Kandy News.lk

Kandy News.lk උණුසුම් පුවත් ලද සැනින්

18/04/2024

මහනුවර ප්‍රධාන පෙලේ වර්ණ රසායනාගාර, සන්නිවේදන, මුද්‍රණ සහ ප්‍රචාරණ ආයතනයකට
මුදල් අයකැමි (ගැහැණු)
පාරිබෝගික සේවා නිලධාරිනී (ගැහැණු)
ඔබගේ අයදුම්පත Whatsapp කරන්න 0722274593 / 0777883990
සම්මුඛ පරික්ෂණය සදහා පහත දුරකතන අංකයට අමතා දිනයක් වෙන්කරවා ගන්න
0722274593 / 0777883990
ටෙලිපික් ටෙක්නොලොජීස් පුද්ගලික සමාගම.
185, පේරාදෙණිය පාර, මනුවර.

Kandy Thushara sampath                                            මධ්‍යම පළාතේ රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් අද මහනු...
11/03/2024

Kandy Thushara sampath මධ්‍යම පළාතේ රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් අද මහනුවරදී රැකියා ලබා දෙන ලෙස ඉල්ලමින් තමන්ගේ තරුණ විය රටට සේවයක් කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස උද්ඝෝෂණයක යෙදුනා මහනුවර ජොර්ජ් ඊ සිල්වා උද්‍යානය අසලට රැස්වූ මෙම පිරිස පෝස්ටර් බැනර් ප්‍රදර්ශනය කරමින් පැයක පමණ කාලයක් උද්ඝෝෂණයේ යෙදී සිටියි රැකියා විරහිත උපාධිධාරීන් ලෙස තමන් වසර ගණනාවක් සිට රැකියා බලාපොරොත්තුව සිටියත් ඒ නොලැබීම එරෙහිව හා තමන්ට සාධාරණත්වයක් ඉෂ්ට කරන ලෙස බලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙස ඉල්ලා මෙම උද්ඝෝෂණය සිදු කරන බව සඳහන් කළා විශේෂයෙන්ම තරුණ ජවය නිකරුණේ විනාශ වීමට ඉඩ නොදි රටට සේවයක් කිරීම සඳහා අවස්ථාව සලසා දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටියා කතාව ඒවා ඇත

Kandy Thushara sampathඅත්තනෝමතිකව රටක් නොමඟ යවමින් රටටත් ජනතාවටත් පාලකයින්ටත් අයහපත කැන්දවන ආකාරයේ අවුරුදු නැකැත් පිළියෙ...
11/03/2024

Kandy Thushara sampath
අත්තනෝමතිකව රටක් නොමඟ යවමින් රටටත් ජනතාවටත් පාලකයින්ටත් අයහපත කැන්දවන ආකාරයේ අවුරුදු නැකැත් පිළියෙළ කළ රාජ්‍ය අවුරුදු නැකැත් කමිටුව විසුරුවා හැරීමට රාජ්‍ය නායකයින්ට දැන්වීම ඇතුළු කරුණු 05 ක් සඳහන් කරමින් ජාතික නැකැත් කමිටුව මගින් මල්වතු අස්ගිරි උභය මහා විහාරීය අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා වෙත ඊයේ (11) සංදේශයක් පිළිගන්වනු ලැබීය.
රාජ්‍ය නැකැත් කමිටුව සිය අත්තනෝමතික ක්‍රියාව අකුලාගෙන උදෑසන කාලයේ කාටත් පහසු පරිදි අවුරුදු නැකැත් වේලාවන් ලබා නොදෙන්නේ නම් ජාතික නැකැත් කමිටුව විසින් ප්‍රායෝගිකව කාටත් කළ හැකි නැකැත් වේලාවන් ලබා දෙන්නට ක්‍රියා කරන බව ද අදාළ සංදේශයේ සඳහන් කර ඇත.
මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හා අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි අනුනාහිමිවරු බැහැදැක මෙවර අලුත් අවුරුදු නැතැක් වල පවතින දුර්වලතා සඳහන් කරමින් අදාළ සංදේශය පිළිගැන්වීමට ජාතික නැකැත් කමිටුවේ සමාජිකයෝ පියවර ගත්හ.
අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ නැකැත් කමිටුව නියෝජනය කර තිබෙන ජ්‍යෙතිර්වේ දී ශාන්ත සිරි ද සිල්වා මහතා මෙසේ පැවසුවේය.මේ නැකැත වැරදි නිසා මම වෙනත් නැකැතක් මේ වනවිට ඉදිරිපත් කරලා තිබෙනවා. අවුරුදු නැකැත් උදේ වරුවට ගන්නේ නැතුව අත්තනෝමතික ලෙස රාත්‍රි කාලයට අරන් තියෙනවා. නාරද සංහිතාවේ 18 වැනි ස්ලෝකයේ කියා තිබෙනවා මධ්‍යම රාත්‍රියේ සංක්‍රාන්තියක් සිද්ධ වෙනවා නම් ලිපි ගිනි දැල්වීම, ගනුදෙනු කිරීම ඇතුළු නැකැත් ගන්න ඕන පසුදින පෙරවරු කාලයේ කියලා. අපේ නැකැත් කමිටුව හදලා තියෙන අවුරුදු නැකත් වේලාවල චන්ද්‍රයා දුර්වලයි. සංක්‍රාන්තියක් වනවිට රටට සිදුවන හානි අවම කරන්න නම් රවි දුර්වල වෙලාවේ රවි බලවත් කරන්න ඕන කියලා පෙන්වා දී තිබෙනවා. රවි දුර්වල නම් චන්ද්‍රයා බලවත් කරන්න ඕන. ඒ නිසා චන්ද්‍රයා හොඳ තැනක තියලා සූරියා බලවත් කරලා සූර්යාගේ බලයෙන් අනිත් ග්‍රහයෝ බලවත් කරන්න කියලා තමයි කියලා තියෙන්නේ. අවුරුදු නැකැත් කමිටුව චන්ද්‍රයා දුර්වල කරලා නැකැතක් හදලා රාත්‍රි 11.06 ට ලිපි ගිනි මොලවලා රාත්‍රී 12.06 ට ආහාර අනුභව හා ගනුදෙනු කිරීමට නැකැත් හැදීම වැරදියි. නැකැත් කමිටුව නියෝජනය කරන 06 දෙනා මේක තේරුම් ගන්න ඕන. තමන් අතින් වූ වරදක් වූ බව පිළිගෙන ඒක නිවැරදි කරන්න කියලා තමයි අපි කියන්නේ. මාර්තු අග වෙනකල් මේක වෙනස් කරන්න කාලය තියෙනවා. ඒ අවස්ථාව ප්‍රායෝජනයට අරන් මේක වෙනස් කරන්න. මේකෙන් රටට විශාල හානියක් වෙනවා. සංක්‍රාන්තියක වරදක් වුණොත් රටට, රාජ්‍ය නායකයාට, ජනතාවට ඒක අයහපත් විදිහට බලපානවා. එහෙම වුණොත් ඒක ලොකු ව්‍යසනයක්.

ජ්‍යෙතීර්වේ දී වාස්තුවිද්‍යාඥ කැළුම් ගුණතිලික මහතා මෙසේ පැවසුවේය. අපි පැමිණියේ ජාතික නැකැත් කමිටුවේ සියලු සාමාජික මහතුන් නියෝජනය කරමිනුයි. අවුරුදු නැැකැත් සැදීමට පාවිච්චි කරන පැරණි නරද සංහිතාව මෙවර අවුරුදු නැකැත් කමිටුව අමු අමුවේ උල්ලංඝනය කරමින් තමයි නැකැත් හදලා තියෙන්නේ. යම් විදිහකින් සූර්ය සංක්‍රාන්තියක් සිදුවන්නේ රාත්‍රියේ නම් පුණ්‍ය කාලය පසුදින කළ යුතු බව පැහැදිලිව දක්වා තිබිය දී මේ අය අත්තනෝමතික ලෙස කටයුතු කරමින් රාත්‍රි කාලයේ නැකැත් වේලාවල් යොදාගෙන තිබෙනවා. මිනිස්සුන්ට සෙතක් වන ලෙස දිවා කාලයේ නැකැත් කටයුතු කරන්න. සූර්යාගේ බලය තිබෙන්නේ දහවලට. ඒ වුණාට බලය නැති රාත්‍රියේ සූර්යයා නිදා ඉන්න වෙලාවක් සූර්ය මංගල්‍යය කිරීම විකෘතියක්. මේක හරියට මනමාලායා නිදා ඉන්න වෙලාවක මගුලක් ගන්නවා වගේ වැඩක්. දැනටත් ලිපි ගිනි දල්වන්න අපහසු කාලයක ගත කරමින් ඉන්න වෙලාවක මේ නැකැත් වලට වැඩ කළොත් තියෙන ටිකත් නැතිවේවි.

Astrology & Vasthu Vidya Service in Kandy Sri Lankaවාස්තු දෝෂ පරික්ෂාව, වාස්තු විද්‍යානුකූල නිවාස සැලසුම් කරනය ඇතුලු සිය...
26/02/2024

Astrology & Vasthu Vidya Service in Kandy Sri Lanka

වාස්තු දෝෂ පරික්ෂාව, වාස්තු විද්‍යානුකූල නිවාස සැලසුම් කරනය ඇතුලු සියලුම ජ්‍යොතිෂය කටයුතු
Dushan Semasinghe Astrology Service
Viguhumpola, Werellagama, Kandy,
Sri Lanka.

0778329919

ලබන වර්ෂයේ පළමු වාරය ආරම්භ වන විට නිල ඇදුම් හා පෙළ පොත් බෙදීම සිදුකොට අවසන් කරනවා.ලබන වර්ෂයේ නව පාසල් වාරය ආරම්භ කිරීමට ...
03/12/2023

ලබන වර්ෂයේ පළමු වාරය ආරම්භ වන විට නිල ඇදුම් හා පෙළ පොත් බෙදීම සිදුකොට අවසන් කරනවා.

ලබන වර්ෂයේ නව පාසල් වාරය ආරම්භ කිරීමට ප්‍රථමයෙන් පාසල් පෙළ පොත් සහ නිල ඇදුම් බෙදා අවසන් කරන බව සභානායක හා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.

ඉකුත් වර්ෂයේදී යම් ප්‍රමාදයක් සිදුවුවත් ලබන වර්ෂයේදී එවැනි ප්‍රමාදයක් සිදු නොවන බව අමාත්‍යවරයා තව දුරටත් පැවසීය.

ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ අද (03) මහනුවරට පැමිණ මල්වතු මහා විහාරයේදී එම පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කරමිනි.

ලබන වර්ෂයේ පෙබරවාරි 19 වන දින පළමු වාරය ආරම්භ වන බව කී ඒ මහතා දරු දැරියන් සඳහා රජයෙන් ලබා දෙන මූලික පහසුකම්වන පෙළපොත්, සපත්තු සහ නිල ඇදුම් ලබා දෙන බව කීවේය. අධ්‍යාපන අමාත්‍යංශය හා පළාත් අධ්‍යාපන අමාත්‍යංශ සඳහා රුපියල් බිලියන 517ක් ලබන වර්ෂය සඳහා වෙන් වී ඇතැයි කී ඒ මහතා එය ඉකුත් වර්ෂයට සාපේක්ෂව රුපියල් බිලියන 55ක ඉහළ යාමක් යැයි ද කීවේය.

දරුවන් ලක්ෂ 16ක් සඳහා දිවා ආහාර ලබා දෙන බව ද හත්ලක්ෂ පනස්දහසක් සඳහා නොමිලේ සපත්තු ලබා දෙන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. අය වැය මුදල් ප්‍රමාණවත් නොමැති අවස්ථාවලදී ප්‍රදානයන් ඇතුලු වෙනත් මූල්‍ය ක්‍රම ඊට පදනම් කර ගන්නා බව ද ඒ මහතා කීවේය.

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ නියමිත පරිදි පැවැත්වීමේ ගැටලුව ඉදිරියේදී මඟ හැරෙන බවත් ඒ යටතේ ලබන වර්ෂයේදී පාසල් තුළ විෂය නිර්දේශ හා වාර විභාග පැවැත්වීම විධිමත් කරන බව ප්‍රකාශ කළේය. ඒ අයුරින් වර්ෂ 2025 වන විට උසස් පෙළ හා සාමාන්‍ය පෙළ පෙර පැවැති අයුරින් පැවැත්විමට හැකි වනු ඇතැයි ද අමාත්‍යවරයා කීහ.

අධ්‍යාපන පීඨ විශ්ව විද්‍යාල තත්ත්වයට උසස් කිරීමේ කටයුතු ලබන වර්ෂයේදි සිදුකරන බව කී හෙතෙම ඒ සඳහා වන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කීවේය. රුපියල් බිලියනක වියදමින් එහි මූලික කටයුතු අධ්‍යාපන පීඨ 19 තුළ සිදුවන බවත් එමගින් සිව් අවුරුදු උපාධිය නිම කොට වර්ෂ 2028 දී උපාධිධාරී ගුරුවරුන් නික්මෙන බවත් ඒ මහතා කීවේය.

සංවර්ධන නිලධාරීන් 20 000ක් පාසල් සඳහා ගුරු පත්විම් ලබාදී බඳවා ගන්නවා යැයි කී පේමජයන්ත් මහතා ශේෂ්ඨාධිකරණ නඩුවක තීන්දුවක් හේතුවෙන් ඔවුන් පෙනි සිටීමට නියමිත වූ විභාගයට ඉදිරිපත් වීමට නොහැකි වූ බව කීවේය. නමුත් ඉදිරි නඩුවාර කිහිපයේදී එම ගැටලුව තුරන් වන බවත් යළි සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට හැකි වනු ඇතැයි ද අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා තව දුරටත් සඳහන් කළේය.

මෙවර අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිපල අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට මහනුවර මහාමායා බාලිකා විදුහලේ සමාධි රණවක සිසුවි...
01/12/2023

මෙවර අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිපල අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට මහනුවර මහාමායා බාලිකා විදුහලේ සමාධි රණවක සිසුවිය සමත්ව ඇත.
ඇය පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත්ව ඇත්තේ ලකුණු 171 ක් ලබා ගනිමිනි. පළමු වසරේ සිට මහාමායා බාලිකා විදුහලේ අධ්‍යාපනය ලැබ තිබෙන සමාධි පාසලේ කණිෂ්ඨ විද්‍යා සංගමයේ ලේකම් ලෙස ද කටයුතු කරයි.
මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් උපාලි රණවක මහතා ගේ දියණිය වන අතර මව දේශානි කරුණාතිලක ය.
සමාධි ගේ වැඩිමහල් සහෝදරිය වන දෙව්මිණි රණවක උසස් පෙළ විභාග ප්‍රතිපල අනුව ජීව විද්‍යා අංශයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ලබා තිබෙන අතර අනෙක් සහෝදරිය වන යශෝධරා රණවක ජීව විද්‍යා අංශයෙන් මහනුවර මහාමායා බාලිකාවේ උසස් පෙළ හදාරමින් සිටී.

සාමාන්‍ය පෙළ විභාගයේ දී තමන්ට ඒ සමාර්ථ 09 ක් ලැබෙණු ඇතැයි අනුමාන කළත් දිවයිනේ විශිෂ්ඨයා වීමට ලැබේ යැයි නොසිතූ බවත් ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදරා අනාගතයේ දී වෛද්‍යවරියක වීම තම බලාපොරොත්තුව බවත් සමාධි පැවසුවාය.
මෙම ජයග්‍රහණය ලබා ගැනීමට විදුහල්පතිනිය ඇතුළු පාසලේ ගරු මණ්ඩලයෙන් ද දෙමව්පියන් ගෙන් හා සහෝදරියන් දෙදෙනාගෙන් ද ලැබුණු සහය අගය කරන බව ද ඇය කීවාය.
ඉලක්කයක් ඇතිව එදිනෙදා වැඩ එදිනම අවසන් කර විභාගයට සූදානම් වූ බවත් ඒ නිසා විභාගය ආසන්න වෙත් දී පීඩනයකින් තොරව පාඩම් වැඩ කර ගැනීමට හැකි වූ බවත් සාමාධි ප්‍රකාශ කළාය.
සමාධි සිසුවිය පාසලට විශාල කීර්තියක් ගෙන දී තිබෙන බවත් විදුහල්පතිවරිය මෙන්ම පාසලේ ආදි සිසුවියක් ලෙස මෙම ජයග්‍රහණය පිළිබඳව ආඩම්බර වන බවත් මහනුවර මහාමායා බාලිකා විදුහලේ විදුහල්පති ශෂිකලා සේනාධීර මහත්මිය පැවසුවාය.

පස් අවුරුදු සැලැස්මක් යටතේ පොලිස් නිල සුනඛ කොට්ඨාශය සංවර්ධනය කරනවා.අපරාධ සහ රථවාහන කොට්ඨාශ භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රිය...
04/11/2023

පස් අවුරුදු සැලැස්මක් යටතේ පොලිස් නිල සුනඛ කොට්ඨාශය සංවර්ධනය කරනවා.
අපරාධ සහ රථවාහන කොට්ඨාශ භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත විරසිංහ
ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් නිල සුනඛ කොට්ඨාශය පස් අවුරුදු සැලැස්මක් යටතේ සංවර්ධනය කිරීමට කටයුතු යොදා තිබෙන බව අපරාධ සහ රථවාහන කොට්ඨාශ භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත විරසිංහ මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ මැදිහත්වීම මත විශේෂ වැඩසටහනක් ඉදිරි වසරේ සිට ආරම්භ කරන බවද ඔහු පැවසුවේය.
ඒ අනුව මෙම පොලිස් නිල සුනඛ කොට්ඨාශයේ සිටින නිලධාරීන් සහ නිල සුනඛයන් සංඛ්‍යාත්මකව වැඩි කොට නවින තාක්ෂණයද මුසු කරගනිමින් ජාත්‍යන්තර මට්ටමේ පොලිස් නිල සුනඛ කොට්ඨාශයක් දක්වා පුළුල් කරන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩි දුරටත් කීවේය.
ආපරාධ සහ රථවාහන කොට්ඨාශ භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත විරසිංහ මහතා මෙම අදහස් පළ කළේ අද (04) මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගනයේ පැවති 75 වැනි පොලිස් නිල සුනඛ සැමරුම් වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.
අපරාධ සහ මත් ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම ඇතුළු පොලිසියට පැවරෙන රාජකාරී කටයුතු වලට සහායක් ලෙස යොදා ගන්නා පොලිස් නිල සුනඛ සේවය වර්තමානයේදී ඩෙංගු මදුරු කීටයන් සොයා ගැනීම දක්වා පැමිණ ඇති බවත්, ඉදිරියේදී ලොව අනිකුත් රටවල මෙන් පිලිකා වැනි විවිධ ලෙඩ රෝග හදුනා ගැනීම සදහාද මෙම සේවාව ව්‍යාප්ත කිරීමට සැලසුම් කරන බව පැවසුවේය.
1948 පොලිස් කොස්තාපල්වරු තිදෙනෙක්ගේ සහ පොලිස් නිල සුනඛයන් දෙදෙනකුගෙන් ආරම්භ කළ පොලිස් නිල සුනඛ සේවය 1960 වෙනම අංශයක් ලෙසත්, පසුව 1990 දී වෙනම පොලිස් කොට්ඨාශයක් බවට පත් කර තිබේ. අද වන විට මෙම කොට්ටාශයේ නිලධාරින් 325 ක් සහ පොලිස් නිල සුනඛයන් 265 ක් සේවයේ යෙදී සිටියි.මහනුවර අස්ගිරියේ පිහිටි භූමි භාගයක පිහිටා ඇති පොලිස් නිල සුනඛ කොට්ඨාශ මූලස්ථානයට අමතරව ප්‍රාදේශිය මට්ටමින් ඒකක 55 ක් පවත්වාගෙන යනු ලබයි.
අද පැවති 75 වැනි සැමරුමේදී පොලිස් නිල සුනඛ කොට්ඨාශයේ ආචාර පෙලපාලියක්, පොලිස් නිල සුනඛයන්ගේ දර්ශනයක්, පොලිස් බටහිර තූර්යවාදක කණ්ඩායමේ සංදර්ශනයක් සහ පොලිස් නර්තන අංශයේ නර්තනයන්ගෙන් වැඩසටහන විචිත්‍රවත් කරන ලදී.
පොලිස් නිල සුනඛ කොට්ඨාශයේ 75 වැනි සැමරුම සදහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, මහනුවර කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායක, සහ පොලිස් නිල සුනඛ කොට්ඨාශභාර අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරී කාංචන ගොඩකුඹුර යන මහත්වරු ඇතුළු තවත් ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.

2023.08.10සධාතුක පෙරහැර කරඩුව වැඩමකරවිම සඳහා මෙවර අති ඇතුන් රැසක්දිවයිනේ වෙනත්  විහාරස්ථාන හා දේවාලයන්හී පෙරහැර අවසන්වී ...
10/08/2023

2023.08.10

සධාතුක පෙරහැර කරඩුව වැඩමකරවිම සඳහා මෙවර අති ඇතුන් රැසක්

දිවයිනේ වෙනත් විහාරස්ථාන හා දේවාලයන්හී පෙරහැර අවසන්වී ඇති බැවින් මෙවර ඇසළ පෙරහර මංගල්‍යය සඳහා අලි ඇතුන් වැඩි පිරිසක් සහභාගී කරවා ගත හැකි යැයි ශ්‍රී දළදා මාලිගායේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තිය නියෝජනය කරන ඉන්දිරාජා ඇතුලු ඇතුන් කිහිප දෙනෙකු සධාතුක පෙරහර කරඬුව වැඩම කරවීමට මෙවර සුදුසුකම්ලත් බවත් ඒ මහතා කීවේය.

දියවඩන නිලමේවරයා මෙම අදහස් පළ කළේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ රන් ආයුධ මණ්ඩපයේදී අද (10) පැවති ඇසළ පෙරහැර මංගල්‍යයේ විශේෂ මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

ඉන්දි රාජා, බුරුම රාජා, කතරගම වාසනා, කැලණිය රජ මහා විහාරයේ ඇතා, මියන් රාජා ඇතුළු ඇතුන් හයදෙනකු සධාතුක පෙරහර කරඬුව වැඩම කරවීම සඳහා ඉදිරිපත් වන බව ද දියවඩන නිලමේවරයා කීවේය.

ඇසළ පෙරහැර මංගල්‍යයේදී අලි ඇතුන්ට හිංසා කරන බවට ඇතැම් සංවිධාන විවිධ ප්‍රකාශයන් නිකුත් කළත් කිසිදු හිංසාවක් සිදු නොකරන බව කී ඒ මහතා ඇසළ පෙරහැර, දන්ත ධාතූන් වහන්සේ වෙනුවෙන් පවත්වන පූජාවක් යැයි ද කීහ.

යදම් යොදා අලි ඇතුන් පෙරහරේ ගමන් කරවන්නේ හිංසා කිරීමේ අරමුණින් නොව පෙරහැර නැරඹීමට පැමිණෙන සැදැහැවතුන්ගේ ආරක්ෂාව සඳහා යැයි ද දියවඩන නිලමේවරයා ප්‍රකාශ කළේය.

හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය වන සෙංකඩගල පුරවරයේ ඇසළ පෙරහර අති උත්කර්ෂවත් අයුරින් මෙවර පවත්වන බවත් සැදැහැවතුන්ගේ ආරක්ෂාව මෙන්ම සෞඛ්‍යාරක්ෂාව, ප්‍රවාහන, සනීපාරක්ෂීක ආදී සියලු අංශ පිළිබදව අවධානය යොමු කරන බවත් දියවඩන නිලමේ ප්‍රදිප් නිලංග දෑල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

2023.08.03රජයේ පොහොර සහනාධාරය ගොවියන් වෙත කඩිනමින් ලබාදීමේ නව ක්‍රියදාමයක් ඉදිරියේදී..රසායනික පොහොර බෙදාහැරීමේ කාර්යයෙන්...
03/08/2023

2023.08.03
රජයේ පොහොර සහනාධාරය ගොවියන් වෙත කඩිනමින් ලබාදීමේ නව ක්‍රියදාමයක් ඉදිරියේදී..

රසායනික පොහොර බෙදාහැරීමේ කාර්යයෙන් රජය ඉවත්වී පොහාර ලබාදීමේ නව ක්‍රමයක් ඉදිරියේ දී ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

පොහොර මිලදී ගැනීම සඳහා ගොවියන්ගේ බැංකු වෙත මුදල් බැර කරන බවත් ඊට සමගාමීව රජයේ පොහොර සමාගම් දෙක මගින් තරඟකාරී අයුරින් පොහොර බෙදාහරින බවත් අමාත්‍යවරයා කීවේය.

ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ ගන්නෝරුව කෘෂිතාක්ෂණ උද්‍යානයේදී අද (03) පැවැති ගොවි ක්ෂේත්‍ර දිනය සහ කෘෂිතාක්ෂණික දෙදින ප්‍රදර්ශනය විවෘත කිරීම සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගීවෙමිනි.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නව තාක්ෂණය හා නව නිපැයුම් ගොවිජනතාව හමුවට ඉදිරිපත් කිරීම සඳහා මෙම තාක්ෂණීක ප්‍රදර්ශනය සංවිධාන කොට තිබිණි.

ගන්නෝරුව ජාන සම්පත් සංරක්ෂණ මධ්‍යස්ථානයේදී පැවැති සමාරම්භක අවස්ථාවට සහභාගීවූ අමාත්‍යවරයා, පොහොර බෙදාහැරීමේ කාර්යයයෙන් රජය ඉවත්වීමත් සමඟ කෘෂීකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන්ට කෘෂී ව්‍යාප්තිය සඳහා සහභාගීවීමට අවස්ථාව ලබා දෙන බව ප්‍රකාශ කළේය.

කෘෂිකර්ම සම්බන්ධයෙන් එළි දක්වන නවෝත්පාදන ගොවියන් අතට පත්වීමේ මන්දගාමී තත්ත්වයක් පවතින බව පෙන්වා දුන් ඒ මහතා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණීක දැනුම ඉදිරියේදී ලබා දෙන බව කීවේය.

තාක්ෂණික රැස්වීම් සඳහා ගොවි සංවිධාන නියෝජිතයන් සහභාගීවන නමුත් එම ගොවි නායකයන් සිය ගොවියන් දැනුවත් කරන අවස්ථා විරල බව කී අමාත්‍යවරයා ඇතැම් දේශපාලන පක්ෂ හා සම්බන්ධ ගොවි නායකයන් සිය ගොවි ප්‍රජාව වෙත නිවරැදි දැනුම ලබා නොදෙන බව ද එහිදී පෙන්වා දුන්නේය.

තාක්ෂණික දැනුම ගොවියන් අතට පත් නොවීම නිසා පොළොන්නරුව වැනි ප්‍රදේශවල ගොවියන් භාවිත කරන බීජවලින් සියයට 50ක් පමණ ගුණාත්මක බීජ නොවන බව අනාවරණය වී ඇතැයි ද ඒ මහතා කීවේය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවියන් හෙක්ටයාරයකින් වී කිලෝ 11 000ක් ලබන අවස්ථාවක ඇතැම් දිස්ත්‍රික්කවල ගොවියන්නෙළන අස්වැන්න කිලෝ 4000ක පමණ පහළ මට්ටමක පවතින බව ද ඒ මහතා කීහ.

වැසි රහිත වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ගොවියන් රැසකගේ කුඹුරු විනාශවීම වැළෑක්වීම සඳහා උඩවලව, චන්ද්‍රිකා වැව, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශවල ජලය කුඹූරු කරා සුදුසු අයුරින් නිකුත් කොට ගොයම රැක ගැනීමට පියවර ගන්නා බව ද අමරවීර මහතා ප්‍රකාශ කළේය. සහල් හිඟයක් මතුවිය හැකි නමුත් ඉන්දියාව, පකිස්ථානය වැනි රටවල් සහල් අපනයනය කිරීම අත්හිටුවා ඇති අවස්ථාවක මෙරට වී අස්වැන්න රැක ගැනීමට සඳහා වාරි ජලය සුදුසු අයරින් භාවිතා කරන බව කෘෂීකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් පී.මාලතී මෙනවිය, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ පීඨාධිපති සරත් කොඩිතුවක්ක මහතා, අපනයක කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ඒ.පී.පී.දිස්නා මෙනවිය ඇතුලු පිරිසක් මේ

2023.08.02ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ උදෙසා අස්ගිරි පාර්ශවය සිදුකළ තේවාව මෙම ඉදිරි වර්ෂය සඳහා මල්වතු මහා විහාර පාර්ශවයට පැව...
02/08/2023

2023.08.02

ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ උදෙසා අස්ගිරි පාර්ශවය සිදුකළ තේවාව මෙම ඉදිරි වර්ෂය සඳහා මල්වතු මහා විහාර පාර්ශවයට පැවරීම අද

ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ උදෙසා අස්ගිරි මහ විහාර පාර්ශවය වර්ෂයක් සිදුකළ තේවාව ඉදිරි වර්ෂය වෙනුවෙන් මල්වතු මහා විහාර පාර්ශවයට පැවරීම මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී අද (02) පස්වරුවේ සිදුවිය.

සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුාවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමි සහ අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමිපාණන් වහන්සේ දෙනම සහ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රධානත්වයෙන් තේවාව පැවරීම සිදුවිය.

අධිරාජ්‍යවාදීන් සතුව තිබුණු ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වර්ෂ 1853දී මල්වතු හා අස්ගිරි මහා නායක හිමියන් හා දියවඩන නිලමේවරයාට පැවරුණු අවස්ථාවේ සිට දළදා වහන්සේ වෙනුවෙන් තේවාව සිදුකිරීම එම දෙපාර්ශවය විසින් වර්ෂයෙන් වර්ෂයට සිදුකරති.

ඇසළ පුන් පොහෝ දිනට පසු දින මේ තේවා මාරුව සිදු කිරීම පුරාතනයේ සිට පැවත එන චාරිත්‍රයක් වන අතර තේවා කටයුතු පැවරෙන පාර්ශ්වය නියෝජනය කරමින් ඒ සඳහා සුදුසු භික්ෂූන් වහන්සේ පත් කිරීම අදාළ පාර්ශ්වයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුමැතිය යටත්ව සිදුවේ.

තේවා කටයුතු භාරව පස් නමක් පත් කරනු ලබන අතර දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටින දළදා මන්දිරය සඳහා කාරක සංඝසභාව නියෝජනය කරන ජ්‍යේෂ්ඨ ස්වාමීන් වහන්සේ තෙනමක් පත් කරන අතර පල්ලේ මාලයට එක් නමක් හා පත්තිරුප්පුවට එක් නමක් වශයෙන් දෙනමක් පත් කිරීම මෙහිදී සිදුවිය.

ශ්‍රී දළදා මාලිගාවේ ලේකම්තැන තේවා මාරුව සිදු වන අවස්ථාවේ වට්ටෝරු පොත රැගෙන ඉහළ මාලයේ ඇති සියලු බඩු භාණ්ඩවල ලේඛනය පරීක්ෂා කිරීමෙන් පසු එම වසර සඳහා තේවාවට පැමිණෙන නාහිමියන් විසින් භාණ්ඩ භාර ගැනීම සිදු කරනු ලබයි. අනතුරුව තේවා මාරුව සිදු වෙයි. තේවා කටයුතු වෙනුවෙන් මහා සංඝරත්නයට සහාය වීම පිණිස දියවඩන නිලමේ විසින් නිල වශයෙන් ගිහි පිරිසක්ද පත් කිරීම අතීතයේ පටන් එන චාරිත්‍රයකි

මහනුවර අම්පිටියේ හෝටලයක නවාතැන් ගෙන සිටිය දී දින හතරකට පෙර අතුරුදහන් වූ ඩෙන්මාර්ක් ජාතික 38 හැවිරිදි කාන්තාවගේ මළ සිරුර ...
14/07/2023

මහනුවර අම්පිටියේ හෝටලයක නවාතැන් ගෙන සිටිය දී දින හතරකට පෙර අතුරුදහන් වූ ඩෙන්මාර්ක් ජාතික 38 හැවිරිදි කාන්තාවගේ මළ සිරුර අලගල්ල කන්ද පාමුල තිබී ඊයේ (14) දහවල් සොයාගෙන තිබේ.

මියගොස් ඇත්තේ Munk Ebbesen නැමැති කාන්තාවකි. මෙම ඩෙන්මාර්ක් ජාතික කාන්තාව පසුගිය 09 වැනි දින මහනුවර අම්පිටිය හෝටලයට පැමිණ තිබේ.

පසුදින හෝටලයෙන් පිටතට ගිය ඇය යළි නොපැමිණීම නිසා හෝටලයේ කළමනාකරු ඇය ගේ අතුරුදන්වීම සම්බන්ධව පෙරේදා (13) මහනුවර පොලිසියේ සංචාරක පොලිස් ඒකකයට දැනුම් දී තිබිණි.

කඩුගන්නාව ප්‍රදේශයේ කන්දක් නැගීමට යන බව පවසා අදාළ කාන්තාව හෝටලයෙන් පිටව ගිය බව ට හෝටල් කළමනාකරු කළ ප්‍රකාශයක් පදනම් කර ගනිමින් පොලිසිය ඇය අලගල්ල කන්ද තරණය කරන්නට ඇතැයි අනුමාන කර තිබේ.

අලගල්ල කකන්ද තරණය කරන්නන් සඳහා මඟ පෙන්වන තරුණ කණ්ඩායමකට පොලිසිය කළ දැනුම් දීමකින් අනතුරුව ඔවුන් සිදුකළ සොයාබැලීමකදී කාන්තාවගේ මළ සිරුර හමුවී ඇත

තායිලන්තයෙන් දුන් අලි ඇතුන් නැවත ගැනීමට තීරණයක් ගෙන නැහැ. - තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති  ( H.E. Poj Harnpol )  කියයි.ත...
06/07/2023

තායිලන්තයෙන් දුන් අලි ඇතුන් නැවත ගැනීමට තීරණයක් ගෙන නැහැ.
- තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති ( H.E. Poj Harnpol ) කියයි.

තායි රාජා, කණ්ඩුල රාජා හෝ තායිලන්තයෙන් මෙරටට හිමිවූ කිසිදු ඇතෙකු යළි ලබා ගැනීම සම්බන්ධයෙන් තායිලන්ත රජයේ තීරණයක් නොමැති බව තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති පොජ් හර්න්පෝල් ( H.E. Poj Harnpol ) මහතා පවසයි.

එවැනි සිද්ධියක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විවිධ පුවත් සංසරණය වුවත් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මෙතෙක් එවැනි කිසිදු තීරණයකට එළැඹ නොමැති බව ද තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

තානාපතිවරයා මෙම අදහස් පළ කළේ අද (06) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පංතියට අයත් තායිලන්තයෙන් මෙරටට හිමිවූ තායිරාජා ඇතුගේ සුවදුක් විමසීමට පැමිණි අවස්ථාවේදීය. මඳ කිපීම හේතුවෙන් ඇත් පංතියෙන් වෙන් කොට විවේක කාලයෙන් ගත කරන තායිරාජා ඇතු නිරීක්ෂණය සඳහා තානාපතිවරයාගෙන් සමන්විත දූත පිරිස සුදුහුම්පොල රජමහා විහාරයට පැමිණියෝය.

තායිරාජා ඇතු නිරීක්ෂණයට ප්‍රථමයෙන් ඒ මහතා ශ්‍රී දළදා මාලිගාවේදී දන්ත ධාතූන් වහන්සේ වැදැ පුදා ආශිර්වාද ලබා ගත් අතර අනතුරුව විශේෂ අමුත්තන්ගේ මැදිරියේදි ඔවුන් සාකච්ඡාවක නිරතවිය.

ශ්‍රී ලංකාවේ අලි ඇතුන් රැක බල ගැනිම සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම තායිලන්තයෙන් ලබාදීමට ඉදිරිපත් වන බව ද තානාපතිවරයා එහිදී කීවේය. ප්‍රතිකාර සඳහා තායිලන්තය කරා රැගෙන ගිය මුතුරාජා ඇතු මේ වන විට සුවයෙන් පසුවන බව කී තානාපතිවරයා, සත්‍ය නොවන පුවත් හේතුවෙන් මහත් අර්බුද නිර්මාණය වී ඇතැයි සඳහන් කළේය.

තානාපතිවරයා සමඟ ඇතු නිරික්ෂණයට එක්වූ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්, යම් යම් සිදුවීම් වාර්තාවුවත් අලි ඇතුන් පීඩාවට පත්කිරීමක් සමස්ථ වශයෙන් සිදුනොවන බව කීවේය. අලි ඇතුන් සඳහා ප්‍රමාණවත් අයුරින් ප්‍රතිකාර කටයුතු සහ රැක බලා ගැනීම් කළත් ශෛල්‍යකර්ම වැනි ප්‍රතිකාරවලින් අනතුරුව සතුන් රැක බලා ගැනීමේ රෝහල් නොමැතිවීම ගැටලුවක් වී ඇතැයි ද කීවේය.

මුතුරාජා ඇතුගේ සිද්ධිය හේතුවෙන් හීලෑ අලි ඇත් භාරකරුවන් මහත් අසීරුතාවට හා සිත් තැවුලට පත්වූ බව ද කී ඒ මහතා බොහෝ පිරිසක් අලි ඇතුන් රැක ගනිමින් ඔවුන්ට සත්කාර කරන බව ද පෙන්වා දුන්නේය. තාක්ෂණික වෛද්‍ය උපකරණ හා මෙවලම්වල හිඟතාව සතුන්ට ප්‍රතිකාර කිරීමේ ගැටලුවක් බවට පත්වී ඇතැයි ද දියවඩන නිලමේවරයා සඳහන් කළේය.

නිවෙස් හා විහාරස්ථාන ආදිය ආශ්‍රිතව හීලෑ අලි අතුන් 100ක් සහ පින්නවල අලි අනාථාගාරයේ හීලෑ අලි ඇතුන් 200ක් සිටින බව කී ඒ මහතා එම සත්වයන් රැසක් සුරක්ෂිතව පසුවන බව වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී දළදා මාලිගාවේ අලි ඇතුන්ගේ ප්‍රතිකාර භාරව කටයුතු කරන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය අශෝක දංගොල්ල මහතා ද මේ අවස්ථාවට එක්විය.

15/06/2023

සාදික්කා වගාව ආශ්‍රිතව සීඝ්‍රයෙන් පැතිර යන පත්‍ර පතන දීලීර රෝගය මගින් මේ වන තෙක් සැලකිය යුතු අස්වනු හානියක් සිදුව නොමැති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

දැනට අස්වනු හානියක් සිදුව නොමැති නමුත් රෝග පාලනයක් නොකරන්නේ නම් සැලකිය යුතු අස්වනු හානියක් සිදුවිය හැකි බවත් ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අද (15) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

මෙම දිලීර රෝගය හේතුවෙන් සාදික්කා පත්‍ර හැලීයාම සිදුවන අතර මෙම ආසාධන තත්ත්වය මර්ධනය කිරීම සඳහා දැනටමත් දිලීර නාශක යෙදීම ආරම්භ කොට ඇතැයි ද කීවේය.

මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර, යටිනුවර, හාරිස්පත්තුව, පූජාපිටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවලින් මෙම රෝගය බහුලව වාර්තා වී ඇති අතර පත්‍ර හැලී ගොස් ශාඛය මරණයට පත්වීම සහ ලපටි සාදික්කා ගෙඩි හැලීයාම මෙහි මූලික රෝග ලක්ෂණ වන බව නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා කීවේය.

මහනුවර, මාතලේ, කුරුණෑගල, කෑගල්ල දිස්ත්‍රික්කවල ව්‍යාප්තවී ඇති මෙම වගාව හෙක්ටයාර 3000ක වපසරිකයකින් යුත්තය. ඉන් වාර්ෂිකව මෙක්ට්‍රින් ටොන් 2500ක අස්වැන්නක් හිමිවන බවත් ද ඒ මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව සාදික්කා වගාවන් සඳහා දිලීර නාශක යෙදිය යුතු බවත් මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ අපනයන කෘෂිකර්ම නිලධාරීවරයා මගින් වැඩිදුර උපදෙස් ලබා ගත හැකි යැයි ද නියෝජ්‍ය අධ්‍යක්ෂ ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

මැණික්හින්න පොලිස් වසමේ හීපිටිය ග්‍රාමයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු ගල්කඩුව පිහිල්ල ආසන්නයේ දී පෙරේදා (14) රාත්‍රියේ ...
15/06/2023

මැණික්හින්න පොලිස් වසමේ හීපිටිය ග්‍රාමයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු ගල්කඩුව පිහිල්ල ආසන්නයේ දී පෙරේදා (14) රාත්‍රියේ වෙඩි බෙහෙත් යොදා සකස් කළ උපකරණයක් පුපුරුවා ගනිමින් මියගොස් තිබෙන බව පොලීසිය පවසයි.
මියගිය පුද්ගලයා අගල් දෙකක පමණ විශ්කම්භයක් සහිත යකඩ බටයකට වෙඩි බෙහෙත් දමා එය පුපුරුවා ගෙන තිබෙන බව පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.
පළමු කසාදයෙන් දික්කසාද වී සිටින මියගිය පුද්ගලයා ප්‍රදේශයේ තරුණියක් සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා ගෙන ගොස් තිබෙන බවත් ඇය විවාහ කර දීමට දෙමව්පියන් අකමැති වීම නිසා සිත් තැවුලට පත්ව මොහු සියදිවි නසා ගැනීමට ඇතැයි සැක කරන බවත් පොලීසිය පවසයි.
මියගොස් ඇත්තේ කුඹුරේ ගෙදර සුසන්ත රූපසිංහ නැමැති යුද හමුදාවෙන් පලාගිය පුද්ගලයෙකි. ඔහු විදුලි කාර්මිකයෙකු ලෙස සේවය කරමින් සිට ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මැණික්හින්න පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආරියවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ සිදු කෙරෙයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් ඊයේ (23) ගලහ මංසන්ධියේ සිට මහනුවර දක්වා ප්‍රධාන මාර්ගය ඔස්සේ සැළසුම් ක...
23/05/2023

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් ඊයේ (23) ගලහ මංසන්ධියේ සිට මහනුවර දක්වා ප්‍රධාන මාර්ගය ඔස්සේ සැළසුම් කළ විරෝධතා පාගමනක් කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර විසුරුවා හැරීමට පොලීසිය පියවර ගත්තේය.
ශිෂ්‍ය මර්දනය නතර කිරීම,සිසුන් ගේ ශිෂ්‍ය භාවය ආහෝසි කිරීමට ගෙන තිබෙන තීරණ අත්හිටුවීම,පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ආරක්ෂ නිලධාරිවරයා තනතුරින් ඉවත් කිරීම ඇතුළු කරුණු ගණනාවක් මුල්කර ගනිිමින් මෙම විරෝධතා පාගමන සංවිධානය කර තිබිණි.
සිසුන් 1500 ක පමණ පිරිසක් මහනුවර පේරාදෙණිය ප්‍රධාන මාර්ගයට පැමිණ වාහන ගමනා ගමනයට බාධාවන ලෙස කටයුතු කිරීම නිසා ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට සිදුවූ බව පොලීසිය පවසයි.
විරෝධතාව හේතුවෙන් මාර්ග අවහිර වීම නිසා ඊයේ (23) පස්වරුවේ විකල්ප මාර්ග භාවිත කිරීමට බොහෝ රියදුරන්ට සිදුව තිබිණි.
ඡායාරූප-විරෝධතාවට එක්ව සිටි සිසුන් මාර්ග බාධක බිඳ ඉදිරියට යාමට උත්සහ කළ අයුරු.
ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් නිලධාරීන්

2023.05.22පේරාදෙණීය විශ්ව විද්‍යාලයේ 84වන වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය 24 හා 25 දෙදින තුළදී...පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ...
22/05/2023

2023.05.22

පේරාදෙණීය විශ්ව විද්‍යාලයේ 84වන වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය 24 හා 25 දෙදින තුළදී...

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ 84වන වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය මෙම මස 24 හා 25 දෙදින තුළදී විශ්ව විද්‍යාලීය ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

සැසිවාර තුනක් යටතේ පැවැත්වෙන මෙම ප්‍රදානෝත්සවයේදී සාමන්‍ය උපාධි 2500ක් පශ්චාත් උපාධි 1286ක් සහ විශේෂ උපාධි 03ක් පිරිනැමෙන බව එහි නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා ප්‍රකාශ කළේය.

මැයි 24 වන දින පෙරවරුවේ සහ පස්වරුවේ සැසි දෙකක් පැවැත්වෙන අතර 25 වන දින පෙරවරුවේ එක් සැසියක් ද වශයෙන් උපාධි ප්‍රදානෝත්සව සැසි තුන පැවැත්වේ. අවසන් සැසියේදී මහාචාර්ය චන්න රත්නතුංග, මහාචාර්ය සී.බී.දිසානායක සහ ආචාර්ය පාලිත කොහොන යන මහත්වරුන් සඳහා විශේෂ ගෞරව සම්මාන ප්‍රදානය කිරීමට නියමිතය.

උපාධි අපේක්ෂක සිසුවෙකු සමඟ සිය මව සහ පියා වශයෙන් දෙනෙනෙකුට පමණක් උපධි ප්‍රදානෝත්සව ශාලාවට ප්‍රවේශවීමේ අවස්ථාව හිමිවන බව කී නියෝජ්‍ය උපකුලපතිවරයා, සෙසු පිරිස් සඳහා බාහිර සජීව විකාශයනයන් නැරඹීමේ පහසුකම් සලසා ඇතැයි ද කීහ.

එක් සැසියක් සඳහා පන්දහසක පමණ පිරිසක් සහභාගීවෙතැයි අපේක්ෂා කරන අතර රථ වාහන නැවැත්වීමේ පහසුකම්, ආහාර පාන සැපයීම, සනීපාරක්ෂික පහසුකම් හා ආරක්ෂක කටයුතු සියල්ල සම්පාදනය කොට ඇතැයි නියෝජ්‍ය උපකුලපතිවරයා වැඩිදුරටත් කීවේය.

දින නමයක කාලයක්  සංචාරය කිරීම සඳහා මෙරටට  පැමිණි ප්‍රංශ  සංචාරක පිරිස අද (20) දහවල් මහනුවරට ප්‍රවේශ විය.මහනුවර නගරය කේන්...
20/03/2023

දින නමයක කාලයක් සංචාරය කිරීම සඳහා මෙරටට පැමිණි ප්‍රංශ සංචාරක පිරිස අද (20) දහවල් මහනුවරට ප්‍රවේශ විය.

මහනුවර නගරය කේන්ද්‍ර කොට සංචාරක අත්දැකීම් ලබා ගැනීම මෙරටට පැමිණි එම ප්‍රංශ කණ්ඩායම දෙසිය අසූවකින් සමන්විතය. අලුයම දිවයිනට පැමිණි එම කණ්ඩායම ගම්පහ දුම්රිය ස්ථානයේ සිට උඩරට මැණිකේ දුම්රියෙන් මහනුවරට ප්‍රවේශවූ අතර ඔවුන් පිළිගන්නා ලද්දේ මහනුවර පුරපති කේසර සේනානායක මහතා විසිනි.

ප්‍රංශ සංචාරකයන්‍ගෙන් වැඩි පිරිසක් කාන්තාවන් වන අතර ඔවුන් වික්ටෝරියා ජලාශය, මහනුවර නගරය, පහළ කඩුගන්නාව, රිදිගම ඇතුලු ස්ථාන කිහිපයක සංචාරය කිරිමට නියමිතය.

11/01/2023

මහනුවර ප්‍රධාන පෙළේ මුද්‍රණ හා ප්‍රචාරණ ආයතනයකට පහත සදහන් රැකියා අවස්ථා
ගිණුම් ලිපිකාරිණියක්
ඉංග්‍රීසියෙන් වැඩකල හැකි ලිපිකරුවෙකු හෝ ලිපිකාරිනියක්
බරවාහන රියදුරකු (Crew Cab පැදවිය හැකි)
ත්‍රීවීල් රථ රියදුරෙක්
ආකර්ශනීය වැටුප්.
සම්මුඛ පරික්ෂණය සදහා පහත දුරකතන අංකයට අමතා දිනයක් වෙන්කරවා ගන්න
0777883990

21/12/2022

Job vacancy for typist
මහනුවර අධීකරණ සංකීර්ණය අසල නීතීඥ කාර්යාලයක සේවය කිරිම සදහා සිංහල හා ඉංග්‍රීසි ටයිප් සෙටින් පළපුරුදු තරුණියක් අවශ්‍යයි.
සම්මුඛ පරික්ෂණය සදහා දුරකතන අංකයට අමතා දිනයක් වෙන්කරවා ගන්න 0714204738

2022.12.18 ගැටඹේ රාජෝපවනාරාමය හිමියන් වෙත අක්ත පත්‍ර ප්‍රදානය.විවිධ බලවේගයන්ගෙන් රට රැකගත් මහ සංඝරත්නයට මෙම දේශය රැක ගැන...
19/12/2022

2022.12.18 ගැටඹේ රාජෝපවනාරාමය හිමියන් වෙත අක්ත පත්‍ර ප්‍රදානය.

විවිධ බලවේගයන්ගෙන් රට රැකගත් මහ සංඝරත්නයට මෙම දේශය රැක ගැනීමේ වගකීම ඉදිරියේදී ද පැවරෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.
මහා සංඝරත්නයේ එම කැපවීම නොවන්නට රටක් ජාතියක් ආගමක් වශයෙන් ශ්‍රී ලංකාව ආරක්ෂා නොවන බවද කථානායකවරයා කීවේය.
සිරි චන්ද්‍රවිමල වංශාලංකාර ශාසන සෝබන යන ගෞරව නාම සහිතව ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අනුනායක පදවියට පත් ගැටඹේ රාජෝපවනාරාමාධිපති පුජ්‍ය කැප්පිටියාගොඩ සිරි විමල හිමියන් වෙත අක්තපත්‍ර ප්‍රදානය කිරීම නිමිත්තෙන් එම විහාරස්ථානයේ දී ඊයේ (18) පස්වරුවේ පැවති උත්සවයට සහභාගි වෙමින් කතානායකවරයා මේ බව ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහා නායක අතිපූජ්‍ය මකුලෑවේ විමල නාහිමි ඇතුළු මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.
එහිදී අදහස් දැක්වූ කතානායකවරයා, වර්තමානයේ රට මුහුණ දී ඇති අර්බුදකාරී තත්වයෙන් මුදවා ගැනීම සඳහා මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා නිරන්තරයෙන් අවශ්‍ය වන බව කීවේය. අනාදිමත් කාලයක් තිස්සේ එම වගකීම සහ යුතුකම ඉටු කළ මහා සංඝරත්නය ඉදිරියේදීද එම වගකීම එහි අයුරින්ම ඉටු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව මහින්ද යාපා අබේවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
අමරපුර මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත දොඩම්පහළ චන්ද්‍රසිරි හිමි, සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් සහ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් ද මෙහි දී අනුශාසනා පැවැත්වූහ.
බුද්ධශාසන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, හිටපු කථානායක කරු ජයසූරිය, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ, පුරපති කේසර සේනානායක, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය.

13/12/2022

Job vacancy for receptionist & Clerk
මහනුවර ප්‍රධානපෙලේ විදේශ රැකියා නියෝජිත ආයතනයකට ලිපිකාරිනියන් / පිලිගැනිමේ නිලධාරිනියන් අවශයයි
ඉංග්‍රිසි දැනුම හා පරිගණක දැනුම තිබිය යුතුය.
අයුදුම්පත්‍ර 072227459 ට Whatsapp යොමුකරන්න
සම්මුඛ පරික්ෂණය සදහා වේලාවක් වෙන්කරගැනීම සදහා අමතන්න 0722250622

01/11/2022

කදුකරයට ඇද ඇලෙන මහ වැසි හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ වාන් දොරට දෙකක් අද අලුයම විවෘත කෙරිණි.
එම ජලාශය වාන් මට්ටමට ළගාවී තිබුණු අතර අධික වර්ෂාව සහ නිරන්තරයෙන් පොල්ගොල්ල ජලාශය වාන් දැමීම නිසා වික්ටෝරියා ජලාශයේ ස්වයංක්‍රීය දොරටු දෙකක් අලුයම 04ට පමණ විවෘත වී තිබේ.
කියුබික් ඝන මීටර් මිලියන 722ක උපරිම ජල ධාරිතාවයෙන් යුතු එම ජලාශයේ විවෘත වූ දොරටු දෙකින් තත්ත්පයට ඝන මීටර් 160ක ජල ධාරිතාවයක් රන්දෙණිගල ජලාශය වෙත මුදා හැරෙන බව කාර්යයභාර ඉංජිනේරු වසන්ත ඇහැළපිටිය මහතා පැවසීය.
පැය හතරක පමණ කාලයකින් අනතුරුව ස්වයංක්‍රීය දොරටු වැසී ගිය බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.
කදුකරයට ඇද හැලෙන මහ වැසි නිසා රන්දෙණිගල ජලාශයේ ජල ධාරිතාව සියයට අසූවක් දක්වා මේ වන විට ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සඳහන් ි.

බොක්කාවල පොලිස්වසමේ මොලගොඩ ප්‍රදේශයේ නිවසක ගෑස් සිලින්ඩරයක ඇතිවූ කාන්දුවක් හේතුවෙන් පිළිස්සුම් තුවාල ලැබූ හැත්තෑ තුන් හැ...
09/10/2022

බොක්කාවල පොලිස්වසමේ මොලගොඩ ප්‍රදේශයේ නිවසක ගෑස් සිලින්ඩරයක ඇතිවූ කාන්දුවක් හේතුවෙන් පිළිස්සුම් තුවාල ලැබූ හැත්තෑ තුන් හැවිරිදි කාන්තාවක් සහ ඇගේ දියණිය බරපතල පිළිස්සුම් තුවාල ලැබ මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
සිද්ධිය පෙරේදා (08) දහවල් 12.30 ට පමණ සිදුව ඇත. පිළිස්සුම් තුවාල ලැබ රෝහල් ගතකර තිබෙන්නේ චන්ද්‍රා කුමාරිහාමි සහ ඇගේ දියණිය වන චම්පිකා දිල්හානි අබේසිංහ (40) නැමැති අය බව පොලීසිය පවසයි.

තුන් හැවිරිදි දියණියට ආප්ප සෑදීම සඳහා තම බිරිඳ ගෑස් ලිප පත්තු කිරීමට යාමේදී සිලින්ඩරයට රෙගුයුලේටරය සම්බන්ධ වන තැනින් ගෑස් කාන්දු වී තිබෙන බවත් ඒ සමඟ ඇතිවූ ගින්නෙන් බිරිඳ තුවාල ලබා තිබෙන බවත් නිවසේ හිමිකරු වන වසන්ත බණ්ඩාරනායක මහතා පවසයි.
මුළුතැන්ගේ ඇතිවූ ශබ්දය ඇසී දියණිය ඒ දෙසට පැමිණෙනු දුටු තම මව ඇය බේරා ගැනීම සඳහා ගිය අවස්ථාවේ ඇයද පිළිස්සුම් තුවාල ලබා තිබෙන බව ඔහු කීවේය.
ගින්නෙන් රෙදි සෝදන යන්ත්‍රය ඇතුළු උපකරණ රැසක් පිළිස්සී තිබෙන බවට වසන්ත බණ්ඩාරනායක මහතා පොලීසියට පැමිණිලි කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් බොක්කාවල පොලීසිය පරීක්ෂණ පවත්වයි.

අදට යෙදෙන වප් පුරපසළොස්වක පෝය දින නිමිත්තෙන් ශ්‍රී දන්න ධාතූන් වහන්සේගේ ආශිර්වාද ලබා ගැනීම සඳහා විශාල සැදැහැවතුන් ප්‍රමා...
09/10/2022

අදට යෙදෙන වප් පුරපසළොස්වක පෝය දින නිමිත්තෙන් ශ්‍රී දන්න ධාතූන් වහන්සේගේ ආශිර්වාද ලබා ගැනීම සඳහා විශාල සැදැහැවතුන් ප්‍රමාණයක් අද පෙරවරුවේ සිට මහනුවර ශ්‍රී දළඳා මාලිගාවට පැමිණ සිටියෝය.
ශ්‍රී දළදා මාලිගාවේ මඟුල් මඩු පරිශ්‍රයේ විශේෂ ආගමික වතාවත් පැවැති අතර ශ්‍රීල ව්‍යාපාර ආදිය ද ඊට සමගාමීව සිදුවිය.
සෑම විහාරස්ථානයකම කඨිණ චීවර පූරාව කරන බැවින් මෙම පෝය චීවර මාසය යනුවෙන් ශාසන ඉතිහාසයේ හදුන්වයි.
සැදැහැවතුන් විශාල සංඛ්‍යාවක් ශ්‍රී දළදා මාලිගාව ඇතුලු ආගමික ස්ථාන සඳහා පැමිණෙන බැවින් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය ආරක්ෂක කටයුතු සංවිධාන කිරීමක් ද මේ යටතේ සිදුකොට ඇත.

මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

මහනුවර දිස්ත්‍රික්කයේ විශාලතම වාරි ව්‍යාපාරය වන මිනිපේ වම්ඉවුරු ඇළ පුනරුත්තාපන ව්‍යාපෘතියේ පළමු ජලවර නිකුත් කිරීම මෙම මස...
06/10/2022

මහනුවර දිස්ත්‍රික්කයේ විශාලතම වාරි ව්‍යාපාරය වන මිනිපේ වම්ඉවුරු ඇළ පුනරුත්තාපන ව්‍යාපෘතියේ පළමු ජලවර නිකුත් කිරීම මෙම මස අවසානයේදී සිදුවේ.
මහ කන්නයේ කුඹුරු වගාව ආරම්භ කිරීම සඳහා එහි ප්‍රධාන සොරොව්වෙන් ජලය නිකුත් කිරීමට විල්ගමුව, සංස්කෘතික මධ්‍යස්ථානයේදී ඊයේ (05) පැවැති මිනිපේ කන්න රැස්වීමේදී තීරණය විය.
මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා සහ මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමේදී ඔක්තෝබර් මස 25වන දින පළමු ජල මුරය ප්‍රධාන සොරොව්වෙන් නිකුත් කරන බව මිනිපේ ව්‍යාපාරයේ නේවාසික කළමණාකාර ආර්.ඩී.කේ.රාජසූරිය මහතා ප්‍රකාශ කළේය.
මෙම ව්‍යාපෘතිය යටතේ මිනිපේ අමුණේ පැවැති වේල්ල මීටර් 3.5කින් උස් කොට ඇති අතර කිලෝමීටර් 74ක දිගින් යුතු මිනිපේ ඇළ ප්‍රතිසංස්කරණය ප්‍රතිසංස්කරණය ද මේ වන විට අවසන් කොට තිබේ.
ශ්‍රී ලංකා රජය හා ආසියානු සංවර්ධන අරමුදලේ රුපියල් මිලියන 2600ක ප්‍රතිපාදන මත ඉදි වන මෙම ව්‍යාපෘතිය මහවැලි අමාත්‍යංශයේ මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ ආරම්භ කොට ඇත.
ගොවිපවුල් 15 000කට ප්‍රතිලාභ හිමිවන මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතාගේ නිරීක්ෂණයට ලක්වූ අතර ඉදිකිරීම් කඩිනමින් අවසන් කිරීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු එම අවස්ථාවේදී ඒ මහතා විසින් සම්පාදනය කරන ලදි.
රන්දෙණිගල හා රන්ටැඹේ ජලාශවල අධික ජල ධාරිතාවයක් පැවතීම, කොවීඩ් වසංගත තත්ත්වය, ඉන්ධන අර්බුදය, ඉදිකිරීම් ද්‍රව්‍ය මිල ඉහළ යාම වැනි හේතු මත මෙහි ඉදිකිරීම් යම් ප්‍රමාදයකට ලක් වුවත් ලබන වර්ෂය වන විට මෙම ව්‍යාපෘතිය මහජන අයිතියට පත් කළ හැකි යැයි ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු ඉන්දික කුමාර මහතා ප්‍රකාශ කළේය.
මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ලලිත් ඇටම්පාවල මහතා, මිනිපේ ප්‍රාදේශීය ලේකම් නුවන් සී.හේමකුමාර, මහනුවර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු කුමුදුනී ධීරා මහත්මිය ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්විය.

මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

මතකයන් ගොඩක් ඉතිරිකර නිහඩව බලාසිටින මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුම.
29/09/2022

මතකයන් ගොඩක් ඉතිරිකර නිහඩව බලාසිටින මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුම.

Address

Kandy

Alerts

Be the first to know and let us send you an email when Kandy News.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kandy News.lk:

Videos

Share


Other News & Media Websites in Kandy

Show All