
06/12/2023
2048 රට හදයි ද???
අපේ රටේ දුක් විදින ජනතාව වෙනුවෙන්...
මේ ටික කියවන්න කලින් දේශපාලන කණ්ණාඩි තියෙනවා නම් ගලවගමු සීරුවට..
නො.01) 2048 අපේ රට ආර්ථික වශයෙන් සංවර්දනය වෙනවා නම් අඩුම එය ඉටුකරන ආර්ථික දර්ශක අගයන් ටික මේ වෙනකොට පැහැදිලිව අපිට කියන්ට ඕනි.
උදා- රටේ අපනයන වැඩි කරන අගය
රට තුල නිමැවුම වැඩිකරන අගය
රස්සාවල් වැඩි කරන අගය
Setting Vision for the journey.
නො.02) ඔය කියපු අගයන් වලට අවුරුද්දක් ගානෙ යන්නෙ කොහොමද කියල අපිට කියන්ට ඕනි. Setting mission.(Break Down of impact to key economic factors)
කොහොම උනත් ඔය අපේ අය වැය වගේ නම් වැඩක් නෑ. හේතුව පසු විමර්ශනයක් නෑ නෙ.
ඉතිං ඊළග අවුරුද්දට ආයෙ අලුත් එකක් ගේනව ප්‍රගති සමාලෝචනයක්වත් නෑ නොවෑ.
සමහර Projects මේ පාර අය වැයෙන් පටන්ගෙන ඊළග එකෙන් නැවතිලා.
නො.03) මේ තීරණ ගන්න ප්‍රායෝගිකව එකී විශයන් තුල කෑපී පෙනන විද්වතුන්ගෙන් සමන්විත කොමිටියක් පත්කරගන්න වෙනවා. (වියත් මග වගේ නොවී)
නො.04) දේශපාලන බලධාරීන්ගේ වගකීම වෙන්න ඕනී මෙකී කොමිටි තුලින් ගන්න තීරණ සමාජයේ මහජනතාවගේ හිත සුව පිණිස ඉලක්ක වෙනවද කියන දේ විමර්ශනය කරන එකයි. ( හරියට මහජනතාවයි අදාල විද්වතුන් යා කරන පාලමක් වගේ)
හේතුව සමහර විද්වතුන් සමාජ මට්ටමේ දැනුමකින් තොරව ගන්නා තීරණ හා එහි බලපෑම අඩු කිරීමයි.
හැබැයි ඉතින් අර මං කලින් කිවුව පාලම ගොඩනගන්න පුළුවන් කීප දෙනෙක් පාර්ලීමේන්තුවට පත් කරල යවන්න වෙයි.
නො.05) අඩුම තරමේ වසර 10 වකට වත් වෙනස් නොවන ( බලපෑම් අධ්‍යනයකින් තොරව , දේශපාලන අත ගැසීම් ලෙස) ප්‍රතිපත්ති හා ක්‍රමවේදයන් හඳුනාගත් ක්ශේත්‍රයන් තුල ගොඩ නගන්න ඕනි.
(Setting up policies and procedures)
නො.06) පර්යේෂණ හා අධ්‍යනය සදහා ප්‍රමුඛත්වයක් ලබා දීම.
( Research and Development)
මේ දේ ඉතා වැදගත් අපි රටක් විදියට නොකරනම දේ. අපි ගන්නා තීරණ වල බලපෑම සොයා බලා එම තීරණ කොයි තරම් දුරට කාර්‍යක්ෂම ද , ඵලදායීද කියල හොයල බලල ඒ තීරණ තව දුරටත් ගැට්ළු විසදීමට සාර්ථකව යොදා ගැනීම.
නො.07) රජයේ වටිනාම සම්පත මානව සම්පත වඩා හොදින් යොදා ගැනීම.( කාර්‍යක්ෂම හා සඵලදායී ලෙස)
රටේ ගොඩක් ප්‍රශ්න වලට මුල තමා මේ. හේතුව අපිට ජාතික මානව සම්පත් පාලන සැලැස්මක් නෑ. ජාතික වැටුප් තල නෑ. ජාතික පුහුනු වීම් කරන සැලැස්මක් නෑ, ජාතික උසස්වීම් ලබා දීමෙ ක්‍රම වේදයක් නෑ, ජාතික බදවාගැනීමෙ ක්‍රම වේදයක් නෑ.එකනේ මේ වැඩ වර්ජන හා සේවක අතිරික්තතා වැඩි.
පැයක වේතන අගයක්
සුපැහැදිලි බඳවා ගැනීමේ වැඩසටහනක් ( සරලවම කිවුවොත් සුදුස්සාට සුදුසු තැන ලබා දීම.ඕක තමා අපිට ඇත්තෙම නැත්තෙ., එක නිසා තමා ගොඩක් අර්බුද)
පැහැදිලි කාර්‍ය ඇගයීමෙ ක්‍රම වෙදයක් තුල ලබා දෙනු ලබන උසස්වීම්.
ඔය වුර්තීය සමිති ටිකත් හොද විදිහට යොදාගන්න පුළුවන් මේ ට්ක හැදෙනකොට.
නො.08) ජාතික ඉගෙනුම් ඉගෙනීම් ක්‍රියාවලිය යාවත්කාලින කිරීම.
කොටින්ම ප්‍රාථමික අංශය ක්‍රියාකාරකම් තුලින් සවිමත් කිරීම.තමන්ට තමන්ගෙ වැඩ ටික පිළිවෙළට කරන විඳිය කියල දෙන. ඔය බර පොත් මිටිය වෙනුවට තමුන් කොහිමද වැසිකිළියකට යන්නෙ, කොහොමද වැසිකිළියක් පිරිසිදුකරගන්නෙ වගේ දේවල...( මේවා මේ උදාහරණ වලට කිවුවේ නැතිනම් කොනින් අල්ල ගනියි)
තව දෙයක් තමා ඉතිහාසය , සාහිත්‍යය අනිවර්‍ය විෂයන් කරන්න ඕනි. හේතුව අපි ඉගෙන ගත්ත ඉසා තුල කටුකව ජීවිතය ගොඩගන්න හැටි කේ.ජයතිලක මහත්මා හොදට කියල දීල තිබුණ. එවා හරි වැදගත්. ඒ වාගේම දහම් පාසල අනිවර්‍ය කල යුතුයි.
ඔය ටිකයි. තව තියෙනවා එමට.
නො.09) විනය සමාජය තුල රජ කරවීම.
මෑත කාලීන රජවරුන්ගෙන් අපි ගිටි කෑවා හොඳටම ඒ නිසා අයී රජවරු එපා එකට විනය රජ කරවන ප්‍රතිපත්තියක් තිබීම
නො.10) පාසැල තුල සෑම අයෙකුටම මූල්‍ය හා ආර්ථික විදව්‍යා විෂය යම් මූලික මට්ටමකට හෝ ලබා දීම.
අවශ්‍යතාවයන් හා උවමනාවන් හදුනාගෙන සම්පත් උපරිම මට්ටමෙන් යොදාගන්නා විඳිය හැම පුරවැසියෙක්ම දැන ගත යුතුවේ.
ඉතින් අඩුම ඔය දේවල් ටිකවත් ඉලක්ක නොවී එදා වේල ටුවර්ස් වැඩසටහන් නම් ක්‍රියාත්මක වෙන්නෙ අපි 2048 දීත් මෙතනම තමා.
එවා හුදෙක් පොරොන්දු විතරක් වෙයි.
ඔය පල්ලෙහා ට්ගියෙන පත්තර කෑල්ල එ දේ ඔප්පු කරන්න පෙන්නන සක්ෂියක් විතරයි.
ගයාන් කෞශලය
BSC Management Special ( J' pura)
ප:ලි.
නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත්ත , මිනිහෙක් විදිහට මගෙ යුතුකම මට උගන්නපු අහිංසක මනුස්සයට ,ඒ ගත්තු හාල් කිලෝඑකෙනුයි , සබන් කෑල්ලෙනුයි බදු ගහල එ සල්ලි වලින් ඉගෙන ගත්ත මගෙ ඇගේ ලේ කකියනවා මගේ රටට , මේ අහිංසක මිනිස්සුට මේ ජරා දේශපාලනයො ටිකයි උසස් වගකීම් දරණ නිළදාරීටිකයි කරන දේ දැකපුවම.
මේ ලිවුවේ අඩුම තරමෙ ඇත්ත තේරුම් ගෙන ආයිත් නොරැවටී ඉන්නයි.
මං අලියෙක්වත්, පොහොට්ටුවෙවත්, දුරකථනයෙවත්, පුටුවෙවත් හා එකම බල වේගයකවත් නොවන බව ලියමි.