01/11/2018
කොලඹ ආනන්ද විද්‍යාලය ....Story of Ananda Collage
පරම ඥානාර්ථ බෞද්ධ සමාගමේ මුලිකත්වයෙන් මෙරට පලමු බෞද්ධ ඉංග්‍රිසි පාසල වන ආනන්ද විද්‍යාලය ආරම්භකලේ අදවගේ දවසකයි ඒ 1886දී .. ආරම්භක විදුහල්පති තුමා සී ඩබ්ලිව් ලෙඩ්බීටර් මහතාය . බලංගොඩ ආනන්දමෛත්‍රි හිමි,එස් මහින්ද හිමි ,පොල්වත්තේ බුධ්ධදත්ත මහනායක හිමි ,මාහාචාර්ය ගුණපාල මලලසේකර වැනි විද්වත්හු අප පාසලේ සිටි ආචාර්ය වරු කිහිප දෙනෙකි 1894 ජනවාරි මස මුදලිඳු ට්යුඩර් රාජපක්ෂ මහතා අක්කර 3.2 භුමියක් පරනවාඩිය පෙදෙසින් විදුහලට ලබා දුන්නා ආරම්භක සිසුන් 37 ගෙන් පටන් ගත් විදුහල අද ළමුන් 7000 පමණ ඉගෙනුම ලබමින් සීටී ...
ආනන්ද විද්‍යාලය ආරම්භ කරන ලද්දේ බෞදධ පරමවිඥානාර්ථ සංගමය විසිනි. ආරම්භයේදී එය හඳුන්වනු ලැබුවේ ඉංග්‍රීසි බෞද්ධ පාසල ලෙසිනි. එහි පරමාර්ථය වූයේ ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලැබීමට මිෂනාරි පාසල්වලට යාමට සිදුවන බෞද්ධ සිසුනට, බෞද්ධ පරිසරයක් තුළ ඉංග්‍රීසි බසින් ශිල්ප හැදෑරීමට අවකාශ සැලසීම යි. මන්දයත් එකල බෞද්ධ දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබීමට සිදු වූයේ මිෂනාරි ඉංග්‍රීසි පාසල් වලිනි.
බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක, ධර්ම භාණ්ඩාගාරික මහරහත් ආනන්ද හිමිගේ නමින් පාසල ආනන්ද විද්‍යාලය ලෙස නම් කරන ලදි.
ආනන්ද ඉතිහාසයේ විශේෂ අවස්ථා ලෙස, ආසියාවේ ප්‍රථම නොබෙල් සම්මාන ලාභියා වන රබින්ද්‍රනාත් තාගෝර්තුමා 1922 වසරේ නොවැම්බර් දහවන (10) දින පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවයට ආරාධිත අමුත්තා ලෙසින් සහභාගීවීම සහ 1927 වසරේ මහත්මා ගාන්ධිතුමන්ගේ පැමිණීම දැක්විය හැක.
තව තොරතුරු දැනගන්න පිටුවට LIKE කරන්න
https://www.facebook.com/pabalu.lk