Akalika Dhamma

Akalika Dhamma Universal Truth.
(1)

13/08/2023

මියයාමට ප්‍රථම ජීවත්වන්න.💛
ඔබ ජීවිතය සමග අපරිපූර්ණ වුවහොත් ඔබට කිසිදිනෙක මරණය සමග පරිපූර්ණ විය නොහැක.. ☸️✨

10/08/2023

විඥාන මායාව අතික්‍රමණය, භව නිරෝධය, සත්වෙනි ඉන්ද්‍රීය අවදිවීම මේ සියළු වචන අවසාන වශයෙන් මනුෂ්‍යයෙකු තුල පවතින සත්‍ය අවබෝධය විස්තර කිරීම වෙනුවෙන් යොදාගන්නවා.

සංසාරය නැමති මනෝමය චක්‍රයෙන් මිනිසෙකු තමාට අදාල කොටස ලිහා ඉවත් කරගනු ලැබීම නිර්වාණවබෝධයට පවත්වීම වනවා. ඒ සමගම ඔහු තමා සහ ලෝකය යන ද්විත්‍වයෙන් නිදහස් වන අතර තමා මින් ඉදිරියට මේ චක්‍රය තුල නොසිටින බව ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගනු ලබනවා.

තවදුරටත් සංසාරය සහ නිර්වාණය යනු වෙන්ව නොපවතින ද්‍රවයන් දෙකක් බවත් අවිද්‍යාව සහ තණ්හාව නිසා එය හටගෙන තිබූ බවත් අවබෝධ කරගනු ලබයි..☸️☯️✨

10/08/2023

සොබාදහමේ රිද්මය.🤍
සියල්ල සැලැස්මක් වූවත් මමත්වයට මේ සියල්ල අහබුවක්. මනුෂ්‍යයෙකු මේ රිද්මය සමග එකතු වීමට ප්‍රථම සියලු පරීක්ෂාවන් සමත්විය යුතුය.

පරීක්ෂාව යනු පරීක්ෂනය වන්නේය.

සියලු සීමා මායිම් අතික්‍රමණය කර මාර්ගය අවසන් කරන්නෝ සොබාදහමේ රිද්මය සමග එක්වී ගැලවීමට පත්වේ.

10/08/2023

ව්‍යාජයට අව්‍යාජත්වය සමග කරන්නට කිසිවක් නැත.
ඔබ අව්‍යාජ වූ පසු ව්‍යාජය හුදෙක් පලායාමට පටන්ගනීවී.

ඔබ නිදහස් වූ පසු නිදහස් හදවත් ඇත්තන් පමණක් ඔබ සමග ගමන් ගනීවි. අනෙක් අය ඔබෙන් ඉවතට ඇවිද යති.

09/08/2023

බුදුදහමෙ පණිවිඩය තුල පවතින්නේ මනුෂ්‍යයෙකුට සසර දුක අවසන් කරලා සතුටින් සහ තෘප්තියෙන් යුතුව ජීවත් වෙන මාර්ගය.

මනුෂ්‍යයෙකුට ඇත්තටම අවශ්‍ය කරන්නෙ කෙලෙස් ගින්න නිවාදමා සුවපත් වෙන්නනම් සොබාදහම ඔහුට හෝ ඇයට ආශිර්වාද කරනවා.
ඒ වගේම මාර්ගය පෙන්වනවා.

සාදුකාර දෙන සියල්ලෝම නිවන සොයන්නෙ නෑ.
බහුතරයක් දෙනා සොයන්නෙ පැවැත්ම.
ඔවුන් පිං පව් අතර අරගලයක පසුවෙනවා. ඔවුන් දිව්‍යලෝකෙ යන්න සිහින දකිනවා. හුදෙක් ව්‍යාකූලත්වයකින් පසුවෙනවා.

මේ දහම තියන්නෙ පවතින්න නොවේ.
වේදනා විඳින්නන් නිදහස් කිරීමට සහ සුවපත් කිරීමටයි.
සුළුපිරිසක් පමණක් මෙහි ආධ්‍යාත්මික මානයන් ස්පර්ශ කරන අතර අනෙක් අය ආගම වෙනුවෙන් සටන් කරමින් දිගින් දිගටම අදුරේ පසුවෙනවා.

ඔබ අවසාන වශයෙන් සටන් කල යුත්තේ ඔබේම මමත්වය සමග මිස ලෝකයා සමග නොවේ.. ☸️✨

07/08/2023

මේක මායාවක් සිහිනයක් කියලා තේරුනාම මිනිස්සු වේදනාවට පත්වෙනවා. නමුත් ඒ වේදනාවම දිනෙක පරමානන්දය බවට පරිවර්තනය වෙනවා..

මේක සිහිනයක්නම් දැන් දුක්වී කුමන ඵලයක්ද..
මායාව සහ සිහිනය තුල උපරිම පරමානන්දයට සහ ලීලාවට පත්වන්න..✨

07/08/2023

ජීවත්වෙලා ඉද්දි අතුරුදන් වෙන්න. ආයේ නොඑන්නම අතුරුදන්වෙලා යන්න. ආයේ මේකට එන්න පොඩි හරි ආසාවක් තිබ්බොත් ඔබ මගින් ගමන නවත්වනවා. එවිට ඔබ නැවත මතුපිටට ගසාගෙන එනවා ඇත.

ආධ්‍යාත්මය පතුලට කිමිද බලන්න ඔබ කිසිදවසක අත්නොවිඳි මානයන් සියල්ල ඔබ තුලම සැඟව පවතිනවා.

ඔබ ඔබව සොයා යන්න. එවිට ඔබට බුදුන්වහන්සේ හමුවේ.☸️💫

05/08/2023

මිනිසුන් විනිශ්චය කිරීමට පෙර ඔබේ වංක සිත විනිශ්චය කරගන්න. සිත සැමවිටම අකිනෙකා පිලිබදව පූර්ණ නිගමන වලට එලබේ. නමුත් ජීවිත කාලය පුරාවට ඔබට වෙනකෙකු තේරුම් ගැනීමට සහ විනිශ්චය කිරීමට නොහැක. ඔබ එසේ කරනවානම් එය ඔබේ මානසික ලෝකය ඇතුලෙ එකිනෙකා පිලිබදව ඔබේම සිතුවිලි වලන් ලබාදෙන නිර්වචනයක්.

මිනිසුන්ව නිර්වචනය කරන්න යන්න එපා. මොකද ඔබට අහස, පොළොව, සුළඟ කිසිවිටෙක නිර්වචනය කල නොහැක.
මිනිසුන්ද එලෙසමය..

05/08/2023

හැමෝම ඉන්න දාගත්තු වෙස්මුහුණු වලින් වැහිලා. ඔවුන්ගේ ව්‍යාජය වහගන්න ඔවුන් මේක යොදා ගන්නවා.

එකිනෙකාගෙ වෙස්මුහුණු පැලඳීම වෙහෙසක් ඒ නිසා සියලු වෙස්මුහුණු ගලවාදමා සැබෑ ඔබලෙස මිනිසුන් ඉදිරියේ පෙනීසිටින්න.

නිදහස කියන්නෙ යථාර්තවාදී වීමට..

05/08/2023

ජීවත් වෙනවා කියල මිනිසුන් කරන්නෙ මරණය අත් දකින්න ලෑස්තිවෙන එකට. මොහොතින් මොහොත අපි ඇදිලා යන්නේ මරණය දෙසට..

ජීවිතය ඇතුලෙ මරණය සගවලා නෑ.
මරණය ඇතුලෙ ජීවිතේ හංගලා.
මරණයට වෛර කරලා මිනිසුන් ජීවිතයට ප්‍රේම කරනවා.
ඔබ ජීවිතයට සේම මරණයටද ප්‍රේම කරන්න.
එවිට ඔබට මරණය අතික්‍රමණය කල හැක. 👽✨

05/08/2023

මනුෂ්‍යයෙකුගේ ආධ්‍යාත්මය ශක්තිමත් වෙන්නෙ ලෝකයාගේ නින්දා අපහස මැද නොසැලී ගමන් ගන්නා විටයි. ලෝකයා ඉදිරියේ නිර්වශ්‍ර නොවී සිටීමට උත්සහ කරන්නන් හුදෙක් කපටීන් සහ වංචාකාරීන්‍ ය.
ඔවුන් තමාව රැක ගැනීමට උත්සහ කරයි.

ලෝකයා ඔබට මල් පූජා කලත් පලක් නෑ ඔබේ හදවත ඉදිරියේ ඔබ වැරදිකාරයෙක්නම්.

ලෝකයා ඉදිරියේ හොද මිනිහෙක් වෙන්න යන්න එපා.
තමන්ගෙ හදවත ඉදිරියේ අව්‍යාජ මිනිහෙක් වෙන්න.

ලෝකයාගේ විවේචන ඉදිරියේ ඔබේ සිත චලනය කර නොගන්න.
සියලු නින්දා අපහස මැද නොසැලී ගමන් කරන්න.

04/08/2023

🤍සිහින ඇතුලෙ මංමුලා වූවෝ ලෝකය පීරා මොනවදෝ සොයනවා. අතීතය වර්තමානය සහ අනාගතය ඇතුලෙ මිනිසුන් ජීවිතය සොයනවා.

කාලය බොරුවක් කියලා ඔබ දැනගත්තු දවසට ඔබ ජීවිතය සොයන එක නවත්වනවා. මන්ද ඔබ මොහොතක්වත් මෙහි පවතින්නෙ නෑ.

මේ මොහොත යනුද ශුන්‍යතාවයෙම පිලිබිඹුවකි.
හැබැයි මේ මොහොත තමයි කාලයෙන් සහ අවකාශයෙන් ඉවත්වෙන්න තියන එකම දොරටුව.. ඒක තමයි මාර්ගය..💫

04/08/2023
04/08/2023

කටුක කර්කෂ කාලවලදි මිනිසුන් ජීවත් වෙන හැටි වෙනුවට ජීවිතය ඉගෙන ගන්නවා. එහෙම අයගෙ ජීවිතය නිරායාසකර වන්නේ ඒ නිසයි.
ඔවුන් ආයාසයක් නැතිවම ගමන් කරනවා..

03/08/2023

මානසික නිදහස..! මිනිසුන් හැමතැනම සොයනවා.
සුළුපිරිසක් පමණක් ඒ නිදහස භුක්ති විදිනවා.
අනෙක් අය නිදහස සහ ජීවිතය සොයමින් පසුවෙනවා.💚

03/08/2023

අවසන් පරීක්ෂනයේදී සොබාදහම ඔබේ තාර්කික පිලිතුරු කිසිවක් පිලිනොගනී. සොබාදහම ඔබෙන් අපේක්ෂා කරනුයේ මනුෂ්‍යත්වයයි.

01/08/2023

මේ පෘථිවි සංචාරය සීරියස් කර නොගන්න..🤎
සිනහවෙලා අවසන් ගමන් යන්න..💫

01/08/2023

උත්තරීතර මිනිසුන් යනු තමාව තේරුම්ගත් තමාව අවබෝධ කරගත් මිනිසුන් වේ. එවැනි මිනිසුන් තුල පමණක් සැබෑ කරුණාව පවතී.

විෂ සහිත මිනිසුන් යනු සෑම විටම දෙවියන්ට, බුදුන්ට හෝ අනෙක් අයට චෝදනා කරන අයයි. ඔවුන් සෑම විටම අපරිපූර්ණ වූ මනෝභාවයකට හිමිකම් කියයි.

අපරිපූර්ණ වූ විෂ සහිත ආධ්‍යාත්මයක ප්‍රධාන ලක්ෂනය ව්‍යාජ මවාපෑම සහ පුද්ගල විනිශ්චය වේ.

ලෝකයා විනිශ්චය කිරීමට හා ඔවුන් නිවැරදි කිරීමට ප්‍රථම තමා ගවේශණය කරන්න. තමාට විමුක්තිය ලබා දෙන්න.."

31/07/2023

ජීවිතය ගැන අනවශ්‍ය ලෙස වදවීම නවත්වන්න. සෑම මොහොතක් තුලම පරිපූර්ණ ලෙස ජීවිතය අත්විදින්න..

මේ කාල අවකාශ මානය ඔබට නැවත කිසිදිනක සම්බනොවනු ඇත. එම නිසා නැවත ඔබට කිසිදිනක මෙය ස්පර්ශ කල නොහැක.💜

31/07/2023

මිනිසෙකු සතු අත්දැකීම් සමුදාය විටෙක ඔවුන්ව ආරක්ෂා කරයි. තවත් විටෙක ඔවුන්ව තෘප්තිමත් කරවයි. අවසාන වශයෙන් ඔවුනට නිදහස් ආත්මයක් හිමි කර දේවි.

කටුක අත්දැකීම් වලට මුහුන දුන් පසු මිනිසුන් යථාර්තය කුමක්ද යන්න තමන්ගෙන්ම ප්‍රශ්න කරයි. පසුව සත්‍ය දෙසට ගමන් කල හැකිය.

ජීවිතාවබෝදය ලැබීම හැර ඔබට ඔබ සොයා ගැනීමට වෙනත් මාර්ගයක් නොමැත.

27/07/2023

සැබෑ සංඝභාවය නිර්මාණය වන්නේ සම්ප්‍රදායික සීමා නඩත්තු කිරීමෙන් නොවේ. එය නිර්මාණය වන්නේ මාර්ගයේ ගමන් කිරීම මගින් පමණි.

මෝක්ෂය අනෙක් අයගේ ඇස්වලින් නොදැක තම හදවතින්ම දකින්න. එවිට ඔබ ශක්තිමත් ආධ්‍යාත්මයකට හිමිකම් කියාවි.

ශක්තිමත් මිනිසුන් යනු ස්වෛරී දඩයක්කාරයින් මිස දුර්වල පරපෝෂිතයින් නොවේ.

27/07/2023

හදවත නිහඩනොවූ මිනිසුන් සෑම විටම අභ්‍යන්තරික වේදනාවකින් පසුවේ. ලෝකයේ දේවල් හඹා යාමට පෙර ඔබේ අභ්‍යන්තරය ගවේෂණය කරන්න.

ඔබ සොයන සියල්ල අභ්‍යන්තරය තුල තිබෙන්නට පුළුවන්. 🤎

27/07/2023

අන්ධකාරය යනු ආලෝකය නොමැති වූ පැවැත්ම මිස ස්ථිර වශයෙන් පවතින්නක් නොවේ. ඔබ තුල පවතින ආලෝකය සොයා එය මතුපිටට රැගෙන එන්න.

එවිට අන්ධකාරය අවසන් වේ.🤍

19/07/2023

ලෝකය යනු මනෝමය පිලිබිඹුවකි.. දුක යනු එම මානසික පිලිබිඹුව යතාර්ථයක් කරගැනීම මගින් මවාගත් සංකල්පනා වේ.
ලෝකය තුල දුක හෝ සැප කියා දේවල් නොමැත. ඒවා අප විසින් නිර්මාණය කරගත් දේවල්‍ ය.

මිනිසෙකුගේ අවසාන අරමුණ විය යුත්තේ සත්‍ය කුමක්දැයි අවබෝධ කරගැනීමයි. එවිට පමනක් යථාර්තවාදී ජීවන දර්ශනයකට පිවිසිය හැකිවේ.

19/07/2023

අවදියට පත්වූවකුගේ සදාකාලික තෘප්තිය.

පිපාසයට සහ වේදනාවට මිනිසෙකු තිත්ත කසාය පානය කරනවා. එයින් පිපාසයත් වේදනාවත් තාවකාලිකව යටපත් වෙනවා. නමුත් කසාය නැවැත්තුව දවසට ඔහු මිය යනවා. එම නිසා ඔහු දිගින් දිගටම මේ තිත්ත කසාය පානය කරනවා.

නිවන් දකින මිනිසුන් කියන්නෙ කාම ලෝකෙ තිත්ත කසාය පානය කරන එක නවත්තලා අමෘතය පානය කරල තමන්ව මියයෑමට සලස්වය අයයි.

කාම සැපය පස්සෙ දුවන මිනිසෙකුට සද්ධර්මය හමුවීම තිත්ත කසාය බීපු මිනිසෙකුට අමෘතය හමුවීම වැනිය.

සදාකාලික සැනසීමට පත්වීමේ මාර්ගය ශ්‍රී සද්ධර්මය වන්නේය. 🌸

18/07/2023

ඔබ අව්‍යාජ මිනිසුන් සමග ජීවත් වන්නට පටන්ගත් පසු ඔබට බොහෝ දෙනෙකුගේ ව්‍යාජත්වය දැකගත හැකිවේ.

එය එසේ නොවුනොත් පුදුමයකි. මන්ද සමස්ථ ලෝකය වැඩ කරන්නෙ ලොකු ව්‍යාජයක. මිනිසුන්ට දැන් ඒ බොරුවෙන් ගැලවෙන්න බෑ. ඒ නිසා ඔවුන් දැන දැනම තමාව මෙන්ම අනෙකාවද රවටනවා.

ඒ අතර අව්‍යාජ පිරිසිදු මිනිසුන් මුනගැහෙනවා. නමුත් ඒක දුර්ලබ වූ අහබුවක්. අධ්‍යාත්මික ගුරුවරු කියන්නෙ එහෙම අයට. එහෙම අය හරියට කැඩපත් වගේ. ඔවුන් අපිට අපේ ශුද්ධ ස්භාවය දකින්න සලස්වනවා.

එම නිසා එහෙම කෙනෙක් සසරෙ කොහේදි හරි මුණගැසුනොත් ඒ වටිනා අවස්ථාව අහිමි කර නොගන්න..
ඔවුන්ට සවන්දෙන්න..

17/07/2023

මිනිසුන් ජීවත් වනුයේ අතීත මතක තුල සහ අනාගත බලාපොරොත්තු අතර කාලයේ ලෝකය තුලයි.

එම නිසා ඔවුන් සෑමවිටම අතෘප්තියකින් යුතුව පසුවේ.

වර්තමානයේ ආශ්චර්‍ය විදගැනීමටනම් අනාගත බලාපොරොත්තු තුලින් තෘප්තිමත් වීමට ඇති අවශ්‍යතාවය මනසින් බැහැර කල යුතුයි.

එවිට බලාපොරොත්තු රහිත වර්තමානය තුල සදාතනික පරමානන්දයට පත්විය හැකිය.

අකාලික ලෝකය නිරාවරනය කරගැනීමේ මාර්ගය මේ මොහොතයි.

17/07/2023

ඔබ අන් අයගේ ජීවිත තුලට ඇතුල්වීමේදී සහ ඔබ තුලට අනෙක් අය ඇතුල් කර ගැනීමේදී සෑමවිටම ඔබ තුල යම් අවකාශයක් පවත්වාගන්න. එය කිසිවිටෙක වෙනකෙකු නිසා නැතිකරගන්න එපා.

එම නිසා සීමා සහිතව මිනිසුන්ට ලංවීමට ඉඩ හරින්න.

ඔබේ සැනසීම, සතුට සහ නිවීම පවතින්නේ මේ රික්තකය තුල වේ.
එම නිහඩභාවය සෑම විටම ඔබ සමග තිබිය යුතුයි.

වෙන කෙනෙකු ඔබ ඒ තුලට ඇතුල් කරගැනීම තුලින් ඔබට ඔබ අහිමිව යාවී. එම නිසා කිසිවිටෙකත් ඔබට ඔබව අහිමි වෙන්න ඉඩ හරින්න එපා.

සියලු බැදීම් ලෝකය තුල තිබෙන්නට හරින්න. අධ්‍යාත්මික අවකාශය තුල ඔබ පමණයි සිටිය යුත්තේ. මන්ද එහි ඔබට පමණයි ජීවත් විය හැක්කේ. එය ඔබේ පැවැත්මයි. ජීවනයයි.

එය මෝක්ෂය විසින් එය සොයා ගැනීම පිණිස ඔබ තුල නිර්මාණය කලා වූ දිව්‍යමය කොටසයි.. 🤎☸️✨

17/07/2023

සියල්ල දෛවයට, කර්මයට, ඉරණමට භාරදී කිසිවක් නොකර සිටීමෙන් ඔබට ඔබේ ජීවිතය යහපත කරා ලගා කරගත නොහැක.

පළමුව ඔබ ක්‍රියාත්මක විය යුතුය. ඉන්පසුව සොබාදහමේ ආශිර්වාදය ඔබට හිමිවේවි.

විශ්වය ඔබට ප්‍රතිචාර දක්වනවා පමණි.
ධර්මය ඔබ ඔබේ ජීවිතය තුලින්ම අත්දැකිය යුතු වන්නේය.

පළමුව ඔබ ක්‍රියාත්මක වන්න. එවිට ඔබ වටා ඇති සියල්ල වෙනස්වීමට පටන්ගනීවි. ඔබ තුල ආශ්චර්‍යයන් සිදුවීමට පටන්ගනීවි..☸️

Address

Kandy

Alerts

Be the first to know and let us send you an email when Akalika Dhamma posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Akalika Dhamma:

Share