RANIL - The Smart Leader

RANIL - The Smart Leader Ranil - The Smart Leader in Sri Lanka

ඔබට සුබ උපන්දිනක් වේවා ගරු ජනාධිපතිතුමනි!
23/03/2023

ඔබට සුබ උපන්දිනක් වේවා ගරු ජනාධිපතිතුමනි!

💪💪
31/12/2022

💪💪

දීපාවලි සුබපැතුම් පණිවුඩය.හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන වර්ණවත් සංස්කෘතික මංගල්‍යයක් වූ දීපාවලි උත්සවය නිමිත්තෙන්...
24/10/2022

දීපාවලි සුබපැතුම් පණිවුඩය.

හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන වර්ණවත් සංස්කෘතික මංගල්‍යයක් වූ දීපාවලි උත්සවය නිමිත්තෙන් සුබ පැතුම් පිරිනැමීමට ලැබීම පිළිබඳ මම ඉතා සතුටු වෙමි.

හින්දු භක්තිකයන් විසින් කෝවිල, මහමන්දිරය මෙන් ම පැල්පත ද ගෙවතු සේ ම, මංමාවත් ද සුවහසක් පහන් ආලෝකයෙන් ඒකාලෝක කිරීම දීපාවලි දිනයේ දී සිදු කරන අතර අවිද්‍යාවේ අඳුර දුරු කර ආලෝකයේ දීප්තිය ලබා ගැනීම එහි අරමුණයි.

අඳුර පලවා හරින්නට හැකි වන්නේ ආලෝකයට පමණයි. එසේ නම් ඉතිහාසයේ නො වූ විරු අභියෝගවලට මුහුණ දී සිටින මාතෘ භූමිය වෙළා ගෙන ඇති ගනඅඳුර පලවා හරින්නට අප සියලු දෙනා එක් ව සාමුහික වැඩපිළිවෙළකට එළැඹිය යුතු ය.

දීපාවලියේ ඉගැන්වීම වන සාමය, සහෝදරත්වය සහ එකමුතුකම එහිදී ඉතා වැදගත් වන අතර ජාති, ආගම්, පක්ෂ, පාට බේදයකින් තොරව ආලෝකය පරම අපේක්ෂාව කර ගනිමින් රට ගොඩනැඟීම නම් පහන්සිළුව වටා අප සියලු දෙනා සාමුහිකව අත්වැල් බැඳ ගනිමු යැයි මෙම දීපාවලි දිනයේදී මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි.

මෙවර දිපාවලි සැමරුම සැමගේ සිතුම් පැතුම් ඉටු වන සහ ශ්‍රී ලංකාව සෞභාග්‍යමත් ජාතියක් බවට පත් කරන යහපත් අනාගතයක ආරම්භය වේවා! යි ප්‍රාර්ථනා කරන අතර සියලු ම හින්දු භක්තිකයින්ට සුබ දීපාවලී සැමරුමකට සුභාශීංසන එක් කරමි.

අටමස්ථානාධිපති හිමි ශ්‍රීදේහයට ජනපති අවසන් ගෞරව දක්වයි. අපවත් වී වදාළ අනුරාධපුර අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධ...
23/10/2022

අටමස්ථානාධිපති හිමි ශ්‍රීදේහයට ජනපති අවසන් ගෞරව දක්වයි.

අපවත් වී වදාළ අනුරාධපුර අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන්ගේ ශ්‍රී දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) පෙරවරුවේ අවසන් ගෞරව දැක්වී ය.

උන්වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කර තිබූ බෝධිමළුව විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර එහි තබා තිබූ ශෝක සටහන් පොතේ සටහනක් ද තැබී ය.

අනතුරුව රුවන්වැලි සෑය විහාරාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේ බැහැදුටු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නා හිමි ආදාහන පූජෝත්සවයේ කටයුතු පිළිබඳව ද සොයා බැලී ය.

මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරු ඇතුළු පිරිසක් එක් ව සිටියහ.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතු ව ඇති අභියෝග සහ යෝජිත ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්..ඉදිකිරීම් ක්ෂේත...
21/10/2022

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතු ව ඇති අභියෝග සහ යෝජිත ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්..

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතු ව ඇති අභියෝග සහ යෝජිත ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

පවතින ආර්ථික තත්ත්වය යටතේ ඉදිකිරීම් ක්ෂේත්‍රය මුහුණ දී ඇති ගැටලු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘති සහ මාර්ග ව්‍යාපෘති ඉදිකිරීමේදී සිදු ව ඇති ප්‍රමාදයන් පිළිබඳ විශේෂ අවධානය යොමු කරනු ලැබී ය.

එමෙන් ම කොන්ත්‍රාත්කරුවන්, බැංකු සහ අනෙකුත් මූල්‍ය ආයතන සම්බන්ධයෙන් මතු ව ඇති ගැටලු පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය.

ඉදිකිරීම් ක්ෂේත්‍රය පවත්වාගෙන යාම සහ ක්ෂේත්‍රයේ රැකියා සුරක්ෂිතතාව වෙනුවෙන් අනුගමනය කළ යුතු වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී නිලධාරීන්ගේ අවධානය යොමු කළ ජනාධිපතිවරයා ඒ පිළිබඳ වැඩිදුර සාකච්ඡා කරමින් නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කිරීමට ද යෝජනා කළේ ය.

ඉදිකිරීම් ක්ෂේත්‍රය නඟාසිටුවීම වෙනුවෙන් විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවන ලෙස ද ක්ෂේත්‍රයේ නියුතු පිරිස් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ‌ලේකම් සමන් ඒකනායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරු සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයට අයත් ආයතනවල ප්‍රධානීන් මෙම සාකච්ඡාවට එක් ව සිටියහ.

ශ්‍රී ලංකාවේ ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය කර ආර්ථික ස්ථායීතාව ඇති කිරීමට කඩිනමින් කටයුතු කරනවා.ශ්‍රී ලංකාවේ ආයෝජන හිත...
20/10/2022

ශ්‍රී ලංකාවේ ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය කර ආර්ථික ස්ථායීතාව ඇති කිරීමට කඩිනමින් කටයුතු කරනවා.

ශ්‍රී ලංකාවේ ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය කර ආර්ථික ස්ථායිතාව ඇති කිරීමට කඩිනමින් කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ හැව්ලොක් සිටි, මිරේකා ටවර් සාප්පූ සහ කාර්යාල සංකීරණය (Mireka Tower) විවෘත කිරීමේ අවස්ථාවට අද (20) පෙරවරුවේ එක් වෙමිනි.

මහකොළඹ ආර්ථික කොමිසම විසින් ආයෝජන සඳහා හඳුන්වා දී තිබු නීති පද්ධතිය නැවත සක්‍රීය කර දැනට පවත්නා අකාර්යක්ෂම ක්‍රියාවලිය වෙනුවට වඩා ක්‍රියාශීලි නීති පද්ධතියක් හඳුන්වා දෙන බව ද ජනාධිපතිවරයා පැවසී ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කී ය.

මෙම හැව්ලොක් සිටි සංකීර්ණය එස්.පී. ටාඕ මහතාට සහ ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් සිදු කළ කැපකිරීමට උපහාරයක් ලෙස ඉදිවූවක්. මට පළමුවෙන් ම ටාඕ මහතා හමුවුණේ 1994 වසරේ මම අගමැති ධුරයට පත් වීමෙන් පසුවයි. එවකට ඔහු ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ඉදිකිරීම් පටන් අරගෙන තිබුණා. හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා මිය යාමෙන් පසු සිරිසේන කුරේ මහතා ඔහුව මා හමුවීමට කැඳවාගෙන ආවා. ඊට පසුව ටාඕ මහත්මයා අවස්ථා කිහිපයකදී මට මුණ ගැසුණා. ඔහු පමණක් නොවෙයි ඔහුගේ දියණිය මිල්රෙඩ් ටාඕ මහත්මියත් මුණ ගැසීමට මට අවස්ථාව ලැබුණා.

ඔවුන්ගේ එම කැපවීම ඉතා විශිෂ්ටයි. මොකද, එල්.ටී.ටී.ඊ පහරදීම් සිදු වන විට ඔවුන් ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ව්‍යාපෘතියෙන් ඉවත් වෙයි කියා බොහෝ දෙනෙක් කල්පනා කළා. ඒ පිළිබඳ මම ටාඕ මහත්මයාගෙන් විමසීමක් කළ අවස්ථාවේ දිගට ම ඔහු ලංකාවේ රැඳී සිටින බව ප්‍රකාශ කළා. ඒ නිසා ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳ ඔහු එදා තැබූ එම විශ්වාසය පිළිබඳව මම ස්තූතිවන්ත වෙනවා.

2003 වසරේදී නැවතත් මම අගමැති ධුරයට පත් වීමෙන් පසු එස්.පී. ටාඕ මහත්මයා මට මුණගැසුණා. නව ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ඔහුට අවශ්‍ය ව තිබුණා. වැල්ලවත්ත, හැව්ලොක් ටවුමේ රෙදි මෝල පැවති ඉඩමට යාබදව එවකට අතහැර දමා තිබූ ඉඩම සම්බන්ධ ව අලුත් ව්‍යාපෘතියක් ඉදිරිපත් වුණා. සමහර අය කිව්වා ඇයි ඒක දෙන්නේ, කාර්මික ව්‍යාපාරයක් එතන ආරම්භ කරන්න පුළුවන් නේ කියලා. එතකොට මම කිව්වේ හැව්ලොක් ටවුම ආරම්භ වුණේ නේවාසික ප්‍රදේශයක් ලෙස, ඒ නිසා අපි මෙම ව්‍යාපෘතිය පිළිබඳ අවධානය යොමු කරමු; මෙය හැව්ලොක් නගරයේ සංවර්ධනයේ යළි ආරම්භයක් වෙයි කියලා.

මේ ප්‍රදේශය ගැන කුඩා කාලයේ සිට මම දැනගෙන සිටියා. වැල්ලවත්ත රෙදිමෝල ක්‍රියාත්මක වන කාලයත් මට මතකයි. ඒ කැප්ටන් මහතා, එනම්: සෝලි කැප්ටන්ගේ පියා රෙදිමෝල් භාර ව සිටින කාලයේ. ඇතැම් විට අපි එතනට පැමිණ දිවා ආහාරය ගැනීමෙන් පසු එම කර්මාන්ත ශාලා බලන්න ගොස් තිබෙනවා.

ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා කොළඹ දකුණ මන්ත්‍රීවරයාව සිටියදී 1975 වසරේ වැල්ලවත්ත උතුර මැතිවරණ කොට්ඨාසය මට භාර ගන්නා ලෙස ප්‍රකාශ කළා. ඒ වන විට මේ ස්ථානය මට හුරුපුරුදු තැනක් බවට පත් ව තිබුණා.

මම රැස්වීම් ස්ථානය ලෙස භාවිතා කළේ මෙම සංකීර්ණයේ අනෙක් කෙළවරේ තිබෙන එම කර්මාන්තශාලාවේ සේවක නේවාසිකාගාර සංකීර්ණයයි. ඒ නිසා මොන දේ තිබුණත් සේවකයෝ රැක බලා ගන්නා ලෙස මම එස්.පී. ටාඕ මහත්මයාගෙන් ඉල්ලීමක් කළා. එතුමා ඒ ඉල්ලීම ඉටු කළා.

මම කුඩා කළ සිට දැනගෙන සිටි ප්‍රදේශය වගේ ම දේශපාලනය ආරම්භයේ පළමුව නියෝජනය කළ කොට්ඨාසයත් මෙය වීම නිසා අද මම ඉතා ම සතුටු වෙනවා, අනතුරුව මම බියගම ආසනය භාර ගෙන එහි නිදහස් වෙළෙඳ කලාප ආරම්භ කළා. ඉන් පසුව මම කල්පනා කළා ඇයි හැව්ලොක් ටවුමත් තවත් දියුණු නො කරන්නේ කියලා. මම හිතුවා මේ සඳහා හොඳ ම පුද්ගලයා ටාඕ මහත්මයා බව. එම උත්සාහයේ ප්‍රතිඵලයක් තමයි අද ඔබ මේ දකින්නේ. බොහෝ දෙනෙක් මෙම කටයුත්තට දායක වුණා. රෝහිණි නානායක්කාර මහත්මිය මෙම ව්‍යාපෘතියට මුල සිට ම දායක වුණා.

ඒ වගේ ම අජිත් ජයරත්න මහත්මයා සහ තවත් බොහෝ අය මෙයට දායක වුණා. ඒ අයට මම නැවතත් ස්තූතිවන්ත වෙනවා. එස්.පී. ටාඕ මහත්මයා මෙම ස්ථානයේ නොමැතිවීම පිළිබඳ මම කනගාටු වෙනවා. ඔහු වසර 105ක් ජිවත් ව සිට අප අතරින් සමු ගත්තා. මෙය ඔහුට උපහාරයක් විය යුතුයි.

මෙම ව්‍යාපෘතිය දියත් සමාගමෙන් මම තවත් ආයෝජනයක් බලාපොරොත්තු වෙනවා. එය මිල්රේඩ් ආයෝජනයක් විය යුතුයි. මොකද මේක ඔබගේ ආයෝජනයක් නොවෙයි, මෙය එස්.පී. ටාඕ මහත්මයාගේ ආයෝජනයක්. ඒ නිසා දැන් අපි මිල්රෙඩ්ගේ ආයෝජනයක් සිදු කළ යුතුයි.

විදේශ ණය වෙනුවට අපි විදේශීය ආයෝජන පිළිබඳ අවධානයක් යොමු කළ යුතුයි. අපනයන ආර්ථිකයක් ඇති කිරීම සදහා විදේශීය ආයෝජන ඉහළ නැංවිය යුතුයි. විදේශීය ආයෝජන වැඩි කිරීමට නම් ජාත්‍යන්තර වෙත අවධානය යොමු කරන ආර්ථික ක්‍රමයක් පැවතිය යුතුයි. දේශීයව අවධානය යොමු කරන ආර්ථිකයකින් පමණක් සෑහීමකට පත් විය නො හැකියි. දැන් ආර්ථික ස්ථායිතා ක්‍රියාවලිය සිදු වෙනවා. අපි මේ වන විට ජපානය, චීනය, ඉන්දියාව වැනි ණය දෙන රටවල් සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ සාකච්ඡා කරමින් සිටිනවා.

නැවතත් ඉහළ ආර්ථික වර්ධන වේගයක් ළඟා කර ගැනීමට හැකි වන්නේ කෙසේ ද යන්න පිළිබඳ අප සොයා බලමින් සිටිනවා. ආයෝජනය සම්බන්ධයෙන් සංකීර්ණ රාජ්‍ය ආයතන ගණනාවක් තිබීම අපට තිබෙන ප්‍රධාන ගැටලුවක් බව කිව යුතුයි.

ආයෝජන මණ්ඩලය, සංචාරක මණ්ඩලය, පෝට් සිටි වැනි ආයතනවලින් ආයෝජන සිදු කළ යුතු වෙනවා. වසර දහයකට පමණ පසුවයි මෙම ආයෝජන සිදු කිරීමට හැකියාව තිබෙන්නේ.

1977දී මහ කොළඹ ආර්ථික කොමිසම ස්ථාපිත කළා. එම කොමිසම මඟින් ඉතා කාර්යක්ෂමව තීරණ ගනු ලැබුවා. ඒ අනුව වසර දහයක් ඇතුළත කටුනායක, බියගම, කොග්ගල සහ සීතාවක ආයෝජන කලාප හතරක වැඩ නිම කිරීමට අපිට හැකියාව ලැබුණා.

හිටපු ජනාධිපති ඩී.බී. විජේතුංග මහත්මයට අවශ්‍ය වුණා නුවර ආයෝජන කලාපයක් ආරම්භ කරන්න. ඉන් පසුව කිසිදු ආයෝජන කලාපයක් මෙරට බිහි වුණේ නැහැ, සම්පූර්ණ යාන්ත්‍රණය කඩා වැටුණා.

සංචාරක මණ්ඩලය දෙස බලන විට සියලු දෙනා විවිධ වැඩසටහන්, ප්‍රදර්ශන සඳහා සහභාගී වෙනවා. එයින් සියලුදෙනා හොඳ නිවාඩුවක් ගත කරනවා. මේවා ගැන අවධානය යොමු කරලා අපි පළමුවෙන් ම කළේ කමිටුවක් පත් කිරීමයි. මෙමගින් ආයෝජන සඳහා සම්පූර්ණ ආකෘතිය හා බලාධිකාරිය සකස් කෙරෙනවා. ආයෝජන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය හා ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව එකට සම්බන්ධ කර ආයෝජන සඳහා වන එක් ආයතනයක් ලෙස කටයුතු කිරීම මෙමඟින් සිදු වෙනවා.

කටුනායක හා බියගම ආයෝජන කලාප දකුණු ආසියාවේ හොඳ ම ආයෝජන කලාප ලෙස ඉදිරියට යනවා. ඒවා වෙන වෙන ම පවත්වාගෙන යාමට කටයුතු කරන අතර ම අක්කර 1000ක ආයෝජන කලාපයක් අපි බිංගිරියේ ආරම්භ කරනවා. ඉන් අනතුරුව එය හම්බන්තොට හා ත්‍රීකුණාමලයට ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වෙනවා. වෙන ම ආයතනයක් මඟින් එහි පරිපාලන කටයුතු සිදු කිරිමට අපි සැලසුම් කර තිබෙනවා.

මෙම වැඩසටහන් කාර්යක්ෂම කළ හැකි අයුරින් නීති සකස් විය යුතුයි. මහ කොළඹ ආර්ථික කොමිසමට අනුව නීති සකස් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ආයෝජනයක් ලැබුණු පසු ඒ පිළිබඳ සලකා බලා තීන්දු තීරණ ගැනීමට මෙම ආයතනයට සති දෙකක් හිමි වෙනවා. එය තමයි තිබෙන එක ම විසඳුම. මානව සම්පත්වල ගුණාත්මකභාවය ඉහළ දැමීම, යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳ සොයා බැලීම ඉන් අනතුරුව සිදු කළ යුතුයි. මෙවන් වැඩපිළිවෙළක් තිබෙනවා නම් වසර හතළිහක බදු නිදහස ලබා දෙන්න අවශ්‍ය නැහැ.

ආයෝජන කඩිනමින් සිදු කළ හැකි අයුරින් ක්‍රියාශීලී කාර්යංශයක් හා යටිතල පහසුකම් සැපයීම සිදු කළ යුතුයි. ඒ අනුව අපි මෙම ආයෝජන කලාප පිළිබඳ අවධානය යොමු කරනවා.

මහ කොළඹ ආර්ථික කොමිසම යටතේ කටයුතු කාර්යක්ෂම කර ගැනීමට හැකි වුණේ හොඳ යාන්ත්‍රණයක් තිබු නිසයි. ඒ නිසා අපි ආයෝජන සඳහා නව යාන්ත්‍රණයක් හඳුන්වා දීමට බලාපොරොත්තු වෙනවා. එහිදී නීති වෙනස් විය හැකියි. එවිට රට පාවා දෙන බවට විවිධ කණ්ඩායම් සටන් පාඨ ඉදිරිපත් කළ හැකියි. නමුත් අපට වේගවත් ආර්ථක වර්ධනයක් අවශ්‍යයි. මොකද අපේ ආර්ථික වර්ධනය විශාල ලෙස පහත වැටී තිබෙනවා.

ශ්‍රී ලංකාව කියන්නේ පාපන්දුවක් නම් ඔබ පහර දෙන විට එය පහළට වැටෙනවා. ඒ වගේ ම ඉහළ යනවා. එයයි සිදු විය යුත්තේ. සමහර අය අපව අතහැර යනවා. අපට එය නැවැත්විය නො හැකියි. අපි නවකයින් පුහුණු කරමු. අපි අධ්‍යාපනය නව්‍යකරණය කරනවා. ආර්ථික ස්ථායිතාව ඇති කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කරන අතරතුර අධ්‍යාපනය නවීකරණයට කටයුතු කර තිබෙනවා.ඒ වගේ ම ආර්ථිකය නවීකරණය පිළිබඳවත්, කර්මාන්ත සහ කෘෂිකර්මාන්ත නවීකරණය පිළිබඳවත් අපි අවධානය යොමු කර තිබෙනවා.

ලබන වසරේ මුල් කාලයේදී මෙම නීති සම්පාදනය කර ක්‍රියාත්මක කළ යුතුයි. ඒ සඳහා වෙනත් ක්‍රියාමාර්ග ගැනීමටත් අපට සිදු වේවි. අප මේ සියලු කාර්යයන් කරන්නේ ශ්‍රී ලංකාව ආයෝජනයට මිත්‍ර රටක් බවට පත් කිරීම සඳහා. ආයෝජකයින් මෙරටට පැමිණෙන විට බොහෝ දෙනෙකුට රැකියා අවස්ථා උදා වේවි. ඒ සමඟ ජනතාවගේ ආදායම් මාර්ග යහපත් වී රටේ ආදායම ද ඉහළ යනවා. එවිට අපි දැනට අනුගමනය කරමින් සිටින විදේශ ණයගැනීම් විෂම චක්‍රයෙන් ඉවත් වීමට අපිට හැකියාව තිබෙනවා. දෙවන වරටත් අපට ණය බරින් පීඩා විඳිය නො හැකියි.

එම නිසා ආයෝජන ප්‍රවර්ධනය තුළින් මෙම තත්ත්වයෙන් අත්මිඳීමට අපි සැලසුම් සහගත ව කටයුතු කරමු.

එස්. පී ටාඕ මහත්මයාට ශ්‍රී ලංකාව පිළිබඳ විශ්වාසයක් හා හිතෛෂිභාවයක් තිබුණා. ඔහු විවිධ අධ්‍යයනයන් සිදු කර චීනයටත්, ඉන්දියාවටත් වඩා හොඳ ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව හඳුනා ගනිමින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කළා. ඒ නිසා අපි මේ කටයුතු ඉදිරියට කරගෙන යමු.

කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය සහ හැව්ලොක් සිටි ලිමිටඩ් ආයතනයේ සභාපති අජිත් ජයරත්න, අධ්‍යක්ෂ මිල්රෙඩ් ටාඕ මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when RANIL - The Smart Leader posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share