KAHU

KAHU " වෙන්වෙන්නනම් අප මුණ ගැසිය යුතුද? 🤍🕊✨ "

නිදහස විදින්නහිරකන් යැයි කියනා වුන්නිදහස් කරලා බලන්නනිදහස සොබාදහමහරිම නිදහසට ගැලපෙනජිවිතයක් තනාදෙවිඅතීතයට මතකපමණ්ක්ම ඉති...
29/09/2024

නිදහස විදින්න
හිරකන් යැයි කියනා වුන්
නිදහස් කරලා බලන්න

නිදහස සොබාදහම
හරිම නිදහසට ගැලපෙන
ජිවිතයක් තනාදෙවි

අතීතයට මතක
පමණ්ක්ම ඉතිරි කොට
වර්තමානයට පෙම් බඳින්න

අතීතයට
වර්තමානය
මුන නොගස්වන්න...!

💗💬🫂
Kahu
A g a n t h u k a y a
ගිහාන් පීරිස්.

තරහාට කිය වෙන පොඩි වචනයක් ඇතිඅනිත් කෙනාට දුක් හීපාරක් වදින්න...ඔවුන් කරන කෑප කිරිම් වලහැම වෙලාවෙම ආසිමිත ආදරයක් දකින්න.....
29/09/2024

තරහාට කිය වෙන පොඩි වචනයක් ඇති
අනිත් කෙනාට දුක් හීපාරක් වදින්න...

ඔවුන් කරන කෑප කිරිම් වල
හැම වෙලාවෙම ආසිමිත ආදරයක් දකින්න...

රිද්දුවෙ හිතලා නෙමෙයි තරහටයි කියවුනේ
ලඟට ගෙන සනසා කියන්න...

අනේ ඉතිං තරහාක් නැතිනම්
විනාඩියකින් ආපහු හැරෙන්න...

🤍🕊
Kahu
A g a n t h u k a y a
ගිහාන් පීරිස්.

Napuru Rapunzel | Story No.09එලියේ මල් වැල අසල බංකුවට වි මා ඇස් පිය නොහෙලා ඈ දෙස බලා සිටියෙමි.සාදය නිමවිමට පෙර යාමට සිතු...
27/08/2024

Napuru Rapunzel | Story No.09

එලියේ මල් වැල අසල බංකුවට වි මා ඇස් පිය නොහෙලා ඈ දෙස බලා සිටියෙමි.

සාදය නිමවිමට පෙර යාමට සිතුවත් ඈ දමා යාමට හිත නොදුන්නේ ඈ හට බැදුනු පෙම් සිත නිසාද යන්න මට නොවැටහේ.

කෙමෙන් කෙමෙන් සාදය නිමවන හොරාවට පැමිනියේ සාදයට පැමිනියේය. මිනිසුන් එකා දෙන්නා නිවෙස් බලා පිටත් විය.

" අහ් කඩවසම් තරණයා අපි යනවා දැන්ම යන්න අදහසක් නැද්ද? "
Stivers ගේ ප්‍රශ්ණය විය.

" එයාට අද යන්න අදහසක් නෑ වගේ."
Stivers ගේ බිරිද Isla මද සිනාවක් පා කිවාය.

Stivers ගේ හඬ නැවතත් අවදි විය.
" අද උදේ මතකද. හ්ම් හ්ම් මං දන්නවා හෙතුව. කරගෙන යමුකො. එහෙනම් ඉක්මනට හිතන දෙ හැබැවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. "
පිටට තට්ටුවක් දමා ඇහැක් ගසා ඔවුන් ගියොය.

ලොකු හුස්මක් හෙලා
" එක ඉක්මනට හැබැවෙනවානම් "
මං තනිව මටම කියා ගත් දේ Amara නැන්දාට ඇසුනු වග මට තෙරුනේ ඇය නැගු ප්‍රශ්නයෙනි.

" මොකක්ද පුතේ ඉක්මනට හැබැවෙන්න ඔනේ දේ "
ඇය එය ඇසුවේ මදක් කුතුහලයෙනි.

" අහ් නෑ නැන්දේ පොඩි දෙයක්. එක හම්බුනාම මම නැන්දට කියන්නම්කො. "
මගේ පිලිතුර විය.

" එහෙනම් මමත් යනවා පරිස්සමෙන් ඉන්න "
Kamille ට ලංව මුන දෙස බලා ආදරයෙන් පැවසුවෙමි.

" හරි අයියේ ඔයාත් පරිස්සමෙන් යන්න. "
බිම බලාගෙනම ආදරයෙන් ඇගේ පිළිතුරද විය.

" Amara නැන්දේ, Aria නැන්දේ, Jasmine බබා මම යනවා. "

" හරි පුතේ පරිස්සමෙන් යන්න අපි පස්සේ හමුවෙමුකො අද හරියට කතා කරන්නත් බැරි උනානේ. "
Aria නැන්දා කිවාය.

" අයියේ පරිස්සමෙන් යන්න "
පුංචි jasmin ගේ වචන පෙල විය.

Kamille දෙස බලාගෙනම සාදය නිම වි ඔවුන්ට සමු දුනිමි.

#ආගන්තුකයා
KAHU ✍

කියන්න නොතෙරෙනඅහන් ඉන්න කවුරුත් නැති කතාවක් ජිවිතේ...කියවලා තෙරුම් ගන්න කෙනෙක් ලැබුන දවසට,කවදා හරිම... ලස්සනට පිපෙයි...එ...
20/08/2024

කියන්න නොතෙරෙන
අහන් ඉන්න කවුරුත් නැති කතාවක් ජිවිතේ...

කියවලා තෙරුම් ගන්න කෙනෙක් ලැබුන දවසට,
කවදා හරිම... ලස්සනට පිපෙයි...

එහෙම දවසක් එනතුරු බලාහිඳිමි...!

🍃💗🕊

#ආගන්තුකයා kahu ✍

ප්‍රේමයේදි අනේකාව සතුටු කරලිමට විහිලු කරන්න...නමුදු ප්‍රේමය විහිළුවක් නොකරගන්න...!මංද ප්‍රේමයට අවැසි ප්‍රේමය පමණක්ම නිසා...
13/08/2024

ප්‍රේමයේදි අනේකාව සතුටු කරලිමට විහිලු කරන්න...
නමුදු ප්‍රේමය විහිළුවක් නොකරගන්න...!

මංද ප්‍රේමයට අවැසි ප්‍රේමය පමණක්ම නිසා...!

💗🍃
Kahu ✍

#ආගන්තුකයා

නිමාවක් නොනැතිකොමාවක් සහිතදිවියක කල්පෙකින්එක් දවසකි අද!සුභ උදෑසනක් ඔබ සැමට...!KAHU ✍
08/08/2024

නිමාවක් නොනැති
කොමාවක් සහිත
දිවියක කල්පෙකින්
එක් දවසකි අද!

සුභ උදෑසනක් ඔබ සැමට...!

KAHU ✍

මුහුදත් දන්නවා සමහරු නොදන්න මමම කියපු මගේ කතා...!
07/08/2024

මුහුදත් දන්නවා සමහරු නොදන්න මමම කියපු මගේ කතා...!

26/07/2024

ගතත් වේදනාවෙන් දැවේනම්
සිතත් සො දුකින් තෑවේනම
සොබාදහම දේවි බෙහෙත්
රැක ගන්න විදින්න එයා කියන කතාව අහන්න...!

💗🍃🕊
KAHU

26/07/2024

Magical මනුස්සයෙක් වෙන්න.!
💗💫💬

අදුර කොච්චර දිනුවත්කවදම හරි තරුවක් පායාවිපිං වන්තව ජිවත් වෙන්න...!🤍💬🪬 #ආගන්තුකයා
21/07/2024

අදුර කොච්චර දිනුවත්
කවදම හරි තරුවක් පායාවි
පිං වන්තව ජිවත් වෙන්න...!

🤍💬🪬

#ආගන්තුකයා

Napuru Rapunzel | Story No.08සාදය ඇරබිය. "තාමත් නෑ"මටම කියාගත්තෙමි.සාදයේ සිටි සියල්ලන්ම එකවරම උඩුමහල දිහා බැලුවේ පුදුම ව...
15/07/2024

Napuru Rapunzel | Story No.08

සාදය ඇරබිය.
"තාමත් නෑ"
මටම කියාගත්තෙමි.

සාදයේ සිටි සියල්ලන්ම එකවරම උඩුමහල දිහා බැලුවේ පුදුම විමෙනි.
මාත් එක වරම එ දෙස බැලුවේ කුතුහලයෙන් ය.
සුරාඟනක් මෙන් ඇය සදලුතලයෙන් බැස හෙමිට බිම් මහලට ආවේ ලැජ්ජා සහහත සිනාවක්ද පාමිනි.
මා හට ඇසිපිය හෙලිමට පවා අමතක විය.

"මායාකාරියක්ද හැබැවටම ඔයා kamille"
මං මටම කියාගත්තෙමි.

මගේ අතේ මගේ ගමන් සගයා Camera ව.මා යන සෑම තැනකම පාහේ රෑගෙන යමි.

"මොකද ඡායාරූපශිල්පියෙක් කියන්නේ මතක රැස්කරන්නෙකි. ඔහු වර්තමාන සුන්දර මතක අනාගතයෙදි අතිතය පරිස්සම් කර තබන්නේකි.මං මෙ කතාව කිව්වේ නිකන් අපි යමු අයම කතාවට."

ඇය සුදු පැහැ චාම් ගවුමකින් සැරසි සිටියත් මින් පෙර එවන් ලස්සන යුවතියක් මින් පෙර දැක නැත. මාගේ Camera වේ Shutterය ක්‍රියාත්මක විය.

ලස්සනට සිනාසි ඈ කතා නොකරම ගියේ ඇය ලැජ්ජාවෙනි.
මට ඈ සමඟ සාකච්ඡාවට ආරම්භයක් ගැනිමට ඈගේ ගත් චායාරූපය උපකාරිවිය.

" කොහොමද ඔයාට.මාව මතකද?"
මං ඈට ප්‍රශ්ණයක් යොමු කලෙමි.

" අනෙ මොකද අමතක වෙන්නේ "
ඈ මදක් සිනාසි කිවෙමි.

" ඔයා අද හරිම ලස්සනයි "
මං ඈ වර්ණනා කලේමි
ඈ ලාමක සිනාවක් පා වචන මිමිනුමක් කලේ ඈටවත් නොඈසෙන ගානටය.

" අයියේ අයියේ ඔන්න මං අක්කාව හොයාගෙන ආවා "
Jasmin එකපාරටම හයියෙන් කෑ ගසා අප දෙදෙනා ලඟට දිව ආවේ සිනාසෙමින්ය.

" ආ එකියන්නෙ ඔයාද එක්කන් එන්න කිව්වේ මාව "
Kamille මාව ප්‍රශ්න කරන්නට විය.

" අනේ ආ ආ නෑ මම නෙමෙ. මේ jasmin ගෙ බොරු "
වචන ගිලගනිමින් ගොත ගගා මම එසෙ කිවේ මං jasmin ට කටවසාගන්න යැයි පෙන්වමින් ය.

" ආහ් සොරි සොරි අයියේ.අක්කගෙ තැග්ග දෙන්නේ නැද්ද."
පුංචි jasmin මට ඉඟිකර කිවෙමි රහසින් ඇසුවෙමි.

" මේ පුංචි තැග්ග ඔයාට "
මං Kamilleට දුන්නෙමි.

ඇය ලැජ්ජාවෙන් එය බාරගත්තෙමි මනමාල මා වශි කරවන හිනාවක්ද පාමින්‍ ය.

" Thank you අයියේ "
ඇගේ හින් හඩිම් වචන මිමිනුම විය.

KAHU ✍
#ආගන්තුකයා

15/07/2024

ජිවිතයේ ජිවත් නොවන
මතකයේ ජිවත් වන
සියලු දෙනාටම ආදරේයි...

නැවතත්...

ආදරේයි කියා
හදවත් පොතේ
නොමැකෙන පිටුවක
ලියා තබමි...!

| KAHU 🤍🕊
#ආගන්තුකයා

Napuru Rapunzel | Story No.07සාදය තිබුනේ මාගේ නිවසට යාබද නිවසෙය.Jasmin උදේ හමු වු මොහොතේ මං කිවා ඔබට මතක ඇති. පුංචි jasm...
13/07/2024

Napuru Rapunzel | Story No.07

සාදය තිබුනේ මාගේ නිවසට යාබද නිවසෙය.Jasmin උදේ හමු වු මොහොතේ මං කිවා ඔබට මතක ඇති. පුංචි jasmin සාදයට පැමිණි යාලුවන් සමඟ සෙල්ලම් කරමින් සිටි.මං වටපිටි සොදිසිකලේ kamille ව දැක ගැනිමේ නොයිවසිල්ලෙනි.

" Kahu මොකද මේ එ කෙල්ලට මෙච්චර ආදරයක් "
නැවතත් මාගෙ සිත මා හටම නැගුන ප්‍රශ්නයක් විය.

" ආ එන්න පුතෙ. බලන්නකො මෙයාගේ ලස්සන. මනමාලියක් බලන්න යන්නවගේ ඇවිත් තියෙන්නේ. "
Amara නැන්දා ලා... සිනවක් පා මං නාදුනන නැන්දාගෙ පෙනුමැති කන්තාවකට කියා සිටියේ මා දොරෙන් ඇතුලු වු මොහොතෙමය.

" ඔව් ඉතිම් සාදයක් කියන්නේ එ වගේ දෙයක්නේ නැන්දේ "
සිනාවත් සමඟ මා කිවෙමි.

" මේ නැන්දා කවුද නැන්දේ මං මිට කලින් දැකලා නැහැ. "
මේ kamille ගේ මව යැයි කියා සිතුනත් මාගේ ප්‍රශ්නය එය විය.

" මේ ඉන්නේ මගේ අක්කා Aria. අක්කලා ඉයේ රෑ තමයි අවේ. මෙයාලා වෙනුවෙන් තමයි මේ සාදය සූදානම් කලේ. "
Amara නැන්දාගේ පිළිතුර විය.

" ආ Aria නැන්දේ අදුනාගැනිම සතුටක්. Jasmin මට කිව්වා උදේ හම්බවෙලා කිව්වා. Kamilleව ගම පෙන්නන්න එක්කන් ගියවෙලාවේ "
මං කිවේ වටපිට බලමින් ය.

" අහ් kamille ව හම්බුනාද අද. මෙයා දැනගෙන බොරුවට අහනවා නොදන්නවා වගේ "
Amara නැන්දා සමච්චල් සිනාවක් පා කිවාය.

" මටත් පුතාව අදුන්වලා දෙන්නේ නෑද්ද "
Aria නැන්දා Amara නැන්දාට නැගු ප්‍රශ්නය විය.

" මේ අපේ අසල් වැසි කඩවසම් කොලුවා Kahu "
නැන්දා ආදරනිය සිනහාවකින් අදුන්වා දුන්නාය.

" අදුනා ගැනිම සතුටක් පුතේ. අද ඉදන් අපිත් ඔන්න ඔයාගේ අසල්වැසියො "
Aria නැන්දාද සිනාවකින් මා හට කියා සිටියාය.

" Amara නැන්දේ මෙන්න ඔයාට මගෙන් පුංචිම පුංචි
තැග්ගක්. "
ඇය වෙනුවෙන් ගෙන ආ තිළිණය පුදකලෙමි.

"තවම එයා ඇවිත් නෑ වගේ"
මං කාටත් නොඇසෙන ගානට මා මටම කියාගත්‍තෙමි.

චුටි Jasmin මා දුටු සැනින් මාගේ ලඟට දිව අවෙමි.

" ආ Kahu අයියේ. මට තෑගි නෑ."
ඇය මගේ මුන දෙස බලා තැගි දෙස බැලුවාය

" මෙන්න මගේ princess ට මගෙන් "
Jasmin ට තිළිණ කලෙමි.

" අයියේ ඉතිරි තැග්ග කාටද? "
Jasmin කුතුහලයෙන් ඇසිය.

" ආ එක චුටි... මේ... ඔයාගේ Kamille අක්කාට. කො එයා "
ලැජ්ජාවෙන් මා කියා සිටියා.
ඇයද හුරතල් සිනාවක් පා
" ආ එයා තාම ලැස්තිවෙනවා ඇති. මං හිතන්නේ දැන්නම් ඉවර වෙන්න වෙලා. මං බලලා එක්කන් එන්නම්. "
ඇය එය කියා ගියාය.

KAHU ✍
#ආගන්තුකයා

Napuru Rapunzel | Story No.06දිග සුසුමක් හෙලා මා නැවතත් ගියේ මගේ සොල්දරයටයි. එතන ජනෙලයෙන් පෙනෙන.හවස බැස යන මළ හිරුගේ දසු...
12/07/2024

Napuru Rapunzel | Story No.06

දිග සුසුමක් හෙලා මා නැවතත් ගියේ මගේ සොල්දරයටයි. එතන ජනෙලයෙන් පෙනෙන.හවස බැස යන මළ හිරුගේ දසුන දෙස මා සැමදා භාවනක් මෙන් බලා සිටි. පිලිතුරු නොමැති බොහො ප්‍රශ්නවලට මට පිලිතුර එය වේ. මා සොල්දරයට යාමට පෙර පෙන පිරුනු කිරි කොෆි එකක් සාදාගැනිමට අමතක නොකරමි. දුර ඈත පෙනෙන පයින්ගස් කෑලෑව දෙසින් ඇදිර වැටිගෙන එත්ම මාගේ ජංගම දුරකතනය නාද විය.එහි දිස් වුයේ ' Amara Nanda '
ලෙසයි.

"හෙලො නැන්දේ"
සන්සුන් ලෙසින් මම

"හෙලො Kahu පුතේ. මං ඔයාට කතා කලේ පුංචි ආරාධනාවක් කරන්න. ඉස්සෙල්ලාම ඔයාගෙන් සමාව ඉල්ලනවා.මං අද පාන් පිච්චුවේ නෑ."

"අනෙ එකට කමක් නෑ නැන්දේ. මොකක්ද ආරාධනාවක් කරන්න තියෙනවා කිව්වේ"
කුතුහලයකින් ඇසුවෙමි.

" අද රෑට අපේ ගෙදර පොඩි සාදයක් තියෙනවා. ඔන්න බෑ කියන්න බෑ. නොවරදවාම හතයි තිහ වෙද්දි එන්නම ඔනේ පුතා "
ඇය මාගෙන් කාරුනිකව ඉල්ලා සිටි.

"හරි නැන්දේ මං එන්නම්."
මං කිවේ kamille ව දැක ගැනිමට ඇති අශාවත් මෙය අනිවාරයයෙන්ම ඔවුන්ව පිලිගැනුම උදෙසා පවත්වන සාදයක් බවත් මට සිතුන නිසාය.

ඇමතුම අවසන් වි වෙලාව බැලුවිය දිස් වුයේ සවස හයයි හතලිස් අටක් ලෙසිනි.

" දැන් මට යන්න වෙනවා යාලුවනේ. ඔයදෙන්නා රණ්ඩු නොවි ඉන්න. මං රෑට කෑමත් අරගෙන. Unicornන්වත් බලලා එන්නම්කො. " සිනහාවකින් ඔවුන්ගෙ හිස අතගා සනසා ඔවුන්ට තාවකාලිකව සමු දි ලැස්තිවිමට ගියෙමි.

නෑමට පසු. මා සුදු velvet කමිසයට navy blue දිග් කලිසම ඇද හැඩ බැලුවේ ගිය වසරේ මගේ මව්පියන් විසින් මාගේ උපන්දිනයට දුන් රත්‍රන් චාම් මාලයද අත්පලදනාවද දමාය. බෙල්ල දෙපසට සුවඳ විලවුන් ගල්වා අනෙක් අතින් කොන්ඩයද සකසාගෙන කැඩපත ඉදිරියේ කැමිලිගෙන් ප්‍රශ්න කලෙමි.

" කොහොමද ලස්සන Rapunzel. ඔයා අද හරි හැඩයි ලස්සනයි.මං අද ආවේ ඔයාව..."
ඇය ලැජ්ජාවෙන් සිනා සුනා පමණි. මංද එය මා හිතින් මවාගත් දෙයක් නිසාය.

සාදයට යාමෙදි Amara නැන්දා ආසම mccafe Coffee box එකක් සමඟ Jasmin ආසම වර්ගයේ Heavenly Chocolate box දෙකක්ම ගත්තේ Kamille ටත් එකක් දිමේ අරමුණින්ය.

මා සාදයට යාම සඳහා පිටත් වුනෙමි...

KAHU ✍

#ආගන්තුකයා

ඔබ මට අද දවසේ හමු වු අහඹු ත්‍යාගයකි...!🤍🍃🕊
12/07/2024

ඔබ මට අද දවසේ හමු වු අහඹු ත්‍යාගයකි...!

🤍🍃🕊

Napuru Rapunzel | Story No.05ඉර මුදුවි තිබුනද සීතල නිසා එයින් දැඩි රශ්මියක් නොදැනෙයි.එන අතරතුරෙද මාගේ මතකය තිබුනේ Kamill...
11/07/2024

Napuru Rapunzel | Story No.05

ඉර මුදුවි තිබුනද සීතල නිසා එයින් දැඩි රශ්මියක් නොදැනෙයි.

එන අතරතුරෙද මාගේ මතකය තිබුනේ Kamille ලඟය.

"අහ් sorry මහත්මයා. මං දැක්කේ නැහැ ඔයා එනවා"
මා අතරමන් කෙරු යුවතියගේ මතකයන් සමඟ එන අතර තුර මා නොදැනුවත්ව ඔහුගේ ඇගේ වැදුනි.

අපෙ ගමේ Sheriff ඔහු නමින් Stivers.ඔහු නිතිය අකුරට ක්‍රියාත්මක කරන.ඉතමත් කාරුනික හොද නිළදාරියෙක්.

"අහ් එකට කමක් නැහැ තරුණයා.පරිස්සමෙන් පාරේ යනකොට.මට මුනෙන් පෙනෙන්නේ තරුණියකට වහා වැටිලා පාටයි" හිනාවක් පා ඔහු මට කිවා.

"ඔයා හරි Sheriff එයා තරුණියක් නෙමෙයි.මයාකාරියක්"
සිනාවත් සමඟ මා ඔහුට දුන් පිළිතුර එයයි.

මා නිවසේ දොර අසළටම පැමිණි විගස මාගේ හොදම මිතුරන් දෙදෙනාගේ ආදරණිය පිලිගැනිම මට හිමි විය.

එනම්,
මගේ ලෝම පිරුනු golden retriever බලු කෙල්ල Keli සහා සුදු ලෝම පිරුන persian පුස් කොල්ලා Cleo. දෙන්නාම මගේ ආදරයට ලොබකම් පාමින් රන්ඩුවුවද දෙදෙනා හොදම යාළුවන් ය.

ඔවුන් සමඟ සිටියදි කාලය ගතවනවා නොදැනේ. මනසට හිතට සැනසුමක් ගෙනෙන්නෙ ඔවුන් දෙපලයි.

"Keli ඔයා වගේම ලස්සන බුල් පිරුන Cleo ඔයාවගෙම නපුරුකමේ ලක්ශන තියෙන. දෙන්නාම වගෙ අහින්සක හුරතලයක් තියෙන කෙල්ලෙක් ගමට ඇවිල්ලා."

හුරතල් වෙමින් සිටි ඔවුන් දෙදෙනා මාගෙ මුන දෙස බලා නැවත හුරතල් වුයේ මට ඇති ආදරය ගරුත්වය පෙන්වමිනි.ඔවුන් සමඟ මද වෙලාවක් ගත කොට මා ගියේ මාගේ ඉහල සොල්දරයේ තිනෙන මාගේ කුඩා පුස්තකාලයටයි. එ මං කියවිමට ගත් පොත තබා එමටයි. ඉන් පසු මා වැඩිම වේලාවක් ගතකරන මාගේ වැඩ කාමරයට මා පැමිණියේ පෙර දිනයක ඉතිරිව තිබු ඡායාරූප කිහිපයක් සංස්කරණය කර නිම කිරිමටයි. මා වෘත්තිමය ඡායාරූපශිල්පියෙකි.

දහවල් ආහාරයට සකසා ගත් චීස් දැමු බඩඉරිඟු පිගානත් සමඟ මාගේ වැඩ අවසන්විය. වැඩ අවසන්ව බැලුවිට පරිගනකයේ වෙලාව දිස් වුයේ සවස පහයි තිහ ලෙසයි.

KAHU ✍
#ආගන්තුකයා

Napuru Rapunzel | Story   No.04ඇය හුරුබුහුටි රූමත් තරුණියකි. මා නැවතත් Jacaranda ගසට නැග්ගේ Diory ය අතට හනිමින්‍ ය. මා එ...
10/07/2024

Napuru Rapunzel | Story No.04

ඇය හුරුබුහුටි රූමත් තරුණියකි. මා නැවතත් Jacaranda ගසට නැග්ගේ Diory ය අතට හනිමින්‍ ය. මා එක් දිනක මගේ හිතේ ඇදුනු රුවක් සිත්තම් කර Diory ඇතුලේ දාමා තිබුනි. එය අතට ගෙන බැලු විට Kamille ගේ රූවට සමාන රුවක් මා පෙර දින ඇද තිබුනේ දෛවයේ කිනම් සරදමක් නිසාද යන්න මට නොවැටහිය. මා හට කිරිමට තිබුනේ මුහුනෙ ඇති උපන් ලපය ඇදිමට පමණි.

මා Diory යේ මෙසෙ සටහනක් තැබුවෙමි.

"ලස්සන පියාපත් නොමැති සුරංගනාවියක් ඇවිත් ගමට. මගේ කතාවේ Rapunzel එයාදො සැකයි, දැක්ක වෙලාවේ ඉදලා අමුතුම හැඟිමක් හිතේ ඇති වුනේ.මට වචනෙන් කියන්න වත් අකුරෙන් ලියන්නවත් නොතෙරෙන හැඟිමක්."

එසෙ ලියා කදු අතරින් අහස දෙස බැලු විට වලාකුලකට එබිකම් කර ඇය සිනාවක් පාන අයුරු මැවි පෙනුනි.ඈ ලඟින් අවේ අමතක නොවෙන අමුතුම සුවඳක්.

" ඇයි Kahu මේ එ කෙල්ල ගැන ඔච්චර හිතන්නේ"
මං මගෙන්ම ප්‍රශ්න කලේ එ මොහොතෙදිය.

මං බෑගය හදාගෙන Gloria ලඟට ගියේ ඇය දිය කඩිත්ත අබියස වතුර බොන අවස්තාවෙදිය.

"ඔන්න මගේ Gloria කෙල්ලෙ උබට නොදෙවෙනි Unicorn කෙනෙක් ගමට ඇවිත්.මාත් වහාවැටුනා දැක්ක මොහොතෙ ඉදලා."

Gloria මගෙ බඩට හිසෙන් ඇන නැවත වතුර බිමට පටන් ගත්තේ සමච්චලයටද තරහාවටද යන්න නොවැටහුනි.එ මොහොතෙදි ටිකක් ඇතින් තිබුනු Parisa වැල් පාලමෙන් Jasmin බට්ටි එක්ක Unicorn Kamille ඉතාමත් සිරුවට එගොඩ වන හැටි බලාගෙන මම Gloria ට මෙසෙ කිවෙමි.

"අන්න දැක්කාද Gloria කෙල්ලේ Unicorn ව බලපන් උබ වගෙම හැඩයි නෙද?"

Gloriaගෙ හිස අතගා ඇයව සිප වෙනදාට කලියෙන් ගෙදර එන්න පිටත් උනේ Kamille ගෙ වගතුග විස්තර සෙවිමත් දිවා අහාරය ගැනිමටත් ය.

Szanto ඔරලොසුවේ වෙලාව
"12.45 යි මාමේ"
මඟ එද්දි වෙලාව විමසු මහලු මිනිසකුහට මා වෙලාව පැවසුවෙමි.

වෙනදා මෙන් නොව අද මහා අමුත්තක් දැනේ...

KAHU ✍
#ආගන්තුකයා

Napuru Rapunzel | Story No.03'ලස්සන නමක්නේ තියෙන්නේ Kamille නම වගෙම රූපෙත් ලස්සනයි.ගැලපෙනවා'එ හඬින් නොව මගේ හිතින් කිය ව...
09/07/2024

Napuru Rapunzel | Story No.03

'ලස්සන නමක්නේ තියෙන්නේ Kamille නම වගෙම රූපෙත් ලස්සනයි.ගැලපෙනවා'එ හඬින් නොව මගේ හිතින් කිය වුනු වචන පෙලකි.

ගසේදි දුටු ලස්සනට වඩා ලස්සනක් ලඟට පෙනුනි.
රූ වරුනාවක් කිරිමට අවැසිමයි. දිගැටි දුබුරු පාට බලල් ඇස්, රවුම් මුහුණ, දිගැටි නහය, Roses පෙති දෙකක් වන් දෙතොල්, රොසපාට දෙකම්මුල්, සුදු පාට හම, සිහින් සිරුර, ඉනෙහි වදින වරලස.එයානම් පාරාදිසයට අපු සුරඟනක් දො සැකයක් මට සිතුනා. තවද පුංචි Jasmin එයාගේ කොන්ඩෙ Dasiy මල්වලින් සරසලා තිබුනා.
"අපි දැන් ආයම හිටපු තැනට.Jasmin ගෙන් අහපු ප්‍රශ්නේ ලඟට"

"මේ ඉන්නේ අයියේ අලුතෙන් ගමට ආව Aria නැන්දා ගේ දුව
Kamille. නැන්දයි Kamille අක්කයි ඉයේ ඉදලා අපේ ගමේ පදිංචියට ආවා." Jasmin ගේ මුනෙන් සතුටු සිනහාත් සමඟ වචන පිට විය.

" අහ් එහෙමද චුටි."

"අදුනා ගැනිම සතුටක් Kamille."
බිම බලා සිටින ඈගේ මුහුණ දෙස බලා මනමාල සිනහාවක් පා ඈ හට කිවෙමි.

"මාව අදුවලා දෙන්නේ නැද්ද දැන්"
මං පුංචි Jasmin ගෙන් විමසුවේ මුනද හුරතල් කරමිනි.

" හයියො සමාවෙන්න අයියේ මට අමතක උනානේ.Kamille අක්කෙ මෙ ඉන්නේ Kahu අයියා. අපේ ගෙවල් ලඟ ඉන්න මගේ හොඳම යාලුවා "

බොලද වි වචන මිමිනුමක් ඇසුනෙ ලා සිහින් සිනා රැල්ලක් සමඟය.

"මටත් අදුනා ගැනිම සතුටක්"
මා නිවැරදිනම් ඇය කියා සිටියේ එයයි.

" අයියේ අපි ගිහින් එන්නද?ඔයාත් එනවාද දැන්ම"
Jasmine ගේ හඬ මා අතරමංව සිටි ලොකයෙන් මිදිමට බදාකලාය.

" මං තව ටිකකින් එන්නම් චුටි ඔයාලා යන්න. හවසට මං පාන් ගන්න එනවා කියලා Amara නැන්දට කියන්න"
මං Jasmin හට පැවසුවෙමි.

"හරි අයියේ මං අම්මට කියන්නම්.bye"

"හරි චුටි පරිස්සමෙන්.bye"
මං ඔවුන්ට සමුදුන්නේ Kamille ගෙ දෙසින් ඇස් ඉවතට නොගනිමින්‍ ය.

KAHU ✍
#ආගන්තුකයා

ලස්සන දේවල් දැකලාඑවා රාමු කරලා ගහන්නේ නැතුවමිනිස්සු රාමු ඇතුලේ හිරවෙලාලද ජිවිතේට හුල්ලනවා...ེ🍃🕊 | KAHU #ආගන්තුකයා
09/07/2024

ලස්සන දේවල් දැකලා
එවා රාමු කරලා ගහන්නේ නැතුව
මිනිස්සු රාමු ඇතුලේ හිරවෙලා
ලද ජිවිතේට හුල්ලනවා...ེ
🍃🕊

| KAHU

#ආගන්තුකයා

Napuru Rapunzel | Story No.02Lolyo ගේ වස් දඩු රාවය ඈතින් ඇසේ. ඔහුගේ එම නාදය ස්භාවධර්මය සමඟ එක් වු විට මනසට දැනෙන නිදහස ම...
08/07/2024

Napuru Rapunzel | Story No.02

Lolyo ගේ වස් දඩු රාවය ඈතින් ඇසේ. ඔහුගේ එම නාදය ස්භාවධර්මය සමඟ එක් වු විට මනසට දැනෙන නිදහස මිල කල නොහැක.මං කියවිමට ගෙනව පොත අතටගෙන දහා හතර වන පිටුවෙන් Dasiy මලක් දමා පොත වැසුවේ කොෆි උගුරක් බි තොල පොගවාගෙන කදු පාමුල දිව යන අශ්වයන් රංචුව දෙස බැලිමටයි.කොෆි බොතලයද ගෙන Jacaranda ගසට නැග්ගේ අශ්වයන් සෙල්ලම් කරන අයුරු හොද හැටි පෙනන ඉසව්ව එය වන හෙයිනි. අශ්ව රංචුවේ මා බොහො ප්‍රිය කල එකෙකු සිටි. ඈ අපුරු හැඩ කාර සුදු වෙලබකි. ඇයගේ නම Gloria ඇය මාගෙ මිතුරියකි.

"මගේ කෙල්ල වැඩ කාරායා"
මං එසෙ කිවේ ඔවුන් සෙල්ලමට දිව ගොස් ඇය දිනු නිසායි.

ලාමක සිහින් සිනා හඬක් ඈසුනි. මං වට පිට බැලුවේ එවිටය.

" Jasmin එක්ක ඉන්න කවුද මෙ ලස්සන කෙල්ල "
මං මට කියා ගත්තේ ඇයව මින් පෙර කිසිදා නොදැක තිබු නිසාවෙනි.ඇය දුටු මොහොතෙ මාගේ ඇස් වෙනතක බැලිම ප්‍රතික්ෂේප කලේ මින් පෙර එවන් යුවතියක් දැක නැති හෙයිනි.
ඇය කුඩා Jasmin එක්ක සෙල්ලම් කලද ඇය කුඩා දරුවකු නොවේ. ඇයට වයස විස්සක් පමණ පෙනෙ. නමුත් දාංගලය චුටි Jasmin ට දෙවෙනි නැත.

"Jasmin මොකද මෙ පැත්තේ"
එ පැනය මාගෙන් ම අසාගත්‍තේ වෙනදාට ඇය සෙල්ලම් කිරිමට මෙ දෙසට නොඒන නිසාවෙනි.

"ස් ස් චුටි"
මා ඇයට සංඥාවක් යොමු කලා.

" ආ අයියේ. ඔයාට බාධාවක් උනාද? Sorry "
මුහුන ඇබුල් කරගනිමින් මා දෙස බලා බිම බලාගත් පුංචි Jasmin ලඟට ගියේ Jacaranda ගසේ පහල අත්තෙන් බිමට බැසය.

"අනේ නෑ චුටි.මොකද මෙ පැත්‍තේ.වෙනදාට එන්නෙ නැහැනේ."
ප්‍රශ්න නගමින් ඇය ලඟට කිට්ටු උනේ අමුත්තියගේ තොරතුරු දැන ගැනිමෙ අරමුණින්ය.

" අනෙ නැහැ අයියේ මං මේ Kamille අක්කට අපේ ගම පෙන්නන ගමන් හිටියේ."

"අහ්.එහෙමද කවුද මෙ අමුත්තිය."ඇයගෙන් අසා

Kahu ✍


#ආගන්තුකයා

Address

Milleniya
Horana

Website

Alerts

Be the first to know and let us send you an email when KAHU posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share


Other Digital creator in Horana

Show All