හීන දකින්නේ නිදාගෙන වුනාට, හීන හැබෑ කරගන්න නිදාගෙනමත් බෑ! 🥰
සමහර හීන හිතට හරිම බර වුනත්, ඒ අස්සේ ජීවත් වෙන මිනිස්සුත් ඉන්නවා! 🫰🏻
මතක වලට මොනවද කරන්න පුළුවන්? “හිනාවෙන්න, කතා කරන්න, අඬන්න වගේම ආයේ එහෙම දවස් එයි කියලා බලාපොරොත්තු තියාගන්න” 🫶🏻🌹
Vlog එක බලන්න එන්න YouTube එක පැත්තට 🫶🏻
මං හිතන්නෙ,මනුස්සයෙක්ට තියෙන ලොකුම සැනසීම තමන්ට ඕන දෙයක් හිතට නිදහසේකියන්න තව මනුස්සයෙක් ඉන්න එක.. India Vlog Day 03 🇮🇳
අපේක්ෂාවක් වෙනුවෙන් ඔබත් එකතු වෙන්න!
අපි හැමෝටම කතාවක් තියෙනවා සමහරු පද පේළි ගලපලා ලස්සනට ඒකතාව ලියනවා..තවත් අය වචන ගලපගන්න බැරුව කල්පනා කරනවා..කොහොම වුනත් අපි හැමෝටම කතාවක් තියෙනවා.. 🫶🏻🌹
අම්මා නංගී කෙනෙක් ගේනකොටමට ඒ ගැන කිසිම ගානක් තිබුනේ නෑ.. උඹ ඉපදිච්ච දවසේ උඹව බලන්න ගිය හැටි ඇරෙන්නඒ කාළේ මට උඹ ගැන මහ ලොකු මතක ගොඩකුත් නෑ.. උඹ ටික ටික ලොකු වෙද්දී දීපු වද නම් අමතක වෙන්නෙත් නෑ.. ඉස්සර මට ඕන වුනේම තනියම ඉන්න හැබැයි උඹට ඕන වුනේම මගේ අස්සේ ඉන්න.. හැමදේම උඹ එක්ක බෙදා ගත්තේ අම්මලගේ වුවමනාවට මිසක් මම නම් ඒකට කැමති වුනේම නෑ.. ඔව් උඹ මහ වාතයක්! ඒ කාලේ මං හිතුවෙම එහෙම.. ඉතින් උඹ දාලා කොළඹ එන්න මට අමාරු වුනේ නෑ.. මම ආවට පස්සේ උඹ කතා කරලා අඩපු හැටි ආයේ ගෙදර එන්න කියලා අඩ අඩා කියපු හැටි මතක් කර කර රෑ එළිවෙනකන් මං ඇඩුවා බන් ඒ දවස් මන් ගෙව්වේ හරි අමාරුවෙන් අදටත් උඹ ඒක දන්නේ නැතුව ඇති.. මට උඹ නැති හිස්කම මුලින්ම දැනුනේ එදා බන් මට දැනුන පාලුවම උඹටත් එදා දැනෙන්න ඇති තව දවසක් හරි ලග හිටියා නම් කියලා හිතෙන්න ඇති ඔව් මම අදටත් එහෙම හිතනවා බන්.. එදා ඉදලා මට උඹ, මගේ ජීවිතේම කොටසක
මිනිස්සු එහෙමයි.. සමහරු ජීවිතේ අස්සෙ හිනාවක් හොයනවා.. සමහරු හිනාවක් අස්සේ ජීවිතේ හොයනවා! 🍂