Ceylon Chaliar Society

Ceylon Chaliar Society පහතරට බ්‍රහ්මණ වංශය 'සලාගම'

ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව....හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත...
01/10/2024

ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව....

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිලක මහමුදලිවරයා උපන්නේ මෙම වලව්වේය. එසේම එම වලව්වේ උපත ලැබූ අනිත් ශ්‍රේෂ්ඨතමයා වන්නේ නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අධිකරණ ඇමැතිවරයා වූ ශ්‍රීමත් ලලිත අභය රාජපක්ෂ මහතාය. හාරඹ වලව්ව අද මාපිය සෙනෙහස අහිමි දරුවන්ට සෙවණ ලබාදෙන නිවහනකි. මේ හාරඹ වලව්වේ ඉතිහාසය හා අද තත්වය සොයාගිය ගමනක කෙටි සටහනකි. ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිලක මහමුදලිතුමා උපත ලැබුවේ 1816 වසරේදීය. ඒ ඓතිහාසික බලපිටිය හාරඹ වලව්වේදීය.

ගාල්ල - කොළඹ මහාමාර්ගයේ බලපිටිය රේවත ජාතික පාසල දක්වා දිවෙන මාර්ගයේ ටික දුරක් ගොස් දුම්රිය හරස් මාර්ගය පසුකොට ඉදිරියට යන විට දිස්වන්නේ මෙම වලව්වය. ගල්මන්ගොඩ පිහිටි හාරඹ වලව්වට අප පිවිසිය යුත්තේ පිවිසුම් මග දෙපස පිහිටි නාගස් වියන යටිනි. මෙම දැවැන්ත නාගස් වසර සියයකට වඩා පැරැණිය. හාරඹේ ද සොයිසා ජයතිලක මුදලිතුමාගේ පුතකු ලෙස මෙලොව දුටු ලු‍වී ද සොයිසා අකුරු කරන්නේ එවකට වැලිතොට (බලපිටිය) මරදාන පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙනි. සංසාර පුරුද්ද අනුව උපතින්ම ගෙන ආ දක්ෂතාවයේ ප්‍රතිඑලය වනුයේ උපන් ගමට පමණක් නොව උපන් රටට ද අග්‍රගණ්‍ය පඬිවරයකු බිහිවීමය.

රජ්ජුරුවන්ගේ කන්තෝරුවේ ‘මුහන්දිරම්’ පදවියෙන් පමණක් නොව ලු‍වී ද සොයිසා ජයතිලකයන් රජයේ භාෂා පරිවර්තක තනතුරින්ද පිදුම් ලැබුවේය. ඔහුගේ රජයේ මුල්ම පත්වීමය. ඒ 1845- වසරේ ජුනි මස 01 දා වැනි දිනකය. එසේ ඇරඹුණ රාජ්‍ය සේවයේ දැක්වූ නිසඟ දක්ෂතාව නිසා රුපියල් එක්දහස් අටසීයක වාර්ෂික වැටුපක් සහිතව සිංහල තෝල්ක මුදලි හා ප්‍රධාන භාෂා පරිවර්තක තනතුරට උසස්වීම් ලබාගැනීමට සමත්විය. 1867 වසරේදී බෙන්තර වලල්ලාවිට කෝරළයේ මුදලි පදවිය හා වාසල මුදලි පදවිය මෙන්ම සමස්ත ලංකා සාම විනිසුරු පදවියෙන්ද පිදුම් ලැබුවේය.

එකල ස්වදේශිකයකුට ලබාගත හැකි උසස්ම පදවිය වූ මහමුදලිකම ලු‍වි ද සොයිසා මුදලි වෙත පිරිනමනුයේ 1879 වසරේදීය. අශ්වගාලක් , ඇත්ගාලක් මෙම මහමුදලිවරයාට තිබූ බව පැරැන්නෝ කියති. සාමාන්‍ය මිනිසකුගේ හිසට වඩා මෙම මහමුදලිතුමාගේ හිස විශාල බව ද කියති. කොස්ගොඩ දෙවැනි වලව්වේ මුහන්දිරම්ගේ දියණියවූ සොපායා ද සිල්වා ගුණසේකර අභය ශ්‍රී වර්ධන මෙනෙවිය සමග යුගදිවිය ඇරඹූ මහමුදලි ලු‍වී ද සොයිසා වියතාණන් විවාහයෙන් පසුව කොස්ගොඩ කුඩාගොඩගම මහවලව්වේ ජීවත්වූ බවද කියවේ.

භාෂා දැනුමට අමතරව ජ්‍යොතිෂය ගැන මෙන්ම වෙදකම ගැනද දැනුමක් මෙම මහමුදලිවරයාට තිබී ඇති බව කියැවේ. මෙම මහමුදලිවරයාට පුතුන් දෙදෙනෙකු හා දියණියන් දෙදෙනෙක්ද වූ බවත් මෙතුමා කලක් බලපිටිය ගොඩගෙදර පිහිටි ‘ගජේරුව”‍ වලව්වේ ජීවත් වූ බවද සඳහන් වේ. ලංකාවේ පැරැණි ලිපි ලේඛන සොයා ගැනීමේ වගකීම සුදු පාලකයන් පැවරුවේ ලු‍වී ද සොයිසා මහමුදලිතුමාටය. රටපුරා විහාරස්ථාන කරා ගොස් විහාර පොත්ගුල් පරීක්ෂා කොට පුස්තක (පුස්කොළ) නාමාවලිය සකස් වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි.

1885 වසරේ දී එය මුද්‍රණයෙන් පළකෙරුණි. වැදි ජනයාගේ සම්භවය ගැන පර් යේෂණ කළ මෙම වියත් මහමුදලිවරයා සත්කෝරලයේ පර් යේෂණ කටයුතුවලදී රිදී විහාරයේ තිබී “පදසාධන ටීකාව”‍ සොයාගත්තේ 1873 වසරේදීය. මුල්කිරිගල විහාරයෙන් හමුවූ මොග්ගල්ල යන විත්ති සන්නස මෙන්ම යටපත්ව තිබූ ජාතක කතා වස්තු කීපයකම සැඟව තිබූ නම් සොයා කළ ගවේෂණයේ අවසන් ප්‍රතිඵලය වූයේ පන්සිය පනස් ජාතක පොත අද පවතින මට්ටමට සකස්වීමය. ඊට පුරෝගාමී වූයේ මහවියත් ලු‍වී ද සොයිසා මහමුදලිතුමාය. දැනට අප රටේ පවතින පළාත් මායිම් සීමා නිර්ණය කිරීමේ දී අවශ්‍ය කඩයිම් ඉංග්‍රීසී ආණ්ඩුවට ලබා දී තිබෙන්නේද මේ මහා මුදලිවරයාය. විවිධ පැතිකඩ ඔස්සේ ලිපි හා ග්‍රන්ථද රචනා කරමින් ශාස්ත්‍රීය මෙහෙවරක ද නිරත වීය. රාජකීය ආසියාතික සංගමයට අනුබද්ධ ලංකා ආසියාතික සංගමයේ සාමාජිකත්වය 1845 වසරේදී ලබාගත් අතර ඉන් ටික කලකදී එහි කාරක සභාවට ද පත් විය.

1866 වසරේදී පුස්තකාලයාධිපති තනතුර හෙබවූ මේ මහ මුදලිවරයා කොළඹ කෞතුකාගාරයේ ප්‍රථම පුස්තකාලයාධිපති ලෙසද පත්විය. 1884 වසරේදී මාර්තු 2 වෙනිදා කොස්ගොඩ මහ වලව්වේදී මහවියත් ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිලක මහමුදලිතුමා සිය දිවියෙන් සමුගත්තේ ශාස්ත්‍රීය ජාතික මෙහෙවරක් කරමින් උපන් රටට සිය යුතුකම ඉටු කරමිනි. මහ වියත් ලු‍වී ද සොයිසා මහමුදලිතුමාගේ මුනුබුරකු වූ නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අධිකරණ ඇමති ධුරයට පත් ශ්‍රීමත් ලලිත රාජපක්ෂ මහතා උපන්නේද මෙම බලපිටිය හාරඹ වලව්වේදීය. එංගලන්තයට ගොස් නීතිය පිළිබද ආචාර්ය උපාධියක් ලබාගත් ලලිත රාජපක්ෂ මහතා ජාතික ධජය නිර්මාණය කිරීමේ කමිටුවේ සාමාජිකයකු ද විය.

එසේම බලපිටියේම උපත ලැබූ වාදීභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද නාහිමියන්ද බෞද්ධ ධජය නිර්මාණය කිරීමේදීද පුරෝගාමී නායකත්වයක් දුන් බව මෙහිදී කෘතවේදීව සිහිපත් කළ යුතුය. රාජ නීතීඥවරයකුද වූ ලලිත රාජපක්ෂ මහතා බලපිටිය රේවත ජාතික පාසලේ ආදි කතෘවරයාය. රේවත ජාතික පාසලේ ප්‍රාථමික අංශය ආරම්භ කළේද අක්කර 4 කින් සමන්විත මෙම ඉඩමේ පිහිටි හාරඹ වලව්වට යාබදවය.

මෙතුමා බලපිටිය ගුරු විදුහල තැනීමට ද අක්කර 20 වඩා යුත් තම ඉඩකඩම් පරිත්‍යාග කළේ ජාතියේ දරුවන්ගේ අනාගතය වෙනුවෙනි. බලපිටිය තරුණ බෞද්ධ සංගමයේ ආරම්භ සභාපතිවරයකු වූ රාජපක්ෂ මහතා එය බිහි කිරීමේදී පුරෝගාමී නායකත්වයක් දුන්නේය . ඩී. එස්. සේනානායක යුගයේදී බලපිටිය හාරඹ වලව්ව එකල රටේ ප්‍රබල දේශපාලන නායකයන් හා ප්‍රභුන් ආගිය තැනක් විය.

රාජපක්ෂ මහතාගේ දෙටු සොහොයුරිය විවාහ වූයේ කොළඹ මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු වූ ඊ. ඇම්. විජේරාම නැතහොත් එඩ්වින් මැන්ඩිස් විජේරාම මහතා සමගින්ය. සිංහල විශ්වකෝෂයේ වෛද්‍ය විද්‍යාවට සම්බන්ධ වැදගත් විස්තරාත්මක ලේඛන සැපවූයේ විශේෂඥ වෛද්‍ය විජේරාම මහතාය. කොළඹ මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා ලෙස කටයුතු කළ ඔහු තම උපන් ගම වූ බලපිටිය කොස්ගොඩ බෙහෙත් ශාලාවක් තනවා රජයට පරිත්‍යාග කළේය.

එපමණක් නොව විජේරාම යුවළ දිවි ගෙවූ කොළඹ කුරුදුවත්තේ ‘හංස ශ්‍රී’ දෙමහල් නිවස 1964 වසරේ කොළඹ වෛද්‍ය විද්‍යාලයට පරිත්‍යාග කළ අතර තම බිරිඳට දායාද ලෙස ලැබුණු බලපිටිය හාරඹ වලව්ව ද 1974 වසරේදී සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයට පරිත්‍යාග කළේ මාපිය සෙනෙහස අහිමි දියණියන්ගේ සෙවණ වෙනුවෙනි. ඒ අනුව ආරම්භ කළ අනුලා විජේරාම ළමා නිවාසය බලපිටියට ඥාති සබඳකම් ඇති ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපතිවරයා වූ ශ්‍රීමත් විලියම් ගොපල්ලව ජනාධිපතිතුමාගේ සහභාගීත්වයෙන් පරිත්‍යාග කරනුයේ අදට 50 වසරකට පෙරය.

කොළඹ විජයරාම මාවත නමින් නම් වන්නේ වෛද්‍ය විජයරාම මහතා කළ සේවයට උපහාර ලෙසිනි. වසර 200 කට වඩා පැරණි හාරඹ වලව්වේ බිත්ති ගොබලු‍ කහට, බෙලිලාටු මී පැණි හා ගස්වල කහට යුෂ මිශ්‍ර කර ඇති බදාමයකින් ඉදිකර ඇති බව පැරැන්නෝ කියති. ආලින්ද දෙකකින් යුත් මෙහි ඉහළ මාලයේ මුදලිවරුද දෙවන මාලයේ ආරච්චි, විදානේ, කම්කානම්වරු හා සුළු මුලාදෑනිවරුන්ට ආසන පනවා තිබූ බව කියවේ. මෙම ආලින්දය වරෙක අධිකරණ ශාලාවක් ද වී තිබේ. මෙහි ප්‍රධාන උළුඅස්ස ද වසර දෙසීයක් පැරැණි ය. තොරණ ආකාරයෙන් සකස් වූ මෙය මිල කළ නොහැකි වටිනා නිර්මාණයකි. අනුලා විජේරාම ළමා නිවාසය ආරම්භ කිරීමෙන් පසු මෙම වලව්වට යාකර දෙමහල් ගොඩනැගිල්ලක් හා ඒ අවට ගොඩනැගිලි කිහිපයක්ද ඉදිකර තිබේ.

පැරැණිම වලව්වක් ලෙස සැලකෙන මෙම ජීවමානව පවතින වලව්ව පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස සංරක්ෂණ කොට මතු පරපුරට උරුම කර දීම වර්තමානයේ බලධාරීන් සතු යුතුකමක් මෙන්ම වගකීමකි. එසේම ලලිත රාජපක්ෂ ශ්‍රීමතුන්ගේ දියණියක වූ නීතීඥ රමණී රාජපක්ෂ මෙනවිය ද තම දිවංගත පියාණන් අනුස්මරණය කරමින් සිදුකරන නිහඬ සේවාව ද කෘතවේදීව සිහිපත් කළ යුතුය.

(*** අම්බලන්ගොඩ - හේමන්ත ද සිල්වා)
උපුටා ගැනීමකි

 #වලව්_සහ_විලා...! රටක් හෝ ප්‍රාන්තයක් පාලනය කරන රජු ජීවත්වන නිවස මාලිගය යනුවෙන් ඈත අතීතයේ සිට හැඳින් වූ අතර ක්ෂ්ත්‍රියය...
08/07/2024

#වලව්_සහ_විලා...!
රටක් හෝ ප්‍රාන්තයක් පාලනය කරන රජු ජීවත්වන නිවස මාලිගය යනුවෙන් ඈත අතීතයේ සිට හැඳින් වූ අතර ක්ෂ්ත්‍රියයන් ප්‍රධාන අනෙකුත් සෑම නිවසක්ම හැඳින්වූවේ “ගෙදර” යනුවෙන් වන අතර ගෙහිමියාගේ තනතුරට අනුව එම ගෙදරට තවත් විශේෂණ පදයක් එක්වන බවත් ඒ අනුව වෛද්‍යවරයාගේ නිවස වෙද ගෙදර යනුවෙන්ද, අක්ෂි වෛද්‍යවරයාගේ නිවස ඇස් වෙදගෙදර යනුවෙන්ද, කුඹල් කර්මාන්තකාරයාගේ නිවස කුඹල් ගෙදර, රජකයාගේ නිවස රදාගෙදර, බලි ඇදුරාගේ නිවස බලිතියන්නලාගේ ගෙදර, හංගිඩියාගේ නිවස හංගිඩි ගෙදර නමින්ද එකී මෙකී විවිධ තනතුරු දැරූ උදවිය පදිංචිව විසූ නිවාස උසස් පහත් භේදයෙන් තොරව ගෙදර යනුවෙන් ඈත අතීතයේ හෙළ රජ දවස හැඳින්වූ බැව් “කන්ද උඩරට සමාජ සංවිධානය” (පිටු 36) කියයි.

එදා පැවති ජන සමාජය තුළ විවිධ සේවා කටයුතු සඳහා කුල ක්‍රමයක් පැවැති නමුත් කුල භේදය නොතිබුන බැව් ඓතිහාසික කටයුතු පිළිබඳ පුළුල් පර්යේෂණයක යෙදෙන විට මැනවින් පෙනී යන සත්‍යයකි.
වලව්ව හෝ වලව් යනු ස්වදේශික ජන ප්‍රධානීන් නොහොත් වංශාධිපතීන්ගේ නිවාස හෙවත් වාසස්ථාන වේ. වලව්ව යන පදය ව්‍යුත්පන්න වී ඇත්තේ සුවිශාල වත්ත, වංශාධිපතිත්වය යන අර්ථය ඇතිව වංශාධිපතීන්ගේ සුවිසල් නිවස යන අර්ථයෙන්‍ ය.

ලාංකික සමාජයේ වලව් වල මුදුන් මල්කඩ වාසල වලව් වේ. වාසල යන්න වසල් යන දෙමළ වචනයෙන් බිදී ආ පිවිසුම සන අර්ථය දනවන්නකි. මෙම වාසල වලව් පාරම්පරික ස්වදේශික රදලවරුන්ගේ නිවාස හෙවත් වාසස්ථාන වේ.

අවසන් රාජධානි සමයේ වලව් සාම්ප්‍රදායිව මහනුවර රාජධානියේ රාජකීය සභාවේ නිළමක්කරුවන් ( රදලවරු ), රාජකීයයන්ගේ නිවාස හෙවත් වාසස්ථාන වලව් ලෙස පෙන්වාදිය හැකිය, මෙම වලව් අවසන් රාජධානි පාලන ප්‍රදේශය තුල පවතී.
මීට අමතරව ස්වදේශික වංශාධිපතීන් වූ වන්නිරදලවරුන්ගේ නිවාස හෙවත් වාසස්ථාන ද වලව් ලෙස හදුන්වා දිය හැකි වේ. මේවා අදවන විට දැකගත් නොහැකි අතර නුවරකලාවිය ප්‍රාදේශයේ පැවතී ඇත.
ඒ අනුව බලන කල වලව් යනු ස්වදේශික වංශාධිපතීන් හෙවත් පාරම්පරික රදලවරුන්ගේ නිවාස හෙවත් වාසස්ථාන වේ.
ඉපැරණි වලව් මැටි වරිච්චිබිත්ති බැදි, සුදු හුණු පිරියම් කර, සිංහල කොකු උළු සෙවිලි කල බිම ගොඩ මැටි ගා තිබෙන නිවාස විය. (එච්.සී.පී. බෙල් ක්‍රි.ව 1892 දී සිය වාර්තාවේ සඳහන් කර ඇත. ) වලව්ව පිළිබඳ එච්.සී.පී. බෙල් එදා මෙසේ කීවත් , රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි මඩුවන්වල වලව්ව ආදී වලව් රජ මැදුරුවලට පමණක් දෙවැනි වූ බැව් බෙල්ට නොපෙනීම පුදුමයකි. පසුව සමාජයේ දියුණුවත් සමග හා යටත් විජිත සමයේ ගෘහනිර්මණ ශිල්පයත් එක්වී දෙමහල්, කාමර සංකීර්ණ , මැද මිදුල්, සොල්දර සහිතව වැඩිදියුණු වී අද දැක ගත හැකි වලව් ගොඩනැගී ඇත.
ක්‍රි.ව. 1739 දී අප රට තුළ ආරම්භ වූ දකුණු ඉන්දියානු නායක්කර රාජ්‍ය පාලනය යුගයේ දී ප්‍රභූන් පදිංචි නිවාස “වලව්” යනුවෙන් හැඳින්වූ අතර එය තෙළිඟු බසින් ශබ්ද වූවයි “ශ්‍රී ලංකා දීප වර්ණනා” ග්‍රන්ථයේ (පිටු 33) සඳහන් වේ. පුරාණ රදළවරුන්ට නඩු ඇසීමට බලතල තිබුණ අතර ඔවුන් එම නඩු විභාග කිරීම සිය නිවසේවලම සිදුකළ බැවින් “වලවුම්” යනුවෙන් එම නිවෙස්වලට භාවිතා කළ බවත් “වලකු” යනුවෙන් නඩුවට ද්‍රවිඩ බසින් භාවිතය වන බවත් මේ පිළිබඳ “කන්ද උඩරට සමාජ සංවිධානය “(පිටු 36) සඳහන් කර ඇත.
මේ අනුව විමසා බලන විට ක්‍රි.ව 1739 සිට අද දක්වා ශ්‍රී ලංකාවේ ප්‍රභූ නිවාස වලව් යනුවෙන් බෙහෙවින් හැඳින්වෙන බැව් කිව හැකිය.
ක්‍රි.ව 1734 සිට වලව් සංඛ්‍යාව අනුක්‍රමයෙන් වැඩි වූ නමුත් ක්‍රි.ව 1510 දී පමණ හා ඊටත් වඩා ඉපැරණි වලව් අප රට තුළ තිබුණ බවට සාක්ෂි ඇත.

මේ අනුව විමසා බලන විට ද්‍රවිඩ හා තෙළිගු වචන පුරාණ සිංහල රජ යුගයේ සිට (ක්‍රි.ව 1500) ව්‍යවහාරවූ බව සැක සිතිය හැක. අටදාගේ වත්ත වලව්ව ක්‍රි.ව 1630 පමණ ඉදිකළ බවට සාක්ෂි ඇත.

15 වැනි සියවසේ සිට සිංහල රජ පවුලට හා පොදුවේ මුළු මහත් රජයටම දකුණු ඉන්දියානු බලපෑම සංස්කෘතික වශයෙන්ද ක්‍රියාත්මක වූ බැව් මේ අනුව සිතාගත හැක.
''VILLA'' විලා ඉංග්‍රීසි වචනයෙන් “වලව්ව” සෑදුන බැව් තවත් මතයකි. නමුත් ඉංග්‍රීසීන් හෙළදිවට පා තැබීමට පෙර සිට හෙළදිව “වලව්” තිබුණ බැව් මතක් කළ යුත්තකි.
වර්ෂ 1815 දී සිංහලේ රාජ්‍ය බිඳවැටීමෙන් අනතුරුව යටත්විජිත / වැඩවසම් යුගයේදී ලංකා සමාජය තුල සුවිශාල මංදිර ඉදිවිය, මෙම නිවාස එකල ඉංග්‍රීසී යටතේ ව්‍යාපාරකල, මුදලි පට්ටම් ලත් ස්වදේශික පහටරැටියන් මෙන්ම පෘතුගීසි හා ලංදේසි සමයන් වල මෙන්ම ඉංග්‍රීසී සමයේ මෙරටට යම් යම් සේවාවන් සදහ මෙන්ම ඔවුන්ගේ නිවාසවල වැඩකටයුතු සදහා ගෙන ආ පරපුරවල්වල අය විසින් ඉංග්‍රීසීන්ගෙන් ලද මුදලිපට්ටම්, ඉඩකඩම් හා රේන්දක්‍රමය යටතේ මුදල් හම්බකරමින් සකස්කරගත් සුවිශාල මංදිරයන් වර්ථමානයේ වලව් ලෙස හැදින්වුවද ඒවා විලා යටතට අයත් වන අතර ඒවා වලව් ලෙසසැලකිය නොහැකිය.
මෙම විලා මීගමුව, බස්නාහිර, දකුණ ප්‍රදේශය වල ව්‍යාප්තව පවතී.

වලව් හා විලා පටලවා ගෙන සිටින වර්තමාන ජන සමාජය මෙහි වෙනස දැන ගැනීම අගනේය.

G.P De Silva & Sons  International (Pvt) Ltd.A glimpse of the history of a legacy ...                     The Garumuni F...
31/03/2024

G.P De Silva & Sons International (Pvt) Ltd.
A glimpse of the history of a legacy ...
The Garumuni Family, a highly respected and a noteworthy family of the Southern Province Balapitiya, was led by thriving business for generations. The legendary Garumuni Karolis De Silva, father of young "Garumuni Peter De Silva" was a highly business minded and a striving professional. Mr. Karolis De Silva and his brothers owned a variety of wholesale supermarkets in Amabalangoda in the 1800s. Following the untimely demise of Mr. Karolis De Silva, his only son Peter was only a few years old, destined to start from the very beginning. At the age of 18 after finishing school, Garumuni Peter De Silva began an interest in Ceylon cinnamon. The trust and the faith other businessmen had built for his father helped young Peter. Hailing from the Southern province of Sri Lanka famed for Ceylon cinnamon cultivation, Garumuni Peter De Silva initiated the trading of Ceylon cinnamon to the local market in the early 1940’s.

After a while, still at the growing stages in the industry he met Miss. Ranmuni Leelawathi De Zoysa, his loving wife. After a few years of marriage, was born Mr. Garumuni Edward Lal De Silva, a willing and an eager son and a bright light that dawned upon Mr. G. P. De Silva. At this point, Mr. G. P. De Silva had his own office space, storage premises and an established trustworthy set of clients. Mr. G. P. De Silva provided to exporters with loose bales of Cinnamon in large volumes at this time.

img1
After school years, Mr. G. Lal De Silva joined his father at 22 years of age, which instigated the journey to reaching global markets. Along with his eldest son, Mr. G. P. De Silva traveled back and forth to Colombo, met with potential buyers and searched for ways to ship cinnamon overseas day and night. Mr. G. Lal De Silva, a mastermind and an expert in Ceylon cinnamon brought the company his father started into the next step in expansion. After joining the company in 1978, Mr. G. Lal De Silva was able to elevate the whole company by making the first shipment of Ceylon Cinnamon to Chile. Thus, began the journey abroad to acquire the international market for Ceylon Cinnamon. After the shipment to Chile, GPDS began shipping in large volumes mainly to Mexico, the South and Central American region, U.S.A, Spain and other European countries.

In the meantime, Mr. Garumuni Nihal De Silva joined the business after his school years. Along with Mr. G. P. De Silva and his sons G. P. De Silva & Sons International Pvt Ltd, flourished in the Ceylon Cinnamon industry ultimately becoming No. 1 in Sri Lanka. Mr. G. P. De Silva the pioneer, having done a vast service to his family, society and to the Ceylon Cinnamon industry passed away in his late 60s. He was immensely happy and relieved at the time of his death to see that his sons have progressed to be ethical, successful and gifted individuals.

After Mr. G. P. De Silva’s passing away, began the era of Mr. G. Lal De Silva to continue the Garumuni legend. Mr. G. Lal De Silva has built a Ceylon Cinnamon empire with his 40+ years’ experience in the Cinnamon and spices industry and has been able to take the GPDS name to consumers around the world. GPDS is one of the very few export companies in the Ceylon Cinnamon and spices industry adhering to the high standards set by EU and other countries with high quality standards.

63 years later, GPDS maintains the No. 1 position for Ceylon Cinnamon exports and is now a third generation company consisting of young, highly ambitious, talented and determined entrepreneurs with decades of international exposure. Having experienced the international markets for decades, having researched on consumer trends, and world demands, GPDS is a game changer in understanding the international requirements, receiving international recognition, dominating the Ceylon Cinnamon industry, acquiring many other business entities and standardizing the Ceylon Cinnamon industry.

G.E. Lal De Silva – The King of Cinnamon !

G.E. Lal De Silva, the eldest son of Mr. G. P. De Silva is the mastermind behind the success of Cinnamon Empire created by G. P. De Silva & Sons today. Hailing from the South, Mr. Lal De Silva was born and brought up in Balapitiya, Randombe, Sri Lanka the main hub for True Ceylon Cinnamon. Mr. Lal De Silva dedicated his life to Cinnamon in 1970s becoming an expert in Cinnamon. It is his vision, courage and determination that made GPDS the global export company it is today. Mr. Lal De Silva initiated the first GPDS Cinnamon shipment to Chile in 1979, which instigated the journey to ultimately become the No. 1 Ceylon Cinnamon exporter in Sri Lanka today. Mr. Lal De Silva has been recognized as the Entrepreneur of the year in multiple years for his immense commitment and dedication in the Cinnamon industry. Mr. Lal De Silva was successful in taking GPDS into new heights becoming the world’s No. 1 True Ceylon Cinnamon exporter. His good name is well respected and world famous among industry leaders around the world, for the supply of 100% pure Ceylon Cinnamon from Sri Lanka.

“Trustworthiness with proper action protects the people who follows it” – G. E. Lal De Silva

Contact
Head Office
27/A, 1st Templers Mawatha
Off Templers Road
Mount- Lavinia
Sri Lanka

Tel
+94 11-2717821, 2725020

Fax
+94 11-2733371

Spice Factory
27/A, 1st Templers Mawatha
Off Templers Road
Mount- Lavinia
Sri Lanka

Tel
+94 11-2717821, 2725020 Ext: 119

Fax
+94 11-2733371

Cinnamon Processing Factory
Rockland Villa
Galle Road
Randombe
Ambalangoda
Sri Lanka

Email Us
[email protected]
[email protected]

කොස්ගොඩ කුරුඳු වගාව : Kosgoda Cinnemon Cultivation ...................................Kosgoda was traditionally associat...
29/02/2024

කොස්ගොඩ කුරුඳු වගාව : Kosgoda Cinnemon Cultivation ...................................

Kosgoda was traditionally associated with the cultivation, fishing and production of cinnamon. Prior to the arrival of Europeans the Sinhala kings had been long been trading in cinnamon, with Sri Lanka's cinnamon considered to be the world's finest, selling on the European markets at a high price. The highest quality cinnamon coming from around Negombo, Colombo, Kalutara and Galle. The Portuguese were initially satisfied with the cinnamon produced by the Kotte kingdom, which had a royal monopoly on the trade. They subsequently increased cinnamon collection, with each cinnamon peeler required to provide a specified quantity of cinnamon. The various cinnamon workers, such as collectors and peelers, were tightly organized. Welitara and Kosgoda were reserved for the Chaliyas, who were obliged to collect cinnamon. When the Dutch defeated the Portuguese in 1658, the Dutch East Indies Company took control of the cinnamon trade. In order to increase production the Dutch commenced the domestication cultivation of cinnamon, with cinnamon production moving to the western and southern coastal areas of the island. Following the British taking control of the island from the Dutch in 1796 the cinnamon monopoly moved to their control, however the relative importance of spices in the world market was declining due to the emerging plantation crops such as tea and rubber.

Kosgoda is particularly renowned for its sea turtle conservation project operated by the Wildlife Protection Society of Sri Lanka. It was established in 1988 to protect Sri Lanka's turtles from extinction.🇱🇰

කොස්ගොඩ සාම්ප්‍රදායිකව කුරුඳු වගාව, මසුන් ඇල්ලීම හා නිෂ්පාදනය කිරීම හා සම්බන්ධ විය. යුරෝපීයයන් පැමිණීමට පෙර සිංහල රජවරු දිගු කලක් කුරුඳු වෙළඳාම් කරමින් සිටි අතර, ශ්‍රී ලංකාවේ කුරුඳු ලෝකයේ හොඳම ඒවා ලෙස සැලකෙන අතර යුරෝපීය වෙළඳපොළවල ඉහළ මිලකට අලෙවි විය. , මීගමුව කොළඹ කළුතර සහ ගාල්ල අවට සිට එන ඉහළම තත්ත්වයේ කුරුඳු ය. වෙළඳාමේ රාජකීය ඒකාධිකාරයක් ඇති කෝට්ටේ රාජධානිය විසින් නිෂ්පාදනය කරන ලද කුරුඳු ගැන පෘතුගීසීන් මුලින් සෑහීමකට පත්විය. පසුව ඔවුන් කුරුඳු එකතු කිරීම වැඩි කළ අතර එක් එක් කුරුඳු පීලර් නිශ්චිත කුරුඳු ප්‍රමාණයක් සැපයීමට අවශ්‍ය විය. එකතුකරන්නන් සහ පීලර් වැනි විවිධ කුරුඳු කම්කරුවන් දැඩි ලෙස සංවිධානය විය. කුරුඳු එකතු කිරීමට බැඳී සිටි චාලියවරුන් සඳහා වැලිතර (බලපිටිය) සහ කොස්ගොඩ වෙන් කර තිබුණි. 1658 දී ලන්දේසීන් පෘතුගීසීන් පරාජය කළ විට, ලන්දේසි නැගෙනහිර ඉන්දීය සමාගම කුරුඳු වෙළඳාම පාලනය කළේය. නිෂ්පාදනය වැඩි කිරීම සඳහා ලන්දේසීන් කුරුඳු වගා කිරීම ආරම්භ කළ අතර කුරුඳු නිෂ්පාදනය දිවයිනේ බටහිර හා දකුණු වෙරළබඩ ප්‍රදේශ කරා ගමන් කළහ. 1796 දී බ්‍රිතාන්‍යයන් විසින් ලන්දේසීන්ගෙන් දිවයින පාලනය කර ගැනීමෙන් පසුව කුරුඳු ඒකාධිකාරය ඔවුන්ගේ පාලනයට ගෙන ගියද, තේ සහ රබර් වැනි නැගී එන වැවිලි භෝග හේතුවෙන් ලෝක වෙළඳපොලේ කුළුබඩු වල සාපේක්ෂ වැදගත්කම අඩු වෙමින් පැවතුනි.

කොස්ගොඩ ශ්‍රී ලංකාවේ වනජීවී ආරක්ෂණ සංගමය විසින් මෙහෙයවනු ලබන මුහුදු කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය සඳහා විශේෂයෙන් ප්‍රසිද්ධය. ශ්‍රී ලංකාවේ කැස්බෑවන් වඳවී යාමෙන් ආරක්ෂා කිරීම සඳහා 1988 දී එය පිහිටුවන ලදී.

චිත්‍රානන්ද අබේසේකර (1930-1992)සිංහල සේවා හිටපු අධ්‍යක්ෂ (S.L.B.C.)'අගන්පොඩි හරින්ද්‍රනාත් චිත්‍රානන්ද මෙන්ඩිස් අබේසේකර'...
29/02/2024

චිත්‍රානන්ද අබේසේකර (1930-1992)
සිංහල සේවා හිටපු අධ්‍යක්ෂ (S.L.B.C.)

'අගන්පොඩි හරින්ද්‍රනාත් චිත්‍රානන්ද මෙන්ඩිස් අබේසේකර' 1930 මාර්තු 7 වන දින ගාලේ දිස්ත්‍රික්කයේ කොස්ගොඩ නම් සුන්දර වෙරළබඩ නගරයක උපත ලැබීය. ඔහු 'අගන්පොඩි ලුවී මෙන්ඩිස් අබේසේකර' මහතා සහ 'දේගිරි රොස්ලින් හෙන්රි ද සොයිසා' මහත්මියගේ එකම දරුවා විය. චිත්‍රානන්ද නම් මෙම කාව්‍යමය නාමය ලබා දී ඇත්තේ ඔහුගේ මාමා වන පීටර් හෙන්රි ද සොයිසා මහතා විසිනි.

ඔහු හැදී වැඩුණේ ඔහුගේ මාමා වන පී.
චිත්‍රානන්දගේ පියා ගමේ ප්‍රධානියා වූ අතර ඔහුගේ ජනතාව අතර ඉතා ජනප්‍රිය වූයේ "ලුවී පොලෝසියී මහත්තයා" ය. චිත්‍රානන්දගේ මිණිබිරිය වූයේ අගන්පෝඩි අරලිස් මෙන්ඩිස් අබේසේකර මහතාය. "පංචංග ලිත්" (වර්ෂය සඳහා සුබ කාල දින දර්ශනය ලැයිස්තුව) පිහිටුවීමට මෙම පවුල වගකිව යුතු විය.
ඔහුගේ උපතේදී, ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ් poet කවියෙකු සහ චිත්‍රානන්දගේ relative ාතියෙකු වන ආනන්ද රාජකරනු මහතා සිය කේන්දර සටහන කියවා ඇති අතර, යම් දිනෙක චිත්‍රානන්දට තම රට වැසියන් විසින් විශාල වශයෙන් (ඔහුගේ ජයග්‍රහණ මත) ගෞරව කරනු ඇති බවත්, මහිමය ගෙන එනු ඇති බවත් පුරෝකථනය කර තිබේ. ඔහුගේ උපන් ගම; එය අවසානයේ යථාර්ථයක් බවට පත්විය… වසර 52 කට පසුව.
ඔහු සිය ප්‍රාථමික අධ්‍යාපනය කොස්ගොඩ සිංහල පාසලෙන් ආරම්භ කළ අතර වයස අවුරුදු නවයේදී චිත්‍රානන්ද කොළඹ නාලන්දා විද්‍යාලයට ඇතුළත් විය. චිත්‍රානන්ද කොළඹට ගෙනයාමට ඔහුගේ මාමා (මවගේ බාල සහෝදරයා) පී. එච්. හෙන්රි ද සොයිසා මහතා වගකිව යුතු විය. සුප‍්‍රසිද්ධ සමාජ සේවකයෙකු වන සොයිසා මහතා "සෞක්‍යදාන ව්‍යාපාරය" සහ "අක්ෂිදාන සංගාමය" පිහිටුවීමේ වගකීම දැරීය. චිත්‍රානන්ද පාසල් විවාද කණ්ඩායමේ සහ පාසලේ සංස්කෘතික සංගමයේ කැපී පෙනෙන සාමාජිකයෙකි. ඔහු තම උපදේශක සහ ගුරුවරයා වන යූ. ඒ. එස්. පෙරේරා (සිරි අයියා) ගේ සහාය ඇතිව ශිෂ්‍යයෙකු ලෙස සිය පළමු කාව්‍ය ග්‍රන්ථය (සරසවි ගීතායා) ප්‍රකාශයට පත් කළේය. මෙම පොතේ තවත් වැදගත් කරුණක් වූයේ එහි ආවරණ පිටුව නිර්මාණය කර ඇත්තේ මහා කවියෙකු වන වෙනි විසිනි. වතුරේගම විමලකිති තෙරෝ (ඉදිරි වර්ෂවලදී ඔහු විමලේන්ද්‍ර වතුරගම ලෙස ප්‍රසිද්ධ විය).
චිත්‍රානන්ද ඒ වන විටත් පුවත්පත්, සංස්කෘතික සඟරා වෙත ලිපි ලියමින් සිටි අතර ගුවන් විදුලි වැඩසටහන් සමඟ සම්බන්ධ වී ජනතාව අතර ජනප්‍රිය විය. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛයන් දෙදෙනා වන රිජ්වේ තිලකරත්න (එස්එල්බීසී හිටපු අධ්‍යක්ෂ ජනරාල්) සහ කරුණාරත්න අබේසේකර (සුප්‍රසිද්ධ ගීත රචක-විකාශක) ඔහුගේ කැපී පෙනෙන පන්තියේ මිතුරන් විය. නාලන්දා විද්‍යාලයට කීර්තියක් ගෙන දුන් ඔහුගේ අනෙක් මිතුරන් සහ සගයන් වන්නේ ස්ටැන්ලි ජයසිංහ, හරිස්චන්ද්‍ර විජේතුං, ගුණදාස අමරසේකර, සුමන අක්මීමන, රූපා කරුණාතිලකේ, ධර්මසේන ආටිගල, මිනිවන් පී. තිලකරත්න, හෙන්රි ජයසේන සහ ආචාර්ය හඩ්සන් සිල්වා ය. තරුණ චිත්‍රානන්ද නාලන්දා විද්‍යාලයේ ජ්‍යෙෂ් Senior ශිෂ්‍යභට බලකායේ කෝප්‍රල්වරයෙකි..

1949 දී චිත්‍රානන්ද ඩෙඩිගම මැතිවරණ කොට් in ාශයේ මෙනිකදවරා නම් ග්‍රාමීය පාසලක සහකාර ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස වැඩ කිරීමට පටන් ගත්තේය. වසරකට පසුව, ඔහු මෙම තනතුරෙන් ඉවත් වූයේ රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවට, නිල භාෂා කොමිසමට සහ අවසානයේ නිල භාෂා කාර්යාංශයට අත දීමටය. කෙසේ වෙතත් 1950 සිට ඔහු රේඩියෝ ලංකාවේ නාට්‍ය, කවි සහ වෙනත් විනෝදාත්මක වැඩසටහන් සඳහා ආගන්තුක නිෂ්පාදකයෙකු විය. ඔහු 1956 දී එම ආයතනයේම ස්ථිර කාර්ය මණ්ඩලයට බැඳෙන තෙක්.

1957 දී චිත්‍රනාන්ද දයා රාමනායක මහත්මිය සමඟ විවාහ ජීවිතයට අවතීර්ණ විය. විවාහ උත්සවය කොළඹ වෙල්ලවත්ත සැවෝයි රඟහල ශාලාවේදී පැවැත්විණි.
බොහෝ කවීන් වෘත්තිකයන් ලෙස ඔවුන්ගේ කෘති ප්‍රකාශයට පත් කර ඇත. චිත්‍රානන්දගේ පළමු සිංහල කවි එකතුව (සිංහල පද) ඔහු කොළඹ නාලන්දා විද්‍යාලයේ ශිෂ්‍යයෙක්ව සිටියදී දවසේ ආලෝකය දුටුවේ “සරසවි ගිතයා” නම් පාසල් ළමයාගේ කවි පොතයි. චිත්‍රානන්ද කවියෙකු ලෙස කීර්තියට පත්වූයේ ඔහුගේ උපදේශක යූ. ඒ. එස්. පෙරේරා, නාලන්දා ගුරුතුමිය සහ කවියා සමඟය. පසුව ඔහු නීති students වරයකු (නීති oc යෙකු) බවට පත්විය. ඔහුගේ ගුරුවරයා වන සිරි අයියා ලෙස ජනප්‍රිය වූ යූ. ඒ. එස්. පෙරේරා, අගනුවරු තාරුණ කවි සමාජයේ සභාපති ලෙස පූර්වගාමියා විය. ඔහු සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සාහිත්‍ය උපදේශක සභාවේ සහ රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ චිත්‍රපට පිටපත් ඇගයීම් මණ්ඩලයේ සාමාජිකයෙකු ද විය.

චිත්‍රානන්දට කවි පොත් එකොළහක් (11), එකක් (1) කවි සම්පාදනය, කෙටිකතා පොත් තුනක් (3) සහ එක් (1) නවකතාවක් ඔහුගේ ගෞරවය සඳහා තිබේ.

Chithrananda Abeysekera (1930-1992)
Former Director of Sinhala Services (S.L.B.C.)

Aganpodi Harindranath Chithrananda Mendis Abeysekera was born on March 7, 1930 in the beautiful coastal town of Kosgoda in the Galle District. He was the only child of Mr. Louis Mendis Abeysekera and Mrs. DeGiri Roslyn Henry de Zoysa. The poetic name Chithrananda was given by his uncle Peter Henry de Zoysa.
He was raised by his uncle, P.S.
Chithrananda's father was the head of the village and the most popular among his people was "Mr. Louis Polosie." Chithrananda's granddaughter was Aganpodi Aralis Mendis Abeysekera. The family was responsible for setting up the "Panchanga Lit" (auspicious time calendar list for the year).
At his birth, Ananda Rajakaranu, one of Sri Lanka's greatest poets and a relative of Chittarananda, read his horoscope and predicted that one day Chittarananda would be greatly respected and glorified by his countrymen (on his achievements). .
His hometown; It finally became a reality… 52 years later.

He started his primary education at Kosgoda Sinhala School and at the age of nine Chithrananda entered Nalanda College, Colombo. Chithrananda was taken to Colombo by his uncle (mother's younger brother) P. H. Mr. Henry de Zoysa was responsible. Mr. Zoysa, a well-known social worker, was responsible for founding the "Health Donation Movement" and the "Eye Donation Association". Chithrananda is a prominent member of the School Debate Team and the School Cultural Association. He is the mentor and mentor of U.S. that. The. With the help of Perera (Siri Aiya) he published his first book of poetry (Sarasavi Geethaya) as a student. Another important point of this book was that its cover page was created by the great poet Weni. Wathuregama Wimalakithi Thero (in later years he became known as Wimalendra Wathuragama).

Chithrananda was already writing articles for newspapers and cultural magazines and became popular among the people by joining radio programs. Ridgeway Tillekeratne (former Director General of SLBC) and Karunaratne Abeysekera (well known lyricist-broadcaster) were two of Sri Lanka's foremost classmates. His other friends and colleagues who brought fame to Nalanda College are Stanley Jayasinghe, Harischandra Wijetung, Gunadasa Amarasekara, Sumana Akmeemana, Rupa Karunatilake, Dharmasena Attygalle, Minivan P. Tilakaratne, Henry Jayasena and Dr. Hudson Silva. Young Chitrananda is a Corporal in the Senior Cadet Corps at Nalanda College.
In 1949, Chithrananda Dedigama started working as an Assistant English Teacher in a rural school called Menikadavara in the Electorate. A year later, he resigned to help the Registrar General's Department, the Official Languages ​​Commission, and finally the Official Languages ​​Bureau. However, since 1950 he has been a guest producer on Radio Ceylon's drama, poetry and other entertainment programs. Until he joined the permanent staff of the same institution in 1956.
In 1957, Chittarananda married Mrs. Daya Ramanayake. The wedding was held at the Savoy Theater, Wellawatte, Colombo.
Many poets have published their works as professionals. Chithrananda's first collection of Sinhala poems (Sinhala verses) When he was a student at Nalanda College, Colombo, he saw the light of day in his school book of poetry, 'Sarasavi Githaya'. Chithrananda became famous as a poet under his mentor U. that. The. Perera, with Nalanda teacher and poet. He later became a law student. U., popularly known as his teacher, Siri Aiya. that. The. Perera was the forerunner as president of the Capitals Youth Poetry Club. He was also a member of the Literary Advisory Council of the Ministry of Cultural Affairs and the Film Copy Evaluation Board of the State Film Corporation.
Chithrananda has eleven (11) books of poetry, one (1) poetry collection, three (3) books of short stories and one (1) novel in his honor.

එකමුතු තුන්හෙළය විරසක කරවපු බෙදිල්ල!                        පරාජයක ආරම්භය බෙදීම යැයි කෙනකු පවසයි නම් එය තර්කයෙන් තොරව පි...
21/02/2024

එකමුතු තුන්හෙළය විරසක කරවපු බෙදිල්ල!
පරාජයක ආරම්භය බෙදීම යැයි කෙනකු පවසයි නම් එය තර්කයෙන් තොරව පිළිගත යුතු සත්‍යයකි. මන්ද ඕනෑම
අභියෝගයක් ජයගැනීම උදෙසා සියල්ලන්ගේ එකමුතු වීම වැදගත්ය. සියලු මුතුවලට වඩා එකමුතුකම වටිනවා යැයි පැරැණි කතාවක් කියා ඇත්තේ කට කහනවාට නොවේ. එහෙත් එකමුතුකම බිඳෙන්නේ අපි දකින අපට පෙනෙන දේවලින්ම පමණක් නොවන බව තේරුම් ගත යුතුය. ඊට බලපාන හේතු කාරණා රාශියකි. ඒ අතරින් කුල භේදයට ඇත්තේ බර තක්සේරු කළ නොහැකි බරකි. ඊට අටුවා ටීකා අවශ්‍ය නොවේ. එදිනෙදා සමාජය දෙස අවධානයෙන් බැලීම පමණක්ම සෑහෙනු ඇත.

බෞද්ධ මෙන්ම අනෙකුත් ජන කොටස් අතරද මුල් බැසගෙන ඇති කුල භේදය එකම සමාජය විවිධ සීමා යොදමින් එකට එක්වීමේ කඩඉම් ලකුණු කර වෙන්කර ඇත්තේය.

බොදු ගොවි, බොදු බත්ගම, බොදු කරාව, බොදු සලාගම, බොදු දුරාව ආදී වශයෙන් බෞද්ධ ජනයා කෑලි කඩා වෙන් කරද්දී කතෝලික කරාව, කතෝලික දුරාව, කතෝලික සලාගම, කතෝලික ගොවි ආදී වශයෙන්ද ඒ ඒ ජන කොටස් බෙදා වෙන්කර එකී බෙදීම් සමාජයේ මුල් අද්දවා රූස්ස ගස් බවට පත්කර අවසන්ය. එලෙස සමාජ බිම මත රූස්ස ගස් ලෙසින් වැඩුණු කුල භේදය රටේ සියලු පළාත් තුළ අතු ඉති පතුරමින් ජන සමාජයේ එකා මෙන් එකට එකතු වීමේ ස්වභාවය තදින් අහුරා ඇත්තේය. මේ තත්ත්වය මෑත අතීතයේද ඉතා තදින් ක්‍රියාත්මක වෙමින් සමාජය තුළ ශීඝ්‍රයෙන් පැතිර ගොස් ඇති අතර ඒ ඒ කුල අනුව විවිධ පිරිස් අසීමිත පීඩාවකට පත්වූ ස්වභාවයක්ද පෙනෙන්නට තිබේ.

ඇතැම් උසස් යැයි සම්මත කුල හිමියන් පහත් යැයි සම්මත කුල ඇත්තන්ට ඉතා පහත් අයුරින් සැලකූ අයුරු අතීත කතා ඇසුරේ මනාව පැහැදිලි වන අතරම මේ බව බොහොමයක් කලා කෘති ඇසුරින්ද ජනප්‍රවාද කතා මෙන්ම සමාජ ක්‍රියාකාරකම් ඔස්සේද පැහැදිලි වන්නේය.

කුල භේදය කොතරම් ප්‍රබලව සමාජ ක්‍රමය ආක්‍රමණය කළේද යන්න මෙරට බුද්ධ ශාසනයට නිකාය භේදය ඈඳීම තුළින්ම හඳුනාගත හැකිය.

1953දී මහනුවරදී පිහිටුවූ සියම් නිකායේ උපසම්පදාවට ඉඩ ලැබුණේ ගොවි කුලයටය. එනිසාම ඊට එරෙහිව නැඟී සිටි පහතරට සලාගම මංශිකයන් අමරපුර මහා නිකාය පිහිටුවා ගන්නේ අනෙකුත් සියලු කුලවලට උපසම්පදාව ලබාගන්නට හැකි වන අයුරිනි.

ඒ ගැන පහත ලිපියෙන් ⬇️

https://www.facebook.com/100090776280048/posts/183093834726492/?app=fbl

බුදු සසුනට කැපකල ලංකාවේ මුල්ම වලව්ව බලපිටියේ සහබන්ධු මහා මුදලිවරයාගේ නිවස වූ අඹගහපිටිය වලව්වයි. නූතන අම්බරුක්ඛාරාමය විහාරස්තානය ලෙස අද එය දිස්වේ ⬇️

https://www.facebook.com/share/p/8Em6gTH7VUPAhwLa/?mibextid=oFDknk

https://www.facebook.com/share/p/dbFhVjtXvLk6chiB/?mibextid=oFDknk

https://www.facebook.com/share/p/4Whefi4Bd24HpJUF/?mibextid=oFDknk

එහෙත් එතෙක් සමාජය තුළත් මිනිස් සිත් තුළත් මුල් බැසගෙන තිබූ කුල භේදය අමරපුර මහා නිකායට නිදහසේ ශාසන කටයුතු කරගෙන යන්නට ඉඩ දුන්නේ නැත. ඊට හොඳම උදාහරණය සපයමින් අමරපුර නිකායද විවිධාකාර බෙදීම් ඔස්සේ කොටස් රාශියකට බෙදී ගියේය.
කියවන්න ⬇️

https://www.facebook.com/100090776280048/posts/183085188060690/?app=fbl

අතීත ජනප්‍රවාද මෙන්ම විවිධ සටහන් ඔස්සේ සොයා බැලීමේදී කුල ක්‍රමය කොතරම් ප්‍රබලව පැවැතියේද යන්නත් ඒ ඒ කුල අතර ගැටීම් ගැලහැප්පීම් සිදුවූයේ කෙසේද යන්නත් පැහැදිලි වෙයි. එවක විවිධ කුලවලට දුන් රාජ නියෝග ගැනත් දඬුවම් ගැනත් සන්නස් පත්‍ර සහ සෙල්ලිපි ආදියෙන්ද හෙළිවී ඇත්තේය.

අතීත ශ්‍රී ලංකාවේ ආර්ය සිවු කුල ක්‍රමයක් ගැන සඳහන් වන අතර එම සිවු කුලයෙන් හතරවැනි කුලය වන ගොවි කුලයද තම තමන්ගේ තත්ත්වය රැකියාව වැනි කාරණා අනුව කොටස් විසි පහකට බෙදී ඇත. එහිදී ඇතැම් පහත් යැයි සම්මත කුලවලට උසස් යැයි සම්මත කුලයක නිවෙසකින් පිපාසයට පැන් උගුරක් පවා බොන්නට වරම් නැති තත්ත්වයට කුල භේදය ප්‍රබල කරන්නට අතීතයේ විසූ ඇති හැකි පිරිස් කටයුතු කර තිබේ.

බොහෝ තැන්හි පෙනී යන ආකාරයට බොහොමයක් කුල නීති රීති ඇති හැකි අයගේ ආරක්ෂාවටත්, යැපීමටත් සකස් කළ ස්වභාවයක්ද පෙනෙන්නට ඇත්තේය.

කෙසේ නමුත් කුල ක්‍රමය අනුව සලාගම කුලයට විශේෂ රාජ්‍ය අනුග්‍රහයක් ලැබුණු බවට විවිධ කතා පුවත් ඔස්සේ මනාව හඳුනාගත හැකිය. ඉතිහාස කතාවට අනුව යාපහුවේ රජකම් කළ බුවනෙකබාහු රජුට ෆාතිමා නම් මුස්ලිම් බිසවක සිට අති අතර රජුගේ ඇවෑමෙන් පසුව රාජ්‍යත්වය උරුම වූයේ ෆාතිමා බිසවගේ පුත්‍රයා වන වත්හිමි කුමරුටය. එහෙත් වත්හිමි කුමරුට මුස්ලිම් සම්භවයක් තිබූ හෙයින් මහා සංඝරත්නය ඔහුට ඔටුනු පැලඳවීමේ මංගල්‍යයට සහභාගි වීම ප්‍රතික්ෂේප කර තිබේ.

කියවන්න ⬇️

https://www.facebook.com/100090776280048/posts/184623164573559/?app=fbl

මේ හේතුව නිසා ඊට විසඳුමක් ලෙස කේරළයෙන් බමුණන් අටදෙනකු ගෙන්වා එම ඔටුනු පැලඳවීමේ මෞලි මංගල්‍යය සිදුකර තිබේ. ඉන් පසුව බමුණන්ට ගම්වරද තුටු පඬුරුද සිංහල කුල කුමරියන්ද සරණ පාවා දී මෙරට තුළම රඳවා තබාගෙන ඇත්තේ ප්‍රති උපකාරයක් වශයෙනි. මොවුන් පදිංචි ගම සලාගම ලෙසින් ප්‍රකටව කුලයක් ලෙස පැවැත එමින් කාලයක් මුළුල්ලේ විවිධ පාලන යුගයන්හි රජවරුන්ගේ විශේෂ සැලකිලි ලැබූවන් බවටද පත්ව තිබේ.

කියවන්න ⬇️

https://www.facebook.com/100090776280048/posts/182600641442478/?app=fbl

පෘතුග්‍රිසි , ලංදේසි කාල යුගයේ මෙන්ම ඉංග්‍රීසි පාලන අවධියේද සලාගම කුලය විශේෂ වරප්‍රසාද ලැබූ බව ආණ්ඩුවේ ගැසට් පත්‍ර තුළින්ද හඳුනාගත හැකිය.

කියවන්න ⬇️

https://www.facebook.com/100047606710994/posts/736177397979144/?app=fbl

මෙලෙස විවිධ කාලයන් අනුව ඒ ඒ කුල අනුව විවිධ ලැබීම් සහ විවිධ වරප්‍රසාද බෙදීයෑම තුළත් සමාජයේ එක්වීම එකමුතුකම පාලක පක්ෂයට අවශ්‍ය ආකාරයට පාලනය කරගැනීමටත්, කුලය නමැති බෙදීම සමාජය තුළ පැල කළා යැයි හඳුනාගත හැකි තැන් බොහෝ හමුවේ. එකී බෙදීම් නිසා අදද බොහෝ කාරණා විවිධ පාර්ශ්වවලට පහසුවටත් තවත් කොටසක අයහපතටත් හේතුවී ඇති බව හඳුනාගත හැකිය.

සලාගම කුලය මගින් සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම සඳහා වුණු සේවය ඉමහත්ය. ඒ ගැන පහත ලිපි ඔස්සේ සාකච්ඡා කර තිබේ ⬇️

https://www.facebook.com/100010456447743/posts/2137865793238615/?app=fbl

මෙරට අනේපිඬු සිටු පරපුරක් වූ
බලපිටිය මහා කප්පිණ වලව්වේ මුදලිවරුන්ගෙන් ඉටුවූ ආගමික හා සමාජ සේවාව පිලිබඳ වීඩියෝවක් ⬇️

https://www.facebook.com/attanayaka.herath/videos/579066509675359/?mibextid=rS40aB7S9Ucbxw6v

බුදු සසුනට කැප කල සලාගම කුලයෙ "මහා මුදලිවරුන්ගෙ" වලව් හෙවත් නිවාස ⬇️

දඩල්ලේ මහාමුදලින්දාරාමය විහාරස්තානය හෙවත් සලාගම කුලයේ මහා මුදලිවරයෙකු වූ 'කලුහත් ආද්‍රියන් ද ආබ්‍රෙව් විජයගුණරත්න රාජපක්ෂ' මහා මුදලිවරයාට අයත්ව තිබූ වලව්ව ⬇️

https://www.facebook.com/100047606710994/posts/496764685253751/?app=fbl

ක්‍රි.ව 1771 සලාගම මහා මුදලිවරයෙකු වූ
" හල්ජෝති දෙද්‍රික් ද සොයිසා විජයශ්‍රීවර්ධන ජයතිලක සහබන්ධු " මුදලිතුමාට අයත්ව තිබූ
ලංකාගොඩ රාජපක්ෂ මහා වලව්ව බුදු සසුනට පූජා කරන ලදි. ⬇️

https://www.facebook.com/100047606710994/posts/489705469293006/?app=fbl

ක්‍රි.ව 1775 " නම්මුනි සවියෙල් උබයකුලතුංග විජයසිරිවර්ධන" සලාගම කුලයේ මහා මුදලිවරයෙකුට අයත්ව තිබූ රටගිය වලව්ව. අද දීපදුත්තාරාමය විහාරස්තානයයි. එම වලව්ව එම මුදලිවරයා විසින් බුදුසසුනට පූජා කර තිබේ ⬇️

https://www.facebook.com/100090776280048/posts/184104667958742/?app=fbl

https://www.facebook.com/100083098160353/posts/376729101773692/?app=fbl

https://www.facebook.com/share/p/xfVYy2WUPFnPjyj5/?mibextid=oFDknk

කලුහත් ආර්නොල්ඩස් ද ආබෙව් රාජපක්ෂ විජයශේඛර මහ මුදලිතුමන් විසින් සම්බුද්ධශාසනය වෙත පූජා කල කොලඹ කුප්පියාවත්තේ පිහිටියාවූ මහා මුදලි වලව්ව හෙවත් වර්තමාන ජයශේඛරාරාමය විහාරස්තානය ⬇️

https://www.facebook.com/100090776280048/posts/183118048057404/?app=fbl

රටට හා බුද්ධ ශාසනයේ චිර පැවැත්මට විශාල සේවයක් කල ඓතිහාසික බලපිටියේ මහා කප්පිණ වලව්ව ⬇️

https://www.facebook.com/100090776280048/posts/172141945821681/?app=fbl

https://www.facebook.com/100047606710994/posts/478552780408275/?app=fbl

කදිරානේ ජයසිංහ වලව්ව ⬇️

https://www.facebook.com/100047606710994/posts/500231361573750/?app=fb

ලංදේසි සමයේ සලාගම කුලයේ මහා මුදලිවරයෙකු වූ සහබන්දු මුදලිවරයාගේ වලව්ව (අඹගහපිටිය වලව්ව) බුදු සසුනට කැපකල මුල්ම වලව්ව ලෙසින් ඓතිහාසගත වේ. එය වර්තමාන අම්බරුක්කාරාමය විහාරය හෙවත් අමරපුර නිකායේ මූලස්තානය පිහිටා ඇති තැනයි ⬇️

https://www.facebook.com/100090776280048/posts/172203699148839/?app=fbl

ලංකාවේ අවසාන මුහන්දිරම්වරයාද පත්වන්නේ සලාගම කුලයෙන් වන අතර එතුමාද බුදු දහමේ උන්නතියට විශාල සේවයක් සිදු කල අයෙකි

https://www.facebook.com/100047606710994/posts/480768490186704/?app=fbl

බුදු සසුනට කැපකල ගල්දූවවත්ත වලව්ව ⬇️

https://www.facebook.com/100090776280048/posts/188534647515744/?app=fbl

රත්ගම හෑගොඩ මහ වලව්ව

https://www.facebook.com/100090776280048/posts/188540174181858/?app=fbl

පසු සටහන හා සංස්කරණය -

එච්. අනුරූ ද සිල්වා

(සමාජ සිද්ධි පර්යේෂක / ලේඛක)

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Chaliar Society posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share


Other Social Media Agencies in Colombo

Show All