Ceylon Bank Employees' Union - CBEU

Ceylon Bank Employees' Union - CBEU Ceylon Bank Employees’ Union (CBEU) is the single largest trade union operating across the banking se
(44)

14/07/2023
13/07/2023
HDFC බැංකුවේ නොවිසඳුණු ගැටලු සම්බන්ධයෙන් විරෝධතා පිකට් උද්ඝෝෂණයක් ඊයේ (12) දින දහවල් කෑම පැයේදී පවත්වන ලදී.ලංකා බැංකු සේ...
12/07/2023

HDFC බැංකුවේ නොවිසඳුණු ගැටලු සම්බන්ධයෙන් විරෝධතා පිකට් උද්ඝෝෂණයක් ඊයේ (12) දින දහවල් කෑම පැයේදී පවත්වන ලදී.

ලංකා බැංකු සේවක සංගමය
Ceylon Bank Employees' Union - CBEU
2023.07.13

HDFC බැංකු පාලනාධිකාරිය විසින් සේවක ගැටලු විසඳීම කල්මරමින් බැංකුව තුල ගැටළුකාරි තත්වයක් නිර්මාණය කිරීමට එරෙහිව ලංකා බැංක...
12/07/2023

HDFC බැංකු පාලනාධිකාරිය විසින් සේවක ගැටලු විසඳීම කල්මරමින් බැංකුව තුල ගැටළුකාරි තත්වයක් නිර්මාණය කිරීමට එරෙහිව ලංකා බැංකු සේවක සංගමය වෘත්තිය සමිති ක්‍රියාමාර්ග දියත් කර ඇත. එහි එක් පියවරක් ලෙස අද දින කොළඹ නගරය ආවරණය වන පරිදි විරෝධතා පෝස්ටර් ප්‍රදර්ශනය කරන ලදී.

සේවක ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබා නොදෙන්නේ නම් තවදුරටත් වෘත්තිය සමිති ක්‍රියාමාර්ග තීව්ර කිරීමට නියමිතය.

ලංකා බැංකු සේවක සංගමය
Ceylon Bank Employees' Union - CBEU
2023.07.13

සමස්ත වැඩ කරන ජනතාවට තර්ජනයක් එල්ල කරමින් රජය ක්‍රියාත්මක කල දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සහ ඉතිහා...
12/07/2023

සමස්ත වැඩ කරන ජනතාවට තර්ජනයක් එල්ල කරමින් රජය ක්‍රියාත්මක කල දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සහ ඉතිහාසයේ සිට ක්‍රියාත්මක වෙමින් තිබූ කම්කරු අණ පනත් රාශියක් අහෝසි කරමින් සහ සංශෝධන කරමින් 2023.07.06 දින ජාතික කම්කරු උපදේශක සභාව වෙත ඉදිරිපත් කල ශ්‍රී ලංකාවේ සේවා නියුක්ති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ලංකා බැංකු සේවක සංගමයේ ස්ථාවරය පැහැදිලි කරන මාධ්‍ය සාකච්ඡාවක් පසුගියදා (10) ලංකා බැංකු සේවක සංගම් මූලස්ථානයේදී පවත්වන ලදී.

ලංකා බැංකු සේවක සංගමය
Ceylon Bank Employees' Union - CBEU
2023.07.13

HDFC කලමනාකාරිත්වය විසින් සේවක ගැටලුවලට සාධනීය විසඳුම් ලබා නොදීම හා දිගින් දිගටම අහේතුකව කල්මැරීමට එරෙහි පළමු වෙඩිමුරය අ...
07/07/2023

HDFC කලමනාකාරිත්වය විසින් සේවක ගැටලුවලට සාධනීය විසඳුම් ලබා නොදීම හා දිගින් දිගටම අහේතුකව කල්මැරීමට එරෙහි පළමු වෙඩිමුරය අද (07) දින කෑම පැයේදී HDFC ප්‍රදාන කාර්යාලයේ සාමාජිකයන් දැනූවත් කිරීමේ රැස්වීමකින් ආරම්භ කරන ලදී.

මෙම අවස්ථාව සඳහා මවු සංගමයේ සභාපති චන්න දිසානායක සහෝදරයා, ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක සහෝදරයා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වූ අතර ශාඛා සංගම් නියෝජනය කරමින් නායක සහෝදරවරුන්ද සහභාගි විය.

රැස්ව සිටි සාමාජික පිරිස අමතමින් සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් සහෝදරයා, HDFC ශාඛා සංගමයේ ලේකම් දිනේෂ් සේනානායක සහෝදරයා සහ HDFC ශාඛා සංගමයේ සභාපති ටී.බී කරුණාබන්දු සහෝදරයා අදහස් පලකරන ලදී.

දිගින් දිගටම සේවක ගැටළු සඳහා පිළිතුරු නොදී පාලකයින් විසින් කල් මරන්නේ නම් ඉදිරියේද මෙම ක්‍රියාමාර්ග තීව්‍රර කිරන බව ලංකා බැංකු සේවක සංගමය ලෙස අප සියලු පාර්ශවයන් වෙත අවධාරණය කරමු.

ලංකා බැංකු සේවක සංගමය
Ceylon Bank Employees' Union - CBEU
2023.0706!

06/07/2023

පසුගියදා රන්ජන් සේනානායක සහෝදරයා අද දෙරණ Big focus වැඩසටහන සමඟ එක්වූ අවස්ථාවේදී පළ කල අදහස්....

CBEU sign Collective Agreements with State Bank of India for the period of 2021-2024Ceylon Bank Employees Union entred i...
06/07/2023

CBEU sign Collective Agreements with State Bank of India for the period of 2021-2024

Ceylon Bank Employees Union entred in to collective agreements with State Bank of India today at SBI Head office. Mr. R K Jha (Country Head) and Comrade Anupa Nandula (Senior Vice President) signed on behalf of SBI and CBEU. Ms. Ayesha Thilini (Head of HR) and comrade Dhanushka Kumarasinghe (Vice President) signed witness on behalf of SBI and CBEU accordingly. Occasion was graced by Branch union leaders comrades, Charith Kanishka(Branch Union President), Dinesh Chathuranga(Secretary), Kanishka Kumarasinghe(Assistant Secretary)

ලංකා බැංකු සේවක සංගමය
Ceylon Bank Employees' Union - CBEU
2023.07.06

ලංකා බැංකු සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අනූප නන්දුල සහෝදරයා සහභාගී වන TNL ජනහඬ වැඩසටහන
03/07/2023

ලංකා බැංකු සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අනූප නන්දුල සහෝදරයා සහභාගී වන TNL ජනහඬ වැඩසටහන

Janahanda | 2023.07.03

රන්ජන් සේනානායක සහෝදරයා සහභාගී වන අද දෙරණ   වැඩසටහන
03/07/2023

රන්ජන් සේනානායක සහෝදරයා සහභාගී වන අද දෙරණ වැඩසටහන

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා » Subscribe to Ada Derana...

03/07/2023

யாழ்ப்பாணம் ஸ்ரான்லி வீதியில் உள்ள மக்கள் வங்கிக் கிளையில் இரத்த தான முகாமொன்று இடம்பெற்றது. மக்கள் வங்கியின.....

ලංකා බැංකු සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අනූප නන්දුල සහෝදරයා සහභාගී වන TNL ජනහඬ වැඩසටහන හෙට (03) රාත්‍රී 9.30ට TNL ඔස්ස...
02/07/2023

ලංකා බැංකු සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අනූප නන්දුල සහෝදරයා සහභාගී වන TNL ජනහඬ වැඩසටහන හෙට (03) රාත්‍රී 9.30ට TNL ඔස්සේ සජීවිව....

CBEU signed Collective Agreements with Indian Bank for the period 2021 April - 2024 March at EFC premises today. Comrade...
29/06/2023

CBEU signed Collective Agreements with Indian Bank for the period 2021 April - 2024 March at EFC premises today. Comrade Ranjan Senanayake, General Secretary of CBEU and Comrade Anupa Nandula Senior Vice President signed the Agreement On behalf of CBEU and Mr P Mohanadass Country Head signed On behalf Indian Bank. Mr Vajera Ellepola, Director General of EFC and Comrade Eranka fernando (Indian Bank Branch union president) signed witness.
Comrade D B Karthic, Asst Secretary of CBEU also represented the CBEU for this occasion.

ලංකා බැංකු සේවක සංගමය
Ceylon Bank Employees' Union - CBEU

ශ්‍රී ලාංකීය ජාතියක් වශයෙන් කුමන ආගමක වුවද ගෙවී ගිය කාළපරිච්ඡේදයන් තුළ අප අනේකවිධ සමාජ, ආර්ථික, දේශපාලන වියවුල් මධ්‍යයේ ...
29/06/2023

ශ්‍රී ලාංකීය ජාතියක් වශයෙන් කුමන ආගමක වුවද ගෙවී ගිය කාළපරිච්ඡේදයන් තුළ අප අනේකවිධ සමාජ, ආර්ථික, දේශපාලන වියවුල් මධ්‍යයේ ගමන් කොට ඇත්තෙමු.

එම බාධක හමුවේ වුවද අධෛර්යමත් නොවී ඉදිරියට ගමන් කිරීමට අවශ්‍ය කැපවීම, ශක්තිය හා ඉවසීම ගොඩනගා ගැනීමට සියලු ආගමික ඉගැන්වීම් වලින් මහත් පිටුබලයක් හිමිවිය.

මේ මොහොතේ හජ් සැමරුම හරහා ලොවට පෙන්වන සාමය, සහෝදරත්වය හා එකිනෙකා තේරුම් ගැනීම ආදී මානුෂීය අගයන් ඉතා වැදගත්ය.

ඉබ්‍රාහීම් නබිතුමාහට, තමන්ගේ පුත්‍රයා වන ඉස්මයිල් නබිතුමන්ව අල්ලා දෙවියන් වෙනුවෙන් කැප කරන ලෙසට සිදුකල ඉල්ලීම සංකේතවත් කරමින් සෞදි අරාබියේ මක්කම නුවර වාර්ෂික හජ් වන්දනාව පැවැත්වේ.

ඇති නැති පරතරය සහ විවිධ භේද දුරලා සමානාත්මතාව, සහෝදරත්වය ඇති කිරීම හජ් වන්දනාවේ ප්‍රධාන අරමුණකි. ඉස්ලාම් ධර්මයේ පංච මහා වගකීම් අතරින් පස්වැන්න වන්නේ හජ් ඉටු කිරීමයි.

ඉස්ලාම් දින දර්ශනයේ අවසන් මාසය වන දුල්හජ් මාසයේ දහවන දිනයේදී හජ්ජි උත්සවය මෙලෙස ඉස්ලාම් බැතිමතුන් සමරනු ලබති.

ශුද්ධ කුරානය , අල්ලා දෙවිඳුන්ගේ ඉගැන්වීම හා මුහම්මද් නබිතුමාගේ ජීවන දර්ශනය අනුව ගමන් කරන ඉස්ලාමීය බැතිමත් ඔබට දිව්‍යමය සමීපතාව සහිත අධ්‍යාත්මික විමුක්තිය හජ් යාඥාවෙන් සාක්ෂාත් වන මංගල්‍යයක් වේවායි ප්‍රාර්ථනා කරමු.

ලංකා බැංකු සේවක සංගමය
Ceylon Bank Employees' Union - CBEU
2023.06.29

දේශිය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සම්බන්ධයෙන් ලංකා බැංකු සේවක සංගමය ඊයේ (26) දිනයේදී මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ අතර අද (...
27/06/2023

දේශිය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සම්බන්ධයෙන් ලංකා බැංකු සේවක සංගමය ඊයේ (26) දිනයේදී මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ අතර අද (27) දිනයේදී ඒ පිළිබඳව විද්‍යුත් මාධ්‍ය වෙත දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවක් ලංකා බැංකු සේවක සංගම් මූලස්ථානයේ දී පවත්වන ලදී.

මාධ්‍ය නිවේදනය පහතින් උපුටා දක්වමු.

2023 ජූනි මස 26 දින

මාධ්‍ය ආයතන ප්‍රධානී / ප්‍රවෘත්ති කර්තෘ සියලුම මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය

මහත්මයාණෙනි, මහත්මියනි,

දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය (Re-structuring) සහ ප්‍රශස්තකරණය (0ptimization)

1948 ලබාගත් නාමික නිදහසින් පසුව හා විශේෂයෙන් 1978 විවෘත ආර්ථිකය හඳුන්වා දීමෙන් පසුව මේ දක්වාම රට කරවූ හා කරවන ආණ්ඩු විසින් අනුගමනය කරන ලද වැරදි ආර්ථික ක්‍රම වේදයන් හා කළමනාකරණයන් හේතුවෙන් 2022 අප්‍රේල් මස 12 වන දින ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට ප්‍රකාශ කරන්නට යෙදුණි.

රට බංකොලොත් භාවයෙන් මුදවා ගැනීම පිණිස ඇති එකම ක්‍රම වේදය, ඉතිහාසයේ 16 වතාවක් අනුගමනය කර ප්‍රතිඵලයක් නොමැතිව අසාර්ථක වුණු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහයෝගය ලබාගැනීම බව 17 වන වතාවටත් වත්මන් ආණ්ඩුව විසින් තීරණය කරනු ලැබීමෙන් පසුව එය පාර්ලිමේන්තුවේ බහුතරය විසින් ද අනුමත කරනු ලැබීය.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ආණ්ඩුව විසින් ඇති කරගත් එකඟතාවයන් ක්‍රියාත්මක වී ඇති අතර, රාජ්‍ය ආදායම වර්ධනය කිරීම පිණිස ක්‍රියාත්මක කර ඇති යෝජනා ජනතාවට දරා ගැනීමට අතිශය අපහසු කාර්යයක් වී ඇත. උපයන විට බදු අය කිරීම (Payee Tax/APIT) හරහා වැඩ කරන පන්තිය මත පතිත කර ඇති මාරක ප්‍රහාරය උගතුන් බුද්ධිමතුන් හා පළපුරුදු වෘත්තිකයින් තොග පිටින් රට හැර යන තත්වයටම දරුණු වී ඇත.

මෙම තත්වය මත අප සංගමය ඇතුළු බොහෝ පාර්ශව සිදුකළ බරපතල ඉල්ලීම් සළකා බලමින් ආණ්ඩුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඇතිකර ගෙන තිබෙන එකගතාවන් වල පළමු සමාලෝචන අවස්ථාවේදී (1st Review) බදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට එකඟතාව පළකර ඇත. ඒ පිළිබඳව ද අප නිරන්තර අවධානයෙන් පසුවන්නෙමු.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ආණ්ඩුව අතර ඇති එකඟතාවන්ට අනුව බදු අයකිරීමේ යෝජනා සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව තොරතුරු සමාජ ගත වුවද ආණ්ඩුව හා වගකිව යුතු සියලුම පාර්ශව පාතේ නිරතුරුවම ප්‍රකාශ කරනු ලැබුවේ කිසිදු ආකාරයකින් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට ලක් නොකරන බවය.

එහෙත් ඉන් ඉතා කෙටි කාලයකට පසුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරණයට නොව දේශීය ණය ප්‍රශස්තකරණයට කටයුතු කරන බවට වගකිව යුතු පාර්ශව අදහස් දක්වමින් රජය විසින් ණය ලබාගෙන ඇති ආයතනවලට දැනුම් දී සිටියේ ස්වේච්ඡාවෙන් (Voluntary) කටයුතු කිරීමට එකඟතාව ලබාදෙන ලෙසය. ඒ අනුව ප්‍රකාශ වී ඇත්තේ දේශීය ණය ප්‍රශස්තකරණයකට අවශ්‍ය කටයුතු කෙරෙමින් පවතින බවය. එහෙත් එම ඉල්ලීමට කිසිදු පාර්ශවයක් එකඟතාව ලබාදී නොමැත.

මේ අතරතුර 2023 ජූනි මස 30 වන දින විශේෂ බැංකු නිවාඩු දිනයක් ප්‍රකාශ කරනුයේ එක දිගට දින 5 ක නිවාඩු මාලාවක් ක්‍රියාත්මක වන ආකාරයටය. පසුව මහ බැංකු අධිපතිවරයා නිල ප්‍රකාශයක් කරමින් දේශීය ණය ප්‍රශස්තකරණය සාර්ථකව සිදුකිරීමට ඉහත නිවාඩුව ලබාදුන් බව ප්‍රකාශ කරන ලදී. ඊට අමතරව කොටස් වෙළඳපල කටයුතු ද අදාල නිවාඩුවට යටත් කර ඇත.

මෙම තත්වය පිළිබඳව රට තුළ විශාල සැක සංකා මතු වී ඇති අතර, ණය ප්‍රශස්තකරණයට හා පාර්ලිමේන්තුව රැස්වී තීන්දු තීරණ ගැනීමට රට තුළ රජයේ නිවාඩු ලබාදීම පුදුම සහගතය.
1. මුහුණත වටිනාකම අඩු කිරීම. (Face Value Reduction_ Haircut)

2. කල් පිරෙන දිනය දිගු කිරීම. (Maturity Extension - Reporting)

3. අතර මැද ලැබෙන පොලිය අඩු කිරීම (Coupon Adjustment) - මෙමගින් මුහුණත වටිනාකම අඩු කිරීම හෝ

කල්පිරෙන දිනය වෙනස් නොවේ.

ඉහත ක්‍රමයෙන් එකක් හෝ ඊට වඩා වැඩි ගණනක් භාවිතා කිරීමට ඉඩ ඇත.

එහෙත් ආණ්ඩුව හෝ මහ බැංකුව විසින් දේශීය ණය ප්‍රශස්තකරණයේදී සිදුකරන්නේ කුමක්දැයි නිශ්චිතව ප්‍රකාශ කර නොමැති තත්වය තුළ විවිධ උපකල්පනයන් හරහා ගැඹුරු කථිකාවතක් හා කලබැගෑනියක් රට තුළ ජනිතවීම ස්වභාවිකය.

පසුගිය කෝවිඩ් වසංගතය සමඟ රටේ බොහෝ ක්‍ෂේත්‍ර අඩපන වීම සිදු වී ඇති අතර, ආර්ථිකය කඩාවැටීම එහි උච්ච ස්ථානයකට ලඟාකර ඇත. බහුතර මහජනතාව අතිශය දුක්ඛ දෝමනස්සයන්ට ගොදුරු වී ඇත. මෙම සියලූ තත්වයන් තුළ බැංකු ක්‍ෂේත්‍රය ප්‍රමුඛ මූල්‍ය පද්ධතිය ඉතා අපහසුවෙන් හෝ ආරක්ෂා කරගැනීමට හැකි වී ඇති අතර, දේශීය ණය ප්‍රශස්තකරණයක් ක්‍රියාත්මක කිරීම හරහා මූල්‍ය පද්ධතියට සිදුවන බලපෑම් පිලිබඳව දැඩි අවධානය යොමු කළ යුතුමය.

රජය විසින් විදේශීය ණය ගෙවීම් පැහැර හැර ඇති තත්වය හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ද මැදිහත්වීම් සහිතව සියලු ආකාර විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීමට උත්සාහ කරමින් සිටින පසුබිමක දේශීය ණය සඳහා ද යම් ප්‍රතිව්‍යුහකරණ ක්‍රියාවලියක් සිදු කිරීමේ බලපෑම රය වෙත එල්ල වී ඇතත් පහත කරුණු කෙරේ දැඩි අවධානය යොමුකළ යුතු බව සංගමය අවධාරණය කර සිටී.

01. මොනම ආකාරයේ හෝ දේශීය ණය ප්‍රතිව්‍යුහකරණයකින් තොරව, පවතින අර්බුදය තුළ අපේක්‍ෂිත ඉලක්ක කරා ළඟාවිය හැකි විකල්ප යෝජනා පිළිබඳව සලකා බැලීම.

02.ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඇතුළු ගෝලීය බලපෑම් මත යැපීමට සිදු වුව ද 100% ක්ම ඔවුන්ගේ මගපෙන්වීම් මත නොව ඒවායින් අප හට ඇති විය හැකි අහිතකර බලපෑම් පිළිබඳව සාකච්ඡා කරමින් රටට වඩාත් ගැලපෙන ක්‍රම වේදයක් පිළිබඳව කේවල් කිරීම.

03. ඉහත 1 හා 2 යෝජනා සළකා බැලීමෙන් අනතුරුව වෙනත් විකල්පයක් නොමැති වීම මත දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සිදුකරන්නේ නම් රජය, මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය, බැංකු පාලනාධිකාරීන් හා ඇල්මැති පාර්ශවයන් යන සියලු පාර්ශව අතර කෙරෙන ප්‍රශස්ත සංවාදයක් තුළින් ඒ සඳහා සුදුසු සැලසුමක් සකස් කිරීම.

04.කුමන හෝ ප්‍රතිව්‍යුහගත කරණ ක්‍රියාවලියක් බාහිර පාර්ශවයන්ගේ බලපෑම මත බැංකු පද්ධතිය මත බලහත්කාරයෙන් පැටවීමට කටයුතු නොකිරීම,

05.දේශීය ණය ප්‍රතිව්‍යුහ කරණයක් සිදු කිරීමට සිදුවන්නේ නම් රාජ්‍ය බැංකු, පෞද්ගලික බැංකු සේවක අර්ථසාධක අරමුදල වැනි රාජ්‍ය අරමුදල්, පෞද්ගලික භාර අරමුදල් ආදිය සඳහා දායක වී ඇති සියලුම පාර්ශව එක හා සමාන තත්වයේ සළකමින් ඔවුන් සැමට කිසිදු ගැටලුවක් ඇති නොවන ක්‍රම වේදයක් සැලසුම් කිරීම, කෙසේ වෙතත් අප විසින් ඉදිරිපත් කරනු ලබන කරුණු කෙරෙහි අවධානය යොමු නොකරමින් බැංකු පද්ධතිය හා කොටස් වෙළඳ පොල ක්‍රියාවලිය හදිසියේ අඩපන කරමින් ආණ්ඩුවේ බලහත්කාරය භාවිතා කරමින් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයකට කටයුතු කරයි නම් ඒ හරහා රටේ ආර්ථිකයට, බැංකු පද්ධතියට ගනුදෙනුකරුවන්ට, EPF, ETF ඇතුලු සමාජ ආරක්ෂණ අරමුදල්වලට අගතියක් සිදුවන්නේ නම් ආණ්ඩුව සෘජුවම ඊට වගකිව යුතු අතර එම සියලුම පාර්ශවයන් සුරක්ෂිත කිරීම වෙනුවෙන් අප සංගමය කොන්දේසි විරහිතව පෙනී සිටින බවද අවධාරණය කර සිටිමු.

මෙම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය රජය හා රජයට ණය සැපයූ ණය හිමියන් අතර සිදුවන සංක්‍ෂිප්ත ක්‍රියාවලියක් බැවින් ද බැංකු පද්ධතියේ තැන්පත්කරුවන් හෝ ගණුදෙනුකරුවන් කෙරේ හදිසි සෘජු බලපෑම් ඇති නොකෙරෙන බැවින්ද අනවශ්‍ය ලෙස කලබල නොවන මෙන් ගනුදෙනුකාර ප්‍රජාව වෙතින් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

මෙයට විශ්වාසී,

රන්ජන් සේනානායක
ප්‍රධාන ලේකම්

ලංකා බැංකු සේවක සංගමය
Ceylon Bank Employees' Union - CBEU
2023.06.27

27/06/2023

Subscribe today ​ Tube for Latest News, Entertainments and Politics videos from Sri Lanka. on:Official websi...

Address

No : 20 , Temple Road
Colombo
01000

Telephone

+94112693811

Alerts

Be the first to know and let us send you an email when Ceylon Bank Employees' Union - CBEU posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ceylon Bank Employees' Union - CBEU:

Videos

Share

Nearby media companies


Other News & Media Websites in Colombo

Show All