රත්සර පොත් Rathsara poth

රත්සර පොත්  Rathsara poth Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from රත්සර පොත් Rathsara poth, Publisher, Gampaha.

මම අතීතයේ එක් යුගයකදී දිගටම පොත් පරිවර්තනය කළෙමි. එහෙත් කුමක් හෝ හේතුවක් නිසා පරිවර්තන කාර්යයට මා තුළ වූ උද්යෝගය හීන වී ...
10/12/2024

මම අතීතයේ එක් යුගයකදී දිගටම පොත් පරිවර්තනය කළෙමි. එහෙත් කුමක් හෝ හේතුවක් නිසා පරිවර්තන කාර්යයට මා තුළ වූ උද්යෝගය හීන වී ගියේය. කාලයකට පසුව නැවතත් පරිවර්තන කෘතියක් ලිවිය යුතුයයි අදහස මා තුළ පිළිසිඳිණි. ඉදින් ඔක්තෝබර් 25 දා මම මෙය ලියන්නට ඇරඹුවෙමි. මා අද මේ විඳිමින් සිටින්නේ එය ලියා අවසන් කිරීමේ තෘප්තියයි.
මා සාමාන්‍යයෙන් පරිගණකයෙන් මිස අතින් ලියන්නේ නැත. එහෙත් මෙය අතින්ම ලිවිය යුතුයයි මගේ සිත මට කීවේය. ⁣පිටු අසූවේ පොත් නවයක් පුරා පෑන් දහයක් පමණ අවසන් වන තුරුම මා ලීවේ ඒ අනුවය. අත බොහෝ රිදුම් දුන්නත්, ස්වතන්ත්‍ර නවකතාවක් ලිවීම මඟ හැරී ගියත් මෙය ලියා අවසන් වන තුරුම මම මගේ අදිටන බිඳ නොගතිමි. මා එසේය. යමක් කළ යුතුයයි අදිටන සිතට කා වැදුණොත් කෙසේ හෝ එය කර අවසන් වන තුරුම මම එහි එල්බගෙන ඉන්නෙමි. ඉතින් අද මගේ සිත ප්‍රීතියෙන් සහ සැහැල්ලුවෙන් පිරී ඇති මේ මොහොතේ
හැමදාමත් මට දිරිය ශක්තිය ලබා දෙන ආදරණීය ඔබ සැමට ස්තුති කරමි.
පරිවර්තන සාහිත්‍යය කෙරෙහි මා සිත යොමු කරවූ අර්නස්ට් වඩුගේ මහතා, කුමාර සිරිවර්ධන මහතා ඇතුළු හැම දෙනාටමත් ස්තුතියි .
-චන්දි කොඩිකාර-

25/11/2024

කොච්චර හිර වෙලා හිටියත් හිත හිර කරන්න එපා.. හිතට නිදහසේ පියාඹන්න ඉඩ දෙන්න.
**සාප්පු මුතු **
චන්දි කොඩිකාර ගේ
අලුත්ම නවකතාව ළඟදීම

20/11/2024
ගාලු පොත් වසන්තයෙන් රත්සර පොත් මිලට ගන්න.
24/10/2024

ගාලු පොත් වසන්තයෙන් රත්සර පොත් මිලට ගන්න.

Shakuvi❤️
24/10/2024

Shakuvi❤️

පොත් ප්‍රදර්ශනය අතරතුරේම තදබල විදියට අසනීප වෙලා තවමත් ඒ පීඩාව විඳින හින්දා ප්‍රදර්ශනය අතරතුර අත්දැකපු රසවත් සිදු වීම් එක...
21/10/2024

පොත් ප්‍රදර්ශනය අතරතුරේම තදබල විදියට අසනීප වෙලා තවමත් ඒ පීඩාව විඳින හින්දා ප්‍රදර්ශනය අතරතුර අත්දැකපු රසවත් සිදු වීම් එකක්වත් ලියන්න බැරි වුණා. සමහර ඒවා අමතකත් වෙලා. ඒත් පොත්වල නම් හින්දා සිද්ද වුණ අලකලංචි නම් සීනි මුරුක්කුවලටත් වඩා රසවත්.
අහසේ තියෙන ප්‍රකාශන ආයතනයකින් අපේ රත්සර පොත් කුටියට ගෙනාව පොත් අතරේ එක පොතක් තිබ්බා වස්සානේ ගීතය කියලා.. ඒත් හුඟක් දෙනෙක් ඒක කියෙව්වෙ වස්සාගේ ගීතය කියලා..අන්තිමට අපේ හිත්වල රැඳුණේත් වස්සාගේ ගීතය. (හොඳ වෙලාවට වස්සො ආවේ නෑ පොත හොයාගෙන) මේඝ වරුසා බැඳි අකුරෙන් වගේ හින්දා සමහරුන්ට ඒක කියවුණේ මොබි වරුසා කියලා (මට පවා)
අපේ කුටියේ හිටිය උදව්කාරයෝ අලුතෙන් ආව පොත් රැල්ල ගැන ලොකු අවබෝධයක් තිබුණ අය නෙමෙයි. හැබැයි කඩවසම් කොල්ලො.
“කෙල්ලෙක් ඇවිත් මට ඒත් මං ආදරෙයි කිව්වනෙ.. මම මේ තවම ඉන්නෙ කරකවලා අතෑරියා වගේ..” ඉන් එක කොල්ලෙක් කියනකොට අපිට හිනාව නවත්තා ගන්න බැරි වුණා.
“ඒත් මං ආදරෙයි කියලා පොතක් හොයනවා කට්ටිය.. ඒක අහලා තියෙන්නෙ..”
ුඅපි පහදලා දුන්නම කොල්ලගෙ මූණ ලැජ්ජාවෙන් රතු වූණා.
අපේ අල්ලපු කුටිය බයෝගැෆ්‍රික්.. ඒකෙ වැඩිපුර තිබුණෙ අධ්‍යාපන පොත්.
“බයෝ කරපු ඒ ලෙවල් තියෙනව ද..?” පාඨකයෙක් අහලා.
ඒක නවකතාවක් කියලා නොදන්න අපේ කොල්ලො එයාව අල්ලපු කුටියට යවලා..
“සීනි මුරුක්කු තියෙනව ද..?”
අහපු කෙනෙකුට ” මෙහෙ තියෙන්නෙ පොත්නෙ.. ඕවා ගමේ කඩේනම් ඇති ” කියලා ගමේ කඩේට යන පාර පෙන්නුව ලස්සන කොල්ලෙකුත් අපේ කුටියේ හිටියා.
හොඳම හිනා යන කතාව අහන්නකෝ.. රෑ වෙලා කුටියට ආව පාඨකයෙක් “අපි රෑට කන්නෙ මොනවද..?” අහලා.
ඒ වෙලාවේ අපේ කුටියේ හිටපු එකා උඩබිම බලලා “මම දන්නෙ කොහොමද..?” ඇහැව්වලු.
මේවා මම ප්‍රබන්ධ කරපුවා නෙමෙයි අමූලික ඇත්ත. ඕනනම් අපේ කුටියේ හිටපු හැම දෙනාම සහතික කරයි.

17/10/2024
ඇණවුම් සූදානම් කරමින්. ඔබ කැමතිම පොත තෝරන්න.අදම ඇණවුම් කරන්න. වට්ටම් සහිතව නිවසටම
16/10/2024

ඇණවුම් සූදානම් කරමින්.
ඔබ කැමතිම පොත තෝරන්න.අදම ඇණවුම් කරන්න.
වට්ටම් සහිතව නිවසටම

චන්දි කොඩිකාර, පවනි උමයංගනා සහ ශාන්ත කුමාර විතානගේ නවතම කෘතීන්❤️
15/10/2024

චන්දි කොඩිකාර, පවනි උමයංගනා සහ ශාන්ත කුමාර විතානගේ නවතම කෘතීන්❤️

❤️
15/10/2024

❤️

හීන් ඇඳිරි මල් - 33 කොටස

අයිස් කුට්ටියක් තුළ රැඳුණ යමකට නිදහස් වෙන්නට ඉඩකඩ ලැබෙන්නේ අයිස් කුට්ටිය දිය වී ගියාට පසුවය. රූපවාහිනියේ වෙළෙඳ දැන්වීම දුටු මොහොතේ සිටම ෂේන්යා ඒ දැන්වීම වට කරගෙන මිදුණ අයිස් කුට්ටියක් බවට පත් වී සිටියාය. එම නිසාම එය සිතින ්නිදහස් කරන්නට පුළුවන්කමක් නොවිණි. සැබැවින්ම තමා ඒ දුටුවේ සැබෑවක්ද, මායාවක්දැයි ඇයට අදහා ගත නොහැකි වූයේය.
ක්‍රීඩා ඇඳුමින් සැරසී උපැස් යුගලක් ද පැළඳගෙන කඩුල්ලේ රැඳී සිටියේ නිම්සිත්ය. ඔහුට වේග පන්දුව යැව්වේ සනාරාය. ඇය සිටියේත් ක්‍රිඩා ඇඳුමින් සැරසී උපැස් පැළඳගෙනය. ඇගේ පන්දුවට නිම්සිත්ගෙන් වේගවත් හයේ පහරක් එල්ල වෙද්දී සනාරාගේ මුහුණ වෙනස් වෙයි. නිම්සිත් සතුටින් උඩ පනියි. ඇගේ ඊ ළඟ පන්දුව කඩුල්ලේ දැවටී ඔහු දැවී යයි. ඔහුගේ මුහුණ නරක් වෙන අතර සනාරා සතුටින් උඩ පනියි. ඉනික්බිතිව එකිනෙකා ගේ අත් ගටා සතුට පළ කරගෙන සිනාසී කරට අත් දා ගන්නා ඔවුහු ජයග්‍රාහී ස්වරයෙන් කෑ ගසති.
“සී. පී ඔප්ටිකල්ස් කණ්ණාඩි පළඳින හැමෝම හැම පැත්තෙන්ම දිනුම්..”
එම දැන්වීමේ නිම්සිත් බොහෝ කඩවසම් වූයේය. සනාරාට ආලේපන ගල්වා තිබුණේ ඇගේ කළු පැහැය මඳකින්වත් වෙනස් නොවන ආකාරයටය. ඔවුන් දෙදෙනා කිරි කොකෙක් සහ කපුටෙක් ලෙසින් දිස් වුවත් එහි කුමක්දෝ ගැලපෙන බවක් ද ඇතැයි තවමත් නෙතුපිය නොහෙළා රූපවාහිනිය දෙස බලා සිටි ෂේන්යාට සිතිණි. ඒ වන විට තිරයේ වෙනත් වැඩ සටහනක් විකාශය වෙමින් තිබුණත් ඇගේ සිතේ තිබුණේ දැන්වීමේ රූපරාමු පමණකි. කොස්ස කිටිකිටියේ ඇගේ අතට සිර වී තිබිණි.
“ හැමෝම හැම පැත්තෙන්ම දිනුම්..”
එවදන් ෂේන්යාගේ සිත පුරා රැව් දුන්නේ ඇයට සරදම් කරන්නාක් බඳුවය.
“ඔව් නිම්.. ඔයත් දිනුම්.. සනාරත් දිනුම්.. මම පරාද නැති වුණාට දිනලත් නෑ.. හැම වෙලාවෙම මට හිතෙන්නෙ මං මහා වංචාකාරියක් විදියට ලෝකෙට පේනවා ඇති කියලා..”
ඇය මුමුණා ගත්තේ හූල්ලමිනි.
ගෙය අතු ගාමින් සිටියදී ඇය රූපවාහිනිය ක්‍රියාත්මක කළේ ඒ වේලාවට ඇය කැමති වැඩ සටහනක් විකාශය වෙන්නට නියමිතව තිබූ බැවිනි. දෛවයේ සරදමකට මෙන් මෙදින ඒ වැඩ සටහනට අනුග්‍රහය දක්වා තිබුණේ සී. පී ඔප්ටිකල්ස් ආයතනයයි. එහෙත් මෙවන් දැන්වීමක් ගැන ඇය සිහිනෙන්වත් සිතුවේ නැත.
තමා රැඳී සිටි අයිස් කුට්ටිය දිය වී දෙනෙතින් පිටාර ගලනවා ෂේන්යාට දැනිණි. ඇනෙක්සියෙන් පිට වී කොළඹට පැමිණ ගත වූයේ කෙටි කාලයක් පමණක් නමුදු යුග ගණනාවක් ගත වූ කලෙක මෙන් සිය ජීවිතය වෙනස් වී ඇත්තේ නොවේදැයි ඇය සිතුවාය.
ඇයට නොකියා හුස්ම ගන්නේවත් නැති තරමට ළංව සිටි නිම්සිත් ඇය ඉන්න පළාතක සුළඟක් වදිනවාටත් අකැමැතිව ඈත් වූයේ ඇගේම වරද නිසාය. එහෙත් ඉච්ඡාභංගත්වයක් තවමත් ඇය පෙළමින් තිබිණි. තමා සැබැවින්ම ආදරය කර තිබෙන්නේ නිම්සිත්ට මිස කවීන්ට නොවන්නේයයි ඇයට බොහෝ අවස්ථාවල සිතුණේය. කවීන් කුඩා කාලයේ සිටම ඇය අසළම රැඳී සිටි තැනැත්තාය. ඇයට ජීවිතය ඉගැන්වූ පිරිමියාය. එහෙත් ඒ බැඳීම තුළ වැඩි වශයෙන්ම වූයේ ගෞරවය, කෘතඥතාව, සුරක්ෂාකාරී හැඟීම සමඟ අනුරාගයයි. නිම්සිත් අසළ සිටියදී අනුරාගය සිතට ඇතුළු වුණේ ආදරය සමඟ කලවම් වීගෙනය.
“දැන් හැමදේම ඉවර වුණාට පස්සෙ ඒවා සන්සන්දනය කරලා ඇති වැඩක් නෑ.. කිව්වත් කවුරුවත් විශ්වාස කරන එකකුත් නැති වෙයි..”
හූල්ලමින් නැවතත් ඇය ගේ අතු ගාන්නට පටන් ගත්තේ ව්‍යායාම සඳහා ඇවිදින්නට ගිය කවීන් ගෙට ගොඩ වෙනවා දුටු විටය. දැන් ඉතින් ජීවිතාන්තය තෙක්ම තමා ජීවත් විය යුත්තේ ඔහු වෙනුවෙන් පමණක් නොවේදැයි ඇයට සිතිණි.
“මට ඔයා එක්ක කතා කරන්නත් අප්පිරියයි.. මේ මැසේජ් එක එවන්නෙ ඒ හින්දා.. මම අහන්නෙ නෑ මේ විදියට මාව ඇන්දුවේ ඇයි කියලා.. මොකද ඇන්දුණ එක මගේත් වරදනෙ.. මම ඔයාගෙන් ඉල්ලන්නෙ මෙච්චරයි.. මේ විදියට පිරිමින්ගෙ හිත් තුවාල කරන්න එපා.. ඒ තුවාල මොන තරම් බෙහෙත් දැම්මත් සනීප වෙන්නෙ නෑ.. හැමදාමත් පෑරෙනවා.. කවීන් එක්ක සතුටින් ඉන්න.. ආයෙ කිසිම දවසක ඔයා දකින්න ලැබෙන්නවත් එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා..”
ඔහු විසින් අවසන් වතාවට එවන ලද ඒ සටහන ඇය තවමත් මකා දැමුවේ නැත. කවීන්ට එය දක්නට ලැබෙනු ඇතැයි අවදානමක් තිබුණත් එය ඉවත් කරන්නට ඇයට හිත හදා ගත නොහැකි වූයේය. ඉනික්බිතිව ඇය ඔහුට ළං විය හැකි සමාජ මාධ්‍ය ජාලා ඇතුළු හැම මඟක්ම අවහිර කොට දැමුවේය. ඔහු විශ්ව විද්‍යාලයෙන් ද ඉවත් වී පූර්ණකාලීනව ක්‍රිකට් වෙනුවෙන්ම කැප වෙන්නට තීරණය කර ඇති බැව් ඇය දැන ගත්තේ මිතුරන්ගෙනි. ඇය ද මේ දිනවල උත්සාහ කරමින් සිටින්නේ සුහද මාරුවකින් විශ්ව විද්‍යාලය වෙනස් කර ගන්නටය.
“අපි දෙන්නගෙ කතාව අතීතයේ දාලා එන්න මට පුළුවන්කමක් නෑ නිම්.. ඔයා හැමදාම මගෙ හිතේ කොතන හරි ඉඳියි.. මං කරපු වරදට මම ඒ දඬුවම මුළු ජීවිත කාලෙම විඳින්නම්..”
ඇය මුමුණා ගත්තාය.
රූපවාහිනී දැන්වීම විකාශය වූ මොහොතේ සිටම නිම්සිත් ගේ දුරකථනයට නිදහසක් තිබුණේ නැත. ක්‍රිකට් කණ්ඩායම්වල මිතුරෝ විශ්ව විද්‍යාලයීය මිතුරෝ දිගින්දිගටම කතාකරමින් ඔහුට සුබ පැතූහ. ඔහුගේ සමාජ මාධ්‍ය ජාලය සුබපැතුම්වලින් පිරී තිබිණි. එහෙත් ඔහුගේ සිතට මහා අඩුවක්, දොම්නසක් දැනෙමින් තිබිණි. මේ හැඟීම් ඔහු පෙළන්නට පටන් ගත්තේ ෂේන්යා ගේ යථාර්ථය දැන ගත් දින සිටය. ඇය ඔහුට විශේෂිත වූ බැව් සැබෑවකි. එහෙත් ඇය ඈත් වීම පිළිබඳ තැවුලට වඩා ඔහු පෙලුවේ තමා තදබල රැවටීමකට ලක් වූ බවට හැඟීමය. පිරිමියා සිය පෞරුෂය සළකන්නේ දෙවැනි ආත්මය බඳුවය. එය කෙළෙසීමකට ලක් වීම තරම් ආත්ම පරාජයක් ඔහුට තවත් නැත්තේමය.
“ඒ වගේ එකියකගෙන් බේරුණ එක ගැන සතුටු වෙයන්.. ඒකි උඹ විතරක් නෙමෙයි ඒකිගෙම මිනිහත් අන්දවලා කියලා දැන් හොඳටම තේරෙනවනෙ.. තව කී දෙනෙක් එය විදියට රවට්ටයි ද දන්නෙ නෑ.. මහ ලොකු බියුටි ක්වීන්..”
සචිත්‍ර පැවසුවේ කෝපය සහ අවඥාව කැටි වූ හඬිනි. එහෙත් තමාගේ හදවතේ ආදරණීය ලෙස ලැගුම් ගෙන සිටි ගැහැනියට අවමන් කරන්නට තරම් පටු හදවතක් නිම්සිත්ට තිබුණේ නැත. තමා අවමානයට පත් වීමේ වේදනාව විඳිමින් ඔහු නිහඬව සිටියේ එහෙයිනි.
සනාරා සමඟ කතාබහ කිරීමෙන් පසුව උද්දාමයට පත් වී ෂේන්යාට සමාව දෙන්නටත් හිත හදාගෙන සිටි නිම්සිත් එවන් අකුණු සරයක් සිය හිස මතට පත බෑවෙනු ඇතැයි සිහිනෙකින්වත් සිතුවේ නැත. ඇගේ දුරකථනය දිගින් දිගටම ක්‍රියා විරහිත වී පැවතුණ බැවින් ඔහු ඇගේ ඇනෙක්සියට ගියේය.
“අම්මට සනීප නෑ කියලා එයා ගෙදර යනවා කිව්වනෙ.. එන්න දවස් දෙකතුනක් යයි කිව්වා..”
නිවෙස් හිමිකාරිය කීවේ නිම්සිත් දෙස පුදුමයෙන් බලමිනි. තිස්සදෙවේලේ මෙහි ගැවසෙන ඉලන්දාරියා සිය පෙම්වතිය ගෙදර ගිය බැව් නොදැන සිටීම අසාමාන්‍ය බැව් ඇයට සිතුණාට සැක නැත. ඔහු ඇගේ බැල්ම හැඳින ගත්තේය.
“එයා මාත් එක්ක ටිකක් තරහ වෙලා හිටියේ... ෆෝන් එකත් ඕෆ් කරගෙන..” ඔහු මිහින්දිට කී ආකාරයටම කීවේය.
“එහෙනම් ඔයාට රිද්දන්න වෙන්න ඇති යන්න ඇත්තෙ.. ගණන් ගන්න එපා.. දවස් දෙකතුනකින් එනවා කිව්වනෙ..”
සිනාසී කියූ ඇය ප්‍රධාන ගෘහය දෙසට ගියාය. ෂේන්යා සම්බන්ධ මතක බොහෝ රැඳුණ ඇනෙක්සියේ දොර විවර කරන්නට ඔහුට සිතුණේ නැත. ඔහු ආපසු ගෙදර ආවේ දුකිනි.
“මම බනියි කියලා හිතන්න ඇති.. ඒකයි ෆෝන් එකත් ඕෆ් කරගෙන ඇත්තෙ.. බලමු ඇත්තටම ගෙදර ගිහින් ද කියලා..”
කියමින් ඔහු දුරකථනයේ වූ ඇගේ අම්මාගේ අංකය මතු කර ගත්තේය. ඇය ඒ අංකය ඔහුට දුන්නා නොවේ. දිනක් ඇය ඔහුගේ දුරකථනයෙන් අම්මාට ඇමතුමක් ගත්තාට පසුව එය සුරක්ෂිත කර ගත්තේ නිකමටය. ඒ බැව් ෂේන්යාත් දැන සිටියේ නැත.
“ආන්ටි ෂේන්යා ගෙදර ඉන්නව ද..?”
ඔහු වටපිට කරුණු ඇවිස්සීමකින් තොරව සෘජුවම විමසුවේය.
“ආ.. එයා දැන් නම් නෑ.. යාළුවොත් එක්ක ඩිනර් අවුට් එකක් ගියා.. කවුද මේ කතා කරන්නෙ..?”
“මම ෂේන්යගෙ යාළුවෙකුගෙ හස්බන්ඩ්.. එයා නිවාඩුවට ගෙදර එනවා කියලා මගෙ වයිෆ්ට එන්න කිව්වලු.. එක්ක එන්න ද කියලා අහන්න කෝල් එකක් දුන්නා.. ෆෝන් එක වැඩ කරන්නෙත් නෑ.. හොඳ වෙලාවට වයිෆ් ළඟ ඔයාගෙ නම්බර් එක තිබුණා..”
නිම්සිත් කටේතොලේ නොගෑවී බොරු කීවේ ඇය තුළ සැකයක් ඇති වීම වළක්වන්නටය.
“ඔන්න බලන්න ඉතින් මේ ළමයගෙ කල්පනාවෙ හැටි.. ඔයාලට එන්න කියලා එයා රෝන්දෙ ගිහින්.. හැමදාම ඔහොමම තමයි.. කසාද බැඳපු ගෑනියෙක් වුණාම ඔයිට වැඩිය ටිකක් වගකීමෙන් වැඩ කරන්න එපායැ..”
ඇය නොරිස්සුමෙන් මෙන් කියද්දී නිම්සිත් ගැස්සී ගියේය. ඇය මේ කතා කරන්නේ ෂේන්යා ගැන ද වෙන කෙනෙක් ගැනදැයි සිතන්නට ඔහුට නොහැකි වූයේය.
“මොකක්ද ආන්ටි කිව්වෙ..? ෂේන්යා බැඳලා..?”
ඔහු විමසුවේ සිහිනයෙන් මෙනි.
“ඔව්.. එයා බැඳලා ඉන්නෙ මගෙ පුතා කවීන් කියලා ඔයාගෙ වයිෆ් කීවේ නැද්ද..?” ඇය ඇසුවාය.
මිදුලේ සක්මන් කරමින් කතා කරමින් සිටි නිම්සිත් බංකුවකට බර දුන්නේ දෙපා අප්‍රාණික වෙනවා දැනුණ නිසාය.
“මගෙ පුතයි, මහත්තයයි දෙන්නම ඉන්නෙ ඉතාලියේ.. එයාලා තව දවස් දෙකකින් ලංකාවට එනවා.. ෂේන්යත් ආවෙ ඒ හින්දා..”
ඔහුගේ කම්පනය ගැන කිසිවක් නොදැන සිටි කාන්තාව කීවාය. තාත්තාත් අයියාත් ඉන්නේ ඉතාලියේ බවත්, අයියා තමාත් ඉතාලියට ගෙන්වා ගන්නට කැමැත්තෙන් සිටින බවත් ඇය කී ආකාරය නිම්සිත්ට සිහිපත් විණි. සෙවනැල්ලක් ඇය ළඟම රැඳුණ තමාට එතරම් බොරුවක් කියන්නට ඇයට ශක්තියක් තිබෙන්නට නොහැකිය. මේ කාන්තාව බොරුවක් කියනවා විය යුතුය.
“ෂේන්යා කැම්පස් එකේ නේද..?”
ඔහු අසීරුවෙන් එසේ අසා ගත්තේ එය ඇත්තක්මදැයි හරියටම පසක් කර ගැනීම පිණිසය.
“ඔව්.. පේරාදෙනියෙනෙ.. මමනම් කැමති වුණෙත් නෑ එච්චර දුර කැම්පස් එකකට යනවට.. ඒත් කවීන්ට තමයි එයාට ඉහළට උගන්නන්න ඕන වුණේ.. එයා ඉතාලි ගියෙත් ෂේන්යට උගන්නන්න සල්ලි හොයන්න ඕන කියලනෙ.. මමයි කිව්වෙ යන්න ඉස්සර බඳින්න.. එතකොට එයාව එහෙ ගෙන්නා ගන්න වුණත් ලේසියිනෙ.. හැබැයි ඉතින් වෙඩින් එකක් ගත්තෙ නෑ.. ඒකයි ඔයාලා එයා බැඳලා කියලා දන්නෙ නැතුව ඇත්තෙ..” ඇය කියාගෙන ගියාය.
“එතකොට ෂේන්යගෙ අම්මලා..?”
ඇය කා සමඟ හෝ මොනවා හෝ කතා කිරීමේ වුවමනාවෙන් පෙළෙන කාන්තාවක බැව් වටහා ගත් නිසා ඔහු විමසුවේය. හදවත වේදනාවෙන් ඇදුම් කමින් තිබුණත් ෂේන්යා මෙතරම් රඟපෑමක් කළේ මන්දැයි තේරුම් ගන්නට වටපිට තොරතුරුත් වුවමනා වෙනවා ඇතැයි ඔහු සිතීය.
“තාත්තා ඉතින් රුසියන්කාරයෙක්නෙ.. ෂේන්යා ඉපදුණාට පස්සෙ ගියාගියාමයි ආයෙ ආවෙ නෑ.. අම්මට එයා වැඩ කරපු හොටේල් එකේ ඩුබායි බ්‍රාන්ච් එකේ ජොබ් එකක් හම්බ වුණා.. එයා ෂේන්යා දාලා යන්නෙ කොහොමද කියකියා ඉන්නකොට මං කීවේ ෂේන්යා මං බලා ගන්නම් යන්න කියලා.. අන්තිමට එයත් කසාදයක් බැඳලා ප්‍රංශෙට ගියා.. මේ කෙල්ලට ඉතුරු වුණේ අපි විතරයි..”
කාන්තාව කටකමසෙයියාවක් නැතිව කියවූවාය. නොදන්නා අයෙකු සමඟ මෙලෙස කියවන්නේ නම් ඇය දන්නාහඳුන්නන් සමඟ මොනවා නොකියනවා ඇද්දැයි ඒ අව්වස්සේත් නිම්සිත්ට කල්පනා විණි.
“කවීනුයි එයයි එකටම හැදුණෙවැඩුණෙ.. ඉතින් එයා ඇරෙන්න වෙන කෙනෙක් ගැලපෙනවයැ..”
“ආන්ටි.. අපි එහෙනම් කවීන් ලංකාවට ආවට පස්සෙම එන්නම් කිව්වා කියන්න..”
තව දුරටත් ඒ කතාවට සවන් දී සිටින්නට ශක්තියක් නොවූ බැවින් එසේ කියූ නිම්සිත් දුරකථන සම්බන්ධතාව බිඳ හළේය. මහා සාගරයක් මැද කුණාටුවකට හසු වූ නැවක් එක තැන කැරකෙන්නාක් මෙන් ඔහුගේ සිතත් කැරකෙමින් තිබිණි. සිතන්නට පටන් ගත යුත්තේ කොතැන සිටදැයි ඔහු නොදත්තේය.
“උඹල දෙන්නගෙ මාර මැචින් කෙමිස්ටි්‍ර එකක් තියෙන්නෙ..”
ඔවුන් දෙදෙනා සමීප වූ මුල් දිනවල මිතුරන් එසේ කීවේ පිට පෙනුම බලාගෙනය. නිම්සිත් ද එසේම සිතීය. උපතින් පවා තමන් දෙදෙනා එකිනෙකාට ගැලපෙන බැව් ඔහු මේ මොහොත වන තුරුම දැනගෙන සිටියේ නැත. ඔහුගේ පියා මෙන්ම ඇගේ පියාත් විජාතිකයෙකි. තාත්තා ඉඳහිට ඔහුට වෙනස්කම් කළත් පණ මෙන් ආදරය කරන අම්මා කෙනෙකු ඔහුට සිටින්නීය. එහෙත් ෂේන්යා එහෙම පිටින්ම අනාථයෙකි. වෙන අවස්ථාවක නම් ඔහුට ඇය කෙරෙහි මහා අනුකම්පාවක් දැනෙන්නට ඉඩ තිබිණි. එහෙත් මේ මොහොතේ ඔහුට දැනුණේ තමා මෝඩයෙකු බවට පත් වූයේයයි හැඟීම නිසා උපන් ආත්මානුකම්පාවක් පමණකි. යහනේදී අත්දැකීම් බහුල ගැහැනියක වුවත් ඇය සැක කරන්නට තමා නොපෙළඹුණේ ඒ මෝඩකම නිසා නොවන්නේ ද..? ඇගේ පහසින් මත් වූ සියොළඟ එහෙම පිටින්ම අපවිත්‍ර නරකාදියක් බවට පත් වී ඇතැයි හැඟීමෙන් ඔහු හිරිවැටී ගියේය. ඔහු හැම විටම ඇය දුටුවේ පිවිතුරු මලක් ලෙසිනි. ඇගේ සිතේ හැම අහුමුල්ලක්ම, ගතේ හැම සියුම් රේඛාවක්ම හඳුනන්නේ තමා පමණක්යයි හැඟීමෙන් ඔහු ආඩම්බරයට පත් වී සිටියේය. එහෙත් තමා සැතපවූ හැම ආකාරයෙන්ම ඇය කවීන් ද සතපන්නට ඇතැයි සිතෙද්දී ඔහුගේ ආත්මයම ඉරිතලා පුපුරා ගියේය. ඔක්කාරයට එන තරමේ ජුගුප්සාජනක සිතුවිල්ලක් ඒ ඉරිතැලුම් අතර සැරිසරන්නට විය.
“දෙවියනේ.. මට කිසි දෙයක් හිතා ගන්න බෑ.. කිසිම දෙයක් හිතා ගන්න බෑ.. මෙච්චර දුරදිග යන්න ඉස්සර ඔයාට තිබ්බා මට ඇත්ත කියන්න.. එහෙමනම් යාළුවෝ විදියට හරි අපිට ළඟින් ඉන්න තිබ්බා.. දැන් මට ඔයා ඉන්න පැත්තකින් එන හුළඟක් ගිනි රස්නෙට දැනෙයි.. මම වැරදි කළා තමයි.. ඒත් දෙවියනේ ඔබ වහන්සේ දුන්න මේ දඬුවම බරපතල වැඩියි..”
ඔහු දෑතින් හිසකෙස් ඇද ගනිමින් තනිවම කියවන්නට වූයේය. ඔහු සචිත්‍රට දුරකථන ඇමතුමක් දුන්නේ තනිව සියල්ල දරා සිටියහොත් තමා උමතු වෙනු ඇතැයි හැඟීම දැනුණ මොහොතේමය. අම්මාට කිවහොත් ඇය සිත සැනසෙන යමක් කියන බැව් නිසැකය. එහෙත් මිතුරෙකු ඉදිරියේ තරම් අම්මා ඉදිරියේ විවෘත වෙන්නට පිරිමියෙකුට පුළුවන්කමක් නැත.
ඔවුන් හමු වූයේ මත්පැන් හලකදීය. නිම්සිත් පුරුද්දක් වශයෙන් රහමෙර පානය කරන අයෙකු නොවේ. එහෙත් මේ අවස්ථාවේදී සියල්ල අමතක කරන්නට නම් සිහිය හොඳටම විකල් කර ගත යුතුයයි ඔහුට සිතිණි. සචිත්‍ර ෂේන්යා ගැන බොහෝ දේවල් දැන සිටියේය. එම නිසා ඔහු සමඟ කතා කිරීම පහසු වූයේය.
“ඒකිගෙ හැසිරීම හරි ගුප්තයි කියලා සමහර වෙලාවට මට හිතෙනවා.. ඒ හින්දා පරිස්සමින් ආස්සරේ කරපන්..”
ඇතැම් අවස්ථාවල ඔහු එලෙස අනතුරු අඟවා ද තිබිණි. එහෙත් මල් කෙමියක් ඇතුළේ හිර වුණ බමරෙකු මෙන් ෂේන්යාගේ ලෝකයේ සිරගත වී සිටි ඔහු එතැනින් මිදෙන්නට කිසිදු වෑයමක් දැරුවේ නැත.
මී විතක් දෙකක් හිස් වෙද්දී නිම්සිත් ගේ සිත ද මිතුරා ඉදිරියේ හිස් වෙන්නට පටන් ගත්තේය. සචිත්‍ර අසා සිටියේ සාවධානයෙනි. ඔහු සිය මිතුරා හොඳින් හඳුනන්නේය. ඔහුට නරුම චරිත මෙන්ම බෝසත් චරිත ද රඟ පාන්නට පුළුවන් බැව් ඔහු දැන සිටියේය. එහෙත් මේ වැළපිල්ල එහෙම පිටින්ම අවංකය.
“මට කෙල්ලො කියන්නෙ අරුමපුදුම සබ්ජෙක්ට් එකක් නෙමෙයි මචං.. ඒත් ෂේනි තරම් මාව සතුටු කරපු, පුදුම කරපු කිසිම කෙල්ලෙක් නෑ.. ඒකි එක්ක ජීවිත කාලෙම ගෙවන්න මම හීන දැක්කා.. ඒත් ඒකි එහෙම පිටින්ම මායාකාරියක්.. වංචාකාරියක්.. ඒකි මගෙ ඇස් ඉස්සරහ මැව්ව පාරාදීසේ ඒකිම විනාශ කරලා දැම්මා.. මම දැන් කොහොමද ඒ කෑලි එකතු කර ගන්නෙ..?” ඔහු හැඬුවේය.
මේ කෙළිලොල් පිරිමියා එලෙස හඬනවා සචිත්‍ර කිසි දිනෙක දැක නොතිබිණි. ඔහුගේ සිත අනුකම්පාවෙන් සසල වූයේය.
“ලෝකේ කිසිම දෙයක් විනාශ වෙලා යන්නෙ නෑ මචං.. ඒවා වෙන ශක්තියකට පරිවර්තනය වෙනවා විතරයි.. උඹට දැන්මම හිතේ කෑලි එකතු කර ගන්න බැරි වෙයි.. ඒත් ඉබේම ඒවා එකතු වෙලා තිබ්බට වැඩිය ලස්සන හිතක් වෙලා හැදෙන වෙලාවක් එයි.. එතකම් ඉවසලා හිටපන්.. ෂේන්යා උඹ විතරක් නෙමෙයි ඒකිගෙම මිනිහත් අන්දලා කියලා දැන් තේරෙනවනෙ.. තවත් ඇන්දෙන්න ඉස්සර ඔහොම බේරුණ එක ගැන සතුටු වෙයන්..”
සචිත්‍ර අවවාද කළේය.
“මට ෂේනිව හම්බ වෙලා අහන්න ඕන මචං ඇයි මේ විදියට මගේ හිත ගිනි තිබ්බෙ කියලා..”
“නෑ.. කිසිසේත්ම ඕන නෑ.. ආයෙ හම්බ වෙන්න යන්න ඕන නෑ.. උඹට කියන්න තියෙන දේ මැසේජ් එකකින් දාපන්.. ඒ ඇති..”
ඔහු තදින්ම කීවේය.
ඔහු ඇයට සටහනක් යැව්වේ ඒ අනුවය. එහෙත් ඔහුගේ හිතේ මහා හිස් පදාසයක් ඉතිරි වී තිබිණි. එය පුරවාලීම පහසු නොවෙනවා ඇතැයි ඔහු කල්පනා කළේය.
ෂේන්යාගේත් තමාගේත් සම්බන්ධය බිඳී වැටුණ බැව් හැර ඔහු අම්මාට කිසි දෙයක් කීවේ නැත. එහෙත් ඒ නොකිව් දේවල් ඇය අපූරුවට තේරුම් ගෙන තිබිණි.
“ළඟින් ආස්සරේ කරපු කෙනෙක් ඈත් වුණාම ඒක දුකක් තමයි පුතා.. ටික කාලයක් යනකම් ඒ දුකෙන් අත් මිදෙන්න අමාරුයි.. පුළුවන් තරම් වැඩවලටම හිත යොමු කරන්න.. එතකොට ටිකෙන්ටික හැමදේම හිත පතුලට තල්ලු වෙයි.. ඒ වැඩ සාර්ථක වෙනකොට හිතෙයි ජීවිතේ කියන්නෙ හිමිවීම් අහිමි වීම් තමයි කියලා..”
ඇය සුපුරුදු සන්සුන් ස්වරයෙන් කීවාය. ඇය තරම් අහිමි වීම් දරා ගත් තවත් කාන්තාවක ගැන ඔහු දැන සිටියේ නැත. එම නිසාම ඇය සේම උපේක්ෂාවෙන් සියල්ල දරා ගන්නට ඔහු උත්සාහ කරමින් සිටියේය.
“ඔය මඟුල අතෑරලා දාලා කැම්පස් වරෙන් යකෝ.. මේ ලෝකේ බූට් එකක් කාපු එකමඑකා උඹ නෙමෙයි.. අනිත් එක මතක තියා ගනින් උඹෙන් බූට් කාපු කෙල්ලොත් ඕන තරම් ඉන්නවා කියලා.. අද උඹට ඔය දැනෙන දුකම උන්ටත් දැනෙන්ට ඇති..”
දේශනවලට නොයෑම ගැන සචිත්‍ර එලෙස බැණ වැදුණ දා නම් ජීවිතය දෙස අලුතෙන් බලන්නට අලුත් ඇසක් නිම්සිත් තුළ විවර වූයේය. ලෝකයේ සිදු වන හැම දෙයක් තුළම දෙපැත්තක් තිබේ. එහෙත් වැඩි දෙනෙක් බලන්නේ තමට වාසි පැත්ත දෙස පමණකි. ෂේන්යා විසින් රවටනු ලැබුවේයයි සිතමින් සිත රිද්දාගෙන සිටින තමා වෙතින් රිදවුම් ලැබූ යුවතියන් සිහිපත් කරන්නට ඔහු වෑයම් කළේය. යුවතියකගේ සිත තුළ අපමණ බලාපොරොත්තු ඇති කර ඉනික්බිති ඇය මඟ හැර යෑම පිරිමිකමට තරම් නොවේ. කවදාවත් එසේ නොකරන ලෙස අම්මා ද උපදෙස් දී තිබිණි. එහෙත් ඔහු ඒවා පිළිපැද්දේ නැත. සනාරා අර තරම් හිත රිද්දා ගත්තේත් තමා තුළ වූ අනිත් අය හෙළා දැකීමේ දුර්ගුණය නිසා නොවේ ද..? ඇය ශක්තිමත් යුවතියක වූ නිසා හෝ වාසනාවන්ත වීම නිසා සුළු කලක් ඇවෑමෙන් සිත් පීඩාවෙන් මිදුණාය. එහෙත් තමා නිසා ජීවිත කාලය පුරාම විඳවන යුවතියන් නැත්තේයයි උපකල්පනය කරන්නට නොහැකිය. ෂේන්යා පවා සිටිනවා ඇත්තේ දැඩි සිත් තැවුලිනි. එහෙත් ඇය වෙන පිරිමියෙකුට අයත් බිරිඳක බව සිහිපත් වෙද්දී දැනෙන ජුගුප්සාව මුසු කළකිරීම සිතින් බැහැර කරන්නටම ඔහුට නොහැකි වූයේය.
“ඔයා අද මගෙත් එක්ක නිම්රෝ චිල්ඩ්රන් එකට යමු පුතා.. හයක් හතරක් නොතේරෙන දරුවෝ අහිමි වීම් දරාගෙන ජීවිතේට මූණ දෙන්නෙ කොහොමද කියලා ඔයාට තේරුම් ගන්න පුළුවන් වෙයි..”
ඔහු ක්‍රිකට් පුහුණුවට පවා නොයා අහස පොළව ගැටලන්නට මෙන් කල්පනා කරමින් සිටියදී දුලන්‍යා පැවසුවාය.
ඔහු එයට එකඟ වූයේ කැමැත්තෙන් නොව අම්මාගේ සිත රිදවන්නට අකැමැති වූ නිසාය. එහෙත් ඒ ගමන අසාමාන්‍ය හැරවුම් ලක්ෂ්‍යයක් වෙනවා ඇතැයි ඔහු නිකමටවත් සිතුවේ නැත.
අම්මාගේ කාරය පදවාගෙන නිම්රෝ චිල්ඩ්රන් ආයතනය ඇතුළු වෙද්දීත් ඔහුට ෂේන්යා සිහිපත් වූයේය. සිය කාරය විකුණා දමා වෙන කාරයක් ගනු නොහැකිනම් අම්මාගේ කාරය ඉල්ලා ගන්නා ලෙස ඇය බල කළාය. තමාගෙන් වෙන් විය යුතුව ඇති බැව් දැනදැනම ඇය එලෙස හැසිරුණේ මන්දැයි ඔහු දිගින්දිගටම සිතුවේය. සචිත්‍ර කියන්නාක් මෙන් සමහර ප්‍රශ්නවලට උත්තර දෙන්නට හැක්කේ කාලයටම පමණකි.
නිම්සිත් නිම්රෝ චිල්ඩ්රන් ආයතනයට පැමිණියේ කාලයකට පසුවය. අවට පරිසරයේ ඇති සොඳුරු වෙනස්කම් නරඹමින් හෙමිහිට කාරය පදවාගෙන යද්දී ඔහුගේ සිතේ පහන් බවක් උපන්නේය.
“අර සනාරා නේද..?”
ටෝනි සමඟ කතා කරමින් ක්‍රිඩා පිටිය අද්දර සිටින සනාරා දුටු විට ඔහුට කෑ ගැසුණා පමණක් නොව නොදැනුවත්වම කාරයේ තිරිංග ද තද වූයේය. ටෝනි ක්‍රිඩා පිටිය දක්වමින් අතපය දිගු කරමින් යමක් විස්තර කරමින් සිටියේය. සනාරා එයට සවන් දී සිටියේ බොහෝ වුවමනාවෙනි. ඒ කතාව තුළ මොන තරම් ඇලිගැලී සිටියේ ද යත් ඔවුන් කාරය දුටුවේවත් නැත.
“සනාරා තමයි.. අද ඇඩ් එක ෆයිනලයිස් කර ගන්න ටෝනි එනවා කිව්වනෙ.. ඒක වෙන්න ඇති ඩිස්කස් කරන්නෙ.. ඔයාට ඕනනම් ගිහින් කතා කරලා එන්න..” දුලන්‍යා සිනාමුසුව කීවාය.
හිස සැලු නිම්සිත් කාරයෙන් බැස්සේය. මුලින්ම හමු වූ දිනයේ දුටු ලෙසින්ම සනාරා හැඳ සිටියේ ක්‍රීඩා ඇඳුමකි.
“ආ..නේ නිම්සිත්.. එන්න එන්න..”
ඔහු දුටු ටෝනි සිනාසී කෑ ගැසුවේය. සනාරා ගැස්සී හැරී බැලුවාය. ඒ මොහොතේම නිම්සිත් ද ගැස්සුණේය. ඇය සිටියේ උපැස් යුගල පැළඳගෙනය. වෙනදා මෙන් දෙපසකට නොව ඇගේ බැල්ම යොමු වූයේ සෘජුවම ඔහු වෙතය. ඒ බැල්මේ වූ පුදුමය මෙන්ම විළිබර බව ද හැඳින ගන්නට ඔහුට අසීරුවක් නොවිණි. මාස ගණනාවකට පෙර ඔහු කෙරෙහි වු පිළිමල් සිත එහෙම පිටින්ම ඉවත් කළ සනාරා ඔහුට මුහුණ දී සිට ගත්තාය.
“නිම්සිත් අයියා..” ඇය මිමිණවේ ඇසෙනනෑසෙන හඬිනි.
“කොහොමද නංගී..? ඔයා දැන් හරි හැඩ වෙලානෙ..”
නිම්සිත් නිර්ලෝභීව ප්‍රශංසා කළේය. ඇය ලැජ්ජාවෙන් ඇඹරුණාය. ටෝනි මුව අයාගෙන දෙදෙනා දෙසම මාරුවෙන් මාරුවට බැලීය. සනාරා ඉදිරිපිට නිම්සිත් සිහිපත් නොකරන ලෙස දුලන්‍යා මැඩම් කීවේ කුමක් හෝ රහසක් සඟවාගෙන බැව් ඔහුට වැටහිණි. කෙසේ වුවත් ඔහුගේ සිත තුළ දැන්වීමේ රූප රාමු අපූරුවට මැවුණේය.
“ඉයස්.. ඒක තමයි ඇඩ් එක..”
ඔහු උද්යෝගයෙන් කෑ ගැසීය. තරුණ යුවළ ඔහු දෙස බැලුවේ මවිතයෙනි.
“මොකද ටෝනි..? පිස්සු හැදිල ද..?” නිම්සිත් සරදම් කළේය.
“ඔව්.. ඒක පිස්සු හැදෙන කම්බිනේෂන් එකක් තමයි.. ඔන්න නිම්සිත් බෑ කියන්න නම් එපා.. සී. පී ඔප්ටිකල්ස් ඇඩ් එකේ සනාරා එක්ක ඇක්ට් කරන්නෙ ඔයා..”
ඔහු දෙදෙනාගේම අත් අල්ලාගෙන මැදින් සිට ගත්තේය. නිම්සිත් ඇස් බමවා සනාරා දෙස බැලීය. ඇගේ දෙතොලේ අලංකාර සිනා රේඛාවක් ඇඳෙනු ඔහුට පෙනිණි.

නැවත හමු වෙමු

අවසන් පිටපත් කිහිපය දැන්ම වෙන් කරවා ගන්න. නිවසටම ගෙන්වා ගන්න. කතා කරන්න. පරක්කු වෙන්න එපා.
11/10/2024

අවසන් පිටපත් කිහිපය දැන්ම වෙන් කරවා ගන්න.
නිවසටම ගෙන්වා ගන්න.
කතා කරන්න.
පරක්කු වෙන්න එපා.

ස්තුතියි ගෙවුණු දින 10ට. ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද අවසන් වුණා. ස්තුතියි පාඨක ඔබට.
06/10/2024

ස්තුතියි ගෙවුණු දින 10ට. ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද අවසන් වුණා.
ස්තුතියි පාඨක ඔබට.

එන්න අවසන් දවසෙත් අපිව හමුවෙන්න. C 4 කුටියේ අපි ඉන්නවා.
06/10/2024

එන්න අවසන් දවසෙත් අපිව හමුවෙන්න. C 4 කුටියේ අපි ඉන්නවා.

05/10/2024

ස්තුතියි ගෙවුණු දවසට.. හෙට විතරයි. තවම ආවේ නැත්නම් එන්න.

කැමතිම පොත් එකම තැනකින් ගන්න. එන්න C 4 කුටියට
05/10/2024

කැමතිම පොත් එකම තැනකින් ගන්න. එන්න C 4 කුටියට

Address

Gampaha

Telephone

+94719375028

Website

Alerts

Be the first to know and let us send you an email when රත්සර පොත් Rathsara poth posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to රත්සර පොත් Rathsara poth:

Videos

Share

Category