News Lanka

News Lanka හරියටම දැනගන්න

17/11/2024

2024 මහ මැතිවරණය
ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්

01. බිමල් රත්නායක
ජවිපෙ දේශපාලන මණ්ඩල සභික, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික,
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී

02. ආචාර්ය අනුර කරුණාතිලක
කැළණිය විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික

03. මහාචාර්ය උපාලි පන්නිලගේ
රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ හිටපු පිඨාධිපති
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික

04. එරංග උදේශ් වීරරත්න
සමාගම් ප්‍රධාන විධායක නිලධාරී, තොරතුරු තාක්ෂණ ඉංජිනේරු,
තොරතුරු තාක්ෂණ ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික

05. අරුණ ජයසේකර
විශ්‍රාමික මේජර් ජනරාල්, ජාතික ජන බලවේගයේ විශ්‍රාමික හමුදා සාමූහිකයේ ප්‍රධානී

06. ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම
සමාගම් අධ්‍යක්ෂ, ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිල සාමාජික

07. ජනිත රුවන් කොඩිතුවක්කු
නාවුක සහකාර ඉංජිනේරු,
ජාතික ජන බලවේගයේ ඉංජිනේරු සංසදයේ මෙහෙයුම් කමිටු සාමාජික

08. පුණ්‍ය ශ්‍රී කුමාර ජයකොඩි
ඉංජිනේරු, ව්‍යාපෘති කළමානාකාර, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික

09. රාමලිංගම් චන්ද්‍රසේකර්
පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය කාරක සභා සභාපති
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සහ යාපනය දිස්ත්‍රික් සංවිධායක

10. වෛද්‍ය නජිත් ඉන්දික
සමාජ ක්‍රියාකාරී, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු

11. සුගත් තිලකරත්න - ඔලිම්පික් ක්‍රීඩක

12. නීතිඥ ලක්මාලී හේමචන්ද්‍ර
ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් විධායක සභික

13. සුනිල් කුමාර ගමගේ
වරලත් ගණකාධිකාරී, ජාතික ජල සම්පාදන මණ්ඩලයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී,
ආර්ථික කවුන්සිල සාමාජික, ජාතික විද්වත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සභාපති

14. ගාමිණී රත්නායක
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වෙළඳ කලාප සේවකයින්ගේ ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු

15. මහාචාර්ය රුවන් චමින්ද රණසිංහ
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පීඨාධිපති,
ඌව පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති

16. සුගත් වසන්ත ද සිල්වා
සමාජ සේවා නිලධාරී (විශ්‍රාමික), ශ්‍රී ලංකා දෘෂ්්‍යාභාධිත උපාධිධාරී මණ්ඩලයේ සභාපති

17. අබුබකර් ආදම්බාවා
දිගාමඩුල්ල මැතිවරණ කොට්ඨාශයේ අපේක්ෂක - රුහුණු විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යාව පිළිබද විද්‍යාවේදී උපාධිධාරි, අධ්‍යාපනවේදී පශ්චාත් උපාධිදාරි, ලංකා ගුරු සේවා සංගමයේ උප ලේකම්)

18. ආර්. එච්. උපාලි සමරසිංහ
(වන්නි මැතිවරණ කොට්ටාශයේ අපේක්ෂක - ජාතික ජන බලවේගයේ වව්නියාව දිස්ත්‍රික් සංවිධායක)

24/09/2024
22/09/2024

ශ්‍රී ලංකාවේ 09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක වැඩි ඡන්දයෙන් තේරී පත්වෙයි.

දකුණු පළාත් ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳ ලිපිය අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත යවන ලදී.ලක්ෂ්මන් ය...
22/09/2024

දකුණු පළාත් ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳ ලිපිය අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත යවන ලදී.

ලක්ෂ්මන් යාපා අබේවර්ධන
2024.09.22

අද (21) රාත්‍රී 10 සිට හෙට (22) අලුයම 6 වන තෙක් මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය ප්‍රකාශයට පත් කර ඇත.
21/09/2024

අද (21) රාත්‍රී 10 සිට හෙට (22) අලුයම 6 වන තෙක් මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය ප්‍රකාශයට පත් කර ඇත.

02/06/2024

මේ වන විට වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් ගිං ඟග ආශ්‍රිත ගංවතුර අවධානම් තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බැවින් ගිං ගඟ දෙපස පහත්බිම් වල වෙසෙන ජනතාව අවධානයෙන් පසුවන ලෙස ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉල්ලිමක් කලේය

හදිසි ආපදා තත්වයකදී, 117 ක්ෂණික දුරකතන අංකයට හෝ හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය - 0112136222 / 0112670002 අමතන්න.....

ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකාර සහකාර අධ්‍යක්ෂ කාර්යාලය - 0912227315
නෙළුව ප්‍රාදේශිය ලේකම් - 0718616132
තවල⁣ම ප්‍රාදේශිය ලේකම් - 0713238194
නාගොඩ ප්‍රාදේශිය ලේකම් - 0777259626
නියාගම ප්‍රාදේශිය ලේකම් - 0710431796

නෙළුව පොලීසිය - 0718591470
හිනිඳුම පොලීසිය - 0718591469
උඩුගම පොලීසිය - 0718591471
නාගොඩ පොලීසිය - 0718591468
පිටිගල පොලීසිය - 0718591477

නෙළුව ප්‍රාදේශිය සභාව - 0774424752
තවලම ප්‍රාදේශිය සභාව - 0714176048
නාගොඩ ප්‍රාදේශිය සභාව - 0719991577
නියාගම ප්‍රාදේශිය සභාව - 0772518699

මීට අමතරව ඔබ පදිංචි ග්‍රාම නිළධාරී කොට්ඨාසයේ ග්‍රාම නිලධාරීතුමන් හෝ තුමිය වෙත ඔබට බලපා ඇති ආපදා තත්වය පිළිබඳව හැකි ඉක්මණින් දැනුවත් කරන්න. අනතුරුව ඔවුන් අදාළ අංශ දැනුවත් කර කඩිනමින් පහසුකම් සහ ඊට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග ගනු ලබනු ඇත.

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ දිස්ත්‍රික් අපදා කළමනාකරණ ඒකකයේ පණිවුඩයක්

02/06/2024

2024 ජුනි මස 03 දිනය සඳහා කාලගුණ අනාවැකිය

2024 ජුනි මස 02 දින මධ්‍යහන 12.00 ට නිකුත්කරන ලදි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 පමණ තද වැසි ඇතිවිය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
(කා.වි.දෙ)

කළු ගඟේ ජල මට්ටම ඉහළ යාම නිසා බුලත්සිංහල, මදුරාවල සහ පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මහ ගංවතුර තත්ත්වයක් ඇති...
02/06/2024

කළු ගඟේ ජල මට්ටම ඉහළ යාම නිසා බුලත්සිංහල, මදුරාවල සහ පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මහ ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ..

එම අනතුරු ඇඟවීම රතු වර්ණයෙන් යුතු නිවේදනයක් මගින් නිකුත් කර ඇති අතර, අනිසි බියක් ඇති කරගැනීමකින් තොරව එම ප්‍රදේශවල ජනතාව දැඩි අවධානයක් ඒ සම්බන්ධයෙන් යොමු කළ යුතු බවද එහි සදහන්ය

ගං වතුරෙන් විපතට පත් ජනතාව බේරාගැනීම සඳහා යුද්ධ හමුදාව යෙදවීම සම්බන්ධ නිවේදනය
02/06/2024

ගං වතුරෙන් විපතට පත් ජනතාව බේරාගැනීම සඳහා යුද්ධ හමුදාව යෙදවීම සම්බන්ධ නිවේදනය

02/06/2024

අයහපත් කාලගුණය හේතුවෙන් හෙට(03) පාසල් නිිවාඩු.

සද්ද නැති සුද්දෙ දෙන  බද්ද =====================2024 / 01/ 01  ඉඳන් VAT එක 18% වැඩි කරගෙන tax file එකත් ඇරගෙන බදු ගෙවන අ...
31/12/2023

සද්ද නැති සුද්දෙ දෙන බද්ද
=====================
2024 / 01/ 01 ඉඳන් VAT එක 18% වැඩි කරගෙන tax file එකත් ඇරගෙන බදු ගෙවන අපි උබල ඔක්කොම මේ කතාව කියවන්නම වෙනව.

ඔය VAT එක ගෝඨා ආපු ගමන් අඩු කලා 8% ට එයා බලාපොරොත්තු උනාට පොඩි මිනිහට සත පහක වැඩක් උනේ නෑ. ව්‍යාපාරිකයෝ ගේම ගැහුවා. අන්තිමට ආර්ථික ඝාතකය කියලා අහගෙන ගියා. පස්සෙ රනිල් ලොක්කට IMF එකෙන් ණයක් දෙනවනම් ඕක 18% ගේන්න ඕන කිව්ව. ගෝටට වෙච්ච දේ තමන්ට කරගන්න ඕනේ නැති නිසා ලොක්ක ලෝස් නැතිව ඕක 18% ට ගේනව.

අමතක උනා VAT 0% තිබ්බ භාණ්ඩ 97කටත් මේක වදිනවා. ෆෝන් , පොත්, ඔය ලයිට් බිල අඩු කරගන්න කියලා හයිකරපු සෝල එකටත් 18% වදිනව. ලයිට් වතුර බිල්, පොල් තෙල් , පෙට්‍රල් ඩීසල් ඔක්කොටොම. දැනට VAT එක ගහලා නැත්තෙ ලැට් එකට විතරයි කියල තමයි සමහරු කියන්නෙ.

මට කියන්න ඕන උනේනම් මෙන්න මේ කතාව ...

* ලංකාවෙ සිමිත සමාගම් 105000 තියෙනව ඒකෙන් බදු ගෙවන්නෙ 30000 විතර. ඒ කියන්නෙ බිස්නස් කරන උන්ගෙන් 25% වත් බදු ගෙවන්නෙ නැහැ. උන්ගෙන් බදු අය කරගන්නෙත් නෑ

* මාසික ආදායම ලක්ෂයට වැඩි නම් බදු ගෙවන්න ඕන. එහෙම ලක්ෂ 88 මේ රටේ ඉන්නව. ඒ උනාට බදු ගෙවන්නෙ ලකශ 15 වගේ.

(කට්ට කාල ඉගනගත්ත දොස්තරල ඉංජිනේරව it field එකේ සහ ඔය විශ්වවිද්‍යාල ආචාර්යවරු , පුද්ගලික ආයතන සේවකයෝ වගේ අය තමයි ඒකත් ගෙවන්නෙ)

* ඔය තමන්ගෙ දේපල Rent කරල ආතල් එකේ මාසෙට ලක්ෂ 5 සිට 10 හොයන උනුත් ඔය ගොඩේ නැහැ. පොල් ඉඩම් තේ ඉඩම් තියාගෙන සැපේ ඉන්න එවුන් ගෙවන්නෙත් නෑ

* අපි ඔය VAT එක දසමෙට ගෙව්වට මහාප‍රිමාන ව්‍යාපරිකයෝ ඕක ආණ්ඩුවට හරියට ගෙවන්නෙ නැහැ. ඔය බදු උපදේශක කියලා බෝඩ් ගහගෙන ඉන්නේ උන් තමයි බදු හොරකම් කරන්නේ කොහොමද කියලා උන්ට කියලා දෙන්නේ.

කෝටි 400ක් වංචා කරපු දකුණු ආසියාවෙ ලොකුම VAT බදු වංචාකාරය බිහිවෙන්නෙත් ලංකාවන්. උගෙ නම මොහොමඩ් කානිල් අදටත් හොයා ගන්න නැහැ

* කොළඹ නගරයේ විතරක් ෆිල්ම් හෝල් 35 ක් තියෙනව. උබල අපි නයට ෆිල්ම් බලන්නෙ නැහැනෙ. ඒ උනාට උන් කෝටි 35 ක් බදු ගෙවල නැහැ අරගනනෙත් නැහැ

* අරක්කු කම්පැනි 7 වගේ ලංකාවෙ තියෙන්නේ. බිලියන 7 ක් බදු ගෙවල නැහැ. අරගෙනත් නැහැ .මිනිස්සු ණයට බොන්නෙත් නෑ.

* RMVඑකේ උන් වාහන මේ වසරෙ විතරක් 400 ක් හොරෙන් ලියාපදිංචි කරල බදු ගෙවන්නෙ නැහැ

* දේශපාලනික හිතවත් GB බිලියන 700 ක රාජ්‍ය බැංකු දෙකට පොල්ල තියලා.ඒව බොල් ණය කරලා උන්ව නිදහස් කරල තියෙන්නෙ

* හැම අවුරුද්දෙම ආයතන 17 ක් සීනි බදු වංචාව කරනවා. කෝටි 9000 විතර මේ අවුරුද්දෙත් දුන්න ගේම . හාල් , ලූනු , පරිප්පු ඒ ඔක්කොමගෙ එකම කතාව

* කළුගල් මුදලාලිල 93 දෙනෙක් කෝටි 30 ක් බදු ගෙවල නෑ

* බදු දීපු රජයෙ ඉඩම් වලින් කෝටි 24 ක් බදු අරගෙන නැහැ

* වැවිලි සමාගම් හතකින් බදු මුදල් කෝටි 83 ක් අරගෙන නැහැ

* කැසිනෝ ව්‍යාපාරිකයෝ දෙන්නෙක් විතරක් කෝටි 44ක බදු ගෙවලා නෑ. කෝටි 155 දඩ මුදල් එකතුකරල නැහැ

මේව ලියල ඉවරකරන්නත් බැහැ ඒ තරමට මහා පරිමාණ පෝසතුන් සහ නිලධාරීන් දේශපාලකයන් එකතුවෙලා මේ බදු වංචාවල් කරනව. ඉතිං අපි රට හදන්න කියල වේලක් නොකා හරි බද්ද ගෙවන්න වෙනව.

ඉහිං syatem එකක් නැද්ද මේ හොරකමට එරෙහිව කියල හිතුන. බදු එකතු කරන්න ආයතන 42 සම්බන්ද කරන්න බිලියන 8 ක් දීල "රුමිස් කියල පරිගණක" පද්ධතියක් හයි කරනවා. අදටත් ඒකෙන් වැඩක් අරගෙන නැහැ . උබල හිතනවද ඔය වරායෙ, දේශීය ආදායම් එකේ සුරාබදු එකේ උන් ඕක කරන්න දෙයි කියල.

ලෝකෙ මුලින්ම කරන්න මහා ධනවතුන් ගෙන් බදු එකතු කරන එක. අපේ කරන්නෙ බඩගින්නට බඩ ඉරිඟු කන 56,000ක් දරුවො මන්දපෝෂණයෙන් ඉන්න රටක දුප්පත්ම එකාගෙ බත් පතේ ඉදන් බදු ගහන එක.
අන්තිමට කරන එක මුලින් කරල

මේ බදු වංචාවන් කරන්නෙ දේශපාලනයට වඩා බලධාරීන් සහ නිලධාරීන්. මුන්ට විරුද්දව නීති සම්මත කරල දඩුවම් දීල ක්‍රියාත්මක වෙන්න පුළුවන් කොන්ද පණ තියෙන නායකයෙක් එක්ක බහුතර බලයක් තියෙන පාර්ලිමේන්තුවක් එනකං අපි උඹලට තව තවත් බදු ගෙවන්න වෙයි.

භූ චලනයෙන්  ශ්‍රී ලංකාවට සුනාමි අවධානමක් නොමැත -  ජාතික සුනාමි පූර්ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය
30/12/2023

භූ චලනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවධානමක් නොමැත - ජාතික සුනාමි පූර්ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය

Address

Kandy

Telephone

0778782648

Website

Alerts

Be the first to know and let us send you an email when News Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share