Akuna TV

Akuna TV Hello viewers,
Welcome to “Akuna TV” page. This page delivers most viewed,fastest, unbi

st Test | New Zealand vs Sri Lanka at Hagley Oval
13/03/2023

st Test | New Zealand vs Sri Lanka at Hagley Oval

What an incredible match!
13/03/2023

What an incredible match!

👉රනිල් - රාජපක්ෂ ජුන්ටාව පන්නමු !ක්‍රම වෙනසකට පෙළ ගැසෙමු 👉මැතිවරණය කල් දැමීමට එරෙහි වෙමු ! සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන...
08/03/2023

👉රනිල් - රාජපක්ෂ ජුන්ටාව පන්නමු !
ක්‍රම වෙනසකට පෙළ ගැසෙමු
👉මැතිවරණය කල් දැමීමට එරෙහි වෙමු !
සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දිනාගැනීමට සටන් වදිමු !
👉ත්‍රස්ත පනත ( PTA ) අහෝසි කරනු !
👉තවත් ජනාධිපතිවරණයක් එපා!
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු !
👉බල සූදුවට ඉඩ හදන 78 ව්‍යවස්ථාව එපා !
ජනතාවට බලය ලැබෙන නව ව්‍යවස්තාවක් උදෙසා සටන් වදිමු !
👉හොරා කාපු සල්ලි දියව්!
බඩු මිල-බදු බර පහත හෙළනු!
👉ධන කුවේරයින්ගේ ලාබය මත බදු පනවනු!
ජනතාවට සහන දෙනු!
👉සිසු නායක දඩයම නවතනු!
සිරගත කළ කැළුම් මුදන්නායක - දිල්ෂාන් හර්ෂණ - කසුන් තිවංක වහා නිදහස් කරනු !
අන්තරේ මාර්තු 07 කොළඹට...
- අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය-

මාලදිවයින් විදේශ අමාත්‍ය අබ්දුල්ලා සහීඩ්,එරට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මොහොමඩ් කලීල්, සහ ශ්‍රී ලංකාවේ මාලදිවයින් තානාප...
06/02/2023

මාලදිවයින් විදේශ අමාත්‍ය අබ්දුල්ලා සහීඩ්,එරට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මොහොමඩ් කලීල්, සහ ශ්‍රී ලංකාවේ මාලදිවයින් තානාපති අලි ෆයිස්, යන මහත්වරුන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවුනා.
ඒ, කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී.
දෙරට අතර ද්විපාර්ශවීය සබඳතා පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරුණු අතර, එය වඩාත් ශක්තිමත් කරලීම සඳහා ගතයුතු පියවර පිළිබඳවද වැඩි අවධානයක් යොමු කෙරුනා.
மாலைதீவு வெளிவிவகார அமைச்சர் அப்துல்லா சையிட்,வெளிவிவகார இராஜாங்க அமைச்சர் மொஹமட் கலீல்,கொழும்பைத் தளமாகக் கொண்ட இலங்கைக்கான மாலைதீவுக் குடியரசின் உயர்ஸ்தானிகர் அலி பாயிஸ் மற்றும் எதிர்க்கட்சித் தலைவர் சஜித் பிரேமதாஸ ஆகியோருக்கு இடையிலான சந்திப்பொன்று கொழும்பிலுள்ள எதிர்க்கட்சித் தலைவர் அலுவலகத்தில் இடம்பெற்றது.
இரு நாடுகளுக்கும் இடையிலான நீண்டகால முக்கியத்துவம் வாய்ந்த இருதரப்பு உறவுகள் குறித்து நீண்ட நேரம் கலந்துரையாடப்பட்டதோடு,
இவ்வுறவை மேன்மேலும் பலப்படுத்துவது குறித்து இரு தரப்பினராலும் இதன்போது கவனம் செலுத்தப்பட்டது.

ICC Women's  Warm Up - Sri Lanka vs IrelandSri Lanka win by 2 runs! 🙌SL 149/5 (Harsh*tha Samarawickrama 56, Vishmi Gunar...
06/02/2023

ICC Women's
Warm Up - Sri Lanka vs Ireland
Sri Lanka win by 2 runs! 🙌
SL 149/5 (Harsh*tha Samarawickrama 56, Vishmi Gunarathna 36, Chamari Athapaththu 27) vs IRE 147 all out ( Gaby Lewls 38, Arlene 30 : Oshadi Ranasinghe 3/22, Inoka Ranaweera 3/26

The   turn up the heat in training ahead of their 2nd four-day against England Lions 🔥
06/02/2023

The turn up the heat in training ahead of their 2nd four-day against England Lions 🔥

https://youtu.be/sssLS0Odx54Me Palu Sitha Rathriye | මේ පාලු සීත රාත්‍රියේගායනය : චන්ද්‍රලේඛා පෙරේරාපද රචනය : ප්‍රියානන්...
06/02/2023

https://youtu.be/sssLS0Odx54
Me Palu Sitha Rathriye | මේ පාලු සීත රාත්‍රියේ
ගායනය : චන්ද්‍රලේඛා පෙරේරා
පද රචනය : ප්‍රියානන්ද විජේසුන්දර
සංගීතය : සමන් කුඹුකගේ
Cover Song : Aloka Fernando
Video Editor - CP VIDEO EDITING STUDIO

මේ පාළු සීත රාත්‍රියේ..
කියාදෙන්න රහසින්..
ප්‍රේමය නම් කිමැයි කියා...//

නිදිමත තරුකැට කඩාවැටේ..
ඉඩදී අඳුරට අහස්තලේ...
සඳ මල මිලිණව බලා හිදී..
දකිනතුරා අඩ නුවන් අපේ..

සඟවා ළය මත - ඔබෙ වත රහසින්
කියාදෙන්න ලංවී..ප්‍රේමය නම් කිමැයි කියා..

මේ පාළු සීත රාත්‍රියේ...

ගහකොල නිසලව බලා හිදී..
පවන් රොදක සිහිලසින් මිදී..
පිණිකඳුලැලි කැට කඩා වැටේ..
ඇහෙන තුරා පෙම්වදන් අපේ..

සුසුමක් සුසුමට ලංකර රහසින්
කියාදෙන්න ලංවී...ප්‍රේමය නම් මෙයැයි කියා...

ගායනය : චන්ද්‍රලේඛා පෙරේරාපද රචනය : ප්‍රියානන්ද විජේසුන්දරසංගීතය : සමන් කුඹුකගේCover Song : Aloka FernandoVideo Editor - CP VIDEO EDITING STUDIO මේ පාළු ස...

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන තරගාවලියට සුදුසුකම් ලැබීම වෙනුවෙන් පැවැත්වෙන කඩ ඉම් තරගාවලිය යටතේ ශ්‍රී...
17/10/2022

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන තරගාවලියට සුදුසුකම් ලැබීම වෙනුවෙන් පැවැත්වෙන කඩ ඉම් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන දෙවැනි තරගය එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව හෙට (18 දා) මෙල්බර්න්හි ජීලොංග් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තරගාවලිය ආරම්භ කරමින් නැමීබියාවට එරෙහිව පැවැති තරගය ලකුණු 55 කින් අනපේක්ෂිත ලෙස පරාජයට පත්වීමත් සමඟ ප්‍රධාන තරගාවලියට සුදුසුකම් ලැබීමට නම් ශ්‍රී ලංකාවට එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව මෙන්ම නෙදර්ලන්තයට එරෙහිව ලබන 20 වැනිදා පැවැත්වෙන තරගද ජය ගැනීම ඉතා වැදගත් වනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ නැමීබියා අතර තරගයෙන් පසු එක්සත් අරාබි එමීර් රාජ්‍ය, නෙදර්ලන්තයට එරෙහිව තරගයට ක්‍රීඩා කළද එම තරගයෙන් කඩුලු 3 ක පරාජයක් ලැබීය. කෙසේ වෙතත් එම තරගය අවසන් පන්දුවාරයේ 5 වැනි පන්දුව දක්වා රැගෙන යෑමට අරාබි ක්‍රීඩකයෝ සමත්වූහ.

කෙසේ වෙතත් හෙට තරගය පිළිබඳව ශ්‍රී ලංකා පිලේ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නගෙන් කරුණු විමසීමේදී හෙට තරගයේදී සිය කණ්ඩායම සිය උපරිමයම ලබාදීමට සූදානමින් සිටින බවයි.

“ඔබ දැක්කා ඊයේ තරගය කොහොමද ගියේ කියලා. අපි ඒක පැරදුණා. ඒ නිසා අපිට හෙට එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමඟ තරගය හොඳට ක්‍රීඩා කළ යුතුයි. කොහොම හරි අපිට ඊළඟ මැච් දෙකම දිනන්නම වෙනවා. අපි අනිවාර්යයෙන්ම ඉදිරි තරග දෙකේදී සියයට 100 කට වඩා වැඩි උපරිමය ලබාදී ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා.

“අපි බලන්නේ අපි සතුව ඉන්න ක්‍රීඩකයින් ගැන. මේ වන තෙක් ක්‍රීඩා කළ කණ්ඩායම් හතරම හොදින් ක්‍රීඩා කළා. එක්සත් අරාබි එමීර් සහ නෙදර්ලන්තය අතර ඊයේ තිබුණු තරගයත් අවසන් පන්දුවේදී අවසන් වුණේ. අපි දන්නේ නෑ මොකක් වෙයිද කියලා. මෙම ක්‍රීඩාව හැම විටම ‌වෙනස්ම දේවල් වන ක්‍රීඩාකවක්. ඒ නිසා ඕනෑම දෙයක් වෙන්න පුලුවන්. අපි බලමු” යැයි චාමික සඳහන් කර සිටියේය.

“අපි තියෙන්නේ නරක දවසක් විතරයි. නැමීබියාව ඊයේ පන්දුවට පහර දීමෙන්, පන්දු යැවීම සහ පන්දු රැකීම යන තුන් ඉරියව්වෙන්ම හොඳින් ක්‍රීඩා කළ බව අප පිළිගත යුතුයි. ඒ වගේම ඒ තරගයේදී අපේ අතින් සිදුවුණු සියලු අතපසුවීම් සියල්ල හෙට තරගයට පෙර හදාගෙන තරගයට අවතීර්ණ විය යුතුයි” යනුවෙන් පවසන චාමික, “ඒ නිසාම අපි හෙට තරගය වැඩි අවදානයක් යොමු කරමින් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා” යනුවෙනි.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදීත් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන ලද පළමු තරගයේදී ඇෆ්ගනිස්තානය හමුවේ පරාජයට පත් වුවද ඉතිරි සියලුම තරග ජයග්‍රහණය කරමින් ශූරතාව දිනා ගැනීමට සමත්විය. මේ තත්ත්වය ශ්‍රී ලංකාව සහභාගිවුණු නැමීබියානු තරගයකට සමාන පෙරනිමිත්තක්ද යන්න පිළිබඳව කරන ලද විමසීමේදී “ඒ විදියටම හිතන්නේ නැහැ. මොකද දැන් ආසියානු කුසලාන තරගාවලිය ඉවරයි. එය ඉතිහාසයට එකතු වෙලා. දැන් අපි ලෝක කුසලානය ගැන සිතිය යුතුයි යැයි සඳහන් කර සිටියේය.

“එතැනදි වෙනස්ම ස්ථාන වෙනත්ම තත්ත්වයන් සහ වෙනස්ම කණ්ඩායම් සමඟ අපිට තරග කිරීමට සිදුවෙනවා”

“ක්‍රීඩාංගණත් ගොඩක් වෙනස්. එක පැත්තක් මීටර 57 යි. තව පැත්තක් මීටර 55 යි. කෙළින් දුරටයි. ගොඩක් දේවල් වෙනස්. ඒ නිසා අපි සැලසුම් කරන්න ඔ්න අපේ ක්‍රීඩාව කරන්නේ කොහොමද කියලා” යැයි චාමික සඳහන් කර සිටියේය.

https://youtu.be/G55_nMC4pgsnorochcholai power station sri lanka
27/09/2022

https://youtu.be/G55_nMC4pgs
norochcholai power station sri lanka

නොරොච්චෝලේ බලාගාරයේ 3 වන ඒකකය වාෂ්ප කාන්දුවක් හේතුවෙන් වසා දමා ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය දැනුම් දී ඇති බව විදුල....

England U19s won the 1st Youth ODI by 3 wickets (DLS method) and take a 1-0 lead in the 3-match series.
06/09/2022

England U19s won the 1st Youth ODI by 3 wickets (DLS method) and take a 1-0 lead in the 3-match series.

- 2022.08.30 - ■ රාජ්‍ය අංශයේ සේවකයන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 ක් දක්වා සහ අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන්ග...
31/08/2022

- 2022.08.30 -

■ රාජ්‍ය අංශයේ සේවකයන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 ක් දක්වා සහ අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 62 දක්වා වැඩි කිරීම හේතුවෙන් සමාජය තුළ රැකියා විරහිත තරුණයන්ගේ අසහන තත්ත්වය වැඩි වන බව පෙනී ගොස් තිබෙනවා. එසේම, විශ්‍රාම ගන්වන වයස වැඩිකිරීම නිසා රාජ්‍ය මෙන්ම අර්ධ රාජ්‍ය අංශයේ බොහෝ නිලධාරීන්ට උසස් වීමට ඇති අවස්ථා සීමා වී ඇති බව ද වාර්තා වී තියෙනවා.

■ මෙම තත්ත්වය අනුව රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශවල සේවකයන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා අඩු කිරීමට මා යෝජනා කරනවා. එසේම, දැනට රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය සේවයේ වයස අවුරුදු 60 සම්පූර්ණ වීමෙන් පසුව සේවයේ නියුතුව සිටින සියලුම නිලධාරීන් 2022 දෙසැම්බර් 31 වන දිනට විශ්‍රාම ගන්වනු ලබනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා
2022 - අතුරු අයවැය යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම - 2022.08.30

පවතින අර්බුදය විසඳන, ආර්ථික රටාව වෙනස් කරනඅතුරු අය වැය පාර්ලිමේන්තුවටපවතින අර්බුදය විසඳමින් රටේ ආර්ථික රටාව වෙනස් කරලීම ...
31/08/2022

පවතින අර්බුදය විසඳන, ආර්ථික රටාව වෙනස් කරන
අතුරු අය වැය පාර්ලිමේන්තුවට

පවතින අර්බුදය විසඳමින් රටේ ආර්ථික රටාව වෙනස් කරලීම සඳහා මූලික පදනම සකස් කරන 2022 අතුරු අය වැය මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් (30) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

ලෝකයට ගැළපෙන ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් සැකසීමේ මූලික පදනම ලෙස ජනාධිපතිවරයා එම අය වැය හඳුන්වා දුන් අතර ලබන වසරේ (2023) අය වැය මගින් නව ආර්ථිකයක් ගොඩනැගීමේ ක්‍රියාවලිය අරම්භ කරන බවත් පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ ද පැවසීය,
“මේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා අප සිදු කළ යුතු මූලික කාර්යයක් වන්නේ සාම්ප්‍රදායික දේශපාලන මතිමතාන්තරවලින් බැහැර වී, මහපොළොවේ යථාර්ථයත්, ගෝලීය පරිසරයත් ගැන මැදිහත් සිතින් විමසා බැලීමයි.

ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති මහතා මෑතකදී කළ ප්‍රකාශයක් මම උපුටා දක්වන්නට කැමතියි. “රජය කරන්න ඕනේ ප්‍රතිපත්ති හදන එක, රජයක් තියෙන්නෙ ව්‍යාපාර කරන්න නෙවෙයි”. මෙන්න මේ අයුරින් අලුත් ලෝකයේ අලුත් ප්‍රවණතාවයන්ට අනුව, අලුත් සිතුවිල්ලෙන් අපේ සිත් පෝෂණය කරන්න හැකිනම්, අපට ආර්ථික අර්බුදය විසඳා ගන්න පුළුවන්”
2025 වසර වන විට ප්‍රාථමික අයවැයේ අතිරික්තයක් ගැනීම, ආර්ථික වර්ධන වේගය ස්ථාවර තත්ත්වයකට ඉහළ නංවා ගැනීම, රාජ්‍ය ණය පාලනය කර ගැනීම ඇතුළු ප්‍රමුඛ ඉලක්ක සපුරා ගැනීමට මෙම අතුරු අයවැය අඩිතාලමක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා සඳහන් කළේ, ජාතික ආර්ථික ප්‍රතිපත්තිය ඔස්සේ රටත් ජාතියත් ගොඩනැංවීමේ ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ගෙන ගියහොත් 2048 වසරේදී ශ්‍රී ලංකාව සියවන නිදහස් සංවත්සරය සමරන විට පූර්ණ සංවර්ධිත රටක් බවට පත්වීමට හැකියාවක් ඇති බවය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ අතුරු අය වැය කතාවේ සාරාංශය පහත දැක් වේ.
 2025 වන විට දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රාජ්‍ය ආදායම 8.2% සිට 15% දක්වා වැඩි කිරීම
 2025 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 2%කට වඩා වැඩි ප්‍රාථමික අය වැය අතිරික්තයක් ළගා කර ගැනීම‍
 උද්ධමනය තනි ඉලක්කමක මැදි අගයක් දක්වා නැවත ගෙන ඒම
 සමාජ ආරක්ෂණ ජාල වැඩසටහන ශක්තිමත් කිරිම සඳහා වූ ප්‍රතිපාදන වෙන් කිරීම
 රාජ්‍ය වියදම් ක්‍රමවේදය ක්‍රියාත්මක විය යුතු අයුරින් ක්‍රියාත්මක වන බව තහවුරු කිරීමේ වගකීම දරණ, අමෙරිකා එක්සත් ජනපදයේ පවතින අධීක්ෂණ ජනරල් ක්‍රමය වැනි ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම
 මහජනතාව වෙත ලබාදෙන සේවාවන් පහසු කිරිම හා කාර්යක්ෂම කිරීම සඳහාත් අදාළ ආදායම් කඩිනමින් එක්රැස් කර ගැනීම සඳහා මාර්ගගත සේවා පහසුකම් ලබාදීම
 2022 වසර අවසන්විමට පෙර සියළුම පළාත් පාලන ආයතනවල මාර්ගගත ආදායම් රැස්කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම
 රාජ්‍ය සේවයේ කාර්යන් සඳහා විදුලිය මඟින් ක්‍රියාත්මක වන වාහන පමණක් යොදා ගැනීම
 ආරක්ෂක අංශවල දැනුම හා හැකියාවන් දියුණු කිරිම සඳහා ‘ජාතික ආරක්ෂාව 2030‘ ආරක්ෂක උපායමාර්ග සමාලෝචනයක් සිදු කිරීම
 මහා පරිමාණයේ පාඩු ලබන රජය සතු ව්‍යවසායකයන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයක් පිහිටුවීම
 රාජ්‍ය මූල්‍ය රීති ඇතුළත් වන රාජ්‍ය මුදල් කළමනාකරණ පනතක් සම්පාදනය කිරීම
 රාජ්‍ය ආදායම් ඉහළ නංවා ගැනීමේ දී පවතින ගැටලු සමීපව කටයුතු කිරීම සහ යෝජනා ඉදිරිපත් කිරිමට ක්‍රම හා විධි පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවක් පිහිටුවීම
 රාජ්‍ය ආයතනවල අබලි ද්‍රව්‍ය බැහැර කිරීමේ සමස්ත ක්‍රියාවලිය අධීක්ෂණය කිරිමට (Comptroller General) කොම්ප්ට්‍රෝලර් ජනරල්වරයෙක්
 ජාතික ණය කළමනාකරණ ආයතනක් පිහිටුවීම (National Debt Management Agency)
 රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වය සඳහා වන ජාතික ආයතනයක් පිහිටුවීම (National Agency For Public Private Partnership)
 නව නීති මඟින් මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති තීරණ දේශපාලනීකරණවීම වැළැක්වීම
 රාජ්‍ය බැංකුවල මුළු කොටස් අයිතියෙන් 20% ක ප්‍රමාණයක් එම බැංකුවල තැන්පත්කරුවන්ට හා සේවකයන් වෙත ලබාදීම
 ගැබිණි මව්වරුන් සඳහා ලබාදෙන රුපියල් 20,000ක දීමනාවට අමතරව, රුපියල් 2500ක මාසික දීමනාවක් ලබාදීම
 ආහාර සුරක්ෂිතතාව නොමැති පවුල් සඳහා එක් පවුලකට මාසිකව රුපියල් 10,000ක් බැගින් ලබාදීම
 කුඩා ධිවර යාත්‍රා හිමියන් සඳහා සහ වතුකර ප්‍රදේශයන්හි ජනතාවට භූමිතෙල් සහනාධාර
 ආර්ථික අර්බුදයේ බලපෑම අවම කිරීම සහ සමාජ ස්ථාවරභාවය ප්‍රතිස්ථාපනය කිරිම සඳහා රුපියල් බිලියන 133ක්
 මාසික සමෘද්ධි සහනාධාරය රුපියල් 5000 - 7500 අතර ප්‍රමාණයකින් වැඩිකිරීම
පොරොත්තු ලේඛනයේ සිටින පිරිසට රුපියල් 5000ක තාවකාලික දීමනාවක් ලබාදීම
 වැඩිහිටි, ආබාධිත, වකුගඩු රෝගී ආධාර ලබන පුද්ගලයින් වෙත ගෙවනු ලබන දීමනාව, මසකට රුපියල් 5000 සිට රුපියල් 7500 අතර ප්‍රමාණයකින් වැඩිකිරීම. පොරොත්තු ලේඛනයේ සිටින පිරිසටත් රුපියල් 5000ක්

 මහ කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය යූරියා ගෙන්වීමට ඇමරිකන් ඩොලර් මිලියන 110ක් වෙන් කිරිම සහ වගාවට අවශ්‍ය යූරියා පොහොර සැපයීම සහතික කිරීම
 ඉදිරියේදී හිඟයකින් තොරව ගෘහස්ත ගෑස් අවශ්‍යතාව සපුරාලීම
 ආර්ථික ස්ථායිතාව ඇති කිරිම හා ආර්ථික වර්ධන ක්‍රියාවලිය සඳහා පහසුකම් සැලසීමට සංශෝධන හා නව නීති ප්‍රතිසංස්කරණ යෝජනා හඳුන්වාදීම
 ආර්ථික අර්බුදය හේතුවෙන් රැකියා අහිමි වූ කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ පනත (TEWA) වෙනුවට තාත්වික යාන්ත්‍රණයක් හඳුන්වාදීම
 කුඹුරු හෙක්ටයාර් 2ක් හෝ ඊට අඩුවෙන් වී වගා කිරීම සඳහා රාජ්‍ය බැංකු වෙතින් ලබාගත් වගා ණය කපා හැරීම
 යොවුන් කෘෂිකාර්මික සමාගම් (Youth Agricultural Companies) යෞවන සමාජ 331ක ක්‍රියාත්මක කිරීම
 දේශීය කෘෂිකාර්මික සංවර්ධන අගය දාම වැඩසටහන ශක්තිමත් කිරීම
 දේශීය කිරි නිෂ්පාදන නංවාලීම සඳහා ජාතික මට්ටමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම හිඟයකින් තොරව බීජ හා රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට පියවර ගැනීම
 රජයේ ඉඩම් ඵලදායීව භාවිතා කිරීම සඳහා රැකියා විරහිත තරුණ තරුණියන් යොදා ගැනීමට වැඩපිළිවෙළක්
 ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා ජාතික ආහාර සුරක්ෂිතතා වැඩසටහනක්
 පර්යේෂණ හා සංවර්ධන අංශ වැඩිදියුණු කිරීමට පියවර
 දේශීය විශ්වවිද්‍යාල හා තාක්ෂණික ආයතනවල සහාය ඇතිව පර්යේෂණ හා සංවර්ධන ප්‍රවර්ධනය සහ වාණිජකරණය සඳහා යාන්ත්‍රණයක්
 කෘෂිකාර්මික නිෂ්පාදන කල්තබා ගැනීම සහ අළෙවි කර ගැනීම සඳහා ආහාර ඇසුරුම් කිරීමේ කර්මාන්ත ප්‍රවර්ධනය කිරීමට පියවර

 ආහාර ඇසුරුම් කිරීමට උසස් තාක්ෂණය සහිත උපකරණ ආනයනය කිරීමට බදු සහන

 ලබන වසරේ සංචාරකයින් ලක්ෂ 25ක් මෙරටට ගෙන්වා ගැනීමේ ඉලක්කයක්. ඉහළ වියදම් දැරීමේ හැකියාවක් ඇති සංචාරකයින් (High-end tourists) ආකර්ශණය කර ගැනීමට විශේෂ වැඩසටහනක්

 දේශගුණික බලපෑම අවම කර ගැනීමට පරිසර අමාත්‍යාංශය හරහා පහසුකම්

 විදේශ සිසුන්ට අධ්‍යාපන අවස්ථා ලබාදීමට පෞද්ගලික ආයෝජන දිරි ගැන් වේ.

 තොරතුරු තාක්ෂණ හා වෛද්‍ය විද්‍යාව මුල් කර ගනිමින් ශ්‍රී ලංකාව තුළ ශාඛා විශ්ව විද්‍යාල පිහිටුවීමට පහසුකම්

 කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ශාඛාවක් කුරුණෑගල ස්ථාපිත කිරීම

 නිපුණතා පදනම්ව නව රැකියා ලබා ගැනීමට පහසුකම් සැලසීම

 රාජ්‍ය අංශයේ තෝරාගත් වෘත්තීය පුහුණු ආයතනවල සේවකයින්ට NVQ සහතික

 ක්ෂුද්‍ර පරිමාණයේ ස්වයං රැකියාවල නියැලී සිටින ප්‍රජාවගේ රැකියා සුරක්ෂිතභාවය තහවුරු කිරීම

 සැපයුම් දාම කාර්යක්ෂම කිරීමේ මූලික පියවරක් ලෙස එළවලු සහ පළතුරු ප්‍රවාහනය සඳහා සැලසුම්සහගතව දුම්රිය යොදා ගැනීම. එහි ආරම්භක පියවරක් ලෙස හාලිඇල දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා එළවළු, පළතුරු හා අනෙකුත් නිෂ්පදාන ප්‍රවාහනය කිරීමට අදාළ පහසුකම් සහිත දුම්රියක් යෙදවීම

 දුම්රිය සේවයේ ගුණාත්මක භාවය හා ආරක්ෂාව වැඩි කිරීම සඳහා පෞද්ගලික ආයෝජන ලබා ගැනීම. එහි ආදර්ශ වැඩසටහනක් ලෙස කැළණිවැලි දුම්රිය සේවාව සංවර්ධනය කිරීම
 අපනයන සහ අපනයන අරමුණ කරගත් ඝෘජු විදේශ ආයෝජන වැඩි කිරීමට කලාපීය සහ ගෝලීය සැපයුම් දාමයන් වෙත පිවිසීමට අවධානය

 වෙළෙඳ බාධක ක්‍රමානුකූලව ඉවත් කිරීම නිසා බලපෑමට ලක්වන කර්මාන්ත හා සේවකයන්ට සහාය වීම සඳහා වෙළෙඳපොළ ගැළපුම් වැඩසටහනක් හඳුන්වාදීම

 අඩු පිරිවැයෙන් විදුලි උත්පාදනය කිරීම සඳහා පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් පුළුල් කිරීම

 ඉඩම්වලට සින්නක්කර ඔප්පු ක්‍රමයක්

 එතෙර ශ්‍රි ලාංකිකයන් සඳහා වන කාර්යාලයක් පිහිටුවීම

 විදුලි පාපැදි නිෂ්පාදනය දේශීය කර්මාන්තයක් ලෙස ප්‍රවර්ධනය කෙරේ. අවශ්‍ය ආනයනික කොටස්වලට බදු සහන

 ආයතනික පාලනය ශක්තිමත් කිරීම හා දුෂණයට එරෙහිව කටයුතු කිරීමට පුළුල් නෛතික රාමුවක් සකස් කිරීම

ජනාධිපති මාධ්‍ය අංශය
උපුටා ගැනීමකි

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා නව සාමාජික මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු නම් කෙරේපාර්ලිමේන්තු කටයුතු ප...
30/08/2022

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා නව සාමාජික මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු නම් කෙරේ
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව විසින් තවත් මන්ත්‍රීවරයන් සිව් දෙනෙකු නම් කරන ලද බව නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතා විසින් (29) පාර්ලිමේන්තුවට නිවේදනය කරන ලදි.
මේ අනුව පහත නම් සඳහන් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් ලෙස ඉදිරියේදී කටයුතු කිරීමට නියමිත ය.
• ගරු මහින්ද අමරවීර මහතා
• ගරු වජිර අබේවර්ධන මහතා
• ගරු තලතා අතුකෝරල මහත්මිය
• ගරු ඉරාන් වික්‍රමරත්න මහතා

මාධ්‍ය නිවේදනය - 2022.08.18ශ්‍රි ජයවර්ධනපුර රජයේ රෝහලේ බෝ නොවන රෝග සත්කාර පහසුකම් වර්ධනය කිරීම සඳහා ජපන් ව්‍යාපෘති නොවන ...
18/08/2022

මාධ්‍ය නිවේදනය - 2022.08.18
ශ්‍රි ජයවර්ධනපුර රජයේ රෝහලේ බෝ නොවන රෝග සත්කාර පහසුකම් වර්ධනය කිරීම සඳහා ජපන් ව්‍යාපෘති නොවන ආධාර යෝජනා ක්‍රමය යටතේ ජපන් යෙන් මිලියන 500 ක ප්‍රදානයක් ලබාදීම

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගනීශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2022 අගෝස්...
18/08/2022

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගනී
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2022 අගෝස්තු මස 17 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 14.50 සහ සියයට 15.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළේය. මෙම තීරණයට එළඹීමේදී, මුදල් මණ්ඩලය විසින් පසුගිය මුදල් ප්‍රතිපත්ති විවරණයට සාපේක්ෂව ආර්ථික ක්‍රියාකාරකම්වල අපේක්ෂිත ප්‍රමාණයට වඩා විශාල සංකෝචනයක් සහ අපේක්ෂිත ප්‍රමාණයට වඩා වේගවත්ව මිල පීඩන ලිහිල් වීම් පෙන්නුම් කරනු ලබන නවතම දත්ත පදනම් කරගත් පුරෝකථන සලකා බලන ලදී. දැනටමත් ක්‍රියාත්මක වන දැඩි මුදල් සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති මෙන්ම අත්‍යවශ්‍ය නොවන ආනයන වියදම් සීමා කිරීමේ ක්‍රියාමාර්ග හේතුවෙන් නුදුරු කාලීනව පෞද්ගලික අංශයට ලබා දෙන ණය සැලකිය යුතු ලෙස අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර සේවා වියුක්තිය ඉහළ යෑමේ අවදානමක් ද පවතී. නුදුරු කාලීනව මතුපිට උද්ධමනය ඉහළ අගයක පවතිනු ඇතැයි පුරෝකථනය කර ඇතත්, මහ බැංකුව සහ රජය විසින් මේ දක්වා ගෙන ඇති ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සමස්ත ඉල්ලුම් පීඩන පාලනය කිරීමට උපකාරී වනු ඇති බවත් එමගින් මෙන්ම ගෝලීය වෙළඳ භාණ්ඩ මිල ගණන්හි අපේක්ෂිත අඩු වීම් සහ ඒ හේතුවෙන් ඉදිරි කාලය තුළදී දේශීය මිල ගණන් අඩු වීම තුළින් උද්ධමන අපේක්ෂා පාලනය වනු ඇති බවද මුදල් මණ්ඩලයේ අදහස විය.
ශ්‍රී ලංකා මහබැංකුව

විදුලි ඉල්ලුම කළමනාකරණ කාලසටහන
18/08/2022

විදුලි ඉල්ලුම කළමනාකරණ කාලසටහන

Ireland beat Afghanistan for the first time in a bilateral T20I series 🎉
18/08/2022

Ireland beat Afghanistan for the first time in a bilateral T20I series 🎉

A comfortable five-wicket win gives West Indies a 1-0 lead in the series 🙌Watch the   ODI series
18/08/2022

A comfortable five-wicket win gives West Indies a 1-0 lead in the series 🙌
Watch the ODI series

ජනපති අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයේ නිල චාරිකාවක.ප්‍රචණ්ඩකාරීන්ගෙන් පාර්ලිමේන්තුව රැකගනිමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ...
09/08/2022

ජනපති අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයේ
නිල චාරිකාවක.

ප්‍රචණ්ඩකාරීන්ගෙන් පාර්ලිමේන්තුව රැකගනිමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ
හමුදා සාමාජිකයන්ට ජාතියේ ප්‍රණාමය හිමි වෙනවා.
ජනපති කියයි.
විධායකය නතු කර ගනිමින් ව්‍යවස්ථාදායකයට බාධා කළ ප්‍රචණ්ඩකාරීන් මැඩපවත්වා ප්‍රජාතන්ත්‍රවාදය රැකගත් හමුදා සාමාජිකයන්ට ජාතියේ ප්‍රණාමය හිමි වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

පැලවත්ත, අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයේ අද (09) පෙරවරුවේ විශේෂ නිල චාරිකාවකට එක් වූ ජනාධිපතිතුමා, එහිදී හමුදා සාමාජිකයන් අමතමින් මේ බව සඳහන් කළේය.
එදා ප්‍රචණ්ඩකාරී පිරිස් පාර්ලිමේන්තුවට ඇතුළු වී ව්‍යවස්ථාදායකය අක්‍රීය කළා නම් රටේ ආණ්ඩුවක් නැති වන බවත්, එසේ වූයේ නම් අද රට තුළ ඇති තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් බවත් ජනාධිපතිතුමා පැවසීය. එම මෙහෙයුම කිසිදු පුද්ගලයෙකුට වෙඩි ප්‍රහාරයක් එල්ල නොකොට සාමකාමිව සිදු කිරීමට පියවර ගත් ආරක්ෂක අංශ සාමාජිකයන්ට තම ස්තූතිය පළ කර සිටින බව ද රනිල් වික්‍රමසිංහ මහතා කීය.
යුද හමුදා මූලස්ථාන පරිශ්‍රය වෙත පැමිණි ජනාධිපතිතුමා, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා විසින් පිළිගනු ලැබූ අතර අනතුරුව ජනාධිපතිතුමා වෙත විශේෂ යුද හමුදා උත්තමාචාර ද පිළිගැන්විණි.
ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමේ උත්තරීතරම ස්ථානය වන පාර්ලිමේන්තු සංකිර්ණයට ප්‍රචණ්ඩකාරීන් බලහත්කාරයෙන් ඇතුළුවීම විශිෂ්ට ලෙස මැඩපැවැත්වූ ආරක්ෂක අංශ සාමාජිකයන්ට, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ප්‍රණාම සහතික ප්‍රදානය ද සිදු කළ අතර ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික ප්‍රධානීන් සමූහ ඡායාරූපයකට පෙනී සිටීමෙන් පසු ජනාධිපතිතුමා විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා
“අද මෙම විශේෂ උත්සවය සංවිධානය කළේ පාර්ලිමේන්තුව ආරක්ෂා කිරීම ගැන අපේ ස්තූතිය ඔබ සියලු දෙනාටම ප්‍රකාශ කරන්න. මෙහි වැදගත්කම බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඒ නිසා මම විශේෂයෙන් බලාපොරොත්තු වුණේ මේ පිළිබඳ කරුණු කිහිපයක් සඳහන් කරන්න. ඔබේ ප්‍රධාන යුතුකම තමයි මේ රට ආරක්ෂා කරන්නත් මේ රටේ ව්‍යවස්ථාව ආරක්ෂා කරන්නත් කටයුතු කරන එක.

ජනතා පරමාධිපත්‍ය ක්‍රියාත්මක කරන්න ප්‍රධාන ආයතන 03ක් තිබෙනවා. පාර්ලිමේන්තුව, විධායකය සහ අධිකරණය. මේ ආයතන 03 ක්‍රියාත්මක නොකෙරුවොත් මේ රටේ පාලනයක් නැති වෙනවා. ව්‍යවස්ථාව කඩා වැටෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙනවා. එවැනි අවස්ථාවක තමයි ඔබ පාර්ලිමේන්තුව ආරක්ෂා කළේ.
සිද්ධි ගැන කතා කරනවා නම් ජූලි 09 වනදා එවකට ජනාධිපතිතුමා හිටපු මන්දිරය ප්‍රචණ්ඩකාරීන් අත්පත් කරගත්තා; පස්සේ ජනාධිපතිතුමාගේ විධායක බලය යොදවන කාර්යාලය, ජනාධිපති කාර්යාලය අත්පත් කර ගත්තා. ජනාධිපතිතුමාට ක්‍රියාත්මක කරන්න කිසිම ආයතනයක් තිබුනේ නැහැ. සවස් වෙන කොට අගමැතිතුමාගේ නිල නිවස වන “අරලියගහ මන්දිරයත්” අත්පත් කරගත්තා. එම කාර්යාලයේ කටයුතුත් ක්‍රියාත්මක කරන්න බැරි වුණා. එවකට හිටපු ජනාධිපතිතුමා එම අවස්ථාවේ කොළඹ නගරය තුළ හිටපු නැති නිසා, එතුමා ඉන්න තැන දන්නේ නැති නිසා, මම ඉල්ලා අස්වෙයි කියන බලාපොරොත්තුවෙන් මගේ නිවසට ගිනි තැබුවා. නමුත් ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවතේ අගමැති කාර්යාලයක් පමණක් ඉතිරි වෙලා තිබුණා.
13 වනදා යළිත් පැමිණිලා අගමැති කාර්යාලයත් අත්පත් කර ගත්තා. එතකොට විධායකයට ක්‍රියාත්මක කරන්න කිසිම කාර්යාලයක් නැහැ. එවකට ජනාධිපතිතුමා හිටපු ජනාධිපති මන්දිරයත් නැති වෙලා. විධායකය හැටියට ක්‍රියාත්මක කරන්න කිසිම ස්ථානයක් තිබුණේ නැහැ. සවස් වන විට තත්ත්වය තවත් වෙනස් වුණා. පාර්ලිමේන්තුව වට කරන්න උත්සාහ කළා. පාර්ලිමේන්තුව අල්ල ගත්තනම් ව්‍යවස්ථාදායකය ක්‍රියාත්මක කරන්න බැහැ. ව්‍යවස්ථාදායකය ක්‍රියාත්මක කරන්න බැරිනම් රටේ ආණ්ඩුවක් නැහැ.
අධිකරණය වට කරලා අධිකරණය නවත්වන එක පහසු කාර්යයක්. අනිත් ආයතන දෙක වගේ නෙවේ. පාර්ලිමේන්තුව නැති වුණා නම් විශාල ප්‍රශ්නයක් වෙනවා. එදා පක්ෂ නායකයින්ගේ රැස්වීමක් පැවැත්වුණා. කථානායකතුමා දන්නවා, මේ කණ්ඩායම එනවා කියලා දැනගත්තහම පක්ෂ නායකයින්ගේ රැස්වීමත් අවසන් කළා. පාර්ලිමේන්තුව ආරක්ෂා කරන්න කවුරුත් හිටියේ නැහැ. පාර්ලිමේන්තුව වැටුණා නම් ආණ්ඩුක්‍රමය නැති වෙනවා. ඒ නිසා ඒ අවස්ථාවේ ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධානීන්ට විශේෂයෙන් ශවේන්ද්‍ර සිල්වාටත්, හමුදාපති ලුතිතන් ජෙනරල් ලියනගේ මහතාටත් මම කිව්වා පාර්ලිමේන්තුව ආරක්ෂා කරලා දෙන්න කියලා. පාර්ලිමේන්තුව නැති වුණා නම් පාලනයක් නැති වෙනවා. පාර්ලිමේන්තුව නැති නිසා ආරක්ෂක අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන්න බැහැ. ඒ නිසා තමයි ඔබ සියලුදෙනාට භාර දුන්නේ ඒ කටයුත්ත කරන්න.
ඒ අනුව පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීමට පැමිණි පිරිස්වලට වෙඩි තියන්න වුවමනාවක් වුණේ නැහැ. ඒ ගැන මම ඔබ සියලු දෙනාට ස්තූතිවන්ත වෙනවා, ප්‍රශංසා කරනවා. ඔබේ කිහිප දෙනෙක් තුවාල ලැබුවා. ආරක්ෂාව තිබෙන නිසා රටේ තත්ත්වය ඊළග දවසේ වෙනස් වුණා. පාර්ලිමේන්තුව ආරක්ෂා කරගත්තේ නැතිනම් මේ තත්ත්වය අද රටේ නැහැ.
මේක, උතුරේ දැක්ක විශාල සටන් වගේ නෙවේ, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න ඔබ ගත්ත පියවරක්. එදා ත්‍රස්තවාදය නැති කළා වගේ ඔබ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළා. මේ පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල ආරක්ෂා කරලා පාර්ලිමේන්තුව රැස් වෙන්න ඉඩ ලබා දී ව්‍යවස්ථානුකූල යුතුකම ඉෂ්ට කර තිබෙනවා. එමගින් රටත් ආරක්ෂා කරලා තිබෙනවා. දැන් තිබෙන්නේ පාර්ලිමේන්තුව ඉදිරියට ගෙන යෑමයි. පාර්ලිමේන්තුව ඉදිරියට ගෙන ගොස්, ජනතා විශ්වාසය දිනා ගන්න එක මන්ත්‍රීවරු කරන්න ඕන. ඔබේ පියවර දැන් අවසන්. පාර්ලිමේන්තුවේ සියලු දෙනාම එකට එකතුවෙලා ප්‍රශ්නය විසඳන්න ක්‍රියාකළ යුතුයි.

අලුත් ව්‍යවස්ථා සංශෝධන ගේන්න අපි උත්සාහ කරමින් සිටිනවා. අලුත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ යෝජනා ගෙනවිත් සර්ව පාක්ෂික පාලනයක් ඇති කරන්න අපි පියවර ගනිමින් සිටිනවා. ඒ ගැන සාකච්ඡා කරගෙන යනවා, දැන් ඔබේ යුතුකම ඉෂ්ට කරන්න. දැන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225ම තමන්ගේ යුතුකම ඉෂ්ට කරන්න ඕන. මම අගමැතිතුමාටත්, කතානායකතුමාටත් කියනවා කරුණාකරලා ඒක පාර්ලිමේන්තුවට සිහිපත් කරන්න කියලා. මේ කැපවීමෙන් ප්‍රයෝජන ගන්න නම් ඔක්කොම එකතුවෙලා පාර්ලිමේන්තුව යළි රට වෙනුවෙන් ක්‍රියාත්මක කරන්න ඕනෑ.
ඔබ සියලු දෙනාටම ස්තුති කරන්න මෙය අවස්ථාවක් කරගන්නවා. රට වෙනුවෙන්, පාර්ලිමේන්තුව වෙනුවෙන්, ආණ්ඩුව වෙනුවෙන් ස්තූති කරනවා. මොකද මේ පියවර ගත්ත නිසා දැන් රටේ ආර්ථික ප්‍රශ්න විසඳන්න අපට පුළුවන්. ජීවන වියදම වැඩි වෙලා, ගමන් බිමන් සීමා වෙලා මේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට අපි පියවර ගනිමින් සිටිනවා.
ලබන අවුරුද්ද වෙනකොට රටේ ස්ථාවරභාවයක් ඇති කරන්න නම් ඒක කරන්න තියෙන්නේ පාර්ලිමේන්තුවේ. ඔබ එය ආරක්ෂා කරන්න වැඩකටයුතු කරලා තිබෙනවා. පාර්ලිමේන්තුවට වැඩ කරන්න ඉඩ දීලා තිබෙනවා.
විශේෂයෙන්ම ඔබ සියලුදෙනාම ගුවන් සංක්‍රමණික බල සේනාවට අයිති අය. ඒ ගැනත් මම වචන ස්වල්පයක් කතා කරන්න ඕන. මොකද එය අපේ රටේ තිබෙන ප්‍රධාන ඒකකයක් හැටියට තමයි සලකන්නේ.
එදා 1992, 93 වර්ෂයේ මෙම බල සේනාව ඇති කරන්න ඕන කියලා අපි සාකච්ඡා කළා. එම වකවානුවේම මම ඔක්තෝබර් මාසයේ ලන්ඩන් නුවරට ගියා. ලන්ඩන් නුවරදී ජෙනරල් මයිකල් රෝස් මට හමු වුණා. එතුමාව මට හඳුන්වලා දුන්නේ ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව. ඒ සමග ජෙනරල් රණතුංග, ජෙනරල් ආටිගල හිටියා. එතුමා එතනදි කිව්වා මෙහෙම ඒකකයක් ආරම්භ කරන්න කියලා. එවකට යුද හමුදාපති වෛද්‍යරත්න මැතිතුමාට ඒ වැඩකටයුතු පවරලා ඊට පස්සේ ජෙනරාල් ජෙරී සිල්වා බලකාය ආරම්භ කරලා මේ වැඩකටයුතු හොදට ඉදිරියට ගෙන ගියා. එදා ආරම්භ කරපු දේ ඉදිරියට ගෙන යාම ගැන අපි විශේෂයෙන්ම සතුටු වෙනවා.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කතානායක මහින්ද යාපා අබේවර්ධන, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරු සහ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
#උපුටා ගැනීමකි

At the end of Day 2, Sri Lanka lead by 40 runs.
17/07/2022

At the end of Day 2, Sri Lanka lead by 40 runs.

- 2022.07.17 -  Approved power interruption schedule July 18th to 19th
17/07/2022

- 2022.07.17 -

Approved power interruption schedule July 18th to 19th

Address

Colombo
Colombo

Alerts

Be the first to know and let us send you an email when Akuna TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share


Other News & Media Websites in Colombo

Show All