Twit Flix

Twit Flix Latest news feed From Sri Lanka

පිරමීඩ යෝජනා ක්‍රමවලට සහභාගි වීම වරදකි.
24/08/2023

පිරමීඩ යෝජනා ක්‍රමවලට සහභාගි වීම වරදකි.

ලංකා ප‍්‍රිමියර් ලීග් තරඟාවලිය ආරම්භක උත්සවයේදී ජාතික ගීය ගායනා කිරීමේදී ඊට අපහාස කරමින් ගායනා කළේ යයි චෝදනා එල්ල වන ගාය...
22/08/2023

ලංකා ප‍්‍රිමියර් ලීග් තරඟාවලිය ආරම්භක උත්සවයේදී ජාතික ගීය ගායනා කිරීමේදී ඊට අපහාස කරමින් ගායනා කළේ යයි චෝදනා එල්ල වන ගායන ශිල්පිනි උමාරා සිංහවංශ විසින් ජාතික ගීය ගායනා කර ඇත්තේ වැරදි ආකාරයෙන් බව අදාළ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කරන ලද කමිටුව විසින් තීරණය කර තිබේ.

ඒ අනුව ‍ව්‍යස්ථාව විරෝධී ආකාරයෙන් ජාතික ගීය ගායනා කිරීම පිළිබඳව නීතිපති උපදෙස් අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස එම කණ්ඩායම සිය වාර්තාව මගින් නිර්දේශ කර තිබේ.

බුද්ධාගමට අපහාස කළ බව පවසමින් පසුගියදා ආන්දෝලනයට තුඩුදුන් ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයාගේ දෙමාපියන් තම පුතා වෙනුවෙන් සමා...
21/08/2023

බුද්ධාගමට අපහාස කළ බව පවසමින් පසුගියදා ආන්දෝලනයට තුඩුදුන් ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයාගේ දෙමාපියන් තම පුතා වෙනුවෙන් සමාව අයැද සිටිනවා.

තමන් දිවැසිවරයෙකු ලෙස හඳුන්වා ගන්නා ජෙරොම් දේවගැතිවරයාගේ දෙමාපියන් පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් සහ පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන් හමුවී බුදුදහමට අපහාස කිරීම සම්බන්ධයෙන් සමාව අයැද සිටි අතර මේ පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දීම ගැන භික්ෂූන් වහන්සේලාට කෘතඥතාව පළ කළ ඔවුහු ජෙරොම් දේවගැතිවරයා බුදුදහමේ ඉගැන්වීම් සම්පූර්ණයෙන් වටහාගෙන නොමැති බව ඔවුන්ට දන්වා සිටියහ.

ඒ අනුව බෞද්ධ ප්‍රතිපත්ති අනුව ජෙරොම් දේවගැතිවරයාට සමාව දිය හැකි බව සෝභිත හිමියෝ පිළිගත්හ.

මුලාශ්‍රය - www.dailymirror.lk

රැට්ටාගේ බැංකු ගිනුමට මිලියන 5 ක්.එහෙත් ඔහු එය ප්‍රතික්ෂේප කරයි. ඔහුගේ මුහුනු පොතේ තැබු සටහන මෙසේය.
12/08/2022

රැට්ටාගේ බැංකු ගිනුමට මිලියන 5 ක්.

එහෙත් ඔහු එය ප්‍රතික්ෂේප කරයි. ඔහුගේ මුහුනු පොතේ තැබු සටහන මෙසේය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුවේ සිට අද සවස තායිලන්තයට ළඟා විය.තායිලන්ත විදේශ කටයුතු අමාත්‍ය මාධ්‍ය ප්‍රක...
11/08/2022

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුවේ සිට අද සවස තායිලන්තයට ළඟා විය.

තායිලන්ත විදේශ කටයුතු අමාත්‍ය මාධ්‍ය ප්‍රකාශක ටැනී සැන්ග්‍රාට් ප්‍රකාශ කළේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට තායිලන්තයට ඇතුලු වීමට ඉඩ දෙන ලෙස වත්මන් ශ්‍රී ලංකා ආණ්ඩු පාර්ශවයෙන් ඉල්ලීමක් ලැබී ඇති බවයි (මුලාශ්‍රය - BBC)

ජුලි මාසයේ පැවති මහජන විරෝධතාවයේදී ජනාධිපති නිල නිවසට බලහත්කාරයෙන් ඇතුළු වී දේපළවලට අලාභ හානි සිදු කළ පුද්ගලයින් අත්අඩංග...
08/08/2022

ජුලි මාසයේ පැවති මහජන විරෝධතාවයේදී ජනාධිපති නිල නිවසට බලහත්කාරයෙන් ඇතුළු වී දේපළවලට අලාභ හානි සිදු කළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතයි. ජුලි 09 වනදා පැවති මහජන විරෝධතාව අතරතුර සහ ඉන් අනතුරුව වාර්තා වූ සිද්ධීන් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය (CCD) පරීක්ෂණ පවත්වයි. CCTV දර්ශන සහ සමාජ මාධ්‍ය ඔස්සේ හඳුනාගත් පුද්ගලයින් 32 දෙනෙකු සිටින්නේ කොහිදැයි තවමත් සොයා ගැනීමට නොහැකි වී ඇති බව පොලීසිය පවසයි. නිකුත් වූ ඡායාරූපවලින් බහුතරයක් ශ්‍රී ලංකා ජනාධිපති පුටුවේ වාඩි වී සිටින සැකකරුවන් ය. ඒ අනුව අපරාධ සම්බන්ධයෙන් අවශ්‍ය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජනතාවගේ සහය ඉල්ලා ඇත. තොරතුරු දන්නා මහජනතාවට 071-8591559 / 071-8085585 / 011-2391358/ 1997 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ පොලිසිය අමතන ලෙස ඉල්ලා ඇත. (මූලාශ්‍රය - NewsWire)

අද (08 ) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල පහලට.!12.5kg රු. 246 කින්,5kg රු. 99 කින්,2.3 kg රු. 45 කින් ලෙස මිල පහත ...
08/08/2022

අද (08 ) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල පහලට.!
12.5kg රු. 246 කින්,
5kg රු. 99 කින්,
2.3 kg රු. 45 කින් ලෙස මිල පහත දමා ඇත..!

බැසිල් රටින් පනිද්දී කොටුවේ...බැසිල් රාජපක්ෂ මහතා අද උදෑසන 12.15 පමණ කොළඹ බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල පැමිණ තිබුන...
12/07/2022

බැසිල් රටින් පනිද්දී කොටුවේ...

බැසිල් රාජපක්ෂ මහතා අද උදෑසන 12.15 පමණ කොළඹ බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල පැමිණ තිබුනා ඒ ඔහු එමිරේට්ස් ගුවන් යානයකින් ඩුබායි හරහා වොෂින්ටන් බලා පිටත්ව යාමටයි. ඔහු සමඟ රජයේ ආයතන වල සභාපති ලෙස ධූර දැරූ කිහිපදෙනෙක් සිටි බවට වාර්තා වෙනවා.

බැසිල් මහතා ගුවන් තොටුපලේ විශේෂ අමුත්තන් සඳහා වු පර්යන්තයෙන් ඇතුළු වී සිට ඇති අතර ඔහුගේ සහායකයන් විසින් ගුවන් යානයට ඇතුළු වීමට ලිපි භාර දෙන අවස්ථාවේ දී එහි සිටි ගුවන් මගියෙකු දැඩි විරෝධය පලකරමින් කියා සිටියේ බැසිල් ඇතුළු පිරිස ගුවන් යානයට ඇතුලත් නොකරන ලෙසයි.

පසුව ගුවන් තොටුපලේ නිලධාරීන් විසින් මොවුන් ආරක්ෂිත ස්ථානයක රඳවා තබා පසුව උදෑසන 2.15 පමණ මොවුන් ගුවන් තොටුපලෙන් පිටව ගොස් ඇත.

(මූලාශ්‍රය - ලංකාදීප)

2022 ජුලි 13 වැනි දින තමා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දන්වා ඇත: කථානායක මහින්ද යාපා අබේ...
09/07/2022

2022 ජුලි 13 වැනි දින තමා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දන්වා ඇත: කථානායක මහින්ද යාපා අබේවර්ධන.

අප්පච්චි, පොඩි බාප්පා සහ ඉරේශ් තවමත් ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබමින් රෝහල්ගතව ය.ඔවුන් ගැන සොයා බැලූ සුව පැතූ හැමට ස්තූතියි...
03/07/2022

අප්පච්චි, පොඩි බාප්පා සහ ඉරේශ් තවමත් ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබමින් රෝහල්ගතව ය.
ඔවුන් ගැන සොයා බැලූ සුව පැතූ හැමට ස්තූතියි.
තම තම ඇදහිල්ල ප්‍රකාර ඔවුන් වෙනුවෙන් නා නා පුද පූජා කරමින් සෙත් පතන සුමිනිසුන්ට ස්තූතියි..
නොමිනිසුන් ගැන කිසිත් නොකියමි. නමුත් දැනගතිමි.

කිසිඳු දියණියකට මට මෙන් නොදැනේවා!!

"දැන් පවතින්නේ ඇදහිල්ල, බලාපොරොත්තුව හා ප්‍රේමය යන තුන ය. මෙයින් ශ්‍රේෂ්ඨතම වන්නේ ප්‍රේමයයි" ❤️🙏

23/06/2022

We did it! Al Naboodah Construction Group has proudly completed yet another significant project at Dubai International Airport (DXB), handing over a rehabilitated Northern Runway and bringing the airfield back to full capacity in time for the peak summer travel season. Since the 9th of May, our formidable fleet of plant and equipment and thousands strong workforce have been working on-site, around the clock to complete the project. Essential works included resurfacing the entire 4.5km long Northern Runway, strengthening the wider runway strip, reinforcing paving on key taxiway entries and exits, and repairing drainage infrastructure.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදි අග්‍රාමාත්‍යවර...
12/05/2022

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදි අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට පනවා තිබූ විදෙස් ගමන් තහනම මැයි 23 වැනිදා දක්වා දීර්ඝ කෙරේ.
05/05/2022

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට පනවා තිබූ විදෙස් ගමන් තහනම මැයි 23 වැනිදා දක්වා දීර්ඝ කෙරේ.

හිටපු නියෝජ්‍ය කථානායක නැවතත් නියෝජ්‍ය කථානායක වේ.නව නියෝජ්‍ය කතානායකවරයා ලෙස රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයා වැඩි ජන්ද ...
05/05/2022

හිටපු නියෝජ්‍ය කථානායක නැවතත් නියෝජ්‍ය කථානායක වේ.

නව නියෝජ්‍ය කතානායකවරයා ලෙස රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයා වැඩි ජන්ද 83කින් තෝරා පත් කර ගනු ලැබු අතර තවත් විශේෂත්වය වන්නේ ස්වාධීනව සිටී කන්ඩායමද රංජිත් සියඹලාපිටිය මහතාට පක්ශව ජන්දය ලබාදීමයි.

රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයාට ජන්ද 148ක් සහ සමගී ජනබල වේගය පක්ෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර්ට ජන්ද 65ක් ලැබී තිබුණා.

Heshan ගෙන් නාමල් රාජපක්ශ මහතාට ඉල්ලීමක් 😅
03/05/2022

Heshan ගෙන් නාමල් රාජපක්ශ මහතාට ඉල්ලීමක් 😅

සිංහල රිදී තිරයේ දුෂ්ඨයා දිවි ගමනට සමු දෙයි !සිංහල සිනමාවේ ප්‍රවීණ රංගන ශිල්පියෙක් වූ විල්සන් කරුනාරත්න එසේත් නැත්නම් ආද...
03/05/2022

සිංහල රිදී තිරයේ දුෂ්ඨයා දිවි ගමනට සමු දෙයි !

සිංහල සිනමාවේ ප්‍රවීණ රංගන ශිල්පියෙක් වූ විල්සන් කරුනාරත්න එසේත් නැත්නම් ආදරණීය කරු මහතා අද දින සිය දිවියෙන් සමු ගෙන ඇත. එතුමා මිය යන විට වයස අවුරුදු 79 වන වියේ පසු විය.

අද රාත්‍රි 12 සිට ලිට්රෝ කිලෝ 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4860 දක්වා ඉහල දැමේ.
26/04/2022

අද රාත්‍රි 12 සිට ලිට්රෝ කිලෝ 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4860 දක්වා ඉහල දැමේ.

23/04/2022

අපිට කෑ ගහන්න ලොකු අමාරුවක් තියෙනවා.. මේ ඒකට ප්‍රධාන හේතු ‼️

🔰රු:850 සිමෙන්ති අද 3000/= (⬆️)
🔰රු:65 පරිප්පු අද 560/= (⬆️)
🔰රු:50 පාන් අද 140/= (⬆️)
🔰රු: 60 මිරිස් 100g අද 180/=(⬆️)
🔰රු 80 හාල් අද 220/=(⬆️)
🔰රු 137 පෙට්‍රල්. අද 338/= ⬆️
🔰රු: 325 කිරි පැකට් අද 1020/=(⬆️)
🔰රු: 1200 ගෑස් අද 5170/= ⬆️
🔰රු:80 බී ළූණු අද 260/= (⬆️)
( අද මිල ගිහිල්ලම බලන්න ඕනි. )
සියල්ල මේ බරින් නිදහස් විය යුතුයි.. බත් එක අතට ගන්න හැම වතාවකම අපි මෙහෙම හරි කනවා.. එදා වේල හම්බ කරන මිනිහා කොහොම කනවා ඇත්ද කියල අපි පිච්චෙනවා.. අපිට මෙච්චර අමාරු නම් තත්වය අපිටත් වඩා අඩියෙ ඉන්න මිනහට කොහොම දැනෙනවා ඇත්ද❓ මේ සෙල්ලම නතර කල යුතුමයි..
-copied-



🇱🇰❤

ශ්‍රි ලංකාවේ ජනතාව අපේ රජයට ස්තූති වෙන්න ඕනේ - අමාත්‍ය බන්දුල ගුණවර්ධන 🤭🤭🤭🤭
22/04/2022

ශ්‍රි ලංකාවේ ජනතාව අපේ රජයට ස්තූති වෙන්න ඕනේ - අමාත්‍ය බන්දුල ගුණවර්ධන 🤭🤭🤭🤭

ලිට්‍රෝ ගෑස් මිල යලිත් ඉහලට ! අද මධ්‍යම රාත්‍රියේ සිට නව මිල රුපියල් 5170යි.
22/04/2022

ලිට්‍රෝ ගෑස් මිල යලිත් ඉහලට ! අද මධ්‍යම රාත්‍රියේ සිට නව මිල රුපියල් 5170යි.

කොන්සියුලර් ජනරාල්වරයා වූ විකට රංගන ශිල්පියා !ප්‍රවීණ රංගන ශිල්පී බන්දු සමරසිංහ මහතා ඉතාලියේ මිලානෝ නුවර ශ්‍රී ලංකා කොන්...
15/04/2022

කොන්සියුලර් ජනරාල්වරයා වූ විකට රංගන ශිල්පියා !

ප්‍රවීණ රංගන ශිල්පී බන්දු සමරසිංහ මහතා ඉතාලියේ මිලානෝ නුවර ශ්‍රී ලංකා කොන්සියුලර් ජනරාල්වරයා ලෙස පත් කර ඇති බවට පළ වූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රතිචාර දක්වා තිබේ. ප්‍රවීණ රංගන ශිල්පියා ඉතාලියේ මිලානෝ රාජ්‍ය තාන්ත්‍රික තනතුරට පත් කර ඇති බව ලංකාදීප පුවත්පත ඊයේ වාර්තා කළේය. මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය පුරප්පාඩු වූයේ සංගීතඥ නීලා වික්‍රමසිංහ එම තනතුරේ සේවය කරමින් සිටියදී මේ වසර මුලදී අභාවප්‍රාප්ත වීමත් සමඟය.

මෙම වාර්තාවට ප්‍රතිචාර දක්වමින් විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් කියා සිටියේ මිලානෝ නුවර ශ්‍රී ලංකා කොන්සියුලර් ජනරාල්වරයා ලෙස ප්‍රවීණ රංගන ශිල්පී බන්දු සමරසිංහ පත් කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි.

ලංකාදීප වාර්තාව සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් අමාත්‍යවරයා කියා සිටියේ එම තනතුර සඳහා ප්‍රවීණ රංගන ශිල්පියාගේ නම පමණක් යෝජනා වී ඇති බවයි. තමන් පත්කිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව අමාත්‍ය ජී එල් පීරිස් මහතා යළි අවධාරණය කරේය. ( මූලාශ්‍රය - NewsWire)

අද පස්වරු 1.00 සිට ඉන්ධන පිරවුම්හල්වල වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ.ඉන්ධන රු. 1,000 දක්වා යතුරුපැදි සඳහාත් ,ත්‍...
15/04/2022

අද පස්වරු 1.00 සිට ඉන්ධන පිරවුම්හල්වල වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ.

ඉන්ධන රු. 1,000 දක්වා යතුරුපැදි සඳහාත්
,ත්‍රිරෝද රථ සඳහා 1,500 දක්වාත්
කාර්, වෑන්, ජීප් සඳහා 5,000 දක්වා සීමා පනවා ඇත.
මෙය බස් රථ, ලොරි සහ වාණිජ වාහන සඳහා අදාළ නොවන බව සිපෙට්කෝ සභාපති තවදුරටත් ප්‍රකාශ කලබව සදහන්වේ!

අගමැතිදූරය අහිමි වෙයි !!!!!!පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා පාර්ලිමේන්තුවේදී විශ්වාසභංග ඡන්දයකින් නෙරපා හැර ඇති බව අල...
10/04/2022

අගමැතිදූරය අහිමි වෙයි !!!!!!

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා පාර්ලිමේන්තුවේදී විශ්වාසභංග ඡන්දයකින් නෙරපා හැර ඇති බව අල් ජසීරා මාද්‍යට වාර්තා කරයි. ක්‍රිකට් තරුවක් බවට පත් වූ දේශපාලනඥයා කලින් ක්‍රියාවලිය අවහිර කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේදී ව්‍යවස්ථා විරෝධී ලෙස ක්‍රියා කළ බවට රටේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමෙන් පසුව සෙනසුරාදා යෝජනාව සම්මත විය.

ආසන 342කින් සමන්විත පාර්ලිමේන්තුවේ ඡන්ද 172ක් සම්මත කර ගැනීමට අවශ්‍ය වූ විශ්වාසභංග යෝජනාවට මන්ත්‍රීවරුන් 174 දෙනෙකුගේ සහය හිමි විය. සභාව දැන් නව අගමැතිවරයෙකු පත් කරනු ඇත. මීළඟ මැතිවරණය පැවැත්වීමට නියමිත 2023 ඔක්තෝබර් දක්වා එම පුද්ගලයාට බලයේ සිටීමට හැකි වනු ඇත.

විදුලිය නැතිවීමෙන් දුම්රිය හරස් මාර්ග බාධක ක්‍රියාව අඩාලවේ. හරස් මාර්ග හරහා ගමන් කරන විට වඩාත් අවධානමෙන් ගමන් කරන මෙන් ඉ...
09/04/2022

විදුලිය නැතිවීමෙන් දුම්රිය හරස් මාර්ග බාධක ක්‍රියාව අඩාලවේ. හරස් මාර්ග හරහා ගමන් කරන විට වඩාත් අවධානමෙන් ගමන් කරන මෙන් ඉල්ලා සිටි.

ශ්‍රි ලංකා වෛද්‍ය සභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂමහතාට හදිසි අනතුරු ඇඟවීමක් කරයි.රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ හිඟය හේතුවෙන් COVID...
08/04/2022

ශ්‍රි ලංකා වෛද්‍ය සභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ
මහතාට හදිසි අනතුරු ඇඟවීමක් කරයි.

රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ හිඟය හේතුවෙන් COVID, සුනාමි සහ සිවිල් යුද්ධයේ ඒකාබද්ධ මරණ සංඛ්‍යාව ඉක්මවා යාමට ඉඩ ඇති මරණ සංඛ්‍යාව ව්‍යසනකාරී සංඛ්‍යාවක් වනු ඇති බවට SLMC විසින් ජනාධිපති වෙත ලිපියක් යවමින් අනතුරු අඟවා ඇත.

Breaking NewsPolice curfew imposed until further notice with immediate effect within Colombo North, Colombo South, Colom...
31/03/2022

Breaking News

Police curfew imposed until further notice with immediate effect within Colombo North, Colombo South, Colombo Central and Nugegoda Police Division: Inspector General of Police.

නව පෙට්‍ර්ල් මිල රුපියල් 300 ඉක්මවයි. LIOC සමාගම අද සිට සියලුම වර්ගයේ පෙට්‍රල් ලීටරයක විකුණුම් මිල රුපියල් 49 කින් වැඩි ...
26/03/2022

නව පෙට්‍ර්ල් මිල රුපියල් 300 ඉක්මවයි.

LIOC සමාගම අද සිට සියලුම වර්ගයේ පෙට්‍රල් ලීටරයක විකුණුම් මිල රුපියල් 49 කින් වැඩි කරයි. ඩීසල් මිල දැනට නොවෙනස්වන පවතින බව සදහන් වේ. - IOC

International Air transport services are going to start after 55 years.The government is preparing to provide relief to ...
25/03/2022

International Air transport services are going to start after 55 years.The government is preparing to provide relief to airlines starting scheduled flights from Ratmalana Airport. Accordingly, the Minister of Tourism Prasanna Ranatunga says that he expects to reduce the airport departure tax levied by these airlines by 50%. It will be operational for one year from the 27th of this month (March).

රත්මලාන ගුවන් තොටුපළෙන් නියමිත ගුවන් ගමන් ආරම්භ කරන ගුවන් සමාගම්වලට සහන සැලසීමට රජය සූදානම් වේ. ඒ අනුව මෙම ගුවන් සමාගම් ...
25/03/2022

රත්මලාන ගුවන් තොටුපළෙන් නියමිත ගුවන් ගමන් ආරම්භ කරන ගුවන් සමාගම්වලට සහන සැලසීමට රජය සූදානම් වේ. ඒ අනුව මෙම ගුවන් සමාගම් විසින් අය කරන ගුවන් තොටුපළ පිටවීමේ බද්ද 50%කින් අඩු කිරීමට අපේක්ෂා කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. එය මේ මස (මාර්තු) 27 වැනිදා සිට වසරක කාලයක් ක්‍රියාත්මක වේ. ඊට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළ බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය. රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපළ වසර 55කට පසු මාර්තු 27 වැනිදා සිට ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතය.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වන දෙවන නඩුවේ චෝදනාවන්ට තමා වරදකරු බව රන්ජන් රාමනායක මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ...
25/03/2022

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වන දෙවන නඩුවේ චෝදනාවන්ට තමා වරදකරු බව රන්ජන් රාමනායක මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද දිනයේදි පිළි ගෙන තිබේන බවට වාර්තාවේ.

Source - News1st

ඉන්ධන තොගයක් අද දිවයිනට !දින 12 ක් සිරවී සිටීමෙන් පසු, ඩීසල් මෙට්‍රික් ටොන් 20,000 ක් සහ ජෙට් ඉන්ධන මෙට්‍රික් ටොන් 20,00...
25/03/2022

ඉන්ධන තොගයක් අද දිවයිනට !

දින 12 ක් සිරවී සිටීමෙන් පසු, ඩීසල් මෙට්‍රික් ටොන් 20,000 ක් සහ ජෙට් ඉන්ධන මෙට්‍රික් ටොන් 20,000 ක් සමඟ නැව සඳහා සිංගප්පූරු සමාගමට ඩොලර් මිලියන 42 ක් ගෙවා කොලබ වරායේ නැව්ගත කර ගොඩබෑම අද ආරම්භ විය . ඉන්දීය ණය මාර්ගය යටතේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000ක් සමඟ තවත් නෞකාවක් පැමීණීමට නියමිතය. මෙමගින් පීඩිත ජනතාවට තරමක සහනයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරේ.

ජනතා විමුක්ති පෙරමුණ අද නුගේගොඩදී විරෝධතා පාගමනක් සහ ජන රැළියක් පැවැත්වීමට නියමිතයි.රජයේ ක්‍රියාකලාපයට විරෝධය පළකරමින් ම...
23/03/2022

ජනතා විමුක්ති පෙරමුණ අද නුගේගොඩදී විරෝධතා පාගමනක් සහ ජන රැළියක් පැවැත්වීමට නියමිතයි.

රජයේ ක්‍රියාකලාපයට විරෝධය පළකරමින් මෙම විරෝධතා පාගමන සහ රැළිය පැවැත්වෙයි.

ජනතා විමුක්ති පෙරමුණේ විරෝධතා පා ගමන අද පස්වරු 03.00ට දෙල්කඳෙන් ආරම්භ වීමට නියමිතයි.

ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ සමාජවාදී තරුණ සංගමය පසුගිය සතියේ (18) විරෝධතා පා ගමනක් පැවැත්වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය.
(Source - NewsWire)

කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි සිහාබ්දීන්ගේ ප්‍රමාද වූ වැටුප් ගෙවීම් පියවීමට පියවර ගනිමින් සිටින බව නීතිපතිවරයා (AG) නිවේදනය...
23/03/2022

කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි සිහාබ්දීන්ගේ ප්‍රමාද වූ වැටුප් ගෙවීම් පියවීමට පියවර ගනිමින් සිටින බව නීතිපතිවරයා (AG) නිවේදනය කරයි.

වෛද්‍ය සිහාබ්දීන් මහතා සේවයෙන් අත්හිටුවීමෙන් පසු අනිවාර්ය නිවාඩු යවා ඇති කාලය තුළ ඔහුගේ වැටුප් සහ දීමනාවලින් ප්‍රමාද වූ ගෙවීම් සමන්විත බව නීතිපතිවරයා අද අධිකරණයට දන්වා සිටියේය.

වෛද්‍ය සිහාබ්දීන් රෝහලේදී නීතිවිරෝධී වන්ධ්‍යාකරණ සැත්කම් සිදු කළ බවට චෝදනා එල්ල වීමෙන් පසු අනිවාර්ය නිවාඩු යවා ඇත.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කළ ඔහු කාන්තාවන්ගේ අනුමැතියකින් තොරව වන්ධ්‍යාකරණය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇත.

වෛද්‍ය සිහාබ්දීන්ට නීතිවිරෝධී ලෙස ධනය රැස්කිරීම සහ ත්‍රස්තවාදී සංවිධානයක් සමඟ සබඳතා පැවැත්වූ බවට ද චෝදනා එල්ල විය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) 2019 ජුලි මාසයේදී කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා තිබුණේ මෙතෙක් සිදුකළ විමර්ශනවලින් වෛද්‍ය සිහාබ්දීන්ට එරෙහිව නැඟී ඇති චෝදනා කිසිවක් ඔප්පු වී නොමැති බවයි.

පසුව කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් වෛද්‍ය ෂාෆි සිහාබ්දීන් ඇප මත මුදා හැරියේය.

නව රජය බලයට පත්වීමෙන් පසු වෛද්‍ය සිහාබ්දීන්ට එරෙහි විමර්ශනය නව රහස් පොලිස් කණ්ඩායමකට භාර දෙන ලදී. (Source - NewsWire)

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ලංසා ග්‍රාමීය මාර්ග සහ අනෙකුත් යටිතල පහසුකම් රාජ්‍ය...
22/03/2022

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ලංසා ග්‍රාමීය මාර්ග සහ අනෙකුත් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදී ඇති බව වාර්තා වේ. රාජ්‍ය අමාත්‍යවරයා මීට සති කිහිපයකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිඛිතව කරුණු කිහිපයක් ඉදිරිපත් කර තිබුණි. තම අමාත්‍යාංශයේ ඇතැම් ගැටලු සම්බන්ධයෙන් මෙම කනස්සල්ල මතු වූ බවද ඔහු කියා සිටියේය. (Source - NewsWire)

බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ රියදුරුට අද සවස කිසියම් පිරිසක් විසින් කැස්බෑව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී පහර ද...
21/03/2022

බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ රියදුරුට අද සවස කිසියම් පිරිසක් විසින් කැස්බෑව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී පහර දී ඝාතනය කර තිබේ. පහරදීමට හේතුව අනාවරණය කර ගැනීම සඳහා කැස්බෑව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Source - Jamila husain

ඩොලරයක මිල ඉහලට , රුපියලේ අගය පහතට!මෙරට වාණිජ බැංකු වල විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රු 280-285 ලෙස ද...
21/03/2022

ඩොලරයක මිල ඉහලට , රුපියලේ අගය පහතට!

මෙරට වාණිජ බැංකු වල විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රු 280-285 ලෙස දක්වා තිබේ. මෙය රටේ ආර්ථිකයට ඍජුව බලපාන අතර තවදුරටත් රටේ උද්ධමනයට හේතුවීමට හැකිබවට විශ්වාස කරේ.

ඩීසල් පෝලිම අවසන් වේවිද ?ඉන්දියාවෙන් ලබා ගත් ක්‍රෙඩිට් ලයින් යටතේ මිලදී ගත් පළමු ඩීසල් තොගය අද පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැම...
21/03/2022

ඩීසල් පෝලිම අවසන් වේවිද ?

ඉන්දියාවෙන් ලබා ගත් ක්‍රෙඩිට් ලයින් යටතේ මිලදී ගත් පළමු ඩීසල් තොගය අද පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණියා. ඩීසල් මෙට්‍රික් ටොන් 35,000කින් නැව්ගත කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) පවසයි.

අද පෙරවරුවේ ඩීසල් ගොඩබෑම බලධාරීන් විසින් ආරම්භ කළ බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේය. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා මෙරටට පැමිණි අවස්ථාවේදී ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය ගිවිසුමක් අත්සන් කළේය.

ඉන්ධන, ආහාර, ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක් මිලදී ගැනීම සඳහා ණය රේඛාව අත්සන් කර ඇත. ඒ අනුව අද ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රථම ඩීසල් නැව්ගත කිරීම සඳහා ඉන්දීය ක්‍රෙඩිට් ලයින් ඩොලර් මිලියන 500ක් යොදාගෙන ඇත. ශ්‍රී ලංකාව දැඩි ඉන්ධන හිඟයකට මැදිව සිටින අවස්ථාවක මෙම නැව්ගත කිරීම පැමිණ තිබේ. ඩීසල් හිඟය ප්‍රවාහනයට සහ විදුලිය නිෂ්පාදනයට දැඩි ලෙස බලපා ඇත.

පසුගිය සති කිහිපය තුළ ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝලිම් වාර්තා වූ අතර, විදුලිබල මණ්ඩලය විසින් දෛනිකව පැය 05කට අධික කාලයක් විදුලිය විසන්ධි කරන ලදී.
Source - (NewsWire)

තෙල් අර්බුදය හේතුවෙන් තුන්වන මරණයත් වාර්තාවේ .නිට්ටඹුවේ ඉන්ධන පෝලිමක ඇතිවූ ආරවුලකින් අනතුරුව 29 හැවිරිදි තරුණයෙක් ඝාතනයට...
21/03/2022

තෙල් අර්බුදය හේතුවෙන් තුන්වන මරණයත් වාර්තාවේ .

නිට්ටඹුවේ ඉන්ධන පෝලිමක ඇතිවූ ආරවුලකින් අනතුරුව 29 හැවිරිදි තරුණයෙක් ඝාතනයට ලක්ව තිබේ.
තියුණු ආයුධ ප්‍රහාරයකින් ඔහුව ඝාතනය කර ඇත්තේ ත්‍රිරෝද රථ රියදුරෙක් බවද වාර්තාවේ.

LP ගෑස් සිලින්ඩරවල මිල ඉහළ දැමීමට ලාෆ්ස් ගෑස් සමාගම තීරණය කර තිබේ.ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුප...
20/03/2022

LP ගෑස් සිලින්ඩරවල මිල ඉහළ දැමීමට ලාෆ්ස් ගෑස් සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,359 කින් ඉහළ දමා තිබේ ඒ අනුව නව මිල රු. 4,199 කි.

2021 අගෝස්තු මාසයේදී ලාෆ්ස් ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක මිල රුපියල් 1493 සිට රුපියල් 1,856 දක්වා වැඩි වූ අතර ඔක්තෝබර් මාසයේදී එය 2,840 දක්වා වැඩි විය. දැන් එය රුපියල් 4,199 දක්වා වැඩි වී ඇත.

කිලෝග්‍රෑම් 5 ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 544 කින් ඉහළ දමා තිබේන අතර නව මිල රු. 1680ක් වේ.

ලාෆ්ස් ගෑස් සමාගම මෙම මිල වැඩි කිරීම පිළිබඳව මෙතෙක් නිල නිවේදනයක් නිකුත් කර නොමැති නමුත් ලාෆ්ස් ගෑස් නියෝජිතයන් මිල වැඩි කිරීම තහවුරු කළේය.

SOURCE - NEWSWIRE

තවත් පුද්ගලයෙක්  ඉන්ධන පෝලිමේ රැඳී සිටියදී මිය යයි. මේ වන විට දින දෙකකදී මරණ 2ක් වාර්තා වුනි.පොලීසිය පැවසුවේ, අද කඩවත ප්...
20/03/2022

තවත් පුද්ගලයෙක් ඉන්ධන පෝලිමේ රැඳී සිටියදී මිය යයි. මේ වන විට දින දෙකකදී මරණ 2ක් වාර්තා වුනි.
පොලීසිය පැවසුවේ, අද කඩවත ප්‍රදේශයේ ඉන්ධන පෝලිමක සිටගෙන සිටියදී ඇදවැටීමෙන් 70 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරෙකු මිය ගොස් ඇති බව ය.

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Twit Flix posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Twit Flix:

Share


Other News & Media Websites in Colombo

Show All