PasanLiyanage

PasanLiyanage I am a teacher. BACHELOR OF BIOSYSTEM TECHNOLOGY HONOURS DEGREE IN BIOPROCESS TECHNOLOGY 👨‍🎓
Faculty of Technology Rajarata University of Sri Lanka

Exam එක ලග නිසා බය වෙලාද ඉන්නේ වැඩ හිර වෙලාද ? මෙන්න විසදුම මෙවර උසස් පෙළ විභාගයට තව තියෙන්නේ පොඩි කාලයයි නේද ? වැඩ ඔක්ක...
08/10/2024

Exam එක ලග නිසා බය වෙලාද ඉන්නේ වැඩ හිර වෙලාද ?
මෙන්න විසදුම

මෙවර උසස් පෙළ විභාගයට තව තියෙන්නේ පොඩි කාලයයි නේද ? වැඩ ඔක්කොම හිර වෙලා වගේද නැත්තම් මොනවද පාඩම් කරේ කියලා නැත්තේ කියලා හොයා ගන්න බැරිද ? මේ පියවර ටික ට්‍රයි කරලා බලන්න ආස හිතෙයි 😍

1 පියවර
මුලින්ම කරන්න තියෙන්නේ ළමයි ඔයාලට දැන් විභාග කාල සටහන ලැබිලානේ තියෙන්නේ එක නිසා තමන්ගේ විෂයන් ටික අදාළ දින එක්ක ලස්සනට හරි කොහොම හරි ලියලා හොදට පෙන තැනක අලවන්න ( පාඩම් කරන තැනක ) ✅

2 පියවර
ඔන්න දැන් ඔයාලග විභාග දින ටික තියෙනවා විෂයන් එක්කම ඔයා දැන් දන්නවා මුලින් තියෙන විෂයන් හා පසුවට තියෙන විෂයන්. ඒ අනුව ඔයාට දැන් වැඩේ හදා ගන්න පුළුවන් ( අඩුම විෂය තියෙන දවස හරි දැන් දන්නවනේ 😁) දැන් ළමයි ඔයාල වැඩ පටන් ගන්න කලින් මේක හදා ගන්න ( දැන් වැඩ පටන් අරන් කියල මන් දන්නවා 😁) වහලේ උළු ගැනපු යට කියන්නේ 😅
පොඩි කොලයක් අරගෙන තමන්ට බලන්න බැරි උන කොටස් ටික ලියන්න .හැම විෂයකම ✍

3 පියවර ( අන්තිම එක )
දැන් ඔයා විභාග දින ටිකත් දන්නවා ,පාඩම් කරන්න බැරි උන ටිකත් දන්නවා ඒ ටික වැඩි කියලා බය වෙලා හරි යන්නේ නැ එක නිසා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර කරන ගන්න හැම විෂයකම නැතුව මේ ටිකෙත් තියරි විතරක් බල බල ඉදල වැඩක් නැ .එක නිසා ළමයි පේපර් කරද්දී ඔයාට බැරි දේවල් තියරියෙන් බලලා ලියන්න .නැත්තම් ඔයා විභාගේ වෙනකම්ම එකම තැනක කැරකි කැරකි ඉන්න එක විතරයි කරන්නේ .
මේක හරි සරල දෙයක් වෙන්න ඇති කවුරු හරි දරුවෙක්ට මේක කියවන එක උදවුවක් වෙයි කියලා හිතනවා . මොකද මම උසස් පෙළ විභාගය මාස 6 ක වගේ අඩු කාලයකදී හොදට සමත් වෙන්න මේ දේවල් තමා කරේ .ඉතින් දරුවනේ ඔයාලට ජය වේවා .කලබල වෙන්නේ නැතුව වැඩ කරන්න ඔයාලට පුළුවන් ❤✍

written by,
පසන් ලියනගේ


අන්තිමේදී 👨‍🎓❤අවුරුදු 4 ක් ඔයාලට ඉගෙන ගන්න පොස්ට් හදන ගමන් මන් මගේ හිනේටත් ගියා.දැන් මගේ හීනෙ තමයි ඔයාලවත් ඒ හීනෙට එක්කන...
20/09/2024

අන්තිමේදී 👨‍🎓❤
අවුරුදු 4 ක් ඔයාලට ඉගෙන ගන්න පොස්ට් හදන ගමන් මන් මගේ හිනේටත් ගියා.දැන් මගේ හීනෙ තමයි ඔයාලවත් ඒ හීනෙට එක්කන් යන එක ❤
හීන වෙනුවෙන් වැඩ කරන්න හීන වෙනුවෙන් මහන්සි වෙන්න .ඔයා වෙනුවෙන් මහන්සි වෙන අම්මා තාත්තගේ මුණට හිනාවක් ගෙන්න.
ඉගෙන ගන්න සිසු අපි ඉන්නවා ඔයාලට උදවු කරන්න ❤
pasan liyanage ( sisu admin and content creator )✍👨‍🎓

17/09/2024
04/10/2021
හිත එක තැනක තියාගෙන  පාඩම් කරන්නේ කොහොමද ? ❤👨‍🎓දුවේ පුතේ අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්න ඔයාලා ගොඩ දෙනෙක්ට පාඩම් කරද්...
02/10/2021

හිත එක තැනක තියාගෙන පාඩම් කරන්නේ කොහොමද ? ❤👨‍🎓
දුවේ පුතේ අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්න ඔයාලා ගොඩ දෙනෙක්ට පාඩම් කරද්දී ඇතිවෙන ප්‍රශ්නයක් ගැන ඒ තමයි හිත එක තැනක තියාගෙන පාඩම් කරන්නේ කොහොමද කියන එක . ඇත්තටම කොහොමද අපි අපේ මානසික ඒකාග්‍රතාවය හදා ගෙන පාඩම් කරන්නේ එකට පුතේ මෙන්න මේ කරුණු ටික ඔයාලට වැදගත් වේවි .
1 අධ්‍යන කටයුතු සදහා සුදුසු පරිසරයක් තෝරා ගන්න ✔
පාඩම් කරද්දී ඔයාගේ මානසික එකාග්‍රතවයට බලපාන ප්‍රධාන ස්ධකයක් තමයි ඔයා පාඩම් කරන ස්ථානයය . ඔබ පුද්ගලික කාමරයක් හෝ පුස්තකාලයක් වැනි නිහඩ ප්‍රදේශයක් සොයා ගන්න. ඔබ නැවුම් වාතයට කැමති නම්, අවධානය වෙනතකට යොමු නොවන ප්‍රදේශයකට පිටතට යන්න . සම විටම ඔබගේ කැමැත්ත අනුව අධ්‍යන පරිසරය තොරා ගන්න එය ඔබට සිත එක තැනක තබා ගෙන පාඩම් කිරීමට උපකාරී වේවී
2. ඔබගේ සියලුම අධ්‍යයන ද්‍රවය එක් තැනක තබා ගන්න ✔
ඔබගේ අවධානය ගිලිහි යාමට තවත් එක් හේතුවක් වන්නේ ඔබ අධ්‍යන කාලය අතර තුර නොයෙකුත් වැඩ සදහා විටින් විට එම ස්ථානයෙන් බැහැර වීමයි . එම නිසා ඔබ පාදං කිරීමට පෙර ඔබට අවශ්‍ය ලිපි ද්‍රවය , වතුර බෝතලය සහ අනෙකුත් උපකරණ ඔබ අසලින් තබා ගනිමින් අධ්‍යන කටයුතු අරභන්න
3 පාඩම් කරන ස්ථානය පිරිසිදුව නිරවුල්ව තබා ගන්න ✔
ඔබ පාඩම් කරන ස්ථානය ඉතාමත් පිරිසිදුව හා නිරවුල්ව තබා ගැනීම ඔබගේ මනාසික එකාග්‍රතාවයට ඉතාමත් වැදගත් . ඉතින් පුතේ ඔයා පාඩම් කරද්දී මෙසය මත එම විෂයට අදාල පොත් පත් පමණක් තබා ගන්න . එසේ නොමැතිව සියලුම ද්‍රවය මේසය මතට ගොඩ කර ගැනීමෙන් ඔබගේ මනස වියවුල් තත්වයට පත් වීමට ඉඩකඩ වැඩිය
4 අනවශ්‍ය ඉලෙක්ට්‍රොනික උපකරණ ඉවත් කරන්න ✔
ඔබට අවශ්‍ය නොවන ඕනෑම ඉලෙක්ට්‍රොනික උපකරණ, විශේෂයෙන් ජංගම දුරකථන, සංගීත සවන්දීමේ උපකරණ සහ සමහර විට පරිගණක අක්‍රිය කරන්න (ඔබේ තොරතුරු අධ්‍යයනය කිරීමට ඔබට පරිගණකයක් අවශ්‍ය නොවේ නම්).
ඔබ අවධානය යොමු කිරීමට උත්සාහ කරන විට අවධානය වෙනතකට යොමු කිරීමට මෙම උපකරණ හේතුවක් විය හැක .
( ඔබ පාඩම් කර විවේක ලබා ගන්නා අවස්ථාවේ මෙම උපකරණ භාවිතයේ වරදක් නැත )
5 පුරුද්දකට හුරු වන්න ✔
අධ්‍යයන කාලය සඳහා කාලසටහනක් සකසා තබා ගන්න. අධ්‍යයන කාලය පුරුද්දක් ලෙස ගොඩනඟා ගැනීමට ඔබට කල සටහන උපකාරී වේවි . ඔබ අසා ඇති ඕනෑම දෙයක් දින 15 කට වඩා එක දිගට කිරීමේදී පුරුද්දක් බවට පත් වනවා එම නිසා අධ්‍යන කටයුතු ඔබගේ පුරුද්දක් කරගත් විට ඒ සදහා අනවශ්‍ය බලයක් යෙදීමට අවශ්‍ය නොවේ .
ඒ ඒ දරුවාට අනුව දවසේ අධ්‍යනය කිරීමට වඩාත් සුදුසු කාලය නැත්නම් හොදින්ම කරුණු ධාරණය වන වෙලාව වෙනස් වේ එම නිසා ඔබ එම කාලය හදුනා ගෙන නිවැරදිව භාවිතා කරන්න
6 Find a study partner. ✔
සමහර විට වෙනත් අයෙකු සමඟ තොරතුරු සමාලෝචනය කිරීමෙන් අධ්‍යයනයේ ඒකාකාරී බව බිඳ දැමීමටත්, වෙනත් කෙනෙකුගේ අදහස් දන ගැනීමෙන් ව්‍යාකූල සංකල්ප පැහැදිලි කිරගැනීමටත් ඔබට හැකි වේ අධ්‍යයන සහකරුවෙකු සොයන විට, බුද්ධිමත් හා අවධානය වැඩි අයෙකු සොයා ගැනීමට උත්සාහ කරන්න, සමහර විට ඔබට වඩා පන්තියේ දක්ෂ ශිෂ්‍යයෙකු නම් වැදගත්
7. ඔබගේ අරමුණ ගැන සිතන්න ✔👨‍🎓
ඔබ අධ්‍යන කටයුතු වල යෙදෙන සැම විටම ඔබ කුමක් නිසාද අධ්‍යන කටයුතු වල යෙදෙන්නේ කියා සිහිපත් කරන්න එයත් ඔබට ඔබගේ අවධානය තබා ගැනීමට වැදගත් වේවි . ඉතින් දුවේ පුතේ ඔයත් පාඩම් කරද්දී ඔයාගේ හිත එක තැනක තියාගන්න බැරි නම් මේ ක්‍රම ටික try කරලා බලන්න . එතකොට ඔයාටත් පුළුවන් අව්ධනය හරියටම තියාගෙන පාඩම් කරලා විභගය හොදින් සමත් වෙන්න .
මේ ලිපිය ගැන අදහස පහලින් සදහන් කරන්න අමතක කාරන්න එපා .
එහෙනම් නැවත ,ඒ වගේම වටිනා ලිපියකින් හමුවෙමු ❤
ඉතින් වැඩ කරන්න . අනාගතය ගැන සිහින දකින්න ඒ වෙනුවෙන් කැප වෙන්න ඔබේ නිසැකවම ජය ගනීවි . ❤💪
Written by ,
පසන් ලියනගේ
university of rajarata 👨🎓

©pasanliyanage මතකය ශක්තිමත් කරන ප්ලෑෂ් කාඩ් ක්‍රමය 🔥🔥😇ඉතින් දුවේ පුතේ මන් අද ලියන්න හිතුවා ඔයාල ගොඩ දෙනෙක්ට  මේ දවස් වල...
30/09/2021

©pasanliyanage
මතකය ශක්තිමත් කරන ප්ලෑෂ් කාඩ් ක්‍රමය 🔥🔥😇
ඉතින් දුවේ පුතේ මන් අද ලියන්න හිතුවා ඔයාල ගොඩ දෙනෙක්ට මේ දවස් වල තියෙන පොදු ප්‍රශ්නයක් ලේසියෙන්ම විසදා ගන්න පුළුවන් ක්‍රමයක් ගැන . අපි දන්නවා දුවේ පුතේ ඔයාල ඊයේ දවසේ පාඩම් කරපු දෙයක් තමන් මාස කිහිපයකට කලින් පාඩම් කරපු දෙයකට වඩා මතක තියෙනවා ඔයාලා මේක අත්දැකීමෙන්ම දන්නවා ඇති .ඉතින් පුතේ මේකට හේතුව අපගේ මතකය දිගු කාලීන හා කෙටි කාලින වශයෙන් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා මතකය පැරණි වීමත් සමග ක්‍රමයෙන් එම කරුණු අමතක වීමට පටන් ගන්නවා . ඉතින් පුතේ ඔයාට විභාගයක් සාර්ථකව ජය ගන්න අවශ්‍ය නම් කරන්න ඕනේ ඔයාගේ දිගු කාලින මතකය වැඩි දියුණු කරන එක එකට තමයි අපි මේ ක්‍රමය භාවිතා කරන්නේ මේකට අපි කියන්නේ ප්ලෑෂ් කාඩ් ක්‍රමය කියලා සරලවම කිවුවොත් මේ ක්‍රමයෙන් ඔයාට උදවු වෙනවා ඒ ඒ පාඩම් කොටස් වලට අදාළ කරුණු පහසුවෙන් මතක තබා ගැනීමට හා නැවත මතක් කිරීමට . මේක හරි සරලයි ඔයා යම්කිසි පාඩමක් පාඩම් කරද්දී මේ ප්ලෑෂ් කාඩ් හදා ගන්න පුළුවන් .පාඩමේ ඒ ඒ කොටස් වාලට අදාලව නිර්මනතමකව ප්ලෑෂ් කාඩ් නිර්මාණය කර ගන්න උදාහරණයක් විදියට ඒ පාඩමට අදාළ කොටස් වල ප්‍රධාන හා අනු මාතෘකා වෙනවෙනම ප්ලෑෂ් කාඩ් වල ලියා ඒවාට අදාළ ප්‍රධානම කරුණු පමණක් එම කාඩ් පත් වල ලියන්න ප්ලෑෂ් කාඩ් පතක ප්‍රමාණය හා කොපමණ ප්ලෑෂ් කාඩ් එක පාඩමකට සාදනවාද යන්න ඔබ තීරණය කරන්න කරුණු සංශිප්ත කර එක පාඩමකට එන ප්ලෑෂ් කාඩ් ගණන අඩු කර ගන්න . ඉන් පසු ඔබට පාඩම් කිරීමෙන් පසු විනාඩි 10 , පැයකට පසු , දවසකට පසු මේ ආදී වශයෙන් ඔබගේ මතකය ඔබටම පරික්ෂා කරගත හැකි මේය කෙටිසටහනක් ලෙසද භාවිතා කල හැක . මෙම ක්‍රමය ඔබගේ ධාරිතාවයට ගැලපෙන පරිදි සකස් කර ගන්න මතකය පරික්ෂා කිරීමට හා දිගු කාලින මතකය වැඩි දියුණු කිරීමට ප්ලෑෂ් කාඩ් ක්‍රමය ඉතාමත් හොද ක්‍රමයකි .ඉතින් දුවේ පුතේ මන් හිතනවා මේ ක්‍රමයත් ඔයාලා අනුගමනය කරලා තමන්ගේ මතකය දියුණු කරගැනී කියලා එසේනම් තවත් මේ වාගේම වටිනා ලිපියකින් හමු වෙමු ❤
ඉතින් පුතේ මන් හිතනවා ඔයාලට මේ tips වැදගත් වෙයි කියලා හොදින් විභාගය සමත් වෙන්න ❤👨‍🎓
ඉතින් වැඩ කරන්න . අනාගතය ගැන සිහින දකින්න ඒ වෙනුවෙන් කැප වෙන්න ඔබ නිසැකවම ජය ගනීවි❤
Written by ,
පසන් ලියනගේ
university of rajarata 👨🎓

©pasanliyanage විභාගේ ලග උනත් පාඩම් කරපු මොකුත් මතක නැද්ද ? දුවේ පුතේ මම අද කියලා දෙන්න යන්නේ ගොඩක් ලමයින්ට තියෙන ගැටළුව...
27/09/2021

©pasanliyanage
විභාගේ ලග උනත් පාඩම් කරපු මොකුත් මතක නැද්ද ?
දුවේ පුතේ මම අද කියලා දෙන්න යන්නේ ගොඩක් ලමයින්ට තියෙන ගැටළුවක් ලේසියෙන්ම විසදා ගන්න හැටි ගැන ඒ තමයි විභාගේ ලගටම ආවත් මුකුත් මතක නැ වගේ හිතෙන එක මේකට හේතු කිහිපයක් තියෙනවා
🔹 විෂය කරුණු ඇත්තටම ඔයාට මතක නැති එක
🔹 ඔයා විභාගෙට හරියට සුදානම් වෙලා නැති නිසා දැනෙන බය
🔹 පිළිවෙලට වැඩ නොකිරීම
මේ මොන කරුණ ඕකට හේතු උනත් ඔයා විභාගෙට සුදානම් වෙන ළමයෙක් නම් මේ ක්‍රමය අනිවරෙන්ම අනුගමනය කරන්න . ම්නිස්සු විදියට අපි හැමදේම පරික්ෂාවට ලක් කරානවා නේ ඉතින් ඔයාටත් පුළුවන් මේ ක්‍රමය හරහා ඔයාගේ මතකය පරික්ෂාවට ලක් කරාන්න . මෙන්න ක්‍රමය මේකට අපි කියමු Quick memory🔥 ක්‍රමය කියාලා මේකෙදි කරන්න තියෙන්නේ සුළු දෙයක් ඔයාලට පුළුවන් තමන් එදාට පාඩම් කරන කොටස අතරතුර එම කොටසට අදාළ ප්‍රශ්න නිර්මාණාත්මකව නිර්මාණය කරන්න උදාහරණයක් විදියට හිස්තැන් සහිත රුප සටහන් , ගැලීම් සටහන් , ව්‍යුහගත හා රචනා පරශ්න නිර්මානය කර ගන්න. කරන්න තියෙන්නේ ඔයා පාඩම කරලා ඉවර වෙලා ඔයා මේ හදා ගත්ත ප්‍රශ්න කරලා
බලන්න . මේ ප්‍රශ්න කරද්දී මුලින්ම පැයකට පස්සේ බලන්න ඔයාට කොපමණ මතකද කියලා .මේ විදියට බලන්න කල් යන්න යන්න ඔයාට මතක හිටින ප්‍රමාණය ඒ වගේම ඔයාට යම් කිසි කරුණක් අමතක නම් ඒවා නැවත බලලා කරන්න අනේ මට මතක නැනේ😢 කියලා නිකන් ඉන්න එපා මොකද හැමෝගෙම මතක ධාරිතාව එක වගේ නැ නේ ඉතින් විහාගේ හොදට පාස් වෙන්න නම් තමන්ගේ මතක ධාරිතාව හදුනා ගැනීමත් ඉතාමත් වැදගත්💥 .එතකොට ඔයාට පුළුවන් Quick memory🔥 ක්‍රමය ඒ ඒ පාඩම් කොටසට කොපමණ යොදනවාද කියල තීරණය කරන්න ඒ වගේම මේ ක්‍රමයේ තව වාසියක් තියෙනවා ඒ තමයි ඔයා මේ ක්‍රමය දිගටම අනුගමනය කරොත් විභාගේ ලං වෙද්දී හැම පාඩමකටම ඔයා ලග Quick memory🔥 පේපර් තියෙයි .ඉතින් එතකොට මට මතක නැනේ නැනේ කිය කිය ඉන්නේ නැතුව මුල ඉදන් කරලා තමන්ගේ මතකය පරික්ෂා කරගන්න පුළුවන් එතකොට ඔයාටම පුළුවන් ඔයා ගැන සතුටු වෙන්න .තමන්ව විශ්වාස කරන්න මේ සියල්ල හේතුවක් වේවි ඔයාට විභාගයට හොදින් මුහුණ දීමට .ඉතින් පුතේ ඔයා exam එකට මාසයක් තියලා Quick memory🔥 හදලා හරි යන්නේ නැ මොකද මේ කිසිම ක්‍රමයක් රොකට් සයන්ස් නෙවෙයි කාලයක් කරාන්න ඕනා අඩුම තරමේ මාස 3 කට හෝ 6 කාට කලින්වත් පටන් ගන්න මේක කියවන ඔයා 2021 නම් ඔයාටත් කල් තියෙනවා හොදේ.❤ .
ඉතින් පුතේ මන් හිතනවා ඔයාලට මේ tips වැදගත් වෙයි කියලා හොදින් විභාගය සමත් වෙන්න ❤👨‍🎓
ඉතින් වැඩ කරන්න . අනාගතය ගැන සිහින දකින්න ඒ වෙනුවෙන් කැප වෙන්න ඔබ නිසැකවම ජය ගනීවි❤
Written by ,
පසන් ලියනගේ
university of rajarata 👨🎓

©pasanliyanage සාර්ථක ලෙස විභාගයට සුදානම් වෙමු පුතේ ජිවිතේ අපි ඉපදුන දවසේ ඉදන් විවිධ අභියෝග කඩයිම් වලට මුහුණ දෙනවා නේ . ...
25/09/2021

©pasanliyanage
සාර්ථක ලෙස විභාගයට සුදානම් වෙමු
පුතේ ජිවිතේ අපි ඉපදුන දවසේ ඉදන් විවිධ අභියෝග කඩයිම් වලට මුහුණ දෙනවා නේ . ඉතින් පුතේ සාමාන්‍ය පෙළ වගේම උසස් පෙළත් ඕනෑම දරුවෙකුගේ ජිවිතේ වටිනාම කඩඉමක් .අපි කොහොමද හරියටම මේ කඩයිම් වලට මුහුණ දෙන්නේ . අපි විභාගයකට සුදානම් වෙද්දී අඩුම තරමේ තමන් මුහුණ දෙන විභාගය ගැනවත් අවබෝධයක් තිබීම ඉතාම වැදගත් . විභාගයට හොදින් සුදානම් වීමට නම් පහත කරුණු කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න

🔹ඔබ හදාරන විෂයන් පිළිබද මනා අවාබෝධය
මෙහිදී ඔබගේ විෂය සටහන් ඒ වගේම ඔබට මනා ලෙස කරුණු වටහා දෙන ගුරුවරයෙකු තෝරා ගැනීම වැදගත් වේ

🔹සැලැස්මක් සහිත වීම
ඔබ ඔබටම ආවේනික වූ සැලැස්මක් නිර්මාණය කර ගන්න
උදාහරණයක් ලෙස ඔබ දවසේ පාඩම් කරන වේලාවන් ප්‍රශ්න පත්‍ර කරනා වේලාවන් විවේක වේලාවන් බෙදා ගනිමින් වැඩ කරන්න

🔹ඔබට හැකි නොහැකි දෑ හදුනා ගැනීම
ගොඩක් දරුවෝ කරන දෙයක් තමයි තමන්ට පුළුවන් විෂය කොටස් පමණක් ඉතා හොදින් අධ්‍යනය කිරීම නමුත් මෙහිදී ඔබට අමාරු විෂය කරුණු මග හරිම සිදු වේ එම නිසා එම කරුණු හදුනා ගනිමින් ඒවා අධ්‍යනය කරන්න

🔹පිළිවෙල
පිළිවෙල අපේ ජිවිතයේ ඉලක්ක සාර්ථක ලෙස ජය ගැනීමට ඉතාමත් වැදගත් . සරලවම ඔබගේ පොත් මේසය/කාමරය පිළිවෙලට තබා ගන්න එවිට ඔබට මනා මානසික එකාග්‍රතාවයක් සහිතව ඔබගේ ඉගෙනීමේ කටයුතු කිරීමට හැකිවේ .එසීම ඔබගේ කාලය අපතේ යාම වලකි

🔹තමා තමා පිළිබද සිතන ආකාරය
බොහෝ දරුවන් මානසිකව ඇද වැටීමට ප්‍රධාන හේතුව වන්නේ තමන්ට තමන් පිළිබද ඇති විශ්වාසයේ මද කමයි . ඔබ සිතිය යුතු කරුණක් වන්නේ ඔබගේ ජිවිතයේ වීරයා ඔබම පමණක් බවයි . අන් අයෙකු තමන් සමග කිසි විටෙකත් සංසන්දනය නොකරන්න මන්ද ඕනෑම මිනිසෙකු තුල විශේෂ හැකියාවක් ශක්තියක් පවතී .ඔබ ඔබව හදුනා ගන්න . දුර්වලතා මෙන්ම දක්ෂතා ❤

🔹නිර්මාණශීලි වීම
මේ කියන්නේ පුතේ අපිට අමාරු කම්මැලි දේවල් පහසුවෙන් ලේසියෙන් මතක තියා ගන්න විදියට පරිවර්තනය කර ගන්න එකට . මේකෙදි ඔයාලට පහත පියවර අනුගමනය කරන්න පුළුවන් 👇
🔰කෙටි සටහන්
🔰රුප සටහන්
🔰නිර්වචන පොත්
🔰මතක සිතියම්
🔰ගැලීම් සටහන්
ඉතින් පුතේ මේ කරුණු ඔයාට වැදගත් වේවි හොදින් විභාගය සමත් වීම සදහා වැඩ කිරීමට.ඒ වගේම පුතේ තමන්ගේ ඉලක්කය හරියට දැනගෙන යන ගමන යන්න
ඒතකොට ඔයාට ඉතාමත් පහසුවෙන් ඉලක්කය වෙත ලගා වෙන්න පුළුවන් .❤
ඉතින් වැඩ කරන්න . අනාගතය ගැන සිහින දකින්න ඒ වෙනුවෙන් කැප වෙන්න ඔබ නිසැකවම ජය ගනීවි❤
Written by ,
පසන් ලියනගේ
university of rajarata 👨🎓

©pasanliyanage කෙටි කාලෙන් EXAM එක ගොඩ දාමු ඉතින් දුවේ පුතේ මම මේ ලිපියෙන් ලියන්න හිතුවේ මේ තියෙන පොඩි කාලෙන් කොහොමද අපි...
23/09/2021

©pasanliyanage
කෙටි කාලෙන් EXAM එක ගොඩ දාමු
ඉතින් දුවේ පුතේ මම මේ ලිපියෙන් ලියන්න හිතුවේ මේ තියෙන පොඩි කාලෙන් කොහොමද අපි හරියට වැඩ ගන්නේ කියලා
අපි දන්නවා පුතේ exam එක නොවැම්බර් මාසේ තිබුනොත් තව තියෙන්නේ මාසයක් හෝ ඉට වඩා ටිකාක් වැඩි කාලයක් ඉතින් අපි මේ කෙටි කාලෙන් වැඩක් ගමු
මේකට මේ වැඩ ටික ඔයා කරානම් හරි
1 මුලින්ම ඔයා දැනට ඉවර කරලා තියෙන වැඩ ටික 🔹ලැයිස්තුවක් හදා ගන්න 👇
මේකට ,
🔰පාඩම කරලා තියෙන පාඩම් ටික ✔
🔰කරපු පසුගිය ප්‍රශ්න පත්‍ර ටික ✔
🔰කෙටි සටහන් හදපු ටික ✔
මෙහෙම හදන ක්‍රමයේ ප්‍රධාන වාසිය තමයි ඔයා ආවරණය කරපු වැඩ ඔයා දන්නවා දැන් ඉතින් පුළුවන් හදපු නැති ටික හදා ගන්න
2 පසුගිය පරශ්න පත්‍ර හා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කරන්න
🔹හරි පුතේ දැන් ඔයාට කරන්න තියෙන්න තවත් තියරි වල ඔයා එල්ලිලා ඉන්නවා නම් එක අඩු කරලා ප්‍රශ්න පත්‍ර කරන්න පටන් ගන්න එහෙම කරද්දී ඔයාට අමාරු වෙන ප්‍රශ්න ඇතුලත් පාඩම් කොටස් වේනම් ලියා ගෙන ඒවා නැවත බලන්න එතකොට ඔයාට පුළුවන් තමන්ට බැරි දේවල් අදුන ගන්න

3 exam එකට තියෙන දවස් ටික ලියලා බිත්තියේ ගහන්න
🔹දවස ගානේ ලකුණු කරන්න එතකොට ඔයාට එක දකිද්දී විභාගෙට තියෙන දවස් ටික වගේම තියෙන උනන්දුවත් වැඩි වෙයි .
4 අමාරු සුත්‍ර / රුප සටහන් බිත්තියේ අලවන්න
🔹ඔයා පාඩම් කරද්දී මතක තියාගන්න අමාරු කොටස් සුත්‍ර වර්ග ඒ වගේම රුප සටහන් ඔයා පාඩම් කරන තැනට හොදින් පෙන විදයට ලග තැනක අලවන්න

5 දවසේ වැඩ සැලසුම් කරන්න
🔹ඔයාට පුළුවන් දවසේ කරන වැඩ ටික ලියලා තියා ගන්න උදේ නැගිට්ට ගමන් එතකොට දවසම අපතේ යවන්නේ නැතුව වැඩ කරන්න පුලුවන් මොකද කාලය ගොඩක් වැදගත්
ඉතින් දුවේ පුතේ මන් හිතනවා මේ tips ටික ඔයාට ගොඩක්ම වැදගත් වෙයි තවමත් ඔයා විභාගය ගැන විස්වාසයක් නැතුව ඉන්නවා නම් විභාගේ ගොඩ දා ගන්න
ඒ වගේම කියන්න ඕනා මේ හැම දෙකම තියෙන ගොඩාක් tips මම ඔයාල වගේම උසස් පෙළ කරද්දී අනුගමනය කරපු දේවල් ඒවා ගොඩක්ම ප්‍රයෝජනවත් උනා මගේ පළවන වාරයේදීම කැම්පස් එකට ඇතුලත් වෙන්න .❤
ඉතින් වැඩ කරන්න . අනාගතය ගැන සිහින දකින්න ඒ වෙනුවෙන් කැප වෙන්න ඔබේ නිසැකවම ජය ගනීවි❤
Written by ,
පසන් ලියනගේ
university of rajarata 👨🎓

©pasanliyanage කම්මැලි කම නැතුව පාඩම් කරන්නේ කොහොමද ? දුවේ පුතේ අද අපි කථා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද අපි නිදිමත නැ...
21/09/2021

©pasanliyanage
කම්මැලි කම නැතුව පාඩම් කරන්නේ කොහොමද ?
දුවේ පුතේ අද අපි කථා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද අපි නිදිමත නැතුව කම්මැලි කම නැතුව පාඩම් කරන්නේ කියලා . ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි පාඩම් කරාන්නා ගියාම නිදි මත එන එක , කම්මැලි කම් හා අවදානය නොමැති කම . ගොඩක් ලමයින්ට මේ වගේ ගැටළු එන්න ප්‍රධාන හේතුව තමයි සැලසුමක් නැතිකම් ඉතින් පුතේ ඔය උදේ නැගිටපු ගමන් හොදින් පිරිසිදු වෙලා හිත සන්සුන් කරගෙන පාඩම් කරන්න වාඩි වෙන්න එහෙම උනත් ඔයා මේ පාඩම් කරන්න එන්නේ ඔයා අද දවසේ කරන වැඩ ගැන කිසිම අවබෝධයක් නැතුව නම් ඔයාගේ දවස නිකන්ම යනවා ඔයාටම තේරෙන්නේ නැතුව . එකට අපි හරිම චුටි දෙයක් කරමු මුලින්ම ඔයා පාඩම කරන්න වාඩි උන ගමන් ඔයා අද දවසේ කරන වැඩ ටික කොලයක ලියා ගන්න එතකොට තියෙනවා ඔයාගේ මනසට හරි සැලැස්මක් . අනුව දවසට අදාළ වැඩ ටික කරන්න මේවා එකින් එක ඉවර කරද්දී අර ලියාගත්ත කොලේ එකින් එක මාර්ක් කරන්න . ඔන්න අපි දවසට හරි සැලැස්මක් හදා ගෙන ඉවරයි .
ඒ වගේම තව වැඩ ටිකක් තියෙනවා කරන්න 👇
1 ඔයා පාඩම්, කරන තැන පිළිවෙලකට තියා ගන්න ✔️
මොකද අප වැඩ කරන තැන අපිලිවෙල නම් එක දැකපු ගමන් අපේ මනසේ ඇති ඒකාග්‍රතාවය බිදිලා යනවා ඊට පස්සේ ඉතින් හිත එක තැනක තියන් පාඩම කරන්න අමාරුයි එක නිසා පිළිවෙලට තියා ගන්න
2 ඔයා පාඩම් කරද්දී එක දිගට පාඩම් කරන්න එපා ✔️
ඔය පාඩම් කරන අතරේ පොඩි විවේකයක් ගන්න ඒ වෙලාවට තමන් කැමති සින්දුවක් අහන්න එක තමයි හොදම විවේක ගන්නවා කියලා වටේ ගෙවල් වලට ඇවිදින්න යන්න එපා 😁 එතකොට ඔයාගේ මනසා පාඩම් කරන මානසිකත්වයෙන් මිදෙනවා
3 පින්තුර හා තවාත් ක්‍රම භාවිතා කරන්න✔️
ඔයාට මේ ක්‍රමයත් try කරලා බලන්න පුළුවන් ඒ තමයි ඔයාට මතක තියාගන්න අමාරු කරුණු / පාඩම් රුප සටහන් හා ගැලීම් සටහන් ඇදලා තමන් වැඩ කරාන තැන බිත්තියේ ගහන්න පුළුවන් . පාඩම් කරන අතරේ මේ රුප සටහන් , ගැලීම් සටහන් දිහා බලන්න එතකොට ඒවා නිකන්ම මතක හිටි
4 හඩපට භාවිතා කිරීම ✔️
මේ කියන්නේ වෙන හඩපට නෙවෙයි😁 ඔයාට පුළුවන් ඔයාට මතක තියාගන්න ඕන කරුණු පටිගත කරලා අහන්න නිතර නිතර මේවා අසිමෙනුත් මතකය දියුණු කරගන්න පුළුවන්
5 නැවත නැවත ලිවිම ✔️
ඔයා කිසියම් කරුණක් හෝ සටහනක් පාඩම් කරාට පස්සේ ඔයාට පුළුවන් ටික වෙලාවකින් එම කරුණ නැවත ලියන්න ඔයාටම දැන ගන්න පුළුවන් තමන්ට කොච්චර මතකද කියලා මෙයත් ඔබේ සාර්ථකත්වයට එක් හේතුවක් වේවි
ඉතින් පුතේ මන් හැමදාම කියනවා නේ අරමුණක් නැතුව ගමනක් යන්න බැ කියල ඔය උඩ තියෙන ඔක්කොම කරත් වැඩක් නැ තමන්ගේ අරමුණ දන්නේ නැතුව . එක නිසා තමාන්ට ලබා ගන්න ඕන ප්‍රතිඵලය නැත්තම ඉලක්කය ඔයාට හොදින් පෙන තැනක ලියලා තියන්න ලොකුවට .
කම්මැලි හිතෙන හැම වෙලාවේම තමන් මොකටද මහන්සි වෙන්නේ කියලා ඔයාට පේනවා . තමන් නිතරම හිතන දේ තමන්ට ලබෙනවම තමයි
ඉතින් වැඩ කරන්න . අනාගතය ගැන සිහින දකින්න ඒ වෙනුවෙන් කැප වෙන්න ඔබේ නිසැකවම ජය ගනීවි❤
Written by ,
පසන් ලියනගේ
university of rajarata 👨🎓

©pasanliyanage රචනා ප්‍රශ්න ලේසියෙන්ම මතක තියා ගන්නේ කොහොමද ? ඉතින් දුවේ පුතේ අද ලිපියෙන් මම කථා කරන්න බලාපොරොත්තු වෙන්න...
20/09/2021

©pasanliyanage
රචනා ප්‍රශ්න ලේසියෙන්ම මතක තියා ගන්නේ කොහොමද ?
ඉතින් දුවේ පුතේ අද ලිපියෙන් මම කථා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද අපි ලේසියෙන්ම රචනා ප්‍රශ්න වලට අදාළ කැරුණු මතක තියා ගන්නේ කියලා . මම මේ ක්‍රමය පිළිබද මිට පෙර වතාවකුත් ලිපියක් ලියලා තියෙනවා එක මග අරුණ පිරිසටත් එක්ක නැවත ලියන්න හිතුවා .
මෙන්න පුතේ මන්තරය 😁
ඇත්තටම අපි පොඩි දෙයක් හදා ගන්න ඕනා ඔක්කොටම කලින් . මුලින්ම අපි කුඩා කාඩ්බෝර්ඩ් පෙට්ටියක් අරගෙන ( කිරි පිටි පෙට්ටියක් වගේ තරමට ) උඩ පියන ඉවත් කරලා සරල මෙවලමක් හදා ගන්නවා . මේක පිළිවෙලට කරන්න පුලුවන්නම් ඒ කාඩ්බෝර්ඩ් පෙට්ටියට පාට කොලයක් අලවලා ලස්සනට හදා ගන්න . දැන් මේක පැත්තකින් තියලා අනිත් වැඩේ පටන් ගමු .
කොළ කිහිපයක් අවශ්‍යයි ( සාදාගත් මෙවලමට දැමීමට පුළුවන් විය යුතුයි ) ඇත්තටම කිවුවොත් කාඩ් පැක් එකේ කොලවල ප්‍රමානයා වඩාත් සුදුසුයි .
👉දැන් අදාළ රචනා ප්‍රශ්නය තොර ගන්න
👉ඉන් පසු මුල් කොලය ගෙන අදාල රචනා ප්‍රශ්නය ලියන්න
👉දෙවන කොලය ගෙන එම රචනා ප්‍රශ්නයට අදාල නිර්වචනය හෝ පැහැදිලි කිරීම ලියන්න
👉ඉන්පසු පිලිවෙලින් කෝලයෙන් කොලය ගෙන එම රචනා ප්‍රශ්නයට අදාළ කරුණු 1 ක බැගින් ලියන්න ( එම කරුණට අදාළ උදාහරණ තිබේනම් ඒවාද එම කොලය මත ලියන්න )
ඔන්න අපි එක රචනා ප්‍රශ්නයකට අදාල බුලට් එකක් හදාගෙන ඉවරයි 😉
මේ වගේ පුළුවන් තරම් රචනා ප්‍රශ්න බුලට් හාදා ගන්න . මේ බුලට් ඔක්කොම අර පෙට්ටියට දාන්න ඊට පස්සේ ඔයා පාඩම් කරලා නිකන් ඉන්න වෙලාවට හරි නැත්තම් ඒ වෙනුවෙන් වෙලාවක් වෙන්න කරලා ඔය බුලට් ටික පාඩම් කරන්න දවසට පාඩම් කරන ටික වේනම එකතු කරන්න එතකොට පාඩම් කරපු නැති බුලට් හොයා ගන්න පුළුවන් .
ඉතින් පුතේ දැන් ඔයාල හිතයි හැම කරුනම මේ වගේ ලියන්න ඔනද කියලා . නැ ඔයාලට පාඩම් කරද්දී තේරෙනවා රචනා ප්‍රශ්නයකට එන්න පුළුවන් කොටස් ඒවගෙන් බුලට් හද ගන්න තව පාස් පේපර් වල දීලා රචනා ප්‍රචන බුලට් විදියට හදා ගන්න ගොඩක්ම වැදගත් ✔️👨‍🎓
මේ ක්‍රමය අනිවාර්න්ම try කරලා බලන්න ඔයාට රචනා ප්‍රශ්න ලේසියෙන්ම මතක තියා ගන්න පුළුවන් .
ඉතින් පුතේ කිසිම දෙයක් කැපවීමකින් තොරව ලබා ගන්න බැ . එක නිසා තමන්ගේ අරමුණ හින වෙනුවෙන් කැප වෙන්න . පාසැල් යන කාලේ ඒ වැඩ ටික හරියට කරන්න . පොඩි කාලයයි නේ උසස් පෙළට තියෙන්නේ වැඩ කරේ නැත්තම් දැන්ම පටන් ගන්න ඔයට වරදින්නේ නැ ❤️
මේ post එක පහලින් comment එකක් විදියට මන් ඔයාලවගේම උසස් පෙළ කරද්දී හදපු බුලට් වල ජයාරූප ටිකක් එකතු කරන්නම් වැඩේ තේරුම් යන්න ❤️
එහෙනම් නැවත ,ඒ වගේම වටිනා ලිපියකින් හමුවෙමු ❤️
ඉතින් වැඩ කරන්න . අනාගතය ගැන සිහින දකින්න ඒ වෙනුවෙන් කැප වෙන්න ඔබේ නිසැකවම ජය ගනීවි . ❤️💪
Written by ,
පසන් ලියනගේ
university of rajarata 👨🎓

16/09/2021

අන්තර් නිවර්තන අභිසාරී කලාපය කියන්නේ මොකක්ද ?
⭕පෘතුවියේ සමකයට 30^0 උතුරින් හා 30^0ක් දකුණින් අධි පීඩන පටි 2 ක් පවතී එසේම සමකයට ආසන්නයේ අඩු පීඩන පටියක් ක්‍රියාත්මකවේ . මෙම අඩු පීඩන පටිය වෙතට වැඩි පීඩන ප්‍රදේශ වල සිට නිරන්තරයෙන් සුළං ධාරා හමා ඒ එකිනෙකට විරුද්ධ දිශා වලින් හමා එන සුළං ධාරා සමකය අවට පිහිටි එක්තරා කලාපයකදී එකිනෙක හමුවේ මෙම ස්ථානය අන්තර් නිවර්තන අභිසාරී කලාපය ලෙස හදුන්වයි

කම්මැලි කම නැතුව පාඩම් කරන්නේ කොහොමද ? දුවේ පුතේ අද අපි කථා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද අපි නිදිමත නැතුව කම්මැලි කම ...
05/09/2021

කම්මැලි කම නැතුව පාඩම් කරන්නේ කොහොමද ?
දුවේ පුතේ අද අපි කථා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද අපි නිදිමත නැතුව කම්මැලි කම නැතුව පාඩම් කරන්නේ කියලා . ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි පාඩම් කරාන්නා ගියාම නිදි මත එන එක , කම්මැලි කම් හා අවදානය නොමැති කම . ගොඩක් ලමයින්ට මේ වගේ ගැටළු එන්න ප්‍රධාන හේතුව තමයි සැලසුමක් නැතිකම් ඉතින් පුතේ ඔය උදේ නැගිටපු ගමන් හොදින් පිරිසිදු වෙලා හිත සන්සුන් කරගෙන පාඩම් කරන්න වාඩි වෙන්න එහෙම උනත් ඔයා මේ පාඩම් කරන්න එන්නේ ඔයා අද දවසේ කරන වැඩ ගැන කිසිම අවබෝධයක් නැතුව නම් ඔයාගේ දවස නිකන්ම යනවා ඔයාටම තේරෙන්නේ නැතුව . එකට අපි හරිම චුටි දෙයක් කරමු මුලින්ම ඔයා පාඩම කරන්න වාඩි උන ගමන් ඔයා අද දවසේ කරන වැඩ ටික කොලයක ලියා ගන්න එතකොට තියෙනවා ඔයාගේ මනසට හරි සැලැස්මක් . අනුව දවසට අදාළ වැඩ ටික කරන්න මේවා එකින් එක ඉවර කරද්දී අර ලියාගත්ත කොලේ එකින් එක මාර්ක් කරන්න . ඔන්න අපි දවසට හරි සැලැස්මක් හදා ගෙන ඉවරයි .
ඒ වගේම තව වැඩ ටිකක් තියෙනවා කරන්න 👇
1 ඔයා පාඩම්, කරන තැන පිළිවෙලකට තියා ගන්න ✔️
මොකද අප වැඩ කරන තැන අපිලිවෙල නම් එක දැකපු ගමන් අපේ මනසේ ඇති ඒකාග්‍රතාවය බිදිලා යනවා ඊට පස්සේ ඉතින් හිත එක තැනක තියන් පාඩම කරන්න අමාරුයි එක නිසා පිළිවෙලට තියා ගන්න
2 ඔයා පාඩම් කරද්දී එක දිගට පාඩම් කරන්න එපා ✔️
ඔය පාඩම් කරන අතරේ පොඩි විවේකයක් ගන්න ඒ වෙලාවට තමන් කැමති සින්දුවක් අහන්න එක තමයි හොදම විවේක ගන්නවා කියලා වටේ ගෙවල් වලට ඇවිදින්න යන්න එපා 😁 එතකොට ඔයාගේ මනසා පාඩම් කරන මානසිකත්වයෙන් මිදෙනවා
3 පින්තුර හා තවාත් ක්‍රම භාවිතා කරන්න✔️
ඔයාට මේ ක්‍රමයත් try කරලා බලන්න පුළුවන් ඒ තමයි ඔයාට මතක තියාගන්න අමාරු කරුණු / පාඩම් රුප සටහන් හා ගැලීම් සටහන් ඇදලා තමන් වැඩ කරාන තැන බිත්තියේ ගහන්න පුළුවන් . පාඩම් කරන අතරේ මේ රුප සටහන් , ගැලීම් සටහන් දිහා බලන්න එතකොට ඒවා නිකන්ම මතක හිටි
4 හඩපට භාවිතා කිරීම ✔️
මේ කියන්නේ වෙන හඩපට නෙවෙයි😁 ඔයාට පුළුවන් ඔයාට මතක තියාගන්න ඕන කරුණු පටිගත කරලා අහන්න නිතර නිතර මේවා අසිමෙනුත් මතකය දියුණු කරගන්න පුළුවන්
5 නැවත නැවත ලිවිම ✔️
ඔයා කිසියම් කරුණක් හෝ සටහනක් පාඩම් කරාට පස්සේ ඔයාට පුළුවන් ටික වෙලාවකින් එම කරුණ නැවත ලියන්න ඔයාටම දැන ගන්න පුළුවන් තමන්ට කොච්චර මතකද කියලා මෙයත් ඔබේ සාර්ථකත්වයට එක් හේතුවක් වේවි
ඉතින් පුතේ මන් හැමදාම කියනවා නේ අරමුණක් නැතුව ගමනක් යන්න බැ කියල ඔය උඩ තියෙන ඔක්කොම කරත් වැඩක් නැ තමන්ගේ අරමුණ දන්නේ නැතුව . එක නිසා තමාන්ට ලබා ගන්න ඕන ප්‍රතිඵලය නැත්තම ඉලක්කය ඔයාට හොදින් පෙන තැනක ලියලා තියන්න ලොකුවට .
කම්මැලි හිතෙන හැම වෙලාවේම තමන් මොකටද මහන්සි වෙන්නේ කියලා ඔයාට පේනවා . තමන් නිතරම හිතන දේ තමන්ට ලබෙනවම තමයි
ඉතින් වැඩ කරන්න . අනාගතය ගැන සිහින දකින්න ඒ වෙනුවෙන් කැප වෙන්න ඔබේ නිසැකවම ජය ගනීවි . ❤️💪
Written by ,
පසන් ලියනගේ
university of rajarata 👨‍🎓

05/09/2021
විභාගේ ගොඩ දා ගන්න කොහොමද හරියටම කාල සටහානක් හදා ගන්නේ ? දුවේ පුතේ මම අද ලිපියෙන් කතා කරන්න බලා පොරොත්තු වෙන්නේ කොහොමද ඔ...
04/09/2021

විභාගේ ගොඩ දා ගන්න කොහොමද හරියටම කාල සටහානක් හදා ගන්නේ ?
දුවේ පුතේ මම අද ලිපියෙන් කතා කරන්න බලා පොරොත්තු වෙන්නේ කොහොමද ඔයාලට ගැලපෙන කාල සටහනක් හදා ගන්නේ කියලා මුලින්ම කියන්න ඕනා මේ කාල සටහනක් හැදුවා කියලා අමුතු බරක් ඔලුවට😨😰 දාගෙන දගලන්න්න එපා . මොකද අපි මේකෙදි වැඩ කරන්නේ කෙටි ඉලක්කයක් දාවසක් තුල සම්පුර්ණ කරන ක්‍රමයක් 💪. ඕනා වැඩක් කරාන්න කලින් තමන් දැන් ඉන්න මට්ටම දැන ගන්න එක වැදගත් මොකද එතකොට අපිට පුළුවන් අපේ වැඩ ටික හරියටම කරාන්න . 👇
දැන් පටාන් ගමු
👉මුලින්ම කොලයක් අරගෙන තමන් කරන විෂයන් වලට අදාල පාඩම ටීක වෙනම ලියා ගන්න .
👉දැන් පුළුවන් ඔයාට ඔයා දැනට පාඩම් කරලා ඉවර පාඩම් ලකුණු කර ගන්න . ඒ වගේම ඒ ඒ පාඩම් වලට අදාල note , කෙටි සටහන් හදලද නැද්ද කියලා ඒ පාඩම් ඉස්සරාහයින් ලකුණු කර ගන්න
දැන් ඔයා ගාව තියෙනවා 👇
👉ඔයා පාඩම් කරාපු පාඩම් වල නම් වාගේම නැති ටික
👉note සම්පුර්ණා වාගේම නැති ටික
👉කෙටි සටහන් සම්පුර්ණ පාඩම් ටික
දැන් ඔයාට තියෙන්නේ ඔයා කරලා නැති වැඩ ටික බෙදා ගන්න
EX - ජනවාරි 30 2021
👉12 වන පාඩම කෙටි සටහන් සැදීම
👉2 පාඩම සටහන් සම්පුර්ණ කිරීම
👉12 වන පාඩම කෙටි සටහන් පාඩම් කිරීම
( සැ .යු - මේක ඔයාලට ඕනා විදියට හදා ගන්න තමන්ගේ දවසේ ඉලක්කය විෂයට අදාලව )
දවස ගානේ තමන්ගේ ඉලක්කයට පියාවරෙන් පියවර යන්න දන්නෙම නැතුව ඔයා ඔයාට ඕනා තැනට ඇවිත් ඉදි .❤🔥👨‍🎓
good luck❤
Written by,
පසන් ලියනගේ
Rajarata University of Sri Lanka👨‍🎓

සුන්දර රජරට විශ්වවිද්‍යාලය ❤️
07/10/2020

සුන්දර රජරට විශ්වවිද්‍යාලය ❤️

Address

Kalutara

Alerts

Be the first to know and let us send you an email when PasanLiyanage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to PasanLiyanage:

Videos

Share