Amila Prabodha

Amila Prabodha Choose a Chance to CHANGE..! 🖤🌹🖤

⭕     ගෙවීම්වල නව යුගයක් සනිටුහන් කරමින්,   ලබන 07 වැනිදා සිට ක්‍රියාවට නංවන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.ඒ, රාජ්‍ය සේව...
03/02/2025



ගෙවීම්වල නව යුගයක් සනිටුහන් කරමින්, ලබන 07 වැනිදා සිට ක්‍රියාවට නංවන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ, රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ මූලික පියවර ලෙස "GovPay" පහසුකම හඳුන්වා දෙනු ඇති.

ආරක්ෂිත සහ කාර්යක්ෂම Digital ක්‍රමවේදයක් ඔස්සේ බාධාවකින් තොරව ගනුදෙනු කිරීමට හැකි වන පරිදි, රජයේ ආයතන හරහා සිදු කෙරෙන ගනුදෙනු විධිමත් කිරීම හා නවීකරණය එමඟින් අපේක්ෂා කෙරේ.

©

03/02/2025

#අඳුරනවද බලන්න. ❤️ 🔥

ඊළඟ දවස් 03 ත් දූෂිත වායුවල බලපෑම ලංකාවට එන්න පුඵුවන්. පහුගිය මාසේ මීදුමක් වගේ බලපාපු අයහපත් කලගුණ තත්ත්වය වගේම තක්ත්වයක...
03/02/2025

ඊළඟ දවස් 03 ත් දූෂිත වායුවල බලපෑම ලංකාවට එන්න පුඵුවන්. පහුගිය මාසේ මීදුමක් වගේ බලපාපු අයහපත් කලගුණ තත්ත්වය වගේම තක්ත්වයක් ඇති වෙන්න යම් ඉඩක් තියෙනවා. ඉතින්, මේ ගැන සැළකිලිමත් වෙලා, ඔයාලගේ වැඩ ටික Plan කරගන්න.

එළියට යනවා නම්, වගේ හොඳ එකක් පළඳින්න.

©

 #ජපුර ❤️
03/02/2025

#ජපුර ❤️

😁
03/02/2025

😁

 #කැරපොත්තන්ගේ න්‍යාය.! 🪳✨️ස්වයං-සංවර්ධනය සඳහා කැරපොත්තන්ගේ න්‍යාය. 🪳අවන්හලකදී, කැරපොත්තෙකු හදිස්සියේම කොහේ හෝ සිට පියාස...
03/02/2025

#කැරපොත්තන්ගේ න්‍යාය.! 🪳✨️

ස්වයං-සංවර්ධනය සඳහා කැරපොත්තන්ගේ න්‍යාය. 🪳

අවන්හලකදී, කැරපොත්තෙකු හදිස්සියේම කොහේ හෝ සිට පියාසර කර කාන්තාවක් මත වැසුවාය.

ඇය බියෙන් කෑගසන්නට වූවාය.

තැතිගත් මුහුණින් සහ වෙව්ලන කටහඬින් ඇය එහාට - මෙහාට පනින්න පටන් ගත්තේ අත් දෙකෙම ගසමින්, කැරපොත්තාගෙන් මිදෙන්නට දැඩි උත්සාහයක නිරත වෙමිනි.

ඇගේ කණ්ඩායමේ සියලු දෙනා ද කලබලයට පත් වූ බැවින්, ඇයගේ ප්‍රතිචාරය අනෙක් අයටද බෝවන සුළු විය.

අවසානයේ කැරපොත්තා තමාගෙන් ඉවතට වීසි කිරීමට කාන්තාව සමත් වූ නමුත්, කණ්ඩායමේ සිටි තවත් කාන්තාවක් මත වැසීය.

දැන් නාට්‍යය දිගටම කරගෙන යාමට කණ්ඩායමේ අනෙක් කාන්තාවගේ වාරය පැමිණ තිබේ.

වේටර්වරයා ඔවුන් බේරා ගැනීමට ඉදිරියට දිව ආවේය.

වීසි කිරීමේ තට්ටු මාරුවේ කැරපොත්තා ඊළඟට වැටුණේ, වේටර්වරයා මතටය.

වේටර්වරයා නොසෙල්වී සිට, සන්සුන් විය. ඔහු ඔහුගේ කමිසය මත සිටින කැරපොත්තාගේ හැසිරීම නිරීක්ෂණය කළේය.

ඔහුට හොඳටම විශ්වාසයක් ඇති වූ විට, ඔහු තම ඇඟිලිවලින් කැරපොත්තා අල්ලා, අවන්හලෙන් පිටතට ගෙන ගොස් වීසි කළේය.

මම මගේ තේ කෝප්පය තොල ගාමින් - විනෝදයෙන් නරඹමින් සිටි මගේ මනසේ ඉස්මතු වූ සිතුවිලි කිහිපයක් විමංසනය කරන්නට වීමි.

⛔ ඔවුන්ගේ මීට පෙර හැසිරීමට වගකිව යුත්තේ කැරපොත්තාද..? 🤔 🪳

එසේ නම්, කැරපොත්තා නිසා වේටර්වරයා කලබල නොවූයේ මන්ද..? 🤔

ඔහු කිසිදු අවුල් ජාලයකින් තොරව, කරදරය අවසානයකට පත් කලේය.

සත්‍ය වශයෙන්ම කැරපොත්තා නෙවෙයි අවුල. ඒ මිනිස්සුන්ට කැරපොත්තා නිසා ඇතිවෙන කලබලය දරාගන්න බැරිකම තමයි අවුල.

✨️ ඔබේ පියාගේ - ඔබේ ප්‍රධානියාගේ - ඔබේ සහකාරයාගේ - සහකාරියගේ කෑගැසීමෙන් හෝ හැසිරීමෙන් ඔබට කරදරයක් නොවෙයි. ඔවුන්ගේ කෑගැසීමෙන් ඔබගේ චිත්ත සන්තානයේ ඇති වන රළ කම්පන දරා ගැනීමට නොහැකි වීම නිසා, ඔබ කලබල වන බව මට වැටහුණි. 😇

ඔබට බාධා කරන්නේ පාරේ වාහන තදබදය නොව, මාර්ග තදබදය නිසා මනසට ඇති වන නිෂේධනාත්මක සිතිවිල්ල හඳුනා ගැනීමට නොහැකි වීම නිසා සහ ඒ සඳහා කුසලතාවයක් දක්ෂභාවයක් නොමැති වීම නිසා ඇති වන්නා වූ බාධාවයි.

ගැටලුවට වඩා ඔබේ ජීවිතයේ අවුල් ඇති කරන ප්‍රධාන හේතුව, ගැටලුව කෙරෙහි ඔබේ ප්‍රතික්‍රියාවයි.

⭕ කතාවෙන් උගත යුතු පාඩම්. 👇

🔹 නිතරම සතිමත් වීම. (Mindfulness)

🔹 ජීවිතයේ ප්‍රතික්‍රියාවන් නොකළ යුතුය. (Non- reaction)

🔹 ප්‍රතිචාර දක්වන්න. නමුත්, ප්‍රතික්‍රියා නොකරන්න.

🔹 ප්‍රතික්‍රියාව සෑම විටම පැරණි පුරුදු ඔස්සේ වන අතර, ප්‍රතිචාරය සෑම විටම ප්‍රඥාගෝචරය.

🔹 ජීවිතය මොහොතින් මොහොත ගත කරන්න.

🔹 ප්‍රසන්න මානසිකත්වයෙන් සිටින පුද්ගලයා සෑමවිටම ප්‍රබෝධමත්ව සිටින්නේ ඔහුගේ ජීවිතයේ සෑම දෙයක්ම ඔහුට කැමති - රුචි අයුරින් සියල්ල සිදුවන නිසා නොවේ, ඔහුගේ ජීවිතයට පැමිණෙන ඕනෑම දෙයක් ගැනම ඔහු දරණ ආකල්පය නිවැරදි නිසාය. (පැමිණෙන දුක් පැණි රසයි.)

©

03/02/2025
🙂
03/02/2025

🙂

මේ Photo එකේ යටින් තියෙන්නෙත්, උඩ මූණමයි. Phone එක උඩ - යට මාරු කරල බලන්න.! 😱
03/02/2025

මේ Photo එකේ යටින් තියෙන්නෙත්, උඩ මූණමයි. Phone එක උඩ - යට මාරු කරල බලන්න.! 😱

  🙂
03/02/2025

🙂

Address

Colombo
01000

Alerts

Be the first to know and let us send you an email when Amila Prabodha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share