Kelidharaa

Kelidharaa Most Inspiring Sports Newspaper
We Provide Wide Range of News on All Sports

Avishka Fernando reaches his fifty off 64 balls, takes Sri Lanka to 160/1 in 34 overs
07/08/2024

Avishka Fernando reaches his fifty off 64 balls, takes Sri Lanka to 160/1 in 34 overs

පැරිස් ඔලිම්පික් - මලල ක්‍රීඩා 🇱🇰අවුරුදු 28කට පසු පිරිමි මීටර 400 ඉසව්ව වෙනුවෙන් සහභාගි වූ ශ්‍රී ලංකාවේ කෙටිදුර ධාවන ශූර...
05/08/2024

පැරිස් ඔලිම්පික් - මලල ක්‍රීඩා 🇱🇰

අවුරුදු 28කට පසු පිරිමි මීටර 400 ඉසව්ව වෙනුවෙන් සහභාගි වූ ශ්‍රී ලංකාවේ කෙටිදුර ධාවන ශූර අරුණ දර්ශනඅවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි.🇱🇰🥺

එය අරුණ වාර්තා කළ හොඳම කාලය ද වේ. 44.99s

අපේ කොල්ලා දිනුම් 🇱🇰🥺🙏🫡

1991 න් පස්සේ ආයේත් දකුනු ආසියානු කාන්තා වොලිබොල් රන් පදක්කමක් මේ පොඩි කෙල්ලෝ ටිකගෙන් අපිට පෙන්න අරන් තියෙනවා.හැබැයි ඒක ...
23/07/2024

1991 න් පස්සේ ආයේත් දකුනු ආසියානු කාන්තා වොලිබොල් රන් පදක්කමක් මේ පොඩි කෙල්ලෝ ටිකගෙන් අපිට පෙන්න අරන් තියෙනවා.

හැබැයි ඒක දුර ගමනක්,ඒකට මේ කණ්ඩායම රැකගෙන ඉදිරියට ගෙන යන එක බලධාරීන්ගෙ වගකීමක්.අවසන් තරග්ය ජයගන්න හදවතින්ම සුභ පතන ගමන්ම අනිවාර්‍යෙන් කියන්න ඕනේ තරගය පරාජය උනත් ලංකාවේ කාන්තා වොලිබෝලයේ අලුත් පිටුවක් පෙරලන වග ඔයාලා මේ තරගාවලියෙන් අපිට පෙන්නුවා,කාන්තා වොල්වොල් අනාගතය සුභයි කියන මේ කැණ්ඩායම අපිට පෙන්නුවා.

පුහුනුකරු අමිල විජේපාල ගැන කිව්වේ නැතිඋනොත් මේ පොස්ට් එක සම්පුර්ණ නෑ.

වසර ගනනාවක් සටන් කරලා තමන් කවුද තමන්ට පුලුවන්ද මොනවාද කියන එක ලැබුන අවස්තාව අත් දේක්නම අරගෙන මුලු ලංකාවටම පෙන්නලා තියෙනවා.

ඉතින් අවසන් තරගය ජය ගන්න අපි හැමෝම අපි පොඩි කෙල්ලෝ ටිකට සුභ පතමු SLV 🇱🇰

ලංකාවෙ ගැහැනු ක්‍රිකටර් කෙනෙක්ගෙ මැච් ෆී එක $750 යි. දින්නොත් $250ක බෝනස් එකක් දෙනව. මේ ODI සහ T20I දෙකටම. පිරිමි ක්‍රික...
22/07/2024

ලංකාවෙ ගැහැනු ක්‍රිකටර් කෙනෙක්ගෙ මැච් ෆී එක $750 යි. දින්නොත් $250ක බෝනස් එකක් දෙනව. මේ ODI සහ T20I දෙකටම.

පිරිමි ක්‍රිකටර් කෙනෙක්ගෙ ODI මැච් ෆී එක $5000 යි. T20I මැච් ෆී එක $3750 යි. Test මැච් ෆී එක පැරදුනොත් $10000 යි දින්නොත් $15000යි ඩ්‍රෝ වුනොත් $12500 යි.

අද ඉන්දියාවෙන් නිව්ස් එකක් එනවා පිරිමි සහ ගැහැනු ක්‍රිකටර්ස්ලගෙ මැච් ෆී එක සමාන කලා කියලා. Women's ODI team ranking වල ඉන්දියාව 4. ලංකාව 5.

අපිත් සමාන කරන්නම කියන්න ඕනෙ නැහැ (දැන්ම). ඒත් වැඩි කරන්න කියන්න පුලුවන් (දවසක සම කරමු). Women's cricket දිරිමත් කරන්න, නගා සිටුවන්න, වඩා හොඳ පහසුකම් සලසන්න, ප්‍රවර්ධනය කරන්න කියන්න පුලුවන්. පොදුවේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ ගැහැනුන්ට වෙන වෙනස්කොට සැලකීම් අවම කිරීම වෙනුවෙන් වැඩ කරන්න කියන්න පුලුවන්. අනික චමරි අතපත්තු අවධාරණයෙන් ඉල්ලන දේ.. මැච් බලන්න එන්න කියන්න පුලුවන්. (free entrance මං හිතන්නෙ)

19/07/2024

චක්‍රලේඛක කුණු බකියට, ක්‍රීඩා උළෙළ වල පල්ලට |

19/07/2024

මීටර් 400 රන් පදක්කම අපේ ඔලිම්පික් කෙල්ලට

17/07/2024

Real news

😂😂😂     Credit to first owner
16/07/2024

😂😂😂

Credit to first owner

1937 දෙසැම්බර් මස ලන්ඩනයේ Stanford Bridge ක්‍රීඩාංගනයේදී Chelsea FC කණ්ඩායම සහ Charlton FC සමග පැවති පාපන්දු තරගය දැඩි ම...
16/07/2024

1937 දෙසැම්බර් මස ලන්ඩනයේ Stanford Bridge ක්‍රීඩාංගනයේදී Chelsea FC කණ්ඩායම සහ Charlton FC සමග පැවති පාපන්දු තරගය දැඩි මීදුම හේතුවෙන් තරගය 60 වැනි මිනිත්තුවේදී නතර කර අත්හැර දමන ලදී.

අවාසනාවන්ත ලෙස, Charlton FC පුරාවෘත්ත ගෝල රකින්නා, Sam Bartram මේ බව නොදැන තරඟය නතර කිරීමෙන් පසු තවත් විනාඩි පහළොවක් ගෝල කණුව ආරක්ෂා කළේය.
ඔහු පිටුපසින් සිටි සෙනඟ නැගි ඝෝෂාව නිසා විනිසුරුගේ විසිල් හඬ ඔහුට ඇසුණේ නැත.
තම සගයන් ප්‍රතිවාදීන්ගේ ගෝලයට පහර දෙනවා යැයි සිතූ නිසා නොදැනුවත්වම ඔහු දෑත් දිගු කර මීදුම තුළ සම්පූර්ණයෙන්ම අවධානය යොමු කරමින් ගෝලය අසල සිටියේය.

තරගය අතහැර දමා විනාඩි පහළොවකට පසු ක්‍රීඩාංගණ පොලිසිය ඔහු වෙත පැමිණ විනාඩි පහළොවකට පෙර තරගය නතර කළ බව දන්වා සිටියේය.
එම අවස්ථාවේ සෑම් බාර්ට්‍රම් මේ ප්‍රසිද්ධ ශ්‍රේෂ්ඨ වදන් කීවේ මහත් දුකකිනි.
"HOW SAD THAT MY FRIENDS FORGOT ME WHEN I WAS GUARDING THEIR GATE."
"මම ඔවුන්ගේ ගේට්ටුව ආරක්ෂා කරන විට මගේ මිතුරන්ට මාව අමතක වීම කොතරම් කණගාටුදායකද."



අප සැමගේම ජීවිත ක්‍රීඩාවත් මෙවැනිය. අප අවට බොහෝ දෙනාගේ ඉලක්ක අපි උද්යෝගයෙන් සහ සහයෝගයෙන් ආරක්ෂා කරන නමුත් තත්ත්වය මීදුම රැල්ලක් බවට පත් වූ විට ඇතැමුන් අපව අතහැර යනු ඇත.

උපුටාගැනීම අන්තර්ජාලයෙනි ෴

ඔලිම්පික් යන ශ්‍රීලංකා පිල
13/07/2024

ඔලිම්පික් යන ශ්‍රීලංකා පිල

* ක්‍රිකට් ගහන කාලේ ලෝක වාර්තා තිබ්බා, ලෝක කුසලානයක් ගෙනාවා, රට වෙනුවෙන් නායකත්වය ඉසිලුවා, එච්චරයි...* හම්බ කරපු සල්ලි ව...
13/07/2024

* ක්‍රිකට් ගහන කාලේ ලෝක වාර්තා තිබ්බා, ලෝක කුසලානයක් ගෙනාවා, රට වෙනුවෙන් නායකත්වය ඉසිලුවා, එච්චරයි...

* හම්බ කරපු සල්ලි වලින් පොඩියට කකුළුවො කඩයක් දෙකක් දැම්මා, ඉතිරිය ආයෝජනය කළා...

* ඉගෙන ගන්න කාලේ ඉගෙන ගත්තා ඇට්ටි හැලෙන්නම...

* කට්ටිය ට්‍රයි කළා දේශපාලනේට ගෙන්න, එත් පොර පාඩුවේ හිටියා...

* ක්‍රිකට් වලින් පස්සේ පාඩුවේ ගෙදර ගියා, දැන් පාර්ට් ටයිම් රස්සාවක්‌ විදිහට ඉන්දියාවේ තියන රාජස්තාන් රෝයල් කියන පොඩි ක්ලබ් එකක Director කමක් ගත්තා. ඊට අමතරව එන්න කිවොත් විතරක් ගිහින් ක්‍රිකට් විස්තර විචාරයක්‌ දෙකක් කරනවා.

* පදිංචි වෙලා ඉන්නෙත් එංගලන්තේ පුංචි ගමක, එහෙ ග්‍රිස්ම කාලෙට සෙනසුරාද හවසට කොල්ලෝ එක්ක බෝල පාරක් ගහනවා... බෝල ගහන්න කලින් පිටියේ හා තණතිල්ලේ රෝල ගහන්නෙත් තණ කොළ ටික කපන්නේත් එයාමයි...

* පදින්නෙත් ලොකු වාහන නෙමෙයි, පෙට්‍රල් පෝලිමේ ඉන්න ඕනෙත් නැ කියලා ගෙදරදීම චාර්ජ් කරගන්න පුළුවන් KIA ජීප් එකක්...

* අනවශ්‍ය ලෙස දේශපාලනයට හො අසුචි වලක ඉන්න ශ්‍රී ලංකා ක්‍රිකට් හදන්න ඇම්මක් තිබ්බෙත් නැ, "දැනට" ...තමන්ගේ පාඩුවේ ජීවත් වෙනවා... 😍

සැයු : පච්ච කොටලා නැ, කරාඹු දාලා නැ, කොන්ඩේ පාට කරලා නැ, කොන්ඩේ ටිකක් වවන් හිටියා 2002-2003 කාලේ. එච්චරයි..😂

එහෙනම් කොල්ලො අපි ගියා
11/07/2024

එහෙනම් කොල්ලො අපි ගියා

චමරිගේ ඉන්ටවිව් එක බැලුවා. ස්පෝට් එකකට ආස කුඩා දරුවෙක් මැච් එකක් බලන ගමන් මාත් කවදහරි මේ වගේ සෙනග ගොඩක් මැද කප් එකක් ගන්...
05/07/2024

චමරිගේ ඉන්ටවිව් එක බැලුවා.

ස්පෝට් එකකට ආස කුඩා දරුවෙක් මැච් එකක් බලන ගමන් මාත් කවදහරි මේ වගේ සෙනග ගොඩක් මැද කප් එකක් ගන්නවා කියලා එන ජයග්‍රහනයේ නොනිවෙන ගින්න, මේ වෙද්දිත් ඇතිවෙන්න දේවල් දිනලා තියන චමරි ඇතුළෙ තාමත් ඇවිලෙනවා.

චමරි කියනවා. ‘’අපි ලස්සනට ස්ටාට් කරනවා, අගත් හිතනවා. නමුත් මැද ටික හිතන්නෑ. පටන් ගන්නකොට තියන උනන්දුව කැපවීම කරගෙන යනකොටත් ඒ විදිහටම තියෙන්න ඕනෙ.
‘’සෙරීනා විලියම්ස් කියන්නෙ චැම්පියන් කෙනෙක් කියන්නෙ ජයග්‍රහණය කරන කෙනා නෙමෙයි. ජයග්‍රහණය කරලා පැරදුනම කොච්චර ඉක්මනට තමන්ව නැගිට්ටවගන්න කෙනා.
පේලෙ උදේපාන්දර නැගිටිනකොට උදේ නැගිටීම කරදරයක් කියලා හිතනකොට මේ වෙලාවෙ මේ කරන කැපකිරීම තමයි ජීවිතේ ඉතුරු කාලෙ මාව චැම්පියන් කෙනෙක් කරන්නෙ.’’

මේ චමරිගෙ වචන. එයා මේ කතා ඔක්කොම කියවලා ගත්ත දේවල්. ඇය කියනවා තමන් පොත් කියවනවා. ක්‍රීඩකයන්ගෙ චරිත කතා කියවනවා කියලා.

‘’හැමදාම උදේ නැගිටිනකොට ඩ්‍රීම් එකක් තියනවා.
මෙ දවස්වල තියන පර්සනල් එක odi, t20 එකපාර නම්බර් 01 වෙන එක.
අවෝර්ඩ්ස් 3 ටම මේ පාර නොමිනේට් වෙනවා, odi, t20, icc, මට ඕනෙ තුනම එකපාර ගන්න.’’

‘’මට ඕනෙ මම ඉද්දි මගේ ටීම් එකේ ළමයි එක්ක, මගේ ස්ටාෆ් එක එක්ක ලෝක කුසලානෙ මගේ රටට ගෙනල්ලා දෙන්න.
සිහිනය දකිනවා, මහන්සි වෙනවා, කරන දේට අවංකනම්, ගන්න ඩිසිෂන්ස් අවංකනම්, හරි තීරණ ගන්නවනං අපිව එතනට ගෙනියනවා.
මම කරන දේට අවංකයි. මගේ එෆර්ට් එක 200%ක් දානවා, මං ඒකයි මාධ්‍ය ඉස්සරහට එන්නෙ නැත්තෙ.
If someone say it can’t be done, be the first to do it - Whatsapp දාගෙන ඉන්නෙ මේක’’

‘’කැපකිරීම 90% යි, වාසනාවට බාර දෙන්න බෑ, එහෙනං ලොතරැයි ගන්න ඕනෙ’’

චමරිගෙ ක්‍රීඩාව සම්බන්ධයෙන් අපි හැමෝම දන්නවා වුණාට මේ කතාව ඇතුලෙ චමරිගෙන් දැක්ක වටිනම දේ එයා කතා කරන විදිහ.

Public Speaking වලදි කියන වැදගත්ම දේ තමයි confidence එක. ඒක නිකන් හැදෙන්නෙ නැහැ. තමන් කියන දේ ගැන තමන් කොච්චර දන්නවද කියන දේ මත තමයි ඒක තීරණේ වෙන්නෙ. ඔන්න ඔයා කැප්ටන් කියන්ලා නම ඉස්සරහා C අකුර වැටුණම එන දෙයක් නෙමෙයි. දීර්ග කාලීන මානසික, කායික අභ්‍යාසයක ප්‍රථිඵලයක්, ඇය නායකයෙක් විදිහට කොච්චර ඉස්සරහින්ද ඉන්නෙ කියලා තේරුම් යනවා, නිවේදකයගෙ කතාව ඇතුළෙ ටීම් එකේ ඉන්න තාම ඉස්කෝල යන වයසෙ ජූනියර්ම ක්‍රීඩිකාවො ගැන කියනකොට.

චමරිගෙ ඇස් දිළිසෙනවා.

‘’පොඩි අයගෙ නම් කියද්දි මට සතුටුයි.’’

ඇයට මේක විශේෂ වෙන්නෙ චමරිලා ඒ වයසෙදි ගෑnuන්ට මොන ක්‍රිකට්ද කියලා ඇහුණ තැනක ඉඳන් අද චමරි කීයද කියලා හොයන තැනට වෙනකන් කාන්තා ක්‍රිකට් ඇවිල්ලා තියන හින්දා.

මැච් දින්නම රටට කීර්තියක් හම්බෙනවා, ප්‍රේක්ෂකයො සතුටු වෙනවද වගේ දේවල්වලට අමතරව චමරි මෙහෙම දෙයක් කියනවා,

‘’මගේ ජොබ් එක තමයි අපි සෙල්ලං කරන එක, මැච් දිනලා ටීවී එකේ පෙන්නද්දි පොඩි දරුවො ආස වෙන එක, ගෙදර දියණියො ඒවා බලන එක. මං මේ වෙලාවෙ ඒක කරනවා, අපේ තරග පෙන්නද්දි තව දරුවො ආස වෙන්න පුළුවන්.
චමරි ගැහුවොත් දිනන මතය මෑත කාලයේ තරග මගේ කන්ට්‍රිබියුෂන් එකක් නැතුව දිනලා තියනවා.
මං නැතුව දිනන්න පුළුවන් කණ්ඩායමක් හැදෙන එක.

ඒවා බලාගෙන යංග්ස්ටර්ස්ලගෙ වගකීම ඒ වගකීම ගන්න එක.’’

චමරි තමන්ගෙ කතාව පුරාවටම තමන් මානසිකව කොච්චර ඉස්සරහින්ද ඉන්නෙ, සහ කොච්චර හොඳ නායකයෙක් ද කියලා ඔප්පු කරගෙන ඕස්ට්‍රේලියාවට 178 ක් ගhaපු ඉනිම වගේ බැට් කරගෙන යනකොට ෆිට්නස් ගැන යෝකර් එකක් වැටෙනවා.

මම ටීම් එකේ අවුරුදු 14ක් !
මං අදත් 23 න් පහළ ක්‍රීඩිකාවො 4 දෙනෙක් එක්ක දුවලා ආවෙ. මං ට්‍රේනටත් කියලා හිනාවුණා…’’

හැම ක්‍රීඩකයෙක්ටම ප්‍රශ්ණයක්වුණ සෝෂල් මීඩියා ගැන ප්‍රශ්ණයක් අහනවා.

චමරිගෙ උත්තරේ,

‘’පාන්දර 5 ට හැමදාම නැගිටිනවා. ට්‍රේනින් ෂෙඩියුල් ප්ලෑන් කරනවා. පෝන් ආන්සර් කරන්නෑ කියලා චෝදනා තියනවා
මේක මගෙ රස්සාව. මං වෘත්තීය ක්‍රීඩිකාවක්. මං කරන වැඩේ හරියට කරනවා, සෝෂල් මීඩියා හරි කොහෙහරි හොඳ දෙයක්නං ගන්නවා.
මගෙ වැඩත් එක්ක කොහොමත් ඕවා ගැන හිතන්න වෙලාව නෑ මට.’’ කියලා.

ලෝකෙ නම්බර් වන් වෙලා බිග් බෑෂ් එකේ අතිරේක ක්‍රීඩිකාවක් විදිහට ප්‍රතික්ෂේපවීම් වෙද්දි මොකද කළේ කියද්දි,

‘’මට ඒවා කන්ට්‍රෝල් කරන්න බෑ, හැබැයි මට මගෙ බැට් එක , බෝලෙ කන්ට්‍රෝල් කරන්න පුළුවන්.
තමන්ගෙ ක්‍රියාව සහ ඉලක්කම් වචන වලට වැඩිය හොඳට කතා කරනවා.’’

———
මේ ඉන්ටවිව් එක බලනකොට කාටහරි හිතෙන්න පුළුවන් කවුරුහරි ක්‍රීඩකයෙක්ට පුටුවක බැඳලා මේ ඉන්ටවිව් එක ටීවී එකක දාලා පෙන්නුවොත් හොඳයි කියලා. නමුත් මං හිතන්නෙ නැහැ ඒක එහෙම ප්‍රයෝජනවත් වෙයි කියලා. මොකද ඒකට උත්තරේ චමරිගෙ කතාව ඇතුළෙ තියනවා. ‘’කරන දේට අවංකනම්, ගන්න ඩිසිෂන්ස් අවංකනම්, හරි තීරණ ගන්නවනං අපිව එතනට ගෙනියනවා’’

අපි දන්නෙ නැහැ යම් දවසක විශ්‍රාමික චමරි, සංගක්කාර කෙනෙක් වෙයිද, අර්ජුන කෙනෙක් වෙයිද කියලා. ඒක අනාගතයට බාර දෙමු. ඒක චමරිගෙ තීරණයක්.

නමුත් පිරිමි වෙනුවෙන් වෙන් වුණ ස්පෝට් එකක, ගෑnuන්ට මොන ක්‍රිකට් ද කියලා කතන්දර අහගෙන ගොකරැල්ලෙ ඉඳන් බස් එකක ඇවිල්ලා, ඔක්කොම කනපිට හරවලා ලෝකෙ හොඳම ක්‍රීඩිකාව වෙන්න හැමෝටම බැහැ. ඒ ඉතිහාසය චමරි වෙනුවෙන් සටහන් කළ යුතුමයි .
———

අවසාන ප්‍රශ්ණය වැදගත් ක්‍රිකට්වලට විතරක්ම නෙමෙයි.



චමරි දැන්ම අයින් වෙයිද.?

‘’ඇයි යන්නෙ කියලා අහනකොට යන එක තමයි වෙන්න ඕනෙ.’’

" රෝහිත් ඉන්දියාවේ හොඳම පිතිකරුවන්ගෙන් කෙනෙක් " 🗣️  කාගිසෝ රබාඩා" මම හැමතිස්සෙම රෝහිත් ගෙ රසිකයෙක්, ඔහු නිර්භීතයි "🗣️ මහ...
29/06/2024

" රෝහිත් ඉන්දියාවේ හොඳම පිතිකරුවන්ගෙන් කෙනෙක් "
🗣️ කාගිසෝ රබාඩා

" මම හැමතිස්සෙම රෝහිත් ගෙ රසිකයෙක්, ඔහු නිර්භීතයි "

🗣️ මහරාජ්

" රෝහිත් ට ලැබිලා තියනවා අදහාගත නොහැකි ක්‍රිකට් මනසක්, මම කැමතියි මේ ක්‍රීඩාව ගැන ඔහුත් එක්ක සාකච්ඡාවක් කරන්න ලැබෙනවා නම් "

🗣️ ක්ලාසන්

t20

24/06/2024

Afghanistan කණ්ඩායම ට එරෙහිව පැවති තරඟය පරාජය වීමත් සමඟ මාධ්‍යට අදහස් දැක්වූ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩකයන් සහ හිටපු ක්‍රීඩකය...
23/06/2024

Afghanistan කණ්ඩායම ට එරෙහිව පැවති තරඟය පරාජය වීමත් සමඟ මාධ්‍යට අදහස් දැක්වූ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩකයන් සහ හිටපු ක්‍රීඩකයන්.

Courtesy - First owner

23/06/2024

🚨 Breaking News

The ICC has clearly told the Indian Cricket Board that the Champions Trophy 2025 will be played in Pakistan, the question of a hybrid model does not arise, if the Indian cricket team does not come to Pakistan then Sri Lanka will qualify. - Pakistan Media -

According to the Source from BCCI, 2025 edition will be held in India and Sri Lanka as per ICC decision.

Address

Lloyd Street
Colombo

Alerts

Be the first to know and let us send you an email when Kelidharaa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share