13/01/2025
මට වයස අවුරුදු 31දී ඒ කියන්නේ මීට අවුරුදු දෙකකට කලින් හරියටම තේරුම් ගිය අවුරුදු 20 ඉදන් 30 වෙනකම් මම වැරදි විදිහට දේවල් දැකපු විදිහ, දරපු ආකල්ප ඔබත් එක්ක share කරන්න හිතුවා. ඔබ තාමත් ඉන්නේ මේ වයස් සීමාවේ ඇතුලේ නම් ඔබට මේ points ටික වැදගත් වේවි කියලා හිතනවා ජීවිතය සාර්ථක කර ගන්න.
01. මුදල් සාර්ථකත්වය මනින මිනුමක් ලෙස දැකීම
රැකියාවෙන් ටිකෙන් ටික ඉහලට යන විට මම ගොඩක් දුරට ඒ වැඩිවෙන මුදල් වැයකරේ මට පහසුවෙන් afford කරන්න බැරි දේවල් මිලට ගන්න, විනෝදාස්වාද වැඩ කටයුතු වලට වගේ show off කරන වැඩ වලට. ඒකට හේතුව මම ඒ වෙනකම් හිතුවේ මුදල් කියන්නේ තමන්ගේ සාර්ථකත්වය මනින මිනුමක් කියන එක. හැබැයි දැන් මම මුදල් දකින්නේ අපේ ජීවිතය සාර්ථක කරගන්න, freedom එක ලබා ගන්න භාවිතා කරන්න අවශ්‍ය tool එකක් විදිහට.
02. අසාර්ථක වීමට බයවීම
මීට අවුරුදු ගානකට කලින් කරන්න සැලසුම් කරපු සමහර දේවල් කරන්නේ නැතුව හිටියේ මේ දේ කරොත් අසාර්ථක වෙයි කියන බය හිතේ තිබුණ හින්දා. හැබැයි දැන් මම තේරුම් අරන් ඉන්නේ සාර්ථකත්වය ලබන්න අසාර්ථක වෙයි කියන බය හිතින් අයින් කරන්න, අසාර්ථකත්වයට ශක්තිමත්ව මුහුණ දෙන්න පුලුවන් වෙන්න ඕනේ කියන එක.
03. ජීවිතයේ එක පැත්තක් විතරක් වැඩිපුර focus කිරීම
ඉගෙන ගන්න එක, අධ්‍යාපන සුදුසුකම් සපුරන එක, වෘත්තීමය ජීවිතයේ ඉහලට යන්න වැඩ කරන එක ජීවිතයේ මූලිකම focus එක වෙලා තිබුණ නිසා fitness levels, active lifestyle එක වගේ දේවල් මගහැරුණා. ඒ ගැන නැවත අවධානය යොමු කරන්න අවශ්‍යයි කියලා reminder එක දුන්නේ medical reports.ඒ නිසා කිසිම වෙලාවකදී ජීවිතයේ එක පැත්තක් විතරක් focus කරගෙන වැඩ කරන්න එපා. ඔබේ overall wellness එකට මූලිකත්වය දෙන්න.
04. අනිත් මිනිසුන්ගේ මතය ගැන වදවීම
අනිත් අය ඔබ මොන දේ කලත් ඔවුන් ඔබ ගැන දරණ මතය, කියවන gossips නවත්වන්නේ නැහැ. ඒ ගැන stress වීම වෙනුවට ඔවුන්ගේ මතය ගැන ඔබ වදවීම නවත්වන්න. ඔබේ ගමන ඉදිරියටම යන්න.
05. සමාජ සම්මත මාර්ගය තෝරා ගැනීම
හොඳට ඉගෙන ගන්න. ඒක ඉවර වෙද්දී රැකියාවක් හොයා ගන්න. ඊට පස්සේ පොඩ්ඩක් stable වෙද්දී හැමෝටම පේන්න wedding එකක් අරන් විවහා වෙන්න. ඊට පස්සේ දරුවෝ හදන්න. ගෙයක් හදන්න. වාහානයක් ගන්න. සමාජය පිලිගත්ත frame work එකේ තියෙන මේ දේවල් ටික ලංකාව වගේ ආර්ථිකයක කරන්න නම් සෑහෙන්න ණය වෙන්න වෙනවා. ඊට පස්සේ ඒ ණය ගෙවන්න තමන්ගේ හීන, කැමති දේවල්, මානසික නිදහස කැපකරමින් ජීවිත කාලයම වෙහෙසෙනවා. එහෙම කරනවා වෙනුවට ඔබේ passion එක talent එක හරියට අඩු වයසෙන්ම හදුනාගෙන ඒ වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්න. මේ දියුණු ලෝකය ඇතුලේ ඔබට ඕනෑ තරම් සාර්ථක වෙන්න අවස්ථා තියෙනවා.
මේ හැම කරුණක්ම මම ලිව්වේ මගේ personal experiences මත. මේ දේවල් තේරුම් ගත්ත නිසා මට දැන් පුලුවන් වෙලා තියෙනවා ක්‍රමයෙන් මගේ ජීවිතය මට අවශ්‍ය විදිහට හරි track එකට ගන්න. මට අවශ්‍ය නිදහස ටිකෙන් ටික ලඟා කර ගන්න. ඒ නිසාම 2025 වසර බොහෝ දුරට මගේ ජීවිතයේ වැදගත්ම වසරක් වෙයි කියලා හිතනවා.
ඔබත් නිදහසේ මේ දේවල් ගැන හිතලා බලන්න.මේ points වලින් උදව්වක් අරගෙන ඔබ කැමති ජීවිතය නිර්මාණය කර ගන්න වැඩ කරන්න පටන් ගන්න.
ජයවේවා!
මධුර අමරසිංහ
මේ වගේ ඔබේ ජීවිතය,ව්‍යාපාරය improve කර ගන්න වැදගත් ලිපි ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගන්න අපේ Whats App Channel එක follow කරන්න.
https://whatsapp.com/channel/0029Va5sWZe7Noa8cBxzws3T