Korean with Ahas- අහස්

Korean with Ahas- අහස් 한국을 사랑하는 스리랑카 친구❤️🌹🫰🏻
කොරියාවට ආදරය කරන ලංකාවේ මිතුරියක්...🫶

ආයුබෝවන් !🙏안녕 👋🏻 අහලා තියෙනවා ද 짝 (ච්චක්)?🤭🥰🇰🇷✍️ඉංග්‍රීසි භාෂාවෙන් නම් pair කියන තේරුම. "යුගලය". යුගලය කියන්නේ දෙකක් කිය...
18/11/2024

ආයුබෝවන් !🙏
안녕 👋🏻

අහලා තියෙනවා ද 짝 (ච්චක්)?🤭🥰🇰🇷✍️

ඉංග්‍රීසි භාෂාවෙන් නම් pair කියන තේරුම. "යුගලය". යුගලය කියන්නේ දෙකක් කියන්නනේ.

වැඩ කරද්දි හිතන්නකෝ ඇසුරුම් කරනවා කියලා මොනවා හරි. කෙනෙක් අහනවා මෙහෙම.👇

👉짝이 맞아요?
"දෙක දෙක හරිද?👈 "

හරි නම් 👉네, 짝이 맞아요.
නැත්නම් 👉아니오, 짝이 안 맞아요.

🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂

ඒ වගේම දෙන්නෙක් එකතු වෙලා වැඩ කරද්දි,

"දෙන්නා දෙන්නා එකතු වෙනවා" කියන්න 👉짝을 짓다 / 짝을 이루다 කියලා කියනවා.

👉짝을 지어 해요. 👉දෙන්නා දෙන්නා එකතු වෙලා කරන්න

🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂

ඒ වගේම (ච්චක්කුං) 짝꿍 කියන්නේ තමන්ගේ partner ට. 😊🥰

Partner කවුද කියලා අහන්නේ කොහොමද ?
👉짝꿍 누구예요?

මුල් කාලේ මාත් කොරියාවේ දී අහලා තියෙනවා මේ වචනය.🥰 තමන් වැඩ කරද්දී තමන්ගේ partnerට 짝꿍 කියනවා.😊

🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂

ඒ වගේම පන්ති කාමරයක දී "දෙන්නා දෙන්නා එකතු වෙලා කරන ක්‍රියාකාරකම්" වලට 👉짝 활동

🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂

එහෙනම් කොරියාවේ යන්න ඉන්න අය දැනගෙන ඉන්නකෝ.. 💪🇰🇷✍️❤️

EPS-TOPIK පොතේ නැහැ මේ වචන. 💪🤔🥰

නැත්නම් ඕවා ඇහෙද්දි වහ කදුරු වගේ... ච්චක්, ච්චක් ගානවා..මොනාද දන්නේ නැහැ කියලා බලයි.😁🙃🥰

සැමට ජය!💪✍️✍️❤️🇰🇷❤️✍️✍️💪

정답을 선택하세요....👇🏻නිවැරදි පිලිතුර තෝරන්න👇🏻💐❤️
07/11/2024

정답을 선택하세요....👇🏻

නිවැරදි පිලිතුර තෝරන්න👇🏻💐❤️

ආයුබෝවන්!🙏안녕…^^8.15 කොරියාවේ වැදගත් දිනයක්.ඒ සමගම අමිහිරි අතීතයක සිහි ගැන්වීමක්. 1910 වසරේ සිට 1945 වසර දක්වා කොරියාව ජප...
30/05/2024

ආයුබෝවන්!🙏
안녕…^^

8.15 කොරියාවේ වැදගත් දිනයක්.

ඒ සමගම අමිහිරි අතීතයක සිහි ගැන්වීමක්. 1910 වසරේ සිට 1945 වසර දක්වා කොරියාව ජපානයේ යටත් විජිතයක්ව පැවතුණා. විවිධ පැතිකඩ ඔස්සේ කොරියානුවන්ගේ හද කම්පා කරවන සිද්ධීන් දාමයක් ඔස්සේ වසර ගණනාවක් පීඩා විඳ කොරියාව ස්වාධීන රාජ්‍යයක් බවට පත් වූයේ 1945 වසරේ මෙවන් දිනක. ඒ අගෝස්තු මස 15 වනදායි. කොරියානු බසින් මේ දිනය "광복절"(ක්වංබොක්චොල්) ලෙස හදුන්වන අතර මෙදින කොරියාවේ "ජාතික නිදහස් දිනය"යි.

1949 වසරේ ඔක්තෝබර් මස 1 වන දින ජාතික නිවාඩු දින(국경일) පිළිබඳ පනතට අනුව මෙම දිනය ජාතික නිවාඩු දිනයක් බවට පත් කරනු ලැබුවා. 2021 අගෝස්තු 15 වන දින සමරන්නට යෙදෙන්නේ කොරියාවේ 76 වන නිදහස් සැමරුම් දිනයයි.

මෙදිනට වසරක් පාසා කොරියාව පුරා විවිධ සැමරුම් උත්සව පවත්වනු ලබන අතර රාජ්‍ය අනුග්‍රහය යටතේ පවත්වන ජාතික නිදහස් සැමරුම් උත්සවය දකුණු කොරියාවේ අගනුවර වන සොඋල් (서울) හිදී පැවැත්වේ. එමෙන්ම, ප්‍රාදේශීය වශයෙන් සෙසු නගරවලත් විවිධාකාරයෙන් නිදහස් සැමරුම් උත්සව පවත්වනු ලැබ තිබෙනවා.

තවද, මෙම දිනය අර්ථවත් කිරීම උදෙසා කොරියාව පුරා සැම නිවසක සිට සැම ස්ථානයකම ජාතික ධජය ඔසවනවා.

සැමට ජය !
💖🌸

ආයුබෝවන් !🙏안녕....^^ "දත්"  හා සම්බන්ධවයි. දත් හා සම්බන්ධව කොරියානු බස ඉගෙනීමේ දී ඔබට වැදගත් වන එමෙන්ම චීන අක්ෂරවල ආභාෂය ...
29/05/2024

ආයුබෝවන් !🙏
안녕....^^

"දත්" හා සම්බන්ධවයි. දත් හා සම්බන්ධව කොරියානු බස ඉගෙනීමේ දී ඔබට වැදගත් වන එමෙන්ම චීන අක්ෂරවල ආභාෂය සහිත පද කිහිපයකුයි මේ.

🔘치아 (ඡිආ) දත් = 이 (ඊ)
치아 건강 දන්ත සෞඛ්‍යය

🔘치약 (ඡියක්) දත්බෙහෙත්
치약을 사다 දත්බෙහෙත් මිලදී ගන්නවා

🔘치과 (ඡික්වා) දන්ත රෝහල
치과에 가다 දන්ත රෝහලට යනවා

🔘치통 (ඡිථොං) දත් කැක්කුම
치통을 앓다 දත් කැක්කුම හැදෙනවා

🔘칫솔 (ඡිත්සොල්) දත් බුරුසුව
칫솔로 이를 닦다 දත් බුරුසුවෙන් දත් මදිනවා

🔘양치질 (යංඡිජිල්) දත් මැද කට සේදීම
양치질하다 (යංඡිජිල්හදා) දත් මැද කට සෝදනවා
소금물로 양치질하다 ලුණු වතුරෙන් කට සෝදනවා

හැමෝම ප්‍රවේශමෙන්!

තෙරුවන් සරණයි !🙏

සටහන✍ : 아핬스나 선생님💐

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Korean with Ahas- අහස් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share