25/08/2024
පිරිමින් බොරු කියන්නේත් ගැහැණුන් සැක කරන්නෙත් ඇයි?
ගැහැණුන්ට උපතින්ම ඉව නැතහොත් sixth sense එක උරුම වී ඇත්තේ එක්තරා අන්දමක කරුමයටය, ඇයට ජීවිත කාලය පුරාම ඔබ පිළිබදව ඇති විශ්වාසය බිද ගැනීමට එක බොරුවක් හෙලිවීම හොදටම ප්රමාණවත් ය.එතැනින් පිරිමින්ගේ හිසේ කැක්කුම ආරම්භ වේ,හැරුනත් ගැහැණියට සැකය, ඉදගත්තත් සැකය, හිටගත්තත් සැකය, ඉතින් පිරිමින් බනින්නේ
"මගේ ඔලුව කන්න එපා, මගේ යකා අවුස්සන්න එපා, මොන කරදරයක්ද?"
එකී මෙකී නොකී සියලුම ආකාර වලින් ගැහැණිය පිරිමියාව පීඩාවට පත් කරනු ඇති, නමුත් ඔබ නිකමටවත් හිතුවාද ඇය මුදාහරින ඒ පීඩාව ඇයව මානසිකව කෙතරම් දරුණු ආකාරයෙන් ඇගේ ඇතුලාන්තය දවා හලුකරනවා ඇතිද කියා? එහි ආරම්භය ඔබ කියන්නට යෙදුන "බොරුවයි"
ඔබ බොරු කිව්වේ ඇයි?
1)ඇය ඔබට අහිමි වේයැයි බියෙන්
2) ඇය ඔබව විනිශ්චය කරනු ඇතැයි බියෙන්
3) ඇය සමාජය ඉදිරියේ ඔබව අපහාසයට උපහාසයට ලක් කරනු ඇතැයි බියෙන්.
නමුත් බොරුවක් ගෙතීමට යෙදවූ කාලය ඔබ ඇයට ඇත්ත කීවානම්, ඇය සැබෑවටම ඔබට ආදරය කරන්නේ නම් සමාව දීමට දෙවරක් පසුබට නොවෙනු ඇති, ආදරය මහා පරීක්ෂාවකි, නැතිවේයැයි බියෙන් ගොතන්නට යෙදුනු එක බොරුවක් හෙළිවීමෙන් පසු ඇතිවන දරුණු මානසික පීඩාවෙන් ගැහැණියත් පිරිමියාත් දෙදෙනාම තුවාල වේ.
ඇය ඔබට සැබැවින්ම ආදරය කරන්නේ නම් ඔබේ යහපත් ගතිගුණ වලට සේම ඔබේ අඳුරු පැතිකඩට සමාවද ඇගේ හදවතේ තිබේ,
කිසිම ගැහැණියක් ඇත්ත කියන පිරිමියෙක් නැති කරගන්නේ නැත,
ඒ එවැනි අවංක පිරිමින් අද වැනි සමාජයක අතිශය විරල බැවිනි, අවංක ගැහැණියක් රැදෙන්නේ අවංක පිරිමියෙක් අසළම පමණි...!
✍️ ප්රතිභා ප්රභා