්‍ය ද්‍රව්‍ය

සෝයා ටෝෆු ග්‍රෑම් 100
ලියාගත් රතු ළූණු ගෙඩි 2
ලියාගත් අමුමිරිස් කරල් 2
කඩල පිටි කෝප්ප 1/2
කෝන්ෆ්ලා මේස හැඳි 1
ලුණු හා ගම්මිරිස්කුඩු
චොප්කරගත් කරපිංචා ටිකක්
කහ තේ හැඳි 1/2

*ටෝෆු ටික අතින් පොඩි කරගන්න.

*මේකට ලියාගත් සියල්ලම සම​ග කඩලපිටි, කෝන්ෆ්ලා​ දාලා රස අනුව කහකුඩු, ලුණු හා ගම්මිරිස්කුඩු දාගන්න.

*උකු බැටර් එකක් හදාගෙන වතුර ටිකකුත් දාලා කලවම් කරගන්න.

*දැන් තෙල් ගාගත් පෑන් එකට මේ මිශ්‍රණයෙන් හැන්දක් දාලා දෙපැත්ත ෆ්‍රයි කරගන්න.👍

පසුගිය ලිපි.

සෝයා ටෝෆු ගෙදර හදමු.
https://www.facebook.com/103286884962735/posts/236902474934508/?app=fbl

සෝයා බීජ වලින් රසවත් ව්‍යංජනයක්
https://www.facebook.com/103286884962735/posts/228621589095930/?app=fbl

සෝයා බෝල්ස් - ඩෙවල් ගෙදරදිම හදාගමු.
https://www.facebook.com/103286884962735/posts/208810531077036/?app=fbl

සෝයා ටෝෆු එහෙමත් නැත්තන් බීන් කර්ඩ් කියන්නෙ ගොඩක් ගුණ කෑමක්. සෝයා ඇට වලින් හදාගන්න මේ කෑම වල රස වගේම පෝ​ෂණයත් අපිට වැදගත...
14/07/2021

සෝයා ටෝෆු එහෙමත් නැත්තන් බීන් කර්ඩ් කියන්නෙ ගොඩක් ගුණ කෑමක්. සෝයා ඇට වලින් හදාගන්න මේ කෑම වල රස වගේම පෝ​ෂණයත් අපිට වැදගත්. විශේෂයෙන් වීගන්/ නිර්මාංශ අයට අවශ්‍ය පෝෂණය ලබාගන්න සෝයා කිරි ප්‍රෝටීන් ඉතාම ගුණදායකයි. ටෝෆු ගෙදර හදාගන්න හැටි අපි අද බලමු.

අවශ්‍ය ද්‍රව්‍ය

1.සෝයා ඇට කෝප්ප 1

2.දෙහි යුෂ මේස හැඳි 2

3.විනාකිරි මේස හැඳි 1

* සෝයා ඇට පැය 12ක් පෙඟෙන්න තියන්න.

* ඊළඟට වතුර අයින් කරලා, පොතු ඇරලා හෝදගෙන වතුර කෝප්පයක් දාල බ්ලෙන්ඩ් කරගන්න.

*පිරිසිදු පෙරෙන රෙදි කෑල්ලකින් කිරි ටික පෙරාගන්න. මේ වගේ දෙවරක් පෙරාගන්න.

*මේ විදියට හදාගත්ත සෝයා කිරි ලිපේ තියලා හැඳි ගාන්න.

*උතුරනකොට වතුර කෝප්ප 1/2ක් දාලා දෙහි යුෂ හා විනාකිරි ටික දාගන්න.

*ටිකකින් කිරි ටික කැටි ගැසීගෙන එයි. තව විනාඩි 10ක් වගේ තියලා හිල් තියෙන ට්‍රේ එකකට රෙදි කෑල්ලක් එලලා මිශ්‍රණය දාගන්න.

*දැන් මේ සෝයා කුට්ටියෙ වතුර අයින් කරන්න රෙදි කෑල්ලෙන් සෝයා ටික ඔතලා, ට්‍රේ එක වෙන භාජනයක් උඩින් තියල සෝයා ටික උඩින් බරක් තියාගන්න. පැය දෙක තුනකින් වතුර සියල්ලම අයින් වේවි. ඉන් පස්​සේ මේ කුට්ටිය කෑලි කපාගන්න.

අවුරුදු 21 ක් පමණ රුවන්වැලි මහසෑය පාමුල් අවුවෙත් වැස්සෙත් භාවනායෝගීව වැඩ සිටි 2019 ජූලි මස අපවත්වී වදාළ අනුරාධපුර සංඝමිත...
05/07/2021

අවුරුදු 21 ක් පමණ රුවන්වැලි මහසෑය පාමුල් අවුවෙත් වැස්සෙත් භාවනායෝගීව වැඩ සිටි 2019 ජූලි මස අපවත්වී වදාළ අනුරාධපුර සංඝමිත්තා මාවත සීල කුටියේ අති පූජනීය ඉංගිරියේ විජිත ස්වාමීන් වහන්සේ.

උන් වහන්සේට පැතුවා වූ බෝධියකින් අති උතුම් අමා මහ නිවන් සුවයම ලැබේවා!!!

මේ තියෙන්නෙ සෝයා බීජවලට පරිප්පු ,කඩල එකතු කර පිළියෙල කරගත් රසවත් ව්‍යංජනයක්. මීට කලින් පෝස්ට් එකකින් මේ සෝයා බෝල්ස් එහෙම...
01/07/2021

මේ තියෙන්නෙ සෝයා බීජවලට පරිප්පු ,කඩල එකතු කර පිළියෙල කරගත් රසවත් ව්‍යංජනයක්. මීට කලින් පෝස්ට් එකකින් මේ සෝයා බෝල්ස් එහෙමත් නැත්නම් සෝයා කැට හදාගන්න විදිය දාල තිබ්බ.මේ ලින්ක් එකෙන් ඒ ටික බලන්න.(පියවර 10 වෙනකල් බලන්න.)
👇👇👇
https://www.facebook.com/103286884962735/posts/208810531077036/?app=fbl

මැටි වලදක් ලිපේ තියල තෙල් ස්වල්පයක් දාල ලූණු,සුදුළූණු ,කරපිංච,රම්පෙ, උළුහාල්,කුරුදු කෑල්ලක් දාල පදමට බැදුනම තෙලටම මිරිස් කුඩු,තුනපහකුඩු දාගන්න..

ඊට පස්සෙ කලින් බැදල පිළියෙල කරගත්තු සෝයා ටික වලදට දාන්න.කපාගත්ත තක්කාලි ටිකකුත් මේ එක්කම දාගත්තොත් තවත් රසවත්.

දැන් මිටි කිරි ටිකක් එකතු කරල අවශ්‍ය පරිදි රස අනුව ලුණු එකතු කරගන්න.මේ සියල්ල හොදින් කලවම් කරල අඩු ගින්දරේ පැස්සවගන්න.

මේ ව්‍යංජනය ඉදෙනකොට හරිම සුවදයි ඒ වගේම රසයි ගුණයි.ඔයාලත් හදල අපිටත් කියන්න.😊

අවශ්‍ය අමුද්‍රව්‍ය : සිහින්ව ලියා ගත් අර්තාපල් සිහින්ව ලියාගත් බී ළූණුලියාගත් අමුමිරිස්ලියාගත් කරපිංචාසූදුරු ස්වල්පයක්පද...
28/06/2021

අවශ්‍ය අමුද්‍රව්‍ය :

සිහින්ව ලියා ගත් අර්තාපල්
සිහින්ව ලියාගත් බී ළූණු
ලියාගත් අමුමිරිස්
ලියාගත් කරපිංචා
සූදුරු ස්වල්පයක්
පදමට ලුණු කුඩු
කෑලි මිරිස්
කඩල පිටි
(මේ අමුද්‍රව්‍ය ඔයාලගෙ කැමැත්ත අනුව අඩු වැඩි කරල ගන්න.)

කඩල පිටි හැර ඉතිරි සියල්ල එකට කලවම් කරගන්න අවශ්‍ය පරිදි ලුණු කුඩු එක් කරගන්න. අවසානයේ කඩල පිටි ටිකින් ටික එක්කර අනාගන්න. මම වතුර දැම්මෙ නෑ. මොකද අර්තාපල් වලයි ළූණුවලයි වතුර ගතිය තියනව. පදමට අනාගෙන අතින් බෝල හදාගෙන ගැඹුරු තෙලේ බැදල උණු උණුවෙම කන්න..ඔයාලත් හදල රස බලලා අපිටත් කියන්න.

Education is hiding the all facts.think about reality ...
27/06/2021

Education is hiding the all facts.think about reality ...

Address

Kurunegala

Telephone

+94725378787

Website

Alerts

Be the first to know and let us send you an email when අපි නිර්මාංශී වෙමු - Lets Become Vegetarians posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category