Ratawata Newslk

Ratawata Newslk පුවතකට එහාගිය කන්ද උඩරට තොරතුරු දැන්?

මහනුවර දුම්රිය ස්ථානය ජලයෙන් යටවීම සහ පිළිමතලාව සහ පේරාදෙණිය අතර දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීම නිසා, උඩරට මාර්ගයේ...
25/12/2022

මහනුවර දුම්රිය ස්ථානය ජලයෙන් යටවීම සහ පිළිමතලාව සහ පේරාදෙණිය අතර දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීම නිසා, උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ඇතිවී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ලොව පුරා WhatsApp මෘදුකාංග සේවාව බිඳ වැටී ඇති බව වාර්තා වේ.Servers යළි යථා තත්ත්වයට පත්කිරීමට තව පැය කිහිපයක් පමණ ගතවනු ...
25/10/2022

ලොව පුරා WhatsApp මෘදුකාංග සේවාව බිඳ වැටී ඇති බව වාර්තා වේ.
Servers යළි යථා තත්ත්වයට පත්කිරීමට තව පැය කිහිපයක් පමණ ගතවනු ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ නමුත් Meta ආයතනය මේ පිළිබද මෙතෙක් කිසිදු අදහස් දැක්වීමක් හෝ නිල වාර්තාවක් සිදුකර නොමැත.

05/10/2022

ලිට්‍රෝ ගෑස් මිල පහතට.

12.5 kg LP ගෑස් සිලින්ඩරය රු. 271/-කින් පහළ දැමෙන අතර අද (5දා) මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල ක්‍රියාත්මක වේ. ඒ අනුව 12.5kg ගෑස් සිලින්ඩරයක නව මිල රු. 4,280/-

-ලිට්රෝ සභාපති-

ජනප්‍රිය රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් අභාවප්‍රාප්ත වෙයි. මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 41 කි.
02/10/2022

ජනප්‍රිය රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් අභාවප්‍රාප්ත වෙයි. මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 41 කි.

අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් මිල පහතට.ඔක්ටේන් 92 රු:40 කින් ලීටරයක නව මිල රු:410, ඔක්ටේන් 95 රු:30 කින් නව මිල රු:51...
01/10/2022

අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් මිල පහතට.

ඔක්ටේන් 92 රු:40 කින් ලීටරයක නව මිල රු:410,

ඔක්ටේන් 95 රු:30 කින් නව මිල රු:510.
අනෙකුත් ඉන්ධන මිල ගණන් සංශෝධනය නොවේ.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ අයි. ඕ. සී.

23/09/2022

රාජ්‍ය රහස් පණතේ දෙවැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් ස්ථාන කිහිපයක් අධි ආරක්ෂක කලාප ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව දැනුම් දී තිබෙනවා.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 5ක මිල පහළට....අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 5ක මිල අඩු කිරීමට ලංකා සතොස පියවර ගෙන ඇතැයි එහි සභාපති ...
23/09/2022

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 5ක මිල පහළට....

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 5ක මිල අඩු කිරීමට ලංකා සතොස පියවර ගෙන ඇතැයි එහි සභාපති පසඳ යාපා අබේවර්ධන පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් සභාපතිවරයා සඳහන් කළේ, එම මිල අඩු කිරීම ඊයේ (සැප්. 22) සිට සැප්. 30 දක්වා ක්‍රියාත්මක බව ය.

අදාළ ආහාර ද්‍රව්‍ය දිවයින පුරා ඇති ලංකා සතොස අලෙවි සල් මගින් මිල දී ගත හැකි බව සභාපතිවරයා එහි වැඩිදුරට ත් සඳහන් කර ඇත.

එම ලැයිස්තුව පහතින් දැක්වේ.

භූමිතෙල් ලීටරයක් රු:253 කින් ඉහළට. නව මිල රුපියල් 340ක්.
21/08/2022

භූමිතෙල් ලීටරයක් රු:253 කින් ඉහළට. නව මිල රුපියල් 340ක්.

17/08/2022

අද සිට ගෘහස්ථ ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල (කි:ග්‍රෑ:12.5) රු:1050 කින් පහළට. නව මිල රු:5800
ලාෆ්ස් සභාපති.

15/08/2022

හෙට සිට සහල් මිල අඩුවේ.

වී අලෙවි මණ්ඩලය මගින් නිකුත් කරන සියලුම සහල් වර්ගවල මිල ගණන් රුපියල් 5කින් අඩුකිරීමට පියවරගත් බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

එක් එක් සහල් වර්ගවල කිලෝවක මිල වෙනස්වන ආකාරය පහතින් දැක්වේ.

එම මිල අඩුකිරීම හෙට (16) සිට ක්‍රියාත්මකය.

සහල් වර්ගය පැවති මිල (Rs) නව මිල (Rs)

*සුදු සහ රතු කැකුළු 210 205

*සුදු සහ රතු නාඩු 220 215

*සම්බා 230 225

*කීරි සම්බා 250 245

නව තැපැල් ගාස්තු=======>>>
13/08/2022

නව තැපැල්
ගාස්තු
=======>>>

August 12th Western Province CPC Petrol & Diesel Distribution Lists Summery.අගෝස්තු 12 දින බස්නාහිර පළාතේ සිපෙට්කෝ පිරවු...
11/08/2022

August 12th Western Province CPC Petrol & Diesel Distribution Lists Summery.
අගෝස්තු 12 දින බස්නාහිර පළාතේ සිපෙට්කෝ පිරවුම්හල් වෙත පෙට්‍රල් හා ඩීසල් ලැබෙන ලැයිස්තූන්හි සාරාංශය.
Copied

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක එක් එක් දිස්ත්‍රික්කය අනුව නව මිල ගණන්
09/08/2022

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක එක් එක් දිස්ත්‍රික්කය අනුව නව මිල ගණන්

ජනපති අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයේ නිල චාරිකාවක.ප්‍රචණ්ඩකාරීන්ගෙන් පාර්ලිමේන්තුව රැකගනිමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ...
09/08/2022

ජනපති අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයේ
නිල චාරිකාවක.

ප්‍රචණ්ඩකාරීන්ගෙන් පාර්ලිමේන්තුව රැකගනිමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ
හමුදා සාමාජිකයන්ට ජාතියේ ප්‍රණාමය හිමි වෙනවා.
ජනපති කියයි.
විධායකය නතු කර ගනිමින් ව්‍යවස්ථාදායකයට බාධා කළ ප්‍රචණ්ඩකාරීන් මැඩපවත්වා ප්‍රජාතන්ත්‍රවාදය රැකගත් හමුදා සාමාජිකයන්ට ජාතියේ ප්‍රණාමය හිමි වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

පැලවත්ත, අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයේ අද (09) පෙරවරුවේ විශේෂ නිල චාරිකාවකට එක් වූ ජනාධිපතිතුමා, එහිදී හමුදා සාමාජිකයන් අමතමින් මේ බව සඳහන් කළේය.
එදා ප්‍රචණ්ඩකාරී පිරිස් පාර්ලිමේන්තුවට ඇතුළු වී ව්‍යවස්ථාදායකය අක්‍රීය කළා නම් රටේ ආණ්ඩුවක් නැති වන බවත්, එසේ වූයේ නම් අද රට තුළ ඇති තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් බවත් ජනාධිපතිතුමා පැවසීය. එම මෙහෙයුම කිසිදු පුද්ගලයෙකුට වෙඩි ප්‍රහාරයක් එල්ල නොකොට සාමකාමිව සිදු කිරීමට පියවර ගත් ආරක්ෂක අංශ සාමාජිකයන්ට තම ස්තූතිය පළ කර සිටින බව ද රනිල් වික්‍රමසිංහ මහතා කීය.
යුද හමුදා මූලස්ථාන පරිශ්‍රය වෙත පැමිණි ජනාධිපතිතුමා, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා විසින් පිළිගනු ලැබූ අතර අනතුරුව ජනාධිපතිතුමා වෙත විශේෂ යුද හමුදා උත්තමාචාර ද පිළිගැන්විණි.
ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමේ උත්තරීතරම ස්ථානය වන පාර්ලිමේන්තු සංකිර්ණයට ප්‍රචණ්ඩකාරීන් බලහත්කාරයෙන් ඇතුළුවීම විශිෂ්ට ලෙස මැඩපැවැත්වූ ආරක්ෂක අංශ සාමාජිකයන්ට, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ප්‍රණාම සහතික ප්‍රදානය ද සිදු කළ අතර ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික ප්‍රධානීන් සමූහ ඡායාරූපයකට පෙනී සිටීමෙන් පසු ජනාධිපතිතුමා විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා
“අද මෙම විශේෂ උත්සවය සංවිධානය කළේ පාර්ලිමේන්තුව ආරක්ෂා කිරීම ගැන අපේ ස්තූතිය ඔබ සියලු දෙනාටම ප්‍රකාශ කරන්න. මෙහි වැදගත්කම බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඒ නිසා මම විශේෂයෙන් බලාපොරොත්තු වුණේ මේ පිළිබඳ කරුණු කිහිපයක් සඳහන් කරන්න. ඔබේ ප්‍රධාන යුතුකම තමයි මේ රට ආරක්ෂා කරන්නත් මේ රටේ ව්‍යවස්ථාව ආරක්ෂා කරන්නත් කටයුතු කරන එක.

ජනතා පරමාධිපත්‍ය ක්‍රියාත්මක කරන්න ප්‍රධාන ආයතන 03ක් තිබෙනවා. පාර්ලිමේන්තුව, විධායකය සහ අධිකරණය. මේ ආයතන 03 ක්‍රියාත්මක නොකෙරුවොත් මේ රටේ පාලනයක් නැති වෙනවා. ව්‍යවස්ථාව කඩා වැටෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙනවා. එවැනි අවස්ථාවක තමයි ඔබ පාර්ලිමේන්තුව ආරක්ෂා කළේ.
සිද්ධි ගැන කතා කරනවා නම් ජූලි 09 වනදා එවකට ජනාධිපතිතුමා හිටපු මන්දිරය ප්‍රචණ්ඩකාරීන් අත්පත් කරගත්තා; පස්සේ ජනාධිපතිතුමාගේ විධායක බලය යොදවන කාර්යාලය, ජනාධිපති කාර්යාලය අත්පත් කර ගත්තා. ජනාධිපතිතුමාට ක්‍රියාත්මක කරන්න කිසිම ආයතනයක් තිබුනේ නැහැ. සවස් වෙන කොට අගමැතිතුමාගේ නිල නිවස වන “අරලියගහ මන්දිරයත්” අත්පත් කරගත්තා. එම කාර්යාලයේ කටයුතුත් ක්‍රියාත්මක කරන්න බැරි වුණා. එවකට හිටපු ජනාධිපතිතුමා එම අවස්ථාවේ කොළඹ නගරය තුළ හිටපු නැති නිසා, එතුමා ඉන්න තැන දන්නේ නැති නිසා, මම ඉල්ලා අස්වෙයි කියන බලාපොරොත්තුවෙන් මගේ නිවසට ගිනි තැබුවා. නමුත් ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවතේ අගමැති කාර්යාලයක් පමණක් ඉතිරි වෙලා තිබුණා.
13 වනදා යළිත් පැමිණිලා අගමැති කාර්යාලයත් අත්පත් කර ගත්තා. එතකොට විධායකයට ක්‍රියාත්මක කරන්න කිසිම කාර්යාලයක් නැහැ. එවකට ජනාධිපතිතුමා හිටපු ජනාධිපති මන්දිරයත් නැති වෙලා. විධායකය හැටියට ක්‍රියාත්මක කරන්න කිසිම ස්ථානයක් තිබුණේ නැහැ. සවස් වන විට තත්ත්වය තවත් වෙනස් වුණා. පාර්ලිමේන්තුව වට කරන්න උත්සාහ කළා. පාර්ලිමේන්තුව අල්ල ගත්තනම් ව්‍යවස්ථාදායකය ක්‍රියාත්මක කරන්න බැහැ. ව්‍යවස්ථාදායකය ක්‍රියාත්මක කරන්න බැරිනම් රටේ ආණ්ඩුවක් නැහැ.
අධිකරණය වට කරලා අධිකරණය නවත්වන එක පහසු කාර්යයක්. අනිත් ආයතන දෙක වගේ නෙවේ. පාර්ලිමේන්තුව නැති වුණා නම් විශාල ප්‍රශ්නයක් වෙනවා. එදා පක්ෂ නායකයින්ගේ රැස්වීමක් පැවැත්වුණා. කථානායකතුමා දන්නවා, මේ කණ්ඩායම එනවා කියලා දැනගත්තහම පක්ෂ නායකයින්ගේ රැස්වීමත් අවසන් කළා. පාර්ලිමේන්තුව ආරක්ෂා කරන්න කවුරුත් හිටියේ නැහැ. පාර්ලිමේන්තුව වැටුණා නම් ආණ්ඩුක්‍රමය නැති වෙනවා. ඒ නිසා ඒ අවස්ථාවේ ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධානීන්ට විශේෂයෙන් ශවේන්ද්‍ර සිල්වාටත්, හමුදාපති ලුතිතන් ජෙනරල් ලියනගේ මහතාටත් මම කිව්වා පාර්ලිමේන්තුව ආරක්ෂා කරලා දෙන්න කියලා. පාර්ලිමේන්තුව නැති වුණා නම් පාලනයක් නැති වෙනවා. පාර්ලිමේන්තුව නැති නිසා ආරක්ෂක අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන්න බැහැ. ඒ නිසා තමයි ඔබ සියලුදෙනාට භාර දුන්නේ ඒ කටයුත්ත කරන්න.
ඒ අනුව පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීමට පැමිණි පිරිස්වලට වෙඩි තියන්න වුවමනාවක් වුණේ නැහැ. ඒ ගැන මම ඔබ සියලු දෙනාට ස්තූතිවන්ත වෙනවා, ප්‍රශංසා කරනවා. ඔබේ කිහිප දෙනෙක් තුවාල ලැබුවා. ආරක්ෂාව තිබෙන නිසා රටේ තත්ත්වය ඊළග දවසේ වෙනස් වුණා. පාර්ලිමේන්තුව ආරක්ෂා කරගත්තේ නැතිනම් මේ තත්ත්වය අද රටේ නැහැ.
මේක, උතුරේ දැක්ක විශාල සටන් වගේ නෙවේ, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න ඔබ ගත්ත පියවරක්. එදා ත්‍රස්තවාදය නැති කළා වගේ ඔබ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළා. මේ පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල ආරක්ෂා කරලා පාර්ලිමේන්තුව රැස් වෙන්න ඉඩ ලබා දී ව්‍යවස්ථානුකූල යුතුකම ඉෂ්ට කර තිබෙනවා. එමගින් රටත් ආරක්ෂා කරලා තිබෙනවා. දැන් තිබෙන්නේ පාර්ලිමේන්තුව ඉදිරියට ගෙන යෑමයි. පාර්ලිමේන්තුව ඉදිරියට ගෙන ගොස්, ජනතා විශ්වාසය දිනා ගන්න එක මන්ත්‍රීවරු කරන්න ඕන. ඔබේ පියවර දැන් අවසන්. පාර්ලිමේන්තුවේ සියලු දෙනාම එකට එකතුවෙලා ප්‍රශ්නය විසඳන්න ක්‍රියාකළ යුතුයි.

අලුත් ව්‍යවස්ථා සංශෝධන ගේන්න අපි උත්සාහ කරමින් සිටිනවා. අලුත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ යෝජනා ගෙනවිත් සර්ව පාක්ෂික පාලනයක් ඇති කරන්න අපි පියවර ගනිමින් සිටිනවා. ඒ ගැන සාකච්ඡා කරගෙන යනවා, දැන් ඔබේ යුතුකම ඉෂ්ට කරන්න. දැන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225ම තමන්ගේ යුතුකම ඉෂ්ට කරන්න ඕන. මම අගමැතිතුමාටත්, කතානායකතුමාටත් කියනවා කරුණාකරලා ඒක පාර්ලිමේන්තුවට සිහිපත් කරන්න කියලා. මේ කැපවීමෙන් ප්‍රයෝජන ගන්න නම් ඔක්කොම එකතුවෙලා පාර්ලිමේන්තුව යළි රට වෙනුවෙන් ක්‍රියාත්මක කරන්න ඕනෑ.
ඔබ සියලු දෙනාටම ස්තුති කරන්න මෙය අවස්ථාවක් කරගන්නවා. රට වෙනුවෙන්, පාර්ලිමේන්තුව වෙනුවෙන්, ආණ්ඩුව වෙනුවෙන් ස්තූති කරනවා. මොකද මේ පියවර ගත්ත නිසා දැන් රටේ ආර්ථික ප්‍රශ්න විසඳන්න අපට පුළුවන්. ජීවන වියදම වැඩි වෙලා, ගමන් බිමන් සීමා වෙලා මේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට අපි පියවර ගනිමින් සිටිනවා.
ලබන අවුරුද්ද වෙනකොට රටේ ස්ථාවරභාවයක් ඇති කරන්න නම් ඒක කරන්න තියෙන්නේ පාර්ලිමේන්තුවේ. ඔබ එය ආරක්ෂා කරන්න වැඩකටයුතු කරලා තිබෙනවා. පාර්ලිමේන්තුවට වැඩ කරන්න ඉඩ දීලා තිබෙනවා.
විශේෂයෙන්ම ඔබ සියලුදෙනාම ගුවන් සංක්‍රමණික බල සේනාවට අයිති අය. ඒ ගැනත් මම වචන ස්වල්පයක් කතා කරන්න ඕන. මොකද එය අපේ රටේ තිබෙන ප්‍රධාන ඒකකයක් හැටියට තමයි සලකන්නේ.
එදා 1992, 93 වර්ෂයේ මෙම බල සේනාව ඇති කරන්න ඕන කියලා අපි සාකච්ඡා කළා. එම වකවානුවේම මම ඔක්තෝබර් මාසයේ ලන්ඩන් නුවරට ගියා. ලන්ඩන් නුවරදී ජෙනරල් මයිකල් රෝස් මට හමු වුණා. එතුමාව මට හඳුන්වලා දුන්නේ ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව. ඒ සමග ජෙනරල් රණතුංග, ජෙනරල් ආටිගල හිටියා. එතුමා එතනදි කිව්වා මෙහෙම ඒකකයක් ආරම්භ කරන්න කියලා. එවකට යුද හමුදාපති වෛද්‍යරත්න මැතිතුමාට ඒ වැඩකටයුතු පවරලා ඊට පස්සේ ජෙනරාල් ජෙරී සිල්වා බලකාය ආරම්භ කරලා මේ වැඩකටයුතු හොදට ඉදිරියට ගෙන ගියා. එදා ආරම්භ කරපු දේ ඉදිරියට ගෙන යාම ගැන අපි විශේෂයෙන්ම සතුටු වෙනවා.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කතානායක මහින්ද යාපා අබේවර්ධන, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරු සහ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඔබගේ QR Code එක නැතිවුනා දවෙනත් අයකු එයින් ඉන්ධන ලබාගෙන ද?👉එහෙමනම් මෙන්න මේ විදියට කරලාඅලුත් QR එකක් ගන්න===============...
05/08/2022

ඔබගේ QR Code එක නැතිවුනා ද
වෙනත් අයකු එයින් ඉන්ධන ලබාගෙන ද?

👉එහෙමනම් මෙන්න මේ විදියට කරලා
අලුත් QR එකක් ගන්න
===============================

01.https://fuelpass.gov.lk/ වෙබ් අඩවියට ඇතුල් වෙන්න.

02.Login කොටස ටච් කරන්න

03.ඔබ දැනට ලියාපදිංචි වී ඇති දුරකථන අංකය ලබා දෙන්න

04.Send OTP කොටස ටච් කරන්න.

05.ඔබේ දුරකථනයට 1919 ඔස්සේ ලැබුණු අංක හයකින් යුතු OTP අංකය ඇතුල් කරන්න.

06.Login දෙන්න

07.යටම ඇති Delete Profile දී පැරණි ගිණුම Delete කරන්න.

නැවත සියලු තොරතුරු ලබා දී නව ගිණුමක් සාදා ගන්න.

නව ගිණුම සාදාගන්නා ආකාරය සඳහා පහත පෝස්ටුව කියවන්න.

https://m.facebook.com/story.php?story_fbid=408346744661801&id=100064594363534
=============================
✍️ - රත්තොට මාධ්‍ය ඒකකය

අද(04) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 11.14කින් සාමාන්‍ය බස් ගාස්තු මිල ගණන් අඩු කරන බව ජාතික ගමනා ගමන කොමිසන් සභාව සඳහන් කළ...
04/08/2022

අද(04) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 11.14කින් සාමාන්‍ය බස් ගාස්තු මිල ගණන් අඩු කරන බව ජාතික ගමනා ගමන කොමිසන් සභාව සඳහන් කළා.
ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 34ක් වනවා
කොවිඩ් සමයේදී ආසන ගණනට පමණක් මගීන් ප්‍රවාහනය කිරීමේ කොන්දේසිය මත සියයට 20කින් ඉහළ දැමු බස් ගාස්තුව සියයට 10කින් පහත දැමීමට තීරණය කර තිබෙනවා
එමෙන්ම ඩීසල් මිල රුපියල් 10කින් අඩුවීම නිසා එහි වාසිය මගීන්ට ලබා දීමේ අරමුණින් සියයට 1.14කින් තවදුරටත් බස් ගාස්තුව පහළ දැමීමටයි තීරණය කර ඇත්තේ
ඒ අනුව පහත දැමෙන සමස්ත බස් ගාස්තුව සියයට 11.14ක් වනවා.

අරගලකරුවන් සුදු කොඩි ඔසවයි – ජනාධිපතිගෙන් සංහිදියාව ඉල්ලයිගාළු මුවදොර අරගලකරුවන් වෙනුවෙන්, ‘Black Cap Movement‘ සංවිධානය...
04/08/2022

අරගලකරුවන් සුදු කොඩි ඔසවයි – ජනාධිපතිගෙන් සංහිදියාව ඉල්ලයි

ගාළු මුවදොර අරගලකරුවන් වෙනුවෙන්, ‘Black Cap Movement‘ සංවිධානය විසින් ජනාධිපති වික‍්‍රමසිංහ මහතාගෙන් සංහිඳියා ක්‍රියාවලියක් ඉල්ලා සිටී.

ඔවුන් විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මෙම ඉල්ලීම කර තිබේ.
අදාළ ලිපිය පහතින්

—-

රනිල් වික්‍රමසිංහ මහතා,
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති,
ජනාධිපති කාර්‍යාලය,
කොළඔ 01.

හිතවත් රනිල් වික්‍රමසිංහ මහතාණනි,

සාමකාමී විරෝධතාකරුවන් සහ රාජ්‍ය අතර සංහිඳියා ක්‍රියාවලියක් ඇතිකර ගැනීම සම්බන්දවයි.

ශ්‍රී ලංකාව මේ මොහොතේ අතිශය අසිරූ ආර්ථික සහ සමාජීය අර්බුදයකට මුහුණ දෙමින් සිටියි. ශ්‍රී ලංකාව පත්ව ඇති මේ අසීරු මොහොතේ ජනාධිපතිධූරයට පත්වූ ඔබගේ ක්‍රියාකලාපය අප සංවිධානයක් ලෙස නිරීක්ෂණය කරමින් සිටිමු.

මෙරට ජාතිය ගොඩනැඟීමටත්, සංහිඳියා ක්‍රියාවලියක් සඳහා 30 වසරක කුරිරු යුද්දයෙන් පසුව අවස්ථාවක් ලැබුණු බව ඔබ ද දන්නා කරුණකි. නමුත් එම මහඟු අවස්ථාව යුද්ධය අවසාන සමය් බලයෙ සිටි දේශපාලන නායකත්වයන් විසින් මඟහරවා ගන්නා ලදි.

හිතවත් වික්‍රමසිංහ මහතාණනි,

ශ්‍රී ලංකාවේ සිදුවූ ඓතිහාසික ජන නැගිටීම හේතුවෙන් මෙරට පැහැදිලි දේශපාලන පරිවර්තනයකට මේ මොහොතේ අවස්ථාව උදා වී තිබේ. නමුත් කණගාටුවට කරුණ නම් මෙම ජන නැගිටීමට සම්බන්ධ වූ අහිංසක, නිරායුද පුරවැසියන් ද දරුණු ලෙස මර්ධනයට ලක් වෙමින් තිබීමයි.

හිතවත් වික්‍රමසිංහ මහතාණනි,

මේ මොහොතේ සාමකාමී විරෝධතාකරුවන් සහ රාජ්‍ය යාන්ත්‍රණය අතර සංහිඳියා ක්‍රියාවලියක් ගොඩනැඟීමේ අවශ්‍යතාවය උදා වී තිබේ. ඒ වෙනුවෙන් අවශ්‍ය සිවිල් සමාජමය මැදිහත්වීම සිදුකිරීමට සාමකාමී විරෝධතා සංවිධානයක් ලෙස Black Cap Movement සුදානම් බවත් ඒ වෙනුවෙන් ඔබේ අවධානය යොමු කරන ලෙසත් ඉල්ලා සිටිමු.

ස්තුතියි!

Black Cap Movement

මහනුවර දළදා මාලිගාව ඇසළ පෙරහැර වෙනුවෙන් සාමාන්‍ය දුම්රිය ධාවනයට අමතරව ධාවනයට විශේෂ දුම්රිය කිහිපයක්  එක් කරයි.
04/08/2022

මහනුවර දළදා මාලිගාව ඇසළ පෙරහැර වෙනුවෙන් සාමාන්‍ය දුම්රිය ධාවනයට අමතරව ධාවනයට විශේෂ දුම්රිය කිහිපයක් එක් කරයි.

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිසම පවසයි.එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරෙන්ඩා...
04/08/2022

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිසම පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරෙන්ඩා මහතා පැවසුවේ, පසුගියදා ඩීසල් ලීටරයක මිල රුපියල් ‍10 කින් අඩු කිරීමේ වාසිය මගී ජනතාවට ලබාදීම සඳහා ‍එලෙස බස් ගාස්තු අඩු කරන බවයි.
අඩු කෙරෙන බස් ගාස්තුවේ ප්‍රතිශතය අද (04) ප්‍රකාශයට පත් කරන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

03/08/2022

බස් රථ ධාවනය සඳහා ඉන්ධන නොලැබීම හේතුවෙන් මාර්ග අංක 120 කැස්බෑව - පිටකොටුව හා හම්බන්තොට, මාතර හා කෑගල්ල ප්‍රදේශයන්හි පෞද්ගලික බස් රථ සේවකයින් වැඩ වර්ජනයක.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය

03/08/2022

මහරගමදී දුම්රියක් පීලි පැනීමෙන් කැලණිවැලි මාර්ගයේ අවිස්සාවේල්ල සිට කොළඹ බලා ධාවනය වන දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කරයි.

කන්ද උඩරට ශ්‍රී දළදා මාළිගාව ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහර අද පැවැත්විය.එහිදී සධාතුක කරඬුව වැඩමවීමේ රාජකාරිය ශ්...
02/08/2022

කන්ද උඩරට ශ්‍රී දළදා මාළිගාව ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහර අද පැවැත්විය.

එහිදී සධාතුක කරඬුව වැඩමවීමේ රාජකාරිය ශ්‍රී දළදා මාළිගාවේ ඇත්පන්තියේ සිංහරාජා හස්ථියා විසින් සිදු කළ අතර දෑළ රාජකාරිය ශ්‍රී දළදා මාළිගාව ඇත්පන්තියේ මියන් රාජා සහ බුරුම රාජා හස්ථින් විසින් සිදු කළේය.

දින කිහිපයකින් ලිට්රෝ මිල පහළට ඉදිරියේදී ගෑස් මිල අඩු කිරීමේ සූදානමක් ඇති බවත් මෑතකදී වැඩි කළ මිලට වඩා වැඩි ප්‍රමාණයකින්...
01/08/2022

දින කිහිපයකින් ලිට්රෝ මිල පහළට

ඉදිරියේදී ගෑස් මිල අඩු කිරීමේ සූදානමක් ඇති බවත් මෑතකදී වැඩි කළ මිලට වඩා වැඩි ප්‍රමාණයකින් ගෑස් මිල අඩු කිරීමට අපේක්ෂා කරන බවත් ලිට්‍රෝ සමාගම පවසයි.

ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පසුගිය මාසයේදී ලංකාදීප රතු කට්ට සංවාදයට එකතු වෙමින් පවසා ඇත්තේ.මේ මස මුලදී ලෝක ගෑස් ලෝක වෙළඳපොලේ ගෑස් මිලට අනුව එළෙස ගෑස් මිල අඩු කළ හැකි බවය.

ඒ අනුව සභාපතිවරයා පවසන්නේ අගෝස්තු 5 වනදා වන විට ගෑස් මිල අඩු කිරීමට අපේක්ෂා කරන බවය.

අද රාත්‍රී 10 සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සුදු ඩීසල් මිල රුපියල් 10කින් අඩුකිරීමට තීරණය කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිග...
01/08/2022

අද රාත්‍රී 10 සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සුදු ඩීසල් මිල රුපියල් 10කින් අඩුකිරීමට තීරණය කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

කෙසේ වෙතත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනුයේ සෙසු ඉන්ධන වර්ගවල මිල තවදුරටත් නොවෙනස්ව පවතින බවයි.

ඊට අදාළ නිවේදනය පහතින්,

මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් පොල්ගොල් ජලාශයේ වාන් දොරටු තුනක් මේ වන විට විවෘත කොට තිබේ.අද පෙරවරුවේ සිට මේ ...
01/08/2022

මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් පොල්ගොල් ජලාශයේ වාන් දොරටු තුනක් මේ වන විට විවෘත කොට තිබේ.

අද පෙරවරුවේ සිට මේ දක්වාම අධික වැසි ඇද හැලෙමින් පවතින නිසා ජලාශයේ වාන් දොරටු විවෘත කළ බව කාර්යයභාර ඉංජිනේරු අතුල පුෂ්පකුමාර මහතා පවසයි.

තත්පරයට ඝන අඩි පන්දහස් දෙසීයක ජල ධාරිතාවයක් පොල්ගොල්ල ජලාශයෙන් වික්ටෝරියා ජලාශය වෙත මුදා හැරෙන අතර මේ හේතුවෙන් පහළ මහවැලි ගංගාව පරිහරණය කරන පිරිස් දැඩි විමසිලිමත් විය යුතු බව ද ඒ මහතා සඳහන් කළේය.
https://www.facebook.com/Kandy-Media-Unit-News-111274512370467/?ref=pages_you_manage

August 1st Western Province Ceypetco Petrol 92 Distribution List. අගෝස්තු 1 බස්නාහිර පළාතේ සිපෙට්කෝ පිරවුම්හල් වෙත පෙට්‍...
01/08/2022

August 1st Western Province Ceypetco Petrol 92 Distribution List.
අගෝස්තු 1 බස්නාහිර පළාතේ සිපෙට්කෝ පිරවුම්හල් වෙත පෙට්‍රල් 92 ලැබෙන ලැයිස්තුව.

Address

PO. Box 234
Kandy

Alerts

Be the first to know and let us send you an email when Ratawata Newslk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ratawata Newslk:

Videos

Share