Aluth Thorathuru

Aluth Thorathuru ....මධ්‍යස්ථ පුවත් වාර්තාකරු....

ඩිජිටල් ගෙවීම්වල නව යුගයක් සනිටුහන් කරමින් GovPay පෙබරවාරි 7 වන දා දියත් කෙරේරාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ මූලික පිය...
03/02/2025

ඩිජිටල් ගෙවීම්වල නව යුගයක් සනිටුහන් කරමින් GovPay පෙබරවාරි 7 වන දා දියත් කෙරේ

රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ මූලික පියවර ලෙස ‘GovPay’ පහසුකම හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ.

එම සමාරම්භක උත්සවය මෙම පෙබරවාරි 7 වන දා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

ආරක්ෂිත සහ කාර්යක්ෂම ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ බාධාවකින් තොරව ගනුදෙනු කිරීමට හැකි වන පරිදි, රජයේ ආයතන හරහා සිදු කෙරෙන ගනුදෙනු විධිමත් කිරීම හා නවීකරණය මෙමඟින් අපේක්ෂා කෙරේ.

31/01/2025

යාපනයේදී ජනපති අනුරට වෙච්ච වැඩේ. සුහද හමුව ඉවරවෙලා යන්න යද්දී යාපනයේ ජනයා ජනපතිව වටකරගනී...

31/01/2025

මට නම් ජනාධිපති මන්දිරේ එපා!... ජනාධිපති යාපනයේදී කියපු කතාවට දමිළ ජනයා සතුටින් කෑ ගසයි...

මන්ත්‍රීලට පෙන්ෂන් මොකටද. නැති කරනවානම් හොඳයි. රවීත් දැන් හොඳම කියයි.
31/01/2025

මන්ත්‍රීලට පෙන්ෂන් මොකටද. නැති කරනවානම් හොඳයි. රවීත් දැන් හොඳම කියයි.

Aluth Thorathuru News (Pvt) Ltd | ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මධ්‍යස්ථ පුවත් වාර්ථාකරු.Latest News, Entertainments News and Politics News videos from Sri Lanka.🔴...

බුලත්සිංහල ප්‍රදේශයේ සිදු කළ නීති විරෝධී මත්පැන් වැටලීමක් අතරතුර පොලිස් නිලධාරියකුගේ අත සපා කාලා තුවාල සිදු කළ පුද්ගලයෙක...
31/01/2025

බුලත්සිංහල ප්‍රදේශයේ සිදු කළ නීති විරෝධී මත්පැන් වැටලීමක් අතරතුර පොලිස් නිලධාරියකුගේ අත සපා කාලා තුවාල සිදු කළ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ. මෙම සිද්ධිය බුලත්සිංහල පොලිස් බල ප්‍රදේශයේ තිබ්බොට්ටාව මාර්ගයේදී සිදුව ඇති අතර, සැකකරු වයස අවුරුදු 43ක් වූ ප්‍රදේශවාසියෙකු බව පොලිසිය පවසයි.

බුලත්සිංහල පොලිස් ස්ථානයේ නිලධාරී කණ්ඩායමක් විසින් සිදු කරන ලද මෙම වැටලීමේ මෙහෙයුම උප පොලිස් පරීක්ෂක වීරවංශ මහතාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කර ඇත.

මෙහෙයුමේ නිරත වූ කණ්ඩායමට සැරයන් චන්දන (අංක 11411), කොස්තාපල් පොතුපිටිය (අංක 92434) සහ කොස්තාපල් තරංග (අංක 102191) යන නිලධාරීන් ඇතුළත් විය.

ලැබුණු තොරතුරක් අනුව සැකකරුගේ නිවසේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය සහ අලෙවිය සිදු කරන බවට සැක පිට මෙම වැටලීම සිදු කර ඇත. කෙසේ වෙතත්, පොලිස් නිලධාරීන් නිවසට ඇතුළු වීමට උත්සාහ කළ අවස්ථාවේ සැකකරු දැඩි ලෙස විරෝධය පා ඇති අතර, නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමට උත්සාහ කර තිබේ.

මෙම ගැටුම්කාරී තත්ත්වය අතරතුර සැකකරු විසින් කොස්තාපල් පොතුපිටිය මහතාගේ අත සපා කා ඇති අතර, එමගින් බරපතල තුවාල සිදුව ඇත. තුවාල ලැබූ නිලධාරියා වහාම බුලත්සිංහල රෝහල වෙත රැගෙන ගොස් ප්‍රතිකාර ලබා දී ඇති අතර, දැනට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

බුලත්සිංහල පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන විදානගේ මහතාගේ මෙහෙයවීම යටතේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත. සැකකරු පොලිස් භාරයට ගෙන ඇති අතර,

රාජකාරියේ යෙදී සිටි රජයේ නිලධාරියකුට පහර දීම, රාජකාරියට බාධා කිරීම සහ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය යන චෝදනා යටතේ නීතිමය පියවර ගැනීමට නියමිතය.

මෙවැනි සිදුවීම් වැළැක්වීම සඳහා ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදන මර්දනය කිරීමේ විශේෂ මෙහෙයුම් ඉදිරියේදීත් දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට පොලිසිය සැලසුම් කර ඇති බව බුලත්සිංහල පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙන අතර, තුවාල ලැබූ නිලධාරියාගේ වෛද්‍ය වාර්තා අනුව ඉදිරි නීතිමය කටයුතු තීරණය කෙරෙනු ඇත. මෙවැනි සිදුවීම් නිසා පොලිස් නිලධාරීන්ගේ රාජකාරිමය කටයුතුවලට බාධා ඇති වන බවත්, එය සමාජ විරෝධී ක්‍රියාවක් බවත් පොලිස් නිලධාරීන් අවධාරණය කරයි.

31/01/2025

ජනාධිපතිතුමනී පුළුවන්නම් අත්අඩංගුවට අරගෙන පෙන්නන්නකෝ. පොහොට්ටුවෙන් අභියෝගයක්...

මෙවර නිදහස් සැමරුම් උළෙල සාමාන්‍ය ජනතාවගේ වැඩි සහභාගිත්වයකින් පැවැත්වීමට තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළා...
31/01/2025

මෙවර නිදහස් සැමරුම් උළෙල සාමාන්‍ය ජනතාවගේ වැඩි සහභාගිත්වයකින් පැවැත්වීමට තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි.
අමාත්‍ය චන්දන අබේරත්න මහතා පැවසුවේ ගියවර නිදහස් සැමරුම් උළෙල සඳහා වැය කළ මුදලට වඩා රුපියල් මිලියන 27 ක් ඉතිරි කර ගැනීමට මෙවර නිදහස් දින සැමරුම් උළෙලේදී හැකිවූ බවයි.

ගිය වර නිදහස් සමරු උළෙලට වැයකර ඇති මුදල රුපියල් මිලියන 107 කී.

එහෙත් මෙවර එය රුපියල් මිලියන 80 කට සීමා කිරිමට හැකි වූ බව ඔහු සඳහන් කළේ ය.

අමාත්‍යවරයා සඳහන් කළේ 77 වැනි නිදහස් දින සමරුම් උළෙල ලබන 04 වැනිදා කොළඹ නිදහස් චතුරශ්‍රයේදි අභිමානවත්ව පවත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

අමාත්‍ය චන්දන අබේරත්න මහතා පැවසුවේ ජාතික පුනරුදයට පෙලගැසෙමු යන තේමාවෙන් මෙවර නිදහස් දින සැමරුම සිදු කෙරෙන බවයි.

මෙවර නිදහස් සැමරුම් උළෙලේදී ජනාධිපති උත්තමාචාර වෙඩි මුර පිරිනැමෙන්නේ නැති බවත් ත්‍රිවිද හමුදා ආචාර පෙලපාලියට සහභාගි වන භට පිරිසද අඩු කර ඇති බවත් ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා ප්‍රකාශ කළේ ය.

මේ අතර නිදහස් දින සැමරුම් උළෙලේ පෙරහුරු අදත් නිදහස් චතුරශ්‍රය ආශ්‍රිතව පැවැත්වේ.ඒ වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මකයි.

සුදු කැකුළු සහ නාඩු සහල්, පාලන මිල යටතේ අද(31) සිට වෙළෙඳ පොළට නිකුත් කරන බව, මරදගහමුල සහල් මෝල් හිමියන් පවසයි.එහි සභාපති...
31/01/2025

සුදු කැකුළු සහ නාඩු සහල්, පාලන මිල යටතේ අද(31) සිට වෙළෙඳ පොළට නිකුත් කරන බව, මරදගහමුල සහල් මෝල් හිමියන් පවසයි.
එහි සභාපති බී.කේ රංජිත් මහතා සඳහන් කළේ, දිස්ත්‍රික්ක තුනක වී තොග, මේ වන විට මරදගහමුලට ලැබෙමින් පවතින බවයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (31) යාපනයේ පැවැත්වෙන වැඩසටහන් කිහිපයකට සහභාගිවීමට නියමිතයි.මිට අමතරව යාපනයේ දිස්ත්...
31/01/2025

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (31) යාපනයේ පැවැත්වෙන වැඩසටහන් කිහිපයකට සහභාගිවීමට නියමිතයි.
මිට අමතරව යාපනයේ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක සංවර්ධන වැඩපිළිවෙළ සහ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡා කෙරෙන යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වේ.

අනතුරුව අද (31) ප.ව 1.30ට යාපනය වැල්වැටිතුරේ ප්‍රදේශයේදී සහ ප.ව 3.30ට චාවකච්චේරි ප්‍රදේශයේ පැවැත්වෙන සුහද හමු දෙකකටද ජනාධිපතිවරයා එක් වනු ඇති.

පුවත්පත් මුද්‍රණයට අවශ්‍ය වන කඩදාසි සහ බෝඩ් ගෙන්වාගෙන ඊට අදාළ රුපියල් මිලියන 290ක මුදලක් නොගෙවූ සිද්ධිය සම්බන්ධයෙන් හිටප...
31/01/2025

පුවත්පත් මුද්‍රණයට අවශ්‍ය වන කඩදාසි සහ බෝඩ් ගෙන්වාගෙන ඊට අදාළ රුපියල් මිලියන 290ක මුදලක් නොගෙවූ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහජන ආරක්ෂක ඇමති පෞද්ගලික පුවත්පත් සමාගමක සභාපති ටිරාන් අලස් මහතා සැකකරුවෙක් ලෙස නම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (29) කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය හමුවේ දැනුම්දුන්නා.

සිද්ධිය සම්බන්ධයෙන් නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව කියා සිටි අතර සැකකාර හිටපු අමාත්‍යවරයාගේ විදේශ ගමන් තහනම් කරන ලෙස ඉල්ලා සිටි අතර ඊට අවසර ලැබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ගොනු කරමින් මේ බව කියා සිටියා.

නඩුව කැඳවූ අවස්ථාවේ දි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ඇප මත මුදා හැර ඇති එම සමාගමේ නිලධාරීන් දෙදෙනා අධිකරණය හමුවේ පෙනී සිටියා.

ඔවුන් දෙදෙනා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදා හැර විදේශ ගමන් තහනම් කිරීමේ නියෝග නිකුත් කර ඇති බවත් සඳහන්.

ටිරාන් අලස් මහතා අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලමින් ගොනු කර ඇති පෙත්සම් ලබන මාර්තු මස කැඳවන බැවින් එතෙක් ඔහ අත්අඩංගුවට ගැනීමට නොහැකි බව දැනුම් දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුට ප්‍රකාශ ලබාදීමට දැනුම් දී ඇති බවත් අසනීප බැවින් නොපැමිණි බවත් දන්වා සිටියා.

සාමාන්‍ය තත්ත්වයේ කුකුල් මස් කිලෝවක තොග මිල රුපියල් හයසියය දක්වා පහත වැටී තිබෙන අතර, බිත්තරයක තොග මිල රුපියල් 28ත් රුපිය...
31/01/2025

සාමාන්‍ය තත්ත්වයේ කුකුල් මස් කිලෝවක තොග මිල රුපියල් හයසියය දක්වා පහත වැටී තිබෙන අතර, බිත්තරයක තොග මිල රුපියල් 28ත් රුපියල් 29ත් දක්වා පහත වැටී තිබේ.

එහෙත් ඇතැම් ප්‍රදේශවල කුකුල් මස් කිලෝවක සිල්ලර මිල රුපියල් 900ත් රුපියල් 1100ත් අතර මිලක පවතින බව ජනතාව සඳහන් කරති.

මීට අමතරව ඇතැම් ප්‍රදේශවල බිත්තරයක් රුපියල් හතළිහක මිලකට අලෙවි කරමින් තිබෙන අතර, කුඩා ප්‍රමාණයේ බිත්තරයක් රුපියල් 32ත් රුපියල් 35ත් අතර මුදලකට අලෙවි කරමින් තිබේ.

දෛනික ඉල්ලුම ඉක්මවා කුකුල් මස් ලැබීම නිසා රුපියල් හත්සියයත් අටසියයත් අතර තොග මිලකට අලෙවි වූ කුකුල් මස් කිලෝවක මිල රුපියල් හයසියයක් දක්වා මේ වන විට පහත වැටී තිබෙන බවද තොග වෙළඳුන් සඳහන් කරති.

දෛනික බිත්තර ඉල්ලුම ඉක්මවා බිත්තර තොග ලැබීම නිසා සුදු පැහැති බිත්තරයක තොග මිල රුපියල් 28ක් දක්වාත්, දුඹුරු පැහැති බිත්තරයක තොග මිල රුපියල් 29ක් දක්වාත් පහත වැටී තිබෙන බවද බිත්තර තොග වෙළඳුන් පෙන්වා දෙති.

ඉතිහාසයේ ඉහළම සංචාරකයන් පිරිසක් පැමිණි ජනවාරිය බවට මේ ජනවාරිය පත් වීමට නියමිත බව සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි. දැනට ප...
31/01/2025

ඉතිහාසයේ ඉහළම සංචාරකයන් පිරිසක් පැමිණි ජනවාරිය බවට මේ ජනවාරිය පත් වීමට නියමිත බව සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි.

දැනට පවතින දත්ත අනුව, ජනවාරි 31 වන විට දෙලක්ෂ පනස් ත-ුන් දහස ඉක්ම වූ සංචාරකයන් පිරිසක් දිවයිනට පැමිණීමට නියමිතය.

මීට පෙර වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණි ජනවාරි මාසය උදා වී ඇත්තේ 2018 වසරේ දී ය.

2018 වසරේ ජනවාරි මාසයේ පැමිණ තිබෙන සංචාරකයන් සංඛ්‍යාව දෙලක්ෂ තිස් අට දහස් නවසිය විසි හතරකි.

ජනවාරි මාසයේ දී ද වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. දෙවනුවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර, එක්සත් රාජධානිය, ජර්මනිය සහ චීනය පසු පසින් සිටියි.

ජනාධිපතිතුමනී පුළුවන්නම් අත්අඩංගුවට අරගෙන පෙන්නන්නකෝ. පොහොට්ටුවෙන් අභියෝගයක්...
31/01/2025

ජනාධිපතිතුමනී පුළුවන්නම් අත්අඩංගුවට අරගෙන පෙන්නන්නකෝ. පොහොට්ටුවෙන් අභියෝගයක්...

Aluth Thorathuru News (Pvt) Ltd | ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මධ්‍යස්ථ පුවත් වාර්ථාකරු.Latest News, Entertainments News and Politics News videos from Sri Lanka.🔴...

1990 ඇමතුම් අංකය ඔස්සේ ක්‍රියාත්මක සුව සැරිය ගිලන් රථ සේවාව සදහා නව ගිලන් රථ 150ක් ලබාගැනීමට අදාළව කැබිනට් පත්‍රිකාවක් ඉ...
30/01/2025

1990 ඇමතුම් අංකය ඔස්සේ ක්‍රියාත්මක සුව සැරිය ගිලන් රථ සේවාව සදහා නව ගිලන් රථ 150ක් ලබාගැනීමට අදාළව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

රාජගිරියේ පිහිටි සුවසැරිය ගිලන් රථ සේවා මධ්‍යස්ථානයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මෙම ගිලන් රථ සේවාව නව සැළැස්මක් යටතේ ඉදිරියට ක්‍රියාත්මක කරන බවයි.

එම සේවාවේ පවතින ගැටලුවලට කඩිනම් විසදුම් ලබාදෙමින් කාර්යක්ෂම සේවාවක් ලෙස ඉදිරියට පවත්වාගෙන යාම එහි අරමුණ බවද අමාත්‍යවරයා සදහන් කළා.

30/01/2025

රාජපක්ෂලා විතරක් නෙවෙයි ඔක්කොම අල්ලගෙන යනවා. ඇමති බිමල්ගෙන් රතු එළියක්.

30/01/2025

අපිට හිටපු විදිහට ඉන්න දෙන්නලු. යකෝ මේක මාර වැඩක්නේ. කාර්යාලයකට ගිය ඇමති ලාල් දුන්න දේශනය.

30/01/2025

ගොවියට කැඳ ටිකක්වත් නෑ. ඇමති ලාල් කාන්ත කියපු පට්ටම කතාව

30/01/2025

අපි අඩුවට හාල් දෙනවා. රජයේ වී ගබඩා සියල්ල සූදානම්. ඇමති නාමල්ගෙන් සුභ ආරංචියක්...

Address

Colombo
Colombo

Alerts

Be the first to know and let us send you an email when Aluth Thorathuru posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Aluth Thorathuru:

Videos

Share