Seethawaka Handa

Seethawaka Handa අපේ උරුමයේ හඬ
Voice of Seethawaka
(16)

සංවේගයෙන් දැනුම් දීමයි,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,අවිස්සාවේල්ල ජනාධිපති විද්‍යාලයේ හිටපු ව...
02/07/2024

සංවේගයෙන් දැනුම් දීමයි
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
අවිස්සාවේල්ල ජනාධිපති විද්‍යාලයේ හිටපු විදුහල්පති සහ සීතාවක ශාසනාරක්ෂක බල මණ්ඩලයේ හිටපු ප්‍රධාන ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේ වූ, ඇස්වත්ත දකුණ ශ්‍රී බෝධිමාලකාරාම විහාරවාසී...

පෝප්පිටියේ සෝභිත නාහිමිපාණන් වහන්සේ අපවත් වූ බව කණගාටුවෙන් දැනුම් දෙමු.

සීතාවකට  කෞතුකාගාරයක්..පුරා වස්තු භාර දෙන්න ඔබටත් අවස්ථාවක්....අවිස්සාවේල්ල හරහා ගමන් කරන දෙස් විදෙස් සංචාරකයින්ටත්, සීත...
29/06/2024

සීතාවකට කෞතුකාගාරයක්..
පුරා වස්තු භාර දෙන්න ඔබටත් අවස්ථාවක්....

අවිස්සාවේල්ල හරහා ගමන් කරන දෙස් විදෙස් සංචාරකයින්ටත්, සීතාවක ජනතාව ඇතුළු බාල මහළු සැම දෙනා දැක බලාගත යුතු ස්ථානයක ඉදිකිරීම් කටයුතු මේ දිනවල ලහිලහියේ සිදුවෙමින් පවතී.

ඒ මෙරට රාජාවලියේ වැදගත් රාජධානියක් වන සීතාවක රාජධානිය පිළිබඳව තොරතුරු ගවේෂණය පහසු වීම සඳහා ඉදිකෙරෙන ඓතිහාසික කෞතුකාගාරයයි.

සීතාවක හඬ නිර්මාතෘ යදාමිණී ගුණවර්ධන මහතා (පා.ම.) ඇතුළුව සීතාවක උරුමය පදනම පසුගිය දශකයකට වැඩි කාලයක් තිස්සේ කළ ඉල්ලීම වූයේ සීතාවක උරුමය සුරක්ෂිත කිරීමට අවැසි කෞතුකාගාරයක් ස්ථාපිත කරන ලෙසයි.

ඒ අනුව අවිස්සාවේල්ල නගරයට යාබද ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතු භූමිභාගයක පිහිටි ඉපැරණි ගොඩනැගිල්ලක් නවීකරණය කොට මෙම කෞතුකාගාරය ඉදිවෙමින් පවතී. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්වරුන් ඒකාබද්ධව ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කිරීමෙන් අනතුරුව මෙම ගොඩනැගිල්ල මධ්‍යම සංස්කෘතික අරමුදල වෙත පවරාගෙන මෙහි ඉදිරි කටයුතු සිදුකරගෙන යනු ලබයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් සිදු කෙරෙන මෙම ව්‍යාපෘතියට මධ්‍යම සංස්කෘතික අරමුදල රුපියල් මිලියන 05ක මුදලක් වෙන්කර ඇත.

අමාත්‍ය මණ්ඩල යෝජනාව පරිදි කෞතුකාගාරය ඉදිකිරීම් සඳහා මහාචාර්ය ඇලෙක්සැන්ඩර් කපුකොටුව මහතාගේ මූලිකත්වයෙන් යුත් විද්වද් කමිටුවක් පත්කර ඇති අතර එම කමිටු නියෝජිතයින් සීතාවක හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල සිදුකරන ලද පුළුල් අධ්‍යයනයකින් අනතුරුව මෙම කෞතුකාගාරය සඳහා වන තොරතුරු ඒකරාශී කර ඇත.

සීතාවක ආශ්‍රිත ප්‍රදේශයෙන් අදින් වසර 45000කට පමණ පෙර සිට මධ්‍යශිලා යුගය නියෝජනය කෙරෙන ප්‍රාග් ඓතිහාසික මිනිසුන් ජීවත් වූ බව කුරුවිට බටදොඹලෙන, පාහියන්ගලලෙන, කුකුලේගග, නෙරවන ගල්ගේ හා කෑගල්ල අලුලෙණ යන ස්ථානවලින් හමුවූ ප්‍රාග් ඓතිහාසික සාධක සාක්ෂි දරයි.

1521 සීතාවක රාජධානියක් ලෙස ආරම්භ වීම හා ඉන්පසුව මායාදුන්න රජ විසින් සීතාවක රාජධානිය ආරම්භ කළ අතර මායාදුන්න හා සීතාවක රණශූරයන් යටතේ සීතාවක සැලකිය යුතු ප්‍රදේශයක පැතිර ගිය රාජ්‍යයක් බවට පත් විය.

එසේම මෙරට රාජාවලිය තුළ පෘතුගීසීන්ට විරුද්ධව දියත් කළ අභීත රණකාමීත්වය නිසාම සීතාවක රාජධානිය ලක්ඉතිහාසයට එක් වෙයි. 1562දී සිදුවූ ඓතිහාසික මුල්ලේරියා සටන එහි වැදගත් සන්ධිස්ථානයකි. එහිදී එවකට ලොව බලවත්ම පෟතුගීසී හමුදාංකය පෙරදිගදී ලත් දරුණුතම පරාජය උරුම කරදෙමින් සීතාවක විරුවන්ගේ අභීත රණකාමීත්වය ඉතිහාසයට එක්ව ඇත.

ලංකා ඉතිහාසයේ සීතාවක රාජධානියට එතරම් වැදගත්කමක් හිමිකර දී නොමැති බව පෙනේ. මෙම රාජධානිය පැවති කාලය දශක 07ක පමණ කෙටිකාලයකට සීමා වුවත් සීතාවක විරුවන්ගේ රණකාමීත්වය, ශාසනික මෙහෙවර, සාහිත්‍යය ආදී සංස්කෘතිකාංග, අංගම්පොර සටන් කලාව, ආයුර්වේද ශාස්ත්‍රය ඇතුළු නොයෙකුත් අංග වලින් හෙබි සීතාවක උරුමය අදට වඩා මතු පරපුර වෙනුවෙන් සුරක්ෂිත කිරීම අප සැමගේ වගකීමකි.

මෙම ඓතිහාසික උරුමයන් ඒකරාශී කෙරෙන ඉදිවෙමින් පවතින සීතාවක කෞතුකාගාරය තුළ ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා දිවෙන ඓතිහාසික තොරතුරු මෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථාන, සුන්දර ස්ථානවල තොරතුරු දැකබලා ගත හැකි වනු ඇත. සීතාවක යුගය හා සබැඳි නිර්මාණශීලී අනුරූ (ආකෘති), සීතාවක යුගයේ රණශූරයින් හා විශේෂ සිදුවීම් පිළිබඳ අඳින ලද සිතුවම් ප්‍රදර්ශනය, සීතාවක යුගය පිළිබඳ සැකසුණු වාර්තාමය වීඩියෝ පට ප්‍රදර්ශනය මෙන්ම තවත් අංග ඇතුළත් මැදිරි ගණනාවකින් යුතුව සූදානම් කරමින් පවතින බව දක්නට ලැබුණි.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ මෙහෙයවීමෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා දුම්රිය සේවය ශ්‍රාවක ප්‍රදේශයේ දීර්ඝ කාලයක් ක්‍රියාකාරී සංවිධානයක් වන සීතාවක උරුමය පදනම ඇතුළු අනෙකුත් රාජ්‍ය ආයතන, ස්වේච්ඡා සංවිධාන මේ කාර්යය යථාර්තයක් කරගැනීමට එක්ව සිටියි. ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් මෙහි ඉදිකිරම්සිදු කරමින් ඇත.

සීතාවක යුගය හා සම්බන්ධ ඓතිහාසික වැදගත්කමක් සහිත කෞතුක වස්තූන් හෝ පුරාවිද්‍යාත්මක වැදගත්කමක් ඇති දේ ඔබ සතුව ඇත්නම් මතු පරපුර වෙනුවෙන් එම භාණ්ඩ මෙම කෞතුකාගාරය වෙත පරිත්‍යාග කිරීමට හෝ අනුරූ සකස් කර ගැනීමට ලබා දීමට දැන් ඔබටද අවස්ථාව උදා කර දී ඇත.

සීතාවක කෞතුකාගාරයේ ස්ථානභාර නිළධාරී සුමේධ ප්‍රියන්ත විතාන මහතා ( මධ්‍යම සංස්කෘතික අරමුදල) දු. අංක 0760491254 ඔස්සේ අමතා මේ පිළිබඳව වැඩිදුර විස්තර ලබා ගත හැකිය.

මේ සියලු ඓතිහාසික උරුමයන් එක්තැන් වූ කල නුදුරේදීම දේශීය විදේශීය සංචාරකයින්, පාසල් සිසුන්, විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු ඉතිහාසය ගවේෂකයින්ට නැතුවම බැරි ස්ථානයක් බවට සීතාවක කෞතුකාගාරය පත්වනු දැකීම අපගේ පැතුමයි..

29/06/2024

🚆 සීතාවක ඔඩිසි සංචාරක දුම්රිය 🚆

බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධීකරණයෙන් ගමන් කරන සීතාවක ඔඩිසි සුබෝපභෝගී විශේෂ සංචාරක දුම්රිය ජූලි මස 07 වන දින ධාවනය කිරිමට නියමිතව ඇත.

යාමට සහ නැවත ඒමට
පළමු පන්තිය (AC) - Rs.800/=
දෙවන පන්තිය - Rs.500/=
තුන්වන පන්තිය - Rs.350/=

වග දුම්රිය ස්ථානය සිට සංචාරක ස්ථාන වෙත සංචාරකයින් ප්‍රවාහනය බස් රථ මගින් සිදු කරන අතර, ඒ සඳහා වායුසමනය කළ බස් රථයක එක් අයෙකුට රු.800/= ක් හා සාමාන්‍ය බස්රථයක රු.600/= ක මුදලක් අය කරනු ලැබේ.

ඕනෑම දුම්රිය ස්ථාන දෙකක් අතර ආසන වෙන් කිරීමේ ගාස්තුව මෙහි සඳහන් වන පරිදි වන අතර, ආසන වෙන් කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව Online Booking වෙබ් අඩවිය ද භාවිතා කළ හැකිය.

Online ආසන වෙන් කිරිම සඳහා - https://seatreservation.railway.gov.lk/mtktwebslr
චාරිකා විස්තර දැනගැනීම සඳහා විමසන්න - 072 8189 022 / 070 2800 588
🛤️
🛤️
🛤️
🛤️
🛤️

2023 උසස් පෙළ විභාගයේ ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවෙන් ලංකාවේ පළමු ස්ථානයට  තේරී පත් වෙමින් සීතාවකට අභිමානයක් එක් කළ ...
01/06/2024

2023 උසස් පෙළ විභාගයේ
ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවෙන්
ලංකාවේ පළමු ස්ථානයට තේරී පත් වෙමින්
සීතාවකට අභිමානයක් එක් කළ
කිරුලු පල්ලියගුරු සොයුර
ඔබට අපගේ උණුසුම් සුභ පැතුම්..

01/06/2024
31/05/2024

ඔබ තොරතුරු තාක්ෂණ නොවන උපාධිධාරියෙක්ද නැතහොත් වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියැලෙන්නෙක්ද?
තොරතුරු තාක්‍ෂණ ශ්‍රම බලකායට පිවිසීමට මාර්ගයක් සොයන සියලුම තොරතුරු තාක්ෂණ නොවන උපාධිධාරීන්ට කදිම අවස්ථාවක්!
2020, 2021, 2022 සහ 2023 කාලය තුළ සිය උපාධිය/ NVQ සහතිකය සම්පූර්ණ කළ ඉහත අපේක්ෂකයින් සඳහා දැන් අයදුම්පත් විවෘත වේ.
වැඩි විස්තර සඳහා කරුණාකර https://mot.gov.lk වෙබ් අඩවියට පිවිසෙන්න.

සංසාරයේ උන්ට හිමි රාජකාරිය - අකුරටම අපේ කාලයේ ඉටුකරේය.❤ඉතිහාසය පුරා මේ පොළව රැක තිබෙන්නේ නාදුනන සොල්දාදුවන්ගේ රණකාමීත්වය...
18/05/2024

සංසාරයේ උන්ට හිමි රාජකාරිය - අකුරටම අපේ කාලයේ ඉටුකරේය.❤

ඉතිහාසය පුරා මේ පොළව රැක තිබෙන්නේ නාදුනන සොල්දාදුවන්ගේ රණකාමීත්වය තුළය.

මැරෙන බව දැන දැන අංගම් ඉලංගම් පෑ රණ ශූරයන් ඉතිහාස කථා වල අපට මුණ ගැසේ.

කන්දේ නුවර රැකගන්න දන්තුරේ මහසටනේ වෙල්යායේ සතුරන් මැද කඩු දෙක දෑත දරා මිය යනතෙක් සටන් වැදුන නාදුනන සිංහලේ රණකාමීන් ගැන අදත් පුරාවෘත්ත ලෙස ගෞරවාදරයෙන් ජනතාව රැගෙන එමින් සිටී.

මැරෙන බව දැන දැන LTTE ය කිසිදාක නොසිතුව මරාගෙන මැරෙන පුපුරවා ගැනීම් කරමින් ඉදිරියට ඇදුන ආමිකාරයන් ගැන අපි අසන්නේ අපි දැක්ක ඊලාම් යුද්ධය නිමකරන මහා සටන් තුලදීය.

කකුල් දෙක අනිවාර්යයෙන් අහිමි වෙන බව දැන දැන LTTE වැලලූ පුද්ගල නාෂක බෝම්බ තවාන් මැදින් ආමි කාරයා ඇවිද ගියේය.

අද අපි කියන රාජ්‍යය එදා හැදින් වුයේ මයෙ අම්මගේ රට කියාය

බුදුන් දැක නිවන් දකින්න කාලයක් නැති හංදා එදත් රට වෙනුවෙන් මරණය දැක දැක සටන් කරපු එකාලා සංසාරේ නැවත ඉපදෙමින් 2009 වනවිට රට වෙනුවෙන් ජීවිතය දෙන්න ඇති බව හිතන්න අපට පුළුවන.

නාදුනන සොල්දාදුවා ඉපදෙමින් රට වෙනුවෙන් සටන් කරමින් මිය යමින් මේ මහපොළව කීප විටක්ම රුධිරයෙන් තෙත් කරන්න ඇති.

මැයි,18 අපි සමරන්නේ LTTE ය සමග යුධමය තත්වයෙන් මිය ගිය ආමි කාරයා පමණක් නොව,
සංසාරය පුරා මේ රට රකිනවා කියාන පොළව බදාන මියගිය නැවත නැවත පැමිණෙන නාදුනන අපේ මුතුන් මිත්තන්ගේ ආත්මයන්ය.

ඔව් ...

අවසාන බුලට් එක ඉවර වෙනකල් ෆයර් කරලා හෑන්ඩ් ග්‍රෙනේඩ් එකේ පින් එක පන්නලා LTTE බංකරයට පැනලා මේ මහපොළව නිදහස් වේවා කියාන මිය ගියේ
වලගම්බා එක්ක
ධාතුසේනලා එක්ක
සීතාවක රාජසිංහලා එක්ක
පලවෙනි විමළධර්ම සූරියලා එක්ක
කැප්පෙටිපොළ
පුරං අප්පුලා එක්ක

මැරෙන බව දැන දැන රට මත්තේ හුස්ම හෙලපු ඒ නාදුනන මුතුන් මිත්තාගේ ආත්මයමය.

නාදුනන සොල්දාදුවා යනු,ඔවුන්ය. අපි අද සමරන්නේ ඒ ආත්මයන්වල අපේ කාලයට අදාල ඔවුන් සංසාරයේ ඉටුකරන යුතුකමය.

සින්දූපමාන වැව් තළා මතින් ඇදී
පද්ම රේණුයෙන් සුගන්ධ වී
රන් කරල් නමා නමා
සිත් ප්‍රබෝධයෙන පුරා
එන්නෙ උන් හැලූ ප්‍රාණ වායුවයි.

නාදුනන සෙබළුන්ට අයිති අද දවස ලැජ්ජාවක් වන්නේ නම් ????.........................................(හිස් තැනට අයිති වචනය අයිති අන්න ඒකාටය)

(උපුටා ගැනීම නුවන් මොණරවිළගෙනි)

සීතාවක පිළිබඳව නිර්මාණය වූ වීඩියෝ නරඹන්න. එකතු වෙන්න
16/05/2024

සීතාවක පිළිබඳව නිර්මාණය වූ වීඩියෝ නරඹන්න. එකතු වෙන්න

Share your videos with friends, family, and the world

05/05/2024

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා ...

අප ජාතියට විශිෂ්ට සේවාවක්  කොට, ජාතිය පණගැන්වූ ඉහළම තලයේ විද්වතෙකු වූ ආචාර්ය නලින් ද සිල්වා මැතිතුමාට අපගේ ගෞරවය පුද කරම...
04/05/2024

අප ජාතියට විශිෂ්ට සේවාවක් කොට, ජාතිය පණගැන්වූ ඉහළම තලයේ විද්වතෙකු වූ ආචාර්ය නලින් ද සිල්වා මැතිතුමාට අපගේ ගෞරවය පුද කරමු.

23/04/2024

සීතාවක රාජසිංහයන් පිළිබඳ සැඟව පැවති ඉතිහාසය

“ගෙරි මස්කන පරංගි” පළවා හැරීමට කැපව සිටි සීතාවක රාජධානිය

01/04/2024
දිනූ නිදහස අර්ථවත් කළ පිලිප් ගුණවර්ධන 52  වන ගුණ සැමරුම අදඅපේ රටේ ඉතිහාසයට බලපෑම් කළ විශිෂ්ට පුත්‍රයෙකු,  ජ්‍යෙෂ්ඨ රාජ්‍...
26/03/2024

දිනූ නිදහස අර්ථවත් කළ පිලිප් ගුණවර්ධන 52 වන ගුණ සැමරුම අද

අපේ රටේ ඉතිහාසයට බලපෑම් කළ විශිෂ්ට පුත්‍රයෙකු, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයකු, වීරත්වයෙන් හෙබි පෞරුෂයක් සහිත මිනිසකු වූ ‘බොරළුගොඩ සිංහයා’ ලෙස හැඳින්වූ පිලිප් ගුණවර්ධන මහතාගේ 52 වන ගුණ සැමරුම අද දිනට යෙදී තිබේ.

බොරළුගොඩ පන්සලෙන්, කළුඅග්ගල සිද්ධාර්ථ විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබන මෙතුමා මොරටුව වේල්ස් කුමර විද්‍යාලයෙන් සහ කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ද්විතීයික අධ්‍යාපනය ලැබීය. එමෙන්ම ඇමෙරිකාවේ විස්කොන්සින් විශ්ව විද්‍යාලයේ කෘෂිකාර්මික හා ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ලබා ගත්තේය.

එක්සත් ජනපදයේ සිටියදී පිලිප් ගුණවර්ධන මහතා සමාජවාදයේ පුරෝගාමී මහාචාර්යවරයා වූ ස්කොට් සමඟ අධ්‍යාපනය ලැබීය. ඔහු ඉන්දීය සමාජවාදීන් වන ජයප්‍රකාශ් නාරායන්, සෙයිඩ් හුසේන්, ජේ.බී. කුමාරප්පා සහ මෙක්සිකානු විප්ලවයේ ජේසු වාස් ගොන්සාලෙස් සමඟ සහයෝගයෙන් කටයුතු කළේය.

1928 පිලිප් එංගලන්තයට පැමිණ ක්‍රිෂ්ණන් මෙනන් සමඟ ඉන්දියානු ලීගයේ ක්‍රියාකාරකම්වලට සහභාගී විය. ඔහු කෙන්යාවේ ජෝමෝ කෙන්යාටා, මලයාවේ ටුවාන් මලක්කා සහ මොරිෂස්හි රාම් ගුලාම් සමඟ අධිරාජ්‍ය විරෝධී හා සමාජවාදී ක්‍රියාකාරකම් හේතුවෙන් බ්‍රිතාන්‍ය රජය ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අත්අඩංගුවට ගත්තද පිලිප් ගුණවර්ධනයන් 1932 නොවැම්බර් 01වන දින ශ්‍රී ලංකාවට ගොඩබැස නිදහස් සටනට පණ පෙවීය.

1935 දෙසැම්බර් 18 වන දින ලංකා සමසමාජ පක්ෂය පිහිටවූ අතර එහි පළමු සභාපති කොල්වින් ආර්. ද සිල්වා මහතා වුවද පිලිප් එහි ප්‍රබල භූමිකාවක් ඉටු කළේය. 1936 රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේදී කතානායක ෆොරෙස්ටර් ඔබේසේකරව පරාජය කරමින් පිලිප් අවිස්සාවේල්ල ආසනය ජයග්‍රහණය කළ අතර එන්.එම්. රුවන්වැල්ල ආසනය ජයග්‍රහණය කළේය. 1939 පිලිප් ගුණවර්ධන මහතා හා කුසුමා ගුණවර්ධන මහත්මිය අතර විවාහය සිදු විය.

1947 පාර්ලිමේන්තු මැතිවරණයේදී පිලිප් ලංකා සමසමාජ පක්ෂයේ අපේක්ෂකයා ලෙස අති බහුතරයකින් අවිස්සාවේල්ල ජයග්‍රහණය කළේය. කෙසේ වෙතත් සවුත්වෙස්ටන් බස් වැඩ වර්ජනයට නායකත්වය දීම නිසා ඔහුගේ මන්ත්‍රී අසුන අහිමි විය. එම අවස්ථාවේ තරඟයට ඉදිරිපත් වූ කුසුමා ගුණවර්ධන මැතිණිය නිතරගයෙන් පත් වූ ප්‍රථම මන්ත්‍රීවරිය ලෙස ලක් ඉතිහාසයට එක් විය.

1950 දී ලංකා සමසමාජ පක්ෂය හා බොල්ෂෙවික් සමසමාජ පක්ෂය යළිත් එක් වූ විට පිලිප් තම ආධාරකරුවන් සමඟ ප්‍රධාන වශයෙන් වරාය කම්කරුවන්, ගොවීන් සහ ස්වභාෂා ගුරුවරුන් සමඟ එක් වී VLSSP පිහිටුවීමට මුල් විය. 1951 දී VLSSP කොමියුනිස්ට් පක්ෂය සමඟ එක්සත් පෙරමුණක් ඇති කළේය. 1953 දී VLSSP හා CB-VLSSP එක්සත් පෙරමුණ එක්ව සුප්‍රසිද්ධ හර්තාල් සංවිධානය කළහ.

1956 මහජන එක්සත් පෙරමුණ යටතේ යළිත් අවිස්සාවේල්ල අසුන ජයගත් පිලිප් ගුණවර්ධන මහතා මහජන එක්සත් පෙරමුණ රජයේ කෘෂිකර්ම, ආහාර හා සමුපකාර අමාත්‍යවරයා ලෙස පත් විය. එය ගොවි, කම්කරු ජනතාවගේ නව යුගයක ආරම්භයද විය. අඳ ගොවියා ශක්තිමත් කර අස්වැන්න වැඩි කිරීම සඳහා කුඹුරු පනත හඳුන්වා දුන් ඔහු නිෂ්පාදන නිසි ලෙස බෙදාහැරීම සහතික කිරීම සඳහා බහුකාර්ය සමුපකාර යෝජනා ක්‍රමය සහ ග්‍රාමීය ජනතාව නගාසිටුවීම සඳහා පසුකාලීනව මහජන බැංකුව ලෙස නම් කරන ලද සමුපකාර සංවර්ධන බැංකුව නිර්මාණය කරන ලදි.

බස් ප්‍රවාහනය සහ වරාය ජනසතු කිරීමේ බලය වූයේ පිලිප්ය. යටත් විජිත පාලනයේ අවසාන විලංගු ඉවත් කිරීම සඳහා කටුනායක බ්‍රිතාන්‍ය ගුවන් හමුදා කඳවුර සහ ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුර පවරා ගැනීමටද ඔහු දායක විය.

1965දී පිලිප්, ඩඩ්ලි සේනානායකගේ ජාතික රජයට බැඳී කර්මාන්ත හා ධීවර අමාත්‍යවරයා ලෙස සේවය කළේය. ඔහු 1965 සිට 1970 දක්වා බොහෝ රාජ්‍ය සංස්ථා විධිමත් ආයතන බවට පත් කළේය. සෝවියට් සංගමයේ සහාය ඇතිව ඔහු ටයර් සහ වානේ සංස්ථා සංවර්ධනය කළේය. ඔහු රුමේනියානු ආධාරයෙන් ප්ලයිවුඩ් සංස්ථාව වැඩිදියුණු කළේය. යාන්ත්‍රික ධීවර කර්මාන්තයට පහසුකම් සැපයීම සඳහා ඔහු ජපන් හා චීන ආධාර ලබා ගත්තේය. ධීවර සංස්ථාව ක්‍රියාත්මක කළේද ඔහුය.

පිලිප් ගුණවර්ධන මහතාගේ පෞද්ගලික ජීවිතය, බෞද්ධ ජීවන රටාව මගින් විනයගරුක වූ අපගේ පොහොසත් සංස්කෘතික උරුමය තුළ දක්නට ලැබෙන උසස් සදාචාරාත්මක සාරධර්මවල එකතුවක් නිරූපණය කරයි. පිලිප් ගුණවර්ධන මහතාගේ දේශපාලන චරිතය අධ්‍යයනය කිරීම මෙරට දේශපාලනයට පිවිසෙන නවක ප්‍රජාවට අතිශය වැදගත් වේ.
(උපුටා ගැනීමකි)

20/03/2024

🚆 සීතාවක ඔඩිසි සංචාරක දුම්රිය 🚆

බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධීකරණයෙන් ගමන් කරන සීතාවක ඔඩිසි සුබෝපභෝගී විශේෂ සංචාරක දුම්රිය මාර්තු මස 24 දිනයන්හිදී ධාවනය කිරිමට නියමිතව ඇත.

යාමට සහ නැවත ඒමට
පළමු පන්තිය (AC) - Rs.800/=
දෙවන පන්තිය - Rs.500/=
පන්තිය පන්තිය - Rs.350/=

යාමට පමණක්
පළමු පන්තිය (AC) - Rs.500/=
දෙවන පන්තිය - Rs.300/=
පන්තිය පන්තිය - Rs.200/=

වග දුම්රිය ස්ථානය සිට සංචාරක ස්ථාන වෙත සංචාරකයින් ප්‍රවාහනය බස් රථ මගින් සිදු කරන අතර, ඒ සඳහා වායුසමනය කළ බස් රථයක එක් අයෙකුට රු.800/= ක් හා සාමාන්‍ය බස්රථයක රු.600/= ක මුදලක් අය කරනු ලැබේ.

ඕනෑම දුම්රිය ස්ථාන දෙකක් අතර ආසන වෙන් කිරීමේ ගාස්තුව මෙහි සඳහන් වන පරිදි වන අතර, ආසන වෙන් කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව Online Booking වෙබ් අඩවිය ද භාවිතා කළ හැකිය.

Online ආසන වෙන් කිරිම සඳහා - https://seatreservation.railway.gov.lk/mtktwebslr

චාරිකා විස්තර දැනගැනීම සඳහා විමසන්න - 072 8189 022 / 070 2800 588
🛤️
🛤️
🛤️
🛤️
🛤️

12/03/2024

අ.පො.ස (උපෙළ ) පසු ජිවිතයේ ඔබ ගන්නා වැදගත්ම තීරණය.
අයදුම් පත්‍රය බාගත් කිරීමට ලින්කුව
https://naita.gov.lk/wp-content/uploads/2022/12/Apprentice-Application-form-NEW.pdf

12/03/2024

🚆 සීතාවක ඔඩිසි සංචාරක දුම්රිය 🚆

බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධීකරණයෙන් ගමන් කරන සීතාවක ඔඩිසි සුබෝපභෝගී විශේෂ සංචාරක දුම්රිය මාර්තු මස 17 දිනයන්හිදී ධාවනය කිරිමට නියමිතව ඇත.

යාමට සහ නැවත ඒමට
පළමු පන්තිය (AC) - Rs.800/=
දෙවන පන්තිය - Rs.500/=
පන්තිය පන්තිය - Rs.350/=

යාමට පමණක්
පළමු පන්තිය (AC) - Rs.500/=
දෙවන පන්තිය - Rs.300/=
පන්තිය පන්තිය - Rs.200/=

වග දුම්රිය ස්ථානය සිට සංචාරක ස්ථාන වෙත සංචාරකයින් ප්‍රවාහනය බස් රථ මගින් සිදු කරන අතර, ඒ සඳහා වායුසමනය කළ බස් රථයක එක් අයෙකුට රු.800/= ක් හා සාමාන්‍ය බස්රථයක රු.600/= ක මුදලක් අය කරනු ලැබේ.

ඕනෑම දුම්රිය ස්ථාන දෙකක් අතර ආසන වෙන් කිරීමේ ගාස්තුව මෙහි සඳහන් වන පරිදි වන අතර, ආසන වෙන් කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව Online Booking වෙබ් අඩවිය ද භාවිතා කළ හැකිය.

Online ආසන වෙන් කිරිම සඳහා - www.seatreservation.railway.gov.lk/mtktwebslr

චාරිකා විස්තර දැනගැනීම සඳහා විමසන්න - 072 8189 022 / 070 2800 588
🛤️
🛤️
🛤️
🛤️
🛤️

07/03/2024
🚆 සීතාවක ඔඩිසි සංචාරක දුම්රිය 🚆
06/03/2024

🚆 සීතාවක ඔඩිසි සංචාරක දුම්රිය 🚆

🚆 සීතාවක ඔඩිසි සංචාරක දුම්රිය 🚆

බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධීකරණයෙන් ගමන් කරන සීතාවක ඔඩිසි සුබෝපභෝගී විශේෂ සංචාරක දුම්රිය මාර්තු මස 10 දිනයන්හිදී ධාවනය කිරිමට නියමිතව ඇත.

යාමට සහ නැවත ඒමට
පළමු පන්තිය (AC) - Rs.800/=
දෙවන පන්තිය - Rs.500/=
පන්තිය පන්තිය - Rs.350/=

යාමට පමණක්
පළමු පන්තිය (AC) - Rs.500/=
දෙවන පන්තිය - Rs.300/=
පන්තිය පන්තිය - Rs.200/=

වග දුම්රිය ස්ථානය සිට සංචාරක ස්ථාන වෙත සංචාරකයින් ප්‍රවාහනය බස් රථ මගින් සිදු කරන අතර, ඒ සඳහා වායුසමනය කළ බස් රථයක එක් අයෙකුට රු.800/= ක් හා සාමාන්‍ය බස්රථයක රු.600/= ක මුදලක් අය කරනු ලැබේ.

ඕනෑම දුම්රිය ස්ථාන දෙකක් අතර ආසන වෙන් කිරීමේ ගාස්තුව මෙහි සඳහන් වන පරිදි වන අතර, ආසන වෙන් කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව Online Booking වෙබ් අඩවිය ද භාවිතා කළ හැකිය.

Online ආසන වෙන් කිරිම සඳහා - www.seatreservation.railway.gov.lk/mtktwebslr

චාරිකා විස්තර දැනගැනීම සඳහා විමසන්න - 072 8189 022 / 070 2800 588
🛤️
🛤️
🛤️
🛤️
🛤️

17/02/2024
25/01/2024

259 වැනි මානියම්ගම රාජකීය කරල් පෙරහැර

259 වැනි මානියම්ගම රාජකීය කරල් පෙරහැර 2024.01.25 දුරුතු පොහෝ දින (අද දින) මානියම්ගම රජමහා විහාරස්ථානයේ සිට බණ්ඩාරවත්ත මං...
25/01/2024

259 වැනි මානියම්ගම රාජකීය කරල් පෙරහැර 2024.01.25 දුරුතු පොහෝ දින (අද දින) මානියම්ගම රජමහා විහාරස්ථානයේ සිට බණ්ඩාරවත්ත මංසන්ධිය දක්වා වීථි සංචාරය කෙරේ..

දිනූ නිදහස අර්ථවත් කළ පිලිප් ගුණවර්ධන 123 වන ජන්ම දින සැමරුම අදඅපේ රටේ ඉතිහාසයට බලපෑම් කළ විශිෂ්ට පුත්‍රයෙකු,  ජ්‍යෙෂ්ඨ ...
11/01/2024

දිනූ නිදහස අර්ථවත් කළ පිලිප් ගුණවර්ධන 123 වන ජන්ම දින සැමරුම අද

අපේ රටේ ඉතිහාසයට බලපෑම් කළ විශිෂ්ට පුත්‍රයෙකු, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයකු, වීරත්වයෙන් හෙබි පෞරුෂයක් සහිත මිනිසකු වූ ‘බොරළුගොඩ සිංහයා’ ලෙස හැඳින්වූ පිලිප් ගුණවර්ධන මහතාගේ 123 වන ජන්ම දින සැමරුම අද දිනට යෙදී තිබේ.

බොරළුගොඩ පන්සලෙන්, කළුඅග්ගල සිද්ධාර්ථ විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබන මෙතුමා මොරටුව වේල්ස් කුමර විද්‍යාලයෙන් සහ කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ද්විතීයික අධ්‍යාපනය ලැබීය. එමෙන්ම ඇමෙරිකාවේ විස්කොන්සින් විශ්ව විද්‍යාලයේ කෘෂිකාර්මික හා ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ලබා ගත්තේය.

එක්සත් ජනපදයේ සිටියදී පිලිප් ගුණවර්ධන මහතා සමාජවාදයේ පුරෝගාමී මහාචාර්යවරයා වූ ස්කොට් සමඟ අධ්‍යාපනය ලැබීය. ඔහු ඉන්දීය සමාජවාදීන් වන ජයප්‍රකාශ් නාරායන්, සෙයිඩ් හුසේන්, ජේ.බී. කුමාරප්පා සහ මෙක්සිකානු විප්ලවයේ ජේසු වාස් ගොන්සාලෙස් සමඟ සහයෝගයෙන් කටයුතු කළේය.

1928 පිලිප් එංගලන්තයට පැමිණ ක්‍රිෂ්ණන් මෙනන් සමඟ ඉන්දියානු ලීගයේ ක්‍රියාකාරකම්වලට සහභාගී විය. ඔහු කෙන්යාවේ ජෝමෝ කෙන්යාටා, මලයාවේ ටුවාන් මලක්කා සහ මොරිෂස්හි රාම් ගුලාම් සමඟ අධිරාජ්‍ය විරෝධී හා සමාජවාදී ක්‍රියාකාරකම් හේතුවෙන් බ්‍රිතාන්‍ය රජය ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අත්අඩංගුවට ගත්තද පිලිප් ගුණවර්ධනයන් 1932 නොවැම්බර් 01වන දින ශ්‍රී ලංකාවට ගොඩබැස නිදහස් සටනට පණ පෙවීය.

1935 දෙසැම්බර් 18 වන දින ලංකා සමසමාජ පක්ෂය පිහිටවූ අතර එහි පළමු සභාපති කොල්වින් ආර්. ද සිල්වා මහතා වුවද පිලිප් එහි ප්‍රබල භූමිකාවක් ඉටු කළේය. 1936 රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේදී කතානායක ෆොරෙස්ටර් ඔබේසේකරව පරාජය කරමින් පිලිප් අවිස්සාවේල්ල ආසනය ජයග්‍රහණය කළ අතර එන්.එම්. රුවන්වැල්ල ආසනය ජයග්‍රහණය කළේය. 1939 පිලිප් ගුණවර්ධන මහතා හා කුසුමා ගුණවර්ධන මහත්මිය අතර විවාහය සිදු විය.

1947 පාර්ලිමේන්තු මැතිවරණයේදී පිලිප් ලංකා සමසමාජ පක්ෂයේ අපේක්ෂකයා ලෙස අති බහුතරයකින් අවිස්සාවේල්ල ජයග්‍රහණය කළේය. කෙසේ වෙතත් සවුත්වෙස්ටන් බස් වැඩ වර්ජනයට නායකත්වය දීම නිසා ඔහුගේ මන්ත්‍රී අසුන අහිමි විය. එම අවස්ථාවේ තරඟයට ඉදිරිපත් වූ කුසුමා ගුණවර්ධන මැතිණිය නිතරගයෙන් පත් වූ ප්‍රථම මන්ත්‍රීවරිය ලෙස ලක් ඉතිහාසයට එක් විය.

1950 දී ලංකා සමසමාජ පක්ෂය හා බොල්ෂෙවික් සමසමාජ පක්ෂය යළිත් එක් වූ විට පිලිප් තම ආධාරකරුවන් සමඟ ප්‍රධාන වශයෙන් වරාය කම්කරුවන්, ගොවීන් සහ ස්වභාෂා ගුරුවරුන් සමඟ එක් වී VLSSP පිහිටුවීමට මුල් විය. 1951 දී VLSSP කොමියුනිස්ට් පක්ෂය සමඟ එක්සත් පෙරමුණක් ඇති කළේය. 1953 දී VLSSP හා CB-VLSSP එක්සත් පෙරමුණ එක්ව සුප්‍රසිද්ධ හර්තාල් සංවිධානය කළහ.

1956 මහජන එක්සත් පෙරමුණ යටතේ යළිත් අවිස්සාවේල්ල අසුන ජයගත් පිලිප් ගුණවර්ධන මහතා මහජන එක්සත් පෙරමුණ රජයේ කෘෂිකර්ම, ආහාර හා සමුපකාර අමාත්‍යවරයා ලෙස පත් විය. එය ගොවි, කම්කරු ජනතාවගේ නව යුගයක ආරම්භයද විය. අඳ ගොවියා ශක්තිමත් කර අස්වැන්න වැඩි කිරීම සඳහා කුඹුරු පනත හඳුන්වා දුන් ඔහු නිෂ්පාදන නිසි ලෙස බෙදාහැරීම සහතික කිරීම සඳහා බහුකාර්ය සමුපකාර යෝජනා ක්‍රමය සහ ග්‍රාමීය ජනතාව නගාසිටුවීම සඳහා පසුකාලීනව මහජන බැංකුව ලෙස නම් කරන ලද සමුපකාර සංවර්ධන බැංකුව නිර්මාණය කරන ලදි.

බස් ප්‍රවාහනය සහ වරාය ජනසතු කිරීමේ බලය වූයේ පිලිප්ය. යටත් විජිත පාලනයේ අවසාන විලංගු ඉවත් කිරීම සඳහා කටුනායක බ්‍රිතාන්‍ය ගුවන් හමුදා කඳවුර සහ ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුර පවරා ගැනීමටද ඔහු දායක විය.

1965දී පිලිප්, ඩඩ්ලි සේනානායකගේ ජාතික රජයට බැඳී කර්මාන්ත හා ධීවර අමාත්‍යවරයා ලෙස සේවය කළේය. ඔහු 1965 සිට 1970 දක්වා බොහෝ රාජ්‍ය සංස්ථා විධිමත් ආයතන බවට පත් කළේය. සෝවියට් සංගමයේ සහාය ඇතිව ඔහු ටයර් සහ වානේ සංස්ථා සංවර්ධනය කළේය. ඔහු රුමේනියානු ආධාරයෙන් ප්ලයිවුඩ් සංස්ථාව වැඩිදියුණු කළේය. යාන්ත්‍රික ධීවර කර්මාන්තයට පහසුකම් සැපයීම සඳහා ඔහු ජපන් හා චීන ආධාර ලබා ගත්තේය. ධීවර සංස්ථාව ක්‍රියාත්මක කළේද ඔහුය.

පිලිප් ගුණවර්ධන මහතාගේ පෞද්ගලික ජීවිතය, බෞද්ධ ජීවන රටාව මගින් විනයගරුක වූ අපගේ පොහොසත් සංස්කෘතික උරුමය තුළ දක්නට ලැබෙන උසස් සදාචාරාත්මක සාරධර්මවල එකතුවක් නිරූපණය කරයි. පිලිප් ගුණවර්ධන මහතාගේ දේශපාලන චරිතය අධ්‍යයනය කිරීම මෙරට දේශපාලනයට පිවිසෙන නවක ප්‍රජාවට අතිශය වැදගත් වේ.
(උපුටා ගැනීමකි)

10/01/2024

2024 පලමු කණ්ඩායම සදහා සිසුන් ලියාපදිංචිය ඇරඹුනා..
1 වන කණ්ඩායම 2024 පෙබරවාරි මස 03 වන සෙනසුරාදා පෙ.ව 8.30 සිට ප.ව 1.30 දක්වා

2 වන කණ්ඩායම 2024 පෙබරවාරි මස 03 වන සෙනසුරාදා ප.ව 1.30 සිට ප.ව 6.00 දක්වා

3 වන කණ්ඩායම 2024 පෙබරවාරි මස 03 වන සෙනසුරාදා ප.ව 6.00 සිට ප.ව 9.30 දක්වා (රාත්‍රී පන්තිය)

4 වන කණ්ඩායම 2024 පෙබරවාරි මස 01 වන බ්‍රහස්පතින්දා පෙ.ව 8.30 සිට ප.ව 1.30 දක්වා

5 වන කණ්ඩායම 2024 පෙබරවාරි මස 01 වන බ්‍රහස්පතින්දා ප.ව 1.30 සිට ප.ව 6.30 දක්වා

දෙහිවල වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ දී...
(VTC - Dehiwala)
ඔබ දිනෙන් දින අලුත්වන නව තාක්ෂණික දැනුම සොයා යන අයෙක්ද?
ඔබ රැකියා විරහිත තරුණ තරුණියක්ද?
නැතහොත් දැනට රැකියාවක නියතු අයෙක්ද?
රැකියාවක් අපේක්ෂිත අයෙක්ද?
එසේත් නැත්නම් පාසල් අධ්‍යාපනය අවසන් කළ අයෙක්ද?
අප සොයන්නේ ඔබයි...
එන්න අපි Computer Graphic Design හරියට ඉගෙන ගමු..
හරි තැනක Course එකක් හරියට කරමු.
වෙනස්ම ආකාරයේ පාඨමාලාවක් නැවුම් ලෙස සම්ප්‍රදායෙන් බැහැරව වෙනස් අයුරකින් හදාරමු..
ගොඩ යන්න .. ගොඩ වෙන්න.

තමන්ටම කියලා තාම Job එකක් නැද්ද? Photoshop, CorelDRAW, Photoshop Lightroom, Illustrator, Printing මුල සිට සරලව Advanced දක්වා ඉගෙන ගන්න කැමතිද?
Graphic Design Class වලට ගිහින් ඉගෙන ගත්තට තාම හරියට Artwork එකක් හදා ගන්න බැරිද? රට වටේ තියෙන Graphic Design Class වලට ගිහින් අතරමං වෙලාද?
වියදම් කරපු සල්ලි අපරාදේ කියලා හිතෙනවද? Theory විතරයි Practical බැරිද?

අන්තර්ජාලය භාවිතා කර දවස පුරා Video Tutorial බල බලා තාමත් Design කරන්න ඉගෙන උත්හාහ කළත් සාර්ථක නැද්ද? නැතිනම් Graphic Design ගැන කිසි දෙයක් දන්නෙ ම නැද්ද. ?
මේ හැම දේටම විසදුම අපෙන්.....
එසේ නම් එන්න...
සම්ප්‍රධායෙන් ඔබ්බට ගිය නූතන නිර්මාණරණය සමග අත් වැල් බැද ගෙන මුල සිට සරලව හරියට 100% ක් ප්‍රායෝගිකව Computer Graphic Design පුරා මාස 6 ක කාළයක් ඉගෙන ගමු..
සහතිකපත්‍රයකට එහා ගිය Practical දැනුමක් ඉගෙන ගන්න එන්න.

ඔබත් දැන්ම අයදුම් කරන්න...
ලියාපදිංචි වීම සදහා අමතන්න
075-2774250

CorelDRAW 2022
Adobe Illustrator CC 2022
Adobe Photoshop CC 2022
Adobe Lightroom CC 2022
Adobe InDesign CC 2022
Creative Artwork
Printing Methods

පාඨමාලා කාළය මාස 6
ඇතුලත්වීමේ ගාස්තුව රු 1600/=
පාඨමාලා ගාස්තුව රු. 23,000/=
පාඨමාලා ගාස්තුව වාරික 2 කින් මාස 3ක් ඇතුලත ගෙවා නිම කළ හැකිය.

Instructor - Buddika Pathirana
075-2774250
ජාතික තරුණ සේවා සභාව,
වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය,
පල්ලිදොර පාර, කව්ඩාන,
දෙහිවල
(VTC - Dehiwala)

P01/0633 අංකය යටතේ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ (TVEC) හි ලියාපදිංචි රාජ්‍ය ආයතනයකි.

සාර්ථකව පාඨමාලාව නිම කරන ඔබට අවශ්‍ය නම් රැකියා හා පුහුණු අවස්ථා සදහා යොමු කළ හැකිය.

පාඨමාලාව අවසානයේ සියලු ම අභ්‍යාසලාභීන්ට රාජ්‍ය සහතිකපතක්....

මෙය share කර ඔබේ මිතුරන් දැනුවත් කරන්න...
දිනක් පැමිණ වෙනස වටහා ගන්න

ගොඩ යන්න - ගොඩ වෙන්න

10/01/2024

Address

Hanwella
Colombo

Alerts

Be the first to know and let us send you an email when Seethawaka Handa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Nearby media companies