Navaliya

නත්තලට වෙන් වෙලා තියෙන්නෙ දවස් දෙකක් විතරක් වුණත් කිතුණු බැතිමතුන් සතියක් දෙකක් යනකල්ම නත්තලේ සතුට බෙදාහදාගන්නවා. ඔවුන් ...
27/12/2024

නත්තලට වෙන් වෙලා තියෙන්නෙ දවස් දෙකක් විතරක් වුණත් කිතුණු බැතිමතුන් සතියක් දෙකක් යනකල්ම නත්තලේ සතුට බෙදාහදාගන්නවා. ඔවුන් නත්තල් දිනෙන් පසුව කාර්යබහුල වෙන්නෙ නත්තල් සාද වෙනුවෙනුයි. ඉතින් මේ සාද වෙනුවෙන් තමන්ට පුළුවන් හොඳම විදිහට ඔවුන් ලකලෑස්ති වෙනවා. බොහෝදෙනෙක් නත්තලටම ගැළපෙන්න ඇඳුම් පැළඳුම්, ආභරණ තෝරාගන්නවා. ඒත් සේරම දේවල් ලස්සනට තියෙද්දි Night Christmas Party එකට යන්න ලස්සන මේක්අප් එකක් නැතුව කොහොමද? ඒ නිසා නත්තල වෙනුවෙන්ම අපි හිතුවා නවලිය කියවන ලස්සන කාන්තාවන්ට තමන්ටම කරගන්න පුළුවන් Simple Make-up එකක් ගැන කියල දෙන්න.

සම්පුර්ණ විස්තරය කියවන්න 👉https://tinyurl.com/4f9bctsx

ක්‍රිස්මස් කියන්නෙ මම හරිම ආස කාලයක්. මගේ තාත්ත ක්‍රිස්තියානි. ඒ නිසා පොඩි කාලේ ඉදන්ම ක්‍රිස්මස් අපි සැමරුවා. හැබැයි 200...
27/12/2024

ක්‍රිස්මස් කියන්නෙ මම හරිම ආස කාලයක්. මගේ තාත්ත ක්‍රිස්තියානි. ඒ නිසා පොඩි කාලේ ඉදන්ම ක්‍රිස්මස් අපි සැමරුවා. හැබැයි 2006 ඉඳන් ක්‍රිස්මස්වලට අපි ඉන්නේ ලංකාවෙන් පිට. බැංකොක් ගිහින් ක්‍රිස්මස් එකයි නිව් ඉයර් එකයි සෙලිබ්‍රේට් කරල තමයි අපි ආයේ ලංකාවට එන්නේ. ඒක හරියට දැන් ෆැමිලි ට්‍රැඩිෂන් එකක් වගේ.

සම්පුර්ණ විස්තරය කියවන්න 👉 https://tinyurl.com/wxtavxxh

චන්දන වික්‍රමසිංහ ගැන කතා කියන්න ගියොත් මොන කතාව, මොන විදිහට, මොන තැනින් පටන් ගෙන ඉවර කරගන්නද කියලා මටත් හිතාගන්න බැහැ. ...
27/12/2024

චන්දන වික්‍රමසිංහ ගැන කතා කියන්න ගියොත් මොන කතාව, මොන විදිහට, මොන තැනින් පටන් ගෙන ඉවර කරගන්නද කියලා මටත් හිතාගන්න බැහැ. ඒ නිසා අලුත් කතාවෙන්ම අපේ කතාව පටන් ගන්න මම හිතුවා.චන්දන අලුත් වැඩක් කරනවා. ඒක හුඟක්ම වෙනස් දැවැන්ත වැඩක්. ඔහු මේ සැරේ සූදානම් වෙන්නේ අපේ ඉතිහාසගත කුවේණියට අලුත් හැඩයක් දෙන්න. ඒ Queen Kuweni නර්තන මුද්‍රා නාට්‍යයෙන්. මෙහි කුවේණිය ලෙස නිරංජනී ශංමුගරාජා, බද්දකච්ඡායනා ලෙස දේවංගි වික්‍රමසිංහ රංගනයෙන් දායක වෙනවා. මේ ඔවුන් දෙදෙනා නවලිය කැමරා කාචයට මුහුණ දුන් අයුරුයි.

In Frame - Chandana Wickramasinghe, Devangi Wickramasinghe and Niranjani Shanmugaraja
Concept and Idea - Harindi liyanage ( Editor in chief Navaliya )
Dress Designer - Dreams Bride by Dilani Vithanage
Hair and make up - Senani Madiwela Bridals
Photographer - Hasitha Nilupul

2025 පටන් ගන්න පිරුණු කෑම මේසයක්පිටු තුනක ඉවුම් පිහුම් අතිරේකය දෙසැම්බර් 27 වෙළෙඳපොළට එන නවලිය පුවත්පතෙන් ....
26/12/2024

2025 පටන් ගන්න පිරුණු කෑම මේසයක්
පිටු තුනක ඉවුම් පිහුම් අතිරේකය දෙසැම්බර් 27 වෙළෙඳපොළට එන නවලිය පුවත්පතෙන් ....

අලුත් විදිහට ජීවිතය දකින්නේ මෙහෙමයි දෙසැම්බර් 27 වෙළෙඳපොළට එන නවලිය පුවත්පතෙන් ....
26/12/2024

අලුත් විදිහට ජීවිතය දකින්නේ මෙහෙමයි
දෙසැම්බර් 27 වෙළෙඳපොළට එන නවලිය පුවත්පතෙන් ....

චන්දන වික්‍රමසිංහ නවලිය එක්ක බෙදාගත්ත සුහද තොරතුරු දෙසැම්බර් 27 වෙළෙඳපොළට එන නවලිය පුවත්පතෙන් ....
26/12/2024

චන්දන වික්‍රමසිංහ නවලිය එක්ක බෙදාගත්ත සුහද තොරතුරු දෙසැම්බර් 27 වෙළෙඳපොළට එන නවලිය පුවත්පතෙන් ....

2025 රාශි චක්කරේ ඔබටත් ගළපාගන්නදෙසැම්බර් 27 වෙළෙඳපොළට එන නවලිය පුවත්පතෙන් ....
26/12/2024

2025 රාශි චක්කරේ ඔබටත් ගළපාගන්න
දෙසැම්බර් 27 වෙළෙඳපොළට එන නවලිය පුවත්පතෙන් ....

ලංකාවේ ප්‍රමිතිගතම විශේෂාංග පමණක් ඇතුළත් කාන්තා පුවත්පත, නවලිය නව කලාපය දෙසැම්බර් 27 වැනි දා සිට වෙළෙදපොළේ...නිවසටම ගෙන්...
26/12/2024

ලංකාවේ ප්‍රමිතිගතම විශේෂාංග පමණක් ඇතුළත් කාන්තා පුවත්පත, නවලිය නව කලාපය දෙසැම්බර් 27 වැනි දා සිට වෙළෙදපොළේ...
නිවසටම ගෙන්වා ගැනීමට 077 587 2638 වෙත නම හා ලිපිනය WhatsApp කරන්න.

රසම රස  Recipes කිහිපයක් නවලිය අපෙන් මේ සතියේ ..තවත් Recipes සඳහා දැන්ම පිවිසෙන්න..👇Website - https://bit.ly/3OQkwD7    ...
26/12/2024

රසම රස Recipes කිහිපයක් නවලිය අපෙන් මේ සතියේ ..
තවත් Recipes සඳහා දැන්ම පිවිසෙන්න..👇
Website - https://bit.ly/3OQkwD7

මා උදෑසන අවදිවූයේ අක්කා තේ එක රැගෙන කාමරයට පිවිස මගේ යටි පතුල කෙනිත්තීමෙනි. එදා සිට ඒ ඇගේ හැටිය. අම්මා මියගිය පසු ඇය අපව...
25/12/2024

මා උදෑසන අවදිවූයේ අක්කා තේ එක රැගෙන කාමරයට පිවිස මගේ යටි පතුල කෙනිත්තීමෙනි. එදා සිට ඒ ඇගේ හැටිය. අම්මා මියගිය පසු ඇය අපව උදෑසන අවදි කළේ එයාකාරයෙනි. මම සිහින් කෙඳිරියක් සමග අවදි වීමි. උදෑසන හිරු එළිය විදුරුවෙන් පෙරී කාමරයට පතිත වෙයි. නමුත් තවමත් සීතල කාමරය තුළ පිරී පවතියි. අක්කා තේ එක මේසය මත තබා පිටව ගියේ ආපසු හැරී, ‘තේ එක නිවෙයි බොන්න’ යැයි කියමිනි.මම අවදිව ජනේලය හැර දැමීමි. සීතල සුළඟක් කඩාවැදී මගේ ගතෙහි දැවටෙයි. මම වහා ටී ෂර්ටයක් ඇඟලා ගතිමි. උණු තේ උගුරෙන් පහළට යනවිට ගත උණුසුම් වී අමුතු ප්‍රබෝධයක් ගෙනදෙයි. අක්කාගේ තේ එක කවදත් රසය. ඇය ඒ රස මවන්නේ කෙලෙසින්දැයි මම නොදනිමි.
නන්දිතාට කවදත් එවැනි රසකට තේ එකක් සැදිය නොහැකිය. ඇයට ඒ බව පවසන සැම විටකම ඇය එහි වරද එක්කෝ වතුරවලට පවරයි. නැතිනම් තේ කොළවලට පවරයි. ඒ දෙකටම බැරි නම් කිරිවලට හෝ පවරා නිදහස් වෙයි. කෙතරම් තර්ක කලද පලක් නැත. ඇය සෑම විටම නිවැරදි වෙයි.මම තේ එක සෙමෙන් තොල ගාමි. මා තේ පෙරේතයකු බැවින් අක්කා තේ එක සදන්නේ විශාල කෝප්පයකටය.
‘ලොකු මල්ලි, තමුසේ නැගිට්ටද?’
අක්කා කුස්සියේ සිට කෑ ගසයි.
‘ඔව් ඔව් මේ තේ බොනවා.’
‘ ඕකත් අරන් එනවා කුස්සියට.’
මම ඇඳෙන් නැගිට කුස්සිය වෙත ගියෙමි. අක්කා කුස්සිය අස්පස් කරයි. ඇය උදේම උයන අතර ඉවීමෙන් පසු කුස්සියෙන් එළියට එන්නේ කුස්සිය යළි තිබුණු පරිදි පිරිසිදු කිරීමෙන් අනතුරුවය. ඒ ඇගේ පුරුද්දයි. පිළිවෙළ හා පිරිසිදුකම ඇගේ ජීවිතයේ අනිවාර්ය අංගයකි.
‘අයියා ගියාද අක්කේ?’
‘ඔව් ඔව් අද ටිකක් උදෙන්ම ගියා මොකක්ද වැඩක් තියෙනවා කියලා.’
මම කුස්සියේ ඇති පැරණි පුටුව ඇද ඉඳගතිමි.
‘මේ මට ඊයේ අර කතාව අහන්න ඕන වුණත් අයියා හිටිය නිසා ඇහුවේ නෑ.’
‘මොකක්ද අක්කේ අහන්න ගිය කතාව.’
‘මේ රට යන්න සතියකට හමාරකට කලින් නන්දිතා මට කෝල් කළා.’
‘ඒ මොකද? එයා සාමාන්‍යයෙන් ඔයාට කතා කරන්නේ නෑනේ.’
‘ඔව් ඔව් මමත් පුදුම වුණා.’
‘රට යන කතාව කියන්න වෙන්න ඇති ඒක ගැන හරි ආඩම්බරෙන් නේ හිටියේ.’
‘හ්ම් ඒකත් කිව්වා. තව කතාවකුත් කිව්වා. ඒක කිව්ව නිසා තමයි මම තමුසෙට කත කරලා ඇහුවේ.’
‘මොකද්ද තව කතාවක්?’
‘මට ඇත්ත කියනවා තමුසෙට වෙන සම්බන්ධයක් තියෙනවද?’
‘මොන එයා එහෙම කිව්වද?’
‘කිව්ව නිසානේ අහන්නේ මේ.’
‘එයා කොහොමද දන්නේ?’
මම ගැහෙන විමතියෙන් විමසීමි. නිලූගෙත් මගෙත් සම්බන්ධතාව නන්දිතා දැන සිටියාද? එසේ නම් ඇය ඒ ගැන මගෙන් නොවිමසුවේ ඇයි?
‘කොහොමද දන්නේ කියන්නේ එහෙම එකක් තියෙනවා නෙහ්. ඕකනේ කියන්නේ කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ කියලා.’
මගේ කටින් පිටවූ වචනයේ බර මට තේරුණේ ඉන් පසුවය. දැන් අක්කාට බොරු කීමෙන් පලක් නැත.
‘ලොකු මල්ලි, මේ මම ඕන දෙයක් දිහා විවෘතව බලන ගෑනියෙක්. ඒ නිසා ඇත්ත කතාවම කියනවා.’
අක්කාද පුටුවක් ඇද මා ඉදිරියෙන් හිඳගත්තාය.
‘කව්ද බං ඒ ගෑනුකෙනා.’
මම නිහඬව බිම බලාගතිමි.
‘කියනවා කියනවා මට හැමදේම තේරුම් ගන්න පුළුවන්. මම කාටවත් වැරදි කියන්නේ නෑ. මේ වගේ සිදුවීම්වල අපි නොදන්න පැති තියෙන්න පුළුවන්. අපි ඒවා දන්නේ නැතිව දොස් කියන එක සාධාරණ නෑ.’
මට අක්කා ගැන කිසියම් ගෞරවයක් සිතේ උපදී. ඉස්සර සිටම ඇයට ඕනෑම දෙයක් කිව හැකිය. ඇය කිසිවකුගේ සිත නොරිදා ප්‍රශ්න විසඳාගැනීිමට සමත් කෙනෙකි.
‘ගෑනියෙක් නෙමේ අක්කේ පොඩි කෙල්ලෙක්.’
‘මොනවා?’
‘නෑ නෑ අවුරුදු 25ක කෙල්ලෙක්.’
‘මොනවා කරන කෙනෙක් ද?’
‘කැම්පස් අවුට් වෙලා ජොබ් එකක් කරනවා.’
‘හ්ම් ඉතිං කොළඹ ද වැඩ කරන්නෙ’
‘ඔව් ජර්නලිස්ට් කෙනෙක්. හැබැයි දැන් කොළඹ නෑ.’
‘ඒ මොකෝ.’
‘පර්මනන්ට් රස්සාවක් හම්බවෙලා ගමට ගියා. ’
‘එතකොට කොළඹ කරපු එක ස්ථිර එකක් නෙමේද?’
‘නෑ කොන්ට්‍රෑක් එකක්. අර ග්‍රැජුවෙට් ට දුන් ඩී. ́. පෝස්ට් එකක් හම්බවෙලා තමයි ගමට ගියේ.’
‘ඉතිං කියනවකෝ තමුසෙගේ සම්බන්දේ.’
‘මෙහෙමයි අක්කේ. ඒක කොහොම ඇති වුණාද කියලා අපි දෙන්නම දන්නේ නෑ. අපි ඒ ගැන හිතන්නෙත් නෑ. ඒ කෙල්ල මට හරිම ආදරෙයි. මට ඒ ආදරේ දැනෙනවා අම්මගේ ආදරේ වගේ.’
‘හ්ම්. ඔයා කවදත් අම්මාගේ ආදරේ හෙව්ව කෙනෙක්නේ.’
‘මගේ ජීවිතේ මොකක්ද හිඩැසක් මේ කෙල්ල පිරෙව්වා.’
‘ඔව් අපි කාගේ කාගෙත් ජීවිතවල අඳුරු පැති තියෙනවා. හිස් තැන් තියෙනවා. වැඩි දෙනෙක් මේ සමාජ සම්මතයන් අස්සේ ඒවා විඳදරා ගෙන ඉඳලා මැරිලා යනවා. තමුසේ කරලා තියෙන්නේ ඒ හිස්තැන අනෙක් කිසි දෙයක් ගැන නොහිතලා පුරව ගත්ත එක. ඒකට ඔයාට වරදක් කියන්න බෑ. ඒ ළමයා දන්නවද තමුසේ මැරි කරලා කියලා.’
‘ඔව් මං දශමයකින්වත් එයාට බොරු කියලා නෑ. ඒ හැම දෙයක්ම එයා දන්නවා. අපිට බඳින්න බෑ කියලත් දන්නවා.’
‘එතකොට ඒ ළමයාගේ අනාගතේ?’
‘එයා බඳියි.’
‘එතකොට තමුසේ?’
‘මම ඉතිං තනිවෙයි.’
‘තමුසේ කොහොමත් ලයිෆ් එක ඇතුළේ තනිවෙලා වගේනේ හිටියේ.’
‘හ්ම් අක්කේ නන්දිතා මොකද කිව්වේ.’
‘එයා ඉතිං තමුසෙට බැන්නා. එයාගේ ලයිෆ් එකයි තමුසෙගේ ලයිෆ් එකයි දෙකක් කිව්වා. එයාට රට යන්න හිතුනෙත් ඒ නිසා කිව්වා. මම තමුසේ ගැන පොඩි කාලේ ඉඳලම දන්න නිසා මට ඒවට තරහක් ගියේ නෑ. අනික මම දන්නවනේ තමුසෙලාගෙ ලයිෆ් එක දුරස් කියලා.’
මට අක්කා ගැන පුදුම හිතේ. ඇය මේ සිදුවීම දෙස බැලූ ආකාරය ගැහැනියක මෙවැන්නක් තේරුම් ගන්නා ආකාරයට වඩා වෙනස්ය. ඒ ඇය තරුණ වියේ සිට ජීවිතය දෙස බැලූ වෙනස් මානයකම ඉදිරි පියවරක් කියා මට සිතේ. මම අසුනෙන් නැගිට ගොස් කුස්සිය ජනේලයෙන් ඈත පෙනෙනෙ කඳුවැටිය දෙස බලා සිටියෙමි. මේ නිවෙස වටකර සිව්දිසාවෙන්ම කඳු දිස්වේ. ඒ පෙනෙන සැම කන්දක්ම උදෑසන මිහිදුමෙන් මද මද වශයෙන් වැසී යයි. ඒ පාලු හුදකලා බව මටද දැනේ.
‘මං දන්නේ නෑ තමුසෙලා දෙන්නගේ සම්බන්දේ කොයි තරම් දුරට ගැඹුරට ගිය ඒකක් ද කියලා. මට ඒක තමුසෙගෙන් අහන්න ඕනෙත් නෑ. නමුත් මං දන්න එකම දේ නම් තමුසෙ හරි සංවේදී මනුස්සයා. මට තියෙන ප්‍රශ්නේ අර ළමයා තමුසේ දාලා ගිය දවසට තමුසේ ඒක කොහොම දරා ගනියිද කියන එක.’
‘එයා කොළඹින් ගාලු ගිය එකත් මට මේ දරාගන්න බැරිව ඉන්නේ අක්කේ.’
අක්කා වේගයෙන් මා දෙසට හැරී ඇසිපිය නොහෙලා බලා සිටින්නට වූවාය.

ලබන සතියට

41 වන කොටස කියවන්න 👉https://www.facebook.com/share/p/19tDcwdQ9E/

ඔබ සැමට සුබ නත්තලක් වේවා !!
25/12/2024

ඔබ සැමට සුබ නත්තලක් වේවා !!

නවලිය සතියේ හොඳම කවිය!          සෑම අඟහරුවාදා දිනකම ශ්‍රී  ලංකා ගුවන් විදුලි සංස්ථාවේ FM 91.7 / 91.9 ඔස්සේ උදෑසන 10.00 ස...
24/12/2024

නවලිය සතියේ හොඳම කවිය!

සෑම අඟහරුවාදා දිනකම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ FM 91.7 / 91.9 ඔස්සේ උදෑසන 10.00 සිට 11.00 දක්වා ප‍්‍රචාරය වන ප‍්‍රභාතය වැඩසටහනින් නවලිය හොඳම කවිය ඇසීමට ද අවස්ථාව ඇත.

ඔබගේ නිර්මාණත් - කවි සිත්තම්, 223,
නවලිය කර්තෘ මණ්ඩලය,
බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13වෙත හෝ [email protected] යන Email ලිපිනයට යොමු කරන්න.

American Academy of Sleep Medicine කියයි.අඹු සැමියන් විදිහට තනි කාමරය බෙදා ගැනීමට තිබෙන කැමැත්ත දැන් දැන් හීන වෙමින් පවත...
23/12/2024

American Academy of Sleep Medicine කියයි.
අඹු සැමියන් විදිහට තනි කාමරය බෙදා ගැනීමට තිබෙන කැමැත්ත දැන් දැන් හීන වෙමින් පවතින බැව් American Academy of Sleep Medicine (AASM) විසින් 2023 වසරේදී පවැත්වූ අධ්‍යනයකින් පෙන්වා දෙනවා.මෙම අධ්‍යනයේදී ඔවුන්ගේ නියැඳිය සඳහා අවුරුදු 28- 43 අතර වයසේ පසු වෙන පුද්ගලයන් පිරිසක් තෝරා ගත්තා. එකම කාමරයක දෙදෙනාම නිදා ගැනීම නිසා ගුණාත්මක නින්දක් ලබා ගැනීම අපහසු බව ඔවුන්ගෙන් 43% සඳහන් කළා.

එකම කාමරය හෝ එකම යහන (matrimonial bed / double bed) බෙදා ගැනීම කාර්මික විප්ලවයෙන් පසුව ආරම්භ වුණ සංකල්පයක්. නාගරීකරණය සමග එම ප්‍රදේශ ජනාකීර්ණ වුණ නිසා නිවසේ වපසරිය සීමා වුණා. ඒ නිසා එකම කාමරය බෙදා ගැනීමේ සංකල්පය ආරම්භ වුණා. 19 වන සියවසට පෙරාතුව විවාහක යුවළ වෙන් වෙන්ව නිදා ගැනීම සාමාන්‍ය දෙයක් වුණා. සමාජ හා ආර්ථික මටට්ම ඉහළ යෑමත් සමග මේ තත්ත්වය සුලබව වුණ බැව් චිලීහි කතෝලික විශ්වවිද්‍යාලයේ ස්වප්න විද්‍යාව (somnologist) පිළිබඳ විශේෂඥ පැබ්ලෝ බ්රොක්මන් සඳහන් කරනවා.

⚫සයනයේ දික්කසාදයේ වාසි…

මේ අන්දමින් විවාහකයන් වෙන් වෙන් කාමරවල නිදා ගැනීම සයනයේ දික්කසාදය යනුවෙන් හැඳින්වෙනවා. මේ අන්දමින් විවාහකයන් වුණත් වෙන්ව නිදා ගැනීමේ වාසි කීපයක් තිබෙන බැව් American Academy of Sleep Medicine ආයතනයේ වෛද්‍ය කොලියර් විසින් සඳහන් කරනවා.

ගුණාත්මක නින්ද ශාරීරික යහපැවැත්ම සඳහා ඉතා වැදගත්. සුවදායක නින්දක් නොමැති වීම ප්‍රතිශක්තියේ සිට ශාරීරික ක්‍රියාකාරීත්වය දක්ව වූ හැම දෙයක් වෙනුවෙන්ම බලපානවා. ඒ වගේම ඉක්මනින් කෝපයට පත් වෙනවා. ඉවසීමේ හැකියාව නොමැති වීම නිසා විශාදය තත්ත්වය පවා ඇති වීමට ඉඩ තිබෙන බැව් මෙම පර්යේෂකයන් විසින් පෙන්වා දෙනවා. පෙනහළු පිළිබඳ විශේෂඥ වෛද්‍ය සීමා බොස්ලා විසින් සඳහන් කරන අන්දමට දුර්වල නින්ද නිසා ඔබේ මනෝභාවයන් නරක අතට හැරෙනවා.

නින්ද නොමැතිව කාලය ගත වනවිට සහකරු සමග බහින් බස් ඇති වෙනවා. මේ නිසාම තමන්ගේ සහකරු නිසා ගුණාත්මක නින්දක් ලබා ගැනීමට ඇති බාධාව ගැන අප්‍රසාදයට පත් වෙනවා. මේ නිසාම නින්ද සහ සතුට නැති වෙනවා. ඒ නිසා අඹු සැමියන් වෙන් වෙන්ව නිදා ගැනීම හෙවත් සයනයේ දික්කසාදය සෞඛ්‍ය සම්පන්න කායික සහ මානසික සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට ඉතාම වැදගත් බැව් වෛද්‍ය බොස්ලා සඳහන් කරනවා.

සහකරුවන් අතර මොන තරම් බැඳීමක් තිබුණත් රාත්‍රි නින්දෙන් ගෙරවීම, කකුල් පැද්දීම හෝ ඇවිදීම වැනි සිදුවීම් නිසා බොහෝ විවාහකයන්ට එක යහන හෝ කාමරය බෙදා ගැනීමේ අපහසුතාවයන් තිබෙනවා. ඒ වගේම අත පය දිග හැරගෙන සුවසේ නිදා ගැනීමට තිබෙන පහසුවත් යහන බෙදා ගැනීමේදී ගැටළුවක් බවත් මෙම අධ්‍යනයේදී හඳුනා ගෙන තිබෙනවා.

⚫සයනයේ දික්කසාදයක අවාසි…

අඹු සැමියන් වෙන් වෙන්ව නිදා ගැනීමේ අවාසි කීපයකුත් තිබෙනවා. මේ සිදුවීම එකම කාසියක දෙපැත්ත වගෙයි.මේ අන්දමින් වෙන් වෙන්ව නිදා ගැනීමේදී ඔවුන් වෙනුවෙන් නිවසේ යම් ඉඩක් වෙන් වෙනවා. එය කෙස් හෝ පිරිමසා ගත හැකි වුණත් ඊටත් වඩා දැඩි සේ බලපාන කරුණු කීපයක් තිබෙන බැව් විශේෂඥයන් විසින් සඳහන් කරනවා.

අඹු සැමියන් විදිහට ඔවුන් රාත්‍රියේදී විතැන් වීම නිසා හිතේ කනස්සල්ලක් ඇති වෙනවා. මගේ සහකරු සමග පවතින සම්බන්ධතාවය තුළ යම් දුරස් වීමක් ගොඩ නැගී ඇතැයි යන හැගීම ඔවුන්ගේ සිතේ ගොඩනැගෙනවා.

අද වනවිට බොහෝ විවාහකයන් ඔවුන්ගේ දිවා කාලය පූර්ණකාලීනව රාජකාරී කටයුතුවල ගෙවනවා. පවුලක් ලෙසින් එක් වන්නේ රාත්‍රි කාලයේදී පමණයි. තමන්ගේ සහකරු සමග යම් සමීප සම්බන්ධතාවයක් ඇති වෙන්නේ නිදි යහනේදී පමණයි. ඒ නිසා මෙය සෑම විවාහකයෙකු වෙනුවෙන්ම ප්‍රායෝගික නොවන බැව් ආචාර්ය බ්‍රොක්මන් සඳහන් කරනවා.

⚫ජීව විද්‍යාත්මක සම්බන්ධතාවයක්…

අඹු සැමියන් එක යහනක හෝ කාමරයක නිදා ගැනීමේ ජීව විද්‍යාත්මක ප්‍රතිලාභයක් තිබෙනවා. මෙය මානව වර්ගයා තුළ පවතින ප්‍රාථමික මනෝභාවයක්. මවක් තම දරුවාට කිරි දීමේ ක්‍රියාවලියේ පටන් මව් සෙනහස ගොඩ නැගෙනවා. දරුවා මව සමග සමීප සම්බන්ධතාවයක් ගොඩ නගා ගන්නවා. මවට සහ දරුවාට විවේකීව සිටින රටාවක් ගොඩ නැගෙනවා.

අද වනවිට විවාහ නොවුණත් එකට ජීවත් වෙන සංකල්පයක් ලෝකයේ ඇති වී තිබෙනවා. ඔවුන් එක කාමරයක නිදා ගැනීම පිළිබඳව දක්වන අදහස් අලලා එක්සත් රාජධානියේ National Bed Federation විසින් සමීක්ෂණයක් සිදු කරනු ලැබුවා. 2020 වසරේදී සිදු කරන ලද මෙම සමීක්ෂණයට අනුව බ්‍රිතානයේ එකට ජීවත්වන පවුල් අතරින් 15% ක් පමණ දැන් වෙන්ව නිදා ගැනීම ප්‍රිය කරනවා,

2009 වසරේදී මම ආයතනය මගින් සිදු කරන ලද සමීක්ෂණයට අනුව එකට ජීවත් වුණත් වෙන්ව නිදා ගැනීමට කැමැත්ත දක්වනු ලැබුවේ 7% ක පමණ ප්‍රතිශතයක්. නමුත් එය පසුගිය වසර කීපය තුළ දෙගුණයකින් ඉහළ ගොස් තිබෙනවා. අනාගතයේදී මෙම ප්‍රතිශතය තව දුරටත් ඉහළ යා හැකි බවට විශේෂඥයන් විසින් පුරෝකථනය කරනවා.

මෙතැනදී සැබැවින්ම වැදගත් වන්නේ අන්‍යෝන්‍ය වශයෙන් ඔවුනොවුන් අතර පවතින සම්බන්ධතාවය මිස යහන හෝ කාමරය නොවේ. ගුණාත්මක නින්දක් ලැබීමට එකම යහන හෝ කාමරය බාධාවක් නම් වෙන් වෙන්ව නිදා ගැනීම ගැන චෝදනා නගන්න බැහැ. ඒ ඔවුන්ගේ කැමැත්තයි. සැබැවින්ම කිවහොත් කසාදය රැකෙන්නේ එක යහනහෝ එක කාමරය බෙදා ගැනීමෙන් නොවේ.

බී.බී.සී පුවත් ඇසුරිනි

ප්‍රවීණ ගායන ශිල්පිනී ඇන්ජලීන් ගුණතිලක මහත්මියගේ ජන්ම සංවත්සරය අදයි !!!
23/12/2024

ප්‍රවීණ ගායන ශිල්පිනී ඇන්ජලීන් ගුණතිලක මහත්මියගේ ජන්ම සංවත්සරය අදයි !!!

❤
23/12/2024



පිළිකා හැම එකක්ම එක වගේ නෙවෙයි. බොහෝමයක් පිළිකා හැදෙන්නෙ නැතිව වළක්වා ගන්න පුළුවන්. තවත් පිළිකා වර්ග විශාල ප්‍රමාණයක් උඩ...
22/12/2024

පිළිකා හැම එකක්ම එක වගේ නෙවෙයි. බොහෝමයක් පිළිකා හැදෙන්නෙ නැතිව වළක්වා ගන්න පුළුවන්. තවත් පිළිකා වර්ග විශාල ප්‍රමාණයක් උඩුදුවන්නට කලින් හඳුනාගතහොත් සම්පූර්ණයෙන්ම සුව කරගන්නත් පුළුවන්. හැබැයි නිසි සම්මත ප්‍රතිකාර කලට වේලාවට කරගත්තොත් විතරයි, එහෙම හොඳ කරන්න පුළුවන්

සම්පුර්ණ විස්තරය කියවන්න 👉https://tinyurl.com/yje6a68c

ගෑණු ළමයි, කළ යුතු නොකළ යුතු යැයි සම්මත පවුරු බැදගත් දේවල් සමාජයේ තිබුණත් එම පවුරු බිද දමමින් තම ජීවීතය සාර්ථක කරගන්න හද...
21/12/2024

ගෑණු ළමයි, කළ යුතු නොකළ යුතු යැයි සම්මත පවුරු බැදගත් දේවල් සමාජයේ තිබුණත් එම පවුරු බිද දමමින් තම ජීවීතය සාර්ථක කරගන්න හදන තරුණියක් අපට හමුවුණා. ලී නිර්මාණය කරමින් වඩු කර්මාන්තයේ නිරතව සිටින ඈ ගැනයි මේ….

⚫මෙච්චර ලස්සනට ලී නිර්මාණ කරන ඔයා කවුද?

මම සුභාෂිණි කුලරත්න. නුවර තලාතුඔය ඉන්නෙ. මට වයස 27 ක් වෙනවා. මම O/L කළේ අංපිටිය සිද්ධාර්ථ විද්‍යාලයේන්. විද්‍යා අංශයෙන් මම A/L කළේ හේවාහැට මධ්‍ය මහා විද්‍යාලයෙන්. A/L ඉවර වුණාම අනුරාධපුර සහ කුණ්ඩසාල කෘෂිකර්ම විද්‍යාලවලට ඇතුලත් වෙලා කෘෂිකර්ම හා ආහාර තාක්ෂණය NVQ 5, 6 ඩිප්ලෝමා සම්පූර්ණ කළා. දැනට මම වයඹ විශ්වවිද්‍යාලයේ උපාධිය හදාරමින් ඉන්නව.

⚫මොන කාලේ වගේද ඔයා මේ ලීවලින් නිර්මාණ කරන්න ආරම්භ කළේ?

දැනට අවුරුද්දකට විතර කළින් තමයි මම පටන් ගත්තේ. මුලින්ම පොඩි පොඩි නිර්මාණ කරන්න ගත්තේ. කට්ටිය ඊටපස්සෙ සල්ලිවලට නිර්මාණ මිලදි ගත්තා. එතකොට මට හිතුණා මේක ලොකුවට කරන්න ඕනෙ කියලා. ඊයේ මම ෆෙස්බූක් එකවුන්ට් එකක් හදලා නිර්මාණ විකුණන්න ගත්තා.

⚫කොහොමද ඉගෙනගත්තේ මේ ලී නිර්මාණ කරන්න?

අප්පච්චිට තිබ්බේ ලී මඩුවක්. ඒක තිබුණේ ගෙදර යට තට්ටුවේ. මම පුංචී කාලෙ ඉදන්ම ඒ නිර්මාණ කරන හැටි දැක්කා. ඒ කාලෙම කැටයම් කපන වැඩවලට මම උදව් කළා.

පස්සේ ඉගෙන ගන්න වැඩත් එක්ක ඒ දේවල් මට මඟහැරුණා. විශේෂයෙන් කියල ලීවලින් නිර්මාණ කරන්න මම ඉගෙන ගත්තේ නැහැ. තනියෙම තමයි පුරුදු වුණේ. මම හදන නිර්මාණවල අඩුපාඩු තාත්තා තමයි පෙන්නලා දුන්නෙ.

⚫මොනවගේ ලී නිර්මාණ ද හදන්නේ?

ඕනේම නිර්මාණයක් කරනවා. ලී බඩු නිර්මාණ ඕන එකක් පුළුවන්. පිඟන් කෝප්පවල ඉඳලා නිවසකට අවශ්‍ය සියලු ලී නිර්මාණ මම හදනවා. දොර ජනෙල් වුණත් හදනවා. අල්මාරි, හෝම් ඩෙකරේෂන් අයිටම් හදනවා .

⚫ආරම්භයේදි ලැබුණු අභියෝග මොනවද?

ලොකුම අභියෝගය වුණේ ගැණු ළමයෙක් වීම. ලී නිර්මාණ කරන ගෑණු ළමයි අඩුයි. ගොඩාක් අය කිව්වා මෙච්චර ඉගෙන ගෙන මේ වගේ දෙයක් කරන්නේ ඇයි කියලා. ඔයාට ගැළපෙන්නේ නැහැ කියලා.

ගොඩාක් අය හිතන්නෙ වඩුවැඩ කිව්වාම නූගත් රැකියාවක් කියලා. මිනිස්සු මොනවා කිව්වත් මම ගණන් ගත්තේ නැහැ. දැන් නම් එයාලගෙන් වුණත් යහපත් ප්‍රතිචාර තියෙනවා. ගොඩාක් අය අගය කරනවා. මට මැෂින් තිබ්බෙත් නෑ. ඒවත් මට අභියෝගයක් වුණා.

⚫ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?

ගෙදර අයගෙන් ලොකු සහයෝගයක් හම්බෙනවා. අප්පච්චි තමා මගේ ලොකුම හයිය. මේ ලී නිර්මාණ කරන්නේ කොහොමද කියලා හැමදේම මට කියලා දුන්නේ අප්පච්චි. මල්ලි, අම්මා, නංගි හැමෝම මට ලොකුසහයෝගයක් දෙනවා.

⚫ගෑනු ළමයෙක් විදිහට මෙච්චර සාර්ථක ගමනක් ඇවිල්ලා සමාජයට දෙන පණිවිඩය මොකක්ද?

ඔයාට මේ වගේ දෙයක් කරන්න හිතුණොත් හිත හිත ඉන්න එපා. අනිවාර්යයෙන්ම කරන්න. අපි කරන්නේ හොඳ දෙයක් නම් සමාජයෙන් මොනවා කිව්වත් සැලෙන්න එපා. ටික කාලයක් යද්දි එයාලත් ඔයාට සපෝට් කරයි. අභියෝගයක් කියලා හිතෙන තැන්වලට මුහුණ දෙන්න ශක්තිමත්ව.

Address

Kesbewa

Alerts

Be the first to know and let us send you an email when Navaliya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category