77 වන නිදහස් දින සැමරුමට පොලිස් විශේෂ කාර්ය බලකායේ සූදානම
#Srilankapolice #PoliceMedia #මේ_ඔබේ_පොලිසියයි #stf
මවත් දියණියත් බේරාගත් රාජකාරීමය වික්‍රමය
දිය වැළකට හසුව සයුර මධ්‍යයට ඇදී යමින් සිටි 42 හැවිරිදි කාන්තාවකගේ සහ 14 හැවිරිදි දියණියකගේ දිවි බේරාගැනීමට 2025.02.01 වන දින සවස හික්කඩුව නාරීගම වෙරළ තීරයේ රාජකාරි යෙදී සිටි පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් කණ්ඩායමට හැකිවිය.
එකම පවුලේ මව සහ දියණිය නාරිගම වෙරළ තීරයේ දිය නාමින් සිටියදී මෙම අනපේක්ෂිත අනතුරට මුහුණ පා ඇති අතර ඔවුන් දෙදෙනා බේරාගැනීම සඳහා නිලධාරීන්ට සැඩ රළ සමඟ පොර බඳමින් මීටර් 175 ක් පමණ දුරට පිහිනා යාමට සිදුවිය.
ගොඩ ගෙනවිත් මූලික ප්‍රථමාධාර ලබාදීමෙන් පසු ඔවුන්ගේ තත්වය යහපත් අතර හැරී ඇත.
නිලධාරීන් - උප පොලිස් පරික්‍ෂක දේශප්‍රිය. පොලිස් කොස්තාපල් 94998 ප්‍රේමකුමාර. පොලිස් කොස්තාපල් 99492 කණිෂ්ක. පොලිස් කොස්තාපල් 102748 දිසානායක සහ පොලිස් කොස්තාපල් 105456 ජයසිංහ
#Srilankapolice #PoliceMedia #මේ_ඔබේ_පොලිසියයි
අධිවේගි මාර්ගයේ පොලිස් මෝටර් සයිකල් වලට යන්න පුලුවන් ද?
#Srilankapolice #news #everyone #SriLanka #මේ_ඔබේ_පොලිසියයි #highway
හබරණ පොලිස් වසමේ මාරක රිය අනතුරින් දෙදෙනෙකු ජිවිතක්ෂයට
හබරණ පොලිස් වසමේ හබරණ, ත්‍රිකුණාමලය මාර්ගයේ ගල්වංගුව අසලදී 2025.02.01 වන අද දින උදෑසන කාලයේ ත්‍රිකුණාමල දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් හා ත්‍රිකුණාමලය දෙස සිට හබරණ දෙසට පැමිණි වෑන් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් බස් රථයේ හා වෑන් රථයේ ගමන් ගත් පුද්ගලයින් 35 දෙනෙකු පමණ තුවාල ලබා ප්‍රතිකාර සඳහා හබරණ සහ දඹුල්ල රෝහල් වෙත ඇතුලත් කර ඇති අතර වෑන් රථයේ රියදුරු හා බස් රථයේ ගමන් ගත් කාන්තාවක් මිය ගොස් ඇත.
මරණයට පත් මරණකරු වයස අවුරුදු 32 ක් වූ කින්නියා 02 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් හා මරණකාරිය වයස අවුරුදු 66 ක් වූ හික්කඩුව ප්‍රදේශයේ පදිංචිකාරියකි. මෘත ශරීර හබරණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. වැඩිදුර විමර්ශන හබරණ පොලිසිය සිදු කරනු ලබයි.
#Srilankapolice #news #මේ_ඔබේ_පොලිසියයි #SriLanka #everyone #accident
ගුවන් මගින් මෙරටට ගෙන ආ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 02 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය ගුවන්තොටුපල ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 2025.01.31 වන දින උදෑසන කාලයේ කටුනායක ගුවන්තොටුපල පැමිණීමේ පර්යන්තයේදී තායිලන්තයේ බැංකොක් සිට කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 02 ක් සන්තකයේ තබාගෙන ගුවන් මගින් මෙරටට පැමිණි සැකකරුවෙකු හා ඊට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 31 හා 36 වයස්වල පසුවන හංවැල්ල හා උඩුගම්පල ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
සැකකරුවන් 2025.02.01 වන අද දින මිගමුව ගරු මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය ගුවන්තොටුපල ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
#Srilankapolice #NewsUpdate #PoliceMedia
ගම්පහ පොලිස් වසමේ විශේෂ කාර්ය බලකායෙන් සිදු කල වැටලීම් දෙකකින් කොකේන් සහ අයිස් සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට.
විශේෂ කාර්ය බලකාය මූලස්ථාන කඳවුරේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 2025.01.30 වන දින ගම්පහ පොලිස් වසමේ වැටලීම් දෙකකදී කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලි ග්‍රෑම් 420 ක් මුදල් රුපියල් 1,000,000.00 ක්, ජංගම දුරකථනයක් සහ විද්‍යුත් තරාදියක් සන්තකයේ තබාගෙන සිටි ගලහිටියාව, ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26 ක පුද්ගලයකු සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 මිලි ග්‍රෑම් 72 ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කරමින් සිටි ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46 ක පුද්ගලයකු ජංගම දුරකථන 02 ක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගම්පහ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
#Srilankapolice #NewsAlert #PoliceMedia
අයිස් මත්ද්‍රව්‍ය 1kg කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
වැඩ බලන පොලිස්පතිතුමාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රි ලංකා පොලිසිය විසින් සිදු කර ගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය මෙහෙයුමට අදාලව 2025.01.31 වන දින සවස් කාලයේ කුරුඳුවත්ත පොලිස් වසමේ ධර්මපාල මාවත ප්‍රදේශයේදී කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර ඇත.
එම වැටලීමේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01 ග්‍රෑම් 190 ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු වයස අවුරුදු 35 ක් වන බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කුරුඳුවත්ත පොලිසිය සිදු කරයි.
#Srilankapolice #NewsAlert #PoliceMedia
නීති කඩන රියදුරන්ට පොලිසියේ තෙවැනි ඇස ක්‍රියාත්මක වන්නේ මෙහෙමයි
#Srilankapolice #PoliceMedia #මේ_ඔබේ_පොලිසියයි
" රටේ යුක්තිය පසිදලිම සිදු වන්නේ පුරුක් ගණනාවක එකතුවෙන් "
#Srilankapolice #SriLanka #everyone #මේ_ඔබේ_පොලිසියයි
හිනිඳුම පොලිස් වසමේ වෙඩි තැබීමක්
#Srilankapolice #මේ_ඔබේ_පොලිසියයි #PoliceMedia
77 වන නිදහස් උත්සවයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් සහ STF නිලධාරින් 1650 ක පිරිසක් රාජකාරි යොදවා ඇත.
#srilanka #independent #SriLankaNews #news #SriLankaPolice
රත්මලාන ප්‍රදේශයේ රිය අනතුරක් සිදුකර පලාගිය රියදුරාගේ වැඩ තහනම්
#PoliceMedia #මේ_ඔබේ_පොලිසියයි #SriLankaPolice