RUS Story

RUS Story Hi, I'm Rusiru. There is a story to every day of our lives. Making stories from people and activities in our lives is what I am doing.

You are welcome to share your thoughts here !

සමූපකාර පරදිනවා !සභාපතිලා අස් වෙනවා !!කට්ටියක් සතුටු වෙනවා !!!කට්ටියකුත් සතුටු වෙනවා ❤️
31/01/2025

සමූපකාර පරදිනවා !
සභාපතිලා අස් වෙනවා !!
කට්ටියක් සතුටු වෙනවා !!!

කට්ටියකුත් සතුටු වෙනවා ❤️

19/01/2025

ආණ්ඩුවට තව ගොඩක් දුර යන්න තියෙනවා. අඩුපාඩු, මග හැරීම්, වැරදි වෙන්න ඉඩ දෙන්න එපා. මොකද, ගොඩක් අය ගල් ගහන්න වගේම, අඩුපාඩුවක් අහුවෙනකන් බලාගෙන ඉන්නවා.

18/01/2025

අනුරත් කියන සමහර දේවල් වල වටිනාකම අඩු වුනොත් මොකද වෙන්නේ ?
ඒවත් මැතිවරණ වේදිකාවල් වල නිකන්ම නිකන් පොරොන්දු වුනොත් මොකද වෙන්නේ ?

සභාවෙන් අවසරයි 🙏හෙට ටිපර් රථ වල දිගු පෝලීමක් එන්න පුලුවන් දවසක් !!!
14/01/2025

සභාවෙන් අවසරයි 🙏
හෙට ටිපර් රථ වල දිගු පෝලීමක් එන්න පුලුවන් දවසක් !!!

12/01/2025

විවිධ වෘත්තීන් වල වැඩ කරන මිනිස්සුන්ට "කාරයෝ" යැයි සඳහන් කිරීම, එයාලගේ දේශපාලන ව්‍යාපාරයේම අවුලක් ද ?

08/01/2025

"Clean Sri Lanka" තවත් මාධ්‍ය සංදර්ශණයක් වෙන් නැතුව ඉස්සරහටම පවත්වාගෙන යයි කියලා අපි විශ්වාස කරනවා.

06/01/2025

එන්නේ වෙනස් දේශපාලන සංස්කෘතියක් මේ රටෙ බිහි කරන්න නම්, තමන්ගෙන්ම ඒ වෙනස පටන් ගත්තා නම් හොඳ නැද්ද ?

04/01/2025

අපි ගෙදර යවලා තියෙන්නේ සාම්ප්‍රදායික දේශපාලකයා විතරයි. අපේ මනසේ තාම සාම්ප්‍රදායික දේශපාලන රකුසා ජීවත් වෙනවා.

පැය දෙක හමාරක විතර සැත්කමක් කරලා, දවස් 3ක් විතර දැඩි සත්කාර ඒකකයක ඉඳලා, තව දවස් 4ක් විතර වෝඩ් එකකත් ඉඳලා, හරියටම දෙසැම්බ...
02/01/2025

පැය දෙක හමාරක විතර සැත්කමක් කරලා, දවස් 3ක් විතර දැඩි සත්කාර ඒකකයක ඉඳලා, තව දවස් 4ක් විතර වෝඩ් එකකත් ඉඳලා, හරියටම දෙසැම්බර් 31 තමයි ගෙදර එන්න පුලුවන් වුනේ.

හැබැයි අලුත් අවුරුද්දක් ලබන වෙලාවක, සහ අලුත් අවුරුදු දවසක මේක කියනවට වඩා අද මේක කියන්න ඕන කියලා හිතුවේ, හෙට ඉඳලා ආයේ සාමාන්‍ය විදිහට පුළුවන් කැපෑසිටියෙන් වැඩ කරන්න මං හිතන් ඉන්න හින්දා. මේක මේ ලියන්නේ, මේක කියන්නේ, ඔයාලගේ දැන ගැනීම හින්දා විතරයි. මොකද මං වීඩීයෝ එකක් දානකන් බලන් ඉන්න ආදරණීය මිනිස්සු පිරිසකට වගේම, වීඩීයෝ එකක් දැම්ම ගමන් ඒකත් එක්ක තර්ක කරන අයටත් මගේ වැඩ කෝ කියලා අහපුවාම ඒකට නිසි පිළිතුරක් දෙන්න ඕන හින්දයි මේ කතාව කියන්නේ.

රූස් ස්ටෝරි වලට හෙට ඉඳලා වීඩීයෝ වැටෙන්න පටන් ගනී. හැබැයි වැඩේ අවුටර් ඇපියරන්ස් එක හෙට ඉඳලා ටික දවසක් යනකන් වෙනස් කරන්න වෙනවා. සෞඛ්‍ය තත්වයේ ප්‍රොජෙක්ට් එක තාම ඉවර නෑ. හැබැයි එහෙමයි කියලා ආසාවෙන් කරන වැඩ එහෙම ලේසියෙන් නතර කරන මිනිහෙක් නෙවෙයි මං. සරලවම මං එහෙම ලේසියෙන් අත අරින මිනිහෙකුත් නෙවෙයි. ඒක මං වටා ඉන්න මගේ බබල් එකේ මිනිස්සු දන්නවා.

පොඩි උදාහරණයක් කියන්නම්. ඔය වම් අත පැත්තේ තියෙන්නේ, සර්ජරි එක කරන්න විනාඩි 15 කට විතර කලින්, මතක් වෙන්න කියලා වෝඩ් එකේදි මං ගහගත්ත ෆොටෝ එකක්. ඒකේ තියෙන කැනියුලා එකේ ගහලා තියෙන්නේ, 12/26 කියලා. ඒ කියන්නේ, කැනියුලා එක දාපු දවස. හැබැයි ඔයාලා ගිහින් බලන්න 26 වෙනිදත් මං වීඩීයෝ එකක් අප්ලෝඩ් කරලා ඇති. ඒ විතරක් නෙවෙයි, 27 වෙනිදා තමයි මගේ සර්ජරි එක කරපු දවස. එදත් මගේ පෝස්ට්, කැප්ෂන් එක්ක ශෙයා වෙලා ඇති.

හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්නේ හෙටයි කියලා, මං අනිද්දා වෙනුවෙනුත් ප්ලෑන් කරපු මිනිහෙක්. මං ගැන ලොකු වර්ණනාවක් නෙවෙයි මේක. හැබැයි මට කියන්න ඕන මෙච්චරයි. මේක මේ රූස් ස්ටෝරි ගැනම කතාවක් නෙවෙයි. මොකද රූස් ස්ටෝරි කියන්නේ මගේ ජීවීතේ ම නෙවෙයි. හැබැයි රූස් ස්ටෝරි කියන්නේ ජීවීතේ ආසාවෙන් කරන එක ප්‍රොජෙක්ට් එකක්.

ඉතින් ජීවීතේ කිසිම තැනක අසාවෙන් කරන කිසිම දෙයක් ලේසියෙන් අත අරින්න එපා. ජීවීතේ අමාරු කාලවල් කියලා දෙයක් නෑ. ජීවීතේ කියන්නෙම අමාරුවක්. ඔයාට කවදාවත් ජීවීතේ සුමට කාලපරිච්චේද හම්බ වෙන්නේ නෑ. ඒ හින්දා ජීවත් වෙනකන් තමන් ආසාවෙන් කරගෙන යන දේවල් ටික සාමාන්‍ය විදිහට කරගෙන යන්න. නැත්නම් තමන්ට ජීවත් වෙනවා කියලා ආතල් එකක් දැනෙන්නේ නැති වෙනවා. හෙට මොකක් වුනත්, අදත් ප්ලෑන් එකක් තියාගන්න. ඇත්තටම එකක් නෙවෙයි. අද ප්ලෑන් දෙක තුනක්ම තියාගන්න.

සීයට සීයක් වෙලාවට කලාවට වීඩීයෝ දාගන්න බැරි වෙයි. හැබැයි "එකමත් එක කාලේක" හෙට ඉඳන් ආයේත් කතා කරන්න පටන් ගන්නවා.
අපි හැට් එකක් එක්ක හවසට හම්බෙමු 🎩

2025 සුබ නව වසරක් කරගමු ✨️❤️
01/01/2025

2025 සුබ නව වසරක් කරගමු ✨️❤️

විදෙස් සංචිත ඩොලර් බිලියන 1ක් තරම් පහළට වැටිලා තිබුන ඉන්දීය ආර්ථිකය අද වෙනකොට අවුරුදු 30ක ගමනක් ඇවිල්ලා ඩොලර් බිලියන 550...
28/12/2024

විදෙස් සංචිත ඩොලර් බිලියන 1ක් තරම් පහළට වැටිලා තිබුන ඉන්දීය ආර්ථිකය අද වෙනකොට අවුරුදු 30ක ගමනක් ඇවිල්ලා ඩොලර් බිලියන 550කට වැඩි සංචිත ප්‍රමාණයක් සහ ඩොලර් ට්‍රිලියන 3 ක දළ දේශීය නිෂ්පාදිතයක් සහිත, ලෝකයේ 5 වන විශාලතම ආර්ථිකය සහිත රට බවට ඉන්දියාව පත්වෙලා තියෙනවා. ඉතින්, මං මෝහන් සිං 1991 අරගත්ත ඒ ආර්ථික ප්‍රතිසංස්කරණ අද මෙවන් modern ඉන්දියාවක් බිහිකිරීමේ turning point එක බව ඉන්දියානුවන් හදුන්වනවා.

27/12/2024

බාගෙට බාගයක්ම මහින්දගේ මිනිස්සු නෙවෙයිද ජයවීර ගාව ඉන්නේ ? චන්ද්‍රිකා ගාවත් දේශපාලනය කරලා, මහින්දගෙත් වෙලා රනිල්ගෙත් අතකොලු වෙච්ච අය එක්ක අලුත් දේශපාලන සංස්කෘතිය හදන හැටි ගැන අපිට දැනගන්න පුළුවන් ද ?

සුනාමි විපතක් යළි කිසි දිනෙක උදා නොවේවායි ප්‍රාර්ථනා කරමු 🥹🙏
26/12/2024

සුනාමි විපතක් යළි කිසි දිනෙක උදා නොවේවායි ප්‍රාර්ථනා කරමු 🥹🙏

24/12/2024

කාටහරි තමන්ගේ හාම්පුතාලට අසාධාරණයක් වෙනවා කියලා හිතෙනවා නම්, එයාලට පුළුවන් ජනමතයත් එක්ක දේවල් වෙනස් කරගන්න.

23/12/2024

අඩුවෙන් කතා කරලා, වැඩියෙන් වැඩ කරලා, වැඩ එකින් එක ඉෂ්ඨ කරලා, කතා කරන තරමක් කතා කරන්න. යම් කාර්‍ය්භාරයක් ඉෂ්ඨ වෙනකන්, මයික් ටයිසන්ලා ටික වාඩි වෙලාවත් ඉන්න.

22/12/2024

පාර්ලිමේන්තුවට එන්න නෙවෙයි, රටේ නායකයා වෙන්නවත් කොතනකවත් මිනිමම් එඩියුකේෂන් කොලිෆිකේෂන් එකක් ඕන නෑ. හැබැයි උගත් බුද්ධිමත් මිනිහෙක් රාජ්‍ය පාලනයට පත් කර ගැනීම මිනිස්සුන්ගේ කැමැත්ත. අවශ්‍යතාවය.

21/12/2024

අධ්‍යාපනය කියලා කියන්නේ දේශපාලනයට පහසුවක් මිසක්, අධ්‍යාපනය කියන්නේ දේශපාලනය කරන්න ඕන කරන කැටයමක් නෙවෙයි.

Address

Kelaniya

Website

Alerts

Be the first to know and let us send you an email when RUS Story posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to RUS Story:

Videos

Share