Social eye

Social eye සඟරාමය ෆේස්බුක් පිටුව

31/01/2025
ප්‍රකට මාධ්‍යවේදියෙකු වූ රිචඩ් ද සොයිසා ආරක්ෂක අංශ මගින් ඝාතනය කළේ රාජගිරිය වැලිකඩ වත්තේ 1990 පෙබරවාරි 18 අළුයම 3.30ට පැ...
31/01/2025

ප්‍රකට මාධ්‍යවේදියෙකු වූ රිචඩ් ද සොයිසා ආරක්ෂක අංශ මගින් ඝාතනය කළේ රාජගිරිය වැලිකඩ වත්තේ 1990 පෙබරවාරි 18 අළුයම 3.30ට පැහැර ගැනීමෙන් පසුවය. ඉහළ මධ්‍යම පන්තියට අයත් රිචඩ් උපන්නේ 1958 මාර්තු 18ය. ඔහු මාධ්‍යවේදියෙක්, ලේඛකයෙක්, නිවේදකයෙක්, රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකයෙක්, රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදකයෙක්, සිනමා නළුවෙක්, වේදිකා රංඟ ශිල්පියෙක් සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයෙක් වශයෙන් කටයුතු කල අයෙකි. යුගාන්තය සහ සත්‍යග්‍රහය ඔහු රඟපෑ සිනමා නිර්මාණ වූ අතර යශෝරාවය ටෙලි නාට්‍යයෙන් ඔහුගේ රංගන කුසලතා විදහා දැක්විණි.

රිචඩ් නාවල වැලිකඩවත්තේ නිවසේ සිටියදී 1990 පෙබරවාරි 18 අලුයම 3.30ට පැහැරගත්තේය. රිචඩ්ගේ මවට කියා නිවසේ දොර බලෙන් ඇරවාගත් ආයුධ සන්නද්ධ කණ්ඩායම උඩුමහළට ගොස් සරම පිටින්ම සිටි රිචඩ්ව ඇදගෙන ගොස් අංක 32ශ්‍රී 4748 දරණ කොලපාට ජිප් රථයට නංවා ගන්නා ලදී. රිචඩ්ගේ මව පැහැරගැනීම ‍පිළිබදව වැලිකඩ පොලිසියට පැමිණිලි කළේ අලුයම 4.15ටය. පැහැරගෙනයාම දුටු අනෙක් 6 දෙනා වූයේ ඉන්ටර්ප්‍රෙස් ප්‍රවෘත්ති සේවයේ මාධ්‍ය සහායක ගාල්ලේ ඇලටිය විතානගේ කරුණාදාස සහ ඔහුගේ බිරිද එල්. එම්. මල්ලිකා, වෛද්‍ය සරවණමුත්තුගේ ගෘහ සේවිකාව වූ සරස්වතී සමඟින් යට තට්ටුවේ පදිංචිව සිටි ඇල්ලේපොල යුවල සහ අසල් වැසියෙකු වූ උනන්තැන්නය.

පසුව රිචඩ් ද සොයිසාගේ සිරුර හමු වූයේ 1990 පෙබරවාරි 19 පස්වරු 4ට පමණ මොරටුව කොරළවැල්ල දුම්රිය ස්ථානය අසළ මුහුදු වෙරළිනි. මුහුදේ රළගෙඩි අතරින් පාවීඑන නිරුවත් මිනිසෙකුගේ සිරුරක් ප්‍රථමයෙන් දුටුවේ ධීවර බෝට්ටු හිමියෙකු වන මාකස් ප්‍රනාන්දුය. ඔහුගේ සොහොයුරු නිමල් ප්‍රනාන්දුද ඒ අසළ විය. බෙහෙවින් ඉදිමී තිබූ එම මළසිරුර හඳුනා ගැනීම අසීරු විය. මොරටුව පොලිසිය මගින් රටපුරා සෑම‍ පොලිස් ස්ථානයකටම පණිවිඩයක් යැවිණි. වැලිකඩ පොලිසියෙන් ඒ ආරංචිය රිචඩ්ගේ මවටද පස්වරු 6.00ට නිවසට පැමිණ දැන්වූයේය. කළුබෝවිල රෝහලට ගිය ඇයට සිය පුතණුවන් හඳුනාගැනීමට අසීරු වූයේ නැත.

වෙඩි 4ක් වැදී තිබිණි. පසුව අනාවරණය වූයේ 1990 පෙබරවාරි 18 අලුයම 3.30ට ජේෂ්ඨ පොලිස් අධිකාරි රොනී ගුණසිංහගේ මෙහෙයවීමෙන් පැහැරගත් රිචඩ් පැහැරගැනීමෙන් පසු එම මොහොතේම ගල්කිස්ස මුහුදු වෙරළට ගොස් ගොස් වෙඩිතබා මරාදමා ගල්දමා ගැටගැසූ මළ සිරුර මුහුදේ බෝට්ටුවක් මගින් කෙටි දුරක් ගොස් විසිකර දැමීමට කටයුතු කල බවය. රිචඩ්ගේ මෘතදේහය තැන්පත් කර තිබුණේ කාසල් වීදියේ අංක 42 දරණ ස්ථානයේ පිහිටි රිචඩ්ගේ මහගෙදරය.

රිචඩ් ඝාතනයෙන් පසු 1990 මැයි 10 රාත්‍රී 9.00ට ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති බලමින් සිටි ඔහුගේ මවට රිචඩ් පැහැරගෙන ගිය පොලිස් කණ්ඩායමේ ප්‍රධානියා සිටිනු දැකගන්නට ලැබිණි. ඒ පොලිස් පරික්ෂක ලාල් ක්‍රිෂාන්ත ධර්මසිරි රංචා‍ගොඩය. එය අධිකරණයට දැනුම් දුන් පසු මහේස්ත්‍රාත් රෝහිණී පෙරේරා නියෝග ‍කළේ ඔහු අත්අඩංගුවට ගනු ලෙසය. එහෙත් රාජ්‍ය ආරක්ෂක ඇමති රන්ජන් විජේරත්නගේ උපදෙස් අනුව එය ක්‍රියාත්මක කිරීමට පොලීසියට නොහැකි විය.

රොනී ගුණසිංහ සැලසුම අනුව රිචඩ් පැහැරගැනීමට පොලිස් පරික්ෂක ලාල් ක්‍රිෂාන්ත ධර්මසිරි රංචා‍ගොඩ පැමිණියේ සුදුපාට ෂර්ට් එකක් සහ සුදුපාට කොට කලිසමක් ඇද සුදුපාට කැප් එකක්ද දමා ගෙනය.

වසර 15කට පසු නඩුවේ තීන්දුව නිකුත්වූයේ 2005 වසරේ ‍නොවැම්බර් 9ය. රිචඩ් ඝාතනයේ චූදිතයෝ සියල්ලෝම කොළඹ මහාධිකරණය මගින් නිදොස් කොට නිදහස් කරනු ලැබීය.

1990 මාර්තු 20 විපක්ෂය මගින් ආණ්ඩුවෙන් ඉල්ලා සිටි අතර එහිදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රන්ජන් විජේරත්න කියා සිටියේ සෑම මිනීමැරුමකටම කොමිසමක් පත්කිරිමට නොහැකි බවය.
-උපුටාගැනීමකි

ICC සම්මාන අතර කිසිදා නොමියන,සංගක්කාර නාමය ! 🥺🇱🇰🔹 Men's cricketer of the year - 2012🔹 Men's Test cricketer of the year -...
30/01/2025

ICC සම්මාන අතර කිසිදා නොමියන,
සංගක්කාර නාමය ! 🥺🇱🇰

🔹 Men's cricketer of the year - 2012

🔹 Men's Test cricketer of the year - 2012

🔹 Men's ODI cricketer of the year - 2011, 2013

🔹 LG people's choice award - 2011 , 2012

🔹 ICC Men's test team of the decade inclusions !

Kumar Sangakkara ❤️

- copied -

කිරුළු නොපළන් කුමාරයා මව්බිමට සම්ප්‍රාප්ත වීම2011-12 වර්ෂය වන විට පාපන්දු ලෝකයම එක් තරුණ ක්‍රීඩකයෙක් සම්බන්ධයෙන් තමන්ගේ ...
29/01/2025

කිරුළු නොපළන් කුමාරයා මව්බිමට සම්ප්‍රාප්ත වීම

2011-12 වර්ෂය වන විට පාපන්දු ලෝකයම එක් තරුණ ක්‍රීඩකයෙක් සම්බන්ධයෙන් තමන්ගේ අවධානය යොමු කර තිබුණා. මොහු මීළඟ පාපන්දු තරුව වන බවට කිසිවෙකුත් විවාද කළේ නෑ.

5 වරක් ලෝක පාපන්දු කිරුළ දිනූ පාපන්දුව ජීවිතයම කරගත් රටක් වූ බ්‍රසීලයෙන් බිහිවන මේ තරුණ ක්‍රීඩකයා නමින් නේමාර්. ඔහු ඒ වන විට බ්‍රසීලයේ සැන්ටොස් පාපන්දු කණ්ඩායම නියෝජනය කළා.

පිටියට පැමිණි විට පාපන්දුව සහ ඔහුගේ පාදය අස්වභාවික මැජික් ගම් එකකින් ඇලවී තිබෙනවාදැයි සැක සිතෙන තරමටම නේමාර් පන්දුව පාලනය කිරීමට සමත් වුණා. ආරක්ෂක ක්‍රීඩකයන් මගහැර ගමන් කිරීම ඔහුට කිසිඳු අපහසුවක් වූයේ නෑ.

1992 පෙබරවාරි මස 05 වනදා උපත ලද ඔහු නුදුරු අනාගතයේම ඒ වන විටත් පාපන්දු ලොවේ රජ කරමින් සිටි ලියොනල් මෙසී සහ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ යුගලයට දැඩි තර්ජනයක් එල්ල කරන බවටත් අනාවැකි පළ වුණා.

2011 වර්ෂයේ සැන්ටොස් සමගින් දකුණු අමරිකානු පාපන්දු ශූරතාවය දිනාගත් නේමාර් දිනෙන් දිනෙම දිදුලමින් සිටියා. 2014 පාපන්දු ලෝක කුසලානයේ දී සමස්ථ බ්‍රසීලයේම බර පවා පැටවෙන්නේ 22 හැවිරිදි නේමාර් ගේ කර මතට.

ඒ වන විටත් 2011 දී World Soccer සඟරාව විසින් දක්ෂතම නැගී එන ක්‍රීඩකයා ලෙසින් ඔහුව නම් කර අවසන්. 2013 දී ලෝක කුසලානයට පෙර පැවැත්වෙන කන්ෆඩරේෂන් පාපන්දු කුසලානය බ්‍රසීලය ජය ගනිද්දී තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය ද නේමාර් දිනා ගත්තා.

2014 වර්ෂය අවසන් වද්දී නේමාර් ජාතික කණ්ඩායම සමගින් තරග 60 කින් ගෝල 42 ක් ලබාගෙන තිබුණා. සැන්ටොස් සමගින් තරග 225 කදී ගෝල 136 ක් ලැබූ නේමාර් ගේ මීළඟ නවාතැන්පොළ වූයේ ස්පාඤ්ඤයේ බාසිලෝනා නගරයයි.

2013 දී බාසිලෝනා සමගින් එක්වන නේමාර්, ලියොනල් මෙසී සහ ලුයිස් සුආරෙස් සමගින් එක් වී වෙනම පාපන්දු ගමනක් ආරම්භ කළා. MSN ලෙසින් හැඳින්වූ මොවුන් තිදෙනා යුරෝපීය පාපන්දුවට දැඩි තර්ජනයක් එල්ල කළා.

2013 සිට 2017 කාලය දක්වා බාසිලෝනා සමගින් ක්‍රීඩා කළ නේමාර් තරග 186 කදී ගෝල 105 ක් ලබා ගත්තා. තවමත් විශිෂ්ටයෙක් වීමට නේමාර් ගමන් කරන ගමන සම්බන්ධයෙන් කිසිවෙකුටත් ප්‍රශ්නයක් තිබුණේ නෑ.

මේ කාලයේ දී නේමාර් බාසිලෝනා සමගින් ශූරතා 8 ක් ජයග්‍රහණය කළා. එමෙන්ම බ්‍රසීල පාපන්දුවේ විශාල හිස්තැනක් වූ ඔලිම්පික් රන් පදක්කමක් ජයග්‍රහණය වෙනුවෙන් ද කණ්ඩායම රැගෙන ගියා.

සියල්ල ආරම්භ වන්නේ 2017 දී නේමාර් බාසිලෝනා කණ්ඩායමෙන් නික්ම යාමට තීරණය කිරීමෙන් අනතුරුවයි. ඒ වන විටත් සුපිරිම රිද්මයකින් ක්‍රීඩා කළ ඔහුගේ නික්ම යාම පාපන්දු ලෝකය පමණක් නොව සමස්ථ ක්‍රීඩා ලෝකයම දෙදරුම් කෑ සිදුවීමක් බවට පත් වුණා.

"මම බාසිලෝනා වලින් නික්ම යන්න කලින් මෙසී ට කතා කළා. ඔහු මගේ තීරණයට ගරු කළා. ප්‍රශ්නයක් කිව්වේ නෑ. ඒත් මෙසී මට කිව්වා",

"ඔබට බැලොන් ඩොර් සම්මානය ජයග්‍රහණය කරන්න අවශ්‍යයි නම් බාසිලෝනා වලදී එක පුළුවන්. ඔබ පැරිස් ගියොත් ඔබට එය ජයග්‍රහණය කරන්න වෙන්නෙ නෑ. මට පුළුවන් ලෝකේ හොඳම ක්‍රීඩකයා වෙන්න ඔබට උදවු කරන්න"

නමුත් තමන්ගේ හොඳම මිත්‍රයාගේ උපදෙස නේමාර් පිළිගන්නේ නෑ. යුරෝ මිලියන 200 ක වාර්තාගත මුදලකට ඔහු ප්‍රංශයේ පැරිස් සෙන්ට් ජර්මෙයින් කණ්ඩායම බලා ගමන් කළා. එය අදටත් පාපන්දු ක්‍රීඩකයෙක් හුවමාරු වීමේදී ගෙවූ වැඩිම මුදල වනවා.

එතැන් පටන් නේමාර් ගේ පාපන්දු දිවිය සුන්දර මාර්ගයක ගමන් කළේ නෑ. ඔහු පැරිසියේ දී ගෝල ලබා ගත්තා. සාර්ථක වුණා. නමුත් පැරිස් සෙන්ට් ජර්මෙයින් වැනි පාපන්දු ක්‍රීඩා සමාජයක් තුළ නේමාර් ට තමන්ගේ උපරිමය ලබා දීමේ හැකියාව ලැබුණේ නෑ.

මීළඟට ඔහු දිගින් දිගටම ආබාධ වලට ලක් වීම ආරම්භ වුණා. එක් ආබාධයක් සුව වීමට පෙර ඔහු තවත් ආබාධයකට ගොදුරු වුණා. නිමක් නැති සාද, මූල්‍ය කළමණාකරණය නොමැති වීම, කෙළවරක් නැති පෙම්වතියන් සහ පෞද්ගලික ජීවිතයේ ප්‍රශ්න ඔහුව තවත් ක්‍රීඩාවෙන් ඈත් කළා.

අවසානයේ නේමාර් පැරිසියෙන් නික්ම සෞදි අරාබි පාපන්දු ක්‍රීඩා සමාජයක් වූ අල් හිලාල් සමගින් ගිවිසුම් ගත වුණා. කෙළවරක් නැති ආබාධ නිසා නේමාර් වසර 2 ක් පුරා අල් හිලාල් වෙනුවෙන් ක්‍රීඩා කළේ තරග 7 ක් පමණයි.

ලියොනල් මෙසී ට සහ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ට තර්ජනයක් ලබාදිය හැකි එකම ක්‍රීඩකයා ලෙසින් ලේබල් වුණ යොවුන් නේමාර් අවසානයේ යුරෝපයෙන් නික්ම යන්නේ හිස් අතින්.

ඔහු වසරේ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයාට හිමි බැලොන් ඩොර් සම්මානය හෝ ෆිෆා හොඳම ක්‍රීඩකයා සම්මානය කෙදිනකවත් ජය ගත්තේ නෑ. හොඳම ගෝල රැස් කරන්නාට ලැබෙන යුරෝපීය රන් පාවහනත් නේමාර් ට සිහිනයක්ම වුණා.

බ්‍රසීලයෙන් බිහි වූ අති විශිෂ්ටයන් වන පේලේ, ගරීන්චා, රොනාල්ඩෝ, රොනාල්ඩිනෝ, රොමාරියෝ මේ සෑම ක්‍රීඩකයෙක්ම පාහේ පාපන්දු ලෝක කුසලානයක් ජයග්‍රහණය කළා. එයද නේමාර්ට තවම සිහිනයක් පමණයි.

බ්‍රසීල ජාතික පාපන්දු කණ්ඩායම වෙනුවෙන් වැඩිම ගෝල ලාභියා වැනි වාර්තා කිහිපයක් හැරෙන්නට බලාපොරොත්තු වූ කිසිවක් නේමාර් ගේ ජීව දත්ත පත්‍රිකාවේ ඇතුළත් වන්නේ නෑ.

අල් හිලාල් පාපන්දු ක්‍රීඩා සමාජය නේමාර් සමග ඇති කොන්ත්‍රාතුව වහාම අවලංගු කිරීමට පසුගියදා කටයුතු කළා. අවසානයේ නේමාර් නැවත තමන්ගේ ආරම්භක ස්ථානය වූ සැන්ටොස් ක්‍රීඩා සමාජයට පැමිණෙන බවට දන්වා තිබෙනවා.

මේ වන විටත් 33 වන වියට ළංවෙමින් සිටින නේමාර් ක්‍රීඩා කරන අන්දමත් සමගින් ඔහුගේ ක්‍රීඩා දිවිය තව කොපමණ කලක් දුර ගමන් කරයිද යන්න අවිනිශ්චිතයි. නමුත් ස්ථිරවම ඔහු ලොව සුපිරි සහ තරගකාරී පාපන්දුවෙන් දැන් ඉවත් වී තිබෙනවා.

බ්‍රසීලය බිහි කළ කුමාරයා ඔටුණු පැළඳීමකින් තොරවම අවසානයට ළං වන නිසා "කිසිදිනෙක කිරුළු නොපළන් කුමාරයා" යන අන්වර්ථ නාමය පාපන්දු පිටියේ නේමාර් වෙනුවෙන් භාවිතා වනවා.

ඔබ කෙතරම් දක්ෂයෙක් වුවත් විනය, මූල්‍ය පරිපාලනය, පෞද්ගලික ජීවිතය සමබර කර ගැනීමට හැකියාවක් නොමැතිනම් ගමන් කරන්නේ කොහෙටද යන්න නේමාර් හොඳම උදාහරණයක්.

උපුටාගැනීමකි

2024 ඉවර වෙන්න තව පැය කිහිපයක් තියෙන වෙලාවෙ රිදුම් පිරිමදිමින් මං ලියන්නම්,වැටි වැටී ආපු ජීවිත ගමනෙදි මාව අල්ලගත්ත විශ්ව...
31/12/2024

2024 ඉවර වෙන්න තව පැය කිහිපයක් තියෙන වෙලාවෙ
රිදුම් පිරිමදිමින් මං ලියන්නම්,

වැටි වැටී ආපු ජීවිත ගමනෙදි මාව අල්ලගත්ත
විශ්වයක් වැනි මා හඳුනන- නාඳුනන මිනිසුනි,
ජීවත් වීමට ප්‍රාණ වායුව සැපයූ හිතවතුනි,
මා දරාගත් හදවත් බරැති මිනිසුනි හා මිතුරනි,

අපි ආයෙ ආයෙත් හම්බුවෙන්න ඕන;
ඔව් මචං! මට උඹලව කනත්තකදි හරි ආයෙමත් එකට හම්බුවෙන්න ඕන; වැළඳගන්න ඕන.!!

Credit - අවිශ්ක බී එල් ටී

අතිදුර්ලභ නිල් පොකිරිස්සා....මෙම නිල් පොකිරිස්සා පෝට්ලන්ඩ් වෙරළට ඔබ්බෙන් අල්ලා ගත් අතර නැවතත් ජලය වෙත ආපසු මුදාහැරිණි......
29/12/2024

අතිදුර්ලභ නිල් පොකිරිස්සා....

මෙම නිල් පොකිරිස්සා පෝට්ලන්ඩ් වෙරළට ඔබ්බෙන් අල්ලා ගත් අතර නැවතත් ජලය වෙත ආපසු මුදාහැරිණි...

නිල් පොකිරිස්සන් බිහිවන්නේ මිලියන දෙකකින් එකකි.

"රොයල් පාක් මිණී මැරුමේ වැදගත්ම සාක්ෂිය වුනේ DNA සම්බන්ධව වෛද්‍ය මායා ගුණසේකර මැතිණිය දුන්නු සාක්ෂිය.සාක්ෂි දෙන්න සිතාසි...
23/12/2024

"රොයල් පාක් මිණී මැරුමේ වැදගත්ම සාක්ෂිය වුනේ DNA සම්බන්ධව වෛද්‍ය මායා ගුණසේකර මැතිණිය දුන්නු සාක්ෂිය.
සාක්ෂි දෙන්න සිතාසිය අරන් යනකොට එතුමිය රෝදපුටුවේ ඉතා අපහසුවෙන් හිටියේ පිළිකා රෝගී තත්වයෙන්.
සාක්ෂි දෙන්න මාස එකහමාරක් විතර තියෙනවා කිව්වම එතුමිය කිව්වා "මාස එකහමාරක් මට ඉන්න පුළුවන් වෙයිද දන්නේ නෑ ' කියලා.
මම කිව්වා 'නෑ මැඩම්,මැඩම් ම අවශ්‍ය නෑ.මිස්ටර් ඉලේපෙරුම (සහායකයා) හිටියම ඇති කියලා.
එතකොට එතුමිය කිව්වා "නෑ..නෑ..මිස්ටර් අබේසේකර,මම මේ වැඩේට මහජන මුදල් හැත්තෑ දහක් අරගෙන තියෙනවා.ජීවත්වෙලා හිටියොත් මම අනිවාර්යෙන්ම සාක්ෂි දෙනවා'
කිව්වා වගේම ඇදත් එක්ක උසාවියට ඇවිත් සාක්ෂිය දීලා තමයි එතුමිය අපිව හැර ගියේ"
- ශානී අබේසේකර

(එහෙම කැපවීමෙන් ගොඩදාපූ නඩුව තමයි අතන මෙතන රතනයි, හිටං හුටනුයි කෝටි ගාණකට පාවා දුන්නේ...
එතුමිය මිය නොගියා නම් කොච්චර දුක් වෙයිද ඒ පාවා දීමට)

Copied

16/12/2024

මේ ගැම්මටම ගමේ, ටවුමේ ප්‍රයිවට් බෙහෙත් කරන "දොස්තර" ගේ ඩිග්‍රියයි..

ෆාමසිවල වල බෙහෙත් නිකුත් කරන්නේ ෆාමසිස්මදැයි කියලා බලමුද?
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු සේවාවන් සපයන පුද්ගලයන්ගේද අධ්‍යපන සුදුසුකම් විමසා බැලිය යුතු නොවේද...?

ඔය ගැම්මටම කතානායකගේ වගේම,
Doctor ගේ qualification, Pharmacy වල බෙහෙත් දෙන්නෙ කවුද, lab වල ලේ ගන්නෙ කවුද, x ray ගහන්නෙ කවුද, ECG කරන්නෙ කවුද..? Physio ගේ qualification. මේ අයගේ qualification හොයලා බැලුවොත් හොදයි සේවාව ගන්න කලින්...

එහෙමයි ලෝයර් මහත්‍තයා...!! එහෙමයි....!!!
14/12/2024

එහෙමයි ලෝයර් මහත්‍තයා...!! එහෙමයි....!!!

13/12/2024

"අපිට වෙන වැඩ තියෙනව ඕවට උත්තර දෙනවට වඩා"

"අපි ඕව දණහිසෙන් උඩට ගන්නෑ"

"විශ්වාසභංග ⁣⁣ගෙනාවට අපිට 159 තියෙනවා"

Wow...Simply Wow...

කටුස්සන්ගෙ කරේ රත්තරන් බැන්දා වගේ !

එච්චරයි !

Copied

කිඹුලන් ගල් කන්නේ ඇයි ??සමහර අවස්ථා වලදී කිබුලන් ගල් කිහිපයක් ගිල දමනවා. මෙම පුරුද්ද ඇති වන්නේ ගැස්ට්‍රොලිටෝස් (“ගල් බඩ”...
04/12/2024

කිඹුලන් ගල් කන්නේ ඇයි ??
සමහර අවස්ථා වලදී කිබුලන් ගල් කිහිපයක් ගිල දමනවා. මෙම පුරුද්ද ඇති වන්නේ ගැස්ට්‍රොලිටෝස් (“ගල් බඩ”) ලෙස හැඳින්වෙන ක්‍රියාවලියක් නිසාය, ගිලින ලද ගල් ආමාශයේ දී ආහාර තලා දැමීමට උපකාරී වන අතර එය ජීර්ණය පහසු කරයි!

ඇත්ත වශයෙන්ම, එය පුදුමයට කරුණක් වුවද, කිබුලන්ගේ විශාල උල් දත්වලින් ගොදුර හැපීමට නොහැක. නමුත් ගොදුර විශාල කැබලිවලට කපා, සම්පූර්ණයෙන්ම ගිල දමනු ලැබේ. එම අවස්ථාවේදී, ඇඹරුම් ගල් වැනි ගැස්ට්‍රොලිටෝස් මස් සහ අස්ථි බිඳීමට උපකාරී වේ.
මේ අනුව, කිඹුලා ගොදුරක් අල්ලා එය ගිල දැමූ විට, එය සම්පූර්ණ බඩට ළඟා වේ. එතනදි තමයි ගොඩ ගිලල තියෙන ගල් කටු කුඩු කරන්න වැඩ පටන් ගන්නේ.
ගල් නිසා ඔවුන්ට තෘප්තිමත් හැඟීමක් ඇති කරයි, එනම් ආහාරවලින් වඩාත් තෘප්තිමත් වීම සහ නිතර දඩයම් කිරීමට අවශ්‍ය නොවීම, විශාල ශක්තියක් වැය කිරීම වළක්වන බවට විද්‍යාඥයන් ද අදහස් කරති.

උපුටා ගැනීමකි

🟥  වාර්ථා තැබු මාලිමාව ජාතික ලැයිස්තුවෙනුත් පාර්ලිමේන්තු ඉතිහාසය අලුත් කරයි.ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වතාව...
17/11/2024

🟥 වාර්ථා තැබු මාලිමාව ජාතික ලැයිස්තුවෙනුත් පාර්ලිමේන්තු ඉතිහාසය අලුත් කරයි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වතාවට දෘශ්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් සුගත් වසන්ත ද සිල්වා මහතාට මන්ත්‍රී අසුනක් ලබා දී තිබෙනවා.

ඔහු සමාජ සේවා නිලධාරී (විශ්‍රාමික), ශ්‍රී ලංකා දෘෂ්‍යාභාධිත උපාධිධාරී මණ්ඩලයේ සභාපති ලෙස වර්තමානය වන විට කටයුත් කරමින් සිටි 🥹❤️

හරිනිගේ වාර්තාවත් විජිත බිදියි....!!!ලංකා ඉතිහාසයේ වැඩිම මනාප සංඛ්‍යාවක් ලබාගත් අපේක්ෂකයා බවට විජිත හේරත් පත් වේ...!!!ඒ ...
15/11/2024

හරිනිගේ වාර්තාවත් විජිත බිදියි....!!!
ලංකා ඉතිහාසයේ වැඩිම මනාප සංඛ්‍යාවක් ලබාගත් අපේක්ෂකයා බවට විජිත හේරත් පත් වේ...!!!
ඒ ගම්පහ දිස්ත්‍රික්කයෙන් මනාප 716,715ක් ලබා ගනිමින්...!!!

ඉතිහාසය නැවත ලියවෙයි....!!!කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම මනාප සංඛ්‍යාව හරිනිට.රනිල්ගේ වාර්තාව බිඳවැටෙයි..🔴 හරිනී අමරසූරිය ( ...
15/11/2024

ඉතිහාසය නැවත ලියවෙයි....!!!

කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම මනාප සංඛ්‍යාව හරිනිට.
රනිල්ගේ වාර්තාව බිඳවැටෙයි..

🔴 හරිනී අමරසූරිය ( ජාතික ජනබලවේගය ) 655,289 (2024 මහ මැතිවරණය)

🔴 රනිල් වික්‍රමසිංහ (එක්සත් ජාතික පක්ෂය)- මනාප 500,566 (2015 මහා මැතිවරණය)

ඉල් මහේ දහතුන්වනදා මරා දැමූ ඒ මිනිසාට...!!!වසර 35කට පසු ඉල් මහේම දාහතර වැනිදාවක මෙරට සුවහසක් මිනිසුන් මල් පුදා ඇත...!!!
15/11/2024

ඉල් මහේ දහතුන්වනදා මරා දැමූ ඒ මිනිසාට...!!!
වසර 35කට පසු ඉල් මහේම දාහතර වැනිදාවක මෙරට සුවහසක් මිනිසුන් මල් පුදා ඇත...!!!

තොණ්ඩා දිගම්බරන් හාම් පුතුන්ගේ යදම් බිදදැමූ වතුකරයේ යකඩ ගැහැණිය  අම්බිකා සහෝදරියඔබට සුභ පැතුම්!
15/11/2024

තොණ්ඩා දිගම්බරන් හාම් පුතුන්ගේ යදම් බිදදැමූ වතුකරයේ යකඩ ගැහැණිය
අම්බිකා සහෝදරිය
ඔබට සුභ පැතුම්!

Address

Colombo
60620

Website

Alerts

Be the first to know and let us send you an email when Social eye posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share