Mirai Publications Pvt Ltd

Mirai Publications Pvt Ltd For Creative Minds

මිරයි!!!ජපන් බසින් "අනාගතය"ඊයේ දිනයේ ඒ කියන්නෙ පෙබරවාරි 29 වෙනිදා රෑ 11:45 යි business registration document එක එද්දි. ම...
29/02/2024

මිරයි!!!
ජපන් බසින් "අනාගතය"
ඊයේ දිනයේ ඒ කියන්නෙ පෙබරවාරි 29 වෙනිදා රෑ 11:45 යි business registration document එක එද්දි. මාස ගාණකට කලින් භාර දුන්න ඉල්ලුම්පත් දවසින් දවස කල් යද්දි මිරයි හීනයත් මගෙන් ටික ටික ඈත් වෙමින් තිබ්බෙ. Msc එකේ අන්තිම දින කීපයත් පාසලේ අවසන් වසරත් (school year end) එක්ක ලොකු පීඩනයක ඉද්දි මිරයි හීනයත් කල් යෑම ගැන හිතේ කොණක තිබුනෙ ලොකු දුකක්. කොහොම හරි සිව් වසරකට එක් වරක් පමණක් එන පෙබරවාරි විසිනවයක BR document එක ආවා. තව අවුරුදු හතරකින් සමහර විට මේ තීරණය ගැන මට සතුටු වෙන්න පුලුවන් වෙයි. බලමු නේද... 😊

සමාගම් පනත යටතේ මිරයි පබ්ලිකේශන් එක රෙජිස්ටර් කරන්න මගෙ අප්පච්චි ලොකු වෙහෙසක් ගත්තා. දවසින් දවස පරක්කු වෙද්දි එයාට කරන්න පුලුවන් උපරිම දේත් කරලා තව කරන්න දේකුත් නෑ කියලා දැන දැනත් මං බැන්නෙ අප්පච්චිට 🥺 (මං ටිකක් නෙවෙයි ගොඩක් නරකයි).

මට ෆීල්ඩ් එක ගැන දැනුමක් නැති වෙන්න පුලුවන්… පබ්ලිශින් වලින් ප්‍රවීණ අයත් මුල් කාලයෙදි සියල්ල දැනගෙන ආවයි කියන්න මං හිතන්නෑ. කොහොම නමුත් මගෙ දැනුම අල්ප උනාට මිරයි පිටුපස ෆීල්ඩ් එකේ කුණු කඳුද රත්තරන් කඳුද වෙන් කරලා කියන්න පුලුවන් කෙනෙක් ඉන්නවා. ඒ නිසා මට බයක් නෑ. හැබැයි එයා රහසක්. බිස්නස් පැත්තෙන් අප්පච්චි ඉන්නවා. කවුරු මාව රැවැට්ටුවත් එයා මාව නොරවටන බව මං දන්නවා.

ඉතින්, මිරයි හරහා එන පළමු පොත (මගේ එකක් නොවේ) ඔයාලා ආදරෙන් වැළඳ ගනීවියැයි මං හිතනවා.

Board of Directors;
Sachini Rajapaksha Lewkebandara
Sarath Rajapaksha
Aloka Lewkebandara

CEO;
Khulood Asmil

Company Vision:
To be a publisher that values quality over quantity

Company Mission:
To uphold and strengthen the literature of Sri Lanka through creative minds

සචිනි.

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Mirai Publications Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category