S Sûpûñ Ãrãvîñdã

S Sûpûñ Ãrãvîñdã සබ්බං පහාය ගමනී යං
( සියල්ල හැර දා යා යුතුයි )

2024 ඔක්තෝබර් 28 දින සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත්වන දුම්රිය පිළිබඳ කාලසටහන 2024.10.28 #දුම්රියකාලසටහන  #කොළඹකො...
30/10/2024

2024 ඔක්තෝබර් 28 දින සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත්වන දුම්රිය පිළිබඳ කාලසටහන
2024.10.28
#දුම්රියකාලසටහන #කොළඹකොටුව

උපුටා ගැනිමකී 🙏සමූහයේ වාර්ෂික ශ්‍රමදාන වැඩසටහන2024/25 සිරිපා වාරය2019 වසරේ සිට සමූහය විසින් ආරම්භ කල කුරුවිට එරත්න ශ්‍රී...
18/10/2024

උපුටා ගැනිමකී 🙏

සමූහයේ වාර්ෂික ශ්‍රමදාන වැඩසටහන
2024/25 සිරිපා වාරය

2019 වසරේ සිට සමූහය විසින් ආරම්භ කල කුරුවිට එරත්න ශ්‍රී පාද මාර්ගයේ සියලුම අම්බලම් පිරිසිඳු කොට තීන්ත ආලේප කිරීම, අම්බලම් වල ඇති අත්‍යවශ්‍ය අඩුපාඩු සකස් කිරීම සහ මාර්ගයේ කැලි කසළ සියල්ලම ඉවත් කිරීමේ වාර්ෂික ශ්‍රමදාන වැඩසටහන 2024/25 සිරිපා වාරය අරඹයාද පැවැත්වීමට සැලසුම් කර ඇත.

කුරුවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහ එරත්න ශ්‍රී පාද සේවා මහජන සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ අධීක්ෂණය යටතේ මෙවරත් පැවැත්වෙන ශ්‍රමදාන වැඩසටහන නොවැම්බර් මස 30 වන සෙනසුරාදා සහ දෙසැම්බර් මස 1 වන ඉරිදා යන දෙදින තුල පැවැත්වේ.

මෙම ශ්‍රමදාන වැඩසටහනට සහභාගී වීමට කැමති අය පහත Link එකේ ඇති Google පෝරමය පුරවා ඔබේ පැමිණීම ස්ථිර කරන්න.
https://forms.gle/A4DxZbeYQddKYdRD8

ශ්‍රමදාන වැඩසටහන වෙනුවෙන්ම පවතින WhatsApp Group එක හරහා අප ඔබට ඉදිරි වැඩපිළිවෙල දැනුම් දෙනු ලැබේ.

එලෙසම මෙම ශ්‍රමදානය සහ වාර්ෂික ව්‍යාපෘතිය පිලිබඳ විස්තර සහ ඒවා සාර්ථක කරගැනීමට ඔබගෙන් මුල්‍ය දායකත්වය අපට අවශ්‍ය වන අතර ඒ පිලිබඳ තොරතුරු අප ඉතා ඉක්මනින් සමූහය තුල දැනුම් දෙනු ලැබේ.

ඔබ සැමට සුමන සමන් දෙවි පිහිටයි 🙏
සමනල කන්ද රසික එකමුතුව

ඉතිහාසයේ පළමු වරට බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවැති T20 තරගාවලියේ ජය ලබා ගැනීමට හැකි විය.එය තරග 2ට1ක් ලෙස ජය ගන්නා ලදී. ...
17/10/2024

ඉතිහාසයේ පළමු වරට බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවැති T20 තරගාවලියේ ජය ලබා ගැනීමට හැකි විය.

එය තරග 2ට1ක් ලෙස ජය ගන්නා ලදී. පළමු පහර දුන් බටහිර ඉන්දීය කොදෙව්වන් ලකුණු 162ක් කඩුලු 8 දැවී රැස් කළේය. එයට පිළිතුරු වශයෙන් ලංකාව ලකුණු 166ක් එක් කඩුල්ලක් පමණක් දැවි ලබා ගත්තාය.

පන්දු යැවිමේදී වනිදු හසරංග කඩුලු 2ක් හා මහේෂ් තීක්ෂණ කඩුලු 2 බැගින් ලබා ගත්තා.
පන්දුවට පහර දීමේ දී පැතුම් නිශ්ශංක ලකුණු 39 , කුසල් මේන්ඩිස් ලකුණු 68 (නොදැවී) , කුසල් ජනිත් පෙරෙරා ලකුණු 55 නොදැවී ලබා ගත්තා.
2024/10/17

13/08/2024

කුඹල් පෙරහැර

"Baja" කියන්නේ වෙනම ලෙවල් එකක්...පැත්තටම එකයි  🇯🇵 💟 fans
16/04/2024

"Baja" කියන්නේ වෙනම ලෙවල් එකක්...පැත්තටම එකයි
🇯🇵 💟

fans

ඔන්න බයික්  Registation කරන ලෑස්ති වෙලා  ඉන්න ❤" මෙරට පවතින අධි ධාරිතාවෙන් යුතු යතුරුපැදි ලියාපදිංචිය සඳහා අවශ්‍ය නිර්දේ...
06/12/2023

ඔන්න බයික් Registation කරන ලෑස්ති වෙලා ඉන්න ❤

" මෙරට පවතින අධි ධාරිතාවෙන් යුතු යතුරුපැදි ලියාපදිංචිය සඳහා අවශ්‍ය නිර්දේශ සති දෙකක් තුළ ලබා දෙන ලෙස අමාත්‍ය වරයාගෙන් නිළධාරීන්ට උපදෙස්. "

මෙරට පවතින නීත්‍යානුකූලව ලියාපදිංචි කර නොමැති අධි ධාරිතාවෙන් යුතු (එන්ජින් ධාරිතාවය 450cc සිට ඉහළ )යතුරුපැදි නියමානුකූල ලෙස ලියාපදිංචි කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා කඩිනමින් කරුණු පරීක්ෂාකර බලා, නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරි සති කිහිපය තුල ලබාදෙන ලෙස ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රවාහන අමාත්‍යංශය හා ඒ හා සබැඳි අනිකුත් ආයතන වල නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේ ය.

මීට පෙර අවස්ථා කීපයක දී මෙරට අධි ධාරිතාවෙන් යුතු යතුරු පැදි හිමිකරුවන් විසින් හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ සම්බන්ධිකරනයෙන්, අමාත්‍යවරයාගෙන් සිදු කරන ලද ඉල්ලීමක් අනුව, විවිධ ක්‍රම වලින් මෙරටට ගෙන්වා මෙතෙක් ලියා පදිංචි කර නොමැති මෙවැනි අධි ධාරිතාවෙන් යුතු යතුරු පැදි ලියාපදිංචිය පිළිබඳ කැබිනට් පත්‍රිකාවක් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද අතර ඊට අවශ්‍ය නිර්දේශ ලබා දීම සඳහා ප්‍රවාහන අමාත්‍යංශය, ආරක්ෂක අමාත්‍යාංශය, මුදල් අමාත්‍යංශය, නීතිපති දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන වල ඉහළ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබේ. ඒ අනුව අදාළ කමිටුව වෙත අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේ මීට පෙර අවස්ථා කිහිපයකදී මෙවැනි අධි ධාරිතාවෙන් යුතු යතුරු පැදි ලියාපදිංචිය සඳහා ලබාදී ඇති අවස්ථාවන්වල නීති-රීති රෙගුලාසි පිළිබඳවද අවධානය යොමු කරමින්, අනාගතයට පූර්වාදර්ශයක් නොවන පරිදි දැනට මෙරට පවතින පන්දහසක් පමණ වන මෙවැනි යතුරු පැදී පමණක් දැඩි නීති රීති කොන්දේසි යටතේ ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ සියලු දෙනා විසින් සාකච්ඡා කර ඉදිරි සති කිහිපය තුළ ඉදිරිපත් කරන ලෙසයි. විශේෂයෙන් විවිධ රාජ්‍ය ආයතනවල නීති රීති පැනවීමේදී සහ ක්‍රියාත්මක කිරීමේදී පවතින දුර්වලතා හේතුවෙන් විවිධ ආකාරයේ ක්‍රමවේද වලින් යතුරුපැදි පමණක් නොව විවිධ භාණ්ඩ විශාල ප්‍රමාණයක් නීති විරෝධී ආකාරයෙන් මෙරටට ඇතුළු වන බවත්, මේ පිළිබඳ නිසි ක්‍රමවේදයක් කලාපයේ අනිකුත් රටවල භාවිතා වන නීති රීති පිළිබඳවද සැලකිල්ල යොමු කරමින් කාලීන අවශ්‍යතාවයක් වන බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

විවිධ කාල සීමාවන් තුල, විවිධ ආකාරයෙන් මෙරටට ගෙන්වන ලද අධි ධාරිතාවයෙන් යුතු යතුරු පැදි 5000ක්‌ පමණ මේ වන විට දිවයින පුරා විවිධ පුද්ගලයින් සතුව පවතින බව මෙම සාකච්ඡාවේදී කරුණු අනාවරණය විය. නමුත් නියමිත ආකාරයේ කිසිදු බදු ගෙවීමකින් තොරව මෙරටට ගෙන්වා ඇති මෙම යතුරුපැදි වලට රජය නියම කරන කොන්දේසි යටතේ, අදාළ බදු මුදල් ඇතුළු ගාස්තු ගෙවීමකින් අනතුරුව ලියාපදිංචි සඳහා අවසරය ලබා දෙන ලෙස අධි ධාරිතාවයෙන් යුතු යතුරු පැදි හිමියන් විසින් මෙහිදී ඉල්ලීමක් සිදු කරන ලදී. ඒ තුළින් රජයට ලැබිය යුතු විශාල බදු ආදායමක් ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා මෙන්ම, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව මගින් ඉදිරියේදී එන්ජින් ධාරිතාව දහස ඉක්මවූ යතුරුපැදි සඳහාද ලියාපදිංචි ලබාදීම සඳහා කටයුතු සිදුකෙරෙමින් පවතින අවස්ථාවක දැනට නීත්‍යානුකූල නොවන ආකාරයෙන් පවතින යතුරුපැදි ලියාපදිංචිය තුලින් ඇතැම් අවස්ථාවල විවිධ අපරාධ සම්බන්ධයෙන් එල්ල වන චෝදනා වලට ද නිසි නියාමනයක් සිදු කළ හැකි බවට මෙහිදී හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා විසින් පෙන්වා දෙන ලදි.
ඒ අනුව මේ පිළිබඳව පවතින නීතිමය තත්ත්වය කරුණු පරික්ෂා කර පවතින නීතිමය ප්‍රතිපාදන යටතේ සහ අවශ්‍ය අණපනත්වලට අවශ්‍ය සංශෝධන පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අවසන් වාර්තාවක් සකස් කර මෙම යතුරුපැදි ලියාපදිංචියට අනුමැතිය ලබාදීම සඳහා නිර්දේශ ඇතුළත් වාර්තාව කඩිනමින් සකස් කරන ලෙස අමාත්‍යවරයා විසින් නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේ ය.
හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා,ප්‍රවාහන අමාත්‍යංශය, ආරක්ෂක අමාත්‍යංශය, නීතිපති දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්, පොලිස් දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යංශය යන ආයතනවල නිලධාරීන් සහ අධි ධාරිතාව නිකුත් යතුරුපැදි හිමිකරුවන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

17/11/2023

කතා දෙකක් නෑ එයා තමයි හොදම යාළුවා..🥰😍

26/10/2023

මිනිස්සු ට පාඩුවේ ඉන්න දෙන්න ❤️

24/10/2023

මගේ යාලුවත් අපාය දී සෙට් වුනාම අපි දෙන්න 😁 😁 😁

10/09/2023

පාරේ යනවා දකින විට දෙපාරක් හැරිලා බලන්න හිතේන බයික් ❤

Spin Riders Club SPIN RIDERS CLUB SRI LANKA

02/09/2023

නුවර පෙරහැර 2023

Suzuki Volty 75th Anniversary model
20/07/2023

Suzuki Volty 75th Anniversary model

🚨 ශූරතාව දිනමින් ශ්‍රී ලංකාව අපරාජිතව ලෝක කුසලානයට..🏆නෙදර්ලන්තයට එරෙහි අවසන් තරගයේදී ශ්‍රී ලංකාවට ලකුණු 128 ක ජයක්...මෙය...
09/07/2023

🚨 ශූරතාව දිනමින් ශ්‍රී ලංකාව අපරාජිතව ලෝක කුසලානයට..🏆

නෙදර්ලන්තයට එරෙහි අවසන් තරගයේදී ශ්‍රී ලංකාවට ලකුණු 128 ක ජයක්...

මෙය ශ්‍රී ලංකාව අඛණ්ඩව ලද 10වැනි එක්දින ජය...

අපගේ ජීවිත කාලය තුල සිදු නොවේයැයි, අපේක්ෂා  කල නිවහල් මිනිසුන් දූෂණයට,මර්දනයට,හොරකමට,පාදඩ පාලකයන්ට එරෙහිව අවදි වූ දිනයක්...
09/07/2023

අපගේ ජීවිත කාලය තුල සිදු නොවේයැයි, අපේක්ෂා කල නිවහල් මිනිසුන් දූෂණයට,මර්දනයට,හොරකමට,පාදඩ පාලකයන්ට එරෙහිව අවදි වූ දිනයක්. පුරවැසියෙක් ලෙස රටේ ජනතාව ගැන වැඩිපුරම සතුටු වූ දිනයක්. 2022.07.09♥️✊🏾

03/07/2023

අද හවස මිගමුව beach එකේ .
නාන්න ගියට කමක් නෑ පරිස්සමෙන් .
කොල්ලො ටික පට්ට ගේමක් දිලා බේර ගත්තේ. 👍

ESOFT MOTOR SHOW 2023ESOFT Metro Campus - Gampaha
23/06/2023

ESOFT MOTOR SHOW 2023

ESOFT Metro Campus - Gampaha

සහල්පුර හොල්ලපු දවසSahalpura Moto Festa  #සහල්පුර    ,   ,      💥🚘 🏍️ 🍿 🕺                                 #යකාcrew      ...
24/05/2023

සහල්පුර හොල්ලපු දවස
Sahalpura Moto Festa

#සහල්පුර , , 💥
🚘 🏍️ 🍿 🕺
#යකාcrew KushanSawmya ChamaraPathiraja

Evon Gurusinghe

සහල්පුර Moto Festa Motor Show, Stunt Show , Food Fest & DJ Event 💥Event 4ක් එකම දවසෙ සුපිරිම Fun එකක් ගන්න එදාට සෙට් වෙම...
16/05/2023

සහල්පුර Moto Festa Motor Show, Stunt Show , Food Fest & DJ Event 💥

Event 4ක් එකම දවසෙ සුපිරිම Fun එකක් ගන්න එදාට සෙට් වෙමු 😍

මරදගහමුල වී ගබඩා සංකීර්ණයට ( Google Map location එක පහතින් දක්වා ඇත )

මැයි 20
සවස 2.00 සිට
🚘Motor Show
🏍️Stunt Show
🍿Food Fest
🕺DJ Event

මේ Event 04 ටම Ticket එක රුපියල් 500/= විතරයි 😍

Rs 500 🏁 මෙහෙම Event දෙන්නෙ අපි විතරයි 🤟

එහෙනම් එදාට සෙට් වෙමු.
එන කට්ටිය tag කරල Shart කරමුද එහෙනම් 😍

Location - Marandagahamula Grain Storage Warehouse
https://maps.app.goo.gl/8Z8ZsZAsLDuGE5fk7

Time - 2.00 P.M
Date - 20/05/2023 ( Saturday )

#යකාcrew

2019 පාස්කු ඉරිදා දිනය වූ අප්‍රේල් 21 පාස්කු ඉරිදා දින එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයට අදට (21) වසර හතරක් සම්පූර්ණ වෙනවා.2019 ...
21/04/2023

2019 පාස්කු ඉරිදා දිනය වූ අප්‍රේල් 21 පාස්කු ඉරිදා දින එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයට අදට (21) වසර හතරක් සම්පූර්ණ වෙනවා.

2019 අප්‍රේල් 21 දින කොළඹ, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, මීගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය සහ මඩකලපුව, සියොන් දේවස්ථානය සහ අගනුවර තරු පන්තියේ හෝටල් තුනක් ඉලක්ක කරගත් ප්‍රහාර හේතුවෙන් දරු දැරියන් අසූ දෙදෙනෙකු (82) සහ රටවල් 14 ක ට අයත් විදේශිකයන් 47 දෙනකු ඇතුළුව පුද්ගලයන් 269 දෙනෙකුගේ ජීවිත අහිමි වූ අතර පන්සිය (500) දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලැබුවා.

එම වසරේ නොවැම්බරයේ පැවති ජනාධිපතිවරණයට පෙර සිදු වූ මෙම සාහසික මිනිස් ඝාතනය ඉන් අනතුරුව පැවති ජනාධිපතිවරණයේ ප්‍රධානම මාතෘකාව බවට පත්විය.

මිනිස් ජීවිත ගණනක් අහිමි කළ මෙම ප්‍රහාරය පිළිබඳව ඉන් වසර තුනකට පසුව 2022 මාර්තු 07 වෙනිදා “බිහිසුණු අපරාධයෙන් වසර තුනකට ආසන්න කාලයක් ගතවී ඇතත්, එම පාස්කු ඉරිදා සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව අප තවමත් සිටින්නේ අඳුරේ” බවයි අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමි පැවසුවේ. ඒ එදින පවත් වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරය අමතමින්.

“මෙම සමූල ඝාතනය පිළිබඳ මුලින්ම ඇති වූ හැඟීම වූයේ එය හුදෙක් ඉස්ලාමීය අන්තවාදීන් පිරිසකගේ ක්‍රියාවක් බවය. කෙසේ වුවද ඉන් අනතුරුව ලද විමර්ශන වලින් පෙනී ගියේ මෙම සමූල ඝාතනය මහා දේශපාලන කුමන්ත්‍රණයක කොටසක් බවයි.

අප ද සත්‍ය සොයා යන සිවිල් සංවිධාන ද දිගින් දිගටම ඉල්ලා සිටිය ද වින්දිතයින් හට යුක්තිය ඉටුකිරීමට, ශ්‍රී ලංකාවේ රජය අසමත් වී තිබේ. ප්‍රහාරය පිටුපස ඇති සත්‍ය හෙළිදරව් කිරීම සහ වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා වෙනුවට යුක්තිය ඉල්ලා හඬ නගන්නන්ට හිරිහැර කිරීමේ සහ බියගැන්වීමේ උත්සහයක් දක්නට ලැබේ.

එහි ප්‍රතිඵලයක් ලෙස මෙම බිහිසුණු අපරාධය සිදු වී වසර තුනකට ආසන්න කාලයක් ගත වී ඇතත් පාස්කු ඉරුදින ඇත්තටම සිදු වූයේ කුමක් ද යන්න පිළිබඳව අපි තවමත් අඳුරේ සිටිමු.

මෙම අගතියට පත් වින්දිතයින්ගේ මූලික මානව අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝනය වූ අවස්ථාවක් බැවින්, අප එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් සහ එහි සියලුම සාමාජික රටවලින් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නේ මෙම කවුන්සිලය මගින් පසුගිය වසරේ ආරම්භ කරන ලද සාක්ෂි රැස්කිරීම ඉදිරියටම කරගෙන යාමටත් පාස්කු ඉරිදා සමූල ඝාතනය පසුපස ඇති සත්‍ය සොයාගැනීමට අපක්ෂපාතී විමර්ශනයක් පැවත්වීම සහතික කිරීම සඳහා ක්‍රමවේදයක් සැලසුම් කිරීමටත් සහයෝගය දක්වන ලෙසයි” යනුවෙන් උන්වහන්සේ එහිදී පවසා සිටියා.

අද දවස එම ප්‍රහාරයෙන් වසර හතරක් සම්පූර්ණ වන දවස යි.

2019 අප්‍රේල් 21 වෙනිදායින් පසුව පැවති ජනාධිපතිවරණයේ ප්‍රමුඛ අවධානය යොමුකළේ ‘ජාතික ආරකෂාව’ පිළිබඳවයි. මැතිවරණ පොරොන්දුව වුණේ ‘පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන්ට දඬුවම් දීම’ යි.

වසර හතරක් ගිය තැනදීත් වින්දිතයන් ඉල්ලා සිටින්නේ මේ මිනිස් ඝාතන කුමන්ත්‍රණය පිළිබඳව සත්‍ය හෙළිදරව් කරන ලෙසයි. යුක්තිය ඉටුකරන ලෙසයි.

08/03/2023

Address

Divulapitiya
DIVULAPITIYA

Telephone

+94777589013

Website

Alerts

Be the first to know and let us send you an email when S Sûpûñ Ãrãvîñdã posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to S Sûpûñ Ãrãvîñdã:

Videos

Share


Other Digital creator in Divulapitiya

Show All