![අයිතිකර ගැනීමමප්‍රේමය නොවන බවපැවසූවදමම නුඹට බොහෝ ලොභ සිතින්පෙම් කළෙමි .. අවසන මම නුඹට අවැසි නිදහස ලබා දුනිමි... දැන් නුඹ...](https://img4.medioq.com/138/504/939480181385042.jpg)
29/11/2024
අයිතිකර ගැනීමම
ප්‍රේමය නොවන බව
පැවසූවද
මම නුඹට
බොහෝ ලොභ සිතින්
පෙම් කළෙමි ..
අවසන මම
නුඹට අවැසි
නිදහස ලබා දුනිමි...
දැන් නුඹට
නුඹේ ලෝකය සොයා
ඉගිල යා හැකිය...
නමුදු ...
කිසිවිටෙකත් මා සිතෙහි
කිසිඳු තරහක් නොමැත...
කතා කල නොහැකි
දෙයක් පිළිබඳ මම
තවමත් සුවය ලබමින් සිටියි.
එය කවදා සිදු වේයැයි
මමවත්,
නොදනිමි.
ඒත්,
නැවත මා
මා නොවෙනු ඇත
කිසි දිනෙක
ඔව්
නැවත මා
මා නොවෙනු ඇත
කිසි දිනෙක
~නිමි~
🥀