Mandaram Kathawe - මන්දාරම් කතාවේ

Mandaram Kathawe - මන්දාරම් කතාවේ මන්දාරම් අහස යටට එන්න තනිවෙන්න ❤

19/10/2024

බෝම්බ බියක් හේතුවෙන් ඉන්දිය ගුවන් යානයක් කටුනායකට බස්සයි

17/10/2024

අද පිච් එක කුඹුරක් නෙවේද Toss එක දින්නම විතරයි දින්නන්න පුලුවන් කිව්වා නේද?

ඔයාගෙ බබාගෙ Birthday  Photos ටිකත් ලස්සනට කරගන්න කැමතිද?එහෙනම් එකට ගැලපෙනම තැන මෙන්නShoot එකත් එක්ක Magazine Album Frame...
17/10/2024

ඔයාගෙ බබාගෙ Birthday Photos ටිකත් ලස්සනට කරගන්න කැමතිද?
එහෙනම් එකට ගැලපෙනම තැන මෙන්න

Shoot එකත් එක්ක
Magazine Album
Frame Enlargement දෙකක්
මේ ඔක්කොම
රුපියල් 24,000 කට
(ලංකාවටම මෙම දිමනාව වලංගුයි)
ඇල්බම් එක උපරිම සති 3න් ඔයාට අපි දෙනවා ❤

මෙම දිමනාව සිමිත කාලයකට පමනි
කතාකරන්න - 0711394343 | 072 8690547
මෙන්න එයාලගේ පෙජ් එක

Pasindu Chathurange Photography
www.facebook.com/chathurangephotography

ඉංදු ලංකා සම නිෂ්පාදනක් විදිහට රූගත කෙරෙන ෆිල්ම් එකක් ගැන  ශ්‍රී ලංකාවේ අංක 1 විශ්වසනීය පුවත් සේවයක් ඊයේ හෙන පච බොරුවක් ...
10/10/2024

ඉංදු ලංකා සම නිෂ්පාදනක් විදිහට රූගත කෙරෙන ෆිල්ම් එකක් ගැන ශ්‍රී ලංකාවේ අංක 1 විශ්වසනීය පුවත් සේවයක් ඊයේ හෙන පච බොරුවක් කියනවා...ඒක ඉතින් පැත්තකින් තියමුකෝ.. 😁

ඩේවිඩ් ලීන් ගේ 'The Bridge on the River Kwai' චිත්‍රපටිය නිසා ලංකාවට සංචාරක ආකර්ශනය තියෙනවාය කියලා ආරුක්කු පාලම උඩ රූගත කෙරෙන තෙලිඟු චිත්‍රපටියක් ගැනයි මේ කතාව..

ඊයේ දින සිට දුම්රිය ධාවනයද සීමා කරමින් හැදෙන Mirai - Super Yodha නම් මේ චිත්‍රපටිය Karthik Gattamneni විසින් අධ්‍යක්ෂණය කරන ලද තෙළිඟු ෆැන්ටසි ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටයක් බවයි පැවසෙන්නේ.. ඒ අනුව නිවුස් වලට කියූ සිංගම් චිත්‍රපටිය නෙවෙයි මේක..😊

මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා Teja Sajja සහ Ritika Nayak රංගනයෙන් දායක වන අතර, පීපල් මීඩියා ෆැක්ටරි බැනරය යටතේ ටීජී විශ්ව ප්‍රසාද් විසින් නිෂ්පාදනය කරන බවයි සඳහන් වෙන්නේ.

තෙලිඟු අධ්‍යක්ෂවරයෙකු උන Karthik Gattamneniගේ චිත්‍රපටයක් ඔය කියන තරම් ඩේවිඩ් ලීන් ගේ 'The Bridge on the River Kwai' තරම් ලංකාවට සෙතක් වෙයිද කියලානම්.හිතන්න අමාරුයි . ඒත් ඉතින් අවුලක් නෑ ..😊

Mmp Ranaweera

මේ දිනවල කතාබහට ලක්වෙන ඇල්ල ආරුක්කු 9 පාලම මත රූගත කරන ඉන්දියානු ශ්‍රි ලංකා සිනාමා නිර්මාණයේ තිරය පිටුපස දර්ශන
09/10/2024

මේ දිනවල කතාබහට ලක්වෙන ඇල්ල ආරුක්කු 9 පාලම මත රූගත කරන ඉන්දියානු ශ්‍රි ලංකා සිනාමා නිර්මාණයේ තිරය පිටුපස දර්ශන

මොකක්ද මේ වෙන්න යන්නේ 🥴👀
21/09/2024

මොකක්ද මේ වෙන්න යන්නේ 🥴👀

මේ තියෙන්නේ ලංකාවේ ජනාධිපතිවරණ උදෙසා ප්‍රධාන අපෙක්ශකයෝ කිහිපදෙනා තමන්ගේ නිළ ගිනුමෙන් Meta ads සදහා වියදම් කර ආකාරය මේ Di...
06/09/2024

මේ තියෙන්නේ ලංකාවේ ජනාධිපතිවරණ උදෙසා ප්‍රධාන අපෙක්ශකයෝ කිහිපදෙනා තමන්ගේ නිළ ගිනුමෙන් Meta ads සදහා වියදම් කර ආකාරය

මේ Digital Media වල තමන්ගේ නිළ ගිණුමේ පමණක් වේ
මිට අමතරව මොවුන්ගේ පක්ශ නිළ ගිණුම් සහය දක්වන Pages සහ මුදලට පොස්ට් දමන pages වලට කියක් වියදම් කර ඇතිද?

හැබැයි වත්කම් ප්‍රකාශ වල මාසේ පඩිය බැලුවම අත්වැසුම හදලා දෙන්න තරමි අඩුයි 😂

මෙච්චර මෙහෙම වියදම් කරන්නේ අපි වෙනුවෙන් තියෙන ආදරේට කියලා දැනුනම හිත වාවන්නේම නෑ🥴😥

නොසිතන සතියක ආරම්භය             SEE Y☢️UDirected by: Danushka RathnayakaProduced by: Sandun BandaraScreenplay by: Priyan...
11/08/2024

නොසිතන සතියක ආරම්භය
SEE Y☢️U

Directed by: Danushka Rathnayaka
Produced by: Sandun Bandara
Screenplay by: Priyanath Vidanapathirana & Gayani Asinsala Piyadigama
Story by: Gayani Asinsala Piyadigama

සම්පුර්ණ කතාව පහත Link එකෙන් බලන්න 👇
https://rb.gy/hktd0y

සතියේ දිනවල රාත්‍රි 9.30ට ස්වර්ණවාහිනියෙන්...


ඈත ගම් දනව්වල දුක් විඳින ගැහැනුන්ගේ සැබෑම  ප්‍රතිරූපයට පණ දෙන  ස්වභාවික රංගනයේ විශිෂ්ටතම මැවුම් කාරිය.නයනා හෙට්ටිආරච්චි....
08/08/2024

ඈත ගම් දනව්වල දුක් විඳින ගැහැනුන්ගේ සැබෑම ප්‍රතිරූපයට පණ දෙන ස්වභාවික රංගනයේ විශිෂ්ටතම මැවුම් කාරිය.

නයනා හෙට්ටිආරච්චි.

හිතේ කහටක් නැති නිර්ව්‍යාජ සිනහව, නියම ගැමි කතා වහර, ස්වභාවික ගැහැණු පෙනුම,

අප ඈත ගම් දනව්වල සංචාරය කරන අවස්ථාවලදී එම ප්‍රදේශවල දී අපට මුණ ගැසෙන කටපුරා නැන්දේ යැයි කිව හැකි ගැහැනුන් අපට හමු වෙනවා.එම නැන්දා කෙනෙකුගේ පෙනුම ඇත්තටම අපට ඇයව මතක් වේවි.
නයනා හෙට්ටිආරච්චි සෝමලතා සුබසිංහයන් ගේ ඇසුරෙන් දැනුම් සම්භාරයක් උකහා ගත් රංගවේදීනියකි. වීදි නාට්‍ය , වේදිකා නාට්‍ය ටෙලි නාට්‍ය, සිනමාව තුළ තුළ විවිධ භූමිකාවන් මැවූ අපූරු රංගන ශිල්පිනියකි

ඇයට බොහෝ විට ලැබුණේ කර්කශ පරිසරය තුළ ජීවත්වන ගැහැනුන්ගේ චරිතයි. ඒ
එම චරිත තුළ ඇය ජීවත් වීම නිසාම අපට දැනෙන්නේ ඇය අපත් සමගම සැරිසරන ආකාරයයි.ඇගේ රංගනය දෙස බැලීමේදී ඇය කිසිවිටෙකත් එකතැන හිටගෙන හෝ හිඳගෙන දෙබස් පමණක් කියමින් රඟපාන්නේ නැත.
ඇය යම් කාර්යයක් කරමින් රඟපෑම ඉතාමත් අපූරු ය.ඉවුම් පිහුම් කරමින්, වී අව්වේ වේලමින්, දර කඩමින්, වැනි ක්‍රියාවන් සමගින් රඟපෑම ඇගේ ස්වභාවික රංගනය තුළ දැකිය හැකිය.
බ්‍රෝ, චලෝ, මාණික්කාවත ,ගිරි දේවි, දෙව්ලියේ ,බැද්දෙ කුලවමිය ,සංසාරන්‍ය අසබඩ හිරු දරුවෝ අකුරට යන වෙලාවේ, අග්නි පියාපත්, අඳුන් ගිර,
ඇතුළු ටෙලි නාට්‍ය රැසක විවිධ රංගනයන් ඉදිරිපත් කළාය.
ගිරිදේවි තුළ සඳුන්ගේ මව ලෙස තම සොයුරාටත් පුතාටත් මැදිවූ මවකගේ විශිෂ්ට රංගනයක් දැකිය හැකි විය.
ඇගේ දෙබස් උච්චාරණය චරිතයට නියම ආලෝකයකි.
බැද්දේ කුලවමිය චංචලා ගේ මව ලෙස තම දියණිය වෙනුවෙන් කැපවෙන සංවේදී ගැහැනියක් ලෙස අපට දැකගත හැකි විය.

අඳුන් ගිර මව ලෙස රඟපෑ චරිතය තුළ ඇයට රඟපෑමට අවශ්‍යද සියලුම අඩුමකුඩුම එහි විය. දරුවන්ගේ ප්‍රශ්න හමුවේ හඬා නොවැටෙන දිරිය ගැහැනියක ලෙස ශක්තිමත් චරිතයක් රඟපෑවාය.
නයනා හෙට්ටිආරච්චි සරල ගැහැනියකි පොශ් ගති ඈ තුළ නැත.
ගැමි ගැහැනුන් ගේ චරිත වලින් ඔබ්බට ගිය චරිතයක් ලෙස ඇය අග පිපි මල් ටෙලිනාට්‍යය රඟපෑවාය.
ඇයට ඕනෑම චරිතයක් කළ හැකි නිළියකි.
අග්නි පියාපත් තුළ සරෝජිනී ගේ මව කෙසේ අමතක කරන්නද.
ආදරය, ඉවසීම , දරාගැනීම ,කලහ කිරීම ,වැනි ගති ලක්ෂණ වලින් හෙබි මෙම චරිතයට ඇය උපරිම සාධාරණය ඉටු කළා ය.

ගෝල්, සුළං කිරිල්ලී එක දවසක අපි වරිගපොජ්ජ පුරහඳ කළුවර, වැනි සිනමා නිර්මාණ තුළ කෙටි චරිතයක් වුවද මතකයේ රැඳෙන ලෙස රඟපෑමට ඇය සමත් වූවාය.

රඟ නොපා රඟපෑම යනු කුමක්ද චරිතවල ජීවත් වන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමට ඇගේ රංගනය දෙස බැලීමේදී අපට තේරුම් ගත හැකිය.
ඇය සරල ගැහැනියකි සරල කම නිසාම මහ පොළොවේ ඕනෑම තැනක පැල වෙන්නට ඇයට හැකි ය .වීදි නාට්‍ය වේවා ටෙලි ,වේදිකා සිනමා මේ ඕනෑම තැනක තම හැකියාවන් පෙන්වීමට හැකි වන්නේ ඒ නිසාය.

ප්‍රවීණ කලාවේදී ප්‍රසන්නජිත් අබේසූරිය මහතාගේ දයාබර බිරිඳ වන ඇය සැබෑ ජීවිතයේ දයාබර මවක් ආදරණීය බිරිඳක් ලෙස කුටුම්භය තුළ ද අපූරු චරිතයකි.
ඇගේ රංගනයට නිසි ඇගයුමක් ලැබී තිබෙනවා දැයි සැක සහිත ය සම්මාන උළෙලවලදී ඇය නිර්දේශ වත් වූවා දැයි මතක නැත.
ආදරණීය ලෙන්ගතු දයාබර නයනා හෙට්ටිආරච්චි රංගවේදීනියනි සමාජයේ වෙසෙන තවත් ගැහැනුන්ගේ ජීවිත තිරය මත ජීවත් කරවන්නට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා.

Congratulations Boisප්‍රභල ඉන්දියන් කණ්ඩායම 2-0 ලෙස පරාජය  කරමින් වසර 27 කට පසු ඉන්දියාවට එරෙහිව එක්දින තරගාවලියක් දිනාග...
07/08/2024

Congratulations Bois

ප්‍රභල ඉන්දියන් කණ්ඩායම 2-0 ලෙස පරාජය කරමින් වසර 27 කට පසු ඉන්දියාවට එරෙහිව එක්දින තරගාවලියක් දිනාගත් චරිත් අසලංක ප්‍රමුක ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට උණුසුම් සුභ පැතුම්

සනත් ජයසුරිය ඔයා නම් වසන්තය ගෙනාවා ආයෙත්

කොහොම තිබුන ටිම් එකක්දදැන් වැටුන තැනක් 👀😂මුල්ම දවසේම කිව්වා ඉන්දියාව ලොන්තයෝ ඉන්නේ කියලා බැනපු ඈයොන්ට දැන් ශැපද?දැන් කිය...
07/08/2024

කොහොම තිබුන ටිම් එකක්ද
දැන් වැටුන තැනක් 👀😂

මුල්ම දවසේම කිව්වා ඉන්දියාව ලොන්තයෝ ඉන්නේ කියලා බැනපු ඈයොන්ට දැන් ශැපද?

දැන් කියන්න එපා මේ ඉන්දියන් B team එකක් කියලා ඉන්දියාවේ ලෝක ODI අනුශුර කණ්ඩායම විස්සයි විස්ස ලෝක ශුර කණ්ඩායම රොහිත් කෝලි ඉන්න ඉන්දියන් කණ්ඩායම මේ

දැන් කියන්න එපා මේ කුඹුරක් කියලා
පරදින කාලේ ගැහුවෙත් මේ Ground වලම තමයි ඒ කාලේ කුඹුරුනෙවේද? දැන් විතරද කුඹුරු
Home Series වල ඒ රටට වාසිදායක වෙන්න පිච් හැදෙනවා ඉස්සර එහෙම තිබිලත් ගැහුවේ නෑනේ😂

මොනවවුනත් සනාගේ ඒ කැපවිම ආයේ ඉතිං සිංහලෙන්ම බනින්නේ ❤

මේ විදිහට දිගටම ගියොත් ❤❤

අවුරුදු 27 කට පස්සේ මෙහෙම Series එකක් දින්නන්නේ ❤😍 1997 පස්සේ සනාලා සංගලා මහේලා මාලිංගලා වත් දිනලා නෑ 😂👀 එයාලත් කුබුරේ ගැහුවා ඈ😌

BCCI එකට කොයි තරම් බලයක් ඇද්ද මෙහෙම දාපු පොස්ට් එකක් ක්ශනිකව ගලවන්න තරම්.. ඊයා 💩 අනේ අනේ..🥴🥴ලංකාව වගේ මෙලෝ රහක් නැති අඩු...
07/08/2024

BCCI එකට කොයි තරම් බලයක් ඇද්ද මෙහෙම දාපු පොස්ට් එකක් ක්ශනිකව ගලවන්න තරම්..
ඊයා 💩
අනේ අනේ..🥴🥴
ලංකාව වගේ මෙලෝ රහක් නැති අඩුගානේ චැම්පියන්ස් ට්‍රෝපිවත් ගහන්න නොයන ලංකාව වගේ ටීම් එකකට නෙලන්න තමංගේ ෆුල් ටීම් එක බස්සලා ඒත් දිනන්න බැරිව හොරත් කරලා අම්පයාර්ස්ලත් එක්ක 14ක් මැච් එකට දාලා හරි දිනාගන්න හදන ඉන්දියන් ටීම් එක නම් පව් හැබැයි.

ලාංකිය ටෙලි නාට්‍ය කලාව වෙනස් කරමින් වෙනස් මානයක් සොයාගෙන යන,වෙස්, හේලි, දාම්, බයෝ,මන්දාරම් කතාවේ සහ සීයු ටෙලිනාට්‍ය අධ්...
06/08/2024

ලාංකිය ටෙලි නාට්‍ය කලාව වෙනස් කරමින් වෙනස් මානයක් සොයාගෙන යන,
වෙස්, හේලි, දාම්, බයෝ,මන්දාරම් කතාවේ සහ සීයු ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක
ධනුශ්ක රත්නායකයන්ට
සුභ උපන්දිනයක් වේවා !

මැච් එක හින්දා අමතක වුනානේද?පැරිස් ඔලිම්පික් උළෙලේ මිටර 400 පිරිමි ඉසව්වේ අද පැවති මුලික වටයේ තරගයෙන් 3 වැනි ස්ථානය දිනා...
04/08/2024

මැච් එක හින්දා අමතක වුනානේද?

පැරිස් ඔලිම්පික් උළෙලේ මිටර 400 පිරිමි ඉසව්වේ අද පැවති මුලික වටයේ තරගයෙන් 3 වැනි ස්ථානය දිනාගනිමින් අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබිමට අරුණ දර්ශණ සමත් වුනා
එහිදි ඔහුගේ පුද්ගලික හොදම කාලයද වර්තාකරමින් ❤

සුභ පැතුම් අරුණ අවසන් පුර්ව වටයෙන් අවසන් තරගය දක්වා යෑමට මිලියන 20කගේ ආශිර්වාද ඔබට ❤

වසන්ත ඉස් බැක් ❤😍
04/08/2024

වසන්ත ඉස් බැක් ❤😍

ලකුණු 210 ක් වත් ගහගන්න බැරි ඉන්දියන් ලොන්තයෝ හෙට උදේ 10 ට ඉන්දියාවේ ක්‍රිකට් බෝඩ් එක ඉස්සරහට ඔක්කොම එන්න 🥴 ලොන්තයෝ ඔක්ක...
04/08/2024

ලකුණු 210 ක් වත් ගහගන්න බැරි ඉන්දියන් ලොන්තයෝ

හෙට උදේ 10 ට ඉන්දියාවේ ක්‍රිකට් බෝඩ් එක ඉස්සරහට ඔක්කොම එන්න 🥴
ලොන්තයෝ ඔක්කොම ගෙදර යවමු
ගාම්බිර් ගෙදර යවමු

Congratulations Sri Lanka ❤

වැන්ඩර්සේ විකට් ගද්දි ඒක බලන් ඉන්න වනියා"අනේ මං ඉවරයි අයියේ" 😂
04/08/2024

වැන්ඩර්සේ විකට් ගද්දි ඒක බලන් ඉන්න වනියා
"අනේ මං ඉවරයි අයියේ" 😂

🛑 ලොව වේගවත්ම කාන්තාව සෙන්ට් ලුෂියා හි ජූලියන් ඇල්ෆ්‍රඩ්...පැරිස් ඔලිම්පික් උලෙළේ කාන්තා මීටර 100 ඉසව්ව ජයගැනීමට සෙන්ට් ...
03/08/2024

🛑 ලොව වේගවත්ම කාන්තාව සෙන්ට් ලුෂියා හි ජූලියන් ඇල්ෆ්‍රඩ්...

පැරිස් ඔලිම්පික් උලෙළේ කාන්තා මීටර 100 ඉසව්ව ජයගැනීමට සෙන්ට් ලුෂියා හි ජූලියන් ඇල්ෆ්‍රඩ් සමත් වුණා.

එම ඉසව්වේ ලෝක ශූරිය වූ අමෙරිකාවේ ෂා කාරි රිචඩ්සන්ට හිමිවූයේ එම ඉසව්වේ රිදී පදක්කමයි.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Mandaram Kathawe - මන්දාරම් කතාවේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Nearby media companies