මුතු පවුර Muthu Paura

මුතු පවුර Muthu Paura කඳුරට ගුවනින් බ්‍රහස්පතින්දා "මුතු ප?

සවනට ළබැඳි මනැසට රිසි පියස යට ,ගුරුමවුන් ඔබ ම විය ,මෑණිය ද ඔබ ම විය.පෑවෙමු අසිරි නෙක  - උගත්තෙමු ශිල්ප නෙක ඔබේ පා ළඟ ගුර...
12/05/2023

සවනට ළබැඳි මනැසට රිසි පියස යට ,
ගුරුමවුන් ඔබ ම විය ,
මෑණිය ද ඔබ ම විය.
පෑවෙමු අසිරි නෙක - උගත්තෙමු ශිල්ප නෙක
ඔබේ පා ළඟ ගුරු බැතින්....
සමුගැන්ම ළං වෙතත් ,
හිතින් එක තැන නිබඳ .
පෙමින් දුන් ගුරුකම්
හද රැඳේ සෑම දා...
ඉතින් සැන්දෑ යාමයේ ,
පතන්නෙමු පා යුග නැමැඳ ,
දිගාසිරි වේ සුබාසිරි වේ
තුන් රුවන් සරණින්
ප්‍රියංගා නැන්දේ...
2023/05/11

🎇මුතුපවුර සහෝදරත්වයේ චාරිකාව - 2023/02/26...
03/03/2023

🎇මුතුපවුර සහෝදරත්වයේ චාරිකාව - 2023/02/26...

මුතුපවුර අපේ උපන්දින සැමරුම් - 2023/02/09
09/02/2023

මුතුපවුර අපේ උපන්දින සැමරුම් - 2023/02/09

👉Happy Birthday  Gagana....
09/02/2023

👉Happy Birthday Gagana....

👉Happy Birthday  Ashini.....
09/02/2023

👉Happy Birthday Ashini.....

දෙව් මිනිසුන්ගේ ශාස්තෘ වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ උත්තම සම්බුද්ධ චරිතාපදානයේත්, සම්බුද්ධ ශාසනයේත් ශ්‍රේෂ්ඨතම සංසිද්ධීන්...
05/02/2023

දෙව් මිනිසුන්ගේ ශාස්තෘ වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ උත්තම සම්බුද්ධ චරිතාපදානයේත්, සම්බුද්ධ ශාසනයේත් ශ්‍රේෂ්ඨතම සංසිද්ධීන් රැසක් සිදු වුණ සුපූජනීය දිනයක් ලෙස නවම් පුන් පොහෝ දින හැඳින්විය හැකි ය.

*සම්බුදු සසුන ශෝභාවත් කළ ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේත්, ධර්ම පුරෝහිත මොග්ගල්ලාන මහරහතන් වහන්සේත් අග්‍ර ශ්‍රාවක තනතුරු ලැබුවේත් ,
*එමෙන් ම ගෞතම සසුනේ ප්‍රථම මහා සංඝ සන්නිපාතය සිදු වූයේත්,
*පන්සාලිස් වසක් පුරාවට සදහම් අමා වැස්සෙන් තුන්ලොව නිවා සනසාලූ භාග්‍යවතුන් වහන්සේ, බුදු කිස නිමවා පිරිනිවන් පෑම පිණිස ආයු සංස්කාරය හළ වදාළේත්,
අදවන් නවම් පුන් පොහෝ දිනකය.

එහෙයින් බලන කල නවම් පුන් පොහෝ දිනය බොදු ජනයාගේ සිත් සැදෑ බැතියෙන් පුරවන වැදගත් ශාසනික දිනයකි.




*75වන නිදහස් දිනය අභිමානයෙන් සමරමු !*සියවස් ගණනක්නිවට පරාධීන ජාතියක් ලෙසදණින් වැටී වෙනත් දේශයන් හමුවේකෙලෙසුනා ලක් මව දිග...
04/02/2023

*75වන නිදහස් දිනය අභිමානයෙන් සමරමු !*

සියවස් ගණනක්
නිවට පරාධීන ජාතියක් ලෙස
දණින් වැටී වෙනත් දේශයන් හමුවේ
කෙලෙසුනා ලක් මව දිගු කලක් තිස්සේ
සූරා කමින් අපේ බොහෝ වටිනාකම්
භවභෝග, සැප සම්පත් ද සමගින්...
අතීතයේ දිනක නැගී සිටියා,
අපේම මිනිසුන් ; එවන් වූ, ජාතීන්ට එරෙහිව ලෙයට ලෙය පුදා සටන් වැද....
ඉතින් ඉක්බිත්,
නිවහල් ස්වාධීන ජාතියක් ලෙස
ලක්මව බැබළුණා.....
අභිමානවත් මෙ නිදහසට
හැත්තෑපස් වසරක්
සපිරෙයි අද දිනට....
දිනූ ලක්මව වැජඹේවා,
තවත් චිරාත් කාලයක්,
මේ මිහි මව් තුරුලේ....




🙏🙏🙏 අද උතුම් දුරුතු පුර පසළොස්වක පොහෝ දිනයයි....👉බුදුරදුන්ගේ ප්‍රථම ලංකාගමනයබුද්ධත්වයෙන් නව මසකට පසු උරුවෙල් දනව්වට වැඩම...
06/01/2023

🙏🙏🙏
අද උතුම් දුරුතු පුර පසළොස්වක පොහෝ දිනයයි....

👉බුදුරදුන්ගේ ප්‍රථම ලංකාගමනය
බුද්ධත්වයෙන් නව මසකට පසු උරුවෙල් දනව්වට වැඩමකල බුදුරදුන් උරුවේල කාශ්‍යප,නදී කාශ්‍යප,ගයා කාශ්‍යප යන තුන්බෑ ජටිලයන් ප්‍රමුඛ 1000 පිරිස සිය දහම් මගට හරවා ගත්හ.

👉ලක්දිව බිම්තැන්නේ මහවැලි ගඟ අසබඩ මිනිපේ නම් සරු දනව් පියසට ගුවනින් පහලව බුදුරැස් මාලාවන් විහිදුවමින් වැඩහුන් සේක.

👉ලක්දිව ත්‍රිපිටක බුද්ධ ධර්මය ප්‍රථම වරට පුස්තකාරෑඩ කිරීම.

🙏🙏🙏පාට දේදුණු නැතත්දූලි සළුපට මතින් නව වසර ආ වගයි ඉතින් පිළිගත යුතු ය.....සිනා මල් දුක් කටු අකුළ මත ,පිපේවා සත සිත් සැදී...
01/01/2023

🙏🙏🙏
පාට දේදුණු නැතත්
දූලි සළුපට මතින්
නව වසර ආ වගයි ඉතින් පිළිගත යුතු ය.....
සිනා මල් දුක් කටු අකුළ මත ,පිපේවා සත සිත් සැදී..
පිසිමු දොර දොර කිරිබතින් සනසවා කුසගිනි ලෝ දනන්....

Wishing you peace, joy, and all the best this wonderful season🎅🏼🎄May the day of  Christmas sparkle , shine and be filled...
25/12/2022

Wishing you peace, joy, and all the best this wonderful season🎅🏼🎄
May the day of Christmas sparkle , shine and be filled with the true miracles❤️🥰❤️
May it lead you to a bright future 🫶🏻🕯️

Merry Christmas🤍

Christmas


🌸🌹🌸 උඳුවප් පොහොය දිනයේ වැදගත්කම...☸️ සංඝමිත්තා තෙරණිය ඇතුළු පිරිස සිරිලකට ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව වැඩම කිරීම. ම...
07/12/2022

🌸🌹🌸 උඳුවප් පොහොය දිනයේ වැදගත්කම...

☸️ සංඝමිත්තා තෙරණිය ඇතුළු පිරිස සිරිලකට ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව වැඩම කිරීම.

මිහිදු මහරහතන් වහන්සේගේ අනුදැනුම ඇතුව දේවානම් පියතිස රජතුමාගේ ආරාධනයෙන් සංඝමිත්තා තෙරණිය ඇතුළු පිරිස සිරිලකට ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව වැඩම කිරීම.

☸️ ලක්දිව භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම.

අනුලා දේවිය ඇතුළු සෝවාන් පල ලබා සිටි කාන්තාවන් පිරිස සසුන් ගත වෙමින් ලක්දිව භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම.

☸️ ශ්‍රී පද වන්දනා සාමය ආරම්භ කිරීම.

බුදුරජාණන් වහන්සේගේ වම් පාදස්පර්ශයෙන් පුජනීයත්වයට පත්වූ ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමේ සාමය ආරම්බ වීම. සුමන සමන් දෙවියන්ගේ ආරාධනාවෙන් බුදුරජාණන් වහන්සේ සමඟ රහතන් වහන්සේලා පන්සියයක් සමනළ කන්දට වැඩම කිරීම. වෙසක් පොහොය අවසන් වීමත් සමග ශ්‍රී පද වන්දනා සමය අවසාන වීම.

සම්මත වර්ෂ අවසානයේ යෙදෙන උඳුවප් පුර පසළොස්වක පොහොය මෙවන් සුවිශේෂී සිද්ධීන් රැසක් නිසා සමස්ත බෞද්ධ ජනතාවට සුවිශේෂිත වූ දිනයක් බවට පත් වී ඇත.

උතුම් මනුෂ්‍යය ආත්ම භාවයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුව ලබනු පිණිස සියළු දෙනා උත්සාහවත් වෙත්වා!

🔔වප් පොහෝ දින වැදගත්කම •බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව් ලොව සිට සංකස්ස පුරයට වැඩම කිරීම•මෛත්‍රී බෝසතුන් පැවිදි වීම•සැරියු...
09/10/2022

🔔වප් පොහෝ දින වැදගත්කම
•බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව් ලොව සිට සංකස්ස පුරයට වැඩම කිරීම
•මෛත්‍රී බෝසතුන් පැවිදි වීම
•සැරියුත් හිමියන්ට ප්‍රඥාවෙන් අගතැන්පත් තනතුර ප්‍රදානය කිරීම
•සංඝමිත්තා තෙරණිය වැඩම කරවීමට අරිට්ඨ කුමරු දඹදිවට පිටත්කර හැරීම
•ථූපාරාමයේ කරන ලද විනය සංගායනාව ය
•ශ්‍රී මහා බෝධි අංකුරය පිහිටුවීම
සහ වස් පවාරණය කිරීම

අපේ බ්‍රහස්පතින්දා මුතුපවුර ට පොඩි කාලෙ ඇවිත් තමන් වගේම වැඩසටහනත් තැනකට ගෙනල්ලා අද විශ්ව විද්‍යාලයේ ඉගෙනුම හදාරන අපේම සො...
04/10/2022

අපේ බ්‍රහස්පතින්දා මුතුපවුර ට පොඩි කාලෙ ඇවිත් තමන් වගේම වැඩසටහනත් තැනකට ගෙනල්ලා අද විශ්ව විද්‍යාලයේ ඉගෙනුම හදාරන අපේම සොයුරිය...

Sonduru Sandawa ----------------------------------------------------------------------------------------Live Studio live on Kandurata FM on FM 90.1 / 10...

ඔබ දකින සුභ සිහිනසැබෑ වේවා නිතිනදුකින් තොර වී දිවියපිරේවා සතුටින් මගෙවන හැම දිනයක්මඉසුරුමත් වී නිතිනදිඝායු ලැබේවා එයයි අ...
27/08/2022

ඔබ දකින සුභ සිහින
සැබෑ වේවා නිතින
දුකින් තොර වී දිවිය
පිරේවා සතුටින් ම
ගෙවන හැම දිනයක්ම
ඉසුරුමත් වී නිතින
දිඝායු ලැබේවා
එයයි අපේ පැතුම

ඔබට සුභ උපන්දිනයක් වේවා!

29/07/2022

සිරි දළඳා පහස ලබන කන්ද උඩරට සෙංකඩගල පුරවරයෙන් දියත පුරා පැතිරෙන හෙළයේ මහා සංස්කෘතිකාභිමානය - සිරි දළඳා ඇසළ පෙරහර මංගල්‍යයේ තොරතුරු විසිතුරු ලෙසින්, සජීවීව ඔබ වෙත ගෙන එන්නට අපි සූදානම්.
එක්වන්න අප සමඟ...
*දළඳාභිවන්දනා 2022...*
පළමු කුඹල් පෙරහර දා පූර්වභාග 7.30 සිට මුතු පවුර නිල ෆේස්බුක් පිටුව ඔස්සේ..
ඔබත් උතුම් දළඳාභිවන්දනයට සැරසෙන්න..🎤🙏

#මුතුපවුර

'සදහම් ප්‍රදීපනී' ඇසළ පෝදා සදහම් ගී අසපුවකදූරට බ්‍රහස්පතින්දා මුතු පවුර ළමා ශිල්පීන් සමගින්2022/07/13හල්ඹළුව සාරානාථ  ධර...
18/07/2022

'සදහම් ප්‍රදීපනී' ඇසළ පෝදා සදහම් ගී අසපුව
කදූරට බ්‍රහස්පතින්දා මුතු පවුර ළමා ශිල්පීන් සමගින්
2022/07/13
හල්ඹළුව සාරානාථ ධර්ම විද්‍යා පීඨ පිරිවෙන් විහාරස්ථානයේ සිට....

ඔබත් අප හා එක් වන්න....පෙ.ව 10.00 සිටFm 90.1/107.3/107.5 තරංග මාලාවන් ඔස්සේ සහ SLBC / RADIO GARDEN ජංගම යෙදවුම් හරහා.......
13/07/2022

ඔබත් අප හා එක් වන්න....
පෙ.ව 10.00 සිට
Fm 90.1/107.3/107.5 තරංග මාලාවන් ඔස්සේ
සහ SLBC / RADIO GARDEN ජංගම යෙදවුම් හරහා.....

13/07/2022
සාමය සතුට පිරි සෞභාග්‍යමත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා!அமைதியான மற்றும் வளமான சிங்கள மற்றும் இந்து புத்தாண்டு ...
14/04/2022

සාමය සතුට පිරි සෞභාග්‍යමත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා!

அமைதியான மற்றும் வளமான சிங்கள மற்றும் இந்து புத்தாண்டு வாழ்த்துக்கள்!

Wish you a Happy & Prosperous Sinhala & Hindu New Year!

*කඳුරට ගුවන්විදුලියේ බ්‍රහස්පතින්දා මුතු පවුර*

සූර්‍යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වන, එරබදු මල් රතට රතේ දිදුලන, භාග්‍යවන්ත මාසයේ ඇරඹුම.බ්‍රහස්පතින්දා මුතු පවුරේ...
07/04/2022

සූර්‍යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වන, එරබදු මල් රතට රතේ දිදුලන, භාග්‍යවන්ත මාසයේ ඇරඹුම.

බ්‍රහස්පතින්දා මුතු පවුරේ කමතේ අවුරුදු අසිරිය විඳගන්න බ්‍රහස්පතින්දා "මුතු පවුර" සමගින් එක්වන්න!

90.1 Fm / 107.3 Fm / 107.5 Fm

අන්තර්ජාලය ඔස්සේ ශ්‍රවණය කිරීමට
SLBC Mobile App
https://play.google.com/store/apps/details?id=com.hybriteq.slbc

Radio Garden Mobile App
https://play.google.com/store/apps/details?id=com.jonathanpuckey.radiogarden
බාගත කරගන්න.

කඳුරට සේවය Youtube නාලිකාව
https://youtube.com/channel/UCvHxvd1EkHSeDP1sjNU3xPA

පින්බර මැදින් පුන් පොහෝදිනයක් වේවා..*බුදුරජාණන් වහන්සේ සිය නැදෑ හිතමිතුරාදින්ට සහ ජන්ම භූමියට කළගුණ සැලකිම සඳහා වැඩම කිර...
17/03/2022

පින්බර මැදින් පුන් පොහෝදිනයක් වේවා..
*බුදුරජාණන් වහන්සේ සිය නැදෑ හිතමිතුරාදින්ට සහ ජන්ම භූමියට කළගුණ සැලකිම සඳහා වැඩම කිරීම
*කිඹුල්වත් නුවරට වැඩමකොට සුද්ධෝදන රජුට දහම් දෙසීම. එහිදි රජතුමා සෝවාන් විම හා ධර්මපාල ජාතක කතාව දේශනා කිරිම

*යසෝධරා දේවිය උදෙසා චන්ද කින්නර ජාතකය (සඳ කිඳුරු ජාතකය) දේශනා කිරිම.

*රාහුල කුමාරයා සහ නන්ද කුමාරයා පැවිදි කරවිම. එමෙන්ම දහම් අවබෝධ ලබාගත් අතර ආනන්ද, අනුරුද්ධ, දේවදත්ත, උපාලි යන තරුණ කුමාරවරු පැවිදි බිමට පත්වූහ.

*මහා ප්‍රජාපති ගෝතමි දේවිය සෝවාන් ඵලයට පත්විමද එහිදි සිදු විය.

*ප්‍රථම වතාවට දෙමාපිය අවසර නොමැතිව ශාසනය තුළට පුද්ගලයින් පැවිදි නොකරන ලෙස බුදුරජාණන්වහන්සේ විසින් විනය නිතියක් ද පැනවීම සිදු වූයේ,අද වන් උතුම් වූ මැදින් පුන් පොහෝදිනයදීය.

මුල් පිටුවෙන් රටම අවදි කල ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියානනි, ඔබට නිවන් සුව..........ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා අභා...
24/02/2022

මුල් පිටුවෙන් රටම අවදි කල ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියානනි, ඔබට නිවන් සුව..........

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 71 වන වියෙහි පසුවුණා.

කෙටිකලක් අසනීප වී සිටි ඔහු මියගොස් ඇත්තේ කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

පුවත්පත් වැඩසටහන් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බන්දුල පද්මකුමාර මහතා ජනප්‍රියත්වයට පත්ව සිටියා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ටැබ්ලොයිඩ් පුවත්පත් කලාවේ ප්‍රමුඛයෙකු ලෙසයි ඔහු සැළකෙන්නේ.

උතුම් තෙරුවන්ගේ ආශිර්වාදයෙන් ඉතාමත් වාසනාවන්ත සුපින්බර දිනයක් වේවා!දහම් සිතුවිල්ල ...* ධම්ම පදයෙන් ....... පංචකාම සම්පත්...
19/02/2022

උතුම් තෙරුවන්ගේ ආශිර්වාදයෙන් ඉතාමත් වාසනාවන්ත සුපින්බර දිනයක් වේවා!
දහම් සිතුවිල්ල ...

* ධම්ම පදයෙන් .......
පංචකාම සම්පත්තියටම දැඩි සේ ඇලුණු තැනැත්තා මුළු ජීවිත කාලයම එයින් තෘප්තිමත් නොවී මරණයට පත්වෙයි.

ධම්ම පදය-පුප්ඵ වර්ගය (05 ගාථාවේ සරළ අර්ථය)

"පස් කම් සැප ඉතා තාවකාලික බව නුවණින් තේරුම් ගනිමු.දහමටම ලංවෙමු."

කොරෝනා වසංගත තත්ත්වයෙන් හා විවිධ දුක් දොම්නසින් පිරී ගිය සිත් සතන් සම්බුදු ගුණ මනසිකාරයෙන් නිවී සැනසේවා ! උතුම්
තෙරුවන්ගේ ආශිර්වාදයෙන් ඔබටත් ,පවුලේ සැමටත්,සියලු දෙනාටත්,කායික මානසික සුවපත් බව ලැබේවා!
තෙරුවන් සරණයි!.

ආරෝග්‍ය පරමා ලාභාසන්තුට්ඨි පරමං ධනංවිස්සාස පරමා ඥාතීනිබ්බානං පරමං සුඛංසියලු ලාභයෝ නිරෝගිබව ප්‍රධානකොට ඇත්තාහ.ධනය සතුට ප්...
26/05/2021

ආරෝග්‍ය පරමා ලාභා
සන්තුට්ඨි පරමං ධනං
විස්සාස පරමා ඥාතී
නිබ්බානං පරමං සුඛං

සියලු ලාභයෝ නිරෝගිබව ප්‍රධානකොට ඇත්තාහ.ධනය සතුට ප්‍රධානකොට ඇත්තාහ. නෑයෝ විශ්වාසය ප්‍රධානකොට ඇත්තාහ. නිර්වාණය උතුම් සුවයකි.

-ධම්ම පදය.(සුඛ වග්ගය.)

පසුගිය දිනක •••බ්‍රහස්පතින්දා මුතු පවුර••• සමග ගීත ගායනයට එක්වූ,මාතලේ නාගොල්ල සිද්ධාර්ථ විදුහලේ °°°බුද්ධිමා ලසන්ති සහෝදර...
06/05/2021

පසුගිය දිනක •••බ්‍රහස්පතින්දා මුතු පවුර••• සමග ගීත ගායනයට එක්වූ,
මාතලේ නාගොල්ල සිද්ධාර්ථ විදුහලේ
°°°බුද්ධිමා ලසන්ති සහෝදරිය°°°
අ.පො.ස.උසස්පෙල විභාගයේ වාණිජ අංශයෙන් මාතලේ දිස්ත්‍රික්යේ ප්‍රථම ස්ථානය ලබාගෙන ඇත.🥇
ඔබට •••මුතු පවුර••• අපේ,
උණුසුම් සුබපැතුම්!💐

හෙට දිනයේ බ්‍රහස්පතින්දා "මුතු පවුර" ළමා වැඩසටහන ඔස්සේ අප ජීවිත වලට ආලෝකයක් වන අපමණ දුක් විඳ අපව උස් මහත් කරන උතුම් දෙමා...
17/02/2021

හෙට දිනයේ බ්‍රහස්පතින්දා "මුතු පවුර" ළමා වැඩසටහන ඔස්සේ අප ජීවිත වලට ආලෝකයක් වන අපමණ දුක් විඳ අපව උස් මහත් කරන උතුම් දෙමාපියන්ගේ සෙනෙහස පිළිබඳව ගීතයෙන් ඔබව සංවේදී කිරීමට,
මාතලේ දිස්ත්‍රික්කයේ ,උකුවෙල අධ්‍යාපන කලාපයේ නාගොල්ල සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලයේ යාලුවන් සූදානම්.

සියලු දෙනා සවස 3.30 ට කඳුරට ගුවනින් බ්‍රහස්පතින්දා "මුතු පවුර" අපේ වැඩසටහන සමගින් එක්වන්න!

90.1 Fm / 107.3 Fm / 107.5 Fm

අන්තර්ජාලය ඔස්සේ ශ්‍රවණය කිරීමට
SLBC Mobile App
https://play.google.com/store/apps/details?id=com.hybriteq.slbc

Radio Garden Mobile App
https://play.google.com/store/apps/details?id=com.jonathanpuckey.radiogarden
බාගත කරගන්න.

කඳුරට සේවය Youtube නාලිකාව
https://youtube.com/channel/UCvHxvd1EkHSeDP1sjNU3xPA

Address

Kandy
KANDURATASEWAYATHURSDAYCHILDRENPROGRAMME

Telephone

+94812228844

Website

Alerts

Be the first to know and let us send you an email when මුතු පවුර Muthu Paura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category