TopNews2023

TopNews2023 We are Always provide Best things !! Welcome WE ARE DIGITAL NEWS COMPANY IN SRILANKA

භූගත ජලය භාවිතයේදී කල්පනාකාරී වන්නවර්තමානයේ රටතුළ පවතින වියළි කාලගුණය හමුවේ භූගත ජලය භාවිතා කරන්නන් වඩාත් කල්පනාකාරී විය...
22/08/2023

භූගත ජලය භාවිතයේදී කල්පනාකාරී වන්න

වර්තමානයේ රටතුළ පවතින වියළි කාලගුණය හමුවේ භූගත ජලය භාවිතා කරන්නන් වඩාත් කල්පනාකාරී වියයුතු බවත් භූගත ජලය භාවිත කිරීමේදී රසයේ, ගන්ධයේ හෝ වර්ණයේ යම් වෙනසක් පවතී නම් එම ජල සාම්පල පරීක්ෂා කරගත යුතු බවත් ජල සම්පත් මණ්ඩලය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පර්යේෂණ සහ සංවර්ධන) ආර්. එම්. එස්. රත්නායක මහතා පැවසීය.

භූගත ජල මට්ටම අඩුවීම හේතුවෙන් ලවණතාවයේ වෙනසක් සිදුවිය හැකි බැවින් ජනතාවට මේ පිළිබඳ අවධානය යොමුකළ යුතු බව කී ඒ මහතා භූගත ජලයේ එවැනි වෙනසක් ඇත්නම් කොළඹ, පුත්තලම, අනුරාධපුර සහ යාපනයේ පිහිටි පරීක්ෂණාගාරවලින් ජනතාවට ජල ජලසාම්පල පරීක්ෂා කරගත හැකි බව ද සඳහන් කළේය.

ගුවන් පාළකවරුනුත් වෘත්තීය අරගලයට එක්වේගුවන් ගමන් පාළකවරුන් අද දින ක්‍රියාත්මක වෘත්තීය අරගලයට සහාය පළ කරමින් දහවල් 12.00 ...
15/03/2023

ගුවන් පාළකවරුනුත් වෘත්තීය අරගලයට එක්වේ

ගුවන් ගමන් පාළකවරුන් අද දින ක්‍රියාත්මක වෘත්තීය අරගලයට සහාය පළ කරමින් දහවල් 12.00 සිට පස්වරු 02.00 දක්වා කාළය තුළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගක අද නියැලීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ගුවන් ගමන් පාළකවරුන්ගේ සංගමයේ සභාපති තිසර අමරනන්ද මහතා පවසයි

මෙම නිසා ශ්‍රී ලංකාවෙන් පිටත් වන සහ පැමිණෙන ගුවන් යානා වල ප්‍රමාද වීම් සිදු විය හැකි බවට අනතුරු ඇගවීමක් මෙම සංගමය විසින් සිදු කරති

එහෙත් ශ්‍රී ලංකා ගුවන් සීමාව හරහා ඉහළින් ගමන් ගන්නා ගුවන් යානා වෛද්‍ය ආධාර සහ රෝගීන් රැගෙන යන ගුවන් යානා ,හදිසි අවශ්‍යතා සහිත ගුවන් යානා සහ ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන ගුවන් යානා සදහා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා බාධා ඇති නොවන බව ද තිසර අමරනන්ද මහතා අවධාරණය කරයි

ඩොලරය යළි ඉහළ නගී මහ බැංකුව අද දින නිකුත් කළ විනිමය අනුපාතිකයේ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල සහ ගැණුම් මිල පෙර දිනට සාපේ...
14/03/2023

ඩොලරය යළි ඉහළ නගී

මහ බැංකුව අද දින නිකුත් කළ විනිමය අනුපාතිකයේ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල සහ ගැණුම් මිල පෙර දිනට සාපේක්ෂව ඉහළ ගොස් ඇත.

මහ බැංකුව අද දින නිකුත් කරන ලද විනිමය අනුපාතිකයට අනුව ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 319.84ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 335.68 ලෙස සටහන් විය.

එනම් පෙර දිනට සාපේක්ෂව අද රුපියලේ අගය අවප්‍රමාණය වී ඇති බව පෙනෙන්නට තිබේ

සෞඛ්‍ය නිලධාරිනියට අනාගත සැමියාගෙන් කඩු පහරක් එල්ල වේසෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියකගේ නිවසට කඩා වැදුණු ඇය විවා...
12/03/2023

සෞඛ්‍ය නිලධාරිනියට අනාගත සැමියාගෙන් කඩු පහරක් එල්ල වේ

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියකගේ නිවසට කඩා වැදුණු ඇය විවාහ කර ගැනීමට සිටි බව කියන තරුණයකු එල්ල කළ තියුණු ආයුධ ප්‍රහාරයකින් බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි මොරගහහේන පොලිසිය පවසයි

මෙලෙස තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 32 ක තැනැත්තියක් වන අතර නිවසෙහි සාලයේ විශාල ලේ සහ කාන්තාවගේ බවට සැකකරන හිසකෙස් දක්නට ලැබෙන බව පොලීසිය සඳහන් කරයි

අලුත් මැතිවරණ කොමිසමට පුංචිහේවා මහතා කැමැත්ත දෙයිඅලුතින් පිහිටුවීම සඳහා  නියමිත මැතිවරණ කොමිෂන්  සභාවේ  සාමාජිකත්වය ලබා ...
12/03/2023

අලුත් මැතිවරණ කොමිසමට පුංචිහේවා මහතා කැමැත්ත දෙයි

අලුතින් පිහිටුවීම සඳහා නියමිත මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකත්වය ලබා ගැනීමට ව්‍යවස්ථා සභාවට අයදුම්පතක් යොමු කළ බව මැතිවරණ කොමිසමේ වර්තමාන සභාපති නීතීඥ නිමල් ජී පුංචිහේවා මහතා පවසන ලදි

එසේම මැතිවරණ කොමිසමේ සාමාජිකත්වය සඳහා තමාද අයදුම් කළ බව සීමානිර් ණ කොමිෂන් සභාවේ වර්තමාන සභාපති සහ මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පසුගියදා පවසන ලදි

එසේම මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා නවය පිහිටුවීමේ කටයුතු බොහෝ දුරට ලබන සතියේදී සිදු කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ

13/11/2022

WELCOME LOVERS

Address


Website

Alerts

Be the first to know and let us send you an email when TopNews2023 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to TopNews2023:

Share