11/06/2023
𝙃𝙞𝙠𝙞𝙣𝙜? 𝘾𝙖𝙢𝙥𝙞𝙣𝙜? 𝙏𝙧𝙚𝙠𝙠𝙞𝙣𝙜? මොකක්ද වෙනස🤔⁉️️
Methsara Benaragama
1️⃣ මොකක්ද ඔයා යන travel එක?
2️⃣ ජීවිතේ විදින්නනම් travel කරන්න ඕනිද?
3️⃣ ලංකාවෙ Common Outdoor Travels
4️⃣ Hiking? Camping? Trekking ? වෙනස?
5️⃣ මගේ අවසන් අදහස
1) මොකක්ද ඔයා යන 𝙩𝙧𝙖𝙫𝙚𝙡 එක?
මේ ලෝකෙ මිනිස්සු එක එක විදිහට traveling කියන දේ කරනව. අපිට අත්‍යවශ්‍ය එදිනෙදා කටයුතු කරන්න travel කරන එකට අමතරව මිනිස්සු විනෝදයට travel කරනව.
ඉතින් ලංකාවෙ කුඩා මහලු හැමෝම පවුලෙ අයත් එක්ක trip යනවනෙ, උදාහරණයක් විදිහට family leisure travels, වන්දනාගමන් වගේ දේවල්. ඉතින් ඕවට අමතරව මේ group එකේ අපි වගේ අය කරන outdoor traveling ගැන තමයි මේකෙ කතාකරන්නෙ.
මුලින්ම travel එකක් යන්න කලින් හිතන්න, ඔයා මේක යන්නෙ විනෝදෙටද, business වැඩකටද, එහෙම නැත්නම් කාටහරි පේන්න හෝ content create කරන්නද කියල.
එහෙම හිතල ඔයා යන දවස් ගාන, rest එක, ඔයාගෙ freedom එක, transport mode එක සහ විශේෂයෙන්ම ගෙනියන ද්‍රව්‍ය වල බර plan කරගන්න.
2) ජීවිතේ විදින්නනම් 𝙩𝙧𝙖𝙫𝙚𝙡 කරන්න ඕනිද?
යමෙකුට ඔව්! තව කෙනෙක්ට නෑ!
ඒකෙ ආසාව කෙනෙක්ගෙන් කෙනෙක්ට වෙනස් වෙනව. උදාහරණයක් විදිහට traveling කියන දේට අකමැතිම මිනිස්සු ඉන්න පුලුවන්. Hike කරන්න ආස නැතුව camp කරන අය ඉන්න පුලුවන්.
ඒක නිසා ජීවිතේ විදින්න නම් travel කරන්න ඕනි වගේ කතා කියන්න කලින් හිතන්න ඕනි, ඒව සාපේක්ෂව බව.
3) ලංකාවෙ 𝘾𝙤𝙢𝙢𝙤𝙣 𝙊𝙪𝙩𝙙𝙤𝙤𝙧 𝙏𝙧𝙖𝙫𝙚𝙡𝙨
Traveling types ගත්තොත් ලංකාවෙ අය පොදුවේ කරන travel වර්ග තමයි, Hiking, Camping, Trekking. මීට අමතරව foreigners ලංකාව ඇතුලෙ backpacking සහ bikepacking කරනව ගොඩක්.
මම ඉස්සරහට bikePacking, backpacking සහ අනෙකුත් outdoor adventures ගැනත් ලියන්නම්, හැබැයි මේකෙ තියෙන්නෙ මුලින් කියපු 3.
4) 𝙃𝙞𝙠𝙞𝙣𝙜? 𝘾𝙖𝙢𝙥𝙞𝙣𝙜? 𝙏𝙧𝙚𝙠𝙠𝙞𝙣𝙜 ? වෙනස?
Hiking, camping, and trekking කියන සේරම පරිසරය එක්ක ඉන්න ආස අය කරන outdoor activities. මේව එකිනෙකට වෙනස් වෙන්නෙ විදින පරිසරය සහ විශේශෙන්ම, ගමන් කරන කාලය, පරිසරයේ ස්වභාවය සහ transport mode එක මත.
▪️Hiking කියල කියන්නෙ සාමන්‍යන්, කලින් සකස් කල හෝ සකස්වුනු පාරවල්/trails වල දවසකට පැය කිහිපයක් ගමන්කරලා පරිසරය විදින එක. ලංකාවෙ ගොඩක් අය නගින කදු සහ තැන්නවල් (Plains) වලට, රේල්පාරවල් වල පයින් යන එක, වගේ යන ඒව සියල්ල වැටෙන්නෙ hiking වලට. මේකට camp කරන්නම ඕනි නෑ, පැය කිහිපයෙන් යන ඒවත් hike තමයි.
▪️Camping කියන එක තමයි ගොඩක් අය පටලගන්නෙ. ඔව් අපි hike කරද්දි camping කරනව තමයි. හැබැයි camping travels කියල කියන්නෙ, tent එකක් හෝ shelter එකක් ගහන්න බලන් යන travels. ඔයා වාහනේක ගිහිල්ල හෝ පොඩි දුරක් ඇව්දලා camping site එකක tent එකක් ගහල ඉන්න travels වැටෙන්නෙ මේ ගොඩට.
ඉතින් මේක පටලගෙන ගොඩක් අය Camping Tents අරන් යනව Hike කරද්දි. ඔයාල පවුලෙ අය එක්ක හෝ යාලුවො එක්ක වැඩිය මහන්සි නැතුව proper camping site එකකට ගිහින් Tent එකක් හෝ shelter එකක් හදාගෙන camping කරන්න පුලුවන්.
Camping කරද්දි ගෙනියන බර ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න නැති වුනත්, hiking සහ trekking වල බර ගැන ඉතාමත් සැලකිලිමත් වෙන්න ඕනි. මේක ගැන පෝස්ට් එකක් වෙනම ලියන්නම්.
▪️Trekking කියන්නෙ ගොඩක් තීව්‍ර, අපහසු ගමන් වර්ගයක්. මේකට වැටෙන්නෙ දවස් කිහිපයක් challenging trail එකක හෝ හරි trail එකක් නැති terrain එකක යන එක. මේකට ගොඩාක් fitness level සහ මනස ඒකාග්‍රතාවයක් තියෙන්න ඕනි.
Knuckles ඇතුලෙ කරන දවස් කිහිපයේ hikes වගේ වැටෙන්නෙ trekking වලට, උදාහරණයක් විදිහට දූවිලි ඇල්ල, infinity pool වගේ hike එක. පාද යාත්‍රාව උනත් මේකට ගන්න පුලුවන්. මේකෙදි ඔයා ගෙනියන චොකලට් කෑල්ල, ටොපි කොලේ බර දක්වා ගොඩක් අවදානය යොමු කරන්න ඕනි.
(පුලුවන්නම් ළගදිම Hiking, Camping & Trekking කරන්න පුලුවන් ලංකාවෙ තැන් වෙන වෙනම list එකක් හදලා දාන්නම්!)
5) මගේ අදහස
අපි අන්තිමේට මේ මොන travel එක විනෝදෙට කලත්, අපි යන්නෙ පරිසරයට. සමහරවෙලාවට අධි සංවේදී පරිසර කලාප වලට. ලංකාවෙ මේක ගැන තාම හරි නියාමනයක් නෑ.
ඔයාල හොයල බැලුවොත් philippines වගේ රටවල් වලට කාලෙකට විතරයි ගොඩක් trails open කරන්නෙ, මොකද එයාල අනික් කාලෙ පරිසර පද්ධති වැඩෙන්න ඉඩ දෙනව. ලංකාවෙ සාම්ප්‍රදායික අවාරෙ සිරීපාද සමය වගේ.
ඉතින් ඔයාල අපි හැමෝටම වග්කීමක් තියනව, අපිට ඉතුරු වෙලා තියන මේ පොඩි පරිසර පද්ධති රැකගන්න, මොකද අපේ හරි guiding හෝ නියාමන පද්ධතියක් නැති නිසා.
ඉතින් මන් ඉල්ලන්නෙ, යන තැනක ඔහේ යන්නන්වාලෙ යන්නෙ නැතුව, හරියට හොයල, ඔයාට ඕනි මොකක්ද, ඒකෙන් පරිසරයට වෙන බලපෑම බලල යන්න කියල 🙏
මොකද, මොන ජාති ආගමේ උනත් අපි හැමෝම ශ්‍රීලාංකිකයි, හැබැයි, අපිට යන්න තැන් ටිකයි 😊🇱🇰❤️
මෙත්සර බෙනරගම ©