Voice of People

Voice of People Just the Truth

ලබන්නාවු 2024 සුබම සුබ නව වසරක් වේවා !!!
31/12/2023

ලබන්නාවු 2024 සුබම සුබ නව වසරක් වේවා !!!

මධ්‍යම ආසියාවේ වොලිබෝල් ශූරතාවය ශ්‍රී ලංකාවට 🏐🥇🇱🇰කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී නිමාව දුටු මධ්‍යම ආසියානු වොලිබෝල් ත...
15/10/2023

මධ්‍යම ආසියාවේ වොලිබෝල් ශූරතාවය ශ්‍රී ලංකාවට 🏐🥇🇱🇰

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී නිමාව දුටු මධ්‍යම ආසියානු වොලිබෝල් තරඟාවලියේ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.අවසන් මහා තරඟයේදී උස්බෙකිස්තාන කණ්ඩායම වට 3-0ක් ලෙස පරාජය කරමින් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

SLV - Sri Lankan Volleyballers

ජලගාස්තුවත් ඉහළට ජනතාව කබලෙන් ලිපට
03/08/2023

ජලගාස්තුවත් ඉහළට ජනතාව කබලෙන් ලිපට

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට නව උපකුලපතිවරයෙක්ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පත...
26/07/2023

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට නව උපකුලපතිවරයෙක්

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පත්මලාල් එම් මානගේ මහතා වසර තුනක කාලයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා .

මෙම පත්වීමට පෙර මහාචාර්ය මානගේ මහතා උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපතිවරයා ලෙස කටයුතු කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මැනිං වෙළඳපොළේ වෙළෙඳුන් 11ක් අත්අඩංගුවටඅධිකරණය ලබා දුන් නියෝගය කඩ කරමින් විරෝධතාවයේ නිරතවූ මැනිං වෙළඳපොළේ වෙළෙඳුන් 11ක් ...
26/07/2023

මැනිං වෙළඳපොළේ වෙළෙඳුන් 11ක් අත්අඩංගුවට

අධිකරණය ලබා දුන් නියෝගය කඩ කරමින් විරෝධතාවයේ නිරතවූ මැනිං වෙළඳපොළේ වෙළෙඳුන් 11ක් අත්අඩංගුවට ගත් බව වාර්තා වනවා .

විරෝධතාවයක් පැවැත්වෙන බවට සඳහන් වීමෙන් පසු එය නොපවත්වන ලෙසට අධිකරණය මගින් ඔවුන්ට ඊයේ (25) දැනුම් දී තිබුණා

අම්මයි තාත්තයි වැඩගිහින් එද්දි අවුරුදු 15 සිසුවියක් 17 හැවිරිදි පෙම්වතා විසින්දූෂණය කරයිවයස අවුරුදු 15 ක එම බාලවයස්කාර ප...
25/07/2023

අම්මයි තාත්තයි වැඩගිහින් එද්දි
අවුරුදු 15 සිසුවියක් 17 හැවිරිදි පෙම්වතා විසින්
දූෂණය කරයි

වයස අවුරුදු 15 ක එම බාලවයස්කාර පාසල් දැරිය ස්ත්‍රී දූෂණයට ලක් කළ බව කියන 17 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගත් බව තඹුත්තේගම මූලස්ථාන පොලීසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචි පාසල් ගමන නිමා කර ඇති දහහත් හැවිරිදි තරුණයෙක්.

මෙම අතරවයට පත් දැරියගේ හොඳම මිතුරියක් ඇය හා පෙම්වතා සමග පැවති සම්බන්ධය, එම දැරියගේ මවට පවසා තිබෙනවා.

පසුව එම මව විසින් ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු සිදු කළ විමර්ශනයකදී මෙම තරුණයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තඹුත්තේගම පාසලක 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ මෙම දැරිය, තම මව සහ පියා වෙළඳාම් කටයුතු සඳහා නිවසින් පිටත්ව ගිය අවස්ථාවලදී පෙම්වතා බව කියන මෙම සැකකරු තම නිවසට ගෙන්වා ගත් අවස්ථාවේදී මෙම අපරාධය සිදුව ඇතැයි පොලිසිය කියයි.

පසුව එම දැරිය සිදු වූ සියල්ල මිතුරියට පවසා ඇති අතර තම යෙහෙලිය මෙම වැරදි මාර්ගයෙන් මුදවා ගැනීම සඳහා ඇය ඒ බවැ මිතුරියගේ මවට පවසා ඇති බව පොලීසිය කියයි.

පසුව දැරිය මව සමග ඇතිකරගත් ආරවුලක් හේතුවෙන් සියදිවි හානිකර ගැනීමට උත්සාහ කර දැනට රෝහල් ගතව නේවාසිකව ප්‍රතිකාර ලබන බව ද පොලීසිය සඳහන් කළා.

ජනපතිගේ ප්‍රධානත්වයෙන් සර්වපාක්ෂික සමුළුවක්ජනපතිගේ ප්‍රධානත්වයෙන් එළඹෙන 26 වනදා සර්වපාක්ෂික සමුළුවක් පැවැත්වීමට කටයුතු ස...
25/07/2023

ජනපතිගේ ප්‍රධානත්වයෙන්
සර්වපාක්ෂික සමුළුවක්

ජනපතිගේ ප්‍රධානත්වයෙන් එළඹෙන 26 වනදා සර්වපාක්ෂික සමුළුවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ මේ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින් සහ ස්වාධීන කණ්ඩායම් නායකයින් වෙත ඇරයුම් කර ඇති බවයි.

එම සර්වපාක්ෂික සමුළුවේදී ජාතික සංහිඳියා වැඩසටහන සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිතයි.

ශ්‍රී ජයවර්ධනපුර කළාපයේ අවුරුදු 18න් පහළ පිරිමි පාපන්දු ශුරථාවය දිනාගත් රාජගිරිය හේවාවිතාරණ මහා විද්‍යාලයේ පාපන්දු කණ්ඩා...
23/07/2023

ශ්‍රී ජයවර්ධනපුර කළාපයේ අවුරුදු 18න් පහළ පිරිමි පාපන්දු ශුරථාවය දිනාගත් රාජගිරිය හේවාවිතාරණ මහා විද්‍යාලයේ පාපන්දු කණ්ඩායමට උණුසුම් සුබපැතුම් !!!

අනාරක්ෂිතව කොටසක් කඩාවැටුනු හේවාවිතාරණ මහා විද්‍යාලයේ පාසල් ගොඩනැගිල්ල ආරක්ෂිතව ඉවත් කිරීම මේ දිනවල සිදුකෙරේ. මෙම ගොඩනැග...
18/07/2023

අනාරක්ෂිතව කොටසක් කඩාවැටුනු හේවාවිතාරණ මහා විද්‍යාලයේ පාසල් ගොඩනැගිල්ල ආරක්ෂිතව ඉවත් කිරීම මේ දිනවල සිදුකෙරේ.

මෙම ගොඩනැගිල්ලේ පිහිටුවා තිබි කාර්යාලය කොටස හා පන්ති කමර අහිමිවීම හේතුවෙන් පාසල තුල උග්‍ර පන්ති කාමර හිගයක් මතුව ඇත.

බස්නාහිර පලාතේ අධ්‍යාපන බළධාරින්ගේ අවදානයට

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන තෙක් සිසුන්ට අලුත් වැඩක්සාමාන්‍ය පෙළ විභාගය අවසන් වී උසස් පෙළ හැදෑරීම සඳහා ප්‍රතිඵල අපේක්ෂාවෙන්...
17/07/2023

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන තෙක්
සිසුන්ට අලුත් වැඩක්

සාමාන්‍ය පෙළ විභාගය අවසන් වී උසස් පෙළ හැදෑරීම සඳහා ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින මාස තුනක පමණ කාලයේ සිසුන්ට පාසල තුළදී ම වෘත්තීය පාඨමාලාවක් හැදෑරීමේ අවස්ථාව හිමි කර දීමට ඉදිරියේදී කටයුතු කරන බව
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

අමාත්‍යරයා මේ බව පැවසුවේ, ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ ඩිප්ලෝමා හා සහතිකපත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

එමගින් උසස් පෙළ හැදෑරීමක් සිදුනොකළ ද සිය ඉදිරි වෘත්තීය ජීවිතය පිළිබඳ යම් සාක්ෂරතාවක් සිසුන්ට ලබා ගත හැකි බව අමාත්‍යවරයා පැවසීය.

ඔහු සඳහන් කළේ, අද ලෝකය ඉල්ලන්නේ නිපුණතාවෙන් හෙබි වෘත්තිකයන් බව ත් ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස (ජර්මන් ටෙක්) ආයතනයේ පාඨමාලාවන් හදාරන සිසුන්ට එවැනි වෘත්තීය පිළිගැනීමක් ජාත්‍යන්තර මට්ටමින් පවතින අතර රැකියාවන් ඔවුන් සොයා පැමිණන බව ත් ය.

ඉදිරියේදී ජර්මන් රජයේ සහයෝගය මත මෙම ආයතනය හා එහි පාඨමාලා තවදුරටත් පුළුල් කිරීමට කටයුතු කරන අතර එම පාඨමාලාවල ප්‍රමිතිය අඛණ්ඩව ඉදිරියටත් සුරක්ෂිතව පවත්වාගත යුතු බව ත් මෙරට එවැනි වෙනත් කාර්මික පුහුණු ආයතනවල තත්ත්වය ද එලෙසින් ම සංවර්ධනය කළ යුතු බව ත් අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේ ය.

තෘතීයික අධ්‍යාපනය සම්බන්ධයෙන් පමණක් නොව පාසල් පද්ධතිය තුළින් ද නිපුණතා සපිරි තරුණ පිරිසක් රටට දායාද කළ යුතු අතර ඒ සඳහා තොරතුරු සන්නිවේදන තාක්ෂණය මුසු කරගත් කෘත්‍රිම බුද්ධිය වැනි විෂයයන් හා ගැලපූ නව ඉගැන්නුම් ක්‍රමවේද හඳුන්වා දෙමින් දැනුම යාවත්කාලීන ගුරු පුහුණු අවස්ථා සහිතව පුළුල් වෙනසක් කරා වේගයෙන් ගමන් කළ යුතු ව පවතින බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

ඒ සඳහා පාසල්වලට අවශ්‍ය යටිතල පහසුකම් සපයමින් නව පාසල් දහසකට නව සන්නිවේදන පහසුකමක් වූ ෆයිබර් ඔප්ටික් (Fඉබෙර් Oප්ටිශ් Cඔන්නෙශ්ටිඔන්) හා අවශ්‍ය පරිදි විදුලි බල පහසුකම් ලබා දීමට ක්‍රියා කරන බව ද ඔහු පැවසී ය.

මෙම පහසුකම් ලබා දී පාසල් පද්ධතියේ මෙන් ම විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ද වෘත්තීය නැඹුරුවකින් යුත් පරිවර්තනීය වෙනසක් සිදු කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා වැඩිදුරට ත් පැවසී ය.

Sri Lanka standing 4th with 8 medals.💪💪💪💪
16/07/2023

Sri Lanka standing 4th with 8 medals.
💪💪💪💪

සියලු පාසල් විෂය නිර්දේශයන් සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගනීලබන වසර වනවිට සියලු පාසල් විෂය නිර්දේශයන් කඩිනමින් යාවත්කාලීන ක...
14/07/2023

සියලු පාසල් විෂය නිර්දේශයන්
සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගනී

ලබන වසර වනවිට සියලු පාසල් විෂය නිර්දේශයන් කඩිනමින් යාවත්කාලීන කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

තොරතුරු තාක්ෂණය සහ ඉංග්‍රීසි භාෂාව පදනම් කරගනිමින් පාසල් විෂය නිර්දේශයන් යාවත්කාලීන කිරීමට සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

මේ අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ, මහ මඟ විරෝධතා තුළින් පමණක් විශ්වවිද්‍යා පද්ධතිය සම්බන්ධයෙන් අර්ථකතන සිදුකිරීම සුදුසු නොවන බවයි.

විද්‍යාපීඨවලට බඳවා ගැනීම්තවදුරටත් කල් යයිජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට නවක සිසුන් බඳවා ගැනීම තවදුරටත් කල් ගත වන තත්ත්වයක්...
12/07/2023

විද්‍යාපීඨවලට බඳවා ගැනීම්
තවදුරටත් කල් යයි

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට නවක සිසුන් බඳවා ගැනීම තවදුරටත් කල් ගත වන තත්ත්වයක් ඇති වී තිබෙනවා.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් නවක සිසුන් බඳවා ගැනීමෙන් ගුරු අධ්‍යාපනඥයන් ඉවත්ව සිටීම මෙන්ම විද්‍යාපීඨවල පවතින අඩුපාඩු සපුරාලීමට මෙතෙක් නොහැකි වීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි පැවසෙන්නේ.

කලින් සැලසුම් කර තිබූ ආකාරයට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ විශ්වවිද්‍යාල තත්ත්වයට උසස් කිරීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීම, ගුරු සේවයේ වැටුප් වැඩි කිරීමට සාපේක්ෂව ඇති වී තිබෙන වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා වැටුප් වර්ධක දොළහක් ලබා දීම මෙන් ම පීඨවලට අවශ්‍ය පහසුකම් ලබා දීම ද සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා වෘත්තිකයන්ගේ සංගමය අමාත්‍යාංශයට ඉදිරිපත් කර තිබෙන ඉල්ලීම් අතර වෙනවා.

මෙවර ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් බඳවා ගැනෙන හෙයින් දැනට පවතින පහසුකම් කිසිදු ආකාරයකින් ප්‍රමාණවත් නොවන බව එම සංගමයේ ලේකම් ධම්මික මිරිහාන මහතා ප්‍රකාශ කළා.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් කියාසිටියේ, පවතින ආර්ථික අර්බුදය මත පීඨවලට අවශ්‍ය සියලු යටිතලපහසුකම් ලබා දීම සඳහා මුදල් වෙන් කළ නොහැකි හෙයින් හදිසි පහසුකම් ලබා දීම සඳහා පමණක් ලෝක බැංකුවෙන් ආධාර ලබා ගැනීමට සාකච්ඡා කරමින් සිටින බවයි.

පක්ෂයෙන් ඉවත් කල මන්ත්‍රීවරුන්ට කැඳවීමක්පක්ෂ සාමාජිකත්වය අත්හිටවූ මන්ත්‍රීවරු 8 දෙනෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම ක...
11/07/2023

පක්ෂයෙන් ඉවත් කල
මන්ත්‍රීවරුන්ට කැඳවීමක්

පක්ෂ සාමාජිකත්වය අත්හිටවූ මන්ත්‍රීවරු 8 දෙනෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව හමුවට ලබන 14 වැනි දා කැඳවා තිබෙනවා.

ඔවුන් මධ්‍යම කාරක සභාව හමුවට කැඳවා ඇත්තේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්.

නිමල් සිරිපාල ද සිල්වා මහතා, දුමින්ද දිසානායක මහතා, ලසන්ත අලගියවන්න මහතා, ජගත් පුෂ්පකුමාර මහතා, සුරේන්ද්‍ර රාඝවන් මහතා, චාමර සම්පත් දිසානායක මහතා, රංජිත් සියඹලාපිටිය මහතා ඇතුළු පක්ෂ සාමාජිකත්වය අත්හිට වූ මන්ත්‍රීවරු 8 දෙනකු එලෙස මධ්‍යම කාරක සභාව හමුවට කැඳවා තිබෙනවා.

ලක්ෂ 65යි – කේරල ගංජා කිලෝ 06යි, සැකකරු දැලේකේරල ගංජා කිලෝ 06කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ ...
10/07/2023

ලක්ෂ 65යි – කේරල ගංජා කිලෝ 06යි, සැකකරු දැලේ

කේරල ගංජා කිලෝ 06කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ වත්තල, ක්‍රිස්තුරාජ මාවතේදීයි.

සැකකරු සතුව තිබී රුපියල් ලක්ෂ 65කට අධික මුදල් ප්‍රමාණයක් සහ ඩිජිටල් තරාදියක් ද සොයාගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

යතුරුපැදියකින් යමින් සිටියදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහු මරදාන ප්‍රදේශයේ පදිංචි 44හැවිරිදි අයෙක්.

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 12රුපියල් මිලියන 160,000ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් ලබන 12 වනදා සිදු...
08/07/2023

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 12

රුපියල් මිලියන 160,000ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් ලබන 12 වනදා සිදු කෙරෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 70,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 45,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 45,000ක භාණ්ඩාගාර බිල්පත් මෙලෙස වෙන්දේසි කිරීමට නියමිතයි.

ජාතික ජන බලවේගයේ නායකයින් මැතිවරණ කොමිසම හමුවටපැවැත්වීමට නියමිතව තිබූ ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා නාමයෝජනා බාරදුන් රාජ්...
07/07/2023

ජාතික ජන බලවේගයේ නායකයින් මැතිවරණ කොමිසම හමුවට

පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා නාමයෝජනා බාරදුන් රාජ්‍ය සේවකයින් මුහුණ දී ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට
ජාතික ජන බලවේගයේ නායකයින් මැතිවරණ කොමිසම හමුවට පැමිණීමට සූදානම් වන බවට වාර්තා වනවා

ඒ අනුව අද (07) පස්වරු 1.30ට ජාතික ජන බලවේගයේ නායකයින් මැතිවරණ කොමිසම හමුවට පැමිණෙනු ඇති

සංචාරක සම්මේලනය කොළඹ දීඉන්දියාවේ සංචාරක නියෝජිත සංගමයේ සම්මේලනය කොළඹදි අද (06) ආරම්භ වනවා.එය ලබන 09 වනදා දක්වා පැවැත්වීම...
06/07/2023

සංචාරක සම්මේලනය කොළඹ දී

ඉන්දියාවේ සංචාරක නියෝජිත සංගමයේ සම්මේලනය කොළඹදි අද (06) ආරම්භ වනවා.

එය ලබන 09 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ඉන්දියාවේ සංචාරක නියෝජිත සංගමයේ සම්මේලනය මෙවර කොළඹදී පැවැත්වෙන්නේ වසර 18 කට පසුව බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඊට සමගාමීව ඉන්දියාව නියෝජනය කරමින් 700 කට අධික පිරිසක් ඉන්දීය නියෝජිතයන් පිරිසක් මෙරටට පැමිණෙමින් සිටින බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

එහි සමාරම්භක දේශනය පවත්වනු ලබන්නේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ විසින්.

මීට පෙර සැලසුම් කර ඇත්තේ ඉකුත් අප්‍රේල් 19 සිට 22 දක්වා එම සම්මේලනය කොළඹදී පැවැත්වීමටයි.

එහෙත් රට තුළ පැවැති නොසන්සුන්තාවයන් සහ ආර්ථික අර්බුද හේතුවෙන් එම සම්මේලනය පැවැත්වීම කල් දැමු බව බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

ප්‍රදේශ රැසකට අදත් වැසිදිවයිනේ ප්‍රදේශ රැසකට අද (05) දිනයේ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.ඒ අ...
05/07/2023

ප්‍රදේශ රැසකට අදත් වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද (05) දිනයේ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලටත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

සබරගමුව පළාතේ මෙන්ම මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මි. 75 පමණ තරමක තද වැසි ඇති විය හැකි බව සඳහන්.

ඌව පළාතේත්, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙනවා.

ඩොලර් මිලියන 250ක ලෝක බැංකු පළමු වාරිකය ලැබෙයිසියයට දෙකක් වැනි පොලී අනුපාතිකයක් යටතේ අනුමත වූ ඩොලර් මිලියන 700ක සහන මුදල...
04/07/2023

ඩොලර් මිලියන 250ක ලෝක බැංකු පළමු වාරිකය ලැබෙයි

සියයට දෙකක් වැනි පොලී අනුපාතිකයක් යටතේ අනුමත වූ ඩොලර් මිලියන 700ක සහන මුදලේ පළමු වාරිකය ලැබී ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළා.

ඒ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්.

පළමු වාරිකය ලෙස ලැබී ඇති මුදල ඩොලර් මිලියන 250ක් වනවා.

මේ අතර රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පසුගියදා ප්‍රකාශ කළේ දෙවන වාරිකය වන මිලියන 250ක මුදල ඔක්තොම්බර් මාසයේදී ලැබෙන අතර තුන්වන කොටස වන ඩොලර් මිලියන 200 ක මුදල අස්වැසුම වැඩසටහන සඳහා හිමිවන බවයි.

උසස් පෙළ නැතිව විශ්වවිද්‍යාලයට යන හැටි අගමැති කියයි..බහුකාර්ය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යාපන පෙරපුහුණු අභ්‍යාසලාභී කාල...
01/07/2023

උසස් පෙළ නැතිව විශ්වවිද්‍යාලයට යන හැටි අගමැති කියයි..

බහුකාර්ය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යාපන පෙරපුහුණු අභ්‍යාසලාභී කාල පරිච්ඡේදය සම්පූර්ණ කළ සංවර්ධන සහායකයින් කාර්යාල සේවයට බඳවා ගැනීමේ පත්වීම් ප්‍රදානය සහ එක්දින පුහුණු සැසිය ආරම්භය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ දී සිදු කෙරිණී.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා –

මහජන සේවය, අභියෝග රැසක් හරහා ගමන් කරන්නේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ අවස්ථාව ලබාදුන්නා. අද මේ කටයුත්තට ඉතුරු වෙලා ඉන්නේ කී දෙනාද. අඩකටත් වැඩිය ප්‍රමාණයක් අතහැර ගියා. ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය කියලා පුංචි කාලේ ඉඳන් ඔබ අපි ඉගෙන ගන්නවා. හැර ගියපු අය එය ඉගෙනගෙන නැහැ. ඉවසීමෙන් ජීවිතයේ කොයිතරම් ජයග්‍රහණ වලට පිවිසෙන්න පුළුවන්ද. ඒක ජීවිතය සම්බන්ධව විතරක් නෙමෙයි රටක් සම්බන්ධවත් එලෙසමයි. විනයක් ඇති රටවල් ලෝකයේ ඉදිරියටම ගිහිල්ලා තියෙනවා. විනයක් ඇති සමාජයන් ලෝකයේ දියුණුවට පත්වුණා. විනයක් නැති ප්‍රදේශයක්, සමාජයක්, රටක් අවුලෙන් අවුලට පත්වෙනවා.

රටට සේවය කරන්න තිබෙන ප්‍රධාන සේවය රජ්‍ය සේවයයි. ඒ නිසා රාජ්‍ය සේවයේ ගෞරවය, විනය, බලාපොරොත්තු, ඉලක්ක, සාක්ෂාත් කරගන්න ඔබ හැම කටයුතු කළ යුතුයි. රටක් හැටියට අප බලාපොරොත්තු වෙන්නේ එයයි. ඔබ අමාරු ස්ථානයක සේවය කරන්න පුළුවන්. ඒ වගේම පහසු ස්ථානයක සේවය කරන්න පුළුවන්. කොතන සේවය කරත් වගකීමක් කරට ගන්න. වගකීම, යුතුකම තිබෙන අවස්ථාවලදී තීරණ ගැනීමේ අභියෝගය ඔබ හමුවේ තිබෙනවා. ඔබට තිබුණු අධ්‍යාපනික සුදුසුකම් මත රාජ්‍ය සේවයට ලෙහෙසියෙන් ඇතුල් වෙන්න බාධාවක් තිබුණා. ඒ වෙනුවට නිර්මාණශීලීව රජය ඇති කළ සුදුසුකම් ඇති කරගැනීමෙන් අධ්‍යාපනික සුදුසුකම් සමාන පුහුණුවකට පරිවර්තනය කරපු අවස්ථාව භාරගෙන එලෙස පුහුණු වී ඉහළට ගමන් කළ හැකි තත්වයට පැමිණ තිබෙනවා. සමහර විට පළමුවරට වෙන්න පුළුවන් මේ අත්දැකීම ලැබෙන්නේ. මේ මාර්ගයෙන් ඉහළට යන්න අපේ විශ්වවිද්‍යාල පද්ධතියට වෙනම විශ්ව විද්‍යාලයක් එකතුවෙලා තියනවා. උසස් පෙළ නොමැති වුණයි කියලා විශ්වවිද්‍යාලයට යන්න මාර්ගයක් නැහැ කියලා හිතන්න එපා. මේ වගේම මාර්ගයෙන් තමන්ගේ සුදුසුකම හදාගෙන රාජ්‍ය සේවයේ ඉදිරියටම යන්න පුළුවන්කම තිබෙනවා. හොඳම උදාහරණය ඔබයි

රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන මහත්වරුන් මෙහිදී අදහස් දැක් වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ.ජී. විජේසිරි, බහුකාර්ය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ සහ පත්වීම්ලාභීන් මෙම අවස්ථාවට සහභාගි වූහ.

– අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

බස් ගාස්තුවේ වෙනසක් ?බස් ගාස්තු සම්බන්ධයෙන් බස් සංගම් විසින් ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.සෑම වසරකම ජුලි මස 01 වැනිදා බස් ග...
30/06/2023

බස් ගාස්තුවේ වෙනසක් ?

බස් ගාස්තු සම්බන්ධයෙන් බස් සංගම් විසින් ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

සෑම වසරකම ජුලි මස 01 වැනිදා බස් ගාස්තු සංශෝධනයක් සිදු වෙනවා.

නමුත් මෙවර බස් ගාස්තුවේ වෙනසක් සිදු නොකරන බව එම සංගමය සඳහන් කළා.

ඊයේ (29) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කොළඹ දී කියා සිටියේ ජාතික ගමනාගමන කොමිසම් සභාව විසින් 7%ක බස් ගාස්තු වැඩිවීමක් සිදු කළ හැකි බවට දැනුම් දුන්න ද මෙවර ගාස්තු ඉහළ දැමීමක් සිදු නොකරන බවයි.

කෙසේවෙතත් වැඩිදුරටත් අදහස් දැක් වූ ඔහු කියා සිටියේ, පසුගිය මැයි 1 වැනිදා සිදු වූ ඉන්ධන මිල සංශෝධනයෙන් අනතුරුව වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සිදු කෙරෙන ජූලි මස 1 වැනිදා බස් ගාස්තු අඩු කළ හැකි බවයි.

මහජන විශ්වාසය ඇති වන අයුරින් නව පොලිස්පති පත් කරන්න – නීතිඥ සංගමය ඉල්ලයිශ්‍රී ලංකා පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය යළි ඇති ...
28/06/2023

මහජන විශ්වාසය ඇති වන අයුරින් නව පොලිස්පති පත් කරන්න – නීතිඥ සංගමය ඉල්ලයි

ශ්‍රී ලංකා පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය යළි ඇති කිරීම සඳහා මීළඟ පොලිස්පතිවරයා පොලිසියේ ආදර්ශමත් සහ නොකැළැල්, සේවයක් කළ හැකි නිලධාරියෙකු වීම අතිශයින් වැදගත් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා.

ඒ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින්.

පොලිසිය කෙරෙහි මහජනතාව තැබූ විශ්වාසය පසුගිය කාලසීමාවේ බරපතළ ලෙස ඛාදනය වූ අයුරු දක්නට ලැබුණු බව පවසා ඇති නීතිඥ සංගමය, පොලිසියේ ස්වාධීනත්වය, දේශපාලනීකරණය, ම්ලේච්ඡත්වය, අත්අඩංගුවේ පසුවන පුද්ගලයන්ගේ මරණ පිළිබඳව ද අදාළ ලිපිය මගින් වැඩි දුරටත් අවධාරණය කර තිබෙනවා.

ඒ අනුව නව පොලිස්පතිවරයා පත් කිරීමේදී ඉහත කරුණු පිළිබඳව ද අවදානය යොමු කරමින් කටයුතු කරන ලෙසයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රකාශ කර ඇත්තේ.

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 500ක් ?අයවැය කටයුතු සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සහ ලෝක බැංකුව අතර එකඟතාවය...
27/06/2023

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 500ක් ?

අයවැය කටයුතු සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සහ ලෝක බැංකුව අතර එකඟතාවයකට එළැඹීමට නියමිත බව වාර්තා වනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 500 මුදලක් ලැබෙනු ඇති බවයි Reuters වෙබ් අඩවියේ වර්තාවක දැක්වෙන්නේ.

අදාළ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 700ක් බවත් ඉන් 200ක් සුබසාධන වැටසටහන් සඳහා වෙන් කර ඇති බවත් මීට පෙර Reuters වෙබ් අඩවිය වාර්තා කර තිබුණා.

පුද්ගලික වෛද්‍ය විද්‍යාල කිහිපයක් අරඹන්න සූදානම්.. අනුමැතිය ඉල්ලා අයදුම් ශ්‍රී ලංකාව තුල පෞද්ගලික වෛද්‍ය විද්‍යාල කිහිපය...
24/06/2023

පුද්ගලික වෛද්‍ය විද්‍යාල කිහිපයක් අරඹන්න සූදානම්.. අනුමැතිය ඉල්ලා අයදුම්

ශ්‍රී ලංකාව තුල පෞද්ගලික වෛද්‍ය විද්‍යාල කිහිපයක් ආරම්භ කිරීම සඳහා සූදානම් සූදානම් වෙමින් තිබේ.

ඒ සඳහා දැනටමත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් ආයතන කිහිපයක් විමසීම් කර ඇත.

මෙරට අධ්‍යාපන ආයතන කීපයක් හා පෞද්ගලික විශ්වවිද්‍යාල කීපයක් මෙම ඉල්ලීම් කළ ආයතන අතර වෙයි.

කෙසේ නමුත් මෙම ආයතන වලට අවශ්‍ය අවම සුදුසුකම් දන්වා ඒවා සපුරමින් අයදුම්පත් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් දන්වා ඇත.

ඔබ සැමට ආරාධනා
24/06/2023

ඔබ සැමට ආරාධනා

දුම්රිය මාර්ගත් පුද්ගලික අංශයට විකුණයි..කොටස් කිහිපයක් යටතේ මෙරට දුම්රිය මාර්ග පද්ධතිය පෞද්ගලික අංශයට පැවරීමේ සැලසුමක් ක...
24/06/2023

දුම්රිය මාර්ගත් පුද්ගලික අංශයට විකුණයි..

කොටස් කිහිපයක් යටතේ මෙරට දුම්රිය මාර්ග පද්ධතිය පෞද්ගලික අංශයට පැවරීමේ සැලසුමක් ක්‍රියාත්මක වෙමින් බව ඇතැයි වාර්තා වෙයි.

චීන හා ඉන්දියානු සමාගම් කිහිපයකට මෙම මාර්ග කොටස් ලබාදීමට සාකච්ඡා වෙමින් ඇති බවත් ඒ පිළිබඳව දෙපාර්තමේන්තු ප්‍රධානින් කිහිප දෙනෙකුද සාකච්ඡාවක් පවත්වා ඇති බවත් වාර්තා වෙයි.

කෙසේ වෙතත් දුම්රිය වෘත්තීය සමිති රැසක් මෙම තීරණය විරුද්ධව සඳහන් කර සිටී.

මෙසේ පෞද්ගලීකරණය කිරීමට බලාපොරොත්තු වන්නේ උඩරට දුම්රිය මාර්ගය, දකුණු දුම්රිය මාර්ගය, උතුරු දුම්රිය මාර්ගය ආදී ලෙස දුම්රිය මාර්ග වශයෙනි.

අස්වැසුම ගැන සමගි ජන බලවේගය විවාදයක් ඉල්ලයිඅස්වැසුම වැඩසටහන සම්බන්යෙන් දිනක විවාදයක් පවත්වන ලෙස සමගි ජන බලවේගය විසින් කථ...
23/06/2023

අස්වැසුම ගැන සමගි ජන බලවේගය විවාදයක් ඉල්ලයි

අස්වැසුම වැඩසටහන සම්බන්යෙන් දිනක විවාදයක් පවත්වන ලෙස සමගි ජන බලවේගය විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ, අද (23) පාර්ලිමේන්තු විවාදය අතරතුරදී යි.

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් කථානායකවරයාගෙන් අදාළ ඉල්ලීම සිදු කළා.

ඊට ප්‍රතිචාර දක්වමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ පක්ෂ නායක රැස්වීමේ දී එම ඉල්ලීම සිදු කරන ලෙසයි.

පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල යළි පහළටපාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10කින් පහත දමන බව සමස්ත ලංකා බේකරි නිෂ්පාද...
20/06/2023

පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල යළි පහළට

පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10කින් පහත දමන බව සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව එය අද(20) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි.

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Voice of People posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Voice of People:

Videos

Share


Other News & Media Websites in Colombo

Show All