Mayam.lk

Mayam.lk Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mayam.lk, Media/News Company, Colombo.

හොද දෙයක් කරලා ගඟට විසි කරන්න. කාන්තාරයේදී ඔබට එය හමු වෙනු ඇත........................රුමි පවසන ඒ වාක්‍යය සැබැවින්ම වචන ප...
11/11/2023

හොද දෙයක් කරලා ගඟට විසි කරන්න. කාන්තාරයේදී ඔබට එය හමු වෙනු ඇත........................

රුමි පවසන ඒ වාක්‍යය සැබැවින්ම වචන පෙළක් නෙවෙයි, එය සාමයෙන් සහ සැනසීමෙන් ජීවත් වෙන්න දැවැන්ත බලපෑමක් කරන දර්ශනයක්. ඇත්තටම කරපු හොඳ දේවල් මතකයේවත් තියාගන්න අවශ්‍ය නැහැ. නමුත් එහි බලපෑම ඔබට අවශ්‍යයම අවස්ථාවේ ලැබෙනවා. එය වළක්වන්න කාටවත් බැහැ.

මන්දයත් ජීවිතය කියන්නේ දෝංකාරයක්. ඔබ කියන දේ ඔබට ඇසෙයි. ඔබ දෙන දෙය ඔබට ලැබෙයි.....

කැලුම් වැලිගම.....

උපුටා ගැනීමකී

දැන්නමි අමිමා මතක් වෙනකොට ඇඩෙනවා😢
10/11/2023

දැන්නමි අමිමා මතක් වෙනකොට ඇඩෙනවා😢

💛 🌻
09/11/2023

💛 🌻

ඒ අත් කටුවලින් තුවාල ලබලයි තිබුනේ🥀-ඇය නිතරම කිව්වෙ ඒක වේදනාකාරී නොවුනු හැගීමක් කියල.තුවාලයක් වේදනාකාරී නොවී හැගීමක් වෙන්...
07/11/2023

ඒ අත් කටුවලින් තුවාල ලබලයි තිබුනේ🥀

-ඇය නිතරම කිව්වෙ ඒක වේදනාකාරී නොවුනු හැගීමක් කියල.තුවාලයක් වේදනාකාරී නොවී හැගීමක් වෙන්නෙ කොහොමද කියල මං නිතර හිතුවා.
+ඔව් ඒක එහෙම වෙන්න පුලුවන්.
ඒ තුවාල ඇති කරේ රෝස කටු.ඇය ආදරෙන් හැදූ වැඩූ ගසක, මලක තිබු රෝස කටු.ඉතින් ඇය ආදරෙන් හදපු දෙයක වේදනාවක් තියෙන්න පුලුවන්ද.
හැගීම් දැනීම් නැති ඈ වේදනාව විතරක් හැගීමක් කරගෙන!!
නවනළු රසයම ආදරේදී විදින්න ඕන නොවුනත් ආදරේ විදපු හිතකට රෝස කටු සීරීමත් හැගීමක් මිස වේදනාවක් වෙන් නෑ.ආදරේ එහෙමයි
මං මුලින් හිතුවෙම ඇය මේ කතා කරන්නෙ වේදනාවෙන් කියල.නමුත් ඈ ශක්තිමත් බව මං පසක් කරගත්තා.ඇය ඒ සිරීමෙන් ගලන ලේ ඇ පිස නොදා ඒ දිහා බලන් ඉද්දි මං ඒ ගැන ඇහුවෙ දෙගිඩියාවෙන්.

+හීරුනේ රෝස කටුවලට,මං ආදරෙන් හදපු රෝස ගහේ කටු වලට,
ඉතින් මේ ගලන ලේ පිහදාලා ආයෙ ආයෙ තුවාලේ පාර ගන්න ඕන නෑ.ඒවා එහෙම්ම කැටි ගැහුනම තුවාල පාරවත් මට නොපෙන්නා තියේවී.

Credits - Lankani Edirisinghe

ඔබ සමඟ සිනාසුණු කෙනෙකු ඔබට අමතක කළ හැකිය, නමුත් ඔබ  සමග හැඩූ අය ඔබට කිසිදා අමතක නොවේ.ඛලිල් ජිබ්රාන්
05/11/2023

ඔබ සමඟ සිනාසුණු කෙනෙකු ඔබට අමතක කළ හැකිය,
නමුත් ඔබ සමග හැඩූ අය ඔබට කිසිදා අමතක නොවේ.

ඛලිල් ජිබ්රාන්

මනුස්සයෙක් ඒක මොකකින් හරි කොපි කරලා ලිව්වද නැත්ද මං දන් නෑ.මං ඒ පොත කියෙව්වෙත් නෑ.ඒත් මේ වගේ කෙනෙක් ලිව්ව එකක් අමු අමුවේ...
31/10/2023

මනුස්සයෙක් ඒක මොකකින් හරි කොපි කරලා ලිව්වද නැත්ද මං දන් නෑ.මං ඒ පොත කියෙව්වෙත් නෑ.ඒත් මේ වගේ කෙනෙක් ලිව්ව එකක් අමු අමුවේ pdf හදලා මේ වගේ පහත් විදිහට විකුණන්න හෝ කාටහරි ප්‍රසිද්ධියේම දීලා දාන්න තරම් මිනිස්සු පහත් තත්වයකට වැටුන හේතුව මම දන් නෑ.මම මේ පොත කියෙව්වෙ නෑ.හැබැයි මේ වගේ දෙයක් දැක්කම මාර දුකයි. කවුරු උනත් මනුස්සයෙක් ආසාවෙන් කරපු දේකට එහෙම වෙන එක අපරාදෙ.මං දැක්කොත් නම් රිපෝට් කරනවා unauthorised seller කෙනෙක් කියලා. මං දන් නෑ ලංකාවේ නීතියක් නැද්ද කියන එක ඒවට.අනෙක කැම්පස් ඉන්න පොඩි කෙල්ලො දෙන්නෙක් ලිව්ව පොතක් මේක.
මේවා මහ කැත වැඩ!

සැම අඳුරු වලාවක් පිටුපසම රිදී රේඛාවක් තියෙනවා කියන්නේ ඇත්තක්. මන් මගේ කතාව A/L ජීවිතයෙන් පටන් ගන්නම්. මගේ එකම අභිප්‍රාය ...
26/10/2023

සැම අඳුරු වලාවක් පිටුපසම රිදී රේඛාවක් තියෙනවා කියන්නේ ඇත්තක්. මන් මගේ කතාව A/L ජීවිතයෙන් පටන් ගන්නම්. මගේ එකම අභිප්‍රාය වුනේ වෛද්‍යවරියක් වෙන්න. ඒ නිසා මන් තෙවන වරටත් A/L විභාගයට පෙනී සිටියා. හැබැයි ජිව්තේ හරිම අරුම පුදුම දේවල් වෙනවා කියන්නේ මේකටයි. මන් දෙවන වර විභාග ප්‍රතිඵල වලින් පශු වෛද්‍ය පිඨයට තේරිලා කියලා මට දැනගන්න හම්බුනේ තෙවන වර A/L results ලැබෙන්න ඔන්න මෙන්න තියලා. කොහොම වුනත් මට ඕන වුනේ වෛද්‍යවරියක් වෙන්න, වෙද නලාවක් කරේ දාගෙන යන්න. ඉතින් පශු වෛද්‍යවරියක් වෙන්න ලැබෙනවා කියලා දැනගත්තාම මට ඉහේ මලක් පිපුනා වගේ වුනා මට මගේ හීනේ හැබෑ උනා කියලා දැනුනු නිසා. මිනිසුන්ව සුව කරන්න නොලැබුනත් මම වෛද්‍යවරියක් කියන හැගීම මට එදා හැඟුනා. තාත්තාගේ ආශිර්වාදය මැද මන් පශු වෛද්‍යවරියක් වුනාට අම්මාගේ හිතේ නම් ඒ සා විශාල කැමැත්තක් තිබුනේ නැහැ. කොහොම කොහොම හරි campus එකට register වෙන දවසුත් ලං වුනා.අම්මා නම් register වෙන්න තියෙන අවසාන දවස වෙනකනුත් බලන්න කියලා පෙරැත්ත කලා.හැබැයි දෛවයේ සරදමකින් වගේ මං නම් පුන පුනා අම්මාට කිව්වේ, අම්මේ මේ පාර මන් විභාගය නම් හරියට ලියවුනේ නැහැ ඒ නිසා බොරු බලාපොරොත්තු තියාගන්න එපා කියලයි. Results නම් පේන තෙක්මානයක නෑ. අන්තිමට register වෙන්න තියෙන අන්තිම දවසේ අම්මත් එක්ක බැංකුවට ගියා. පෝලිමේ ඉන්න කොටත් අම්මාගේ හිතේ දෙගිඩියාවක් තිබ්බා.එයා කිව්වේම මන් මෙදා පාර medicine select වෙලා ඇති කියලා.කොහොමහරි අන්තිමට අම්මාගේ හිතත් හදලා මන් සල්ලි බැන්දා. සල්ලි බැදලා දවස් කිහිපයකට පස්සේ උදේ පාන්දර නංගි කෑගහලා කිව්වා A/L results ඇවිත් කියලා මං නම් කිව්වා ඔක බලන්න එපා බැලුවොත් මට ගොඩක් ලැජ්ජා හිතෙයි ඕකේ ලකුනු නැ කියලා. ඒත් නංගිගේ පෙරත්ත කිරිමට මගේ exam number එක එයා අරන් බැලුවා. "දෙවියනේ පුදුමයක්" එයා හයියෙන් කෑ ගැහුවා, ඔයාට A3 district 42 . මට උන් හිටි තැන් අමතක වුනා දෙවියනේ මොකක්ද මන් එ කරගත්තේ. මට මගේ ඇඩිල්ල නතර කරගන්න බැරි වුනා. තාත්තායි අම්මයි ඒ වෙලාවේ ඉන්ද්‍ර්‍රඛීලයක් සේ නොසැලී මගෙ හිත හදන්න ගත්තා. මගේ දුක ගැනම හිතලා තාත්තා මාව අරන් UGC ගියා. දන්න හැම තැනටම කිව්වා. ඒ වෙනකොටත් හැම දෙයක්ම ව්‍යර්ත වෙලයි තිබුනේ. අන්තිමට මං හිතහදාගෙන campus ආවා. Campus කියන ජිව්තේ ගැන ලොකු අදහසක් මට තිබුනේ නැති තරම්. ගෙදර හිටිය පන්තියකට පවා යනකොට හැමදේකටම වගේ අම්මා ලගින් හිටිය මට අලුත් පරිසරයකට හැඩගැහෙන්න කාලයක් ගියා. Hostel ජිව්තය මට අලුත් අත්දැකීමක් වුනා. හැමදාම වාගේ 1st years ලාට දෙන නාදන් hostel එක මගේ පලමු නේවාසිකාගාරය වුනා. මන් එක්ක තව යලුවෝ 3 දෙනෙක් හිටියා.යාලුවෝ එක්ක හිටිය නිසා මගේ දුක තුනී කරගන්න උදවු උනා.
අලුත් ජිව්තේ මට නුහුරුයි,ඒ වගෙම medicine යන්න නොලැබිමත් එක්ක මගේ හිතේ ලොකු වේදනාවක් කැකෑරෙමින් තිබුනා.කොහොම හරි ඔය ප්‍රශ්න මැද අපේ 1st semester exam එකත් ආවා. නමුත් හිතෙන විදියට හොඳින් ලකුනු ගන්න හම්බුනේ නෑ. ඔහොම ටික කලක් යනකොට මගේ ජිවිතයට නැතුවම බැරි අපුරු යාලුවෙක් මගේ ජිවිතේට මුන ගැහුනා. ඔහු නොහිටියා නම් මන් තවමත් තනි මංසලක අතරමන් වෙලා. ගිය හකුරට නාඩා තියෙන හකුර රැක ගන්න වචනයේ පර්සාමප්ත අර්ථයෙන්ම මට පිහිට වුයේ ඔහුයි. ගුරුමුශ්ටියක් නොතකා දන්නා හැම අකුරක් පාහේ නොසඟවා මට මේ විශ්වවිද්‍යාලයීය චාරිකාව අතිසාර්තක ලෙස නිම කිරිමට අත්වැලක් වුයේ ඔහුයි. තව නොබොදිනකින් මාගේ ජීවනසහකරු වන ඔහු, මා medicine ගියා නම් මට හමුවේව්ද? ජිවිතයේ හැමදේම වෙන්නේ හොඳටයි කියන එක කටකහනවට කියන කතවක් නොවන බව මට පසක් කර දුන්නා. ජය -පරාජය, දුක-සතුට, යස-අයස යන සියලු දේ සම සිතින් දරාගෙන මේ ආවා වගේ තව ඉදිරියටත් ජීවන පුස්තකයේ පරිච්ඡේදය ලියන්නට අපට තව පිටු ඉතිරිව තිබේ. ආදරනිය විහඟ, ඔබ හා මම විශ්වවවිද්‍යාල අධ්‍යාපනයේ උපරිම ඵල නෙලාගනිම්න් උතුම්ම පලමු පන්තියේ උපාධි සමාර්ථයක් ලබා අද දින විශ්වවිද්‍යාල අධ්‍යාපන දිව්ය මෙසේ සර්ථකව නිම කරනවා. ඔබ නොහිටින්න මට මේ ජයග්‍රහණය නොලැබෙනවා සිකුරුයි. ඔබට තව වඩ වඩා ජීවනගමන සර්වප්‍රකාරයේන් සාර්ථක වේවායි මම එක සිතින් ප්‍රර්ථනා කරමි. තවත් ජීවිතේ මෙවැනි ජයග්‍රහණයන් තුලින් ඉදිරිය සරිකරගැනිමට අප දෙදනාටම හැකි වේවා!

උපුටා ගැනීමකි ❤️

: " ඔයා free නම් අපි ටිකක් කතා කරමු ද? " : " මම පැය 24ම වැඩ කරන මනුස්සයෙක්. හැබැයි ඔයා කතා කරන ඕනිම වෙලාවක මම free. ඉතින...
25/10/2023

: " ඔයා free නම් අපි ටිකක් කතා කරමු ද? "

: " මම පැය 24ම වැඩ කරන මනුස්සයෙක්. හැබැයි ඔයා කතා කරන ඕනිම වෙලාවක මම free. ඉතින් කියන්නකෝ ? "

: " මට ආසවක් තියනවා. ඒ අත්දැකීම බෙදා ගන්න ඔයාව තරම් ගැළපෙන කෙනෙක් තව නෑ. ඔයා ලියලා තිබ්බ දේවල් කියෙව්වම මට එහෙම හිතුණා. "

: " අත්දැකීම් බෙදාගන්න....මම ආසයි ඒ වචන දෙකට. ඉතින් කියන්නකෝ ඔයාගෙ ආසාව "

: " මහ රෑට බයික් එකේ රවුමක් යනවා, කෝච්චියේ නුවර යනවා නැතිනම් හවසට beach යනවා වගේ ආසවක් නෙවෙයි මේක. ඔයා හිතයිද දන්නේ නෑ මට පිස්සු කියලා. "

: " ආසාවක් පිස්සුවක් වෙද්දි රහ වැඩී.."

: " මට ආසයි හවස 5/6 වගේ වෙද්දි කොල්ලුපිටියෙන් සෙනඟ උතුරන බස් එකක නගින්න....ඔයා එක්ක. "

: " සීට් එකක් ගැන නම් හිතන්නවත් බැරි වෙයි "

: " අන්න හරි , අපි යන්න ඕනි හිටගෙන. ඔයා මාව පරිස්සම් කරන් මගේ ළඟින් හිටගන්න. එතකොට මට පුළුවන් නොදන්න මිනිස්සුන්ගෙ නහය කඩාගෙන යන තරම් එක එක විදිහේ දාඩිය සුවඳවල් අස්සෙ ඔයාගේ සුවඳ විතරක් විඳින්න මගේ නහයේ ඉඳන් මොළේට යන ස්නායු වලට උගන්නන්න. කලබලෙන් ඇඟේ හැප්පෙන මිනිස්සු අතරේ ඔයා හිමීට මගේ ඉණ වටේ අත දාගත්තම , ඒ සෙනඟ මැද මගේ ඇඟේ හිරිගඩු පිපෙන හැටි ඔයාට පෙනන්න. ඒ සද්ද බද්ද අස්සෙ ඔයා කනට ළං වෙලා කියන දේවල් ආසාවෙන් අහන්න. ඔයගේ පපුවෙ සද්දෙ අහගෙන ඔයාගේ හුස්ම වල රස්නෙ විඳගෙන ඒ මිනිස්සු මැද තෙරපීගෙන අපි අපේ ලෝකෙ තනි වෙමු. "

: " බස් එකෙන් බැස්සම හොඳ කඩයක් බලල චීස් කොත්තුවකුත් කමුද ?

: " අනේ හා....."

💛
23/10/2023

💛

ගැහැණු ළමයෙක් උනහම  තමන්ගේ දෙයක් තනියෙන් කරගන්න පුළුවන් වෙන්න ඕනි..🌸 තනියෙන් ගමනක් බිමනක් ගිහින් තමන්ගේ quality එක තියාග...
22/10/2023

ගැහැණු ළමයෙක් උනහම තමන්ගේ දෙයක් තනියෙන් කරගන්න පුළුවන් වෙන්න ඕනි..

🌸 තනියෙන් ගමනක් බිමනක් ගිහින් තමන්ගේ quality එක තියාගෙන වැඩක් කරගන්න පුළුවන් කමක් තියෙන්න ඕනි..
🌸 තනියෙන් කෑමක් බීමක් හදාගන්න පුළුවන් කමක් තියෙන්න ඕනි..
🌸 ඇඳුමක චූටියට හරි මැහුමක් ගහගන්න පුළුවන් කමක් තියෙන්න ඕනි..
🌸 මහ ලොකුවට නැතත් චූටියට හරි makeup එකක් දාගන්න පුළුවන් කමක් තියෙන්න ඕනි..
🌸 තනියෙන් වාහනයක් අරගෙන ගිහින් එන්න පුළුවන් වෙන්න ඕනි..

මං කියන්නේ ගැහැණු ළමයි කියල හිතලා කාගෙන්වත් depend වෙන්න එපා..
කවදහරි marry කරපු කාලෙක හස්බන්ටවත් depend වෙන්න එපා.. ඒක ලොකුකමක්, second වෙන්න බැරි කමක් නෙවෙයි.

තමන්ගේ කියල personality එකක් තියෙන්න ඕනි හැම ගෑනු ළමයෙක්ටම..

Don't depend on anyone. Build your own personality😌✊❤

Credits - 𝓜𝓪𝓷𝓪𝓿𝓮𝓮 𝓙𝓪𝔂𝓪𝓼𝓲𝓷𝓰𝓱𝓮 ✨️

දිල්හානි ඒකනායක අනූ එකේ දී තමයි ‘දේදුන්නෙක් සමනලියක්‘ ෆිල්ම් එකේ ප්‍රධාන නිළිය විදියට සිනමාවට එන්නේ. මේ ෆිල්ම් එක ඒ වෙනක...
18/10/2023

දිල්හානි ඒකනායක අනූ එකේ දී තමයි ‘දේදුන්නෙක් සමනලියක්‘ ෆිල්ම් එකේ ප්‍රධාන නිළිය විදියට සිනමාවට එන්නේ. මේ ෆිල්ම් එක ඒ වෙනකොට බිඳ ගරා වැටෙමින් තිබුණු ජනප්‍රිය සිනමාවේ තවත් එක ෆිල්ම් එකක් විතරයි. සුවිශේෂත්වක් තිබුණේ නැහැ. එදා මෙදා තුර ඇය රඟපෑ සැම චරිතයක ම දිල්හානි කියන නිළියව ඉස්මතු වී පෙණුනා. දැන් ඇයට වයස පනස් තුනක්. හැඩකාර නිළි පෙනුම නිසා අපිට නොදැනුණාට ඇය රංගන ශිල්පිනියක් විදියට ඉතාම මුහුකුරා ගිහිල්ලා කියල්ලා දැනෙන්නේ ‘කොඩි ගහ යට‘ ශ්‍රියානි අක්කා නිසයි. ප්‍රථම වතාවට දිල්හානි ගේ චරිතයක මට දිල්හානිව පේන්නේ නැතුව ඒ චරිතය ම ඩොමිනන්ට්ලි පේන්න ගන්නවා. තමන්ගේ නිළි ප්‍රතිරූපය මෙතරම් සූක්ෂමවත් නිශ්චිතවත් රූපනයෙන් ම පරදවන්න ඇයට පුළුවන් වුණා කියන්නේ ඇය ඒ චරිතය ඉතා නිවැරිදිව හඳුනාගෙන තියෙනවා කියන එකයි.

ඔය නොයෙකුත් රංගන ශීල්පීය ක්‍රම තියෙනවානේ, ස්ටැනිස්ලාව්ස්කි මෙතඩ්, චෙකොව් මෙතඩ්, මයිස්නර් මෙතඩ් වගේ. මේ හැම ක්‍රමයකින් ම බැලුවත් දිල්හානි ගේ ඇක්ට් එකේ ඒ ලක්ෂණ තියෙනවා. හැබැයි ‘ශ්‍රියානි අක්කා‘ චරිතය මැවීම තුළ මට නම් හිතෙන්නේ වැඩිපුර ම තියෙන්නේ චෙකොව් මෙතඩ් එක කියලා. ඒ කියන්නේ ඇත්තට ම ‘මම ශ්‍රියානි අක්ක වුණොත් මොන වගේ ද?‘ කියලා දිල්හානි හිතනවා, පරිකල්පනය කරනවා. උස් මහත් වෙච්ච දරුවන් දෙන්නෙක් එක්ක දවසේ ජීවිතයේ ඔට්ටු වෙන පහළ මධ්‍යම පාන්තික, වයසත් නැති තරුණත් නැති අම්මා කෙනෙක්. කර්කෂ නාගරික ජීවිතයේ හොඳයි නරකයි එක්ක තෙම්පරාදු වෙච්ච ගැහැනියක්. ගෑනුකම යි තරුණ හම යි පැත්තකින් තියලා පවුල් බර උර මත තියාගත්තු හිත හයිය වැන්දඹුවක්… මෙහෙම හිතලා හිතලා බැල්මෙන් කතාවෙන් ඉඟියෙන් අත පයෙන් ඒ් චරිතය මවනවා. ඒ චරිතයට පසුබිම් වෙන පරිසරය එක්කත් හිතුමනාපේ සම්බන්ධවෙලා ප්‍රෙක්ෂක අවධානය රකිනවා. මේ හැම දෙයක් එක්කම දිල්හානි කරන්නේ දිල්හානි කියන නිළියව ශ්‍රියානි අක්කා කියන චරිතයට පරිවර්තනය කරන එක. ඔක්කොටම වඩා දිල්හානි මේ මුලු නිරූපන ක්‍රියාවලියම ඇඟට පතට නොදැනි හරි සැහැල්ලුවකින් හසුරුවන බවත් පේනවා. අර කපු නෝනත් එක්ක පියල්ට මනමාලියක් හොයන සීන් එකේ දී හපලා හපලා කටේ ඉතුරු වුණු බුලත් විට කෑලිවලිනුත් කතා කරනවා. ‘කොඩි ගහ යට‘ ශ්‍රියානි අක්කා කියන්නේ දිල්හානි ගේ රංගන ජීවිතයේ අත්දැකීම, පළපුරුද්ද සහ මුහුකුරායාම එකට කැටිකළ දේදුන්නක්.

ආදරණීය අම්මා කෙනෙක් තම දරුවා වෙනුවෙන් ලියූ සංවේදී වචන කිහිපයක් .....♥️✨️🥺වෛද්‍යවරුන් කිව්වා මගේ බබා ජිවත් වෙන්නෙ na කියල...
16/10/2023

ආදරණීය අම්මා කෙනෙක් තම දරුවා වෙනුවෙන් ලියූ සංවේදී වචන කිහිපයක් .....♥️✨️🥺

වෛද්‍යවරුන් කිව්වා මගේ බබා ජිවත් වෙන්නෙ na කියලා මෙයාගේ හදවතෙ සිදුරු 3ක් තිබුනා මෙ බබා ඩවුන් බබෙක් කියලා කිඋවෙ එත් මම බබාට අසනිප දරුවෙක් වගේ සැලකුවෙ na .දන්නවද අම්මාලා මන් අදහන ආගමෙ පිහිටෙන් මගේ බබාට හොදටම හොදයි. සිදුරු 3ත් na දැන් වැහිලා . වෛද්‍යවරුන් ජිවත් වෙන්නේ na කියපු දරුවා අද හොදින් ජිවත් වෙනවා දැන් අවුරුදු 1iමාස මාස 6යි මගේ බබා සුව උනා වගේ අසනිපෙන් ඉන්න hema බබෙක් සුව වෙවා කියලා හදවතින්ම prarthana කරනවා..

(උපුටා ගැනීමකි)

✨ Shihan & Hemal ✨රියලිට් ෂෝ එකකින් ඇවිත්, දිනලත් නැතිව,ලංකාවෙම කෙල්ලන්ගෙ ක්‍රෂ් එක වෙලා, ලංකාවෙම කොල්ලන්ගෙ පොදු සතුරා ...
14/10/2023

✨ Shihan & Hemal ✨

රියලිට් ෂෝ එකකින් ඇවිත්,
දිනලත් නැතිව,
ලංකාවෙම කෙල්ලන්ගෙ ක්‍රෂ් එක වෙලා,
ලංකාවෙම කොල්ලන්ගෙ පොදු සතුරා වෙලා,
ආපහු ඒ කොල්ලන්ගෙම ආදරෙත් දිනාගෙන,
කසාදත් බැඳලා, ලමයිනුත් හදලා,
අර කිව්ව කොල්ලන්ගෙයි, කෙල්ලන්ගෙයි, අම්මලගෙයි, තාත්තලගෙයි, නැන්දලගෙයි, මාමලාගෙයි සීයලාගෙයි, ආච්චිලාගෙයි සේරෝගෙම "සුපර් ස්ටාර්" ත් වෙලා,
අවුරුදු 18කටත් පස්සෙ,
එදා වගේම රෝසමල් ලොරියක් ගෙදර අරන් යන ගානට ස්ටාර් කෙනෙක් වෙන්න පුළුවන් වුනේ එකම එක මිනිහටයි....

ඒ එයා.. ❤

Shihan Mihiranga 😍

(Copied)


Modelingවලින් ඇවිත්,
ජාත්‍යන්තරයේදි ලංකාවෙ නම බබලවපු,
දෙවෙනි film එකෙන්ම ලංකාවෙ කෙල්ලොන්ගෙ වගේම කොල්ලොන්ගෙත් උමතුව වෙලා ආදරය දිනාගත්තු,
National crush එකක් විදිහට නම් දරාපු,
අවුරුදු ගානක් තිස්සෙ සිංහල සිනමාවෙ වීරයාට තිබුණු හිඩැස පුරවලා,
'හේමාල් ඉන්නවා නම් සුපිරි film එකක්', 'හේමාල් ඉන්නවා නම් film එක බලන්නම ඕනෙ' කියන positive attitude එක ප්‍රේක්ෂකයාට ඇති කරපු,
වයස් භේදයක් නැතිව රසික ආදරය තාමත් නොඅඩුවම ලබන,
Actingවලට අමතරව dance කරන්න, sing කරන්න වගේම compere කරන්නත් හැකියාව තියන total package එකක් විදිහට,

නූතන සිංහල සිනමාවේ "සිනමා නළුවෙක්" විදිහට හඳුන්වන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඒ ඔහු විතරමයි...🕺🏻🫶🏼

ඒ හේමාල් රණසිංහ.. 🥰✨


ප්‍රසිද්ධිය හා ජනප්‍රියත්වය කියන්නෙ දෙකක්...
ඒක සම්මානයකින් මනින්න බෑ..
ශිහාන් සහ හේමාල් කියන්නෙ මිනිසුන්ගේ හදවත් තුළ ජීවත්වෙන, හිතට කාවැදුණු චරිත දෙකක්.. 😍😍

Credits - Upeksha

තාත්තලාගේ ආදරය අප්‍රකාශිතය. ඒ නිසාවෙන්ම එය ගැඹුරුය. ඒ අප අසා ඇති සහ අපට උගන්වා ඇති විදිහය. එමෙන්ම ලාංකේය බොහෝ තාත්තලාගේ ...
11/10/2023

තාත්තලාගේ ආදරය අප්‍රකාශිතය. ඒ නිසාවෙන්ම එය ගැඹුරුය. ඒ අප අසා ඇති සහ අපට උගන්වා ඇති විදිහය. එමෙන්ම ලාංකේය බොහෝ තාත්තලාගේ ස්වභාවයද එය ය.

නමුත් වාසනාවට මගේ තාත්තාගේ ආදරය ප්‍රකාශිතය . ඒ නිසාවෙන්ම අන් බොහෝ වුන් නොවිඳිනා ඒ ප්‍රකාශිත ආදරයේ බරසාර ගැඹුර විඳින්නට අදටත් මටත් , නංගිටත් , මල්ලිටත් හැකිය. අදටත් කිටි කිටියේ තාත්තාව බදාගෙන ඉඹින්නට මා දෙපාරක් සිතන්නේ නැත. හිටි හැටියේ දුව ගොස්, නිදා සිටින තාත්තාගේ ඇඟ උඩට පැන ඔහුව තුරුළු කරගන්නට මගේ ජීවන කැලැන්ඩරයේ අංක 33 මට කිසිසේත්ම බාධා කරන්නේ නැත. එමෙන්ම, නිදා සිටින මා ලඟට පැමිණ මා පපුවට තද කොට තුරුළු කරගන්නට, තාත්තාටද මගේ සම වයස් මිතුරියන් දැන් දෙදරු තුන්දරු මවුවරු ය යන කාරණය කිසිසේත්ම බාධාවක් වී නැත. මගේ දුරකතන නාමාවලියේ ඔහුව මා සේව් කර ඇත්තේ 'තාත්තා කොල්ලා' කියාය. යම් විටෙක ඔහුගේ ඇමතුමකට මම පිළිතුරු දෙන්නේ 'හෙලෝ බ්‍රෝ' ලෙසය. ඉතින් මටත් මගේ තාත්තාටත් බොහෝ දෑ කතා කල හැකිය. රෑ එලි වෙනතුරු කවි, සිංදු, පත පොත, චිත්‍රපට, නාට්‍ය පමණක් නොව දේශපාලනය, ආර්ථිකය, සමාජ විද්‍යාව, ලිංගිකත්වය ආදී එකී මෙකී නොකී සියල්ල අප කතා කරන්නෙමු. ඒ නිසාවෙන්ම මගේ ලෝකයේ වීරයා ඔහුය. කුමන තත්වයක් මත වුවද මට මෙලොව අත් හැරිය නොහැකි බැඳීම් දෙක තුන අතර තාත්තා අංක එකය. ඔහු නොමැති යම් දිනෙක මගේ හද⁣වතේ, ජීවිතයේ සහ ආත්මයේ ඇති වන්නා වූ රික්තකය මෙපමණක් වේ යැයි කියන්නට මට නොහැකි වන්නා සේම ඒ ගැන සිතන්නටද මා අකැමැතිය.

ජැක්සන් ඇන්තනී නම් ඒ අප්‍රමාණික මිනිසාගේ වියෝව මට තදින්ම දැනෙන්නේ එතැනිනි. මාධවී, මා වැනි දුවකි. මා දන්නා ඔහු, යම් අවස්ථාවන් හි මගේ තාත්තාටත් වඩා ප්‍රකාශිත සෙනෙහසක් කැටි කරගත් අප්‍රමාණ තාත්තෙකි. මා දන්නා ඔහු, ඇගේ ලෝකයෙහි වීරයාය. ඇය සතු දැනුමෙහි යෝධ සෙවනැල්ල ඔහුය. ලෝකයක් දකින ඇගේ සිනහාවෙහි සාඩම්බර උරුමකරුවා මෙන්ම ලෝකයක් නොදකිනා ඇගේ කඳුලෙහි බර දරන්නා වූයේද ඔහුමය.

ඔහු අග්‍රගණ්‍ය කලාකරුවෙකි, නැණවතෙකි, ප්‍රාඥයෙකි, රටක ගරු බුහුමන් ලැබූවෙකි, දේශපාලනිකව අවලාද අපහාස දැරූවෙකි. එහෙත් ඒ සියල්ල පසෙක ලා මට ඔහු, මා දුටු ආදරණීයම, ආදරණීයම, ආදරණීයම තාත්තෙකි. පෙර පිනකට දුවකට හිමිවනා අප්‍රමාණී ප්‍රේමණීය තාත්තෙකි. තාත්තා වීරයා කරගත් දුවකට ලෙහෙසියෙන් හිමි නොවන, අපරිමිත සෙනෙහස නිරන්තරයෙන් නේක ස්වරූපයෙන් ප්‍රකාශ කල තාත්තෙකි. ඉතින් අපරිමිත වූ ප්‍රකාශිත පිය සෙනෙහසක් ලද දු⁣වක් ලෙස අදින් පසු මාධවීගේ ආත්මය තුල ඇති වන රික්තකය ⁣සුලු පටු නොවන බව මට ඉතා තදින් හැඟෙන අතරම එය මගේ හදවතේ පෙර නොවූ භයංකර තිගැස්මක් ද ඇති ක⁣ර ඇත.

ඉතින් රටට අහිමි වූ අප්‍රමාණ කලාකරුවා ගැන මහා ශෝකයක් හදවතේ ඇතත්, තාත්තා වීරයා කරගත් මා වැනිම දුවකට අහිමි වූ ඒ අසහාය පියාදරය පිලිබඳ වේදනාව ආත්මය ඇදුම් කවන, සුව නොවන තුවාලයක් බවට පත්ව ඇත.

මාධවී, අමාරුවෙන් හෝ දරාගන්නට ශක්තිය ලැබේවා. ඔබේ ශක්තිය සහ සිනහව තුල ඔහු සදා ජීවමාන බව නිරන්තරයෙන් ඔබේ මනසෙහි රැඳේවා. 🙏

❤💔
උමා

මගේ අම්මායි තාත්තායි දෙන්න්ම නැති උනා.ඒ හිතේ අමාරුවෙන් මගේ අක්කා අසනීප උනා.මට සල්ලි තිබුනේ නෑ .මම ගොඩක් දුක් වින්දා .මට ...
09/10/2023

මගේ අම්මායි තාත්තායි දෙන්න්ම නැති උනා.ඒ හිතේ අමාරුවෙන් මගේ අක්කා අසනීප උනා.මට සල්ලි තිබුනේ නෑ .මම ගොඩක් දුක් වින්දා .මට උදව් කරන්න කවුරුත් හිටියේ නෑ.ඉන්න තැනක් තිබ්බේ නෑ.මම දවසක් ඒ දුකටයි තරහටයි ඔබරෝයි හෝටලය ඉස්සරහ ඉදන් අඩ අඩා කීවා දවසක මම මේ නගරයම මිලදී ගන්නවා කියලා!!!
-sharuk khan -

හරි ගැහැනියක් ආදරේදි උපරිමයෙන් ආදරේ කරනවා උපරිමයෙන්ම ඉවසනවා සමහර වෙලාවට ඒක වදයක් වෙනවා පිරිමින්ට නමුත් පිරිමි හිතන්නැ එ ...
08/10/2023

හරි ගැහැනියක් ආදරේදි උපරිමයෙන් ආදරේ කරනවා උපරිමයෙන්ම ඉවසනවා සමහර වෙලාවට ඒක වදයක් වෙනවා පිරිමින්ට නමුත් පිරිමි හිතන්නැ එ ආදරේට කියලා කටට එන ඔනම දේයක් කියලා බනිනවා එත් ගැනු විද දරා ගන්නවා කොච්චර විඳ දරා ගන්නවා නං ආයි එ ගහැනු කෙනා හිතින් ආදරේ කරත් කටින් එක කේල බිදක් හලන්නැ ආදරේ කියලා ආයි එ ගැහැනිය වදයක් වෙන්නේ නැ නිහඩවම අත අරිනවා ඇරේන්න එහෙම ගැනු අඩුයි ගැහැනියක්ව තෙරුන් ගන්න හැම පිරිමියේක්ටම බැ. ඇත්තටම තමන්ට ගැහැනියක් ආදරේයි නම් චුට්ටක් ඇහුන් කන් දෙන්න නැති වුණාට පස්සේ අඬලා වත් පස්සෙන් ගිහින් වත් වැඩක් නැහැ. සමහර විට තවම පරක්කු නැතුව ඇති සමහර ආදර කතාවල...
🥺🥺🥺

Nimz...
..................................................................................

සමාජජාලයෙහි පලවු, සැමියෙක් ලියු සමාජයට වැදගත්වන ,තම ජිවිතයේ සත්‍ය කතාවකි.

සමාවෙන්න රත්තරනේ

මට උඹේ ඔය අහින්සක ඇස් දෙක
මුලින්ම මුණ ගැහෙන්නෙ උඹේ ගෙදර...
අපි දෙන්නගෙම ගෙදර අය ඉස්සරහ..
මට තාම මතකයි එදා උඹ ලා රෝස පාට ඔසරියක් ඇඳලා මගේ ඉස්සරහට ආපු හැටි..
රෝස මලක් වගේ...
නෑ....හරියට පුංචි සුරංගනාවියක් වගේ..
ගෙදර අයගේ බල කිරීමට උඹව බලන්න උඹලගේ ගෙදර ආවට මගේ හිත පුරාම හිටියෙ ශෙවී විතරයි..
උඹ අහින්සක විදියට බිම බලාගෙන බුලත් හෙප්පුවකුත් අරන් අහින්සක විදියට මගේ ඉස්සරහට එන විදිය බලලා මං හිත යටින් උඹට හිනාවුනේ සමච්චලේට..
මේ මොන ගොන් ගහක්ද කියලා මට එදා හිතුනෙ උඹේ ඒ තිබුන අහින්සක රූපේ නිසා වෙන්න ඇති...

මොකක්ද නම...??

ව....ව..න්දනා....

හ්ම්ම්...වන්ද...නා....වන්දනා ජොබ් එකක් කරනවද??

ඔ..ඔව්..RDO එකේ...අකවුන්ට්ස් ඩිවිශන් එකේ...

හ්ම්ම්..මොකද බය වෙලා වගේ...මාව යකෙක් වගේ පේනවද ඔයාට...

අනේ.. නැ...හ්...එහෙම දෙයක් නෑ..
හ්ම්ම්..එහෙනම් කමක් නෑ...

මට තවම මතකයි උඹත් එක්ක කතා කරපු පලවෙනි වචන ටික..උඹ හරියට පුංචි දරුවෙක් ඉස්කෝලෙ ගිය පලවෙනි දවසෙ වගේ අහින්සක හුරතල් විදියට උත්තර දුන්නා..
පව් රත්තරනෙ උඹ...
නොදැනුනා වගේ හිටියට..
මහා ගොඩා...ක් අහින්සකයි උඹ...
උඹ දැකපු පලවෙනි තප්පරේම මගේ හිතට දැනුනා එහෙම..
දින සති ගෙවිලා පුංචි වෙඩින් එකක් අරගෙන උඹ මගේ ගෙදරට එක්කන් ආවෙ අපේ අම්මලත් උඹට ගොඩක් කැමැත්තෙන් හිටපු නිසා..
කසාද බැන්දට මොකෝ අපි හරියට කතා කරලාවත් නැති තරම්..
උඹව මේ හිරගෙට අරන් ආවා විතරයි..
මං පටන් ගත්තා උඹෙන් පලිගන්න..
උඹ නිසා මට නැතිවුන මගේ ආදරේ වෙනුවෙන් කිසිම දෙයක් දන් නැති උඹෙන් පලි ගන්න..
වටේම කරුවල වෙලා කරන්ට් ගියේ උඹ මෙහේ ආපු පලවෙනි දවසෙම රෑ..
හුරු පුරුදු නැති නිසා වෙන්න ඇති උඹ දෙපාරක් හිතන් නැතුවම මාව බදාගත්තෙ..

මේ...මොකද මේ..??
මොන විකාරයක්ද??

මං අහද්දි උඹ ගොත ගැහුනා..

අ...න්නෙහ්.... බය..යි.. කරුවලයිනෙ....

උඹ මාව බදාගෙනම උත්තර දුන්නෙ හා පැටියෙක් වගේ..

බයයි...ඇයි...ඇයි මෙහේ යක්කු ඉන්නවා කියලා හිතුවද??
විකාර නැතුව ඉන්නවා හලෝ..
මොන්ටිසෝරි යන ළමයෙක් වගේ රඟන් නැතුව..

මං හිත් පිත් නැති ගානට උඹව තල්ලු කරලා දැම්මෙ පලවෙනි වතාවට උඹව රිදවලා ලබන මහා ලොකු සතුටත් හිතින් හොඳටම විඳගෙන..
උඹේ පපුව පිච්චිලා යන්න ඇති..
ඒත් මුකුත්ම නොකිය උඹ පැත්තකට උනා..
ජැන්ඩියට ඇදගෙන ෆර්ෆියුම් නාගෙන මං ශෙවීව බලන්න යන්න එලියට බැස්සෙ උඹට යන්නෙ කොහේද කියලාවත් කියන් නැතුව..

අයියෙ ඔයා කොහේ හරි යන්නද..
ඔව්...ඇයි අහන්නෙ???

න්..නෑ...ගොඩක් රෑ වෙලානෙ දැන්...ඒ..

ඕ...රෑ වෙලා..ඉතින්...ඉතින් මං මොකක්ද කරන්න ඕනෙ දැන්...

නුපුරුදු නොදන්න තැනක මහ රෑ උඹව තනිකරලා යන්න හදද්දි උඹට මහා ලොකු අසරණකමක් දැනෙන්න ඇති මගෙ වස්තුවෙ..ඒකයි එදා උඹ මගෙන් එහෙම අහන්න ඇත්තෙ..
ඒත් ඒක තේරුම් ගන්න තරම් මගේ හිතේ මනුස්සකමක් ඉතිරිවෙලා තිබුන් නෑ.

තමුසෙ ලේලී වුනේ මේ ගෙදරට විතරයි..
මං යන්නෙ කොහේද නැද්ද කියලා තීරණය කරන්නෙ මං..
ඒවා අහ අහ මට වද දෙන්න එපා...
ප්ලීස්..මට පාඩුවෙ ඉන්න දෙනවා..

මං සද්දෙ දාලා කෑ ගහලා උඹේ ඔය අහින්සක මූණට දබරැඟිල්ල දික් කරලා කියද්දි උඹ බිම බලාගෙන පැත්තකට වුනා..
මං එදා මහ ලොකු වීරයෙක් වගේ බැනලා උඹට රිද්දවලා ගෙදරින් එලියට ගියේ ශෙවීව හොයාගෙන..ශෙවී එක්ක ක්ලබ් ගිහින් විකාර නටලා රෑ 3ට විතර ගෙදර එද්දි උඹට පුටුවක් උඩම නින්ද ගිහින්..
පවු...මං එනකම් බලන් ඉඳලා එතනම නින්ද ගිහින් තිබුනා ඔයාට..

ඇයි...
ගෙදරදි නිදාගත්තෙත් පුටු උඩද??

මං උඹ දිහා බලලා කෑ ගහලා අහද්දි උඹ එක පාරට ගැස්සිලා නැගිට්ටා...

න්...නෑ...අයියෙ...මං අයියා එනකල් හිටියෙ...

අයියා...කවුද අයියා..එතකොට තමුසෙ මගේ නංගිද??

මං සමච්චලේට වගේ අහද්දි උඹ ආපහු මුකුත් නොකියා කර බා ගත්තා..

දෙයියනේ...මේ මොන වෛරයක් පිරිමහගන්න හදනවද??

එදා උඹ එහෙම හිතන්න ඇති...
ඒ විදියට මේ වහල යට උඹ පටන් ගනිපු ජීවිතේ කවදාවත් උඹ හීනෙන්වත් නොහිතපු එකක් වෙන්න ඇති රත්තරනෙ..
කිසිම කම්මැලිකමක් නැතුව උඹ උදේ පාන්දරම ඇහැරිලා ඔෆිස් අරන් යන්න මගේ කෑම එක හදන්නෙ හරි ආසාවෙන්..
මං ඇහැරෙද්දි උඹ ඔක්කොම වැඩ ඉවර කරලා..
මගේ රෙදි අයන් කරලා..
කෑම එකක් හදලා..
තේ එකත් හදාගෙන ඇඳ ළඟට එන්නෙ මං ඇහැරෙන වෙලාව හරියටම දන්නවා වගේ..
ඒත් දවසක් වත් මං උඹට ආදරෙන් කතා කලේ නෑ..

මොකක්ද මේක තේ එකක්ද??
තේ එකක්වත් හදන්න දන්නැද්ද??

වන්දනා...බලනවා...බලනවා මේ ටයි එක ගැලපෙනවද මේ ෂර්ට් එකට අහ්හ්..

මේ....මේ ෂර්ට් එක අයන් කරලද??
මෙහෙමද ෂර්ට් එකක් අයන් කරන්නෙ..

උදේ පාන්දරම එනවා තේ එකකුත් දික් කරගෙන මෙතන...
දවසම මූසල කරන්න මගේ...ෂිට්..ට්හ්...

මං ශෙවී එක්ක පුලුවන් තරම් ලයිෆ් එක එන්ජෝයි කරන උඹට පුලුවන් තරම් රිද්දුවා..
උඹව එහෙම මහ හුඟක් රිද්දලා මං සතුටු වුන තරම් උඹ දන්නෙවත් නැතුව ඇති..
දවසින් දවස ගෙවිලා යද්දි මං ශෙවීට ආදරේ කරන තරමටත් වඩා උඹ මට ආදරේ කරන්න පටන් අරන් තිබුනා...
දවසක් මං ගෙදර එද්දි උඹට හොඳටම උණ අරන්..
අම්මා හදලා දීපු සමහන් කෝප්පෙත් බීලා ඇඳ කොනකට ගුලිවෙලා..උඹ
උණ විකාරෙන් කියවනවා...

මහත්තයෝ...කියන්...න...මගේ නේද??
දනුෂ ගනේ...ආරච්චි මගේ විතරයි නේද..
කියන්..න...
මගේ විතරයි කි...යලා...
ශෙවීගෙ නෙමෙයි...
ඔයා....ඔයා මගේ...
කාටවත් දෙන්න බෑ..
මගේ...මගේ විතරයි...
මගේ නේද??
කියන්නකො..
ආ.....පෝ... බෑ අම්මෙ..
දවස් තුනකට නම් එන්න බෑ..
මගේ මහත්තයා තනියම..
නෑ...නෑ...ශෙවීගෙ නෙමෙයි..
එයා ම...ගෙ...
මගේ විතරයි..

උඹ ඇස් පියාගෙන උණ විකාරෙන් කියවපු හැම වචනෙකම හිටියෙ මං..
මහා ලොකු ආදරයක් උඹෙ පපූව අස්සෙ මං වෙනුවෙන් හිරකරන් උඹ තනියම දුක් වින්දා..
මට ගානක්වත් තිබුන් නෑ උඹ ගැන..
ජූනි දෙවනිදා අපේ ටෙන්ඩර් එක නූලෙන් මිස් වුනා කියලා බිනාර කෝල් කරලා කිවුවෙ උදේ පාන්දර..
මං ඒ අප්සෙට් එකෙන් ඇඳෙන් නැගිට්ටෙම කෙලින්ම තාත්තිගෙ ඔෆිස් එකට යන්න ඕන කියලා හිතාගෙන..
මුකුත්ම දන් නැති උඹ වෙනදා වගේම තේ එකත් අරගෙන මගේ ඉස්සරහට ආවේ ඔය හීන් ඇස් පියවෙන තරමට හිනාවෙන ගමන්..

හැමදාම කියනවා රෙද්ද..
උදේ පාන්දර දවසම කාලකණ්නි කරන්න එන්න එපා කියලා ඉස්සරහට..
සින්හල තේරෙන් නැද්ද තමුසෙට..

මං කෑ ගහලා උඹට බැන්නෙ හිතේ තිබුන අවුලත් පිට කරගන්න හිතාගෙන..

අ...අනේ ඇයි මහත්තයො..
හැමදේටම රණ්ඩු වෙන්නම හදන්නෙ..
මාත් මනූස්සයෙක්...ඔයා...මො..

උඹ කවදාවත්ම නැතුව උඹේ දුක කියන්න කට ඇරපු පලවෙනි දවස..ඒත් එදා මං උඹට ඊට වඩා වචනයක්වත් කතා කරන්න දුන් නෑ..තාම මතකයි එදා මං උඹේ කම්මුලක් රතුවෙන්න ගහපු පාරට උඹ විසිවෙලා ගියපු හැටි..

උඹේ ඇස් වලින් ධාරාණිපාත වැස්සක් වගේ කදුලූ වැටෙද්දි මං මහා වීරකමක් කලා වගේ දැනුනෙ..
එදා ඉදන් කවදාවත් උඹ උදේ පාන්දර මගේ ඉස්සරහට ආවේ නෑ..
උදේම නැගිටලා වැඩ පල ටික ඉවර කරලා කොහේට හරි පැත්තකට වෙනවා මං වැඩට යනකන්..

ඒ එහෙම කලෙත් උඹ උඹට වඩා මං උඹ මූසලයි කියලා කියපු කතාව විශ්වාස කරපු නිසා වෙන්න ඇති..
මට හොඳක් වෙනවා නම් උඹට මොන දේ වුනත් කමක් නෑ කියලා හැමදාම වගේ උඹ එදත් හිතන්න ඇති මගේ සුදු නොනේ..
මං උඹව සතුටින් තිබ්බෙ නෑ..
මං උඹට දවසක්වත් ආදරෙන් කතා කලේ නෑ රත්තරනෙ..
ඒත් උඹ....
උඹේ ජීවිතෙට එක පාරටම ආපූ මට අහසකට තරම් ආදරේ කලා..
මට මැවිලා පේනවා මං මගේ ආසාවන් ඉෂ්ට කරගන්නකන් විතරක් උඹව මගේ ළඟට ගනිද්දි උඹ හරි ආදරෙන් මට තුරුලු වෙන හැටි..
උඹේ මහත්තයා විදියට මං කලානම් කලේ රෑ ඇඳේදි උඹගෙන් සැනසුන එක විතරයි..ඒත් උඹ කවදාවත් මුකුත් කිව්වෙ නෑ..මගේ අයිතිය මට දුන්නා..
කිසිම ලෝබකමක් නැතුව හරිම ආදරෙන්..
ඇත්තමයි නොකිව්වට උඹ ළඟ මහා ලොකු සෙනෙහසක් උණුසුමක් මට දැනුනා මගේ රත්තරනේ..
ඒක කවදාවත් ශෙවීගෙන් ලැබිලා නෑ මට..
ඒත් මට බැරිවුනා උඹට ආදරේ කරන්න..
දවසක් මං ගෙදර එද්දි උඹ මහා සතුටකින් ඇස් පුරවන් මං එනකල් පාර බලන් ඉන්නවා..
අනේ තවම මතකයි වස්තුවේ සතුටු කදුලු උඹේ ඔය ඇස්වල පිරිලා තිබුනා..
පුංචි හීන් ඇස්වලින් හිනාවෙන ගමන් කවදාවත් නැතිව මගේ ඇඟේ දැවටි දැවටි මගේ පස්සෙන් උඹ එද්දි මං ඔරවලා උඹ දිහා බලලා ඇයි කියලා අහපු හැටි...

මොකද මෙහ්???...මොන්ගල්ද??..මගේ පස්සෙන් ඇවිදින්නෙ??අ...හ්හ්...

මං සැර කරලා සද්දෙන් අහද්දි..
මතකද සුදුනෝනෙ උඹ ඒත් හිනාවුනා...

මොකද හලෝ..
විරිත්තගෙන මගේ පස්සෙන් ඇවිදින්නෙ..

න්...නැ..හ්...මහත්තයට කියන්න දෙය..ක් තියෙනවා..

කියනවා...ඉතින්...මං අහගෙන ඉන්නෙ..

ආ....ඒ..ක එහෙම කියන්න බෑ..

උඹ හුරතල් වෙවී මගේ ඇඟේ එල්ලෙන ගමන් කියද්දි මං උඹව මගෙන් අයින් කිසිම හිතක් පපුවක් නැති ගානට..

එහෙම කියන්න බැරිනම් නිකන් ඉන්නවා..
මල විකාර නැතුව..

අනේ...අහන්නකෝ...මොකක්ද කියලා..

හ්ම්ම්..හ්ම් මොකක්ද කියනවකො ඔය මඟුල..??

මං අම්මියෙක් වෙන්නයි යන්නෙ මහත්තයො..ඔයා තාත්තියෙක්...

අහ්හ්...ඇත්තද??
DNA test එකක් කරන්න වෙයි එහෙනම්..කවුද දන්නෙ තාත්තා කවුද කියලා..
කාගේ කුණු ගොඩක්ද දන් නැහ්නෙ..

අනේ මොනවද මහත්තයෝ ඔයා කියවන්නෙ..
පවු සිද්ධ වෙයි ඔයාට..
මං ඔයාගෙ වයිෆ්..
ඔයාගෙ විතරයි..
ඒ තරම් පවු කාර වැඩ කරලා නෑ මං..
මොනවද මේ කියවන්නෙ??
සැකයි නම් ඕන test එකක් කරලා බලමු..වදින්නම් මහත්තයො.. මට කොහොම කලත් කමක් නෑ ඒත් මේ දරුවට එහෙම කරන්න එපා..

උඹ එදා පිස්සුවෙන් වගේ කියව කියව ඇඬුවා..

හරි හරි..දැන් නවත්ත ගන්නවා ඔය අඬවැඩියාව..
මං ළමයව බාරගන්න බෑ කිව්වෙ නෑනේ..

මං මොන ගින්දරක් දුන්නෙත් ඒ හැමදේම උඹ තනියම විඳ ගත්තා..
අපේ පැටියා උඹේ බඩට ආපු දවසේ ඉඳන් උඹ මහා ලොකු සතුටකින් හිටියෙ.. හිතාගන්නත් බැරි තරමට..
උඹ හිතන්න ඇති...අනේ මං තනිවෙලා හිටපු කාලේ ඉවරයි නේද කියලා..
චුටී බන්ඩියට අත තියන් තනියම හීනාවෙවී උඹ කියව කියව දවස ගෙවද්දි මට එහෙම හිතුනා..
ඉදිමිච්ච කකුල් දෙක තිය තියා හෙමි හෙමීට හරි පරිස්සමට උඹ එහෙ මෙහෙ ඇවිද්දේ හරියට රෝස පාට බෝලයක් වගේ..
මූලු ගෙදරම සිරියාවෙන් පිරිලා..
මං ශෙවී එක්ක කාර් එකේ රවුම් ගහද්දි උඹ සෙනඟ පිරිච්චි බස් එකේ තනියම ක්ලිනික් ගියා..
ඒත් උඹ එක දවසක්වත් මං දිහා තරහින් බැලුවෙ නෑ..
ක්ලිනික් යන්න කලින් දවසට උඹ ඇවිත් හරි අහින්සක විදියට මගෙන් සල්ලි ඉල්ලපු හැටි මතක් වෙද්දි දැන් මඟේ පපුව පැලෙන්න වගේ සුදුනෝනා..

මහ..ත්තයා...

ඇයි...

හෙ..ට 24 වෙනිදා...

ඉති..න්..

හෙට ක්ලිනි..ක්..

හ්ම්ම් ගිහින් එනවා ඉතින්..

හා...මහත්තයො....ස..ල්..ලි කීයක් හරි..

ඒ මොකටද??

බස් එකේ යන්..න...

හ්ම්ම්..කීයක්ද??

රුපියල් 200ක් ඇති...

මහමෝදරට ගිහින් එන්න රුපියල් 100නේ යන්නෙ..200ක් මොකද?? තමුසෙට කොන්දා ඩබල් කරලා ගන්නවාද??

ශෙවී වෙනුවෙන් දවසකට දහස් ගණන් වියදම් කරන මං සමච්චලේට වගේ උඹෙන් අහද්දි උඹ ගල් ගැහුනෙ හරියට මහා ලොකු වරදක් කලා වගේ..
උඹටත් ආස හිතෙන්න ඇති කඩචෝරු මොනවා හරි කන්න..
උඹටත් ආස හිතෙන්න ඇති රට කජු ගොට්ටක් අරගෙන ඇටින් ඇටේ හප හපා රස බලන්න..
උඹේ මහත්තයා උනා කියලා දවසකටවත් මට උඹ කන්න කැමති දෙයක් ගැන අහන්න බැරි වුනා..
ඒත් උඹ දවසකටවත් වෛර කලේ නෑ මට..
මං මහ රෑ ඇවිත් තලපතා වගේ ඇඳට වැටුනම උඹ ඇවිත් හරි පරිස්සමට ශීට් එක පොරවනවා මට..
හැමදාම නිදි වගේ බොරුවට ඉන්න මට හොඳටම දැනෙනවා ඒක..

තාත්ති දොයි පුතේ..

පවු... ඔෆිස් එකේ වැඩ කරලා තාත්තිට මහන්සි ඇති..

තාත්තිට පාලු ඇති නේද ගෙදර ආවම..
ඔයා ඉක්මණට එන්න පුතේ..

ඊට පස්සෙ තාත්තිටත් පාලු නෑ..
අම්මිටත් පාලු නෑ..
මගේ දෝණී තාත්තිවයි අම්මිවයි දෙන්නම බලා ගන්නවා නේද..

ඔයාවත් තාත්තිට කියනවා නේද අම්මි තාත්තිට ගොඩක් ආදරෙයි කියලා..
ඔවු අම්මි ඔයාටත් ආදරෙයි...
තාත්තිටත් ආදරෙයි..

ඔයාලා දෙන්නම මගේනෙ..
මට ඉන්නෙ ඔයාලා දෙන්නා විතරයි නෙ..

උඹ ඔය පුංචි බණ්ඩියට අත තියන් හුරතල් වෙවී කියවනවා දවසක් මං අහගෙන..

මහත්තයා...ඩොක්ටර් කිවුවා මහත්තයට එක්කගෙන කියලා..

ඒ මොකටද??

දන්..නැහ්...

දවසක් උඹ මගේ ළඟට ඇවිත් කියද්දි ඔය ඇස් වල මහා ලොකු බයක් තිබුනේ..

හ්ම්ම්...කවදද??මං එන්නම්..

කවදාවත් නැතුව මගේ පපුව එදා පිච්චිලා යනවා වගේ දැනුනා..
ඒ උඹ ගැන මට දුක හිතුන පලවෙනි දවස..
කෝම වුනත් උඹත් අම්මා කෙනෙක් නේද කියලා හිතුනා එදා මට..
ඒත් ඊට පස්සෙ මට ඒකත් එහෙමම අමතක වෙලා ගියා..
පවු දෙයියනේ..
තිබුන ගවුම් දෙක මාරුවෙන් මාරුවට ඇඳගෙන උඹ ක්ලින්ක් ගිය හැටි..
පුදුමයි රත්තරනේ...
උඹ වගේ කෙල්ලෙක්..
නෑ...
තව කොහේවත් නෑ..
දවසක් ඔෆිස් එකේ ඉද්දි දන් නැති නම්බර් එකකින් කෝල් එකක් එනවා මට..
හෙලෝව්...

හෙලෝ...ව් මහත්තයා මං...

ඒ උඹේ කටහඬ..
අහින්සක උඹේ වෙව්ලන කටහඬ අඳුරගන්න මට මහ ගොඩක් වෙලා ගියේ නෑ..

ඕ...වන්දනා...ඇයි..??

මහ..ත්තයා...දෝණි අද ටිකක් දඟලනවා..
ඒ හින්ද මං අම්මා එක්ක හොස්පිටල් ආවා..
මාව ලේබර් රූම් ගන්නවා කියලා මිස් කෙනෙක් කිව්වා තව ටිකකින්..
මේ අක්ක කෙනෙක්ගෙන් ෆෝන් එක ඉල්ල ගත්තෙ..
ඔයා එනව නේද?? දෝණිවයි මාවයි අරං යන්න..

උඹ බයවෙලා හිටියේ..
උඹ ගොත ගගහ කියපු හැම වචනයකම මහා ලොකු බයක් තිබුනා..
මහත්තයා ළඟම ඉන්න ඕන වෙලාවේ උඹ මගෙන් ආදරේ හෙව්වෙ හිඟන්නියක් වගේ..

හා....හරි....මං එනවා....
බය වෙන්න එපා...
රිලැක්ස් වෙන්න වන්දනා...

මගේ පිරිමි හිත මොකක්දෝ හේතුවක් නිසා ආදරෙන් පිරිලා ගිහින් වගේ දැනුනා මට ඒ වෙලාවෙ..
අනේ උඹ මගේ නෝනා නේද කියලා හිතුනා මට ඒ වෙලාවේ..
මං කලබලේට ඔෆිස් එකෙන් එලියට බැහැලා පුලුවන් තරම් ඉක්මණට මහ මෝදර හොස්පිට්ල් එකට ආවේ උඹව දකින කල් ඉස්පාසුවක් නැතුව..
පැය 4කට පස්සෙ මං හොස්පිට්ල් එකට ඇවිත් කෙලින්ම ආවේ හතරේ කාමරේට..
පුටුවකට බරවෙලා මං බිම බලාගෙන ඉවසිල්ලක් නැතුව බලන් ඉද්දි මිස් කෙනෙක් ඇවිත් මට තට්ටු කරපු පාරට මං ගැස්සිලා බැලුවෙ මාත් උඹ තරමට බය වෙලා හිටපු නිසා..

මිස්ටර් දනුෂ ගනේආරච්චි..

ඔ....ඔවු මිස්...අයිම් ද...දනූෂ...

කන්ගරැජුලේෂන්ස් මිස්ටර්...ඔයාට සුරංගනාවියක් ලැබුනා...

ඒක ඇහුනට පස්සේ සත්තයි රත්තරනේ මං මහ හුඟක් සතුටු වුනා...
ජීවිතේ මට ලැබුන වටිනම දේ එදා ලැබුනේ..
ඔව්...මිසී කිවුවා හරි...
මගේ දෝණි රෝස පාට පුංචි රෝස මලක් වගේ...
රෝස පාට උඹම මහපු පුංචි ඇදුමකුත් ඇඳන් සැපට නිදි...
අනේ මගේ පපුව මගේ දෝණි වෙනුවෙන් ආදරෙන් පිරිලා ගියේ තප්පරේට දෙකට වගේ...
ඒත් කෝ උඹ...
මට මේ තරම් වටින වස්තුවක් ගෙනත් දීපු උඹ..
බැරිම තැන මං ළඟ හිටපු නර්ස් කෙනෙක් ළඟට ගියා උඹව හොයාගෙන..
මිස්...මගේ වයිෆ්??
මං එහෙම අහද්දිම ඒ මිසීගෙ මූණ වෙනස් වෙලා ගියේ හරියට මට අනුකම්පා කරන්න වගේ..
සොරි මිස්ටර්...අපිට ඔයාගෙ වයිෆ්ව බේරගන්න බැරිවුනා..
අපි අපිට පුලුවන් උපරිම උත්සාහ කලා..මේක මිස්ටර් දනූෂට දුන්නා..
මට ඇහුනේ ඒ වචන ටික විතරයි..
පපුව පුපුරන්න වගේ දැනුනෙ මට..
අනේ බෑ රත්තරනේ...
උඹට එහෙම කරන්න බෑ මට..
මට ඒ තරම් ලොකු දඩුවමක් දෙන්න බෑ..
මං පිස්සුවෙන් වගේ වාට්ටුව පුරා දුව දුව උඹව හෙව්වෙ නර්ස් කියපු දේ මට විශ්වාස කරන්න බැරි වුන නිසා..
පොඩි වෙලා ගියපු කොල කෑල්ලක උඹේ මුතු කැට අකුරෙන් ලියලා තිබුන ලියුම කියවද්දී තවමත් මගේ ඇස් කඳුළු වලින් පිරෙනවා වස්තුවෙ..
මට බයයි මහත්තයා..
ක්ලිනික් යන හැම දවසකම ඩොක්ටර් මං දිහා බලන්නෙ අනුකම්පාවෙන් වගේ..
ඔයාව එක්ක එන්න කිවුවෙත් නිකන් නෙමෙයි කියලා බය හිතෙනවා මට..
අපේ දෝණිට කරදරයක් නැතුව ඇති නේද මහත්තයා..
මං ඩොක්ටර්ට කලින්ම කියනවා මට මොනවා වුනත් කමක් නෑ ඔයාගෙ දෝණිව බේරලා දෙන්න කියලා..
මං ආපහු ඒවිද නැද්ද දන් නෑ..
ඒකයි මෙහෙම ලිව්වේ..
මට මොනව හරි වුනොත් දෝණිව ඇහැක් වගේ බලාගන්න..
ගොඩක් ආදරෙයි ඔයාලා දෙන්නටම..
වන්දනා ..
ඒ උඹේ වචන මට දැන් පාඩම් වෙලා..
උඹේ පුංචි දෝණිත් හරියට උඹ වගේමයි රත්තරනෙ..
උඹේ සුවඳ දෝණි ළඟ පිරිලා..
මට ශෙවී එපා..
එයා මගේ ජීවිතේ එක ආදරයක් විතරයි..
ඒත් උඹ...
නොදැනුවත්වම උඹ මගේ ආත්මේ වෙලා.
මගේ වස්තුවේ...
එකම එක පාරක් මේ හිතක් පපුවක් තිබුන් නැති මනුස්සයට සමාව දියන්..
දැන් ඇති රිද්දුවා...
එක පාරක් මට සමාවෙයන්..
දන්නවද උඹ...??
දෝණිට අදට මාස හතයි...
තව ටික දවසකින් එයත් අහයි මගෙන්..
කෝ මගේ අම්මි කියලා..
මං මොනවද කියන්නෙ..
මං උඹව මරාගත්තා කියලා කොහොමද මං එයාට කියන්නෙ..
මට බෑ...
මට බෑ පවුකාරයෙක් වෙන්න..
අනේ රත්තරනේ අපි ළඟට වරෙන්..
මං පන වගේ බලා ගන්නම් උඹව..
එකම එක පාරක් මට සමාව දියන්..
මං ආදරෙයි උඹට..
වචන කරන්න බැරි තරම්...

දනුෂ ගනේආරච්චි

නිමි...

පසුවදන..
(අදටත් ජිවිතයේ තැවෙන සැමියෙක් .විසින් ලියන ලද ,අතීත කතාව අද සමාජයට වැදගත් වනු ඇතයි සිතෙන නිසා මෙම සමුහයේ පලකරමි..ජිවිතයට ආදල සමාජයට පනිවිඩයක් දෙන තම සත්‍ය කතාද මෙහි පලවනු දුටුහ..)
☆☆☆☆☆☆☆☆☆
ආදරේ හරි පුදුමයි...
සමහර වේලාවට අපි ළඟ තියෙද්දි කිසිම වටිනාකමක් නෑ..
මේ රටේ ඕන තරම් වන්දනාලා ඇති..
ආදරේදි අපි හරිම ආත්මාර්ථකාමීයි..
ඒත් අහිමි වුන දේවල් වෙනුවෙන් හිමිවුන දේවල් නැති කරගන්න එපා..

තවත් කෙනෙකුට බලන්න ශේයාර් කරගෙනම යන්න...
Asitha prasanna

😍♥️🥰😂
06/10/2023

😍♥️🥰😂

අපි රෝසමල් දෙන්න ආස මිනිස්සු 👏😍
04/10/2023

අපි රෝසමල් දෙන්න ආස මිනිස්සු 👏😍

ෆිල්ම් එකකට හයිප් හැදෙනවානම් ඒක සුපර්හීරෝ ෆිල්ම් එකක් හරි ස්ටාර් වෝර්ස් ෆිල්ම් එකක් හරි අඩුම තරමේ හයි බජට් දාලා ටොප් නොච...
02/10/2023

ෆිල්ම් එකකට හයිප් හැදෙනවානම් ඒක සුපර්හීරෝ ෆිල්ම් එකක් හරි ස්ටාර් වෝර්ස් ෆිල්ම් එකක් හරි අඩුම තරමේ හයි බජට් දාලා ටොප් නොච් ඇක්ටර්ස්ලා එක්ක හදන එකක් වෙන්න ඕනි කියලනේ අපි හිතන් හිටියේ.. ඒවා විහිලු මචං ටේලර් ඉස්සරහ 🙏

හැමෝම දන්නවානෙ ලෝකේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකම කනපිට හරෝපු ටේලර් ස්විෆ්ට්ගේ එක ගැන. මේ අවුරුද්දේ මැයි මාසේ ඉදන් නොවැම්බර් වෙනකම් තමා මේක තිබුනේ. ඒ වගේම මේ ටුවර් එකෙන් මියුසිකල් ෆිල්ම් එකක් එනවා කියලා පහුගිය අගෝස්තු 31 එනවුස් කලා. මේ එනවුස්මන්ට් එක ඇවිත් පැය 24ක් යනකොටම AMC තියටර්ස් චේන් එකේ අවුරුද්දු 103ක් ඉතිහාසයේම අලෙවි නොවුන විදියට රෙකෝඩ්ස් බ්‍රේක් වෙමින් ප්‍රී සේල් ටිකට්ස් සෙල් උනා. මාර්වල්, ඩීසී, ස්ටාර් වෝර්ස් ෆිල්ම්ස් සේරගෙම ප්‍රී සේල් ටිකට් රෙකෝඩ්ස් ඒ කියන්නෙ එන්න කලින් ටිකට් බුක් කරලා හොයන සල්ලි වලින් හැදෙන රෙකෝඩ්ස් පැය 24න් බ්‍රේක් උනා. ඒ වගේම ඒ වෙනකොට වැඩිම ඩෝමෙස්ටික් බොක්ස් ඔෆීස් කලෙක්ෂන් එකක් හොයලා තිබ්බ ජස්ටින් බීබර්ගේ නෙවන් සේ නෙවර් කොන්සර්ට් ෆිල්ම් එකේ සම්පූර්ණ බොක්ස් ඔෆීස් කලෙක්ෂන් එක ඕපනින් වීකෙන්ඩ් එකෙන්ම බ්‍රේක් කරන්න පුලුවන් කියලා අනාවැකි ආව. අනාවැකි කියන්නේ ටිකට් සෙල් වෙන විදිය බලලා කරපුවා මිසක් මෙහේ වෙදර් රිපෝට් එක වගේ ඒවා නෙමේ ඈ 🤣

ඔන්න ඔය සේරටම පස්සේ ඊයේ ස්විෆ්ට් එයාගේ සෝශල් මීඩියා වලින් එනවුස් කලා මේ ෆිල්ම් එක ලෝකේ රටවල් 100කට වඩා රිලීස් කරන්න සූදානම් වෙලා ඉන්නවා කියලා. මේකත් ඉතිහාසය අලුත් කිරීමක්.. ඒ අනුව ලොකේ පුරාම තියටර්ස් 7500කට වඩා වැඩි ප්‍රමාණයක සහ ඇමෙරිකාවේ සහ කැනඩාවේ විතරක් තියටර්ස් 4000කට අධික ගනනක මේ ෆිල්ම් එක රිලීස් කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ සමගම ඕපනින් වීකෙන්ඩ් එකේ බොක්ස් ඔෆීස් ප්‍රෙඩික්ශන් ඇ.ඩො මිලියන 100 පැන්නා 🙏

මේ වෙනකොටත් ඇමෙරිකාවේ ප්‍රධානම තියටර් චේන්ස් වෙන AMC, Regal සහ Cinemark වල ඉතිහාසයේ එදා මෙදා තුර වැඩිම ප්‍රී සේල්ස් ටිකට්ස් රෙකෝඩ්ස් බ්‍රේක් කරන්න ටේලර්ගේ ඒරාස් ටුවර් එකට පුලුවන් වෙලා තියෙනවා. ඒ මල්ටිවර්ස් ඔෆ් මෑඩ්නස්, ද බැට්මෑන් වගේ ලෝකෙම හයිප් තිබ්බ ෆිල්ම්ස් පහු කරලා 🙏

හරි...ඔය සේරම දූපතෙන් එහානේ.. එතකොට ලංකාවේ???

මතකද ස්කෝප් එකෙන් BTS ලගෙ කොන්සර්ට් මූවි එක ගෙන්නුවා සහ අපේ පේස්බුක් වෙබ් රිප් ඔස්තාර්ලා ඒකට රටේ නැති කතා කිව්වා 🤣 අන්තිමේට කෝමද ඒකට හිටිය ඕඩියන්ස් එක.. අදටත් ලංකාවේ වැඩිම ටිකට් ප්‍රයිස් එකක් තිබ්බ ශෝ එක තමා ඒ. ඔන්න ඒ සේරම රෙකොඩ්ස් මෙහෙත් බ්‍රේක් වෙන්න යන්නේ...

ඊයේ තමා ස්කෝප් එකෙන් ටේලර්ගේ ඒරාස් ටුවර් එකේ බුකින් ඕපන් කරන්න ගත්තේ. නොවැම්බර් 5 වෙනිදා වෙනකම් බුකින් ඕපන් 🙏 සාමාන්‍යයෙන් ලංකාවේ රිලීස් වෙන ෆිල්ම් එකක බුකින් ඕපන් කරන්නේ උපරිම සතියක් හෝ දෙකක් ඉස්සරහට විතරයි. අපි දන්න තරමින් එන්ඩ්ගේම් හෝ නෝ වේ හෝම් එකටවත් මාසයක් ඉස්සරහට බුකින් ඕපන් කරලා නෑ 🙏 ඊයේ බුකින් ඕපන් කරනවා එක්කම ඕපනින් ශෝ ටයිම් එක ඕල්මෝස්ට් හවුස් ෆුල් මේ වෙනකොටත්. දන්නවද ටිකට් එකේ ගාන.. 4000ක් 🙏

පහුගියේ ටිකේ සමහරු කිව්වානේ ඩිමාන්ඩ් එකේ හැටියට ටිකට් ප්‍රයිස් වෙනස් වෙන්නේ නෑ කියලා 🤣 මචං මේ.. 4000ක් 🤣🙏

මුලු ලෝකෙම හයිප් එකක් හැදෙන දේකට ලංකාවෙත් මේ වගේ හයිප් එකක් තියෙන එක ගැන මාර සතුටුයි. නැත්තම් ඉතිං..... නෑ.. ඒ ගැන කතා නොකර ඉමු!

ඔන්න ස්කෝප් එකේ බුකින් ඕපන් කරලා තියෙන්නේ. ග්‍රෑන්ඩ් එක්ස්පීරියන්ස් එකක් ගන්න කැමති අය අනිවාර්යයෙන් මේක බලන්න. මොකෝ ටේලර්ගේ ලයිව් ශෝ එකක් බලන්න අපිට චාන්ස් ලැබෙන්නෙ නෑනේ මේ ලංකාවේ 😐

ටේලර් ස්විෆ්ට් කියන්නේ මේ වෙනකොට ලෝකේ ඉන්න #01 මියුසික් ආටිස්ට්. බිල් බෝඩ් රෙකෝඩ්ස් වල ඉදන් බොක්ස් ඔෆීස් රෙකෝඩ්ස් වෙනකම් අලුත් කරපු කෙනෙක්. ජීවිත කාලෙටම එක පාරක් විතරක් දකින්න ලැබෙන මට්ටමේ ටැලන්ට්ඩ් මනුස්සයෙක්.. ඉතිං මේ චාන්ස් එක මිස් කරගන්න එපා 🙏🤩 අපිත් එනවා ඕපනින් ඩේ එකේ ස්කෝප් එකට.. සෙට් වෙමු ❤️‍🔥

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Mayam.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share