Hasha & Ishu

Hasha & Ishu "Welcome to our journey!
(2)

Join us as we navigate day-to-day life, celebrate self-love, explore the depths of love, and share our vlogs. 🌸🌸🌸Let's inspire, uplift, and connect together.💝💖

පිරිමින් බොරු කියන්නේත් ගැහැණුන් සැක කරන්නෙත් ඇයි? ගැහැණුන්ට උපතින්ම ඉව නැතහොත් sixth sense එක උරුම වී ඇත්තේ එක්තරා අන්ද...
25/08/2024

පිරිමින් බොරු කියන්නේත් ගැහැණුන් සැක කරන්නෙත් ඇයි?

ගැහැණුන්ට උපතින්ම ඉව නැතහොත් sixth sense එක උරුම වී ඇත්තේ එක්තරා අන්දමක කරුමයටය, ඇයට ජීවිත කාලය පුරාම ඔබ පිළිබදව ඇති විශ්වාසය බිද ගැනීමට එක බොරුවක් හෙලිවීම හොදටම ප්‍රමාණවත්‍ ය.එතැනින් පිරිමින්ගේ හිසේ කැක්කුම ආරම්භ වේ,හැරුනත් ගැහැණියට සැකය, ඉදගත්තත් සැකය, හිටගත්තත් සැකය, ඉතින් පිරිමින් බනින්නේ
"මගේ ඔලුව කන්න එපා, මගේ යකා අවුස්සන්න එපා, මොන කරදරයක්ද?"

එකී මෙකී නොකී සියලුම ආකාර වලින් ගැහැණිය පිරිමියාව පීඩාවට පත් කරනු ඇති, නමුත් ඔබ නිකමටවත් හිතුවාද ඇය මුදාහරින ඒ පීඩාව ඇයව මානසිකව කෙතරම් දරුණු ආකාරයෙන් ඇගේ ඇතුලාන්තය දවා හලුකරනවා ඇතිද කියා? එහි ආරම්භය ඔබ කියන්නට යෙදුන "බොරුවයි"

ඔබ බොරු කිව්වේ ඇයි?
1)ඇය ඔබට අහිමි වේයැයි බියෙන්
2) ඇය ඔබව විනිශ්චය කරනු ඇතැයි බියෙන්
3) ඇය සමාජය ඉදිරියේ ඔබව අපහාසයට උපහාසයට ලක් කරනු ඇතැයි බියෙන්.

නමුත් බොරුවක් ගෙතීමට යෙදවූ කාලය ඔබ ඇයට ඇත්ත කීවානම්, ඇය සැබෑවටම ඔබට ආදරය කරන්නේ නම් සමාව දීමට දෙවරක් පසුබට නොවෙනු ඇති, ආදරය මහා පරීක්ෂාවකි, නැතිවේයැයි බියෙන් ගොතන්නට යෙදුනු එක බොරුවක් හෙළිවීමෙන් පසු ඇතිවන දරුණු මානසික පීඩාවෙන් ගැහැණියත් පිරිමියාත් දෙදෙනාම තුවාල වේ.

ඇය ඔබට සැබැවින්ම ආදරය කරන්නේ නම් ඔබේ යහපත් ගතිගුණ වලට සේම ඔබේ අඳුරු පැතිකඩට සමාවද ඇගේ හදවතේ තිබේ,

කිසිම ගැහැණියක් ඇත්ත කියන පිරිමියෙක් නැති කරගන්නේ නැත,

ඒ එවැනි අවංක පිරිමින් අද වැනි සමාජයක අතිශය විරල බැවිනි, අවංක ගැහැණියක් රැදෙන්නේ අවංක පිරිමියෙක් අසළම පමණි...!

✍️ ප්‍රතිභා ප්‍රභා

23/08/2024
🙂🙂🙂
22/08/2024

🙂🙂🙂

ඔබේ ඇමතුම් වලට ඉක්මනින් ප්‍රතිචාර දක්වන, ඔබේ ප්‍රශ්න ඔවුන්ගේ කරගෙන විසදුම් හොයන, ඔබේ කටයුතු වලදී සැමවිටම අත්වැලක් වෙන, ඔ...
22/08/2024

ඔබේ ඇමතුම් වලට ඉක්මනින් ප්‍රතිචාර දක්වන, ඔබේ ප්‍රශ්න ඔවුන්ගේ කරගෙන විසදුම් හොයන, ඔබේ කටයුතු වලදී සැමවිටම අත්වැලක් වෙන, ඔබේ සුවදුක් නිතර විමසා බලන, හැකි හැම විටකම ඔබ වෙනුවෙන් පෙනී සිටින මිනිස්සු ඉන්නව නම්,

ඒ අය තමන්ට වැඩක් නැති නිසා ඔබ ගැන බලනවා කියලා හිතන්න එපා.
ඒ අයට කිසිදෙයක් නැති නිසා ඔබ එක්ක එල්ලි එල්ලි ඉන්නව කියල හිතන්න එපා.
ඒ අයට අරමුණක් නැති නිසා ඔබේ අරමුණට යන්න සහය වෙනවා කියල හිතන්න එපා.

හැම මනුස්සයෙක්ටම ආවේණික වෙච්ච ප්‍රශ්න,අරමුණු,වැඩකටයුතු තියනවා.

සමහරවිට ඒ මිනිස්සු එයාලගෙ ජීවිතේ ගොඩ නගා ගන්න තනියම සටන් කරන අතරෙ ඔයාගෙ ජීවිතේටත් හයියක් වෙන්න හිතාගෙන තමන්ගෙ කාලය,ශ්‍රමය,මුදල් කැප කරගෙන ඔයා වෙනුවෙන් පෙනී සිටින අය වෙන්න පුළුවන්.

මනුස්සයෙක් ඔයා වෙනුවෙන් කරන්නෙ සුළු කැපකිරීමක් උනත් ඒක සමහරවිට ඒ මනුස්සයට දෙන්න පුළුවන් උපරිමය වෙන්න පුළුවන් .

ඔයාට රුපියල් දාහක් ඕන උන වෙලාවක, ලක්ෂපතියෙක් ඔයාට 1000 කින් සංග්‍රහ කරන එකයි,රුපියල් දාහක් විතරක්ම ලග තියන කෙනෙක් ඒ රුපියල් දාහම ඔයාට දෙන එකයි අතරෙ ලොකු වෙනසක් තියනවා.

ඔයාට දෙන්නගෙන්ම හම්බෙන්නෙ දාහක් උනාට, එක්කෙනෙක් එයා ගැනවත් නොහිතා තමයි ඒ කැපකිරීම ඔයා වෙනුවෙන් කරන්නෙ.එතන තියන ආදරේ ඔයාට සල්ලි වලින් මනින්න බැහැ.

මිනිස්සු ඔයා වෙනුවෙන් කරන කැපකිරීම් වලට වටිනාකමක් දෙන්න.සමහරවිට ඒක ඒ මනුස්සයට ඔයා වෙනුවෙන් කරන්න පුළුවන් උපරිමය වෙන්න පුළුවන්.

සල්ලි වලට,බලයට,තාන්නමාන්න වලට විතරක් හිස නැමෙන බහුතරයක් ඉන්න මේ ලෝකේ ඔයා වෙනුවෙන් තමන්ගෙ කාලය, ශ්‍රමය, මුදල් යමෙක් කැප කරනවා නම් ඒ වෙනුවෙන් ඒ මනුස්සයා බලාපොරොත්තු වෙන්නෙ ඔයාගෙ සතුට සහ හොද හිත විතරක්ම නම්, "ඒ වගේ මිනිස්සු කළුනික වගේ දුර්ලභයි."

එහෙම මිනිස්සු ජීවිතේට ලැබෙන්නෙ තමන්ගෙ පෙර පිනකට වගේම එහෙම මිනිස්සු තමන්ට අහිමි වෙන්නෙත් තමන්ට පින නැති නිසාමයි.

උපුටා ගැනීමකි.

ප.ලි

(උපුටා ගැනීමේ දී කර්තෘගේ නාමය සඳහන්ව නොතිබුණු බව දන්වා සිටිමි.)

ඩොක්ටර් මවුමිතාගේ මරණයත් සමග ඉන්දියාව යළිත් ඇවිළිලා.. මේ මොහොත වෙද්දීත් ඉන්දීය නළු නිළියන් වගේම ජනප්‍රිය පුද්ගලයින් මවුම...
17/08/2024

ඩොක්ටර් මවුමිතාගේ මරණයත් සමග ඉන්දියාව යළිත් ඇවිළිලා.. මේ මොහොත වෙද්දීත් ඉන්දීය නළු නිළියන් වගේම ජනප්‍රිය පුද්ගලයින් මවුමිතාගේ මරණයට විරෝධය පාමීන් වීඩීයෝ මුදාහරිනවා. ඇයගේ මරණයට සැකපිට ඈ ඉගෙන ගත් වෛද්‍ය විද්‍යාලයේම තරුණයෙකුවත් සිරභාරයට අරන්...
හැබැයි ඇයගේ මරණයේ දරුණු කම 'මරණයම' නෙමෙයි.

අද උදේ මේ සිදුවීම දකිද්දී මට පුදුම දුකක් දැණුනා. ගෑනූන්ට අපි ආදරය කරන්න ඕන. ඒ අය වෙනස්, සමහර විට ඒ අයත් එක්ක තරහා යන්න පුළුවන්, සමහර විට එපා වෙන්න පුළුවන්.
ඒත් දූෂනය කරලා මරලා දැමීම?

අනිත් එක 'මවුමිතාගේ වෛද්‍ය වාර්තාව අද උදේ ඉදන් ඉන්ටනෙට් එකේ ප්‍රචාරය වෙනවා. ඒක කියෙව්වම හදවත තවත් වේදනාවට පත් වෙනවා.'

ඇයව මරලා දාලා තියෙන්නේ මහා තිරිසන් විදියට.
ඇයව තිරිසන් විදියට දූෂනය කරලා..
ඇයගේ වෛද්‍යවාර්තාවේ කියන විදියට... ඇයගේ දූෂකයින්ගේ වධ හිංසාව නිසාම මවුමිතාගේ ඇස් වලින් පවා ලේ ඇවිත්, ඇයගේ කකුල් දරාගන්න බැරි විදියට දෙපැත්තට ඇදලා, කටින් ලේ එනකන්ම බෙ/ල්/ල මිරිකලා..
ඒ වාර්තාවේ තියෙන දේවල් ලියන්න බෑ.... ඒ තරම් තිරිසන්...

ඒත් එක්කම අද උදේ තවත් තිරිසන් දෙයක් දැක්කා.
ඒ තමයි පෝන් වෙබ් සයිට් වලට වැඩිපුරම සර්ච් කරලා තියෙන්නේ මවුමිතාගේ නම...
රේප් කරපු තිරිසන්නු මදිවට, රටේ ඉන්න අමනයින් ගිහින් අසභ්‍ය වෙබ් අඩවි වල හොයලා මවුමිතාගේ දූෂකයින් ඒ වීඩීයෝ අප්ලෝඩ් කරලා තියෙනවද කියලා..

මේක කොයිතරම් දරුණු ලෝකයක්ද?
ගැහැනියෙක්ට නිදහසේ ජීවත් වෙන්න බැරි... නිදහසේ ගමනක් බිමනක් යන්න බැරි.. කිසිම ආරක්ෂාවක් නැති..
මිනිස්සු ඇයි මේ තරම්ම තිරිසන්?

අපි හැමෝම නිදහසේ ජීවත් වෙන්න කොයි තරම් ආසද? ඔබ පිරිමියෙක්නම් ඔබේ තැන කාන්තාවක්ව තබා හිතන්න, ඔබට ගමනක් බිමනක් යන්න නිදහසක් නැත්නම්, බයක් දැනෙනවනම්, රෑට එළියට බහිද්දි මොනම වෙලාවක හරි කරදරයක් වෙයි කියලා හිතෙනවනම් - ඒ ලෝකේ කොහේද සැනසීමක්?

Dr Moumita Debnath ඔබ යළිත් මෙම තිරිසන් ලොවට නොපැමිණිය යුතුයි.

උපුටා ගැනිමකි

❛❛මගේ හොඳම යාළුවා මීට අවුරුදු කීපයකට කලින් නැති උණා. ඒත් අද එක පාරටම, අවුරුදු ගාණකට පස්සේ මට එයාගේ නම්බර් එකෙන් සප්‍රයිස...
16/08/2024

❛❛මගේ හොඳම යාළුවා මීට අවුරුදු කීපයකට කලින් නැති උණා. ඒත් අද එක පාරටම, අවුරුදු ගාණකට පස්සේ මට එයාගේ නම්බර් එකෙන් සප්‍රයිස් කෝල් එකක් ආවම මටත් මුලින් අදහ ගන්න බැරි උණා. කතා කරපු ගමන් මට තේරුණා ඒ එයාගේ චූටි පුතා කතා කරන්නේ කියලා. එයා මගෙන් එයාට බයිසිකලයක් ගෙනත් දෙන්න කියලා ඉල්ලුවේ හරිම අහිංසකව.

මම පුතාගෙන් ඇහුවා එයා මාව දන්නව ද කියලා. එතකොට එයා දුන්නු මේ උත්තරේ මනුස්සයෙක් විදිහට මගේ ජීවිත කාලේ ඇතුලත මම ලබපු ලොකුම සම්මානය කිව්වොත් මම නිවැරදියි.

"මම අංකල්ව දන්නේ නෑ. ඒත් මට තාත්තා තවත් පිරිමි කෙනෙක් එක්කලා ගත්තු පොටෝ එකක් හම්බ උණා. ඒ පොටෝ එක පිටිපස්සේ මේ phone නම්බර් එක ලියලා, පොඩි නෝට් එකක් දාලා තිබුණා,

"පුතේ, ඔයාට දවසක මොනවා ම හරි ඕනේ උනොත්, අන්න එදාට මම තව දුරටත් ඔයා ලඟ නැත්නම්, මේ නම්බර් එකේ අයිතිකාරයට කතා කරන්න. ඒ වෙන කවුරුවත් ම නෙවෙයි, මම ම තමයි, ඉන්න තැන වෙනස් උණාට."❜❜

ඉතින් සමහර වෙලාවට යාළුවෝ නාමෙන් අපිට මුණ ගැහෙන්නේ අපේම ආත්මයේ අනිත් කොටස කියන්නේ නිකං නෙවෙයි.

❤️‍🩹☔️_
Vishmin

02/08/2024

😇😇

🤍🤍🤍
02/08/2024

🤍🤍🤍

ඒ කාලෙ හින්දි film එකක couple එකක් වගේ.😍🥺 අඳුරන්න පුලුවන් ද බලන්නකො කවුද කියලා..😇
14/07/2024

ඒ කාලෙ හින්දි film එකක couple එකක් වගේ.😍🥺 අඳුරන්න පුලුවන් ද බලන්නකො කවුද කියලා..😇

G O O D       M O R N I N G  ☕ 🥪
13/07/2024

G O O D M O R N I N G ☕ 🥪

සමහරු අවුරුදු 22 වෙද්දි එයාලගෙ උපාධිය ගත්තා,ඒත් තව අවුරුදු පහක් රස්සා හෙව්වා.සමහරු අවුරුදු 25 වෙද්දි CEO කෙනෙක් වුනා,ඒත්...
10/07/2024

සමහරු අවුරුදු 22 වෙද්දි එයාලගෙ උපාධිය ගත්තා,ඒත් තව අවුරුදු පහක් රස්සා හෙව්වා.

සමහරු අවුරුදු 25 වෙද්දි CEO කෙනෙක් වුනා,ඒත් අවුරුදු 50 වෙද්දි මියගියා.ඒ අතරෙ තව සමහරු 50 වෙද්දි CEO කෙනෙක් වෙලා,අවුරුදු 90 වෙනකල් ජීවත්වුනා

සමහරු තාම තනිකඩයි,ඒත් එයා එක්ක එකට පාසල් ගියපු සමහරු දැන් දරුවො ඉන්න අම්මලා තාත්තලා.

ඔබාමා අවුරුදු වයස 55 වෙද්දි විශ්‍රාම යනවා,ඒත් ට්‍රම්ප් පටන්ගන්නෙ වයස අවුරුදු 70 දි.

මේ ලෝකෙ හැමෝම වැඩකරන්නෙ තම තමන්ට අදාල කාල පරාසවල.

ඔයා වටේ ඉන්න සමහරු ඔයාට වඩා ඉස්සරහින් කියලා ඔයාට හිතෙන්න පුලුවන්...තවත් සමහරු ඔයාට වඩා පස්සෙන් කියලත් ඔයාටම හිතෙන්න පුලුවන්.

ඒත් ඇත්තනම් අපි හැමෝම දුවන්නෙ තමන්ගෙම තරඟයක්,තමන්ට පුලුවන් වේගෙන්.

ඒ කාටවත් ඉරිසියා කරන්න එපා,එයාලා ඉන්නෙ එයාලගෙ කාල පරාසෙ,ඔයා ඉන්නෙ ඔයාගෙ කාල පරාසෙ.

ඉතින්,සන්සුන්වෙන්න.

ඔයා ගොඩක් පරක්කුත් නෑ,
ඔයා ගොඩක් ඉස්සරහිනුත් නෑ,
ඔයා හරියටම ඉන්නෙ ඔයාගෙ කාල පරාසෙ ඇතුලෙ.
♥️🌻💫

උපුටා ගැනීමකි

Address

Kalutara South

Website

Alerts

Be the first to know and let us send you an email when Hasha & Ishu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share