Rupavahini News

Rupavahini News This is the page of the National Television (Rupavahini) News Bulletin.

සම්පූර්ණ පුවත අපගේ  You tube නාලිකාවෙන් නරඹන්න >>> https://tinyurl.com/5n7xm77y
18/02/2025

සම්පූර්ණ පුවත අපගේ You tube නාලිකාවෙන් නරඹන්න >>> https://tinyurl.com/5n7xm77y

18/02/2025

🔴2025-02-18 | Rupavahini Sinhala News 08.00 pm | රූපවාහිනී 08.00 සිංහල ප්‍රවෘත්ති🇱🇰

ලෙබනනයේ දකුණු දිග සිදෝ ප්‍රදේශයට එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් හමාස් නායකයෙකු මියගිය බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කරනවා.ප්‍රහා...
18/02/2025

ලෙබනනයේ දකුණු දිග සිදෝ ප්‍රදේශයට එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් හමාස් නායකයෙකු මියගිය බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කරනවා.

ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ ලෙබනනයේ හමාස් මෙහෙයුම් අංශයේ ප්‍රධානියා වු මොහොමඩ් ඊබ්‍රහීම් ෂාහින් නැමැත්තායි.

සිය නායකයා ඔහුගේ මෝටර් රථයෙන් ගමන් කරමින් සිටි අවස්ථාවේ එල්ල වු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මියගිය බව පලස්තීන හමාස් සංවිධානය තහවුරු කර තිබෙනවා.

හමාස් සන්නද්ධ අංශය වන කසාම් බලකාය ඔහුගේ මරණය සම්බන්ධයෙන් ශෝකය ප්‍රකාශ කර ඇති බව සඳහන්.

හමාස් - ඊශ්‍රායල යුද්ධයේදි ඔහු පුරෝගාමී ක්‍රියාකාරී නායකයෙකුව සිටි බවයි එම සංවිධානය කියා සිටින්නේ. ෂාහින්, ලෙබනන හමාස් සංවිධානයේ ප්‍රමුඛතම චරිතයක් බවත්, ඔහු තම රටට එල්ල කළ රොකට් ප්‍රහාර සම්බන්ධයෙන් සෘජුව මැදිහත් වු අයෙකු බවත් ඊශ්‍රායල හමුදාව පවසනවා.

ඊබ්‍රහිම් ෂාහින් මෑත කාලයේදි ඉරාන පිටුබලය ලබමින් ත්‍රස්තවාදී කුමන්ත්‍රණ රැසකට මූලිකවී කටයුතු කර ඇති අතර ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් සමග එක්ව මූල්‍යාධාර ලබමින් ඊශ්‍රායල ජනතාවට එරෙහිව ක්‍රියා කළ නායකයෙකු බවයි ඊශ්‍රායල හමුදා ඔත්තු සේවා පෙන්වා දෙන්නේ.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ලෙබනනයේ සහ ගාසා තීරයේ පනවා ඇති සටන් විරාමය කඩ කිරීම සම්බන්ධයෙන් ඊශ්‍රායලයට චෝදනා එල්ලවි ඇති අවස්ථාවක එරට හමුදාව විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

ලෙබනනයේ පනවා ඇති සටන් විරාම ගිවිසුමට අනුව අද දින ඊශ්‍රායල හමුදාව සිය හමුදා පාර්ශ්වයන් සම්පූර්ණයෙන් ඉවත් කර ගැනීමට නියමිත නමුත් දකුණු ලෙබනනයේ උපාය මාර්ගික ස්ථාන 5 ක තවදුරටත් ඊශ්‍රායල හමුදා රැදී සිටින බවයි වාර්තා වන්නේ.

ග්‍රෑම් 450, පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් අඩු කර තිබෙනවා. එය, අද මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මකයි.ජීවන වියදම අඩු කිරී...
18/02/2025

ග්‍රෑම් 450, පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් අඩු කර තිබෙනවා. එය, අද මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මකයි.

ජීවන වියදම අඩු කිරීමේ රජයේ ක්‍රියාවලියට සහය වීම සඳහා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ මැදිහත්වීම මත සෙරන්ඩීබ් සහ ප්‍රීමා සමාගම් තිරිඟු පිටි මිල අඩු කිරීමට එකඟතාව පළ කර තිබෙනවා.

ඒ අනුව, පාන් මිල අඩු කිරීමට සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය ද එකඟතාව පළ කර ඇති අතර, එහි සභාපතිවරයා සඳහන් කළේ, අනෙකුත් සියලු බේකරි නිෂ්පාදනවල මිලෙහි වෙනසක් සිදු නොවන බවයි.

බොලීවියාවේ නිරිතදිග කඳුකර ප්‍රදේශයක සිදු වූ බස් රථ අනතුරකින් 30 දෙනෙකු මිය ගොස් තිබෙනවා. 14 දෙනෙකු තුවාල ලබා ඇති බවයි, ව...
18/02/2025

බොලීවියාවේ නිරිතදිග කඳුකර ප්‍රදේශයක සිදු වූ බස් රථ අනතුරකින් 30 දෙනෙකු මිය ගොස් තිබෙනවා. 14 දෙනෙකු තුවාල ලබා ඇති බවයි, වාර්තා වන්නේ.

යෝකාලා දිස්ත්‍රික්කයේ පොටෝසි නගරයේ සිට ඔරූරෝ නගරය දක්වා ගමන් කරමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මීටර 200 ක පමණ ප්‍රපාතයකට බස් රථය පෙරළී තිබෙනවා.

තුවාලකරුවන් අතර, කුඩා දරුවන් 4 දෙනෙකු සිටින බවයි, වාර්තා වන්නේ.

බොලීවියාවේ ඉතා අවදානම් සහිත කඳුකර මාර්ග රැසක් පවතින අතර, නිරන්තරයෙන් එම මාර්ගවල අනතුරු සිදු වනවා.

ඉකුත් ජනවාරි මස පොටෝසි නගරයේ බස් රථයක් පෙරළීමෙන් මගීන් 19 දෙනෙකු මිය ගියා.

සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ රුපියල් 494000/- ක මුදලක් හලාවත ප්‍රදේශයේ බැංකුවක ගිණුමකට බැරකරන ල...
18/02/2025

සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ රුපියල් 494000/- ක මුදලක් හලාවත ප්‍රදේශයේ බැංකුවක ගිණුමකට බැරකරන ලෙස එම අධිකාරියේ නිලධාරීන් පෙළඹවීම තුළින් "දූෂණය" නැමැති වරද සිදුකළේ යැයි චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතාට එරෙහිව අද කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාරදීම සිදුවුණා.

අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ මෙම අධි චෝදනා පත්‍ර අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිරකරත්න මහතා ඉදිරියේ භාර දෙනු ලැබුවා.

ඉන් අනතුරුව විත්තිකාර හිටපු අමාත්‍යවරයා රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරිණ ලෙස විනිසුරුවරයා නියෝග කළා.

2013 වසරේ සැප්තැම්බර් මස 21 ඔක්තෝබර් මස 24 වන දා දක්වා කාල සීමාව තුළ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී 494000/-ක මුදලක් හලාවත ඉතිරි කිරීමේ බැංකුවේ ගිණුමකට බැර කරන ලෙස සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන් පෙළඹවීමෙන් අල්ලස් පනත යටතේ දූෂණය නැමැති වරද සිදු කළ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබෙනවා.

Address

Colombo 7
Colombo

Alerts

Be the first to know and let us send you an email when Rupavahini News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Rupavahini News:

Videos

Share

runews.lk

The Sri Lanka Rūpavāhinī Corporation (SLRC) (ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව; இலங்கை ரூபவாகினி கூட்டுத்தாபனம்), also known as Jathika Rupavahini (lit. National Television), is the national television network of Sri Lanka. It was given by the people of Japan to the people of Sri Lanka, mainly for the provision of education, information and entertainment.

Established by Parliament under Act No. 6 of 1982 for the provision of a national television service, it produces and broadcasts programmes in three languages. Distinguished civil servant M.J Perera was the founder chairman of Sri Lanka Rupavahini Corporation.